Saturday, September 10, 2011

වානගුරු සර්

Science Class එකේ ඉදන් Arts Class එකට නික්මන් කළාට පස්සේ Arts Sectional Head ෂ්‍යාමෙන් මිස් Arts Subjects categorize කරලා තිබුණු කොළයක් මට දීලා ඒ category තුනෙන් කැමති subjects 3 ක් තෝරගන්න කියලා කිව්වා.

මුල්ම category එකෙන් මම හුඟක් කැමති History ත් දෙවෙනි category එකෙන් කලු කපුටෝ සුදු කරන Logic ඒ වගේම අන්තිම category එකෙන් මටත් දේශපාලනේ කරන්න පොඩියට වගේ idea එකක් තියෙන නිසා Political Science ත් තෝරගත්තා.

Political Science එහෙමත් නැත්නම් දේශපාලන විද්‍යාව period එක වෙලාවට අනිත් periods එහෙම කට් කරන අපේ අයියලා ටිකත් ඔක්කොම වගෙ පංතියේ හිටියා. මට තේරුණා සර් නම් පොරක් බව. Period එක වෙලාවට කට්ට කලු හැබැයි පට්ට සුදු දත් ටිකක් තියෙන වානගුරු සර් පංතියට ආවා.

වානගුරු සර්

පාඩම් කියල දෙන විදිහත් සර්ගේ නියමයි. මගෙන් ප්‍රශ්න දෙක තුනක් අහලා මට ලියාගන්න බැරිවුණු notes එහෙමත් සම්පූර්ණ කරගන්න කියලා සර් කිව්වා. පංතියේ set එකෙන් දැනගන්න ලැබුනු විදිහට සර් NCC Captain කෙනෙක්. අලුතින් ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ. ශිෂ්‍ය භටයන් භාරව ඉන්නෙත් සර්ම තමා.

ඉතින් A/L කරපු අවුරුදු දෙකේ රසවත් සිද්ධි බොහොමයි. කොල්ලෝ සර්ට දාලා තිබුණු කාඩ් එක තමයි ඩැඩී. මොකද සර්ගේ නමේ මුල් අකුරු තුන තමයි D.A.D . ඒ වගේම ආදරේට වගේ "වානේ" කියලා නම කෙටි කරලත් කිව්වා.

සර් හැමෝටම එකම හැන්දෙන් තමා බෙදුවේ. පංතියේ ඉන්න කොච්චර දක්ෂ ළමයෙක් වුණත් වැරැද්දක් කළොත් දඬුවම් දෙන එක සර් කළා. මට ඒක හොඳටම මතක පංතියේ Political Science වලට හෙණම මීටරෙන් හිටිය ඕෂධිටත් මොකක් හරි සීන් එකකට දඬුවම විදිහට ඩෙස්ක් එක යටට රිංගන්න කියපු එක.

පංතියේ සර්ත් එක්ක කිසි ගේමක් නැතුව හොඳට ඉන්න නම් කරන්න තිබුණේ එකම එක දෙයක් "සර් පාඩම ඉගැන්වුවාම හොඳට ප්‍රශ්න අහන්න ඕනේ" ඒ method එක දැනගෙන හිටිය අපි කීප දෙනෙක්ම සර් එක්ක හොඳට හිටිය කිසි අවුලක් නැතුව.

එක පාරක් term test එකේ political science paper එක වෙලාවේ සර් පංතියේ ඉද්දිම මම මගේ එහා පැත්තේ හිටිය එකාට MCQ උත්තර ටික පෙන්නුවා.

පහුවෙනිදා උදේම සර් ඇවිත් අපි දෙන්නට කතා කරලා කියනවා "හසිතගෙත් MCQ paper එකේ 38 ක් හරි, අකලංකගෙත් MCQ 38 ක් හරි. හසිතගේ 14, 25 ප්‍රශ්න වැරදියි, අකලංකගෙත් ඒ ප්‍රශ්නම වැරදියි. මෙතන වුණේ මොකක්ද කියලා මම අනිවාර්යයෙන් හොයලා බලනවා" කියලා.

