Saturday, December 10, 2011

තිළිණයක්ම වූ තිළිණි


මම ආඩම්බරකාර මනුස්සයෙක්. ජනාධිපතිතුමා තමන් ආඩම්බරකාර තාත්තා කියනවා වගේ ඔව් මමත් ආඩම්බරකාර යාළුවෙක් :) මට Campus එකේ, ඉස්කෝලේ, බාලදක්ෂ කණ්ඩායමේ, ශාන්ත ජෝන් ගිලන් සේවයේ, Logic Class එකේ, දහම් පාසලේ, ගමේ, මුහුණු පොතේ, සිංහල බ්ලොග් අවකාශේ යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවෝ ගොඩක් ඉන්න නිසාම නෙමෙයි මම ආඩම්බරකාර යාළුවෙක් වෙන්නේ. මගේ යාළුවෝ ගැන හිතලා ආඩම්බර වෙන්න පුළුවන් නිසයි මම ආඩම්බර වෙන්නේ.

ප්‍රත්‍ය ශතකයේ මෙහෙම කියලා තියෙනවා යාළුවෝ ඉන්න එකේ වටිනාකම ගැන.

අලසස්‍ය කුතඃ ශිල්පමශිල්පස්‍ය කුතො ධනම්
අධනස්‍ය කුතො මිත්‍රමමිත්‍රස්‍ය කුතඃ සුඛම්

ඒ කියන්නේ අලසයාට කවර නම් ශිල්පයක්ද? ශිල්ප නැත්තා හට කවර නම් ධනයක්ද ? ධනය නැත්තා හට කවර නම් යාළුවෙක්ද ? යාළුවන් නැත්තා හට කවර නම් සැපයක්ද ? කියලා.

ඉතින් අද කතාව මට ආඩම්බර වෙන්න පුළුවන් මගේ යාළුවෙක් ගැන. නමින් ඇය තිළිණි චාමිකා සිල්වා. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී තුන්වන වසරේ දෘශ්‍ය කලා, ප්‍රතිබිම්බ කලා සහ පරිගණක අධ්‍යයනය හදාරන විද්‍යාර්ථියෙක්. ප්‍රථම වසරේ ඉදන්ම මගේ හොඳ යාළුවෙක්.

යාළුවෙක් වුණු විදිහ නම් මට මතකයක් නැහැ. කොහොම නමුත් මම හොඳ යාළුවෙක් කියලා නම් කළේ සැපේදී වගේම දුකේදීත් ළඟින් හිටිය කෙනෙක් නිසා වගේම හොඳ යාළුවෙක් විදිහට අනිත් යාළුවාගේ වැඩ කටයුතු ගැනත් හොයලා බලලා දියුණුව වෙනුවෙන් උදව් කරන යාළුවෙක් නිසා. ඒක මට විතරක් නෙමෙයි එයාගේ යාළු මිත්‍ර සමාගමේ හැමෝටම තිළිණි හොඳ යාළුවෙක් කියන එක හැමෝම දන්නවා.

තිළිණි කියන්නේ මට ආඩම්බර වෙන්න පුළුවන් යාළුවෙක් කියලා විශේෂයෙන් අද කතා කරන්න හිතුවේ තිළිණි මේ ළඟදී දවසක වෙබ් අඩවියක් දියත් කරපු නිසා. තිළිණි දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. එයාගේ චිත්‍ර ඇතුළත් කරලා තමා මේ වෙබ් අඩවිය සකස් කරලා තියෙන්නේ.

ඉතින් තිළිණි මේ ගැන මට කියපු දවසේ මම කිව්වා "මම හිතන විදිහට මගේ යාළු මිත්‍රයන්ගෙන් වෙබ් අඩවියක් ඉස්සෙල්ලාම කළේ තිළිණි තමා" කියලා.

