Saturday, January 1, 2011

සිංහාවලෝකනය


අවුරුද්දක් ඉවර වෙලා ගිහින් තවත් අවුරුද්දක් උදාවුණා. හැමෝම හැමදාම කියනවා වගේ "අවුරුද්දක් ගියා තේරුණේවත් නැහැ". ඉතින් හා හා පුරා කියලා මේක කියවන හැමෝටම මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි, උතුම් පැතුම් ඉටුවන, උසස් අධ්‍යාපන කටයුතු, රැකීරක්ෂා කටයුතු සාර්ථකව සිදුවෙන, නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අලුත් අවුරුද්ද පටන් ගත්තු දවසේ පරණ අවුරුද්දේ පොඩි පොඩි දේවල් ටිකක් මතක් කළොත් හොඳයි කියලා හිතුණා. පහුගිය දෙසැම්බර් මාසේ 26 වෙනිදා මාත් එක්ක ඉස්කෝලේ ඉන්න කාලේ අවුරුදු 5 ක් විතර එකට scouting කරපු යාළුවෝ කට්ටියගේ හමුවක් තිබුණා.

දකුණේ ඉදන් : මම, නානා, රාමු, PKT, මනියා

අපේ කට්ටිය 5 ක් හිටියා. ඉසුරු හෙවත් නානා, තරංග හෙවත් PKT, අශාන් හෙවත් රාමු, මනීෂ හෙවත් මනියා අන්තිමට මම. ඒත් මේ වෙද්දී අපි පස් දෙනාගෙන් ලංකාවේ ඉන්නේ හතර දෙනයි. මනීෂ මේ වෙද්දී කැන්ගරු දේසෙට වෙලා උසස් අධ්‍යාපනය ලබනවා.

අපි හතර දෙනා සෙට් වෙලා රීගල් එකෙන් විදූ film එකත් බලලා Excel World ගිහින් දවල්ට කෑම කන ගමන් කතා කළේ අපි හතර දෙනා මේ අවුරුද්දේ කළේ මොනවාද ? වගේම ඊළඟ අවුරුද්දේ කරන්න ඉන්නේ මොනවාද කියලා. ඉතින් හතර දෙනාගෙම කතාවලට අපි එක එක්කෙනා එක එක විදිහේ අදහස්, මඩ වගේ ඒවත් ආවා.

අපි පස්දෙනා එකෝමත් එක කාලෙක

කොහොම වුණත් එහෙම discussion එකක් කරන එකේ වටිනාකම අන්තිමට අපි හතරදෙනාම ඒකමතිකව පිළිගත්තා. ඒ වගේම ලබන අවුරුද්දෙත් මේ වගේම හමුවක් තියන්නත් අපි කතා කරගත්තා. අන්තිමට එතන හිටිය කෙනෙක්ට "Mister දුෂ්චරිත" කියලා කාඩ් එකකුත් දාලා තමා අපි විසිර ගියේ :))

මේ කතාව ඔයාලටත් කිව්වේ ඔයාලගෙත් හොඳම යාළුවෝ ඇති. එයාලත් එක්ක එකතු වෙලා පොඩි ෆන් එකකුත් අරගෙන මේවගේ discussion එකක් තියන්න. මාරම වටින දෙයක්. වටිනාකම කියලා නිම කරන්න බැහැ.

ඒ වගේම මගේ පහුගිය අවුරුද්ද ගැන කතා කළොත් ජයග්‍රහණ, හොඳ අත්දැකීම් ගොඩාක් හම්බුණු අවුරුද්දක් විදිහට 2010 අවුරුද්ද නම් කරන්න පුලුවන්.

