Wednesday, November 2, 2011

Exam කාලේ වැඩ කෙරුව තාලේ


Exam කාලේ කියන්නේ නිකම් පිස්සු හැදුණා වගේ කාලයක්. මේ දවසට මේ paper එක අර දවසට අර paper එක කියලා මතක් වෙලා මෙච්චර, අච්චර පාඩම් කරන්න ඕනේ කියලා මතක් වෙද්දී නිකම් මොළෙන් පටන් අරගෙන මුළු ඇඟම හිරි වැටෙනවා වගේ.

කොහොම වුණත් මම මුලින්ම වැඩ කටයුතු පටන් ගත්තේ facebook එකට තිතක් තියලා. ඒත් පස්සේ ඒකට කොමාවක් වැටුණා :))

කොහොම නමුත් exam ලං වෙන්න ලං වෙන්න අනම් මනම් වැඩි වැඩියෙන් හිතෙද්දී ලියවුණු එකක් තමයි මේ.......

මගේ කාමරේ
පොත් ගොඩක් පෙරළා ගෙන
විභාගෙත් අත ළඟ
ඒත් සිංදුවක් අහගෙනම
මොනවද මේ කරන්නේ මම
පිස්සු වගේද මට
හිතා ගන්න බැරි වෙද්දී
මෙහෙම එකකුත් ලියවුණා........

මගේ යාළු හිත මිත්‍රාදීන් කීප දෙනෙක්ටම මේ හෑල්ල sms කළා. උනුත් ඉන්නේ මගේ බෝට්ටුවෙමයි කියලා තමයි පිළිතුරු සමාසවල තිබුණේ. අනිච්චේ දුක්ඛේ. ගහට ගහක් එකතු වෙනවා වගේ, එක වල්ලේ පොල් කියනවා වගේ හරිම සෙට් එකක් තමා :)

මේ දවස්වලම තමා මම facebook එකෙත් දාලා තිබුණු ගද්‍ය පාඨ ඔළුවට ආවේ. ලංකා ඉතිහාසය පාඩම් කරද්දී මේ semester එකේ අපිට තියෙන්නේ දඹදෙණි රාජධානි සමයේ ඉදන් කෝට්ටේ රාජධානි සමය වෙනකම්.

ඔයාලගේ මතකය හොඳ නම් මතක ඇති දඹදෙණි රාජධානිය පටන් ගන්නේ කාලිංග මාඝ කියන දරුණු ආක්‍රමණිකයා නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටීමත් එක්ක කියලා. එතකොට ලංකාවේ වංස කතා විශේෂයෙන් මහාවංසය මේ මාඝ කරපූ විනාශය දක්වලා තිබුණු පාඨ ටික අපිට මේ දවස්වල වෙලා තියෙන විනාසෙට convert කළා....

"........... ඉන් පසු ඉතිහාස විෂය හදාරන ශිෂ්‍යයෝ අපි ඉතිහාසය විශේෂවේදි ශිෂ්‍යයෝ වම්හ යි අතන මෙතන වහසි බස් කියමින් පාඩම් කළහ. ෂෝට් නෝට් ගැසූහ. බොහොමයක් පුස්තකාලවලට වැදුණහ. පොත් පත් තමන් සතු කරගත්හ. නෝට් සතු ජ්‍යෙෂ්ඨ ජනයාගෙන් සියලු නෝට් ලබාගෙන ඔවුන් දිළින්දන් කළහ.

නිවෙස් හැරදා නේවාසිකාගාරවල පදිංචි වූහ. කරදර කරන්නවුන්ට පහර දුන්හ. මනසට තැලූහ. බොහෝ වැඩ කරවූහ. ප්‍රසිද්ධ ප්‍රශස්ත බොහෝ පොත් කාමරවල තන්හි තන්හි විසිරූහ. උගතුන්ගේ කිත් සිරුරු බඳු පුස්තකාල ආදියේ ජීවය බඳු වූ බොහෝ පොත් අතුරුදහන් කළහ.............
"

මේවාට අදාල ඇත්ත ඒවා ටිකත් කියන්නම්කෝ................

