Tuesday, November 9, 2010

නරක දේක තියෙන හොඳ පැත්ත.

නරක දේක හොඳ පැත්තක් තියෙනවාද ? හොඳ දෙයක් නැති නිසානේ අපි ඒකට නරකයි කියන්නේ. ඒ වගේම හොඳ දේක නරක පැත්තකුත් තියෙනවාද ? එතකොට ඒක නරකයි නම් ඒකට කොහොමද අපි කටක් ඇරලා හොඳයි කියන්නේ.

මේක අහපුවාම නිකම් අපබ්‍රංස වගේ කියලා කාට හරි හිතෙන්නේ පුලුවන් නේද ? හරියට හරි. ඒත් මට මේ වගේ දෙයක් හිතුණේ මේ ඊයේ පෙරේදා දවසක වුණු සිද්ධියකුත් එක්ක.

ඊට කලින් මේ කතාවටම එකතු කරන්න පුලුවන් තව රුවන් වැකියක් තමා "හැම දෙයක්ම වෙන්නේ හොඳටනේ" කියන එක.

ඒක ගැන කට්ටිය මොකද කියන්නේ? එහෙම කියමනක් මම දැනගත්තේ විජය පත්තරේ ගිය කතාවකින්. විජය පත්තරේ කියද්දී මතක් වුණේ මම 2008 උසස් පෙළ කරද්දිත් විජය පත්තරේ වගේම මිහිර පත්තරෙත් නොවරදවාම ගත්තා. [ඊට පස්සේ පත්තරේ ගන්න එක නැවැත්තුවා.]

අපේ පංතියේ කොල්ලෝ මට නක්කලේ දානවා
"උඹ තාම පොඩි එකා වෙන්න යනවා පොඩි එවුන්ගේ පත්තර කියවලා" කියලා.

ඒත් මම ඒ පත්තර ගෙනාපුවාම මට නක්කලේ නොදාපු එවුන් වගේම දාපු එවුනුත් පත්තරේ අනිවා කියවනවා. ඉතින් ආයි කතාවට එමුකෝ.

විජය පත්තරේ තිබුණු කතාව මෙහෙමයි. එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටිය රජතුමෙක්ගේ ඇඟිල්ලක් දවසක් කැපෙනවා වෙන් වෙන්නම දවසක්දා. හැම ඇමතියාම ඒක ගැන දුක් වෙද්දී එක ඇමතියෙක් විතරක් කිව්වාලු "හැම දේම වෙන්නේ හොඳටයි" කියලා.

මේක අහපු රජ්ජුරුවන්ට ඌරු ජුවල්ලු. ඇඟිල්ල කැපිලා වෙන්වෙලා තියෙද්දී මූ මේක හොඳයි කියනවනේ කියලා. රජතුමා හිතාගත්තලු "දෙන්නම් මුට බැටේ" කියලා.

දවසක්දා රජතුමා අර ඇමතියාට දඩයමේ යන්න එන්න කියලා මේ දෙන්නා විතරක් දඩයමේ ගියාලු. අර පරණ තරහත් හිතේ තියාගෙන හිටිය රජතුමා මේ ඇමතියාව ඒ කැලේ මායිමේ තිබුණු හෙළකින් පහළට තල්ලු කලාලු.


"තෝ මැරිලාම පලයන් මට අනම් මනම් කිව්වාට. හැමදේම වෙන්නේ හොඳටනේ. දැන් එහෙමනම් මැරියන්" කියලා.

රජතුමාට ඇමතියාව හෙළෙන් තල්ලු කරලා ටික දුරයි යන්න වුණේ නිධන් හොරු කට්ටියක් රජතුමාව අල්ල ගන්නවාලු. උන්ට නිධානයක් ගන්න බිල්ලට තියන්න අංගසම්පූර්ණ මනුස්සයෙක්ව ඕන වෙලා තියෙන්නේ.

ඉතින් රජතුමා කියන්නේ අංගසම්පූර්ණ මනුස්සයෙක් නේ හොරු සෙට් එකට මාර happy බිල්ල ළඟටම ආපු එක ගැන. හොරු ටික රජතුමාගේ ආභරණ එහෙම ගලවලා බිලි පූජාවට ලෑස්ති කරද්දිලු දැක්කේ අතේ ඇඟිල්ලක අඩුවක් තියෙනවා. පස්සේ හොරු ටික රජතුමාව නිදහස් කරාලු.

