Tuesday, September 13, 2011

නිකම් කතා තුනක්

පෙරේදා ඒ කියන්නේ ඉරිදා අපේ Logic Class ආපු නංගි කෙනෙක් class එක ගැන යොවුන් නවකතා පොතක් ලියලා ඒකේ Book Launch එක තිබුණා. ඒකට අපි හැමෝටම invite කරලා තිබුණු නිසා අපි මිස්ලගේ ගෙදරට set වුණා.

එතකොට ලේසියිනේ. මිස් එක්කම car එකේ ගම්පහ Book Launch එක තිබුණු hall එකට යන්න පුලුවන්නේ :)

මිස් car එකෙන් තන්තිරිමලේ කුඹුරක් හාපු හැටි

ආහ් මිස්ගේ car එක කිව්වාම මතක් වුණේ ඒ car එක ගැන ඔයාලා දන්නවා. අර අර තන්තිරිමලේ ගිහින් කුඹුරක් හෑවේ අන්න ඒ car එකෙන් තමයි :))

ඉතින් Book Launch එකට යන එන අතර තුර අපි කීපදෙනායි මිස් සහ සර් අතර වුණු කතා තුනක් තමයි මේ.....

------------------------------------------------------------------------------------------------

කතා අංක 1


මම : මිස් දන්නවාද මට දැන් Phone එකට දෙරණ newa alert එකක් ආවා. ලංකාවේ මිනිස්සු 40 ක් හොරෙන් ඕස්ට්‍රේලියාවට පනින්න යද්දී Navy එකෙන් අල්ලගෙන......

මිස් :කොහොමද එවුන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිහින් තියෙන්නේ ?? උඩින්ද ???

මම : උඩින් යන එවුන්ව කොහොමද මිස් මුහුදේ ඉන්න Navy එකෙන් අල්ලන්නේ :)) ඔන්න මුහුදෙන් පනින එවුන්ව නම් අල්ලයි :))

----------------------------------------------------------------------------------------------

කතා අංක 2



Book Launch එකට එන්න කියලා අපිට call කරලා තමයි එන්න කිව්වේ. ඉතින් Invite කරන එක එක විදි ගැන කතාවක් ඇදිලා යද්දී තමා මේ කතාවට ආවේ.......

සර් : නුවර පැත්තේ නම් ආරාධනාවක් ලැබෙන්නේ නැතුව මොකක් හරි එකකට ගියාම කෙළින්ම මූණටම අහනවා "මොකද මේ පැත්තේ ආවේ උවමනාවකටද ?" කියලා

ගිහාන් : එහෙම අහද්දී ඉතින් වළක් කපාගෙන පනින්න තමයි හිතෙන්නේ නේද සර්

මම : හැබැයි ඉතින් අපිට මෙහෙමත් කියන්න පුලුවන් චාටර් වෙන්නේ නැතිවෙන්න. එහෙන් අහද්දී "මොකද මේ පැත්තේ ආවේ උවමනාවකටද ?" කියලා කියන්න තියෙන්නේ "නෑ මේ උදැල්ලක් ඉල්ල ගන්න ආවේ" කියලා.

එතකොට උනුත් බලනවානේ මූ මොකටද උදැල්ල ඉල්ලන්නේ කියලා. ඊට පස්සේ කියනවා "නෑ මේ පොඩි වළක් කපාගෙන ඒකට පනින්න" කියලා :))

----------------------------------------------------------------------------------------------

කතා අංක 3


Book Launch එක ඉවරවෙලා ආපහු ගෙදර යද්දී සර් එක පාරටම car එක නැවැත්තුවා. අපිත් එක පාරටම ගැස්සුණා මොකද සර් හදිසියේම කාර් එක නැවැත්තුවේ කියලා..........

සර් : බබා දැක්කද deepest sympathy බැනර් එක. අපි මේ මළ ගෙදරට පොඩ්ඩක් ගොඩවෙලා යමු

මිස් : පිස්සුද බබා ඔයා මේ මනුස්සයාව දන්නවා ???

සර් : නෑ බබා මම මේ නිකමට කිව්වේ [ සිනා :)) ]

ගිහාන් : යමු යමු සර්. අපි ඇඳන් ඉන්නෙත් සුදු ෂර්ට්නේ. අද තමයි දවස

සර් : ඒක නෙමෙයි ඇත්තටම මම මළ ගෙදරකට වැරදිලා ගිහින් තියෙනවා. පස්සේ තමයි දැනගත්තේ මම යන්න ඕනේ මළ ගෙදරට තව ටිකක් දුර යන්න ඕනේ කියලා :))

------------------------------------------------------------------------------------------------

ප.ලි.: අපේ Logic Class එකේ තව හොඳ හොඳ කතා කියවන්න කැමති නම් යන්න Logic Class කතා

ප.ප.ලි.: ඉදිරියේදී පළවීමට නියමිත කතා ලැයිස්තුව මුහුණු පොතට එක් කළෙමි. හුදී පහන් ජන සංවේගයට මෙයටද එක් කරමි :))

1. සඟ රස බස් - 3
2. තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජා පිංකම
3. මහින්දාගමනයට මහා shot එකක්


Bindi අක්කා
කිව්වා හරිය. ලිස්ට්වලට කතා ලිවීම අපහසුය :))

රස කැමැත්තෝ රස විඳිත්වා..........

