Saturday, November 6, 2010

෴ අපගේ බලවත් ශෝකය !!! ෴

සමාවෙන්න ඕනි අද කෂ්ටියට උදෙන්ම ගොඩාක් ශෝකජනක සිද්ධියක් කියන්න වෙන එක ගැන.ඒත් මේක නොකියා කෝමද...හිතේ තියෙන දුක කෂ්ටයත් එක්ක බෙදාගන්න හිතුනා.හිතේ තද කරන් දුක් විදිනවට වඩා හොදයිලුනේ කාට හරි කියලා හිත සනසා ගන්න එක.

අපි අතර සිටි "ඇය".........හ්ම්ම්ම්ම්ම්ම්......

කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද මන්ද.....හිතාගන්න බෑ....හීනයක් වගේ......

ඇය අපිට හමුවුනේ අපේ වාසනාවටද මන්ද....අපි හමුවුන විදිහ හරිම පුදුමයි.හිතාගන්න බෑ.ඇත්තම කිව්වොත් අහම්බෙන් වගේ.....

අපිට බනින්න...කෑගහන්න....අපේ වැරදි පෙන්නන්න....විහිළු කරන්න...බයිට් කරන්න......බයිට් වෙන්න (වැඩිපුරම)....රණ්ඩුවෙන්න....අපිව හිනස්සන්න....අපේ දුක බෙදාගන්න....මේ හැමදෙකටම අපි ලගින්ම හිටියේ ඇය......

ඇත්තටම අපි සමග සිටි ඇය ගැන නම් පුදුම දුකක් දැනෙන්නේ....ඒ දුක කියන්න බැරි තරම්.....බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ටත් මේක ඇත්තටම දරාගන්න අමුරුයි කියලා අපි දන්නවා.ඒත් මේක තමයි අපේ ජීවිතේ.......අපි ඒකට මුණ දෙන්න වෙනවා....

කවුද ඇත්තටම මේ ඇය....

වෙන කවුරුත් නෙවේ ඇය අපේම කෙනෙක්....මෙන්න මෙතනින් ගිහින් "ඇය" කවුද කියලා බලන්නකෝ.......

දැන් දන්නවනේ කට්ටිය....ඇය හරියට මල් කුමාරියක් වගේ....ඒත් මොනාකරන්නද....මේක තමයි අපි හැමෝටම උරුම දේ.....

ඉතිං ඇයට මොකද වෙලා තියෙන්නේ....?

ම්ම්ම්ම්ම්ම් ඇ...ඇය.... අනේ මන්ද මේවා කොහොම කියන්නද කියලා හිත හදාගන්න බෑ.....

කවදා හරි මේක දැනගන්න වෙනවනේ...ඔන්න එහෙනම් කියන්නම්.....මොනා කරන්නද ඉතිං දුකයි කියලා.....

ඒ තමයි ඇය....ඇය.....තව අවුරුද්දකින් වයසට යනවනේ....

මොකක්.....!!!!

ඔව් ඔව් අද එයාගේ උපන්දිනේ.....ඉතිං දුක නැද්ද අප්පා.....මේ මල් කුමාරි වගේ ඉන්න අපේ මේ හසී (හසී කෙල්ල) තව අවුරුද්දකින් වයසට යන එක ගැන....ඇත්තටම හරිම දුකයි.....(දැනටත් අවුරුදු 80ක් විතර වෙනවා මයේ හිතේ‍‍‍‍...මේකප් එකෙන්නේ ඔය අවුරුදු 40ක විතර පෙනුම අරන් තියෙන්නේ.....)

ඒත් ඉතිං කොච්චර දුක වුනත් ඒක සමරන්න එපායෑ...නැතිනම් දුකෙනුත් වැඩක් නෑනේ......

ඔන්න ඉතිං අපේ "හසී ෆැමිලි" එකේ සෙට් එකයි....ඇයි අනේ මේ එස්.බී.යු. හෙන සෙට් එකයි.... කෂ්ටයම එකතුවෙලා අපේ හසීට හදවතින්ම සහ බොක්කෙන්ම සුභම සුභ උපන්දිනයක් වෙන්නත්, හිතන පතන සියළුම දේ ඒ විදිහටම වෙන්නත්, හිතේ සතුට රැදෙන්නත්, ජීවිතය සාර්ථක වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා...

එහෙනම් ඔන්න අපේ හසීට සුභ පතන්න කෂ්ටිය අමතක කරනවා එහෙම නෙවේ ඕන්...නැතිනම් දුක හිතෙයි එයාට...