පස්සේ ඉතින් ඇත්තටම වුණු සිද්ධිය අකලංක සර්ට කිව්වා. පස්සේ සර් කියනවා "මට කේන්ති උඹලා දෙන්නා කොපි කරපු එකට නෙමෙයි. මෙතන මම පංතියේ ඉද්දිම උඹලා දෙන්නා මගේ කනෙන් රිංගලා මේ වැඩේ කරපු එකට" කියලා :))

කොහොම හරි අන්තිම දවස්වල අපි ඉස්කෝලේ යන්නෙත් නැහැනේ. සර් ගෙදරත් අපේ ළමයින්ව තියාගෙන ඉගැන්නුවා. මට නම් ඒවාට යන්න වුණේ නැහැ. මොකද මම කියලත් ඇති අපේ Logic මිස්ගේ නේවාසික පාඨමාලාවත් මට සෙට්වෙලා තිබුණනේ.

අපේ අන්තිම parents meeting එකේදී සර් අපේ තාත්තත් එක්ක මට පලු යන්න බැන්නා මම ඒ classes වලට ආවේ නැහැ කියලා. කොහොම හරි A/L Political Paper එක ලියලා ඉවරවෙලත් මම මුලින්ම සර්ට කතා කරලා paper එක ගැන විස්තරේ කිව්වා.

සර් ගැන මට තියෙන සොඳුරුම මතකය ගැන තමයි මේ කියන්න යන්නේ. මට උගන්වපු හැම ගුරුවරයෙක්ටම මම පොඩි තෑග්ගක් දුන්නා. තෑග්ග තමයි E.R. බ්‍රේත්වෙට් ලියපු To Sir with Love පොතෙන් මුදිත ගුණතිලක සිංහලයට පරිවර්තනය කරපු "ගුරු තරුව ඔබයි" පොත. මේ පොත ගැන මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. කැමති නම් කියවලා බලන්න.

To Sir with Love පොතෙන් තැනුණු චිත්‍රපටිය

ඒ වගේම මම පොතේ මුල් පිටුවේ පොඩි නිසඳැසකුත් ලියලා තිබුණේ.

පිපෙන්නට ළං වූ
මල් කැකුළකට
උපකාරයක් වූ
හිරු කිරණක් මෙන්
ජීවිතයේ බාධක මැද
අභියෝග මැද
ජයග්‍රහණය කර යන්නට
ඔබෙන් ලද මඟ පෙන්වීමට
ඔබට පිදෙන ප්‍රණාමයි
දයාබර ගුරු පියාණෙනි

ඒ දවස්වල ඒ කියන්නේ After A/L කාලේ අපි Senior Prefectsලා විදිහට ඉස්කෝලේ ඉන්න කාලේ. පොත දීලා දවස් දෙක තුනකට පස්සේ මට වානගුරු සර්ව හම්බුණා.

සර් කිව්වා "හසිත මෙච්චර කාලෙකට මගේ ගෝලයෙක්ගෙන් මට හම්බුණු අමතක නොවෙන තෑග්ගක් තමයි ඒ පොත. මම ඒක එක හුස්මට කියෙව්වා. ඇත්තටම වටින කියන පොතක්. මම ඒක Principalටත් ගිහින් දුන්නා කියවන්න. මගේ ගෝලයක් මට දීපු තෑග්ගක් කියලා"

පස්සේ A/L Results ඇවිත් මට Law Faculty යන්න පුලුවන්කම තියෙද්දිත් කැලණි Campus එකේ History කරන්න යන්න හදන එක ගැන සර් හුඟාක් දුක් වුණා වගේම දවසක් සර් පංතියක උගන්වන වෙලාවක මට එන්න කියලා පංතියේ ළමයින්ටත් මගේ කතාව කියලා මාව හුඟාක් වර්ණනා කළා.

අර කලින් කතාවේ ඉතුරු ටික වගේම හොඳම ටික තමයි මේ.

