Thursday, November 17, 2011

කරන්න බැරි නම් වහලා දාන්න



මේ ළඟදී දවසක අපේ ගමේ වයසක මනුස්සයෙක් අන්ත්‍රා වෙලා මායි තව යාලුවෙකුයි ඒ මළ ගෙදර ගියා. මෘත දේහයට ආචාර කරන්න ගේ ඇතුළට ගියාම මියගිය කෙනාගේ බිරිඳත් ඇවිත් අපිව පිළි අරගෙන මියගිය හැටිත් අපිත් එක්ක කතා කළා. පස්සේ ඉතින් අපි දෙන්නා එළියේ තිබුණු hut එකකින් වාඩි වුණා.

මාත් එක්ක ගිය එකා බුලත් විට මරුවා. Man බුලත් විටක් කන්න පටන් ගත්තා. මමත් ඉතින් පොරත් එක්ක chat එක දාගෙන හිටියා. මේ වෙනකොට වෙලාව දවල් 1 ට විතර. හොඳට පායන දාඩිය දාන තිබහ එන වෙලාවනේ. අපි දෙන්නත් බලන් ඉන්නවා දැන් බීම එකක් ගෙනෙයි දැන් බීම එකක් ගෙනෙයි කියලා. කොහෙද ඉතින්

ඔහොම ටික වෙලාවක් යද්දී තව ජෝඩුවක් ආවා මළ ගෙදර. එයාලත් අවසන් ගෞරව එහෙම දක්වලා අපිට ටිකක් ඈතින් තිබුණු පුටුවක වාඩිවෙලා ටික වෙලාවක් ගිය ගමන් ගෙදර කෙනෙක් ඇවිත් බීම දෙකකුත් ඒ ජෝඩුවට දීලා බරටම කදේ.

අපි දෙන්නත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලාගෙන ඉන්නවා අපිටත් බීම ලැබෙයි කියලා. අන්තිමට ඉතින් පැය භාගයක් විතර මළ ගෙදර හිටපු අපි දෙන්නා තව ගමනක් යන්න තිබුණු නිසා එන්න ආවා.

එද්දී තමා යාළුවා කිව්වේ "මචං මළ ගෙයක් හරියට කරන්න දන්නේ නැහැ බන් මුන්. මෙහෙම මළ ගෙවල් වහලා දාන්න ඕනේ" කියලා.

ඒකේ නිධාන කතාව තමා එක බේබද්දෙක් රෑ මළ ගේක ගියාලු. සාමාන්‍යයෙන් මළ ගෙවල්වල රෑට කන්නද බොන්නද ඕන එකක් දෙනවනේ නිදි මරන්න එන මිනිස්සුන්ට. කොහොමින් කොහොම හරි මේ බොනපාට්ට මොකුත් ලැබිලා නැහැ.


පොර මල පැනලා ඒ පැත්තේම තියෙන තව මල ගෙදරකට ගියාලු. ඒ මළ ගෙදර නිකම් මඟුල් ගෙදර වගේලු. කන්නද බොන්නද ඕන එකක්ලු. පස්සේ මේ හොඳට බීලා සිගරට් එකකුත් බී ගෙන අර මුලින්ම ගිය මළ ගේ ඉස්සරහට වෙලා මෙහෙම කෑ ගැහුවලු

"අයිසේ මෙන්න මළ ගෙවල් කන්නද බොන්නද ඕන දෙයක්. ඕයි මළ ගෙයක් හරියට කරන්න දන්නේ නැත්නම් වහලා දානවා......." :))

ප.ලි.: කොහොම නමුත් සිංහල මනුස්සයාගේ පාරම්පරික සිරිතක්ලුනේ ආගන්තුක සත්කාරය. ඉතින් කොහොමින් කොහොම හරි අන්තිමට මටයි යාළුවාටයි හුළං. පස්සේ අපි දෙන්නා ඒ හරියේ තිබුණු කඩේකින් තැඹිලි දෙකක් බිව්වා තිබහ යන්නත් එක්ක :))


රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ලංකාවේ හිරගත වෙලා හිටිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලංකාවේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන මෙහෙම කියලා තියෙනවා.