කේක්...?? ඉතිං අපෙන් ඉල්ලන්නේ....එයාගෙන්ම ඉල්ලගන්න....
දෙයි දෙයි කෂ්ටියට කේක් එයාම හදලා දෙන්න ඕනි කියලා ඔන්න දැන් මාස ගානක ඉදන් එයා කුකරි ක්ලාස් එකකටත් ගියා......


කෝ කෝ කෂටිය චියර් එක්ක දෙන්න අපේ එසී කෙල්ල කේක් එක කපන්න යන්නේ......එහෙනම් ඉතිං කෂ්ටිය එකතු වෙලා කියන්නකෝ....

(හෙමින් පිඹින්න හසී කෙල්ලේ....නැතිනම් ඉටි පන්දම් නිවෙන එක කෙසේ වෙතත් ඔයා පස්සට විසික්වෙයි...අර නිව්ටොන් අයියගේ කොල කොල දේ පල පල දේ තියොරිය තාමත් මතක ඇතිනේ......)



හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් හසී කෙල්ලේ......
හැපි බර්ත් ඩේ ටූ යූ
.....





ෂා නියමයි....ඔය තියෙන්නේ......

එහෙනම් අපේ හසීට අපි ආයෙත් සුභ පතන ගමන් එයාගේ ගෙවල් පැත්තට යන්න සෙට් වෙමු....අද එහෙ පාර්ටි එකක්ලුනේ....ඔව් ඔව් කන්න බොන්න බැරිනම් නාන්න වුනත් දෙන්නම්ලු......එහෙන්ම කෂ්ටිය තෑගි බෝග අරන් ඒ පැත්තට යමු......අපිත් එක්කම යන්න පුළුහන්නේ.....නඟින්නකෝ මෙහෙන්ම ලොරියට....නෑ නෑ ලොරියක් කිව්වට මේක හෙන දිග කන්ටේනර් එකක්...කෂ්ටියටම යන්න හැදුවේ....කෝ කෝ ඉක්මන් කරන්න....ඔන්න එහෙනම් අපි ගියා......


උදේ සුපිපුණු මලක් බදු
ළපටි අත පය හූඟක් මුදු
අම්මා හරි ආදරෙන් හැදු
අපේ නංඟිගේ නමයි සුදු.....





අපි
හසී පවුලේ සාමාජිකයෝ
(ඔබේම නිවුන් සහෝදරයෝ)

24 comments:

  1. ඕන් මාත් එකතු වුණා. සුභම සුභ උපන් දිනයක් වේවා අක්කේ.............

    ReplyDelete
  2. මතක් කලාට ගොඩක් ස්තූතියි Hasitha අයියා..
    හසී අක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කේඒඒඒඒඒඒඒ...!!!
    ඔයාට................. සුභම සුභ උපන් දිනයක් පතනවා...............!!!
    දුක් වෙන්න එපාආආආආආඅ වයසට ගියාආආආආට... හොඳේ......

    ReplyDelete
  3. මටත් නියා ගන්න බැරි දුකක් තියෙන්නේ ඒත් මක් කරන්නද ඔන්න ඔහේ............අපේ නගාට සුභම සුභ උපන් දිනයක් වෙවා..
    ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවත්..සියළු යහපත් පැතුම් ඉටු වෙවා...

    ReplyDelete
  4. සුබ උපන් දිනක් වේවා සොහොයුරී!!

    ReplyDelete
  5. විශ් යූ අ වෙරී හැපි බර්ත් ඩේ හසී අක්කා

    ReplyDelete
  6. සුබම සුබ උපන්දිනයක්...හැබැයි ගොයියො මේවා කියවන්ට යන කාලේ ගැන ටිකක් දුකයි... තරහාවෙන්න එපෝ.... විපුලයා

    ReplyDelete
  7. අපෙනුත් උණුසුම් සුභ පැතුම් ඔන්න......

    ReplyDelete
  8. Ithin kawada mee Hasi naga?? :O
    Oyagema akkada? Happy bday!!!

    ReplyDelete
  9. අඩේ කෙලි හසියේ.............. ඔන්න ජේඩී කොලුවගෙනුත් උණුම උණු කැවුම් වගේ............ හෆ්ෆෙ වැරදුනා නැ නැ උණුම උණු කේක් වගේ........ උණුසුම් සුබපැතුම්.................. හික්xxxxxxxxxxxxx :)

    ReplyDelete
  10. සුබ උපන්දිනක් වේවා හසී............. මෙන්න උණු සුබ පැතුමක් මගෙනුත්!