එතනින් බේරිලා එද්දී රජතුමාටත් නිකම් හිතුණාලු ඇත්ත තමා හැමදේම වෙන්නේ හොඳටනේ. අද මගේ ඇඟිල්ල තිබ්බා නම් හොරු ටික මාව බිල්ලට දීල නේ කියලා. පස්සේ රජතුමා හිතුවාලු ඇමතියා හරි තමා මම එයාව බේරගන්න ඕනේ කියලා හිතලා හෙළ ගාවට ගිහින් බලද්දී ඇමතියා වැලක එල්ලිලා ඉන්නවාලු. ඉතින් රජතුමා ඇමතියාව ගොඩට ගත්තාලු.

පස්සේ තමන්ගේ අතින් වුණු දේ ගැන රජතුමා ඇමතියාට තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරද්දී ඇමතියා කිව්වාලු. "දේවයන් වහන්ස, ඒකත් වුණේ හොඳට නේ. බැරිවෙලාවත් එහෙම නොවී මාත් ඔබ වහන්සේ එක්ක ගියා නම් හොරු මාව බිල්ලට අරන් නේ" කියලා.

ඉතින් ඔහොමලු "හැමදේම වෙන්නේ හොඳටයි" කියන කතාව භාවිතයට ආවේ.

ඉතින් මම දැන් මට වුණු සිද්ධිය කියන්නම්කෝ. මේ වගේ ඒවා මට හිතුණේ මම අන්තිමට දාපු "අපගේ බලවත් ශෝකය" කියන post එකට Anonymous කෙනෙක් දාලා තිබුණු comment එකක් නිසා.

ඒකේ තිබුණේ මෙහෙමයි.

"ane p*****a miinissunawa erawattla blog ekata katttiya genna ganna epa k****o...uba h----- eka l----- kanwada k****a....padue hitapn...p****a athal dhenne nathuwa"

මේක දාලා තිබුණේ පෙරේදා හැන්දෑ වරුවේ. මේක දැක්ක ගමන් හසී අයියා මේක ගැන කියලා මට message එකකුත් එවලා තිබුණා. ඒ වෙලේ මම නිදි. මොකද හසී අයියා message එක එවලා තිබුණේ 9 ට විතර වගේ. මම උදේ message එක දැක්කාම blog එකට ගිහින් බැලුවා මොකක්ද මේ ඇනෝ කියලා තියෙන්නේ කියලා.

ඒකට හසී අයියත් හොඳ උත්තරයක් දීලා තිබුණා.

"කවුරුවක්වත් රවට්ටන්න අපිට ඕනි කමක් නෑ... අපි අපේම හසී සහෝදරීට සුභ පතපු එකයි කලේ....ඒක අපේ වැඩක්....ඒ වගේම යුතුකමක්‍‍...තමුන්ගා වගේ ජාතියක් ජන්මයක් නැතිවුන්ට කොහෙද ඉතිං සහෝදර බැදීමක්..... අපි ගැන දන්න අය තමයි අපේ බ්ලොග්වල කමෙන්ට් දැම්මේ..දාන්නේ...නිකන් වලිගේ පාගන් උඩ පනින්න එපා.... උඹේ කොන්ද පණ නෑ කියලා දන්නවා ඇනෝ කමෙන්ට් දානකොටම....අපි අපේ වැඩක් බලාගන්නම්...උඹ නිකන් උඩ පැනලා නහින්නේ නැතිව හිටියොත් හොදයි නේද..."

මට ඇත්තටම ඒ වෙලේ comment එකක් දාන්න හිතුණේ නැහැ. ගැමුණු කුමාරයා උණුවෙන් හුණුසාල් බත් කන්න ගිහින් අත පුච්ච ගත්තලුනේ. මටත් හිතුණා උණු උණුවේ අත දැම්මොත් අත පිච්චෙනවා ඒක නිසා හිමින් සැරේ ගේමට බහින්නම්කෝ කියලා.

පස්සේ ඊයේ දවසත් ගෙවිලා ගියා. මම ඊයේ වැඩ වගේකට මීගමු ගියා. ඉතින් bus එකේ එනකම් යනකම් පැය 2 ක් නිකම්ම තමා ගියේ. මට සාමාන්‍යයෙන් හොඳ හොඳ ideas එන්නේ bus එකේ යද්දී. ඉතින් මීගමු ගිහින් ආපහු එන පැය 2 දී මට හිතුණා මෙහෙම comment කළොත් වගේම post එකකුත් ලිව්වොත් හොඳයි කියලා.