"............ ඉන් පසු ඔහුගේ ලෝ වැසියන් පෙළන කුරිරු මහා යෝධයෝ අපි කේරළ යෝධයෝ වම්හ යි අතන මෙතන වහසි බස් කියමින් මිනිසුන්ගේ සළු පළඳනා කොල්ලකෑහ. අත් පා සිඳ ලූහ. ඔවුන්ගේ ගෙවල් බොහොමයක් බිඳ ලූහ. ගව මහිෂාදීන් තමන් සතු කොට බැඳ ගත්හ. මහ ධනවත් වස්තු හිමි ජනයා බැඳ වධ දී සියලු ධනය පැහැර ගෙන ඔවුන් දිළින්දන් කළහ........

විහාරවල පදිංචි වූහ. උපාසකයන්ට පහර දුන්හ. දරුවන්ට තැලූහ.......... බොහෝ වැඩ කරවූහ. ප්‍රසිද්ධ ප්‍රශස්ත බොහෝ පොත් ලණුවෙන් මුදා තන්හි තන්හි විසිරූහ. ශ්‍රද්ධාවන්ත පෙර දරුවන්ගේ කිත් සිරුරු බඳු වූ රත්නාවලී ආදී ශෝභාසම්පන්න සුවිශාල චෛත්‍ය බිඳ හෙළා සුන් කොටැ ඒ චෛත්‍යවල ජීවය බඳු වූ බොහෝ ශාරීරික ධාතු අතුරුදහන් කළහ........"



දවසක් රෑ වෙනකම් පාඩම් කරද්දී ආහ් ඔය රෑ කිව්වේ 11 ට විතර වගේ පට්ට නිදිමත time එකනේ. ඒත් කවියක් වගේ එකක් කෙටුණා. කෙටුණා කියලා කිව්වේ මේවා කොළවල ලිය ලිය ඉන්නේ නැහැ. එතකොට කපන්න කොටන්න ඕනෙනේ. ඒක නිසා phone එකෙන් type කරලාම දාපුවාම වැඩේ ඉවරනේ. වන් රොක් ටූ බර්ඩ්ස්නේ :))

රාත්‍රිය සුන්දරයි
දෙනෙත් මගේ නිදිබරයි
මගේ ඇඳ මට පෙනෙයි
පාඩම්ද කළ යුතුයි
නමුදු
නිදියන්න කාලයයි

අන්තිමටම exam එකට හොඳටම ලං වෙද්දී ලියුවුණු කවියක් වගේ එකක් තමා මේ

නිදි මැරුවා නම් දෑසින් පෙනේවි
බත් කෑවා නම් කුසයෙන් දැනේවි

වෙහෙස මහන්සි නම් ගත පෙන්නාවි

පාඩම් කළා නම් results එනවිට පෙනේවි


අන්තිමට වගේ ලියුවුණු කවිය ටිකක් ලස්සනට rhyme වෙලා ආපු නිසා හිතුණා ඒකත් facebook එකට දාන්න. ඒකෙන් තමා හරි වැඩේ වුණේ.

පාඩමට තම සිත
නිතර යොමු කරනා අය
ගනී හොඳ ප්‍රතිඵල
ඔවුන් සැමවිට යන්නේ ඉහළට

මේක wall එකේ ලිව්වත් හරි සුභාෂිණී අක්කා කින්ඩියට වගේ අහලා තිබ්බා මම නොවැම්බර් 1 වෙනකම් facebook එන්නේ නැහැ කියලා ඇයි මේ ආවේ කියලා. ඊටත් වඩා හොඳම දේ තමා එයත් මේ කවියට return කවියක් ලියලා තිබුණා.

පාඩමට නැත සිත
ෆේස්බුක්මයි බැළුව හැමවිට

වැදි බණ කියවමින

ඉන්න අය කොහේ යයිද ඇත්තට

කොහොමද ඒක......................