දවසක් ඕෂධී [අර ඩෙස්ක් එක යට රිංගලා හිටිය පොර] කතා කරලා කිව්වා. වානගුරු සර්ව දෙහිවල දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට transfer කරලා. සර් තමයි දැන් ඒ ඉස්කෝලේ අලුත් Principal කියලා.

මම සර්ට wish කරන්න call එක ගත්තාම සර් කිව්වා "මම හසිතට කතා කරන්න හිටියේ. අලුත් ඉස්කෝලෙට ගිහින් තමා දවස් තුනයි. ඉස්කෝලට ගිය මුල්ම දවසේ මම Staff meeting එකක් ගත්තා.

ඒකෙදී ඔයා මට දීපු පොත පෙන්නලා, ඒ පොත මට දීපු ගෝලයා ගැනත් කියලා හැම ගුරුවරයෙක්ටම ඒ පොත අනිවාර්යයෙන්ම හොයාගෙන කියවන්න කියලා මම කිව්වා"
කියලා......

ගෝලයෙක් විදිහට මට ඇත්තටම ඒ කතාව අහපුවාම හරිම සතුටුයි :)

ඉතින් තව තවත් දැයේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්න සර්ට හැකිවෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා

සර් අලුත් ඉස්කෝලේ කරන වැඩ ගැන මේ එකෙන් දැනගන්න පුලුවන්

http://www.dehiwalacentral.edu.lk/

ප.ලි.: හදිසියේම මේ කතාව කියන්න මතක් වුණේ මගේ අම්මත් ගුරුවරියක්. අම්මලාගේ ඉස්කෝලේ ළමයි ගිය අවුරුද්දක් ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්මලාටත් දීලා තිබුණේ ඒ පොත. ඒක මේ ළඟදී කියෙව්වා. ඒකත් එක්කම ඒ පොතත් එක්ක බැඳුණු මගේ සුන්දර මතකයත් සිහිය ආවා.................

ප.ප.ලි.: ලියන්නම් කියලා කිව්ව කතා list එකෙන් පිට කතාවක් තමයි මේක. මහින්දාගමනය film එක ගැන post එක ලියලා ඉවරයී. ඒකේ තියෙන අඩුපාඩු ටික හරියටම නිවැරදි කරගත්තාට පස්සේ ඒක publish කරන්නම්.

තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජා පිංකම ගැන විස්තර ඔක්කොම හොයාගෙන තියෙන්නේ. post එක ලියන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ඔක්කෝම comming soon :))

මුට මොකද වුනේ කියලා කීප දෙනෙක් හොයලත් තිබ්බා. ඒ හැමෝටමත් පින් :)

35 comments:

  1. මට ඔය පොත ගැන තියෙන්නෙ බොහොම දුක් බර මතකයක්. මට ආපහු කවදාවත් ඔය පොත කියවන්න බැරි වේවි..

    ReplyDelete
  2. සුපිරි ලිපියක්. මටත් පෝස්ට් එකකට ලියන්න කථාවක් මතක් උනා....

    නොලියන එක තමයි කාලා ඉන්න බැරි... දිගටම ලියන්න මල්ලි...

    ReplyDelete
  3. පොත නම් කියවල නෑ බං.... චිත්‍රපටියනම් සුපිරි එකක්. ඒ කියන්නෙ පොත ගැන කියන්න දෙයක් නෑනේ...

    උඹට දැණෙන සතුට ගැන සතුටුයි!

    ReplyDelete
  4. පොත කියවල නැහැ, චිත්‍රපටය බලල රස වින්ද කාලෙකට පෙර....

    ReplyDelete
  5. @Chamika

    කැමති නම් ඒ කතාව කියන්න පුලුවන් මිත්‍රයා.......

