Saturday, October 8, 2011

ගුරු දිනය වෙනුවෙන් - විශ‍්‍රාමික ගණිත ගුරුවරයා දුටු (අදක්ෂ) ආදි ශිෂ්‍යයා


හිටපුදෙන් එළවළු බක්කිය ළඟ හිටගෙන
හිතපුදෙන් ඕනෑ දෙයක් මං ගැන
පැනලා නොකියමි හඳුනනකං
විස්තර නොකරමි ගුරු ගෝලකං

මතකයි ඇදපු හැටි යටි බඩෙන්
කොනිත්තා බුරිය ළඟ හමෙන්
තියපු හැටි ගිනි අව්වේ දණින්
ගහපු හැටි ඇඟිලි පහ උඩට අඩි කෝදුවෙන්

තලන්නටම හිතාගෙන වේවැලක් ගෙන
මුහුණේ සිනාවක්, තෙතක්, දයාවක් නොමැතිව
එදා දේවදත්තයා ලෙස පැමිණි මොහු
දැන් වියපත්ය! පැන්ෂන්ය! තැන්පත්ය!

මොළේ ඇති එවුන්වම වරුණනා කොට
උන්ටම ලකුණු දී සම්මාන දී
මං වගේ දුරුවලයන්ට තලා පෙළා හිංසා කොට
පාසල අපායක් කළ මොහු

නුඹ නිසා තිත්තවුණි මට පාසල් යෑම
නැවතුණෙමි ගෙදර හඬ හඬා
අන්තිමේ ගියෙමි තාත්තා ගිය මග
ටවුමේ එළවළු විකුණන්ට (දැං මට හොඳයි)

නුඹද නුඹේ දක්ෂ අදක්ෂ ගෝලයෝ සැවොමද
දැන් නිතර එති මා ළඟට මගේ කඩයට
එදා බැරිවූ ගණන් දැන් පෙන්වමි නුඹලා සැමට
කිරාදෙමි පන්සීය හාරසීයට


අපේ Logic Class එකේ මිස් A/L Logic ඉගැන්වුවාට සියනෑ විද්‍යා පීඨයේ කථිකාචාර්යවරියක්. දවසක් මිස් එක්ක උපාධිධාරී ගුරුවරුන්ට දේශනයක් කරන්න ගියා.

ඒකෙදී මේ කවියත් මිස් ඒ ගුරුවරුන්ට කියවන්න දුන්නා. හිතට වදින දෙයක් තිබුණු නිසා තමයි මාත් මේක පළ කළේ.

මේක ලියලා තියෙන්නෙත් ගුරුවරයෙක් වෙන පුෂ්පසිරි දයාවංශ කෝට්ටෙගේ :)

24 comments:

  1. අපේ අම්මත් ගණිත ගුරුවරියක්, අවුරුදු 37ක් සේවා කාලය.දැන් පෙන්ශන්.මේ කවිය දැක්කම මතක් උනේ.අම්ම එක්ක පොළේ ගියාම සමහර වෙලෙන්දො(අම්මගෙ ගෝලයො) ආ...මිස්! කියල කතා කරනව.එතකොට එතනින් එලවලු ගන්න වෙනව.ගොඩක් අය සල්ලි හරියකට ගන්නෙත් නෑ,අම්ම බලෙන් සල්ලි දාල එනව.
    අපි හිනා වෙනව හික් හික් අම්මගෙ ගෝලයො ඔක්කොම වෙලෙන්දොද කියල.අම්ම කියනව ඉස්සර ගනන් හදන්නෙ නෑ කියල බැනපු අය තමා කොහෙදි දැක්කත් ආ මිස් කියල කතා කරන්නෙ කියල.

    ReplyDelete
  2. නියමයි හසිත.... කවිය ලියපු කෙනා දන්නේ නැති වුනාට ඒ කවිය අපිට කියවන්න දුන්න එකත් ලොකු දෙයක්...

    ReplyDelete
  3. මම කැමති මේ වගේ කවිවලට.
    මට නම් ග්‍රේට් ක්‍රියේෂන්....

    ReplyDelete
  4. නියමයි... ගුරුවරු ළමයින්ගේ ජීවිත වලට ලොකු බලපෑමක් කරනවා

    ReplyDelete
  5. කීමට බෝ දෑ ඇති හෙයින් කිසිවක්ම නොකියමි, නදී සේම මමත් දෙමාපියන්ට පොඩි කාලයේ විහිළු කළෙමි. අපේ කෙලීද එසේම මට කියනු ඇත. ඇත්තය කොහේ ගියත් දුවගෙන එන්නේ පන්තියේදී දඟකාර වු සිසුන්මය,

    ReplyDelete
  6. ඕකනෙ මං ටීචර්ලව බඳින්න නං එපා කිව්වෙ!