අන්තිමට ඉතින් මේක තමා මගේ අතින් ලියවුණේ........

අන්තර්ජාලය කියන්නේ facebook කියන්නේ ගෝනි බිල්ලෙක් මිනිස්සුගේ ඔළු අවුල් කරනවා, ළමයි විනාස කරනවා කියලා මතයක් අද වෙද්දී සමාජයේ හුඟාක් අය අතර ගොඩනැඟිලා තියෙනවා.

ඒ වුනත් ඒක එහෙම නෙමෙයි කියන්න හසී පවුල කියන එක උදාහරණයක් විතරයි. හසී පවුලේ කට්ටිය එකට එකතු වෙලා මුහුණට මුහුණ හමුවෙලා නැතත් එකම පවුලේ සහෝදර සහෝදරියන් වගේ ඉන්නවා කියන එක කියන්න ඕනේ.

ඒක ඇතිවුණේ මේ සිංහල බ්ලොග් අවකාශය නිසා, facebook එක නිසා. ඒ නිසා අපේ සහෝදරයෙක්ගේ, සහෝදරියක්ගේ උපන් දිනයකට සුභ පතන එක වෙනත් විදිහට අර්ථ ගන්වන්න යන අය ගැන ඇත්තටම කණගාටුයි

කොහොම වුනත් මේ ඇනෝගේ ප්‍රතිචාරය මම අයින් කරන්නේ නැහැ. ඒ මට ඕනේ කරන ප්‍රතිචාර විතරක් දමාගන්න මම blog එකක් කරනවා නම් ඒක ඒකාධිපති සොබාවයක් ගන්නවා කියලා මට හිතෙන නිසා

ඒ මොනවා වුණත් ගැටළුවක් තියෙනවා නම් විරුද්ධත්වයක් තියෙනවා නිර්නාමිකව ඇවිල්ලා කුණුහරුපයක් දෙකක් කියලා යන එක වීරකමක් කියලා මේ ඇනෝ හිතනවද දන්නේ නැහැ. කොහොමත් ඒ ජාතියේ අයගේ හැටි ඔහොම තමා. කොහොමත් මේ වගේ කට්ටිය හැංගිලා ඉදලා තමා ගේම් දෙන්නේ.

මහා රණශූර ජුලියස් සීසර්ටත් කිණිස්සෙන් ඇන්නේ පිටිපස්සෙන් ඉදලා. ඒ මුහුණ මුහුණ ඉදන් එහෙම දෙයක් කරන්න හයියක් නොතිබුණු නිසා. එහෙම දෙයක් කරලා ඒ කට්ටිය fun එකක් ගත්තා සීසර්ටත් අපි බැටේ දුන්නා කියලා. ඒත් අන්තිමට ඒ හැමෝටම වුණේ මියයන්න.


ඒ වගේ මේ ඇනොත් හැංගිලා ගේම් දීලා simple fun එකක් ගත්තාට එයාට වැඩ වරදින දවසකුත් එනවා කියන එකත් මතකයේ තබාගත්තොත් හොඳයි කියලයි මට හිතෙන්නේ.

ඒක කාගේවත් නීතියක් නෙමෙයි සොබාදහමේ නීතිය.

කොහොම වුනත් හැමදේම වෙන්නේ හොඳටයි කියලා සාමාන්‍යයෙන් මම හිතන නිසා මේ තර්ජනයේ තියෙන හැංගුණු හොඳ මොකක්ද කියලා මම හිතද්දී මට හිතුණේ මෙන්න මේකයි.

මීට කලින් අදහස් දක්වපු විපුල මහත්මයාත් [මම හිතන විදිහට විපුල සුමනසේකර] කිව්වා

"හැබැයි ගොයියො මේවා කියවන්ට යන කාලේ ගැන ටිකක් දුකයි... තරහාවෙන්න එපෝ.... "

ඒ වගේම ඇනෝ කියන විදිහට

"ane p****** miinissunawa erawattla blog ekata katttiya genna ganna epa k*****..."

මේ කතා දෙකෙන්ම මට හිතුණේ බ්ලොග් කියවන අය ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා මගෙන්.