    ReplyDelete
  11. තව අවුරුද්දක් වයසට ගියා කියල කට්ටිය හසී ගැන ඔච්චරම දුක් වෙනව නම් ඒක සුභ උපන් දිනයක් වෙන්න බෑනේ ....
    ඒක නිසා "ඔයාට අසුභ උපන් දිනයක් වේවා" කියල පතන්නම්.

    ReplyDelete
  12. ගොඩාක් ස්තුතියි ඔයාලාගේ ආදරණීය සුබ පැතුම් වලට... මට ගොඩාක් සතුටුයි මේ වගේ අයියෙකුයි මල්ලිල දෙන්නෙකුයි ලැබුනාට..

    ReplyDelete
  13. සුභ උපන්දිනයක් වේවා හසී.....!!

    ReplyDelete
  14. @Anonymous
    කවුරුවක්වත් රවට්ටන්න අපිට ඕනි කමක් නෑ...
    අපි අපේම හසී සහෝදරීට සුභ පතපු එකයි කලේ....ඒක අපේ වැඩක්....ඒ වගේම යුතුකමක්‍‍...තමුන්ගා වගේ ජාතියක් ජන්මයක් නැතිවුන්ට කොහෙද ඉතිං සහෝදර බැදීමක්.....
    අපි ගැන දන්න අය තමයි අපේ බ්ලොග්වල කමෙන්ට් දැම්මේ..දාන්නේ...නිකන් වලිගේ පාගන් උඩ පනින්න එපා....
    උඹේ කොන්ද පණ නෑ කියලා දන්නවා ඇනෝ කමෙන්ට් දානකොටම....අපි අපේ වැඩක් බලාගන්නම්...උඹ නිකන් උඩ පැනලා නහින්නේ නැතිව හිටියොත් හොදයි නේද...

    ReplyDelete
  15. Anonymous ගේ comment එකට ප්‍රතිචාරයක් වශයෙන් වගේම මගේ blog එක කියවන අයගේ අවධානයට, අවබෝධයට තමා මේක ලියන්නේ.

    අන්තර්ජාලය කියන්නේ ෆේස්බුක් කියන්නේ ගෝනි බිල්ලෙක් මිනිස්සුගේ ඔළු අවුල් කරනවා, ළමයි විනාස කරනවා කියලා මතයක් අද වෙද්දී සමාජයේ හුඟාක් අය අතර ගොඩනැඟිලා තියෙනවා.

    ඒ වුනත් ඒක එහෙම නෙමෙයි කියන්න හසී පවුල කියන එක උදාහරණයක් විතරයි. හසී පවුලේ කට්ටිය එකට එකතු වෙලා මුහුණට මුහුණ හමුවෙලා නැතත් එකම පවුලේ සහෝදර සහෝදරියන් වගේ ඉන්නවා කියන එක කියන්න ඕනේ.

    ඒක ඇතිවුණේ මේ සිංහල බ්ලොග් අවකාශය නිසා, ෆේස්බුක් එක නිසා. ඒ නිසා අපේ සහෝදරයෙක්ගේ, සහෝදරියක්ගේ උපන් දිනයකට සුභ පතන එක වෙනත් විදිහට අර්ථ ගන්වන්න යන අය ගැන ඇත්තටම කණගාටුයි

    කොහොම වුනත් මේ ඇනෝගේ ප්‍රතිචාරය මම අයින් කරන්නේ නැහැ. ඒ මට ඕනේ කරන ප්‍රතිචාර විතරක් දමාගන්න මම බ්ලොග් එකක් කරනවා නම් ඒක ඒකාධිපති සොබාවයක් ගන්නවා කියලා මට හිතෙන නිසා

    ඒ මොනවා වුණත් ගැටළුවක් තියෙනවා නම් විරුද්ධත්වයක් තියෙනවා නිර්නාමිකව ඇවිල්ලා කුණුහරුපයක් දෙකක් කියලා යන එක වීරකමක් කියලා මේ ඇනෝ හිතනවද දන්නේ නැහැ. කොහොමත් ඒ ජාතියේ අයගේ හැටි ඔහොම තමා. කොහොමත් මේ වගේ කට්ටිය හැංගිලා ඉදලා තමා ගේම් දෙන්නේ.