අපි බ්ලොග් ලියනවා තමා ඒවත් වෙබ් අඩවි වුණාට තිළිණි ඊටත් වඩා ඉස්සරහට ගිය වැඩක් කළා කියලයි මගේ හැඟීම. ඒ වගේම තව යාළුවන්ට වෙබ් අඩවි තිබුණත් ඒවා ව්‍යාපාරික අරමුණුවලට සකස් කරපුවා. තමන්ගේ කලා හැකියාව ඉදිරිපත් කරමින් වෙබ් අඩවියක් දියත් කරපු එක ඊට වඩා වටිනවා කියලයි මට හිතෙන්නේ.

අනික් විශේෂ දේ තමා Naturub කියන ලෝකය පුරා ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් කරන Company එක ලබන අවුරුද්දට නිකුත් කරන කැලැන්ඩරයට චිත්‍ර අඳින්න තිළිණිව තෝරා ගත්තු එක. ඒකෙන් තිළිණි ජාත්‍යන්තරයටත් ගිය චිත්‍ර ශිල්පිනියක් වෙනවා

තිළිණි දක්ෂ චිත්‍ර ශිල්පිනියක්ද කියලා ඔයාලටත් හිතලා බලන්න පුළුවන් මේ චිත්‍ර ටික බලලා.







ඉතින් එහෙම නම් මෙන්න තිළිණිගේ අළුත් වෙබ් අඩවියට යන පාර http://thilinichamika.com/

මෙන්න තිළිණිගේ Facebook Account එක

මේ තිළිණිගේ Facebook Page එක

දෙවරගම්පොළ සිල්වත් තැන, සෝලියස් මැන්දිස්, මංජු ශ්‍රී පරපුරට එක්වෙන්න යන මේ අංකුර චිත්‍ර ශිල්පිනියට අපිත් සුභ පැතුම් එක් කරමු.

සොබා රූ තෙලි තුඩින්
කැන්වසය මත අඳින
වර්ණ ගල්වා එයට

ජීවයක් කවන ඇය
නමින් තිළිණි වුවද
සැබැවින්ම තිළිණයකි
සිත්තරුන්ගේ ලොවට.........


ප.ලි.: තවත් ආඩම්බර වෙන්න පුලුවන් මගේ යාළුවෙක් ගැන මම මීට කලින් ලිව්වා "පිනි දිය වැස්සෙන් පීදුණු කවි අංකුරය" කියලා.

දැක්කනේ මගේ ආඩම්බරකාර යාළු සමාගම :)

22 comments:

  1. අපිටත් ආඩම්බරයි . එයා යාලුවෙක්ගෙ යාලුවෙක් නිසා . ඒ නැතත් ලංකික දියණියක් නිසා ..ඇය හපනියක්

    ReplyDelete
  2. අනේ හරිම ලස්සනයි චිත්‍ර ටික. අපිත් ශභ පැතුවාය කියන්න :)))

    ReplyDelete
  3. නියමයි අයියේ.....!! නියම යාළුවෙක්..
    චිත්‍ර ටික පට්ටයි... ආඩම්බරයි....!!
    අයියේ බෙලි කපන්න පුළුවන් චිත්‍ර කලාවක් ගැන හිතුවොත් මොකද?

    ReplyDelete
  4. ෂා.. එයා නම් හැබෑම දක්ෂයෙක් වගේ. වෙබ් සයිට් එකෙත් චිත්‍ර ගොදක් තියෙනවානෙ.හරිම ලස්සනයි.අපිත් සුභ පැතුවා කියන්න.

    ReplyDelete
  5. ලස්සන චිත්‍ර. තිළිණි නම් තිළිණයක්ම තමා. එයා ගැන වගේම, එයා ගැන ආඩම්බරවෙන ඔයා ගැනත් අපට ආඩම්බරයි.

    ReplyDelete
  6. ආහ් ආ..
    මටත් ආඩම්බරයි මචං,අපි එකම කැම්පස් එකේනේ.. :) :) :)

    ReplyDelete
  7. යාලුවෝ ගොඩාක් ඉන්න එක වටිනවා.ඔයාගේ යාළුවා හැබෑම හපනියක්.
    මමත් සුබපතනවා ඇයට චිත්‍ර කලා ලොවේ දිගු ගමනක් යන්නට.

