Sunday, August 14, 2011

ගමට දිවියෙක් ඇවිත්

සි‍යඹලාපේ ඒ කියන්නේ අපේ ගමේ මිනිස්සුන්ව ත්‍රාසයෙන් භීතියෙන් මුසපත් කරපු සිද්ධියක් ගැනයි ඔයාලට කියන්න යන්නේ......

එදා වෙනදා වගේම හොඳට ඉර පායපු දවසක්. එදා උදේම මට පන්සලට යන්න වුණා දහම් පාසලේ වැඩ වගයක් ගැන පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරන්න. පොඩි හාමුදුරුවොයි මායි කතා කර කර ඉද්දී තමයි නායක හාමුදුරුවෝ මට කතා කලේ. ඒ වෙලේ ආවාසේ ගාව මිදුලේ පොලිස් ජීප් එකත් නවත්තලා මීගහවත්ත පොලීසියේ රාළහාමිලා දෙන්නෙකුත් හිටියා.

මොකක්ද හුටපටේ කියලා හිතන්න කලින්ම නායක හාමුදුරුවෝ කිව්වා

"හසිත, ගෝල්ඩන් එකේ පිට්ටනිය ඉස්සරහ පාරේ කට්ටිය දිවියෙක්ව අල්ලගෙන ඉන්නවා. මේ පොලීසියේ රාළහාමිලාට එතනට යන්න පාර පෙන්නන්න" කියලා.

නයි කයිද රෝස් පාන් කිව්වලු. දිවියෙක් ???? අපේ ගමේ. ලංකාවට තිබුණු කොටි ප්‍රශ්නේ ඉවර වුණු ගමන් සියඹලාපෙට දිවි ප්‍රශ්නේ.......

"හරි එහෙම නම් රාළහාමිලා මගේ පිටිපස්සෙන් එන්න" කියලා මම ආපු මෝටර් බයික් එකට මම නැග්ගා.

පොලිස් ජීප් එක මගේ බයික් එක පිටිපස්සෙන් එනවා. මාත් බයික් එකේ උත්සවවල පෙර ගමන් යන බයික් එකක් වගේ ඉස්සරහින් යනවා.

මට කියන්න අමතකත් වුණා. ඒ වෙලේ මම හෙල්මට් දාලත් නෙමෙයි හිටියේ. කොහොමද ඒක :))

හොඳම කතාව මම කලින් දවසකත් කිව්වා වගේ "මට ලයිෂනුත් නැහැ, බයික් එකට ල‍යිෂනුත් නැහැ" කොහොම වුණත් ගමට දිවියෙක් ආවා කියපුවාම ඕවා වැඩක් තියෙනවාද.

ජාතික අවශ්‍යතාව වෙනුවෙන් සමාවෙන්න ග්‍රාමීය අවශ්‍යතාව වෙනුවෙන් අපි කැපවෙන්න ඕනේ නේ :)

හාමුදුරුවෝ කිව්ව පිට්ටනිය ඉස්සරහ පාර ගාවට යද්දී පාර දෙපැත්තේ සෙනඟ සූ ගාන්න. පාර දිගේ ඉස්සරහට යන්නත් බැහැ. ඒ තරමට සෙනඟ දිවියා බලන්න ඇවිත්. පොලිස් ජිප් එකත් එක්ක ආපු නිසා මාත් ගියා ඉස්සරහටම.

ගිහින් බැලුවාම හිටිය දිවියා මෙන්න................

අනේ අනිච්චං උදේ පාන්දරම දෙන ගොන් ආතල් කියලා මට හිතුණා. ත්‍රාසය භීතිය දනවන සියඹලාපේට ආපු දිවියා තමා මූ.

බළලෙක්ට වඩා ලොකු, බල්ලෙක් සයිස් මුට කියන්නේ හඳුන් දිවියා කියලාලු. මම හිතුවේ සිරාවටටම පෙරිය සයිස් දිවියෙක් කියලා. මෙන්න මේ වගේ

මේ සතා රෑ ඒ ළඟ කෙනෙකුගේ ගෙදර මිදුලේ කපලා තිබුණු වළකට වැටිලා ඉදලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ සතාගෙන් එච්චර හානියක් නැහැ කැලේ කිට්ටුවට අරන් ගිහින් අතාරින්න කියලා පොලිසියේ රාළහාමිලා කියලා එයාලා යන්න ගියා.