    ReplyDelete
  6. @අභීත

    ස්තුතියි අයියා දිරිගැන්වීමට. මටත් පෝස්ට් එකක් ලියන්න කතාවක් මතක් වුණා කිව්වේ කාට හරි මඩක්ද :))

    ReplyDelete
  7. @hare :-)

    ඒක ඇත්ත අයියා. ෆිල්ම් එක ආයි හදන්න යන සීන් එකකුත් මම කොහෙන් හරි දැක්කා වගේත් මතකයි

    ReplyDelete
  8. @Observer

    මමත් ෆිල්ම් එක බැලුවා. ඒකෙන් ආයි ෆිල්ම් එකක් හදන කතාවකුත් දැක්කා වගේ මතකයි

    ReplyDelete
  9. මේ පොතේ ප්‍රකාශකයා කවුද ?

    ReplyDelete
  10. @Chanaka Aruna Munasinghe

    සිංහල පොතේ ප්‍රකාශකයා විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

    ReplyDelete
  11. මම මේ චිත්‍රපටියනම් බැලුවා. අපූරුයි. ඒ වගේම, මෙතරම් සිසුන්ට ආදරෙන් උගන්වන ගුරු මව්පියවරු ගැන අහන්නත් සතුටුයි. ඔවුන්ගෙ අගය දන්න සිසු පිරිසක් ඔවුන් ලැබීමත් වාසනාවක්.

    ReplyDelete
  12. මෙන්න ''ගුරු වරු ''. ඇත්තටම අපිට උගන්නපු ගුරුවරුන්ගෙන් ඔයවගේ මතකයක් ඉතුරු කරපු කීප දෙනයි නේද ඉන්නේ . එක එක්කෙනාගේ හැකියාව. පොත නම් බැලුවේ නැහැ මල්ලි. ෆිල්ම් එක නම් බැලුවා . අපුරුයි. මේ ගුරුපියාටයි එයාගේ ඔය ගෝලයටයි අපේ සුබ පැතුම්. ලිස්ට් එකක් හදන් ලියන එක ටික අමාරුයි නේද ..මොකද ජීවිතය දවසින් දවස අලුත් වෙන නිසා . එච්චර නොහිතා හිතුන වෙලාවට ඒ ඒ දේවල් ලියන්න . මගේ පරණම සහ ගම පළාතේ බ්ලොග් කරුවා අමතක වෙන්නේ නැහැ .

    ReplyDelete
  13. මගේ තාත්තාත්, නැන්දාත්, බාප්පාත්, පුංචි අම්මාත්, ආච්චීත්, සීයාත්, නැන්දම්මාත්, මල්ලීත් ගුරුවරු.

    මාත් විශ්ව විද්‍යාල ගණනාවක අවුරුදු ගණනාවක් ඉගැන්නුවා.

    ගුරුවරු තියා කවුරුන්ව වුනත් අදහන්න යන්න හොඳ නෑ!

    ReplyDelete
  14. මේ පාර ප්‍රදර්ශනෙන් ගන්න ඕනෙ පොත. අහලා තිබුනට කියවල නෑනෙ.

    ReplyDelete
  15. ගුරු මව්වරු හා ගුරු පියවරු......... දැන් නම් ඔහොම අය අඩුයිනේ..... ටියුෂන් කඩකාරයොනේ වැඩි.......

    මටත් ඔහොම ගුරුපියාණන් කෙනෙක් හිටියා. ඇත්තටම මං කරන දෙයක් කරන්න කලින් දැකපු හැටියේ කියන්න පුලුවන්. තාත්තා වගේ තමා.....

    කියවන්න ගන්න ලියන් ඉන්න ලිස්ට් එකට දාගත්තා පොත..... :)

    ReplyDelete
  16. මට පේන හැටියට වානගුරු සර් මේජර් කෙනෙක් වෙන්න ඕන. අර කරපටියෙ තියෙන්නෙ, ඔටුන්නක් ඔටුන්නක් තියෙන්න මේජර් වරයෙකුටයි. මේ සර් මොනවා ඉගැන්වුවත් මුහුන දිහා බලපුවම ඉතාමත් නිහතමානී එසේම සෘජු ගතිගුන ඇති කාරුණික මහත්මයෙක් බව පේනවා. මේ මහත්මය ගැන මට පේන්නෙ ඒ ඉදියටයි. මෙහෙම් ගුරුවරු ලබන්න පින් කරන්න ඕන.