    ReplyDelete
  7. නියම පද ටිකක්..
    අපේ අම්මත් ගුරුවරියක්.ගමනක් ගියාම ලමයි ආ ටීච කියලා මහ පාරෙම වදින වෙලාවල් තියෙනවා.අපේ අම්මානම් ගැහුවට ටිකකින් ලමයින්ටත් ඒව අමතකයි..අම්මටත් අමතකයි..

    ReplyDelete
  8. එළ මරු කවි ටික ..........:D

    ReplyDelete
  9. ඉස්කෝලෙදි ඉංග්‍රීසි මාස්ටර් "Swami & Friends"පොත අමතර ඉගැන්නිල්ලක් හැටියට කරන්න ගත්තා. සේරටම ගන්න කිව්වා ඒ පොත.මමත් එක්ක තව ළමයි දහයක් පහළොවක් ඔයපොත ගත්තේ නෑ.අපේ මාස්ටර් පොත ගත්තේ නැත්තේ අයි කියන එක ඇහුවේ නෑ.පොත නැති උන් සේරම ඉංග්‍රීසි පීරියඩ් එකේ පන්තියේ පස්සට දැම්ම ඕනේ මගුලක් කරගන්න කියලා.පොත තියන උන් ඉස්සරහට අරන් ඉගැන්නුවා.

    ReplyDelete
  10. @නදී

    ඒ කියන්නේ මේ කතාවෙන් ටිකක් අක්කගේ අම්මටත් අදාළයි වගේ. අම්මා හොඳට උගන්නපු නිසා වෙන්න ඕනේ මෙච්චරට ගෝලයෝ සළකන්නේ :)

    ReplyDelete
  11. @prasanna86k

    බදා ගැනීම නෙමෙයි බෙදා ගැනීමයි කරන්න ඕනේ කියලනේ ගුරුවරු අපිට පුරුදු කරන්නේ අයියා :)

    ReplyDelete
  12. @prasanna86k

    බදා ගැනීම නෙමෙයි බෙදා ගැනීමයි කරන්න ඕනේ කියලනේ ගුරුවරු අපිට පුරුදු කරන්නේ අයියා :)

    ReplyDelete
  13. @prasanna86k

    බදා ගැනීම නෙමෙයි බෙදා ගැනීමයි කරන්න ඕනේ කියලනේ ගුරුවරු අපිට පුරුදු කරන්නේ අයියා :)

    ReplyDelete
  14. @විසිතුරු | visituru

    අනිවාර්යයෙන්ම මතකනේ බ්‍රහ්මදත්ත කුමාරයාගේ කතාවයි, අංගුලිමාලගේ කතාවයි

    ReplyDelete
  15. @හරී - පිණිපළස

    ආහ් මේ ඇවිත් තියෙන්නේ ටීචර්ලා ගැන කියන්න ටීචර් කෙනෙක්ම :))

    ReplyDelete
  16. @ඉන්දික උපශාන්ත

    මට මේක කිව්වෙත් අපේ ලොජික් මිස්මයි. සාමාන්‍යයෙන් කාර්යබහුල රස්සා කරන හුඟක් පිරිමි කැමතියිලු ගුරුවරියෝ විවාහ කරගන්න. ළමයි ගැන බලන එකත් වෙනවා, අවුරුද්දර මාස 3 ක් 4 ක් නිවාඩුත් තියෙනවා. සෙනසුරාදා, ඉරිදා නිවාඩුත් තියෙනවා.

    අනික ටීචර් කියන්නේම මදි මදි තව උනන්දු වෙන්න ඕනේ කියලනේ :))

    ReplyDelete
  17. @නිසුපා

    ඒක ඇත්ත අක්කේ. නියම ගුරුවරයා ළමයට ගහන්නේ ළමයාව හදාගන්න මිසක් ඒ ළමයට වැරැද්දක් කරන්න එහෙම නෙමෙයිනේ. ඒක නිසා ටිකකින් ඕක දෙගොල්ලන්ටම අමතකයි. ඒත් දැන් ගුරුහොරුත් ඉන්නවනේ ළමයින්ව මරන් කන්න යන

    ReplyDelete
  18. @sithuwilimandiya

    ඒක නම් ගුරුවරයෙක් අතින් වෙන්න ඕන දෙයක් කියලා මම හිතන්නේ නැහැ. මේ කතාව කියෝපුවාම මට මතක් වුණේ යශෝරාවයේ ඉන්න බලදේව සර්

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................