ඇත්තටම මේ දවස් ටිකටම හසී අයියගෙයි, හසී අක්කගෙයි උපන් දින සුභ පැතුම් ඇරෙන්නේ වෙන මොකවත් මම ලියලා නැහැ. එතකොට මේ වගේ දේවල් වෙන්නත් පුලුවන් නේද කියලා මට හිතුණා.

මේ වගේ දෙයක් වුනේ මම අළුත් blog එකක් පටන් ගත්ත එකෙන්. ඒක ගැන මම කට්ටියට කිව්වානේ.

http://eatuwawa.blogspot.com/

ඉතින් ඒකට post එකක් ලියද්දී ඒවාට ටික කාලයක් මිඩංගු කරන්න වෙනවා. ඒක නිසා ආගිය කතාවට තිබුණු අවධානය අඩුවුනා කීයලා කිව්වොත් නිවැරදියි.

ඒක නිසා ඉස්සරහට මේ වගේ හුටපට නොවෙන්න blogs දෙක ගැනම සමානව අවධානය යොමු කරලා කටයුතු සිද්ධ කරන්න මම බලාපොරොත්තු වෙනවා කියලා කියන්න කැමතියි. එතකොට ඔක්කොම හරි නේ.

එහෙම නම් අළුත් කතා එක්ක හමුවෙමු.

http://aagiyakatha.blogspot.com/


ප.ලි.: මේ කතාවේ ආදර්ශය

හොඳින් බලන්න. කරුණෙන් කරුණ විමසමින් බලන්න. නරක දේක වුවත් සැඟව ඇති හොඳක් ඔබට සොයා ගැනීමට හැකිවේවි. [මේක හොඳ දේකට කොහොම වෙයිද දන්නේ නැහැ. මට අත්දැකීමක් හම්බුණු දවසකට කියන්නම් ඔයාලටත් :))]

ප.ප.ලි.: මේ post එක නිසා තව හොඳක් වුණා. විජය පත්තරේට link එක දාන්න නිකමට වගේ Google එකේ search කරද්දී දැක්කේ විජය පත්තරේ අන්තර්ජාලෙටත් එකතු කරලා තියෙන වග. ඒ කියන්නේ ඉස්සරහටත් මට විජය පත්තරේ කියවන්න ලැබෙනවා කියන එක.

ප.ප.ප.ලි.: ඇනෝගේ comment එක මම delete කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටියත් හසී අයියා අද උදේ එවපු message එකක් නිසා ඒ තීරණේ මම වෙනස් කළා. අපේම සහෝදරියක් වගේ ඉන්න හසී අක්කාට ඒකෙන් යම් අපහාසයක් වෙනවා නම් ඒකට පිළියම් යොදන එක මගේ යුතුකමකටත් වඩා වගකීමක් වෙන නිසා.......

29 comments:

  1. Hasitha අයියා : ඔයා හැසිරිලා තියන විදිහ ඇත්තටම හිතාගන්න අමාරුයි... මට ඔය වගේ දෙයක් වුණානම් මම කොච්චර කලබල වෙයිද..? බ්ලොග් එක delete කරලා ආයේ මේ පැත්තේ එන්නැතිවෙය්.. ඒත් ඔයා ... එහෙම වුනෙ නෑ.. මටත් ඉස්සර ඔය හසි පවුල ගැන කිසිම වැටහීමක් තිබුනේ නෑ.. මම හිතුවේ එකකුස උපන් සහෝදර සහෝදරියෝ කියලා.. (දැන් උනත් හිතන එකේ කිසි වෙනසක් නෑ අයියා).. මමත් අය හොයනවා "රුවන්" කියන කෑල්ලෙන් නම පටන් ගන්න යාළුවෝ ටිකක්... එතකොට රුවන් පවුල කියලා එකක් හදාගන්නත් පුලුවන් වෙයිනේ..:):)
    හසි අයියයි,ඔයයි, හසි අක්කයි (තාම හරියට බොක්කට දැනුනේ නෑ,... මුහුණු පොතෙන් හොයාගන්න ඕනේ.. ගිය පාර මා අතින් delete උනා..ඒකයි)හරිඅම් සුහදයි.. ඒක නම් කිව යුතුමයි.. අපේම එකෙක් කියලා දැනෙනවා..