මාත් ගෙදර ගිහින් ඉක්මණට කැමරාව අරන් ආවා photos දෙක තුනක් ගන්න. ගමේ මිනිස්සු ටික මේ සතාට දුන්නු වදයක්. කකුල් හතරම බැඳලා, කටත් බැඳලා තිබ්බේ හරියට හෙණ කොටියෙක් අල්ලලා වගේ.


ඒ අස්සේ ගොන් ජොකියෙක් මුගේ වලිගේ අල්ල අල්ල කියනවා "කොටි වලිගේ ඇල්ලුවා කියලා කියමනක් තියෙන්නේ. ඔන්න මම කොටි වලිගෙකුත් ඇල්ලුවා" කියලා.

තව සමහරුන්ට සිහිය ස්වර්ණවාහිනියට කියන්න අටපට්ටමට කියන්න. කියලා ටීවී එකට මූනත් තහඩුව දාගන්න. තව සමහරුන්ගේ කතාව දෙහිවල සත්තු වත්තට ගිහින් මූව බාරදෙන්න.

එතන ඉන්න කාටවත් පොලිසියෙන් කිව්වා වගේ සතා අතාරින්න උවමනාවක් නැහැ. එතන හිටිය පණ්ඩිතයොත් එක්ක ඕවා කතා කරන්න මම ගියේ නැහැ. මම ගෙදර එන්න ආවා.

අපේ උන්දැලා ටික ඒ සතාට මොකක් කළාද මන්දා...... සතා මළාද දන්නෙත් නැහැ අපේ අයියලා සතාට දුන්නු වදවල හැටියට. ඒ සතා ගැහැණු සතෙක් කියලත් පේන්න තිබුණා. පැටව් එහෙමත් ඉන්නවාද දන්නේ නැහැ.

මේ වගේ සත්තු හම්බුණාම ගොන් පාට් නොදා කරන්න ඕනේ දේ ගැන මිනිස්සුන්ගේ දැනුවත් බවේ තියෙන අඩුව නිසා නිරපරාදේ සත්තු මැරෙනවා.

සත්තු වත්තට ගිහින් දෙන එක ඒ වෙලේ කිව්වාම කෙනෙක් කිව්වේ "එයාලගේ වත්තෙන් නයෙක් අල්ලලා ඌව සත්තු වත්තට ගිහින් දුන්නට සතයක්වත් හම්බුණේ නැහැ. ඒ වැඩෙන් වාහනේ ඩීසල් ටිකයි වෙලාවයි තමා නාස්ති වුණේ" කියලා.

මේ ගැන නිසි අවබෝධයක් දෙනවා නම් සතුන්ගේ ජීවිතත් පරිස්සම් වෙයි.

වැඩිදුර හඳුන් දිවියෝ ගැන කියවන්න ඕනේ නම් පත්තරේක ගිය හඳුන් දිවියෙක් ගැන කතාවක් මෙන්න

ප.ලි.: දිවියෝ ඇල්ලුවා කියලා පොඩි සයිස් හඳුන් දිවියෝ අල්ලන එක වගේ නෙමෙයි. මේ නම් රියල් වැඩක්.

කඩුවෙල බෝමිරියේ ඉන්න අපේ බාප්පා කෙනෙක්ගේ වත්තේ ඉදලා අහුවුනු රියල්ම රියල් තිත් පොළඟෙක් තමා මේ. සාමාන්‍යයෙන් තිත් පොළඟාගේ දිග අඩි 4 ක් විතරලු වෙන්නේ. මූ අඩි 6 ක් විතර දිගයි.

ලෝකේ විසකුරු සර්පයන්ගෙන් 7 වෙනියට තමා මූ ඉන්නේ. කොහොමද මේක ????

වැඩිදුර කියවන්න තිත් පොළඟා ගැන අපේ බ්ලොග් සහෘදයෙක් වෙන ප්‍රියන්ත අයියා ලියපු ලිපියක්

58 comments:

  1. අර හදුන් දිවියා හරියට ලොකු පූසෙක් වගේ නේද?ඔය විදියම පාට පූසොත් ඉන්නේ.ඒ සතාව කොහොම හරි කෑලේට දක්කන්න තිබ්බේ.අපරාදේ.දෙහිවල ඉන්න සත්තු උනත් කූඩු කරල හිරකරලනේ ඉන්නෙ.පව්.හදුන් දිවියා කියන්නෙ දිවියොන්ගෙ චූටි සයිස් එකක් වෙන්න ඕනේ.