කොහොමින් කොහොම හරි යහතින් විභාගේ ලියා ගත්තා. Resluts එනකොට හැංගෙන්න බිත්තර කට්ටක් කෝකටත් හොයා ගන්න ඕනේ. කොහොමත් results එන්න ටිකක් කල් යයි. නොවැම්බර් 15 අපේ 3rd year එකත් පටන් ගන්නවාලු. මේ නිවාඩු පාඩු දවස් ටිකෙත් වැඩ එමට.

මේ හෑලි කියවලා මහන්සිත් ඇති. මේ අන්තිම චුට්ට කියන්න යන්නේ. පහුගිය දවස් ටිකෙත් හොඳ හොඳ කතා ටිකක් එකතු වුණා. ඒ වගේම පරණ ලියපු කතා ටිකකුත් ඇති. ඒ ඔක්කොමත් එක්ක එනවා එනවාමයි. අම්මපා, ඇස් දෙකපා, දෙයියම්පා :))

-----------------------------------------------------------------------------------------------

අතුරුපස කතාව

Exam කාලෙට ඉතින් දෙයියො බුදුන් මතක් වෙනවානේ. කොහොම නමුත් මගේ අතේ පිරිත් නූල් ගොඩක් තියෙනවා exam කාලෙට. පේෂ කර්ම සංස්ථාවෙන් මාව අල්ල ගනී කියලා ඒ කාලෙට මම හැංගිලා ඉන්නේ :))


කොහොම හරි මගේ මේ අතේ තියෙන පිරිත් නූල් ටික දැක්කාම අපේ campus එකේ කෙල්ලෙක් කියනවා

"හසිතගේ අතේ මහ පිරිතයි, අනිත් පිරිත් ටිකයි විතරක් නෙමෙයි 84,000 ක් ධර්මස්කන්ධෙම තියෙනවානේ" කියලා.

බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි :))

මම මීට අවුරුද්දකට කලිනුත් මෙහෙම අතුරුපස කතාවක් කිව්වා. කැමති නම් ඒකත් බලන්නකෝ

ප.ලි.: අද ලියලා තියෙන්නේ මම exam එකට කලින් ලියපු කවිනේ. මේ තියෙන්නේ exam එක වෙලාවේ මම ලියපු කවි. කොහොමද ඒක :))

20 comments:

  1. ඔය උනයි කිව්ව කතා ටික ලියපංකෝ බලන්න.... කවි ටික මැක්සා...

    ReplyDelete
  2. අප්පේ මල්ලි අච්චර පිරිත් නූල් ගොඩක් මොකටද?:)

    ReplyDelete
  3. "හසිතගේ අතේ මහ පිරිතයි, අනිත් පිරිත් ටිකයි විතරක් නෙමෙයි 84,000 ක් ධර්මස්කන්ධෙම තියෙනවානේ"

    හක් හක් හක්... මේක පට්ට කතාව... මගේ අතත් නොදෙවෙනි නෑ...පිරිත් නූල්ම 8ක් මේ වෙද්දි කපන්න හිතෙන්නෙ නෑ... මාඅස ගානක් පරණයි... නාද්දි හෝදනවා... හික් හික්

    ReplyDelete
  4. හපෝ එක්සෑම් ඉවර වෙච්චි එක නම් හතුරෙකුට වුනත් වෙන්ට තියෙන හොඳ දෙයක්....
    කවි ටික මැක්සා....
    අර තියෙනවයි කියාපු කවි ටික දාහන්කෝ....හැංගිලා ඉඳපං රෙදි හිඟයට හේතුව මේ එක්සෑම් කියලා දැන් උන් හොයනවලු එක්සෑම් ලියපු උංව(ළඟදි හැබැයි...)
    නැත්තං අපිත් කොට උඩනේ...

