Saturday, November 19, 2011

සුදු කොඩි නඩුව සහ සරත් ෆොන්සේකා


අපි උපදින දවස්වලත් ලංකාවේ තිබුණේ යුද්ධයක්. අපි හැදුණේ වැඩුණෙත් යුද්ධයත් එක්ක. අපේ තාත්තා හමුදා නිලධාරියෙක් වුණු නිසා පොඩි කාලේ ඉදන්ම යුද්දේ කියන එක අයියටයි මටයි සමීප දෙයක් වෙලා තිබුණේ. අපි දෙන්නා සෙල්ලමටත් කළේ බංකර් හදන එක. ඒ වුණත් ටික ටික ලොකු වෙද්දී අපිට තේරුණා හරියටම යුද්දේ කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තාත්තා උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ ඉද්දී තාත්තා ගැනත් බයක් අපේ හිතේ තිබුණා.

අපි ඉස්කෝලේ ගියෙත් යුද්දේ තියෙද්දී. බෝම්බ පත්තු වෙන එකත් ඒ කාලේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුණේ. පෙර පිනකට වගේ අපේ තාත්තාට බෝම්බෙකින් කරදරයක් නොවුණත් අපි හිතේ බයකින් ජීවත් වුණේ. අපිට එහෙම වුණාට මේ කුරිරු යුද්ධය නිසා තමන්ගේ තාත්තා, අම්මා, පුතා, දුව ආදී ඥාතීන් අහිමි වුණු ලාංකිකයෝ ලංකාවේ හැමතැනම ඉන්නවා. ඒ තරමටම යුද්ධය අපිව වෙලාගෙන හිටියේ.

එක එක රාජ්‍ය නායකයෝ එක එක හමුදා නායකයොත් එක්ක එක එක විදිහට මේ යුද්දේ අවසන් කරන්න කටයුතු කළා. අන්තිමට 2005 දී බලයට ආපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් හමුදා නායකයන්ගේ මෙහෙයවීමෙන් යුද්ධය නිමා වුණා.


කවුරු මොනවා කිව්වත් මේ යුද්ධය නිමා කරන්න ඒ කාලේ යුධ හමුදාපතිවරයා වුණු ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ( එතුමාව ජෙනරාල් ධූරයෙන් පහ කෙරුණත් මගේ හදවතේ එතුමා තාමත් ජෙනරාල් සරත් ෆොන්සේකා ) විශාල කාර්යයක් ඉටු කළා කියන එක කවුරුත් පිළිගන්න දෙයක් වගේම පිළිගන්න ඕන දෙයක්. පත්තරවලින්, ටීවී එකෙන් කියනවාටත් වඩා කවුරු මොනවා කිව්වත්, එතුමන්ගේ නායකත්වය යටපත් කරන්න උත්සහ දැරුවත් අපේ තාත්තත් හමුදා නිලධාරියෙක් වුණු නිසා ජෙනරාල් ෆොන්සේකා දක්ෂ නායකත්වය ගැන මම අහලා තියෙනවා.

ඉතින් යුද්ධය ජයග්‍රහණය කිරීමේ කාර්යය සාමූහික ප්‍රයත්නයක් වුණා වගේම ඒ සාමූහික ප්‍රයත්නයේ වැදගත් භූමිකාවක් ජෙනරාල් ෆොන්සේකාට ඒ නිසා අනිවාර්යයෙන්ම හිමිවෙනවා. ඒක ලඝු කරලා කවුරු හරි කතා කරනවා නම් ඒක ඇත්තටම වැරදියි කියලයි මගේ හැඟීම. ජයග්‍රහණයට පියවරු ගණනාවක් ඉන්නවා කියන එකත් ලාංකිකයන් සිහියේ තබාගන්න ඕනේ.