    ReplyDelete
  8. තිළිණි නංගිට හොද අනාගතයක් තියෙන නංගි කෙනෙක්. අපිත් එයාගේ ඉදිරි ගමනට එක සිතින්ම සුබ පැතුවයි කියලා කියන්න මල්ලි.

    ReplyDelete
  9. තිලිනිගේ අම්මා තමා මට සිංහල ඉගැන්නුවේ!තාත්තා තමා කෙමිස්ට්‍රි ඉගැන්නුවෙ! මෙයා ඉගෙන ගත්තේ අපේ අල්ලපු ඉස්කෝලේ! පොඩි කාලේ ඉඳලා මාත් අදුරනවා!හොඳ කෙල්ලෙක්!

    ReplyDelete
  10. සුභ පැතුම් මගෙනුත්,යාලුවා ව පරිස්සමින් රැක ගන්න.පටු මිනිස්සු නිසා අමාරුවේ වැටෙන්න දෙන්න එපා.මගේ පොඩි කාලේ යාලුවෙක් හිටිය ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්.එත් මිනිස්සු කියන දේ නිසා මිනිහ වෙනස් වුණා.මට එයාගේ ලඟින් ඉන්න බැරි උනා,මගේ ඉස්කෝලේ වෙනස් කරා.අද මිනිහ කොමස් කරලා ඉන්නේ.එත් මිනිහගේ නියම හැකියාව අනාගතේට භාදා වෙය කියල වටේ හිටි එවුන් මිනිහව විනාස කරා.මම තේරුම් ගන්න වයස එනකොට මිනිහ පිට පැනල .අපරාදේ වටින කළා කාරයෙක් නැතිඋනා.
    මොන දේ උනත් අපි ඔක්කොම අකට ඉන්නවා කියල යාලුවට කියන්න.ප්‍රශ්න වලට අපි ඔක්කොම උදව් කරලා මෙයා ව ආරක්ෂා කරගමු...

    ReplyDelete
  11. සුබ පැතුම් තිළිණි! ඔබට ජය!

    ReplyDelete
  12. සුබ පැතුම් තිළිණි අක්කේ

    ReplyDelete
  13. චිත්‍ර ටිකනම් නියමයි යාළුවා.. තිළිණිට සුභ පතනවා...

    ReplyDelete
  14. මට මේක පෙනෙන්නෙම නුහුරටමනේ... අනේ මන්දා..

    මොනා නැතත් කෙල්ල දක්ෂයෙක්....

    ReplyDelete
  15. මගෙත් සුබ පැතුම් තිළිණි ..!

    ReplyDelete
  16. මිතුරු තුමූ දුක සැප දෙකෙහිදිම නිතී
    බිතු සිතුවම් රූ මෙන් පිටුනොපාවිතී...

    සිතුවම් අඳින තිලිණිට සුභ පැතුම්!

    ReplyDelete
  17. මා හට නිරන්තරයෙන් අත හිත දෙන හසිතටත් මා දිරි ගැන්වීමට මෙහි වදන් පෙලක් තබා ගිය ඔබ සියලු දෙනාටමත් මගේ හද පිරි තුති!!!!

    ReplyDelete
  18. thilini akki,u have a bright future...
    wish you all the best..
    keep up!
    and u r very nice hasitha aiya,bcz u r helping ur friends sooo..much!

    Warsha..

    ReplyDelete
  19. මම නං දන්නවා කොහොමද සැට් උනේ කියලා. :P
    කොටි අල්ලන්න ගිහින්නේ..

    අමිල.

    ReplyDelete
  20. සැමට තුති :) මම ස්තුති කරන්නත් කළින් තිළිණිත් ස්තුති කරලානේ

    @ අමිල

    කොටි අල්ලන්නත් කාලෙකට කලින් ඉදන්ම මම තිළිණිව දන්නවා :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................