Saturday, July 16, 2011

ප්‍රශ්න පිට ප්‍රශ්න


තමන් ජීවත් වෙනවා කියා දැනෙන්නේ ප්‍රශ්න එනවිටය. ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිව සිය දිවි නසා ගන්නේ ජීවත් වෙන්න බැරි තැනය.

ප්‍රශ්න නැති ජීවිතය පරිප්පු නැති හෝටලය වැනිය. සමහරුන්ට ප්‍රශ්න නැති විට එයද ප්‍රශ්නයකි.

ප්‍රශ්න එන විට එක දිගට ප්‍රශ්න එන්නට ගැනීමද ප්‍රශ්නයකි..

අල්ලා ගැනීම ප්‍රශ්නයට මුලය. සියල්ල කෙරෙහි ඇති බැඳීම් අත්හල විට එය ප්‍රශ්නයක් නොවන අතර එයින් මින් මත්තටද ප්‍රශ්න ඇතිවීමෙන් මෙන්ම ඇති කරගැනීමෙන්ද වැළකිය හැක.

මම ද හැකිතාක් උත්සහ කරන්නේ තිබෙන ප්‍රශ්න විසඳීමට මෙන්ම අලුත් ප්‍රශ්න ඇතිවීම වැළැක්වීමටය.

එය කළ හැකිද යන්න සැබවින්ම ප්‍රශ්නයකි...........

ප.ලි.: මේ බ්ලොග් එක දැන් කලාතුරකින් ලියවෙන්නේද, බ්ලොග් එක ලිවීමද මට ප්‍රශ්නයක් වී ඇති නිසාය.

17 comments:

  1. ප්‍රශ්න හිතේ තියන් ඉන්න එපා . හිතවත් කෙනෙක්ට කියන්න . විසඳුමක් නැතත් බරවත් අඩුවෙයි. මල්ලි ඇත්තටම ප්‍රශ්නයක්ද . අපිට උදව් කරන්න බැරි තරම් දෙයක්ද

    ReplyDelete
  2. ප්‍රශ්න කාට හරි කීවම හිතේ බර ගතිය අඩු වෙනවා..
    ඒත් අපි ප්‍රශ්න කියන්න සුදුසු කෙනා ඉතා බුද්ධිමත් කෙනෙක්
    විය යුතුයි. නැත්නම් සමහරුන්ගේ උපදෙස් නිසා තවත් ප්‍රශ්න
    වැඩි වෙනවා.

    අද තමා මෙහේට ගොඩ උනේ.
    ජය වේවා!!

    ReplyDelete
  3. අර බින්දි අක්කා කිව්වා වගේ ප්‍රශ්න කියන ඒවා ආවම තමන්ට හිතවත් කාටහරි කියලා හිත සැහැල්ලු කරගන්න. සමහරවිට එයාම ප්‍රශ්නයට විසදුමක් දෙන්න බැරි නෑ.

    මල්ලිට මේ දවස්වල වැඩ වගේ. ඒකනේ හුග දවසකින් මේ පැත්තේ එන්න පුලුවන් උනේ.

    ReplyDelete
  4. ගනං ගන්න එපා අයියෝ,, නැට්ට පිටිං අලිත් මැරෙන්නෙ :)

    ReplyDelete
  5. මම නම් මොන ප්‍රශ්නේ ආවත් හිනා වෙලා ඉන්නවා :)

    ReplyDelete
  6. බී ස්ට්‍රෝන්ග් කොලුවෝ...

    මමත් බින්දුවේ ඉඳන් ආයෙත් පටන් අරන් ඉන්නෙ...

    ReplyDelete
  7. ප්‍රශ්නෙ මොකක් වුණත් ඉක්මනටම ඒක විසඳගන්න ලැබේවා!

    ReplyDelete
  8. /*නැට්ට පිටිං අලිත් මැරෙන්නෙ.....*/
    අපේ අම්මත් ඔය කතාව කියනවා.

    බ්ලොග් ලිවීම අත්‍යවශ්‍රම නෑනේ, ප්‍රශ්ණයක් කරගන්නේ ඇයි? එපානං අල්ලල දාන්න. මාත් එහෙම කරන්නයි ඉන්නේ!