යුද්ධය නිමාවීමත් එක්ක සිදුවුණු යම් යම් කරුණු කාරණාත් එක්ක සිදුවෙන සිද්ධි දාමයක අවසන් ප්‍රතිඵලය වන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා සිරභාරයට පත්වෙන එක. නඩු විභාග කීපයකුත් එක්ක වසර කීපයක සිර දඬුවම් එතුමාට නියම වෙනවා. ඒ වගේම ඊයේ ප්‍රකාශයට පත් කරපු සුදු කොඩි නඩු තීන්දුව තුළිනුත් තවත් වසර 3 කට එතුමාට සිර දඬුවම් නියම වෙනවා.


කොහොම නමුත් එතුමා නිවැරදිකරුද වැරදිකරුද කියන එක මම කියන්න අවශ්‍ය නැහැ කරුණු කාරණා ගැන දන්න උදවිය ඒ ගැන හොඳට දන්නවා ඇති. අධිකරණ තීන්දුවලට විරුද්ධව කතා කරන්න ගිහින් S.B මාමාට වුණු දේ කරගන්න ඕනේ නැහැනේ :) ඒ වගේම දෙවියන් වහන්සේ පවා අවසන් මොහොත වන තෙක් මිනිසාව විනිශ්චයට ලක් නොකරන නිසා මමත් කැමති නැහැ තීන්දු කරන්න විනිශ්චයන් ඉදිරිපත් කරන්න.

ඒත් මම ඉදිරිපත් කරන තර්කය තමයි කවුරු අතින් වුණත් වැරදි සිදුවෙන්න පුළුවන්. ඒක නිසා ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් වැරැද්දක් සිදුවුණා නම් ඒකට එතුමාට ජනාධිපති සමාවක් ලබාදීල එතුමන්ව නිදහස් කරන්න කියන එක. වසර 30 ක් ලංකාව වෙලාගෙන හිටපු කුරිරු ත්‍රස්තවාදයෙන් ලක් මව මුදවා ගන්න තම ජීවිතය පවා වරක් පූජා කරපු ඒ අභීත රණවිරුවාට ලැබෙන්න ඕන උපහාරය ඒකයි.

එහෙම නැතිව බොහොම කුඩා හිර කුටියක, හැරෙන්නවත් ඉඩ නැතුව, එතුමාට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් ශ්වසන ආබාධ තවමත් පවතින නිසා හරියාකාර වාත මාර්ග නැති තැනක එතුමන්ව තියන එකද රටේ උපහාරය විය යුත්තේ කියන එක ???

ඊයේ හවස බස් එකේ එද්දී වගේම මග තොටේ කතාබහ තුළිනුත් අහන්න ලැබුණේ ජෙනරාල්තුමාට ලැබුණු දඬුවම බොහෝ දෙනා අනුමත කරන්නේ නැහැ කියන එක. ඒ වගේම ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පවා ජෙනරාල් ෆොන්සේකාට මේ වුණු දේ ගැන හදවතින්ම කම්පා වෙනවා.


1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදයේ 34 වගන්තියෙන් ජනාධිපතිතුමාට බලය පවරලා තියෙනවා ජනරජයේ කවර හෝ අධිකරණයක දී වරදකරුවෙක් වූ අයෙක්ට පූර්ණ සමාව ලබාදීමේ බලයක්. ඒ බලය තුළින් මීට පෙර ජෙනරාල් ෆොන්සේකා කළා යැයි කියන වැරදිවලටත් වඩා වැරදි කරපු අය නිදහස් වෙලා තමන්ගේ කටයුතු සුපුරුදු විදිහට කරගෙන ඉන්න අපි හැමෝටම ඇස් දෙකටම පේන්න තියෙන දෙයක්.

ජනාධිපතිතුමන් ඊයේ එතුමන්ගේ 66 වැනි ජන්ම දිනය සැමරුවා. එතුමන්ට තමන්ගේ රට වෙනුවෙන් දිවි පුදපු ඒ රණවිරුවාට ජනාධිපති සමාවක් යටතේ නිදහස ලබාදෙන්න පුළුවන් නම් ඒක තමයි එතුමා තමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ලක්වාසීන්ට ලබාදෙන ලොකුම තිළිණය කියලයි මම විශ්වාස කරන්නේ.

