Sunday, September 25, 2011

තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකම

මේ ලෝකයෙහි පුද්ගලයන් හා දේවල් තුල නොයෙකුත් වෙනස් කම් ඇති බව අසාමාන්‍ය දෙයක් නොවේ. එය අප ජිවිතයෙහි මුල්කාලයේ සිටම අත්දැක ඇත්තෙමු. නමුත් ඒ වෙනස් කම් ගැන අප වැඩිදුරට සිතා නැතුවා විය හැකිය. ඒ සියළුම වෙනස් කම් බලපවත්වන්නේ ඒ ඒ දෙයට හා පුද්ගලයන්ට ආවේනික ගුණාත්මක බවට අනුවය.

කෙනෙකු නරක ගුණාංගයන්ගෙන් යුක්ත වන අතර තව කෙනෙකු යහපත් ගුණයෙන් යුක්තව පවතී. මෙසේ ‍හොද හා නරක ගුණයන් ලෙසින් ලොව පුරා විසිරී පැතිරී පවතී. මේ දේවල් හා පුද්ගලයන් පිළිබද ඇති ගුණාත්මක බව ලෝකයට විටෙක යහපත පිණිසද තව විටෙක විනාශය පිණිසද පවතින අතර ඒවා නිසා යහපත නපුරු දෙකම සිදුවිය හැකිය.

මේ අතර අසාමාණ්‍ය ගුණ දරණ පුද්ගලයන් හා දේවල්ද මේ ලෝකය තුල විටින් විට විද්‍යාමාන වේ. ඒ අතර මානුෂීය හැකියාවන් ඉක්මවා ගිය අධිමානුෂීය හැකියාවන්ගෙන් පිරි පුද්ගලයන් ද මේ ලෝකය තුල පහලවීමද අසාමාන්‍ය නමුත් කළාතුරකින් සිදුවන දෙයකි.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා එවැනි අසාමාන්‍ය ගුණ මහත්වයකින් හෙබී උත්තමයන්‍ වහන්සේලායි. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා තුල පවතීන ගුණය සාමාන්‍ය ලෝකයා හා සසදා බලන කල්හී අසාමාන්‍යද අසමද වන්නේ ය. ඒ එවන් ගුණ එවැනිම උතුමන් වහන්සේලා අතර පවතින අනෙක් ඉන් මෙහා පුද්ගලයන් කෙරෙහි දැක්ක නොහැකි දේ නිසාය.

අපගේ බුදුරජාණන් වහන්සේ මේ සියළු සත්වයන් අතරින් අග්‍රද ශ්‍රේෂ්ඨමද ගුණ දරණ සේක් උන් වහන්සේ එවැනිම් බුදුවරුන්ට සමාන වන ගුණ ඇති හෙයින් හා, වෙනත් කිසිවෙකුට සමාන කල නොහැකි හෙයින් අසමද, සමද වන සේක. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සයුර අනන්තවත්ව පැතිර පවත්නේ ය. ඒවා මේ මේ යැයි කියා පරිපුර්ණ ලෙස ප්‍රකාශ කල හැකි සමතෙක් මේ ලොව්හී නැත.

එසේ වුවද බුදුරජාණන් වහන්සේ හා තථාගත ශ්‍රාවකයන් වහන්සේලා එම ගුණ ස්කන්ධය ගැන ලෝකයට වටහා දීම පිණිස ගෙනහැර දක්වා ඇති අවස්ථාද ති‍‍බේ. ඒවා සමහරක්, අධික ශ්‍රද්ධාවෙන් යුතුව කරන ප්‍රකාශන ‍වන අතර තව සමහරක් ඒවා ප්‍රඥා සමුදුරෙහි කිමිදි කරන ලද විස්තර වේ. එවන් බුද්ධ ගුණ විග්‍රහයන් ගැන සලකා බලන අපට ඒවා මෙසේ කොටස් වශයෙන් දළ සටහනක් ඉදිරිපත් කල හැකිය.

