Tuesday, September 20, 2011

මිහස පත්තරේ


අපේ Campus එකේ Peace and Conflict Resolution කරන කොල්ලෝ කෙල්ලෝ set එක මේ දවස් ටිකේ එක දිගට Gym Canteen එකට වෙලා බර කයියක්. මාත් එතනින් යන ගමන් නිකමට ඔළුව දාලා බලද්දී තමයි මේ වැඩේ ගැන දැනගත්තේ.

අපේ Peace set එක ලංකාවේ තියෙන තව Campus කීපෙකම ඉන්න කොල්ලෝ කෙල්ලෝ එක්ක එකතු වෙලා මිහස සංවිධානය හදාගෙන තියෙනවා. මිහස කියන්නේ කෙටියෙන්, දීර්ඝව කිව්වොත් මිනිස් හදවත් සනහමු. මෙන්න මේ අදහසත් එක්ක යන අපේ set එකගේ කතාව මෙන්න මෙහෙමයි.

".............අපි ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිසා campus ඇවිල්ලා ඉගෙන ගන්න කෙල්ලෝ කොල්ලෝ ටිකක්. අපේ කවුරුත් රෝස මල් යහනා උඩින් BMW වලින් කැම්පස් වැඩම කරපු අය නෑ..........

හරිම සාමාන්‍ය අම්මලාගේ තාත්තලාගේ එක එක විදිහේ දුක විඳලා අද එකම තැනකට ඇවිල්ලා ඉන්නේ. මේ පොඩි ජීවිත කාලෙදී එකිනෙකා ගත කරපු ජීවිත එක එක විදිහයි. හැමෝම ජීවත් වෙන්න ඔයා වගේම හොඳ කට්ටක් කාපු අය.


ලංකාවේ අද දවසේ උපාධිකාරයන්ට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. හොඳට හෝ නරකට හරි ඒකේ අපිත් කොටස්කාරයෝ වෙලා. මේ ජීවිතේ හීනවලින් පුරෝගෙන... පුංචි කාලේ ඉදලාම එහෙමයි. කොච්චරක් නම් හීන හිතේ තියාගෙනද මේ පාරක් පාරක් ගානේ බස් එකක් බස් එකක් ගානේ කඩයක් කඩයක් ගානේ ජීවිතේ දිගේ අපි ඇවිදින්නේ.


ඒ හීන එකින් එක හැබෑවෙන්නත් කලින් එකින් එක දුරස් වෙනකොට ඇස් දෙකට කදුළු පුරෝගෙන අපි අපිම ගැන දුක් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියලා දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙන්න ඔහේ බලාගෙන ඉන්න ඔයාටත් හිතුණද ?


මෙන්න මේ වගේ ප්‍රස්තුතයක් එක්ක තමා මිහස ගොඩනැගෙන්නේ.........


ඉපදිච්ච එකේ ණය මේ මහ පොළවට ගෙවන්න සූදානම් අපේ යෞවනය වෙනුවෙන් කැප වෙන්න මිහස සූදානම්....


දැනුම් සමාජයට නව නිර්මාණශීලී පරිකල්පනය තියෙන අලුතින් හිතන අලුතින් හැදෙන යෞවන පරම්පරාවක් තමා මේ. පරක්කු වෙන්න වෙලාවක් නැහැ. කාලය වේගයෙන් ගෙවෙනවා. හැම තත්පරයක්ම අපට වටිනවා.


මිනිසත්කම, ආදරය දෝතින් අරගෙන මිනිස් හදවත් සනසමු කියන පැතුමත් එක්ක මිහස කටයුතු කරනවා. අප මිනිසුන් තැනිය යුත්තේ අප සමඟ යාමට නොව අප පසු කර යාමටය අපි දන්නේ එහෙමයි............."


මෙන්න මේ set එකේ අලුත්ම වැඩේ තමා මේ අදහස් සන්නිවේදනය කරන්න මිහස නමින්ම පුවත්පතක් නිකුත් කරන එක.

ජාත්‍යන්තර සාම දිනය යෙදෙන සැප්තැම්බර් 21 වෙනිදා කොළඹ 7 ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී උදේ 8.30 මේ පුවත්පත හා හා පුරා කියලා නිකුත් කරන්න තමා මෙයාලගේ අදහස.


මෙදාට ප්‍රධාන දේශනය සිද්ධ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය සරත් කොටගම මහතා.

ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය දයා එදිරිසිංහ මහතාත් කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යනාංශයේ අංශාධිපතිනි මහාචාර්ය නයනි මැලගොඩ මහත්මියත් කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ කථිකාචාර්ය ඉන්දික පෙරේරා මහතාත් මේකෙදී දේශන පවත්වන්න නියමිතයි.

අලුත් විදිහට හිතන රටේ අනාගතය බාරගන්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ කරන වැඩකට අත හිත සවිය දෙන්න කැමති හැමෝටම සාදරයෙන් ආදරයෙන් ආරාධනා කරනවා සැප්තැම්බර් 21 වෙනිදා උදේ 8.30 කොළඹ 7 ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයට එන්න කියලා.

ඔයාලට එන්න කියන්නේ Hall එක පුරවන්න, පුටු පුරවන්න නෙමෙයි. ඔබේ පැමිණීම ඇත්තටම වැදගත් නිසාමයි…………..



මිහස වෙබ් අඩවියට http://mihasayouthforpeace.org/

13 comments:

  1. මිහස අපි කැම්පස් ඉන්න කාලෙත් තිබ්බා නම්....
    හොද වැඩක් !!!
    ජය පතනවා.

    ReplyDelete
  2. සුබපැතුම් . එන්න බැරි වුනත් වැඩේ සාර්ථක වෙන්න පතනවා

    ReplyDelete
  3. නියම වැඩක් අයියේ .....
    සුභ පැතුම්....!

    ReplyDelete
  4. අලුත් වැඩේට සුභ පැතුම් !!!!

    ReplyDelete
  5. @රහස් පරික්ෂකයාඔයා සාමාන්‍යෙන් මොන වගේ රහස්ද පරීක්ෂා කරන්නේ?

    ReplyDelete
  6. හ්ම්ම්... හොඳ වැඩක්.. කැම්පස් එක පැත්තෙ ටික දවසකින් එන්නත් බැරි උනා. කරදර ගොඩක් ආව නිසා. ආපු ගමන් මිහස ගැනත් හොයන්න ඕන.

    ReplyDelete
  7. හොද වැඩක් බව පේනවා. සුභ පැතුම්.

    ReplyDelete
  8. නියම වැඩක් වගේ. සුභ පතනවා.

    ReplyDelete
  9. සුභ පැතුම්......!!!! එන්ට නම් බැහැනේ ඉතින්.......

    ReplyDelete
  10. පොඩි කුමාරිහාමිට මොකද්ද රහසක් තියෙනව වගේ පරීස්සා කොර ගන්න

    ReplyDelete
  11. @Observer,

    අය්යෝ ඔයා වැඩේ කෑවා....:D:D:D

    ReplyDelete
  12. සුභ පැතුම් එක් කරපු හැමදෙනාටම මිහස වෙනුවෙන් ස්තුති කරනවා :))

    ReplyDelete
  13. මිහස වෙබ් අඩවියට

    http://mihasayouthforpeace.org/

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................