    මටත් ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් උදව් කරනවද..? කියන්න බෑනේ..හෙට මොනවා වෙයිද කියලා..

    ඔයා කරපු දේ හරියට හරි..

    ඒ වගේම මමත් විශ්වාස කරනවා හැමදේඅම් වෙන්නේ හොඳට කියලා..ඒත් ඒ අන්තිමට..
    ඒක හරියටම හරි මූලධර්මයක්..

    මුහුණු පොතෙන් අළුත් ලිපියක් ගැන දැන්නුවාට ස්තුතියි අයියා..
    පිස්සු කතාව කියපු නිර්නාමිකයා ගැන මම මුකුත් කියන්න යන්නෙ නෑ අයියා..

    ReplyDelete
  2. කවුද ළමයෝ ඕව ගනං ගන්නේ. මං නං කොමෙන්ට් මොඩරේට් කරන්න දාලයි ඉන්නේ කවුදෝ එකෙක් කරපු දෙයක් නිසා.
    කොහොම හරි, ඒක ගැනත් හිතලා ලිපියක් ලිව්ව එක ලොකු දෙයක්.
    මට නං අදහස් එන්නේ නාන කොටයි.
    මීගමු යනකොට ඒවා ලියනවා.
    කකා

    ReplyDelete
  3. @ප්‍රාර්ථනා

    නඟා හදන්න යන රුවන් පවුලට සාඩම්බර හසී පවුලේ පූර්ණ සහයෝගය ලබාදෙනවා කියන එක මුලින්ම කියන්න ඕනේ...... :)

    ඉතින් මේ කතාවෙන් මොකක් හරි හොඳ දෙයක් ඔයත් ගත්තා නම් මට ඒක ගැන සතුටුයි. ඒ වගේම ඔයාටත් එහෙම ප්‍රශ්නයක් ආවොත් අනිවා උදව් කරනවා. ඒකේ කතා 2 ක් නැහැ.

    මොකද මම විශ්වාස කරන තව දෙයක් තමා අපි හැමෝම එකිනෙකාට උදව් කරගන්න ඕනේ කියන එක. අනික් අය කළා නොකළා මට අදාල නැහැ මම මට පුලුවන් උපරිමෙන් අනිත් අයට උදව් කරනවා.

    ඒත් ඒ වගේ දේවල් නොවෙන්න කියලා තමා මම මුලින්ම ප්‍රාර්ථනා නඟා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ :))

    "තාම හරියට බොක්කට දැනුනේ නෑ,... මුහුණු පොතෙන් හොයාගන්න ඕනේ.. ගිය පාර මා අතින් delete උනා..ඒකයි"

    මේක ගැන නම් තේරුණේ නැහැ. :0

    ReplyDelete
  4. @කතන්දරකාරයා

    Comments moderate කරන වැඩේ කරන්න මගේ හිත එච්චර කැමති නැහැ. මීට කලින් මම ලියපු චූ කතාවකට මෙහෙම හුටපටයක් ඇවිත් Comments moderate කරන්න කියලා හුඟාක් අය කියලා [ඔයාත් ඇතුළුව] එහෙම කළා.

    ඒත් අදහස් දක්වන්න තියෙන අයිතියට බාධා දාන්න මම කැමති නැහැ කියලයි මට හිතෙන්නේ............

    ඒ වගේම එක එක අයට අළුත් අදහස් ගලාගෙන එන අවස්ථා විවිධයි නේද :))

    ස්තුතියි කසූ මේ පැත්තේ ඇවිත් යන්න ආවාට :)

    ReplyDelete
  5. අනේ අර විජය පත්තරේ ලින්ක් එකනම් පරණ එකක්. ඒක 2008 න් පස්සෙ අලුත් වෙලා නෑ. අලුත් update වෙන links හම්බ වුණොත් එවන්නකො. මමත් තවම කැමති විජයයි මිහිරයි කියවන්න

    ReplyDelete
  6. ඔය ඉවසීම රටක් වටී මල්ලී,,,, ඉවසීම ගොඩක් වටින්නෙ පවුල් ජීවිතේට ,,,මල්ලිට දවසක තේරෙයි,ජයම වේවා !!!!!!!!!