ජෙනරාල් ෆොන්සේකා හෝ එම මැතිණිය ජනාධිපති සමාවක් ඉල්ලන්න ඉදිරිපත් නොවෙන්න පුළුවන් ඒත් ජනාධිපතිතුමන්ට එහෙම සමාවක් ලබාදෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දස රාජ ධර්ම, දස සක්විති වත් වැනි අංග තුළ අඩංගු කරුණු ජනාධිපතිතුමා ප්‍රකට කළා කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම සමාව දීම දේව ගතියක් කියන ලාංකික කියමනත් අනුගමනය කළා වෙනවා.


ඒක නිසා රට නිදහස් කරන්න පුරෝගාමියෙක් වුණු ඒත් දැන් තමන්ගේ පුද්ගලික නිදහස සීමා වුණු ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට ජනාධිපති සමාවක් හිමිවෙලා නැවතත් සුපුරුදු පරිදි නිදහස් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා එක සිතින් මම ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම ඒ තීරණය ගන්න ජනාධිපතිතුමා යොමුවේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

ඒ වෙනුවෙන් තබන මේ බ්ලොග් සටහන ඉතාමත් කුඩා එකක් වෙන්න පුළුවන් ඒත් කුඩා බිංදු එකතු වෙලා මහා සාගරයක් හැදෙනවා කියන එක මතක් කරන්න කැමතියි.

ප.ලි.: කොසොල් රජු දුටුවාය කියන සිහින 16 පිළිබඳව මේ අවස්ථාවේදී කියවීම වටී..........

කොසොල් රජු දුටු සිහින 16


ප.ප.ලි.: ඊයේ උදේ අපේ Logic Class එකේ මිස් කැලණි පන්සලේ බෝධි පූජාවක් කරනවා කියලා මටත් කතා කළා. ගියාට පස්සෙයි අපි දන්නේ ජනාධිපතිතුමත් පන්සලට එනවා කියලා. කොහොම හරි ජනාධිපතිතුමා ආවාට පස්සේ මම ෆොටෝස් 2 ක් 3 ක් ගත්තා.

ඒ වගේම ඒ ගැන කියලා FB Stautus update කළා කට්ටියට මතක ඇති. ඊයේ හවස ගෙදර ඇවිත් ඒක ගැන post එකක් ලියන්න හිතාගෙන හිටියත් ඊයේ හවස ලබාදුන්නු සුදු කොඩි නඩු තීන්දුවත් එක්ක කලින් හිතපු විදිහට කතාව ලියන්න තිබුණු උද්‍යෝගය නැතිවුණා :(

30 comments:

  1. hariyatama hari ,minissu modakamin hari ,hithamathama hari me manussayata pennapu pathikada nisa dan eya saha eyage pavle udaviya duk vindinava,.meka lokuvata yodagaththu ayay meka plan karapu ayay dan thava thava vihilu valata ara andinava(deshapalane inna kaalakanniyo).janapathi saha general kotavapu ayata hena gahanna ona.

    ReplyDelete
  2. Me Siduweema gena Ma etha kanagatuwenawa. Mage yatisithath keewe janadipathithuma ethumage upandinayada podu samawak devikiya. Me nirmala Bududahama pawathina merate mese siduveem pelagaseema Mulu lokayama anumathakaranne neha.
    Me desapalanaya siyaluma saradarma wanasanawa. Kedarakama wedi karanawa. Sinhala mawbime anagathaya vinasakaranawa.
    Media walinda ethumawa ayinkara. Yuddaye sathya vikurthikarala. Kisimalesakin eva anumathakaranna beha.
    Malli Hashitha. Mama oyage sathya athisatiyenma dekeema agaya karanawa. Hoda bodu lak daruwan esse viyayuthiy. Attha kathakala yuthiy. Sarathponseka methithumata nidahasa lebewai api prathanakaramu.

