Thursday, November 10, 2011

වලස්සු තොප්පි දාන්නේ නැහැනේ බන්

අපේ History Special 1st year බැච් එකේ කොල්ලෝ 5 ක් ඉන්නවා. මම, මැදයා, ස්වීටා, නෝබා සහ පැංචා. පැංචා එච්චර අපිත් එක්ක සෙට් වෙන්න, වළ බහින්න එන්නේ නැහැ. Lectures එනවා, Lectures ඉවර වුණාම library යනවා පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගන්නවා. ඒත් අනිත් අපි හතර දෙනා ඉතින් එකටම තමයි.

මේකෙන් සිරාම බුවා නෝබා. නෝබා කියන්නේ card එක. ඇත්තම card එක නෝබට්. කෙටි කරලා තමයි නෝබා කියන්නේ.

-------------------------------------------------------------------------------------------------

අපිත් එක්ක ඉන්න Stat Special කරන පොරක් ඉන්නවා මහේෂ් කියලා. පොරගේ card එක මැකා. මේ අවුරුද්ද පටන් ගත්ත මුලම වගේ මැකා කැම්පස් ආවේ කොණ්ඩේ වවාගෙන. කෙල්ලෝ නම් ඌට කිව්වේ werewolf කියලා :)

දවසක් අපේ History set එක bench එකක වාඩිවෙලා ඉද්දී මැකා පාරේ යනවා.

නෝබා : ඒයි වලස් තොප්පියා (මේ හයියෙන් කෑ ගහන්නේ මැකාට )

මැකා : වලස්සු තොප්පි දාන්නේ නැහැනේ නෝබා ( ඊටත් වඩා හයියෙන් හිනාවෙවී ) :))

-------------------------------------------------------------------------------------------------

මේක වුණේ අපි campus ආපු මුල්ම කාලේ වගේ...........

එකෙක් : මචං උඹේ card එක මොකක්ද ?

නෝබා : නෝබට්

තව එකෙක් : ඇයි බන් උඹට නෝබට් කියන්නේ ?

නෝබා : ඒක තමයි බන්. මට මේ card එක දාපු එකාව අල්ලගන්න තමයි මාත් ඉන්නේ බන් ඌට දෙකක් අනින්න :))

-------------------------------------------------------------------------------------------------


අපේ campus එකේ රාගම තියෙන Medical facultyයෙන් Medical Exhibition එකක් කළානේ. ඒකට යන්න ලොකු උවමනාවක් තිබූණා නෝබට.

නෝබා : මචංලා මොකද කියන්නේ අපි කවද්ද Medical Exhibition එක බලන්න යන්නේ ? සෙනසුරාදා තමයි අන්තිම දවස

ස්වීටා : මට නම් එන්න බැහැ බන්. මට ඕවා තේරෙන්නේ නැහැ

නෝබා : ඔව් ඉතින් උඹට ඕවා තේරෙනවා නම් උඹ මෙතන ඉන්න විදිහක් නැහැනේ. එහෙමනම් උඹත් ඉන්න ඕනේ Medical faculty එකේ Medical student කෙනෙක් විදිහටනේ :))

-------------------------------------------------------------------------------------------------


දවසක් අපිට කලින් batch එකක අක්කා කෙනෙක්ගෙන් past papers වගයක් ලැබුණා. ඒකේ එකක් අතින් ලියපු එකක්. ඒකේ ඊශ්‍රායලය කියන එක ලියලා තිබුණේ ඊස්රායලය කියලා.

නෝබා : ඊශ්‍රායලය කියලා ලියන්න දන්නේ නැහැනේ බන් මුන්. චාටර් ආහ්. ඊශ්‍රායලේ කියලා ලියන්න බැරි නම් පලස්තීනේ කියලා ලියපන්. අල්ලපු රටනේ.

ඒ විදිහටම ස්පාඤ්ඤේ කියලා ලියන්න බැරි නම් පෘතුගාලේ කියලා ලියන්න පුලුවන්නේ :)

නෝබා මෙහෙම කියලා ටික දවසකින් මට ලියාගන්න බැරිවුණු note එකක් ලියාගන්න මම නෝබාගෙන් පොත ඉල්ලා ගත්තා.

