Sunday, February 20, 2011

හෙලෝ........... තාත්තාගේ කතා


අපේ තාත්තාගේ කතා දෙක තුනක් මම කලිනුත් කියලා ඇති.මොකද අපේ තාත්තා ගාවත් හොඳ හොඳ කතා තියෙනවා. මේක තමා අලුත්ම කතාව.

මේක වෙලාත් පැය දෙක තුනකට වැඩිය නැහැ. තාත්තාගේ hand phone එකට call එකක් ආවා. ඒකට තාත්තා උත්තර දෙනවාත් ඇහුණා. පස්සේ තාත්තා කතාව අපිත් එක්ක කිව්වා. මේක තමා තාත්තයි තාත්තට call එක ගත්තු කෙනයි අතර ඇතිවුණු කතා බව

තාත්තා : හෙලෝ

අනිත් කෙනා : මේ කොහෙන්ද කතා කරන්නේ ?

තාත්තා : මේ කටින් කතා කරන්නේ :))

අනිත් කෙනා : හරි හරි ඔයා කොහෙද ? [හිනාවකුත් එක්ක]

තාත්තා : බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියඹලාපේ උතුර ග්‍රාම සේවා වසමෙන්

අනිත් කෙනා : ඔයා කවුද ?

තාත්තා : මම ගාමිණි ගුණසිංහ

අනිත් කෙනා : ආහ් Sorry, wrong number එකක්


අවවාදයයි : ඔය වගේ ප්‍රශ්න අහන්නේ නැතිව call එක ගන්න මනුස්සය තමන් කවුද කියලා කතා කරලා විස්තරේ කිව්වා නම් ඉවරයිනේ කියලයි මට හිතුණේ. එතකොට මේ වගේ චාටර් සීන් වෙන්නේ නැහැනේ.

අපේ මහප්පා නම් එහෙමයි. එයාගෙන් call එකක් ආවොත් මෙහෙම තමා එයා කතා කරන්නේ.

"සුභ උදෑසනක්. මම චන්ද්‍රසේන අම්පාරෙන්. මල්ලී ඉන්නවාද ? "

දැක්කනේ කිසිම කචල් එකක් නැහැනේ


ප.ලි. : මම ලිව්ව පොඩිම කතාව මේකද කොහෙදෝ :))

34 comments:

  1. තාත්තට කතා කරපු පොරට හිතෙන්න ඇති වහ ටිකක් කාල මුහුදේ පැනලා එල්ලිලා මැරෙන්න. මගෙනුත් ඔහොම ඇහුවම මටත් හිතෙනවා කියන්න කටින් කතා කරන්නේ කියලා. ඒත් මේ දවස්වල ඉන්ටවිව් දෙක තුනක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා වැඩිය වැඩ දාන්න බෑ :(

    ReplyDelete
  2. හලේ... හිකිස්.. ෂොයි කතාව...

    ReplyDelete
  3. පොඩි කතාව උනාට මරු හරීය...හික්...මීට පස්සේ අර මහප්පගේ ක්‍රමේට කෝල් එක ගන්න ඕන..
    හෙලෝ...මේ රත්ගමයා රත්ගමින්....

    ReplyDelete
  4. අපොයි අර මනුස්සයාත වහ කන්න හිතෙන්න ඇති..

    @රත්ගමයා - ඔයාට ගැලපෙන්නේ මෙහෙම හෙලෝ වෙනුවට, ඉකේයියා..මේ රත්ගමයා රත්ගමින්.... ;)

    ReplyDelete
  5. මට ප්‍රස්නයක් මහප්පගේ ක්‍රමය කතාකරන්න බැරි තැනකුත් එනවා .!

    හදිස්සියේ ඌරු බොක්ක ගමේ මිනිහෙකුට ඔහොම කතාකරන්න කීවොත් මොනවා වේවිද .?

    "හලෝ මම අහවලා ! මම කතාකරන්නේ ඌරු බොක්කෙන් "

    ReplyDelete
  6. නියමයි...බලන බලන කාගේ අතේ, බෑගයේ, සාක්කුවේ ජංගම දුරකතන එකක් නෙමෙයි සමහර විට ඊටත් වඩා තියනවා. ඒත් කතා කරන්න ගියහම....

    පුංචි වුනත් හොඳ කතාවක්...

    ReplyDelete
  7. හි හි.....
    අන්න එළකිරි ක්‍රමේ....මමත් ඕක තමා පාවිචිචි කරන්නේ.....

    ReplyDelete
  8. හික් හික්!! නියම කතාව මචං

    ReplyDelete
  9. මට නම් එපා වෙන්නෙ වැරදිලා අරගෙන අඳුරන්නේ නැති කෙනෙක් කතා කරාම මුකුත් ම නොකිය බය වෙලා ඉන්න කට්ටියට.

    ReplyDelete
  10. හෙලෝ. . . . .
    "මම මේ බූරු පුතා කතා කරන්නේ බූරුගමිං."

    එතකොටම අනිත් පැත්තෙන් "කොහද යන බූරුවෙක්" ටීක් ටීක් ටීක්

    අයියෝ මේ ක්‍රමේ හරියන්නේ නෑ. . . .

    ReplyDelete
  11. මගේ අනාගත් කතා ලයිස්තුවේ තියෙන එකසිය ගානකින් එකක් තමයි මේ ෆෝන් කතා වහ.
    මෙන්න පොඩි කෑල්ලක්.

    "හලෝ, මේ මම කතා කරන්නේ. අර වැඩේ හරි ද?"

    ReplyDelete
  12. හලෝ . . . මම සේපාලිකා කිරිඳි වැලින් . . . .