    ReplyDelete
  9. මටත් මහා ගොඩක් ප්‍රශ්න තියෙනව.එත් පුළුවන් තරම් සැනසීමෙන් ඉන්නවා.

    ReplyDelete
  10. වැව් දැකල තියෙනවද ? නිකම්ම නිකම් වතුර ටිකක් විතරයි. ඒ වගේද ගඟවල්. වතුර ගලා ගෙන යනව. ඉවුරුවල වදිනව. ගල් වල හැපෙනව. පෙණ පිඩු විසිරෙනව. කොච්චර ලස්සනද? ප්‍රශ්න නැති ජීවිත අර වැව් වගේ. ප්‍රශ්න නැතිවුනාම ජීවිතය ඒකාකාරී. හැම ප්‍රශ්නෙකටම උත්තරත් තියෙනව. කවුරු හරි කියනවනම් කාට හරි ප්‍රශ්නයක් නැහැ කියල.. ඒක මට ප්‍රශ්නයක්.

    ReplyDelete
  11. මලේ,

    ප්‍රශ්ණ ප්‍රශ්ණයක් කරගන්න එපා. බ්ලොග් ලියනවට වඩා වෙන් වැඩ තීනවනම් ඒව කරහන්. වඩා වැදගත් ප්‍රශ්ණ වලට විතරක් උත්තර හොයපන්, අනික්ව අල්ලල දාල.

    ReplyDelete
  12. bt hitawathunta kiwath prb wisa den ne.mata thiyana prb man danna widihata jewite minihek muna dunnu uparima prb.,me wage tanaka liyannawath be. :( :( :(
    eth palayan ne.muhuna demin jewath wenawa.

    ReplyDelete
  13. ඉන්දික කීවා හරි ලොකු ප්‍රශ්න ටික ඉවර කරගනිං මචං මුලින්ම ඊලඟට අනිත් ආවා නිකම්ම විසඳේවි . ඒත් ජීවිතේ කියන්නේ කවදාකවත් විසඳලා ඉවර කරන්න බැරි ප්‍රශ්න පත්‍රයක් කියලා දන්නවා ඇති නේ ..එකක් ඉවරවෙද්දී දෙකක් ..

    ReplyDelete
  14. ප්‍රශ්නයක් කරගන්න එපා.. පුලුවන් වෙලාවක ලියන්න... ප්‍රශ්න නැත්තං අපි ලියන්නෙත් නෑ.. අපි ගොඩක් දෙනා ලියන්නේ ප්‍රශ්න තියෙන නිසා..

    ReplyDelete
  15. අදහස් දැක්වූ සැමට තුති :)

    ඔන්න ඉතින් දැන් back to business

    http://aagiyakatha.blogspot.com/2011/08/blog-post.html

    ReplyDelete
  16. මල්ලි,
    ඔයාගේ බ්ලොග් එක මම අද තමයි කියෙව්වේ. ඔයා ගොඩක් හොදට වැඩේ කරගෙන යනවා.
    ලිපි උනත් ඕනෑම කෙනෙක්ට ලොකු පොඩි බේදයකින් තොරව කියවන්න පුළුවන්.ලියන බාසාවත් නියමයි. අනික හොද විවිධත්වයක් තියෙනවා
    මෙහෙම තමයි බ්ලොග් එකක් කරන්න ඕන. හැබැයි මල්ලි බ්ලොග් එකේ කලර්ස් නම් පොඩ්ඩක් විතර අමාරුයි වගේ මගේ ඇහැට
    ඔබට දිගු ගමනක් යන්න මම සුබ පතනවා

    ReplyDelete
    Replies
    1. @NISAL

      ස්තුතියි නිසල් අයියා ඔයාගේ අදහස්වලට. බ්ලොග් එකේ පාට ගැන ප්‍රශ්නෙට මොකක් හරි කරන්නම්.

      හුඟක් කල් මේ ඇඳුම අන්දලා තිබ්බ නිසා මේ ඇඳුම දැන් පරණවෙලා තියෙන්නේ. වෙන ඇඳුමක් අන්දන්න කාලේ හරි :)

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................