    ReplyDelete
  2. උඩ ඉන්න ඒකා මොකෙක්ද යට ඉන්න ඌනෙ පොර ඌ මැරිල නේද ඉන්නෙ

    ReplyDelete
  3. handun diwiyanam hariyata pusek widiyamaine man 1parata hithuwe diwiyek kiyala allala thiyenne pusek kiyala... kohoma unat minissunge nosalakilla nisa asarana saththunge jeewitha nathi wena 1 gananam kata karala wadak na. mathakada ara athekwa prawahanaya karanna gihin ratatama wishala sampathak nathi unane minissunge moda wada nisa... minissu me gana thawat hitanawanam hodai...

    sashi

    ReplyDelete
  4. හදුන් දීවියා පූසෙක් වගේ නේ. පවු අප්පා උගේ අවසානේ. පෙනේද ඒ අහිංසක සතාට මිනිස්සු කරලා තියෙන විනාසේ !!! දැන් ඌව කොහාටද ගෙනිච්චේ ? මොකද දන්නේ නෑ ඌට හදුන් දිවියා කියලා කියන්නේ. හදුන් සුවද හින්දද දන්නේ නෑ.

    ReplyDelete
  5. කොල දිවියා කියල සමහර අය කියන්නෙත් ඔය සතාටම නේද ?? අපේ මිනිස්සු ඔවගෙ අහිංසක සතෙක්ගෙන් ආතල් ගන්න හරි දස්සයි . ඇත්ත දිවියෙක් දැකපු දාට ඔය වීරයො ගස් උඩ . පල්ලෙහා ඉන්න එකානේ සතා . ඌ දශ්ට කලා නම් ඉස්පිරිතාලෙකට ගෙන්නත් කලින් වැඩෙ හරි යනව

    ReplyDelete
  6. ඔය හඳුන් දිවිය කියන එකා කුකුල් කොටු වලට එහෙම වැඩේ දෙන එකෙක්. ඒකව ඒ වෙලාවෙ කැළයක් ගාවට ගෙනිහිල්ල ලිහල දැම්මනං තමයි හොද.

    ReplyDelete
  7. පොලීසිය තමා වැරදි, බල්ලගෙ වැඩේ බූරුවට කියන්නාවගේ සතාට වධ දීලා තියෙන බව දැක්කමත් අයෙම ගමේ මිනිස්සුන්ට භාර නොදී එයාලා සතා නිදහස් කරා නම් හරි නේ.

    ReplyDelete
  8. නියමය්නෙ හසිත මල්ලි. අපේ චුටි මාමත් බ්ලොග් 1ට ඇවිත් ඉන්නෙ...

    ReplyDelete
  9. පවු අර අහින්සක සතා

    ReplyDelete
  10. මේ සතානම් බල්ලෙක් තරම් වත් මිනිස්සුන්ට හානිකර සතෙක් නොවන බව පේනව. කාළකණ්නි මිනිස්සු ළිදෙන් ගොඩ අරන් ඌට යන්න දීල නෑ.

    තිත් පොළඟ ඔච්චර තඩි එකෙක් කියල කළින් දැනන් හිටියෙ නෑ. අම්‍මෝ බය හිතෙනව....

    ReplyDelete
  11. අනේ පව් අප්පා අහිංසකයා...ඔයිට ලොකු බළල්ලු මේ පැත්තේ ඉන්නවා...:)

    ReplyDelete
  12. @නදී

    හඳුන් දිවියා පූසාට වඩා ලොකු, බල්ලෙක් සයිස් එකෙක් අක්කේ. සත්තු වත්තට අරන් ගියත් කූඩු වෙලා ඉන්න ඕනේ නිසා කැළේට අතාරින එක තමා හොඳ. අපේ උන්දැලා මොනවා කළාද දන්නැහැ

    ReplyDelete
  13. @චතුරංග ජයවර්ධන

    ඒක ඇත්ත යට ඉන්න එකා තමා පොර. බාප්පලගේ ගෙදර ඉන්න මනුස්සයෙක් ඒ පොරට ෂොට් එක දීලා මරලා තමා මේ ඉන්නේ

    ReplyDelete
  14. @Sashi

    මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත්වීමේ අයිති තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ මුව දඩයමේ ගිය තිස්ස රජතුමාට කිව්ව කතාව අපි හැමෝටම ආදර්ශමත් කතාවක්