    ReplyDelete
  13. malli this is a problem of intercultural communication. Communication is culture bound. lankawe bahutharayak kathawa patan ganne kawda katha karanne? kohenda katha karanne? wage prashnekene. eyata therenne ne eyai kathakaranne eya kathakaranne kenek ge no ekak dial karala kiyala. mama nang kiyanne me wage welawata upahasathmaka nowi e manussayata helpfully katha karanna ona kiyala. samaharak wita e katha karana kenage kawru hari marila hari leda wela hari inna puluwan. ehema welawata api e manussayawa joke ekata ganna eka waradi.

    ReplyDelete
  14. hi malli ,

    meka telephone manners walata witharakma thiyena problem ekak newei...onna balanna mama lagadi giya " Lover"ekata..accessories wagayak ganna...onna sales girl dora koda idan ahapi monawada balanne kiyala...mata katata awema malu balanna awe kiyanna...mama ahanne meka tikak wadagath widhata..can i help u? nathnam neckless da earings da balanna one ...nathnam api balanakam indala mona wage stones da thiyenna one ...kiyala ahuwanam kochchara wadagath da neda?
    anna e wage dan kale sales manners ehemath anthimai...

    me
    chamila akka

    ReplyDelete
  15. :D okata ithin kollekma wenna oni.. kellek kiwwoth ithin idala iwarai...

    P : hello..

    S : hello..

    P : mee... me kathakaranne ara iye weradila gaththa no. eken.. oyawa aduraganna kemathi..oyage nama mokakda?

    S : &^$%#@...

    ReplyDelete
  16. මට හිනා යනවා ඕයි !!!
    මටත් මේ වගේ එxපීරියන්ස් ගොඩාක් තියෙනවා... දන්නවනෙ අපිට කොච්චර රෝන්ග් කෝල්ස් එනවද කියලා...

    ReplyDelete
  17. තාත්තත්,සොමියට බර පොරක් වගේ... ;) ;)

    ReplyDelete
  18. @සංජු

    අනේද කියන්නේ සංජු මිස්. ඒක නෙමෙයි සංජු මිස් ගුරු දිවියට සමුදෙන්නද යන්නේ ???

    ReplyDelete
  19. @රත්ගමයා

    හොඳා හොඳා මලේ. ඉරුවා කිව්වත් කමක් නැහැ ඉතින් :)

    ReplyDelete
  20. @හසී

    මොනවා වුණාද දන්නේ නැහැ අක්කේ. පොඩ්ඩක් හොයලා බලන්න වෙයිද දන්නෙත් නැහැ

    ReplyDelete
  21. @හිස් අහස

    ඒකත් හොඳ පුස්නයක් තමා සඳරු සර්. ඒකට ඉතින් කරන්න තියෙන්නේ තමන්ගේ නමයි උවමනාවයි කාටද කතා කරන්න ඕනේ කියන එකයි කියන එකනේ :)

    ReplyDelete
  22. @සොඳුරු සිත

    ඔහොම කියද්දී මතක් වුණා සමහරු ගාව තියෙන ෆෝන් පරිගණකවලට පරාදයි. කැමරා, මියුසික් ප්ලේයර්, ඉන්ටර්නෙට්, අරවාද මේවාද නැති දෙයක් නැහැ. ඒත් කෝල් එකක් ගන්න ගියොත් සල්ලි නැහැ :))

    ReplyDelete
  23. @Anonymous

    ඒකනේ කටේ කොටියා තියාගෙන ඉන්නේ නැතිව කියන්න එපෑයැ මොකාද මොකටද කියලා

    ReplyDelete
  24. @බූරු පුතා

    බූරු කතා කියන්නේ නැතිව ඇත්ත නමින් කතා කළා නම් හරිනේ පුතා. ඕවත් වැඩද :))

    ReplyDelete
  25. @Kathandara

    නියමයි කසූ ලියන්න බලන්න අපිටත් මේ කතා ටික කියවන්න...........

    ReplyDelete
  26. @Rusiru Kalpagee Chitrasena

    ඒකත් හරි තමා අයියා. ඒකත් එක්ක හිතන්න අපිත් සමහර විට ලොකු ප්‍රශ්නෙකින් ඉද්දී මෙහෙම කෝල් එකක් ආපුවාම අපිටත් හිතෙන්නේ "ඔළුව ගිනි අරන් තියෙද්දී සුරුට්ටු පත්තු කරන්න එනවා" කියලනේ

    ReplyDelete
  27. @csujani uthpala

    ඒකත් ඇත්ත අක්කා. common sense නැති එකේ අවුල තමා ඔය. කොහොමත් හුඟාක් අය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේනේ ඉන්නේ :))

    ReplyDelete
  28. @Snow Queen

    ඒකත් ඇත්ත. ඒක නිසා හුඟාක් ගෑණු ළමයි කරන්නේ අඳුරන්නේ නැති නම්බර්ස්වලින් කෝල්ස් ආපුවාම කතා කරන්නේ නැතුව ඉන්නවානේ.

    ඒ ගමන්ම ඉතින් ඔහොම කතා කරන කොල්ලන්ව හොඳට අන්දන කෙල්ලෝ නැතුවත් නෙමෙයි :))

    ReplyDelete
  29. @nirajmarshel

    රෝන්ග් කෝල්ස් එනවා වගේම රෝන්ග් නම්බර්ස්වලට කෝල් ගන්න එකත් කරනවා නොවැ :))

    ReplyDelete
  30. hi..hi.. oyage thaththath oya wagema vihiluwen katha kiyanna daksha kenek wage..
    sashi

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................