    ReplyDelete
  5. අපිනම් සෙට් වෙලා පාඩම් කලේ.ඒ නිසා ඔය වගේ දේවල් වුනේ නෑ. රස කතා කිය කිය කාලෙ මැරුවා මිසක.

    ReplyDelete
  6. කවි ටික මරු..:D විභාග නම් මතක් වෙද්දිත් නිදිමතයි මටනම්...

    ReplyDelete
  7. කවි ටික නම් මරු ඈ. ඒක නෙමේ මල්ලි ඔය ඉතිහාස කතා ටික පාඩම් කරපුඑකේ අටුවාවට ආයේ පන දුන්නොත් නරකද?

    ReplyDelete
  8. කඩේ ආයිමත් ඕපන් කරපු එකට සතුටුයි මිත්‍රයා ..

    ReplyDelete
  9. අතේ පිරිත් නූල් කැටියක්නෙ මල්ලි! :D

    ReplyDelete
  10. අයියා කඩේ ඇරලා... එල එල...

    ReplyDelete
  11. @prasanna86k

    ඔන්න අයියා කතා දෙක තුනක්ම ලිව්වා :)

    ReplyDelete
  12. @නදී

    අවංකවම අක්කේ එහෙම පිරිත් නූල් ගොඩක් තියෙද්දී මාරම ෆිට් එකක් හිතට තියෙන්නේ

    ReplyDelete
  13. @පිස්සා පලාමල්ල

    ඒක ඇත්ත අයියා කපන්න හිතෙන්නේම නැහැ. අප්‍රේල් හිසතෙල් ගාද්දී බැන්ද පිරිත් නූලක් තාම මගේ අතේ තියෙනවා. කොහොම නමුත් නාද්දී ඇඟ හෝදද්දී හොඳට පිරිත් නූල් ටිකත් හෝදලා පිරිසිදුව තියාගන්න එක මාත් අනිව කරන දෙයක් තමා අයියේ

    ReplyDelete
  14. @ගලයා

    විභාගයක් ඉවර වුණා කියන්නේ ඉතින් කියලා වැඩක්ම නැහැ ඒක තේරෙන්නම ඕනේ...... ලංකාවේ පිරිත් නූල් බඳින හැටියට පෙහෙ කම්හල්වල නූල් ඉතුරු වෙයිද :))

    ReplyDelete
  15. @නිසුපා

    අපි උපෙ කරන කාලේ නම් ඔහොම තමා කළේ කට්ටිය සෙට්වෙලා තමා පාඩම් කළේ. සමහර වෙලාවට පැය දෙක තුන මෙලෝ වැඩක් කරලා නැහැ කයිය විතරයි :)

    ReplyDelete
  16. @හිතුවක්කාරි

    විභාගෙට කල් තියෙද්දී නම් තව කල් තියෙනවානේ කියලා නින්දටමයි හිත. ඒත් විභාගේ ලං වෙද්දී නින්ද යන්නේත් නැහැ මට නම් :))

    ReplyDelete
  17. @මධුරංග

    අටුවාවට පණ දෙන්න ඕනේ අයියා. ඒකට ලියන පෝස්ට් ලියන්න මහන්සි වෙන්න ඕනෙනේ. ඒකයි ඒකට එච්චර ලියවෙන්නේ නැත්තේ. ආවට ගියාට ඒවා ලියලා වැඩක් නැහැ. එතකොට ඒකත් මහින්දාගමනය ෆිල්ම් එක වගේ වෙනවා :)

    ReplyDelete
  18. @හිස් අහස

    ඔව් ඔව් කඩේ වැඩ ඉස්සර වගේම. සුපුරුදු විදිහටම සිල්ලර හෝ තොග මිළට භාණ්ඩ මිළයට ගත හැක :)

    ReplyDelete
  19. @රහස් පරික්ෂකයා

    ඒත් බඩුවල ගාන අඩුකලේ නැහැ මලේ. තාම පරණ ගාණමයි. තාම පරණ ස්ටෝක් එකෙන් දුවන්නේ :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................