    ReplyDelete
  15. @මධුරංග

    ඌට අන්තිමට මොකද කළේ කියලා මාත් දන්නේ නැහැ අයියා. ටිකක් හොයලා බලලා කියන්නම්. හඳුන් දිවියා හඳුන් සුවඳද දන්නේ නැහැ. මම සුවඳ බලන්න ගියේ නැහැ :))

    ReplyDelete
  16. @buwa

    මූට කොළ දිවියා කියලත් කියනවද මම නම් දන්නේ නැහැ ඒක. මොනවා වුණත් ඇත්ත එවුන් දැක්කාම අපේ පොරවල් හොයන්නත් නැහැ. පහළ ඉන්න පොර ගැන ඉතින් අමුතු කතා ඕනේ නැහැ. දැක්කානේ එයාගේ පැටිකිරියාව :))

    ReplyDelete
  17. @Praසන්ன

    මුගෙන් එහෙම කුකුල් කොටුවලට කරදරයක් වුණා කියලාවත් කවුරුවත් කිව්වේ නැහැ. මූ පාඩුවේ හිටිය එකෙක්. කැළේට අතාරින වැඩේට වඩා සංකීර්ණ ප්ලෑන් නේ අපි අයියලාට තිබ්බේ

    ReplyDelete
  18. @හරී - පිණිපළස

    ලංකාවේ පොලිස් මාමලා වැඩ කාගේ හරි ඇඟේ ගහලා අත් පිහදා ගෙන පැත්තකට වෙන්න කොච්චර නම් දක්ෂද ?? අක්කා කිව්ව තෙසැත්තෑ ඤාණ පූජා පිංකම ගැන කතාව කමින් සූන් :)

    ReplyDelete
  19. @manju

    ඔව් අක්කේ. චූටි බාප්පාවත් පොඩ්ඩක් පබ්ලිකුටි කළා :))

    ReplyDelete
  20. @sameerausa

    එකඟයි අයියා. අනික ඌ ගැහැණු සතෙක්. කිරි දෙන සතෙක් කියලත් පේන්න තිබ්බා

    ReplyDelete
  21. @``` Outsider```

    ඇත්තටම ගමේ කිසිම මනුස්සයෙක්ටවත් සතෙක්ටවත් මුගෙන් හානියක් වෙලා තිබුණේ නැහැ. අන්තිමට ගමේ අයගෙන් මුට තමා හානි වුණා. කෝකටත් තිත් පොළඟා ගැන අවධානෙන් ඉන්න එක හොඳයි :)

    ReplyDelete
  22. @Podi Kumarihami

    අපේ පැත්තේ ඔයිටත් වඩා ලොකු මී හරක් ඉන්නවා :))

    ReplyDelete
  23. ඉස්සර (1988/89) කාලේ හිටියා කොල කොටි කියලා ජාතියක්. උං කලේ ජේවීපී කියලා හදපු ලයිස්තුවල හිටිය කොල්ලන්ව රෑට අල්ලලා වද දීලා වෙඩි තියලා මරපු එකයි.
    කොයි සතාටත් වැඩිය මිනිස් තිරිසනා තමයි දරුණු!

    ReplyDelete
  24. මෙයාට අපේ පැත්තෙ තියන්නෙත් කොළ දිවිය කියල. අපි පුංචි කාලෙත් එකක් ඇල්ලුවා ගමේ කට්ටිය. එයාව නම් ගැටගහලා පන්සලේ වත්තෙමයි දාල හිටියෙ. මොනව වුණාද මන්දා. ඒත් ඔය පොඩි සත්තු හැර මිනිස්සුන්ට හානියක් කරන්න නම් පුළුවන් කමක් නෑ.

    මේයාල ඔය පූස් පැටවුන්ට එහෙම වැඩේ දෙනවා. ළඟදි අපේ ගෙදර හිටපු පොඩි පූසෙකුත් තත්පර ගානක් ඇතුලත නැති වුණා. වටපිටාවෙ අ‍ය කිව්වෙ කොළ දිවියගෙ වැඩක් කියලා.

    ReplyDelete
  25. ඒකනං ඉතින් කියන්ට දෙයක් යැයි නේද? ඔය කතා කරන්නේ කැලනිය පැත්ත ගැනද?...... :-)

    ReplyDelete
  26. මේ කොළ දිවියෙක්නෙ බං!!! අම්මෝ මටනං බය හිතුනෙ යට ඉන්න පොළඟා දැකලා

    ReplyDelete
  27. අපේ ගමෙත් කොලදිවියෙක් අල්ලගෙන කියන ආරංචියට අපි බලන්න ගියා.දිවියානම් දැක්කේ නෑ.මස් ටිකනම් විකුනලා තිබුනා කිලෝ ගානට.