ෂඩ් අසාධාරණ ඥාණ
චුද්දස බුද්ධ ඤාණ
සෝළස මහා ඥාණ

අට්ඨාරස ආවේනික බුද්ධ ගුණ

එකුන්විසි ප්‍රත්‍යවේක්ෂා ඥාණ

සමපනස් උදයව්‍ය ඥාණ
තෙසැත්තා ඥාණ
සත් සැත්තාඥාණ
අනන්තනය සමන්නාගත සර්වඥතා ඤාණ
යනාදී ලෙසිනි.

මෙම සෑම ඤාණ කොටසක්ම බුදුරජාණන් වහන්සේ තුල පැවැතී අසාමාන්‍ය හා අත්‍යුදාර වු අනු‍පමේය වු ගුණ සයුර ගැන යම්කිසි අවබෝධයක් ඇති කරදීම පිණිස කරන ලද බුද්ධ ගුණ සංග්‍රහයන් ය.

මෙහි එන තෙසැත්තා ඥාණයන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවන් ලෙස සැලකෙන පටිසම්භිදාමග්ග පාලියේ ‍ඥාණ කතා නිර්දේශය පුරා විස්තර සහිතව ලියැවී ඇත්තේ ය. එම තෙසැත්තා ඥාණයන් සිහිකොට බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය පිළිබදව අපට යම් දැනුමක් වැටහීමක් ලබා ගත හැකි වන අතර ඒ තුලින් අප තුල පවතින ශාස්තෲ ගෞරවය තවත් දැඩි කරගැනීමට හා ශ්‍රද්ධාදී ඉදුරන් වඩා ගැනීමට මහත් උපකාර පිණිස පවතිනු ඇත.

මෑත භාගයේ බුදු ගුණ සයුර තුල හැසිරුණු මහා යතිවරයන් වහන්සේලා අතර ප්‍රධාන තැනක් ගන්නා උතුම් ස්වාමීන් වහන්සේලා කීප නමක් වෙති. එයින් මාතර ඥාණාරාම මහෝපාධ්‍යාය නාහිමියෝ ප්‍රධාන තැනක් ගන්න බව කිව යුතුය. උන් වහන්සේගේ පාලී ගාථා ප්‍රබන්ධන හැකියාවෙන් හැඩ ගැන්වෙමින් ඉහත ඥාණ සමුදායෙන් තෙසැත්තෑ ඥාණ ගැන ගාථා සැත්තෑ තුනකින් වර්ණවත් බුද්ධ ගුණ වර්ණනාවක් කර ඇත්තේ ය.

නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

එයින් පසුව ඒ තැන හිමි විය යුත්තේ නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේටය. නා උයනේ අරිය ධම්ම මාහා නාහිමිපාණෝ මහත් ශ්‍රද්ධාවෙන් යුතුව බුදු ගුණ සිහපත් කරන වාර ‍බොහෝය. ඒ මාහිමිපාණන් වහන්සේ විසින් බුදු ගුණ ගැන ලියා ඇති පොත් පත් බොහෝ ඇත්තේ ය. එසේම ඒ සම්බන්ධයෙන් තවදුරටත් පවසතොත්, බුද්ධ සහස්සනාමාවලී නැමැති පාලි ගාථා ප්‍රබන්ධයක් කල එස් එම් ගොඑන්කා ජී තුමන් ද මෑත බුදු ගුණ ලෝකය හමුවේ හඩනාගා කියන්නට වෙහෙසුන අය අතරට අයත් වේ.

මහමෙවුනා අසපු නිර්මාතෲ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ

එසේම ඉතාමත්ම මෑත ලක්දිව පුරා පැතිරීගිය මහමෙව්නා භාවනා අසපු තුලින්ද අපගේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන බොහෝ ග්‍රන්ථයන් සම්පාදනය වී ඇත්තේ ය. එයින් උපාලි ගෘහපති තුමන්ගේ ප්‍රකාශය අලලා කරන ලද ග්‍රන්ථ හා බුදු ගුණ සරල සිංහලට පෙරලා ගොඩ නගන ලද කාව්‍යයන් බොහෝමයක් අපගේ සිත් තුල භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් උපදවනු ලබන්නේ ය.