    ReplyDelete
  3. මේ ප්‍රශ්ණය කලින් දවසකත් ඇහැව්වා මතකයි.

    ඔය ලොජික් ක්ලාස් එකෙන් බෝධි පූජා තියන්නේ මොන ලොජික් එක අනුවද?

    ReplyDelete
  4. exellent article....m..f...mahinda and gota will pay off soon...dear sir... genaral u will be the only hope of srilanka...may triple gem bless u all time ....gajaba from london

    ReplyDelete
  5. මල්ලි හරි මල්ලි !!!
    රජතුමා යෑ යුද්දේ ඉවර කරලා රටට සාමය ගෙනල්ලා දුන්නේ.

    ReplyDelete
  6. මේ නඩුවේ සහ තීන්දුවේ ඇති ලොකුම පැණය නම් සැබෑ ප්‍රශ්ණය ගැන, එනම්, සුදු කොඩි අරන් ආපු අය මැරීම ගැන, ඇතිවිය යුතු කතිකාවත යට යාමයි.

    ReplyDelete
  7. දෙන්නට නිදහස ජාතික...
    හිටපන් සතියක් යවුලක...
    කිවොත් හෙම පැමිණ කෙනෙක..
    පෙරට වරෙන් නුඹ නොව සැක...
    මන්දා ඇයි කියලා මට මේ කවිය මතක් වුනා...

    ReplyDelete
  8. මම පළවෙනි වතාවටයි මේ පැත්තට ගොඩ උනේ... අනිත් ලිපි කියෙව්වෙ නෑ අවංකවම කීවොත්... ඊයෙ දීපු සුදු කොඩි නඩුවෙ තීන්දුවත් එක්ක හිතේ තිබුන කනස්සල්ලත් එක්ක හෙඩිම දැකල මේක කියෙව්වෙ...ඇස් දෙකට කඳුලු එනව.. පියා යුද සෙබලෙක් හැටියට ඔයා දන්න දේ ලියපු එක ගැන මට හරි ආඩම්බරයි...
    මේ අභීත නායකය ගැන යුධ පෙරමුණේ සෙබලෙක්ගෙන් මම දවසක් ඔය වගේම අහල තියෙනව... ඩෙන්සිල් කොබ්බෑකඩුව අභීත නායකය වගේම යුධ පෙරමුණේ අභීතව තීරණ ගත්ත, නායකත්වය දුන්න, මේ වීරය ගැන ලීවට නුඹ ගැන ආඩම්බරයි.. මේ ලිපිය පුංචි නෑ.. පොඩි පොඩි වතුර බිංදු එකතු වෙලා තමයි මහා ගංගාවක් හැදෙන්නෙ..
    ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා..

    ReplyDelete
  9. අම්මප අයියෙ! මටනන් දැන් ආශිචර්යෙ හැතිකරේ ගැන හොදටම කලකිරිල ඉන්නෙ

    ReplyDelete
  10. ඔහු කවදා හෝ නිදහස ලබා ඒවි..............
    මට නම් තවම ඒක දෙයක් මතකයි...........ඔය දේශපාලකයෝ කියන කථා විනාඩියෙන් අමතක වෙනවා.....එත් මිට අවුරුදු ගානකට ඉස්සෙල්ලා පත්තරයක තිබුනා මෙහෙම. මේ යුද්ධය තවත් හමුදා නායකයෙකුට ගෙනියන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා.......ඒක කියලා තිබුනේ ජනරාල් සරත් පොන්සේකා. එදා ඒක දැකපු වේලාවේ මට හිතුනේ මේ බෝරුවට ලොකුකමට බැරිදේවල් කියන දේශපාලකයෙකු කථාවක් වගේ......එත් ඒක ඒ විධියටම සත්‍ය වුනා......මට තවම මතකයි ඒ වචනය...........ඒක තමයි මගේ හදවතේ යුද්ධයෙන් පස්සේ ඉතුරුවෙලා එකම වචනය..........
    මේ යුද්ධය ආයෙත් වෙන හමුදා නායකයෙකුට ගෙනියන්න තියන්නේ නැහැ ........ඔව් ජෙනරාල් ............මම දන්නවා ඔබ කවදා හෝ යලි මේ ජරාජින්න වෙලා තියන ශ්‍රි ලංකාව හැම පැත්තකින් ලස්සන කරන්න අපි අතරට එන බව. ඔබට නිරෝගි සුව..........