මුල ඉදන් මතක් කරගෙන ආවොත් මගේ ජීවිතේට සුවිශේෂී කෙනෙක්ව හමුවුණා පෙබරබාරි මාසේ. ඒක ගැන සතුටෙන් මතක් කරන්න කැමතියි :)


ඒ වගේම මම campus එකේ මුල්ම විභාගෙට මුහුණ දීලා ඊට පස්සේ නිවාඩු කාලේ මේ බ්ලොග් එක පටන් ගත්ත එකත් විශේෂ දෙයක්. බ්ලොග්කරණය නිසා හුඟාක් දේවල් ඉගෙනගත්තා වගේම යාළුවෝ ගොඩා.....ක් අඳුරගන්න පුලුවන් වුණා.

ඒ වගේම දහම් පාසල් ගුරුවරයෙක් විදිහටත්, ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ සාමාජිකයෙක් විදිහටත් ජීවිතේට තවත් වටිනා කියන අත්දැකීම් ගොඩාක් ලබාගන්න පුලුවන් වුණා.

ඒ වගේම අපේ Logic class එකේ කට්ටියත් එක්ක ෆන් වගේම හොඳ හොඳ අත්දැකීම් ගොඩකුත් ලබාගන්න පුලුවන් වුණා. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙද්දී කැම්පස් එකේ 2nd sem එකේ exam එකත් තියලා ඒකේ results එහෙමත් ලැබුණා.

කැම්පස් එකේ 1st year එකේ results එක්ක මගේ GPA එක 4.0 කට ඇවිත් තිබුණා වගේම History batch එකෙන් Batch Top වෙන්නත් මට ලැබුණු එක ගැන මට ලොකු සතුටක් තියෙන්නේ :)


ඇත්තටම මේ අවුරුද්දේ හැම තිස්සෙම මම සතුටෙන් හිටියාම නෙමෙයි. ඒත් හුඟාක් වෙලාවට සතුටෙන් හිටියා. ඒ වගේම අන්තිම දවස්වල ලොකු සතුටකින් තමා මම හිටියේ. තාමත් ඒක එහෙමයි.

ඉතින් මේ අවුරුද්දෙත් වැඩ ගොඩක් තියෙනවා. ඒවා සාර්ථකව කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මෙච්චර කාලයක් මට ආශිර්වාදයක් වුණු, හයියක් දීපු, හිතවත් වුණු හැමෝටම ස්තුතියි. ඉස්සරටහටත් ඒ විදිහට ඔයාලා රැඳිලා ඉදියි කියලා විශ්වාස කරනවා.

එහෙමනම් අලුත් අවුරුද්දේ කතා ගොඩකුත් එක්ක හමුවෙමු.

28 comments:

  1. එහනම් කොල්ලෝ මේ අළුත් අවුරුද්දෙදී ඔයාගේ සතුට හිනාව . හැමදේම දෙගුන වෙන්න කියලා මම පතනවා . මේ අවුරුද්දෙදීත් ආගිය කතා ගිය වසරේ වගේම බොක්කටම වදින්න ලියන්න ..

    ජයවේවා !!

    ReplyDelete
  2. හසිතටත් පවුලේ සියළුම දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා....!!!! ඔය සතුට සැමදා සිතේ රැදේවා!!!!! ඒ වගේම සියළු බලාපොරොත්තු ඉටුවන නීරෝගිමත් නව වසරක් වේවා!!!!

    (අපේ නම් එක යාළුවෙක් 25 බැන්දා. සහභාගි වුනේ නැති එක ගැන දුක හිතුනා. අපිත් ගිය අවුරුද්දේ වසරකට සැරයක් හමුවක් තියන්න කතා කර ගත්තා. අපි නම් 9 දෙනෙක් ටිකක් ලොකු පිස්සො සැට් එකක්...... :D )

    එහෙනම් ජය වේවා...!!!!

    ReplyDelete
  3. සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරකට ආසිරි.

    ආගිය කතා දිගටම ලියන්න හැකිවේවා. !

    ReplyDelete
  4. සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා....! මේ අවුරුද්දේත් ජයග්‍රහණ ගොඩක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  5. සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  6. මල්ලියටත් සුබම සුබ නව වසරක් වේවා...........!