මේ ඉහත සදහන් උතුම් ස්වාමීන් වහන්සේලා අතරින් නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධාන අනුසාසකත්වයෙන් නොඇසි , අභාවිතව යන මේ උතුම් බුදු ගුණ යලිත් සාමාන්‍ය ජනතාව අතර රැව් පිළිරැව් දීම පිණිසත්, ඒවා ගැන ගැඹුරින් විමසන අයට බුදු ගුණ සයුරෙහි කිමිදීම පිණිසත් , එම ගැඹුරු බුදු ගුණයන් සමාජගත කිරීම පිණිසත් තෙසැත්තෑඥාණ පුජා නමින් ආමිසමය බුද්ධ පුජාවක් ලෙස සමාජයට දායාද කරන ලදි.

මෙම තෙසැත්තෑ ඤාණ පූජාවේ මුලාරම්භය කිනම් අවධියකදී සිදුවුවාදැයි කිව නොහැකි මුත් වර්තමානයේ මෙම පුජාවන් පැවැත්වීම පිණිස ජනතාව පෙලගැසුනේ නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හා එම ඇසුරෙහි පසුවන භික්ෂුන් වහන්සේලාගේ ඇසුරින් බව කිව යුතුය.

මෙය උතුම් බුද්ධ වන්දනාවක් සේම බුදු ගුණ සජ්ඣායනා කිරීමේදී එයට සම්පුර්ණ අවධානය යොමු කොට සමාහිත සිතකින් එම පුජාවන්ට සම්බන්ධ විය හැකි නම් එවිට ඒ නිසා කියා ‍නිම කල නොහැකි සහන් සුවයක් හා අමිල වටිනාකමින් යුතු මහා පුණ්‍ය සම්භාරයක්ද රැස් කරගන්නට එය උපකාරවත් වෙනු ඇත. ජිවිතේ නොයෙක් දුක් කම්කටොලු මැද සියල්ල ඉවසා දරා සිටින්නට මහා බලයක් පිටුවහලක් ද වනු ඇත.

තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජාවේදී සජ්ඣායනය කරන බුද්ධ ඤාණ පිළිවෙලින් මෙසේය

1. සොතාවධානෙ පඤ්‌ඤා සුතමයෙ ඤාණං

2. සුත්‌වාන සංවරෙ පඤ්‌ඤා සීලමයෙ ඤාණං

3. සංවරිත්‌වා සමාදහනෙ පඤ්‌ඤා සමාධිභාවනාමයෙ ඤාණං

4. පච්‌චයපරිග්‌ගහෙ පඤ්‌ඤා ධම්‌මට්‌ඨිති ඤාණං

5. අතීතානාගතපච්‌චුප්‌පන්‌නානං ධම්‌මානං සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං

6. පච්‌චුප්‌පන්‌නානං ධම්‌මානං විපරිණාමානුපස්‌සනෙ පඤ්‌ඤා උදයබ්‌බයානුපස්‌සනෙ ඤාණං

7. ආරම්‌මණං පටිසඞ්‌ඛා භඞ්‌ගානුපස්‌සනෙ පඤ්‌ඤා විපස්‌සනෙ ඤාණං

8. භයතුපට්‌ඨානෙ පඤ්‌ඤා ආදීනවෙ ඤාණං

9. මුඤ්‌චිතුකම්‍යතාපටිසඞ්‌ඛාසන්‌තිට්‌ඨනා පඤ්‌ඤා සඞ්‌ඛාරුපෙක්‌ඛාසු ඤාණං

10. බහිද්‌ධා වුට්‌ඨානවිවට්‌ටනෙ පඤ්‌ඤා ගොත්‍රභු ඤාණං

11. දුභතො වුට්‌ඨානවිවට්‌ටනෙ පඤ්‌ඤා මග්‌ගෙ ඤාණං

12. පයොගප්‌පටිප්‌පස්‌සද්‌ධි පඤ්‌ඤා ඵලෙ ඤාණං

13. ඡින්‌නවට්‌ටමනුපස්‌සනෙ පඤ්‌ඤා විමුත්‌ති ඤාණං

14. තදා සමුපාගතෙ ධම්‌මෙ පස්‌සනෙ පඤ්‌ඤා පච්‌චවෙක්‌ඛණෙ ඤාණං

15. අජ්‌ඣත්‌තවවත්‌ථානෙ පඤ්‌ඤා වත්‌ථුනානත්‌තෙ ඤාණං

16. බහිද්‌ධාවවත්‌ථානෙ පඤ්‌ඤා ගොචරනානත්‌තෙ ඤාණං

17. චරියාවවත්‌ථානෙ පඤ්‌ඤා චරියානානත්‌තෙ ඤාණං

18. චතුධම්‌මවවත්‌ථානෙ පඤ්‌ඤා භූමිනානත්‌තෙ ඤාණං

19. නවධම්‌මවවත්‌ථානෙ පඤ්‌ඤා ධම්‌මනානත්‌තෙ ඤාණං

20. අභිඤ්‌ඤාපඤ්‌ඤා ඤාතට්‌ඨෙ ඤාණං

21. පරිඤ්‌ඤාපඤ්‌ඤා තීරණට්‌ඨෙ ඤාණං

22. පහානෙ පඤ්‌ඤා පරිච්‌චාගට්‌ඨෙ ඤාණං

23. භාවනාපඤ්‌ඤා එකරසට්‌ඨෙ ඤාණං

24. සච්‌ඡිකිරියාපඤ්‌ඤා ඵුසනට්‌ඨෙ ඤාණං

25. අත්‌ථනානත්‌තෙ පඤ්‌ඤා අත්‌ථපටිසම්‌භිදෙ ඤාණං

26. ධම්‌මනානත්‌තෙ පඤ්‌ඤා ධම්‌මපටිසම්‌භිදෙ ඤාණං

27. නිරුත්‌තිනානත්‌තෙ පඤ්‌ඤා නිරුත්‌තිපටිසම්‌භිදෙ ඤාණං

28. පටිභාණනානත්‌තෙ පඤ්‌ඤා පටිභානපටිසම්‌භිදෙ ඤාණං

29. විහාරනානත්‌තෙ පඤ්‌ඤා විහාරට්‌ඨෙ ඤාණං

30. සමාපත්‌තිනානත්‌තෙ පඤ්‌ඤා සමාපත්‌තට්‌ඨෙ ඤාණං

31. විහාරසමාපත්‌තිනානත්‌තෙ පඤ්‌ඤා විහාරසමාපත්‌තට්‌ඨෙ ඤාණං

32. අවික්‌ඛෙපපරිසුද්‌ධත්‌තා ආසවසමුච්‌ඡෙදෙ පඤ්‌ඤා ආනන්‌තරිකසමාධිම්‌හි ඤාණං

33. දස්‌සනාධිපතෙය්‍යං සන්‌තො ච විහාරාධිගමො පණීතාධිමුත්‌තතා පඤ්‌ඤා අරණවිහාරෙ ඤාණං

34. ද්‌වීහි බලෙහි සමන්‌නාගතත්‌තා තයො ච සඞ්‌ඛාරානං පටිප්‌පස්‌සද්‌ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසිභාවතා පඤ්‌ඤා නිරොධසමාපත්‌තියා ඤාණං