    ReplyDelete
  7. අහ්..! මේකයි.. හසි අක්කව මට ඇසුරු කරන්න ලැබුනේ නෑ..ඉතින් එයාව නම් මම තාම අඳුරන්නෑ.. ඒකයි කිවුවේ..:):) :D

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්ම්ම් හැමෝම කියවිය යුතු ලිපියක් කියලා ඇත්තටම කියන්න ඕනි...ම්ම්ම්ම්ම් මටත් ඒ කමෙන්ට් එක දැක්කාම ඇත්තටම කේන්තිගියා.මමත් වැරදිද මන්ද....
    උඹ අපේම සහෝදරයෙක් වගේ දැනෙන එකත් අපිට ආඩම්බරයක් සහෝ....දිගටම ලියන්න...
    හසී පවුලෙන් සුභ පැතුම්....!!!

    @ ප්‍රාර්ථනා
    නංගියෝ වෙලාවට හසී අක්කාව ආශ්‍රය නොකලේ....ඔයා 99.99 බේරිලා තියෙන්නේ...එයා හරිම වසයි...අපිට බනිනවා.ගහන්න විදිහක් නෑ තාම සෙට් එක මීට් වෙලා නැතිනිසා.කට ඇරියෝත් බනිනවාම තමයි....බොරුනම් මේ අපේ කතා හසියාගෙන් අහල බලන්නකෝ බොරුද කියලා....

    ReplyDelete
  9. හැම දේම වෙන්නේ හොඳට නොවැ යාලුවා.ගණන් ගන්න එපා කශේරුකා නැති ඇනෝ කතා.

    ReplyDelete
  10. කතාවක් තියෙන්නේ මල්ලි ඵල ඇති රුකටලු ගල් ගහන්නේ කියලා... කොහොමත් ඔය වගෙ කමෙන්ට් වැටිල තියෙනව මම දැක්කේ වටිනාකමක් තියෙන ප්‍රසිද්ධ බ්ලොග්වල විතරයි... අත්දැකීමෙන් කියෙන්නේ... මොකද මගෙ බ්ලොග් එකේ ඔය වගෙ කතා කියල එක කමෙන්ට් එකක්වත් මේ වනතුරු වැටිල නෑ... :)

    ReplyDelete
  11. ganan ganna epa malli.owa ohoma thamai

    @ putha - ube blog 1 narakai kiyala kawda kiwwe?

    ReplyDelete
  12. Anonymous කතන්දරේ වටිනාකම තියෙන්නේ තමන්ගෙ අනන්‍යතාවය සඟවාගෙන ඍජු අදහස් දක්වන්නන්ට තමයි( දේශපාලන කාරණා වලදි එහෙම ) නැතුව කුණුහරුප ලියන ගස් බල්ලන්ට නෙවෙයි. ඒ වගෙ comments මකල දාහන් හසී මලයො . ඒකෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති වෙන්නේ නැ. මානව නිදහසෙයි කියල ඇදුම් නැතුව පාරෙ යන්න දෙන්න බැනේ ඒ වගෙ තමා මෙතනදිත්

    ReplyDelete
  13. මගේ අන්තිම ලිපියට ආපු පළවෙනි ප්‍රතිචාරයෙන් මම ගොඩාක් පසු බැස්සා. මගේ ප්‍රතිචාර අනුමත කරාට පස්සේ තමා පේන්නේ. ලිපිය ලිව්වේ රෑ, උදේ ඒ ප්‍රතිචාරය දැක්කම මම උඩ ගියා. මං හිතුවේ මම ලියලි තිබ්බ දේ හරියට තේරෙන්න නැතුව ඇති කියලා. මම ප්‍රතිචාරය අනුමත කරේ නෑ මොකද ප්‍රසිද්ධියට පත් කරන්න තරම් සුදුසු නැති නිසා. කොහොම උනත් හවස අපේ h සහෝදරය මගේ ලිපියට දාපු ප්‍රතිචාරයෙන් පසසේ මම ලියල තියන දේ වරදක් නෑ කියල තේරුණේ. අද ඔබ දාපු ප්‍රතිචාරයෙන් ඒ දේ තවත් තහුවුරු වුණා.

    කොහොම වුණත් නමක් නැතුව මේ වගේ ප්‍රතිචාර දැක්වීම අණුමත කරන්න බෑ. ලිපියක් වරදක් ඇත්නම් එය යහපත් ලෙස පෙන්වා දිය යුතුයි. මේකෙන් අපි ඉගෙන ගන්න ඕනේ පාඩමක් තමා මෙසේ ලැබෙන නිර්ණාමික ප්‍රතිචාර නොසලකා ඉදිරියටත් ලිවීම. කවුරුහරි හිතේ කහටක් තියාගෙන ප්‍රතිචාර කර පළියට කවුරුවත් තමන් අමාරුවෙන් ලියන බ්ලොග් නම් නවත්වන්න එපා!