"සිංහලයා ඉතා විනීතය. ආගන්තුක සත්කාරයෙහි තත්පරය. ස්වදේශීන් අහට මෙනම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේය"

අරක්කු බොන එක ගැනත් නොක්ස් කියලා තියෙනවා :))

"ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. මද්‍යපානය නොබොන්නෝය. සොරකම් පිළිකුල් කරන්නේය. ගෙරිමස මුවෙහි නොතබන්නේය"
කියලා. මේ තත්ව අද කාලෙත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් තමා හොඳ

22 comments:

  1. hi..hi... niyama kathwawa. ow ada godak welawata minissunta oya aganthuka sathkara kiyana eka amathaka wela gihinne.. anik ka tama noks kiyapu widiye minissu hitiye issara eyala dan na...

    sashi

    ReplyDelete
  2. රොබ්ට් නොක්ස්ගෙ තව කතා තියෙනවා.නියමයි ඒවත්...

    හප්පේ ඒ ගෙදර අයට ඔයාලා කලින් බීම බිව්වා කියලා හිතුනද දන්නෙ නෑ...

    ReplyDelete
  3. රොබට් නොක්ස් අපෙ බීපූ උන් දැකපු නැති එක සාධාරණයි. ගමේ බඩු ඔක්කෝම පැලස් එකට දෙන්න ඕනලු. අපේ කස්ටිය කොරන්නේ බඩිත් අරන් කැලේට ගිහිල්ලා හොඳ ආතල් එකක් අරන් ඩෝප් හිඳුනම ලූ ගමට එන්නේ. රෑ රාජකාරියට පෙර දෙන්නම මෙයින් ටිකක් සප්පායම් උනාලූ. ඔය හැන්ගිලා බොන එක මේ මැතක් වෙනකම් තිබුනා. කොහොම හරි පට්ට පෝස්ට් එක...

    ReplyDelete
  4. ඇත්තකුත් තියෙනවා. ඒත් ඉතිං මළ ගෙදරක්නේ. සමහරවිට අතපසුවීම් වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. "අයිසේ මෙන්න මළ ගෙවල් කන්නද බොන්නද ඕන දෙයක්. ඕයි මළ ගෙයක් හරියට කරන්න දන්නේ නැත්නම් වහලා දානවා......." ....lol

    ReplyDelete
  6. ආහ් මේකනේ සින් එක...මම බැලුවා ආරංවියේ විදිහට මොකද මළ ගෙවල් හොය හොයා යන්නේ කියලා..එහෙනම් මේකයි වැඩේ...ඔන්න අහුවුණා හොරේ...

    ReplyDelete
  7. මල්ලි හරි මල්ලි.
    සමහර මලගෙවල් මෙලෝ වැඩක් නෑනේ !!!

    ReplyDelete
  8. මම නම් ඉන්නේ මේ අදහසේ.ඒක වැරදි වෙන්න වෙන්න පුළුවන්.
    මම කවදාවත් මලගෙවල් වලින් කාලා බීල නෑ. ඒ වගේම මට හිතෙන්නේ ඒ මිනිසුන්ගේ අසරන වෙලා ඉන්න අවස්ථාවේ ඔය බීම පාටි වලට නම් මම කැමති නෑ.

    ReplyDelete
  9. මලගෙදරක් නිසා අතපසු වීමක් කියල හිතන්න පුළුවන් මල්ලි. බීපු මිනිහගේ කතාව තමයි මරු. මන් මේ මාතෘකාව දැකල හිතුවේ පාඩුලබන ආයතන ගැන වත්ද කියල .
    අපේ තාත්ත නැති වුන වෙලාවේ මන් මගේ සේවා ආයතනයට කිව්වේ නැහැ . මමත් ගියේ අන්තිම මොහොතේ . මන් නැති අතරේ අපේ උන් දෙතුන් සියක් ආවම අම්මල කොහොම සංග්‍රහ කරන්නද කියල මට හිතුන . පස්සේ නෝක්කාඩු අහගත්තා හොඳට

    ReplyDelete
  10. අතපසුවිමක් වෙන්න ඇති යාලු..හොදට කතා කරලත් ගිහින්නේ තියෙන්නේ..
    අර කතාව නම් මරු බොනපාට් ගේ..

