ඊයේ හැන්දෑවේ මම කාමරේට වෙලා නිවී සැනසිල්ලේ blogs කියෝ කියෝ ඉද්දී මට ඇහෙනවා මෙහෙම කතාබහක්........
"මම යන්න කලින් රාජගිරියේ ............... office එකට ගෙනිහින් දෙන්න කියලා ලියුමක් අයියාට දීලා ගියේ. එයා ඒක ගෙනිහින් දීලාද ?"
"මම නම් දන්නේ නැහැ තාත්තේ"
"එයාට කියන්න ඒක කරලා තිබ්බේ නැත්නම් ආයි මම ආපුවාම මාත් එක්ක කතා කරන්න එපා කියලා"
"හරි තාත්තේ මම අයියට කියන්නම්"
ඒ කතාබහ ගියේ අපේ තාත්තයි අපේ නංගියි අතර telephone එකෙන්. මෙතන අයියා කියල සඳහන් කරන්නේ මාව නිසා මාත් කන් ඇන්දා මොකක්ද කියන්නේ කියලා බලන්න.
කතාබහ ඉවර වෙද්දී මටත් මතක් වුණා තාත්තා පවරලා ගිය වැඩේ. අපේ තාත්තා මේ දවස්වල first aid training එකකට ගිහින් ඉන්නේ. ගිය සිකුරාදා තමයි ඒකට ගියේ එන්නේ අද. ඉතින් තාත්තා යන්න කලින් රාජගිරියේ office එකකට ගිහින් දෙන්න කියලා ලියුමක් දීලා ගියේ. මට මේ දවස්වල එක දිගට එක එක වැඩ set වුණු නිසා ඒ වැඩේ කරන එක සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහින් තිබුණේ.
මේ දවස් ටිකේම හුස්මක් ගන්නවත් වෙලාවක් තිබ්බේ ඒ තරමටම වැඩ තිබුණා. දහම් පාසලේ වාර විභාගේ ප්‍රශ්න පත්තර ටික type කරන කොන්ත්‍රාත්තුව අපේ හාමුදුරුවෝ සුපුරුදු පරිදි බාර කළා.
ඒ මදිවට මේ දවස්වල යොවුන් පාර්ලිමේන්තුවක් පිහිටුවන්න යනවා. ඔයාලටත් සමහරවිට ඒකේ news එක එන්න ඇති. ඉතින් ඒ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණෙට අපේ යෞවන සමාජයේ ඉන්න පොඩි හාමුරුවෝ [අර කාමරේ ගිනිගත්තු පොඩි හාමුදුරුවෝ] අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා ඉන්නේ. හාමුදුරුවන්ගේ ලියුම් කියුම් වගයක් type කරන්නත් මට බාර වුණා.
ඒ ඔක්කොමත් එක්ක රහසිගතව වෙන්න ඕනේ විභාග ප්‍රශ්න පත්තරේකුත් type කරන්න set වුණා. මේ විදිහට ලියුම් කියුම්, කොටන වැඩේ නිසා බ්ලොග් ලිවිල්ල සම්පූර්ණයෙන්ම මගඇරිලා ගියා. ඒ වුණත් බ්ලොග් කියවිල්ල නම් අතපසු කළේ නැහැ.
මේ වෙද්දී ප්‍රශ්න පත්තර කෙටිල්ල ඉවරයි. ඒත් යොවුන් පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු ඉවර නැහැ. මොකද හෙට තමා ඡන්දේ තියෙන්නේ. තාමත් එක එක ඒවා type කරන්න හම්බෙනවා. මාත් ඉතින් බැහැ නොකියා කරලා දෙනවා.
මේ විදිහට ලෝකෙට සමාජෙට මෙහෙවර කළාට තාත්තාගේ වැඩේ නොකරොත් ගෙදරින් පිටුවහල් වෙන්න තමා වෙන්නේ :)) "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" වෙලා බැහැනේ මම තීරණය කළා හෙට [ ඒ කියන්නේ අද ] අනිවා රාජගිරියේ ගිහින් තාත්තාගේ වැඩේ කරනවා කියලා.
ඉතින් උදේ අම්මයි නංගියි ඉස්කෝලේ ගියා [ අපේ අම්මා ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න නෙමෙයි උගන්වන්න :) ] ඊයේ හිතාගත්තාට රාජගිරි යන්න දැන් නම් කම්මැලියි කම්මැලියි වගේ නොගිහිනුත් බැහැ. මීට කලින් ඒ office එකට මම ගිහිනුත් නැහැ. අනික රාජගිරි යන්න බස් දෙක තුනක් යන්නත් ඕනේ. පයින් ඇවිදිල්ලකුත් තියෙනවා වගේ.