    ReplyDelete
  11. කොසොල් රජු දුටුවාය කියන සිහින 16 පිළිබඳව මේ අවස්ථාවේදී කියවීම වටී..........

    http://www.facebook.com/notes/hasitha-chamikara-gunasinghe/%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A2%E0%B7%94-%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1-16/10150410560149292

    ReplyDelete
  12. අර නේටෝ එකේ බලු හමුදාව හරි ඇවිල්ලා අපිවත් එක්ක මේක සුන්නදූලි කරලා ගියානම් එකක් කියලා හිතෙන්නෙ මේ වෙලාවට. කටක් ඇරලා අපි කියන්නෙ කොහොමද අ‍පි ශ්‍රී ලාංකිකයො කියලා. මෙහෙ සිකියුරිටි කාරයොත් අපිට හිනාවෙනවා.

    අපි අසරණයි!

    ReplyDelete
  13. හැමෝම කියනව වගේ ලොක්ක බලයෙන් මත්වෙලා. එහෙම නැතනම් ළොක්කගේ වටේ ඉන්න උන්ට උන්නැහේ නැති කරන්න අවශ්‍යවෙලා තියෙන්නේ. මිට වඩා නරක නැද්ද ප්‍රජා අයිතිය අහිමි කරළා නිවාස අඩස්සියේ තිබ්බනම්.

    ReplyDelete
  14. යකෝ උඹේ බ්ලොග් එක බලන්න හරි අමාරුයි.. වයසක මිනිස්සු මේව බලනවට තෝ අකමැතිද..

    ReplyDelete
  15. මල්ලි මටත් ජෙනරාල් ට කරපු දෙ ගැන තියෙන්නෙ පුදුම දුකක් වගේම තරහක්

    ReplyDelete
  16. "ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට ජනාධිපති සමාවක් හිමිවෙලා නැවතත් සුපුරුදු පරිදි නිදහස් ජීවිතයක් ගත කරන්න ලැබේවා"
    හිනෙන් බය වෙලා
    මහින්දට චන්දය දුන්න අපි හැමෝම ඔය පාපයේ කොටස් කාරයෝ

    ReplyDelete
  17. හසිතට ජනාධිපති උපදේශක තනතුරක් ලැබේවා !

    ReplyDelete
  18. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....

    ReplyDelete
  19. ayyo, matath puduma dukak thiyenne ee wage weerayekwa mehema hireta damma 1 gana. mehew rataka apith ipadunane. meeka nam thnikarama deshapalana paliganeemak

    ReplyDelete
  20. හරිම කණගාටුයි අයියේ...
    මට මේ වෙලාවේ මතක් වෙන්නේ චින්ගීස් අයිත්මාතව් ගේ 'ගුරු ගීතය' පොතේ අල්තීනායි අහන කතාවක්...

    'චාම් මිනිසාට දිය යුතු නියම ගරුත්වය දීමට තිබෙන හැකියාව අප කෙරෙන් ඈත් වූයේ කවදාද?'

    ReplyDelete
  21. මම කිසිවක් නොකියමි මක්නිසාද යත්, කිසිවක් කිවිමට උත්සාහ කල විට ඔබගෙ පහත වාක්‍ය නිසකවම මා අතින් තෘප්ත වන බැවිනි.