    මහා රණශූර ජුලියස් සීසර්ටත් කිණිස්සෙන් ඇන්නේ පිටිපස්සෙන් ඉදලා. ඒ මුහුණ මුහුණ ඉදන් එහෙම දෙයක් කරන්න හයියක් නොතිබුණු නිසා. එහෙම දෙයක් කරලා ඒ කට්ටිය ෆන් එකක් ගත්තා සීසර්ටත් අපි බැටේ දුන්නා කියලා. ඒත් අන්තිමට ඒ හැමෝටම වුණේ මියයන්න.

    ඒ වගේ මේ ඇනොත් හැංගිලා ගේම් දීලා සිම්පල් ෆන් එකක් ගත්තාට එයාට වැඩ වරදින දවසකුත් එනවා කියන එකත් මතකයේ තබාගත්තොත් හොඳයි කියලයි මට හිතෙන්නේ.

    ඒක කාගේවත් නීතියක් නෙමෙයි සොබාදහමේ නීතිය.

    කොහොම වුනත් හැමදේම වෙන්නේ හොඳටයි කියලා සාමාන්‍යයෙන් මම හිතන නිසා මේ තර්ජනයේ තියෙන හැංගුණු හොඳ මොකක්ද කියලා මම හිතද්දී මට හිතුණේ මෙන්න මේකයි.

    මීට කලින් අදහස් දක්වපු විපුල මහත්මයාත් [මම හිතන විදිහට විපුල සුමනසේකර] කිව්වා

    "හැබැයි ගොයියො මේවා කියවන්ට යන කාලේ ගැන ටිකක් දුකයි... තරහාවෙන්න එපෝ.... "

    ඒ වගේම ඇනෝ කියන විදිහට

    "ane p****** miinissunawa erawattla blog ekata katttiya genna ganna epa k*****..."

    මේ කතා දෙකෙන්ම මට හිතුණේ බ්ලොග් කියවන අය ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා මගෙන්.

    ඇත්තටම මේ දවස් ටිකටම හසී අයියගෙයි හසී අක්කගෙයි උපන් දින සුභ පැතුම් ඇරෙන්නේ වෙන මොකවත් මම ලියලා නැහැ. එතකොට මේ වගේ දේවල් වෙන්නත් පුලුවන් නේද කියලා මට හිතුණා.

    මේ වගේ දෙයක් වුනේ මම අළුත් බ්ලොග් එකක් පටන් ගත්ත එකෙන්. ඒක ගැන මම කට්ටියට කිව්වානේ.

    http://eatuwawa.blogspot.com/

    ඉතින් ඒකට පෝස්ට් එකක් ලියද්දී ඒවාට ටික කාලයක් මිඩංගු කරන්න වෙනවා. ඒක නිසා ආගිය කතාවට තිබුණු අවධානය අඩුවුනා කීයලා කිව්වොත් නිවැරදියි.

    ඒක නිසා ඉස්සරහට මේ වගේ හුටපට නොවෙන්න බ්ලොග් දෙක ගැනම සමානව අවධානය යොමු කරලා කටයුතු සිද්ධ කරන්න මම බලාපොරොත්තු වෙනවා කියලා කියන්න කැමතියි. එතකොට ඔක්කොම හරි නේ.

    එහෙම නම් අළුත් කතා ටිකකිනුත් එක්ක හමුවෙමු.

    http://aagiyakatha.blogspot.com/

    ප.ලි.: ඇනෝ කෙනෙක් සවුත්තු කමෙන්ට් එකක් දාලා තියෙනවා කියලා මට මුලින්ම කිව්වෙත් හසී අයියා. පස්සේ එයාත් හොඳ කමෙන්ට් එකක් දාලා තිබ්බා. ස්තුතියි හසී අයියා.

    ඒ වගේම හසී අක්කාගේ උපන් දිනයට සුභ පතන්න එකතු වුණු හැමට ස්තුතියි කියලා ඕන් කිව්වා.............

    ReplyDelete
  16. හසී අයියා මම ඔයාගේ ඉල්ලීමට සවන් දුන්නා. comment එක අයින් කළා. මොනවා වුණත අපේම සහෝදරියක් වගේ ඉන්න හසී අක්කාගේ ගෞරවය අපි ආරක්ෂා කරන්න ඕනේ නේ............

    ReplyDelete
  17. මගේනුත් සුබ පතුම් අක්කි.....:) :)

    ReplyDelete
  18. shani,
    asankasri82

    ඔය දෙන්නාටත් ස්තුතියි...............

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................