    ReplyDelete
  28. හයියෝ අර අසරා දිවියා.. අපේ පැත්තෙත් කාලෙකට කලින් ඔය වගේ පොඩි එකෙක් අල්ලලා තිබ්බා මතකයි...

    ReplyDelete
  29. පෙනුමෙන් බළලෙක්මයි..කියන්න බැ හඳුන් දිවියෙක් කියලාවත්..කොහොම උනත් පව් අසරණ සතා..

    ReplyDelete
  30. මෙවුං ඉන්නවා අපේ ගෙවල් පැත්තේ මමත් හතර පස් වතාවක් දැකලා තියනවා මුංව .. සාමාන්‍යයෙන් මුං මිනිහෙක් දැක්ක ගමං පලා යනවා .. මම කීවේ ඔය දිවියා ගැන

    සරුපයි නම් මට පේන්න බෑ !!

    ReplyDelete
  31. අනේ අසරණ සතා . අපේ කාලයේ වීරයෝ ඔහොම තමයි.

    ReplyDelete
  32. මිනිස්සුන්ගෙ නොදන්නා කම නිසා කොච්චර මෝඩ වැඩ කරනවද. පව් ඒ සතා විඳලා තියෙන වධ දැක්කම දුක හිතෙනවා.

    ReplyDelete
  33. අ‍නේ අර අසරණ සතාට දීලා තියන වදයක්...... අච්චර ‍ලොකු කඹ වලින් බඳින්න තරම් වූ වරදක් කරලද????

    එයාව ආ‍යෙම යැව්වනම් ‍හොඳයි. අර කකා අයියා ඒ කී‍වේ කකා මාමා කිව්වා ව‍ගේ හැම එකාටම වඩා දරුණු සතා මිනිහා.

    ReplyDelete
  34. දිවියො කියන්නෙ මේ වගේ පොඩි උන්ට තමයි....
    http://en.wikipedia.org/wiki/Rusty-spotted_Cat
    http://en.wikipedia.org/wiki/Fishing_Cat
    අර "පෙරිය සයිස් දිවියෙක්" කියල දාල තියන පිංතූරෙ ඉන්නෙ කොටියෙක්. LTTE එකේ බලපෑමෙන් පස්සෙ දැන් උන්ට දිවියො කිවුවට උන් කොටි. (Panthera Pardus Kotiya)
    Tiger (Panthera Tigris) කියන්නෙ ව්‍යාඝ්‍රයා

    ReplyDelete
  35. හරි ලස්සන පූසෙක්. පව්, ඔහොම සතෙක් හම්බුණහම පොලිසිය ඒ වගකීම බාර අරගෙන, සතාව කැලේට මුදාහරින්න එපායැ. ඒ වගකීම ගමේ මිනිස්සුන්ට දුන්නහම වෙන්නෙ එක එක පණ්ඩිතයන්ට ඕන දේවල්. සත්තුවත්තට ගිහින් දෙන්නෙ මොකටද කැලේ නිදහසේ ඉන්න සත්තුන්ව? අපරාදෙ.

    ReplyDelete
  36. පව් බන් අර අහින්සක සතා... හඳුන් දිවිය කියන එකාගෙන් මිනිස්සුන්ට කරදරයක් නෑ බන්...

    යට ඉන්නෙ පොළඟෙක් ද කියල හරියටම මට නම් ෂුවර් නෑ... පිඹුරෙක් වෙන්න සෑහෙන්න ඉඩක් තියෙනව...

    ReplyDelete
  37. Ane ithin uuuwa keleta dammanam hari un wandaweegena yana saththu :(

    ReplyDelete
  38. මල්ලි බුද්ධිමත් තරුණයෙක්ගේ වගකීමෙන් පැනල ගිහිල්ලනෙ....ඔය ගමෙ ගොන් බයියන්ට කියල වැඩක් නැති උනාට හාමුදුරුවො වඩම්මල හරි ට්‍රයි එකක් දෙන්න තිබුනා.......