    ''අධිකරණ තීන්දුවලට විරුද්ධව කතා කරන්න ගිහින් S.B මාමාට වුණු දේ කරගන්න ඕනේ නැහැනේ''

    අහෝ ආශ්චර්යයමත් දේශය..

    ReplyDelete
  22. සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තියන්න කියල ගෝඨ කියල තියෙනව....
    ඉතින් ඒ කියමන කෝමද අධිකරණය හමුවේ වැරදි දෙයක් වෙන්නෙ...මෙතන කලු සුදු කිසිම බේදයක් නෑ...
    අපි නිකමට සරත් පොස්සේක නිකම්ම නිකම් නිකමෙක් කරල හිතමු...ඒත් මේක වරදක් වෙන්නෙ කෝමද??
    අපේ අති් වෙන පිහි ඇනීමකින් වෙඩි තැබීමකින් වගේ ලොකු වැරැද්දක් මෙතන තියෙන වචන ටිකෙන් වෙලා නෑ...
    කොහොම උනත් යුද්ධය දිනලත් ඉවරයි....
    අපිට වරදින වචනයෙන් කිසිදු හානියක් නොවන වෙලාවකවත් අපිට බැරිද මේ අධිකරණ පද්ධතියෙන් සාධාරනයක් බලාපොරොත්තු වෙන්න...
    කොහොම උනත් මහින්ද දිනීවි...මිනිස්සු මහින්දටම චන්දෙ දේවි...

    ReplyDelete
  23. මගේ ලිපියකුත් තියනවා ඊයෙ මේ ගැන ලියපු!

    ReplyDelete
  24. මේවට මොනවා කියන්නද මන්දා මල්ලි...:(((

    ReplyDelete
  25. මෙතන තියෙන ගැටලුව මේකයි මිනිස්සු ගොඩක් අය අපි කීපදෙනෙක් වගේ පරාර්තකාමි අදහස් නොදරන එක සහ රටේ යහපත ගැන නොසිතන එක.ගොඩක් මිනිස්සු ඇත්ත දැනගෙනත් නොදැක්කා වගේ ඉන්න එක.ආණ්ඩුව මොන වැරැද්ද කලත් එහෙයි කියාගෙන ඉන්නවා.
    තමන්ගේ වාසියට පන්දමට අද රටේ තැන තියෙනවනේ.high way හදන්න මුළු වියදම කෝටි 7700 ලු.ඒ වුනාට අපේ රටේ විදුලිය නැති ගෙවල් කියක් තියෙනවද.අර හම්බන්තොට වරාය හැදුවේ ගොඩබිම හාරලා.තවම එක නැවක්වත් නෑ.ආවත් වැලි ගොඩදාන්න ඕනේ වරාය ඇතුලට ගන්න.
    මට නම් හිතෙන්නේ ශ්‍රීලාංකිකයින් මහා මෝඩ ජාතියක්.යුද්දය ගැන කියනවනම් එකේ ගෞරවය තනි කෙනකුට බදාගන්න බෑ.
    මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පිරිස වගේම හිටපු සෙන්පති සරත් ෆොන්සේකා මැතිතුමාත් විශාල කැපවීමක් කලා.
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙලින් සිටිය බව සැබැයි නමුත් යුද පිටියේ දක්ෂතා දැක්වුයේ ඔහු නොවන බව මතක තබා ගත යුතුයි.
    සුදුකොඩි නඩුවේ සැබෑ තත්වය එලි වෙමින් පවතී.

    මේක කියවලා බලන්න.