35. සම්‌පජානස්‌ස පවත්‌තපරියාදානෙ පඤ්‌ඤා පරිනිබ්‌බානෙ ඤාණං

36. සබ්‌බධම්‌මානං සම්‌මා සමුච්‌ඡෙදෙ නිරොධෙ ච අනුපට්‌ඨානතා පඤ්‌ඤා සමසීසට්‌ඨෙ ඤාණං

37. පුථුනානත්‌තතෙජපරියාදානෙ පඤ්‌ඤා සල්‌ලෙඛට්‌ඨෙ ඤාණං

38. අසල්‌ලීනත්‌තපහිතත්‌තපග්‌ගහට්‌ඨෙ පඤ්‌ඤා වීරියාරම්‌භෙ ඤාණං

39. නානාධම්‌මප්‌පකාසනතා පඤ්‌ඤා අත්‌ථසන්‌දස්‌සනෙ ඤාණං

40. සබ්‌බධම්‌මානං එකසඞ්‌ගහතානානත්‌තෙකත්‌තපටිවෙධෙ පඤ්‌ඤා දස්‌සනවිසුද්‌ධි ඤාණං

41. විදිතත්‌තා පඤ්‌ඤා ඛන්‌ති ඤාණං

42. ඵුට්‌ඨත්‌තා පඤ්‌ඤා පරියොගාහනෙ ඤාණං

43. සමොදහනෙ පඤ්‌ඤා පදෙසවිහාරෙ ඤාණං

44. අධිපතත්‌තා පඤ්‌ඤා සඤ්‌ඤාවිවට්‌ටෙ ඤාණං

45. නානත්‌තෙ පඤ්‌ඤා චෙතොවිවට්‌ටෙ ඤාණං

46. අධිට්‌ඨානෙ පඤ්‌ඤා චිත්‌තවිවට්‌ටෙ ඤාණං

47. සුඤ්‌ඤතෙ පඤ්‌ඤා ඤාණවිවට්‌ටෙ ඤාණං

48. වොස්‌සග්‌ගෙ පඤ්‌ඤා විමොක්‌ඛවිවට්‌ටෙ ඤාණං

49. තථට්‌ඨෙ පඤ්‌ඤා සච්‌චවිවට්‌ටෙ ඤාණං

50. කායම්‌පි චිත්‌තම්‌පි එකවවත්‌ථානතා සුඛසඤ්‌ඤඤ්‌ච ලහුසඤ්‌ඤඤ්‌ච අධිට්‌ඨානවසෙන ඉජ්‌ඣනට්‌ඨෙ පඤ්‌ඤා ඉද්‌ධිවිධෙ ඤාණං

51. විතක්‌කවිප්‌ඵාරවසෙන නානත්‌තෙකත්‌තසද්‌දනිමිත්‌තානං පරියොගාහණෙ පඤ්‌ඤා සොතධාතුවිසුද්‌ධිඤාණං

52. තිණ්‌ණන්‌නං චිත්‌තානං විප්‌ඵාරත්‌තා ඉන්‌ද්‍රියානං පසාදවසෙන නානත්‌තෙකත්‌තවිඤ්‌ඤාණචරියා පරියොගාහණෙ පඤ්‌ඤා චෙතොපරිය ඤාණං

53. පච්‌චයප්‌පවත්‌තානං ධම්‌මානං නානත්‌තෙකත්‌තකම්‌මවිප්‌ඵාරවසෙන පරියොගාහණෙ පඤ්‌ඤා පුබ්‌බෙනිවාසානුස්‌සති ඤාණං

54. ඔභාසවසෙන නානත්‌තෙකත්‌තරූපනිමිත්‌තානං දස්‌සනට්‌ඨෙ පඤ්‌ඤා දිබ්‌බචක්‌ඛු ඤාණං

55. චතුසට්‌ඨියා ආකාරෙහි තිණ්‌ණන්‌නං ඉන්‌ද්‍රියානං වසීභාවතා පඤ්‌ඤා ආසවානං ඛයෙ ඤාණං