30 comments:

  1. ඔන්න මලයා ආයේ ට්‍රැක් එකට වැටිලා . ඔහොම තමයි ජිවිතේ හැම මොහොතක්ම කතාවක් . එක්කෝ දුක හිතෙන කතා ..සතුටු කතා ..හිනා කතා . ඒ කතා අනික් යටත් රස විඳින්න ලියන එක තමයි අමාරු වැඩේ . ලැබිල තියෙන ඒ හැකියාව ගැන සතුටු වෙන්න මල්ලි. මම වඩාත් කැමති උදලු කතාවට ඔන්න

    ReplyDelete
  2. ඔන්න මමත් එවන්නම් පණිවිඩයක් මූණු පොතට,,, මට උවමනාම දැන ගන්න තෙසැත්තෑ ඥාණ පූජාව කෙරෙන හැටි, පුජා භාණ්ඩ වගේ දේවල්,

    ReplyDelete
  3. වැරදිලා මල ගෙවල් වලට අපිත් ගිහින් චාටර් වෙලා තියෙනවා හයියෝ..

    ReplyDelete
  4. හපොයි........... සර් දකින දකින මළ ගෙදර යනවද..... හික්ස්...............

    නියම කතාව.... :D

    ReplyDelete
  5. මලයා ,උදැල්ලක් නැතෙයි ,ඉල්ලගන්න ඩින්ගිත්තකට ?

    ReplyDelete
  6. [ මිස් :කොහොමද එවුන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිහින් තියෙන්නේ ?? උඩින්ද ??? ]

    මේ අර ලොජික් උගන්නන මිස්ද ?

    ReplyDelete
  7. මාත් වැඩිය කැමති උදලු කතාවට....

    ReplyDelete
  8. මිස් අර උඩින් යද්දිද කියලා අහද්දි වලක් හාරගෙන යන්න හිතුනේ නැද්ද?

    ReplyDelete
  9. මල ගෙවල් යද්දි උන ඒවනං පොතකට ලියන්නැහැකි. ඒ දවස්වල ඉතින් මල ගෙවල් නැත්තං එකෙක් මරල හරි යන සයිස් එකකනෙ හිටියෙ.

    නේවි කතාව උපරිමයි!!

    ReplyDelete
  10. මං රැකියාව කළ පාසල අසළ නාවික හමුදා කඳවුරක් තිබ්බා, එහෙ නාවික භටයො ගුවන් හමුදාවට පුහුණු කරනව මං එහෙදි හැබැහිං දැක්ක !!!

    ReplyDelete
  11. මිසුයි , සරුයි නියම ගෝලයො ටිකයි. නියම කතා 3.

    ReplyDelete
  12. නියමයි නියමයි.. මිසුත් එකයි ළමයිනුත් එකයි. ඒ ඔක්කොටම වඩා සර් මරු. :D

    ReplyDelete
  13. @Bindi

    ඒක තමා අක්කේ. උදළු කතාව හොඳට අල්ලලා ගිහින් වගේ. කවුරුත් ඒකට උදැල්ල දාලා තිබ්බේ නැහැ :))

    ReplyDelete
  14. @හරී - පිණිපළස

    අක්කාගේ ගැටළුවලට විසඳුම් ඇතුලත් ලිපිය මේ සතියේ සෙනසුරාදා පළවීමට නියමිතය :)

    ReplyDelete
  15. @හා පැටික්කි (MS)

    මිස්ව පොඩ්ඩක් කේන්ති ගස්සන්න තමා එහෙම කළේ :))

    ReplyDelete
  16. @සිතුවිලි මණ්ඩිය

    අයියණ්ඩි මේ පැත්තේ ආවේ ආරාධනාවක් නැතුවද ???

    ReplyDelete
  17. @Chanaka Aruna Munasinghe

    ආහ් මිස් කියන සැණින් කට්ටිය මිස්ව අඳුරනවා වගේ :))

    ReplyDelete
  18. @Prasanna

    වල හාරන කතාව ඇදිලා ආවේ ඊළඟටනේ :)

    ReplyDelete
  19. @ඉන්දික උපශාන්ත

    අම්මෝ බයේ බැහැ. මෙයා උපශාන්ත නෙමෙයි "මරුශාන්ත" නේ :))

    ReplyDelete
  20. @හරී - පිණිපළස

    හැබැයි ඉතින් උඩු ගුවනේ මිෂන් කරනවා ඇත්තේ ගුවන් හමුදාවේ ඇත්තො විතරක් වෙන්න ඇති නේද ???

    ReplyDelete
  21. @රහස් පරික්ෂකයා

    ඒක ගැන නම් කියන්න දෙයක් නැහැ. අමූලික ඇත්ත :))

    ReplyDelete
  22. @හංසි

    ඒක නිසාමයි ඒ දෙන්නාම අපිට හුඟාක් සමීප, ලෙංගතු :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................