    ReplyDelete
  17. මෙහෙම ගුරුවරු අද කාලෙ අඩුයි... හුඟක් ගුරුවරු සල්ලි පස්සෙ යන ඉගැන්වීම බිස්නස් එකක් කරගත්තු අය ඉන්නේ.


    කතන්දර : අදහනවා යන්නෙන් අදහස් කලේ ? ආදර්ශවත් චරිතයක් ආදර්ශයට ගැනීම හා එයට ගරු කිරීම හා වර්ණනා කිරීම නම් වරදක් ලෙස දකින්න අමාරුයි...

    ReplyDelete
  18. සර් ගෙ නමේම තීනවනෙ "වාන ගුරු".
    වාන කියන්නෙ සොලිඩ්, ගුරු කියන්නෙ ටීචර්. ආයි හෝදන්න දෙයක් නෑ හොඳ ගුරුවරයෙක් වෙන්නම එපැයි එතකොට!

    ReplyDelete
  19. @නලිනි චන්දිමා

    ඔව් අක්කේ. ඇත්තටම හොඳ ගුරුවරු හම්බෙන්න ලොකු පිනක් මම කරලා තියෙනවා. A/L Logic වලට class ගිය දුලානි මිසුත් මේ වගේම දුර්ලභ ගණයේ ගුරුතුමියක්.

    මිස් ගැන Logic Class එකේ කතා කියලා වෙනම category එකකුත් තියෙනවා :)

    ReplyDelete
  20. @Bindi

    බොහොම ස්තුතියි අක්කේ අපේකමට වගේම ගමේකමට :) ඇත්ත ලිස්ට් එකක් හදාගෙන කතා ලියන එක හරියන සෙල්ලමක් නෙමෙයි. අදත් කතාවක් ලියන්න සීන් වගයක් වුණා......

    ගුරු හොරු ඉන්න මේ කාලේ මේවගේ ගුරුවරු දුර්ලභයි

    ReplyDelete
  21. @Dinakara

    ස්තුතියි ලොකු මහත්තයා :)

    ReplyDelete
  22. @කතන්දර Kathandara

    මගේ අම්මා ගුරුවරියක්. තාත්තත් ප්‍රථමාධාර ගුරුවරයෙක්. මාත් දහම් පාසල් ගුරුවරයෙක්.

    කොහොම වුණත් ගුරුවරු ඇදහීමකට නෙමෙයි මෙහෙම post එකක් ලිව්වේ කසූ. ගුරුවරයාව අගය කිරීමකට. ඔක්තෝබර් 6 වෙනිදා එන්නම ඕනේ නැහැනේ ගුරුවරු අගය කරන්න.

    කොහොමත් මට එදාට ඊට වඩා වැඩ තියෙනවා නොවැ :))

    ReplyDelete
  23. @නිසුපා

    අනිවාර්යයෙන්ම කියවලා බලන්න අක්කේ. ගුරුවරයෙක් වෙන්න හිතාගෙන ඉන්න හැමෝම අනිවාර්යයෙන්ම වගේ මේ පොතයි, ගුරු තරුව පොතයි කියවන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ.

    ReplyDelete
  24. @හා පැටික්කි (MS)

    හොඳ ගුරුවරු ලබන පින හා පැටික්කිත් කරලා තියෙනවා. සන්තෝෂයි සන්තෝෂයි.

    අහ් අමතක වුණා මේ පාර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේදී සරත් විජේසූරිය මහත්තයා හම්බුණොත් ගාණක් ඉල්ල ගන්න ඕනේ පොත මාකට් කරලා බිස්නස් සෙට් කළාට :))

    ReplyDelete
  25. @සරත් ගුණතුංග

    ඔබතුමා හරියටම හරි. වානගුරු සර් ඔබතුමා කියපු ගති ලක්ෂණ නොඅඩුවම තියෙන පුද්ගලයෙක් තමයි.