56. පරිඤ්‌ඤට්‌ඨෙ පඤ්‌ඤා දුක්‌ඛෙ ඤාණං

57. පහානට්‌ඨෙ පඤ්‌ඤා සමුදයෙ ඤාණං

58. සච්‌ඡිකිරියට්‌ඨෙ පඤ්‌ඤා නිරොධෙ ඤාණං

59. භාවනට්‌ඨෙ පඤ්‌ඤා මග්‌ගෙ ඤාණං

60. දුක්‌ඛෙ ඤාණං

61. දුක්‌ඛ සමුදයෙ ඤාණං

62. දුක්‌ඛ නිරොධෙ ඤාණං

63. දුක්‌ඛ නිරොධ ගාමිනියා පටිපදාය ඤාණං

64. අත්‌ථ පටිසම්‌භිදෙ ඤාණං

65. ධම්‌ම පටිසම්‌භිදෙ ඤාණං

66. නිරුත්‌ති පටිසම්‌භිදෙ ඤාණං

67. පටිභාන පටිසම්‌භිදෙ ඤාණං

68. ඉන්‌ද්‍රිය පරොපරියත්‌තෙ ඤාණං

69. සත්‌තානං ආසයානුසයෙ ඤාණං

70. යමක පාටිහීරෙ ඤාණං

71. මහාකරුණාසමාපත්‌තියා ඤාණං

72. සබ්‌බඤ්‌ඤුත ඤාණං

73. අනාවරණ ඤාණං

ඉමානි තෙසත්‌තති ඤාණානි. ඉමෙසං තෙසත්‌තතියා ඤාණානං සත්‌තසට්‌ඨි ඤාණානි සාවකසාධාරණානි; ඡ ඤාණානි අසාධාරණානි සාවකෙහි. ඉමේහී තේ සත්තිතියා ඤාණේහි සමන්නාගතං සම්මාසම්බුද්ධං තං සිරසා නමාමී

තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේදී ඒ ඒ බුද්ධ ඤාණයන් මුද්‍රණය කර ඇති කොඩි භාවිත කරන අතර ඒ අසළින් බුද්ධ ප්‍රතිමාවක් තැබීමද සිදු කරනු ලබයි. මේ එක් එක් ඤාණයන්ට පූජාවන් පවත්වන අතර එහිදී අෂ්ට පාන, චතු මධුර ආදී ගිලන්පසද, මල්, සුවඳ දුම්, පහන් ආදිය මෙන්ම පිරිකරද පූජා කරනු ලබයි. පසුව ඉහත දැක්වූ එක් එක් ඤාණය සජ්ඣායනය කරමින් ඒ එක් එක් ඤාණයට පූජා ද්‍රව්‍ය පූජා කරනු ලැබේ.

ඉමහත් ශ්‍රද්ධාවකින් ගෞරවයකින් සිදු කළ යුතු මෙන්ම සිදු කරනු ලබන පිංකමක් ලෙස මේ පිංකම හැඳින්විය හැක. මෙබඳු පිංකමක් සංවිධානය කරනු ලබන පිංවතුන්ගේ හැකියාව මත කරනු ලබන පූජාවන් විවිධ මට්ටම්වලින් කළ හැකි බවද දැක්විය හැක.

කැලණිය තර්ක මැදුරේ සිසුන්ටද උසස් පෙළ විභාගය වෙනුවෙන් ආශිර්වාද පතා මේ පිංකම වාර්ෂිකව පැවැත්වෙන අතර දෙවෙනි වරටත් කැලණිය පෙතියාගොඩ පුරාණ විහාරයේදී පැවැත්වුණු තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේ ඡායාරූප මේ සමඟ ඇත.

එම පිංකම මෙහෙය වන ලද්දේ වාරණ ශාන්ත තපෝවනවාසී පූජ්‍ය එප්පාවල සාගර සුමන හිමිපාණන් වහන්සේය. මේ ලිපිය සැකසීම සඳහාද උන් වහන්සේගෙන් නොමඳ සහයක් ලැබුණු අතර ඒ වෙනුවෙන් උන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන අතරම උන් වහන්සේගේ ශාසනික කටයුතු තව තවත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.

මේ ලිපිය කියවා, ඡායාරූප දැක පහන් සිත් ඇතිකර ගැනීමට අන් අයට මග පෑදූ හරි අක්කාටත් පුණ්‍යානුමෝදනා එක් කරන අතරම මේ පිංකම සංවිධානය කළ කැලණිය තර්ක මැදුරේ දුලානි දිසානායක මහත්මියත්, හේමන්ත සරත්චන්ද්‍ර මහතා ඇතුලු සියලුම සිසුවියන්ටත්, දායක වූ සැමටත් පින් :)

සියලු දෙනා කරගත්තා වූ මේ උතුම් කුසල කර්මය නිර්වාණ මාර්ගය අවබෝධ වීමට හේතු වේවා, වාසනා වේවා.............