    තවද ප්‍රතිචාර අනුමත වූ පසු පෙන්වීමේ වරදක් නෑ. සමහර අය දමන මෝඩ ප්‍රතිචාරයක් නිසා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

    ReplyDelete
  14. Hasitha අයියා.... ඇත්තද මේ හසියා අයියා කියන්නේ.. නැත්තම් හසි අක්කට මඩ පාරක්ද,,..?:):)

    ReplyDelete
  15. @Chanaka Aruna Munasinghe

    මකර අධිරාජ්‍යයාත් එහෙම නම් මම ඉන්න බෝට්ටුවේම වගේ ඉන්නේ :)

    මාත් පස්සේ තමා දැක්කේ අයියේ ඒ link එකෙන් මෙලෝ වැඩක් නැති විත්තිය. අළුත් විස්තරයක් මොකුත් හම්බුණොත් කියන්නම්කෝ..............

    ReplyDelete
  16. @හරී - පිණිපළස

    ස්තුතියි හරී අක්කේ තව කල් තියෙනවානේ පවුල් පන්සල් වෙන්න. ඒකට කලින් තියෙන පියවරටවත් මම තාම ඇවිත් නැහැනේ.

    කෝකටත් අක්කාගෙන් ලැබුණු විවරණය වටිනවා. මට අනිවා එක ඉස්සරහට මතක් වේවි. ස්තුතියි අක්කා දුන්න හයියට :)

    ReplyDelete
  17. @ප්‍රාර්ථනා

    ආහ් ඒක මිසක්. කොටින්ම මාත් මුහුණු පොතෙන් හම්බෙලා තියෙනවා ඇරෙන්න හසී අක්කාව ඇත්තට හම්බවෙලා නැහැ. හසී අයියා, පොඩි හසියාවත් එහෙමයි.

    ඒත් හොඳ මිත්‍රත්වයක් ඊටත් වඩා සහෝදරත්වයක් ගොඩ නැගිලා තියෙනවා අපි අතරේ.............

    ReplyDelete
  18. @෴ හසියා ෴

    ස්තුතියි හසී අයියා හැමදාමත් වගේ දෙන හයියට. මෙහෙම පිරිසක් හැමෝටම ලැබෙන්නේ නැහැනේ. මගේ වාසනාවක් මෙහෙම පිරිසක් ලැබුණු එක.

    ඒ වගේම මේ පෝස්ට් එකෙන් හැමෝටම මොකක් හරි දෙයක් ගන්න පුලුවන් නම් මගේ මහන්සියේ ප්‍රතිඵල තියෙනවා...............

    ReplyDelete
  19. @sithuwilimandiya

    ඒක ඇත්ත හැමදේම වෙන්නේ හොඳට තමා. ඔයාගේ කතාවට එකඟයි යාළු. ස්තුතියි අදහස් දක්වන්න එක්කහු වුණාට.... :)

    ReplyDelete
  20. @පුතා

    ස්තුතියි අයියා කරපු අගය කිරීමට. ඔයාගේ බ්ලොග් එකේ මුල්ම පෝස්ට් එකට මුල්ම කමෙන්ට් එක දාපු කෙනා හැටියට මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ බ්ලොග් එකත් "වටිනාකමක් තියෙන ප්‍රසිද්ධ බ්ලොග් අඩවියක්" බවයි.

    මට ඒක මුලින්ම දැනුණා නේ.................. :))

    ReplyDelete
  21. @blog gadol

    මම මේකෙන් ජීවිතයට හොඳ පාඩමක් ඉගෙන ගන්න එක තමා කලේ. ඒ ඇරෙන්න මේකෙන් වෙන දේවල් හිතන්න ගියේ නැහැ අයියා.

    මොකටද අපේ ඇඟේ තියෙන ලේ ටික පුච්ච ගන්නේ මේවා ගැන හිතන්න ගිහින් :)

    ReplyDelete
  22. @buwa

    ඔයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා තමා බුවා අයියා. ස්තුතියි හිතන්න පුලුවන් අළුත් මානයක් ගැන පෙන්වලා දුන්නාට.