    ඒ වගේම පොඩි නිවැරදි කිරීමක් වගේම පොඩි එකතු කිරීමකුත් කරන්නම්. ශ්‍රී ලංකාව තුළ මේජර් නිලයට හිමිවෙන්නේ ඔටුන්නක් නෙමෙයි රාජ්‍ය ලාංඡනය.

    හරියටම කිව්වොත් 2006 අපිට උගන්වන කාලේ සර් ලුතිනන්වරයෙක්. සර්ට කැප්ටන් කෙනෙක් විදිහට උසස් වීම ලැබුණෙත් ඒ අවුරුද්දෙමයි.

    2009 හෝ 2010 දී තමයි සර් මේජර් නිලයට උසස් කෙරුණේ

    ReplyDelete
  26. @පිස්සා පලාමල්ල

    අයියා හරි අයියේ :)

    කසූගේ කතාව මටත් තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා මට හිතුණ එක මම කිව්වා. ඒක නෙමෙයිද දන්නේ නැහැ කසූ කියන්න ට්‍රයි කළෙ........

    ReplyDelete
  27. @ඉන්දික උපශාන්ත

    නියම විග්‍රහය අයියා. අපිත් සර්ගේ නම කෙටි කරලා කිව්වේ "වානේ" කියලනේ [සර්ට ඇහෙන්න නම් නෙමෙයි :)) ]

    දවසක් සර් වානේ පන්නරය ලැබුණු හැටි කතාව කියලා වානේ පන්නරය ලැබෙන්නේ තැලෙන්න තැලෙන්නමයි කියද්දී කොල්ලන්ට මැරෙන්න හිනා. සර් එතකොට ආයි කියනවා. වානේවල හැටි එහෙම තමා කියලා.

    සර්ට ක්ලික් වුනෙත් නැහැ අපි මේ හිනාවෙන්නේ සර්ටත් අපි වානේ කියලා කියන නිසා කීයලා :))

    ReplyDelete
  28. පොත ගැනවත් චිත්‍රපටිය ගැනවත් දැනං හිටියෙ නැහැ. ස්තූතියි මල්ලිට. ඔබ දෙදෙනාටම සුභ පතනවා.

    ReplyDelete
  29. @හරී - පිණිපළස

    දැන් නම් වැඩේ හරි යන්නේ නැහැ. විජේසූරිය මහත්තයාගෙන් ලොකු ගාණක් ඉල්ල ගන්නම් වෙනවා :))

    ReplyDelete
  30. මචං හසිත, මේක කාලෙකින් මම කියවපු හොඳම ලිපිය කියන්න පුලුවන්.... අපේ සෙට් එක ගැන කියල තියන හින්දා වෙන්න ඇති..... කොහොම උනත් පරණ සීන් මතක් වෙලා පුංචි කඳුලකුත් ඇහැට ආවා!! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. @ Prashaster

      උත්තරයක් දෙන්න පරක්කු වුනාට සමාවෙන්න ඕනේ මිත්‍රයා....

      පරණ දේවල් ගැනත් විශේෂයෙන් අපි ආර්ට් ක්ලාස් එකේ හිටිය අවුරුදු දෙක ගැනත් තව ලියන්න ඕනේ කියන එක උඹ මතක් කරලා දුන්නා. ස්තුතියි ඒකට

      Delete
  31. issara cls ekedi apita kiwwe oyalat karanne science kiyala..api andunkundun me harupe mokakda kiyala..eya kiyanawa ai lamaine oyalat karanne science ne kiyala..atta tama apit karanne science mona scince da??political science kiyala kiyanna igannuwe sir tama..mage jivitedi mata hamaba unu wenas vidiyata hitapu hondama sir kenek...:))

    ReplyDelete
    Replies
    1. @ අංජනා

      මේ වගේ සුන්දර මිනිස්සුන්ගේ සුන්දර මතක හැමදාමත් සුන්දරව අපේ හිත්වල තියේවි. ඒ සුන්දර කාලෙට අපිට යන්න බැරිවුණත් ඒ කාලේ අපේ හිත්වල හැමදාම ජීවමානව තියේවි

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................