කැලණිය තර්ක මැදුරින් පෙතියාගොඩ පුරාණ විහාරයේ පවත්වන ලද තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේ ඡායාරූපවලට යන්න

මතුගම සුමග සමාධි අසපුවේ පැවැත්වුණු තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේ ඡායාරූපවලට යන්න

තෙසැත්තෑ බුද්ධ ඤාණවල අරුත සිංහලෙන් දැනගන්න

20 comments:

  1. වටින වාර්ථාවක් අයියේ නියමයි......

    ReplyDelete
  2. බොහෝම වටින ලිපියක්.මේ ගැන දැනුවත් කරාට ඔයාට පින්

    ReplyDelete
  3. ඔය බුද්ධ ඤාණ 73 සිංහල තේරුම දැනගන්න විදිහක් තියනවද?

    ReplyDelete
  4. නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්
    ත්‍රෛලෝක නාථ පාද පද්ම වන්දනා කරම්...
    ක්ලේෂ තාපයේ අනන්ත ‍වේදනා ජලේ..
    නෞකාව දම් අමා වදිම් නමා නලල් තලේ..
    දෑග සව් රහත් බුදුන් මා සිතින් පුදා..
    වන්දාමි සග රුවන් ගධින් මලින් බැතින් සදා..

    ReplyDelete
  5. බොහොම ස්තූතියි මල්ලී. ඒවගේම ගොදක් පින් ඔයාට. අර ලින්ක් එක නැතුව, ඔයාගේ ලිපියෙම තෙසැත්තෑ ඥාණ සිංහලෙන් ඉදිරිපත් කළා නම් ඔයාගෙ ලිපිය හුඟක් වටිනවා. ඒ නැතත් පාඩම් වැඩ කටයුතු අතරේ මේ ලිපිය සැකසුවට ඔයාට ගොඩක් පින්

    ReplyDelete
  6. අවසානය දක්වාම කියවපු , වටිනා ආගමික ලිපියක්.. කාලෙකින් බ්ලොග් අවකාශයේ දුටුවේ...

    ReplyDelete
  7. සාදු සාදු සාදු!!!
    මේ මහා පින්කම මමද සතුටින් අනුමෝදන් වෙමි!!!
    තෙරුවන් සරණයි෴

    ReplyDelete
  8. ගොඩක් වටින ලිපියක් මල්ලි

    ReplyDelete
  9. sashi,
    රහස් පරික්ෂකයා,
    පබලු,
    චතුරංග ජයවර්ධන,
    සුජානි.....,
    හරී - පිණිපළස,
    නදුන් උයන,
    Kaniskha Dilshan ,
    මධුරංග,

    අදහස් දැක්වූ සැමට ස්තුතියි. පූජාව දැක බලා සතුටු වූ ඔබටත් පින් සිදුවේවා......

    චතුරංග ජයවර්ධන,
    හරී - පිණිපළස,

    තෙසැත්තෑ බුද්ධ ඥානයන්ගේ සිංහල තේරුම් මේ සබැඳියෙන් ගොස් බලන්න

    http://buddhistvision.blogspot.com/2011/07/1.html

    ReplyDelete
    Replies
    1. මේ මම පුංචි කාලේ දහම් පාසැල් ගිය පන්සලනේ අදුරගන්නත් අමාරුයි දැන්නම්. යන්න ඕනේ වෙලාවක ඒ පැත්තේ. ලස්සන හිටිපිලිම වහන්සේ නමකුත් තියෙනවා දැක්ක පාර අද්දරට වෙන්න.

      Delete
    2. @ rvajee

      ඇත්ත තමා අක්කේ පෙතියාගොඩ පන්සල දැන් හුඟක් දියුණුයි. පාර අද්දරම අවුකන බුදු පිළිමේ අනුරුවක් තියෙනවා. බෝධි ප්‍රාකාරයක් අලුතින් නිර්මාණය කරලා තියෙනවා වගේම රන් වැටක් සවි කරලාත් තියෙනවා. අලුතින් ශ්‍රී මහා බෝධි අංකුරයකුත් රෝපණය කරලා තියෙනවා. පුරාණ විහාර ගේත් දැන් ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ආවාසයත් නවීකරණය කරලා තියෙන්නේ.