    ReplyDelete
  7. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි. ස්කවුටින් සෙට් එකත් මතක් කළා කියන්න හොදේ!

    ReplyDelete
  8. සුබම සුබ නව වසරක් වේවා....ayya

    ReplyDelete
  9. මල්ලිටත් සුබ ම සුබ නව වසරක් වේවා කියලා පතනවා. ඒ වගේම මල්ලිගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් පතනවා

    ReplyDelete
  10. GPA එක ගැන කිව්වම තමයි මට මතක් උනේ මගේ GPA එකත් පුදුම විදිහටනේ විචලනය උනේ

    පලමු වසරේ GPA එක > 3.2
    දෙවන වසරේ GPA එක > 2.9
    තෙවන වසරේ GPA එක >2.5
    අවසන් වසරේ GPA එක < උසස් පෙල Z- Score

    හොද වෙලාවට අවුරුදු හතරෙන් කෝස් එක ඉවර උනේ. නැත්නම් GPA එක කියලා එකක් තිබ්බද කියලා හොයා ගන්න බැරුව යනවා

    කෝස් එකේ ඉතුරු ටිකත් හොදට කරන්න මල්ලි.

    මගේ සුබ පැතුම් !!!

    ReplyDelete
  11. මලේ,

    උඹ වගේ හිත හොඳ මිනිහෙක්ට අවුරුද්ද සුභ වෙන්න කියල අමුතුවෙන් පතන්න දෙයක් නෑ. ඒත් ඔන්නෙ ඔහේ පුරුද්දට වගේ "සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා" කියල කිව්ව.

    ReplyDelete
  12. සුබ අලුත් අවුරුද්දක් වේවා මලේ...

    ReplyDelete
  13. මොනව උනත් අයියේ සුභ අලුත් අවුරුද්දක් වෙවා කියල ඉන්නම්. ගොඩ කාලෙකින් මගෙ පලවෙනි උපදේශක අයියල ටික ගැන අරන්චියක් අවෙ කොහොමහරි පස්දෙනාම හොදින් ඉන්නව කියලා හිතනව!!!:) කොහොම උනත් අය්යලා මීරිගම කරපු කදවුර මම ගිය හොදම කදවුරු වලින් අකක්. අයිය දන්නවද දන්නෑ දැන් http://royalscouts.com/log/ එකේ bloging කරන්ඩත් පුලුවන්

    ReplyDelete
  14. @හිස්
    අහස


    ස්තුතියි සඳරු. ඔබතුමාටත් එමම වෙන්න කියලා පතනවා. මේ අවුරුද්ද ඔයාගේම කෙනාත් එක්ක සතුටින් ගත කරන්න පුලුවන් වෙන්න කියලා හදවතිනම පතනවා :)

    ReplyDelete
  15. @හා පැටික්කි (MS)

    හා පැටික්කිටත් එසේම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. යාළුවෝ සෙට් එකත් එක්ක එකතුවෙලා අවුරුද්දේ අන්තිම දවසක් ගත කරනවා කියන එක හරිම වටින දෙයක් තමා.......

    සරසවි පියසේ හොඳ හැටි කල් ගත කරන්න ලැබෙන වසරක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරන්න ඕනේ.....

    ReplyDelete
  16. @Praසන්ன

    අන්තිමට ඔයා ලියලා තියෙන එකට ඇරෙන්නේ අනිත් ඔක්කොම ටික එසේම වෙන්න කියලා පතනවා......... :))

    ReplyDelete
  17. @හසී

    ස්තුතියි හසී අක්කේ. ඔබතුමියටත් එසේම වේවා කියලා පතනවා මේ හසි මලයා

    ReplyDelete
  18. @෴ හසියා ෴

    මම දන්නවා හසී අයියාගේ හක්කේ එකක් බොක්කේ එක්ක නැහැ කියලා :))
    බොහෝ......ම ස්තුතියි අයියා. ඔබතුමාටත් එසේම වේවා කියලා පතනවා මේ හසි මලයා