ඒවා මතක් වෙද්දී කම්මැලිකම double වෙනවා වගේ. ඕවා මොනවා වුණත් තාත්තා හැන්දෑවේ එන්න කලින් වැඩේ කරලා තිබ්බේ නැත්නම් තාත්තා එක්ක කතා කරලත් හමාරයි.
මේ සියලු කරුණු කාරණා විශ්ලේෂණය කරලා කිරලා මැනලා ගත්තාට පස්සේ මම තීරණය කළා bus එකේ යන්නේ නැතිව motor bike එකේ රාජගිරි යන්න ඕනේ කියලා. එතකොට පැය ගණන් බස්වල යන්න ඕනෙත් නැහැ. පයින් ඇවිදිලි set වෙන්නෙත් නැහැ. ඒත් motor bike එකේ යන එකෙත් ප්‍රශ්න 2 ක් තියෙනවා. ඒවා ලෙහෙසි පහසු ප්‍රශ්න නෙමෙයි.
මෙන්න ප්‍රශ්න
ප්‍රශ්න අංක 1 : මට motor bike පදින්න licence නොතිබීම. Motor bike නෙමෙයි කොටින්ම මට විල්බැරෝව ඇරෙන්න වෙන කිසිම වාහනයක් පදවන්න ලංකාවේ වලංගු රිය පැදවීමේ බලපත්තරයක් නැහැ :))
ප්‍රශ්න අංක 2 : අපේ bike එකේ licence එක අප්‍රේල්වලින් ඉවරයි. එතකොට ඒකත් licence කරන එක මාස 7 කින් පරක්කුයි.
කොහොමද සෙල්ලම් ප්‍රශ්න 2ක් නෙමෙයි නේ. පොලිස් මාමලාට අහුවුණොත් අනිවා රුපියල් 10,000 කින් මෙහා ගොඩ ඒමක් නෑ. රුපියල් 10,000 කින් ෂේප් වුණොත් හොඳටම ඇති :))
ඒත් මොන ප්‍රශ්න තිබුණොත් පහුබහින එක සිංහලයගේ සිරිත නෙමෙයිනේ. ඉතින් මාත් අපේ පුතා අයියා දවසක් කිව්වා වගේ "ඕන .........." කියලා motor bike එකේ යන්න ලෑස්ති වුණා.
දෙයියෝ බුදුන් කාරියේ සිහිකරලා තමා කෝකටත් කියලා ගමන් ආරම්භ කළේ. සියඹලාපේ හන්දියෙන් [ඒක වඩාත් ප්‍රසිද්ධ බෙල්ල කපාපු හන්දිය කියලා] බණ්ඩාරවත්තට එතනින් පාලමෙන් කඩුවෙලට. පාලම ගාව Police Check Point එකක් තියෙනවානේ. එතනින් යද්දී බිත්තර තම්බන්න තරම් බොක්ක රත්වෙලා තිබ්බේ.
හොඳ වෙලාවට අවුලක් වුණේ නැහැ. මම හොඳට ඇඳලා කාරියේ jacket එකක් එහෙමත් දාගෙන ගියේ. පස්සේ කඩුවෙලින් මාලබේ හරහා කොස්වත්ත, බත්තරමුල්ල, රාජගිරිය තමා මගේ ගමන් මග.
කඩුවෙලින් මාලබේ පැත්තට යද්දී මම එහෙන් මෙහෙන් දාගෙන තමා ගියේ. එහෙම යද්දී තමා දැක්කේ motor bike වලට යන්න වෙනම track එකක් තියෙනවා වම් පැත්තේ කොනටම වෙන්න. පස්සේ ඉතින් වහා ක්‍රියාත්මක වෙන පරිදි ඒකට පැනගත්තා. නැත්නම් පොලිස් මාමෙක්වත් දැක්ක නම් තමා.
ඔය හරියෙම පොලිස් මාමලා දෙතුන් දෙනෙක් motor bike එහෙම නවත්තලා licence check කරනවා මාම දැක්කා. මම පුලුවන් තරම් පාරේ මැදට වෙන්න ගිය නිසා ඒකත් එච්චරම අවුලක් වුණේ නැහැ.
පාරේ යද්දී මට හිතුණු දෙයක් තමා සමහර පොරවල් යන්නෙත් නැහැ. අනිත් අයට යන්න දෙන්නේත් නැතිව පාර මැද යනවා පාර තමන්ගේ බූදලේ කියලා හිතලා. ඒ වගේමයි සමහර පදිකයෝ ඒ කිව්වේ පයින් යන ඇත්තෝ පාරෙන් පුලුවන් තරම් අයින්වෙලා යන්නේ නැතුව පාරේ මැද යන්නේ. ඉතින් මේ ඔක්කොම අයත් එක්ක අපි පරිස්සමෙන් අපේ වාහනේ අරන් යන්න ඕනේ.