    ReplyDelete
  39. @කතන්දර Kathandara

    ඒකනේ කියන්නේ සිනා සිසී කීවත් පැණි පෙරෙන කතා මිනිසා තමයි අදහා ගත නොහැකි සතා කියලා :))

    ReplyDelete
  40. @hare :-)

    කුකුලන්ට එහෙමත් මෙයා බැටේ දෙනවාලු. කෝකටත් කියලා ඌව ඇල්ලුවා කියලා තමයි අල්ලපු උන්දැලා කියන්නේ

    ReplyDelete
  41. @Podi Kumarihami

    කැලණිය පැත්තේ කැම්පස් ආවාට මම ඉන්නේ සියඹලාපේ. අපේ පැත්ත අයිති වෙන්නේ බියගමට :))

    ReplyDelete
  42. @blog gadol

    යට ඉන්න පොළඟා නම් අමූලික ගල් පැලෙන ඇත්තම ඇත්ත

    ReplyDelete
  43. @sithuwilimandiya

    එලු මස් කියලා බලු මස් විකුණන රටේ ඕවත් වැඩද කිව්වලු :))

    ReplyDelete
  44. @හසී

    මූ ලොකු එකෙක්. ගෑණු සතෙක්. ඒ වගේම අම්මා කෙනෙක් කියලත් පේන්න තිබුණා

    ReplyDelete
  45. @නිම්ශා

    ඔක්කොම බළල් පවුලේ අයියලා මල්ලිලා නොවැ :))

    ReplyDelete
  46. @හිස් අහස

    මටත් ඔය සරුපයි කියන කොට්ටාසේ නම් පෙන්නන්න බැහැ. ඒත් පරිසරයේ සමතුලිතභාවය සුරැකෙන්න සර්පයිනුත් ඕනේයි කියනවානේ

    ReplyDelete
  47. @Bindi

    ලොකු තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ කියලා ඇස්. මහින්ද හාමුදුරුවෝ නිකමටද කිව්වේ :))

    ReplyDelete
  48. @පිණිබිඳු...

    මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්කම මොන විදිහකට හරි නැතිකරන්න දෙන දායකතවයක් විදිහට තමයි මේකත් ලිව්වේ. අපි හැමෝම එකතු වෙලා පොඩි පොඩියට හරි මේ වැඩේ කරගෙන යන්න පුලුවන් වුනොත් කාලෙකින් ලොකු තැනකට මේක ගෙනියන්න පුලුවන්

    ReplyDelete
  49. @හා පැටික්කි (MS)

    සතා කිසිම වැරැද්දක් කරලා නැහැ. මනුසතා තමා වැරැද්ද කළේ

    ReplyDelete
  50. @Akila DJ

    බොහොම ස්තුතියි දැනුවත් කළාට. ඔය කොටියා, දිවියා, ව්‍යාඝ්‍රයා කියන සත්තු තුන්දෙනා මට හරියට පැටලෙනවා

    ReplyDelete
  51. @නලිනි චන්දිමා

    පොලිසියත් ඇඟ බේරගත්ත, ගමේ මහදැනමුත්තලා ටික වැඩේ භාරගත්තා. සතාට අන්තිමට මොනවා වුණාද මන්දා අක්කේ :(

    ReplyDelete
  52. @සාතන්

    සතාගෙන් කරදරයක් වුණේ නැහැ. මනුසතාගෙන් තමා සතාට කරදරේ වුනේ. පහළ ඉන්න එකා පොළඟා තමා. ඒකත් එක්ක තියෙන links ටික බලන්නකෝ

    ReplyDelete
  53. @Vathsala

    කොහෙද ඉතින් මහදැනමුත්තෝ එක්ක වැඩේ කරන්න වුණේ නැහැනේ

    ReplyDelete
  54. @Theekshana

    ඒක ඇත්ත අයියේ. මේ විදිහට හරි සතා වෙනුවෙන් දෙයක් කරන්න හිතුණේ ඒකයි. මින් ඉදිරියටත් වෙන්න පුලුවන් මේ වගේ වැඩවලින් මිනිස්සු ඈත් කරවන්න පොඩි හරි දායකත්වයක් මේකෙන් වෙයි කියලා හිතනවා

    ReplyDelete
  55. මහගෙදර වත්තේ හිටපු තඩි පොළගටත් එහෙනම් වාසනාවක් ලැබුණා හසිත මල්ලිගේ බ්ලොග් එකේ පෙනී සිටින්න...

    ReplyDelete
  56. @සුජානි.......

    ඇයි චූටි බාප්පාට පොළඟා නිසා බ්ලොග් එකේ පෙනී සිටින්න ලැබුණානේ :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................