    ReplyDelete
  19. @dinesh

    පිට දේසෙක තට්ට තනියම හිටියත් මිතුදම් සහෝදරකම් පවතිනවා නොවැ අයියා. ස්තුතියි සුබ පතන්න එකතු වුණාට. ඔයාටත් එසේම වෙන්න කියලා පතනවා :)

    ReplyDelete
  20. @blog gadol

    ස්තුතියි පූස් අයියලාටත්. අනිවා ස්කවුටින් කට්ටියව මතක් කළා කියන්නම්. ඒ වගේම මම කලින් කියපු සෙට් එකෙන් ඔසී ඉන්න එකා ඇරෙන්න අනිත් එවුන් පස් දෙනාම බ්ලොග් ගඩොල් කියවන ඔයාලා ගැන ටච් එකේ ඉන්න එවුන් තමා :))

    ReplyDelete
  21. @shani


    නඟාටත් එසේම වෙන්න කියලා පතනවා. සරසවි සිහිනයේ කටයුතු හොඳ විදිහට සිද්ධ වෙලා ඇතියි කියලා හිතනවා............ :)

    ReplyDelete
  22. @මධුරංග

    වටිනා කියන අවවාදයකුත් එක්ක සුබ පැතුමක් එකතු කළාට ස්තුතියි අයියා. ඔයාටත් එසේම වෙන්න කියලා පතනවා.........

    අපෙත් තව අවුරුදු 3 ක් තියෙනවා :))

    ReplyDelete
  23. @ඉන්දික උපශාන්ත

    හිත හොඳ මනුස්සයෙක්ව අඳුනන්න පුලුවන් වෙන්නේ තවත් හිත හොඳ මනුස්සයෙක්ටනේ අයියා.

    අයියාටත් එසේම වෙන්න කියලා පතනවා :)

    ReplyDelete
  24. @පිස්සා පලාමල්ල

    සීතල හිම රටේ ඉදන් සුභ පතන්න එකතු වුණු පිස්සා අයියාටත් ස්තුති වේවා. ඔබතුමාටත් එසේම වෙන්න කියලා පතනවා :)

    ReplyDelete
  25. @Vinura Thivin (විනුර තිවින්)

    සුභ පතන්න එකතු වුණු විනුර මල්ලීටත් ස්තුතියි ඒ වගේම මාත් එසේම වේවා කියලා පතනවා.


    අපි පස් දෙනාම හොඳින් ඉන්නවා මල්ලී. ඉසුරු අයියා මොරටුවේ ඉන්ජිනියරින්, අශාන් අයියත් මොරටුවේම ෆැසිලිටි මැනේජ්මන්ට්, තරංග අයියා නවසීලන්තේ යන්න ඉන්නේ මේ අවුරුද්දේ එයාගේ උසස් අධ්‍යාපන කටයුතුවලට, මනීෂ අයියා ගිය අවුරුද්දේ ඔසී ගියා එයාගේ උසස් අධ්‍යාපන කටයුතුවලට, මම කැලණියේ ඉතිහාසය ස්පෙෂල් එකක් කරනවා.

    මීරිගම කෑම්ප් එක නියමම කෑම්ප් එකක් තමා...... :))

    අපේ වෙබ් සයිට් එකේ බ්ලොගින් කරන්න පුලුවන් කියලා මට ඉසුරු අයියා කිව්වා. වෙලාවක් තිබුණේ නැහැ ඒකට මොකක්වත් සප් එකක් දෙන්න. බලමුකෝ මේ අළුත් අවුරුද්දේ පුලුවන් වෙයිද කියලා :)

    ReplyDelete
  26. Wish U All the Best ... Malli With Lots of Love
    Vathsi Akka <3 :D

    ReplyDelete
  27. @Vathsala

    බොහොම ස්තුතියි අක්කේ :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................