    විශේෂයෙන් මේ කියමන මට හිතට ඇල්ලුවා
    "මානව නිදහසෙයි කියල ඇදුම් නැතුව පාරෙ යන්න දෙන්න බැනේ ඒ වගෙ තමා මෙතනදිත්"

    ReplyDelete
  23. @මිලන්ද

    ඔයාගේ ලිපිය ඇත්තටම අද රූපවාහිනියේ වෙන ඇත්ත දෙයක් ගැන නේ කියලා තියෙන්නේ. ඒකට අනම් මනම් කියනවා නම් ඒ මනුස්සයා මොකක් හරි වෙළෙඳ දැන්වීම් සමාගමක හරි ඒ ක්ෂේත්‍රයේ ඉන්න පොරක් වෙන්න ඇති නැත්නම් ඒකේ විරුද්ධ වෙන්න දෙයක් තියෙනවාද ?

    කොහොම නමුත් ඒ වගේ කමෙන්ට්ස් වලින් අධෛර්යමත් වෙන්න හොඳ නැහැ තවත් ධෛර්ය ගන්න ඕනේ කියන එක තමා මම ගත්තු ආදර්ශය.

    ස්තුතියි අදහස දක්වන්න එකතු වුනාට :)

    ReplyDelete
  24. @ප්‍රාර්ථනා

    අමූලික ගල් පැළෙන පට්ටපල් ඇත්තක් තමා හසී අයියා කියලා තියෙන්නේ :))

    ReplyDelete
  25. ඇත්තටම නියම පිලිතුරක් මල්ලියෝ...එකපාරටම මොනවා හරි දැම්මානම් මේ වගේ පෝස්ට් එකක් ලියවෙන එකක් නෑ..මම මේ දැන් තම මේක ගැන දන්නේ.. හසියාවත් කිව්වේ නෑ මට...

    @ හසියා - මට මඩ ගහලා නේද? :( කමක්නෑ සහෝ දවසක මුණ ගැහුනාම ටොපියක් අරන් දෙන්නම්... :D

    @ ප්‍රාර්ථනා - ඔය හසියාගේ මඩ.. මම හොඳ ළමයෙක්මී.. :D ඇත්තටම අපේ පවුලේ කට්ටියගෙන් තාම මුණ ගැහිලා තියෙන්නේ පොඩ්ඩායි මමයි විතරයි...එත් අපේ සහෝදර බැඳීම අපි වැලි කෙලියේ ඉදන් එකට හිටියා වගේ තමා..

    ReplyDelete
  26. වෙබ් අවකාශෙ ඉන්න ඔයවගේ ඇනෝ බූරුවො‍ හින්ද පෝස්ට් වලට අදහස් දක්වන අනික් අයගෙත් නිදහස නැතිවෙනව. කොහොම උනත් ලියල තියෙන ලිපියෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනව.

    ReplyDelete
  27. වෙන මොනවා නැතත් කැලේ කතාවයි, මල් මාමගෙ කතාවයි, පඬිතුමාගෙ කතාවයි, බූ, තුල්සි එහෙම ඉන්න කතාවයි බලන්න තියෙනවනම් මම හරි කැමති. නැද්ද ඒවා අන්තර්ජාලයේ කොහෙවත් අහු මුල්ලක

    ReplyDelete
  28. @Praසන්ன

    ස්තුතියි අයියා ඔයාගේ අදහස් දැක්වීමට. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා අනිත් අයටත් අපහසුතාවයට පත් වෙන්න වෙනවා තමා.......

    ReplyDelete
  29. @Chanaka Aruna Munasinghe

    ඇත්තටම පියල් උදය සමරවීර, එස්.ඒ දිසානායක, හිඟුවල්වල දිසානායක මේ චිත්‍රකතාකරුවන් තුන්දෙනා විජය, මිහිර පත්තර දෙකේම ඇන්ද කතා නම් උපරිමයි. ඒක අවිවාදිතයි.

    සූර පප්පා, ටිං ටිං වගේ විදෙස් චිත්‍රකතාවලිනුත් කාටූන් ආදිය බිහිවුනා වගේ අපේ දේශීය චිත්‍රකතාවලිනුත් කාටූන් බිහිවෙන්න ඕනේ කාලේ ඇවිත්...................

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................