    ජනරාල් සරත් ෆොන්සේකා මහතාට තුන් අවුරුදු සිරදඩුවමක් පමුණුවමින් ඊයේ (18) දින ප්‍රකාශයට පත් කළ මහාධිකරණ නඩු තීන්දුවේ ප්‍රධාන විනිසුරුවරිය වශයෙන් කටයුතු කළ දීපාලි විජේසුන්දර වෙශ්‍යවගේ ගේ දියණියගේ විවාහ මංගල්‍යයේ සාක්ෂියට අත්සන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මනමාලියට ලැබුණු අගනා තෑගි පිළිබඳව වාර්තාවේ.

    විවාහ මංගල දිනයේදී ජනාධිපතිවරයා සාක්ෂියට අත්සන් කිරීමෙන් අනතුරුව මනමාලිය වෙත ලබා දුන් ලියුම් කවරයේ තිබී ඇත්තේ ඇගේ නමට ලියන ලද රුපියල් ලක්ෂ දහයක චෙක් පතකි. ඊට අමතරව විවාහ මංගල්‍යට දින කීපයකට පසු ලියාපදිංචි නොකළ නවීනතම මෝටර් රථයක් ජනාධිපතිවරයා ඇය පදිංචි නිවසවෙත යවා තිබේ.

    මෙම ලියාපදිංචි නොකළ නවීනතම මෝටර් රථය ඇයගේ නිවස වෙත ගෙන ගොස් බාර දී ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයේ කොමාන්ඩෝ බලකායට අනුයුක්ත කපිතාන්වරයෙකි.

    මෙම මෝටර් රථය පිළිබඳව ජනමාධ්‍යන්ට ඉවවැටුන හොත් තමන්ට තවත් අනවශ්‍ය කරදරයක් වනු ඇතැයි දියණියට කියා ඇති දීපාලි විජේසුන්දර විනිසුරුවරිය එම මෝටර් රථය විකිණීම සඳහා කටයුතු යොදා තිබේ

    ReplyDelete
  26. මම නම් දැන් හරිම අකමැති මාතෘකාවක් තමයි දේශපාලනය කියන ඒක..ඒ තරමටම ඒක තිත්ත වෙලා තියෙන්නේ

    ReplyDelete
  27. දේශපාලන පලිගැනීම් කියන්නේ ඒවට තමා...

    ReplyDelete
  28. ""අන්තිමට 2005 දී බලයට ආපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් හමුදා නායකයන්ගේ මෙහෙයවීමෙන් යුද්ධය නිමා වුණා."" - me thamai aththta.... meya liyana Hasitha honda UNP kaarayek nisa, UNP pakshya nisa SFta ath una iranamata ohuda waga uththara karuwek bawin sithe athi una dadi wedanawata meya liyawee atha...

    Ohu UNP bawa mein oppu we..
    ""ඒ වගේම ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පවා ජෙනරාල් ෆොන්සේකාට මේ වුණු දේ ගැන හදවතින්ම කම්පා වෙනවා.""

    ReplyDelete
  29. Yudde kala okoma ekathuwela ekata Loku deshapalana sahayogayak Dunna Rajaya, Kisima rajayakata karanna beri una deyak, Me manusaya yude iwara unata passe thawath kedara una, Thamnta thibba garu nambu okkoma neti kara gatta,

    Me blog eka honda blog eka , eth kanagatui Meke me wage eka pettakata witarak bara una lipiyak dekima gena, Fonseka loku kepa wimak kala ratata, eeth ita passe eyama ee okoma neti kara gatta, Eyama eewa niti kara gatte kohomada kiyala samaharunta penne neti ekai PRASHNE.

    ReplyDelete
  30. බොහෝ දෙනා මේ සටහන කියවා මතුකළ කරුණුවලට ඒ වගේමයි ප්‍රශ්නවලට කිසියම් එකතු කිරීමක් හෝ පිළිතුරු සැපයීමක් පස්සේ ලියපු මේ සටහනෙන් සිද්ධ වෙයි කියලා හිතනවා. කියවලා බලන්න....

    එතකොට සරත් ෆොන්සේකා කරපු දෙයක් නැතෙයි ???

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................