නෝබා note එකේ පෘතුගාලේ කියන එක ලියලා තියෙන්නේ මේ විදිහට "පුරුතුගාලය" කියලා :))

-------------------------------------------------------------------------------------------------


History Department එකෙන් Fund Raising Project එකක් විදිහට මේ ළඟදී දවසක කඩයක් කළා. මේ කඩේ බෙලි මල්, අයිස්ක්‍රීම්, අච්චාරු එහෙම තිබුණා.

ඉතින් තම්බපු බෙලිමල් වතුර මුට්ටියෙන් ගන්න හැන්දක් ඕනෙනේ. මේ ගැන ප්‍රශ්න ගොඩක් ආවා කට්ටියට. ප්ලාස්ටික් හැඳිවලට රස්නේ ඔරොත්තු දෙයිද ආදි වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න.

පස්සේ මැදයා කිව්වා "ඕකට ටින් එකක් හයියක් පොල්ලක් ගැට ගහලා හැන්දක් හදාගමු. ඒක තමයි සාර්ථක. කෝකටත් පොල්ලට කෝපි ලී තමයි හොඳ" කියලා.

ඊට පස්සේ තව එකෙක් අහනවා "මේ හදිස්සියේ කෝපි ලී හොයන්නේ කොහොමද ? " කියලා.

අපේ නෝබා කියනවා "කෝපි ලී නැත්නම් බෲස් ලී හරි ජෙට් ලී හරි දාපන්. හරි හයියයි" කියලා :))

12 comments:

  1. හිහි මරු කතා සෙට් එක අර කඩ කෙරිල්ල නම් මරු අලො.

    ReplyDelete
  2. නෝබට් නොහොත් හිරාන් ඉවරයි.

    ReplyDelete
  3. මරු මරු..සොමි කතාටිකක්නේ ලියාලා තියෙන්නේ

    ReplyDelete
  4. හි හී...නෝබට් නම් මරු. ඒත් වලස් තොප්පියා කියන එක වෙන විදිහකට අර්ත දක්වන්න පුලුවන් නේ.වලස් හමින් හදපු තොප්පියක් දාපු එකා කියලා.

    ReplyDelete
  5. ඇයි ඉස්සර ගල්කිස්ස රත්මලාන පැත්තෙ ක්ලාස් කරපු කුංෆු මාස්ටර් කෙනෙක් පෝස්ටර් වල මිහගෙ නම ගහන්නෙ ඉංග්‍රීසියෙන් MASTER SEEWA LEE කියල. මොකද මිහගෙ ඇත්ත නම සීවලි.

    ReplyDelete
  6. කාඩ් එක නෝබට් වුණාට ඇල්බට් (අයින්ස්ටයින්) වගේ පොරක් වෙයි කවද හරි :)

    ReplyDelete
  7. හිකිස්,.. බෲස් ලී හරි බ්‍රෙට් ලී හරි දැම්මද ඉතින්,. :D
    මරු කතා ටික...

    ReplyDelete
  8. හරිම ලස්සනයි කතන්දර ටික..!! මට හිනාව නවත්තගන්න බැරිව ගියා නෝබට් 'පුරුතුගාලය' කියල ලිව්වයි කිව්වම.. :)

    ReplyDelete
  9. මලය පේන්න නැත්තෙ නෝබගෙන් තෑගි ලැබිල වගෙයි,

    ReplyDelete
  10. hi..hi... maru ane Nobage kathwanam kiyala wadak naneee
    sashi

    ReplyDelete
  11. සැමට තුති. නෝබට්ගෙන් මට මුකුත් වුනේ නැහැ. ඒත් නෝබා ගිය සතියේ ක්‍රිකට් ගහන්න ගිහින් විකට් කඩාගන්නේ නැතුව අණ්ඩක් කඩාගෙන මේ දවස්වල ඩිසේබල්ලු.....

    නෝබට් මහතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................