    ReplyDelete
  11. හක් හක්... සුපිරි ටෝල්ක් එකක්... හැබැයි මචන් ඉස්සරහට ඔහොම මළ ගෙවලුත් ආන්ඩුවට පවර ගන්න බැරි නෑ

    ReplyDelete
  12. @Sashi

    ඒකනේ කියන්නේ ඒ කාලෙනේ ඉන්න තිබුණේ අයි ඩෝන්ට් නෝ වයි කියලා :)

    ReplyDelete
  13. @නිසුපා

    එහෙම හිතන්නත් විදිහක් තිබ්බේ නැහැ අක්කේ. ඒ වෙලාවේ හිටියේ අපි දෙන්නා විතරමයි :)

    ReplyDelete
  14. @RanDil

    ඒකනේ අක්කේ අපි දෙන්නත් කට පියාගෙන ඇවිත් කඩෙන් තැඹිලි දෙකක් ගහලා ගියේ :))

    ReplyDelete
  15. @සුජානි.......

    අම්මෝ එහෙම එකක් නැහැ අක්කේ. කොටින්ම අදත් මළ ගෙවල් දෙකකටම යන්න වෙලා තියෙන්නේ. ගමේ මල්ලී කෙනෙක්ගේ අම්මා කෙනෙකුයි යාලුවෙක්ගේ තාත්තා කෙනෙකුයි අද ආන්ත්‍රා වෙලා

    ReplyDelete
  16. @මධුරංග

    ඒකනේ අයියා මළ ගෙයක් වුණත් මළ ගෙයක් වගේ තියෙන්න ඕනේ

    ReplyDelete
  17. @Il mondo di una povera pazza

    ඒක හරි. මළ ගෙවල්වලින් කන්නම බොන්නම බලාගෙන යන්න හොඳ නැහැ තමා. ඒත් මල ගෙවල්වලින් අපි එපා කීවත් කන්න බොන්න දෙන්නේ සංග්‍රහ කරන්නේ මියගිය කෙනාට පිං පිණිස එයාලා කරන කටයුත්තක් විදිහට සලකලා

    ReplyDelete
  18. @Bindi

    මේකත් මේ අපේ කතාවක් තමා. මළ ගෙවල්වල ගහනවානේ එක එක බැනර්. ඒවායේ සාමාන්‍යයෙන් තියෙන වාක්‍යයක් තමා "මරණයේ වේදනාව මියගිය අයට නොවට ජීවත් වන්නවුන්ටයි" කියලා.

    ඇත්තනේ කවුරු හරි මළාම කොච්චර නම් වියදමක් කරන්න ඕනේද ?? මල් ශාලාවට, දවස් 7 කන්න බොන්න දෙන්න, පාංශුකූලයට, දානෙට, බණට කීයක් නම් වියදම්ද ? මැරුණු මනුස්සයා කරන එකක්යැ ජීවත්වෙලා ඉන්න එවුන් කරන්න එපැයි. ජෝක් එකක් වගේ වුණත් ඇත්තකුත් තියෙනවා :)

    ReplyDelete
  19. @නිම්ශා

    සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා :))

    ReplyDelete
  20. @පිස්සා පලාමල්ල

    ආශ්චර්යට යද්දී කියන්න බැහැ එහෙම වෙන්නත් පුලුවන්. ලිබියාවෙත් කසාද බැන්ද ජෝඩුවලට ආණ්ඩුවෙන් ඩොලර් කීයක්ද මන්දා දුන්නලුනේ :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................