කොහොමින් කොහොම හරි රාජගිරිය හරියට ආවයි කියමුකෝ. පාරේ අඩියෙන් අඩිය පොලිස් මාමලයි, හමුදා මාමලයි. අද පාර්ලිමේන්තුව රැස්වෙන දවසක්. ඒක නිසා තමා එච්චර කට්ටිය නැතිව මාව ආදරයෙන් සාදරයෙන් පිළිගන්න එහෙම නම් නෙමෙයි :))
මගේ පපුව ගැහෙනවා අර මොකක්ද එකකට අහුවුණු ලා දල්ලක් වගේ. ඒත් දැන් ආපහු හැරිලා යන්නද ? ඔන්න ඔහේ යනවා කියලා මාත් ඉස්සරහටම ගියා. රාජගිරියට ආවට මාත් යන්න ඕනේ තැන හරියට දන්නේ නැති නිසා පාර ගාව හිටිය පොලිස් මාමෙක් ගාව bike එක නවත්තලා මම යන්න ඕන තැන address එක පෙන්නලා තැන ඇහුවාම ඒක ඉතාමත් කාරුණිකව ඒ පොලිස් මාමා මට කියාදුන්නා.
හොඳ වෙලාවට එයා දන්නේ නැහැ මටත් licence නැහැ, bike එකටත් licence නැහැ කියලා :))
තාත්තා කිව්ව office එකට ලියුම දීලා ආපු පැත්තෙන් යන්නේ නැතිව බොරැල්ල පැත්තෙන් යන්න මට හිතුණා. මොකද campus එක ගාවටත් යන්න පොඩි උවමනාවක් තිබුණු නිසා. ඉතින් බොරැල්ල හරියට එද්දී නා cutting වැස්ස. Bike එක පාරේ අයිනකින් නවත්තලා ටිකක් වෙලා වැස්ස පායනකම් හිටියා.
ආයි බේස්ලයින් පාරේ එද්දී වැස්සා. ආයි මුල්ලකට වෙලා ටිකක් වෙලා වැස්ස පායන්කම් හිටියා. අන්තිමට ගන්න දෙයක් නැහැ කලිසම හොඳටම තෙමිලා. හොඳ වෙලාවට jacket එක දාගෙන ආපු නිසා උඩ කොටස වැස්සෙන් බේරුණා. කමිස සාක්කුවේ තමා Phone එකත් දාලා තිබ්බේ.
හිරිපොද වැස්සේ campus එක ගාවට ඇවිත් අර මම කලින් කිව්වේ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණේ ගැන ඒකේ ලියුම් කියුම් වගේකුත් print කරගෙන දවල් 12.30 විතර මගේ අඬු මොකවත් කඩාගන්නේ නැතිව, ඒ වගේම පාරේ හිටිය අයගේ අඬු මොකවත් කඩන්නේ නැතිව, ඒ වගේම bike එක හප්ප ගන්නේත් නැතිව යහතින් ගෙදරට වාර්තා කළා.
ගෙදරට ඇවිත් මුලින්ම කළේ ඉෂ්ඨ දේවතාවන්ට පින් දීපු එක මග තොටදී මොනම අතුරු ආන්තරාවක්වත් නැතිව ගෙදරට යහතින් එන්න ලැබුණු එකට.
මේ කතාවෙන් මම ගන්න ආදර්ශේ තමා licence නැතිව පැද්දා හොඳටම ඇති. ඉක්මණට licence ගන්න ඕනේ කියන එකයි.
කොටින්ම තව පොඩ්ඩෙන් මට අද මේක ලියන්න වෙන්නේ නැහැ කූඩුවේ කූරු ගැන ගැන තමා ඉන්න වෙන්නේ :))
ප.ලි.: ඉස්සරහට ආගිය ගමන් කීපයක් ගැන කතා දෙක තුනක් ලියන්න ඉන්නේ. තාම ඒකට වෙලාවක් හම්බුණේ නැහැ. වෙලාවක් හම්බුණු ගමන් ඒවා ලියන්න ඉන්නේ.
ඒවා අතරින් Campus එකේ ජෑම් ගහ යට සංගමෙන් සංවිධානය කරපු Zoo එකට ගිය ගමනත්, ඒ වගේම සාඩම්බර හසී පවුලෙන් මුද්දර කාර්යාංශයේ තිබුණු මුද්දර ප්‍රදර්ශනය බලන්න ගිය ගමන ගැනත් අනිවා ලියන්න ඉන්නේ..............