      ඔය ඔක්කොම ඉන්දසිරි නායක හාමුදුරුවන්ගේ උත්සහයේ ප්‍රතිඵල තමා. අක්කා ගිය දහම් පාසල පහුගිය අවුරුද්දේ අවුරුදු 100 සම්පූර්ණ කරලා ඒකටත් ලොකු උත්සවයක් තිබුණා.

      Delete
    3. ගොඩක් පින් විස්තර කිව්වට මල්ලි. මම දහම්පාසල් යන කලේ ඉන්ද්‍රසිරි ස්වාමින්වහන්සේ පන්සලේ පොඩි හාමුදුරුවෝ. ජයනාත sir තමයි විදුහල්පති හිටියේ. දැන් හිතා ගන්න පුළුවන් ඇතිනේ කොයි වගේ කලේද කියල. හරියටම කිව්වොත් 1985 ඉඳල 1990 වගේ වෙනකම්. දැන් අයෙත් ගිහින් බලන්න ආසයි. අපේ සීයල ගොඩක් කිට්ටුවෙන් පන්සල ඇසුරු කලා, දායක සභාවේත් හිටියලු එත් දැන් අපි ඉන්නේ කැලණියේ නෙවෙයි නිසා ඒ පැත්තේ යනවා අඩුයි. අනිවාර්යෙන්ම වෙලාවක පන්සල පැත්තේ යන්න ඕනේ.

      Delete
  10. තේරෙනවා හොරයිනෙ බන්..

    ReplyDelete
    Replies
    1. @ හරී

      නොතේරුණු හරිය කියමු බලන්න, මට පුලුවන් විදිහට තේරුම් කරලා දෙන්න

      Delete
    2. මට තේරුනේ මේවා බුදුන් වහන්සේගේ බුදුගුණ.. ඔය විදිහට එක එක සඡ්ජායනය කරනවා කියන එකයි.. මෙහෙම කරන්නේ ඇයි? ලැබෙන ආනිශංස මොනාද තේරුනේ නෑ..

      සිංහල ලිපියත් බලන්න පර්මිශන් නෑ..

      Delete
    3. @ හරී

      ඔයාට තේරිලා තියෙනවා. මේ ඤාණ බුදුන් වහන්සේ සතු වුණු විශේෂ ඤාණ 73 ක්. එතකොට ඒ ඒ ඤාණයට උපහාර පැවැත්වීමක් තමා මේ පිංකම හරහා සිදුකෙරෙන්නේ. ඒ කාර්යයේ අරමුණ ගත්තොත් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ බුද්ධ ශක්තිය තවමත් විශ්වයේ පවතින බව අපි විශ්වාස කරනවා.

      ඒ අනුව බුද්ධ ඤාණයන්ට පුද පූජා පැවැත්වීම එක් අතකින් බුදුන් වහන්සේට කරන උපහාරයක්. ඒ වගේමයි ඒ හරහා ආශිර්වාදයක් ලබාගැනීමත් අපේක්ෂා කරනවා. විශේෂයෙන් බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිවීමත් මේ හරහා සිදුවෙනවා.

      සිංහල ලිපිය ඒ දවස්වල බලන්න පුලුවන්කම තිබුණා. දැන් ඒක මටත් බලන්න බැහැ. මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන් අයියේ...

      තෙසැත්තෑ නුවණින් බබළන මහා කාරුණිකයාණන් වහන්සේ…

      Delete
  11. මහමෙව්නාවෙ කරන්නෙ බිස්නස් එකක් ..මහම්ව්නාව කියන්නෙ කල්ට් එකක් - kishan -

    ReplyDelete
  12. මේ කරගත් පිනෙන් වහ වහාම ධර්මාවබෝධ වේවා

    ReplyDelete
  13. මමත් ඉතාම සතුට සිටින්නේ මේ පින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු !!!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................