Saturday, October 23, 2010

e-අටුවාව දියත් කළ වගයි

මම අළුත් වැඩක් පටන් ගන්න යනවා කියලා කිව්වා ඔයාලට මතක ඇති. ඒ තමයි ඉතිහාසය ගැන මූලිකව කතාබහ කෙරෙන අධ්‍යාපනික බ්ලොග් අඩවියක් පටන් ගන්න එක.

මම සති කීපෙකට කලින් ඔයාලට ඒක ගැන කියලා ඒකේ කටයුතු කීපයක් ගැනත් ඔයාලගේ අදහස් විමසුවා මතක ඇති.

ඉතින් e-අටුවාව කියන ඒ බ්ලොග් අඩවිය "දැනුමට විද්‍යුත් අටුවාවක්" කියන තේමාව යටතේ අද දහවල් 12.00 දියත් කෙරුණා.

බ්ලොග් අඩවිය ඇතුළත් කරගන්න කියලා ලාංකීය සිතුවිලි හා සිංහල බ්ලොග් කියවනයට යොමු කළ ඉල්ලීම්වලින් ලාංකීය සිතුවිලි ඉක්මණින් ප්‍රතිචාරය දක්වලා තිබුණා. ඒක නිසා මේ වෙනකොට ලාංකීය සිතුවිලිවලින් e-අටුවාව කියවන්න ඔයාලට පුලුවන්.

හා හා පුරා කියලා අටුවාවට ලිව්වේ මම හුඟාක් ආසාවෙන් ලියන්න බලාගෙන හිටිය බොල්තුඹේ සමන් දේවාලය ගැන.

-------------------------------------------------------------------------------------------------

සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.

ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.

  • ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සෝවාන් වුණු බවත්, මහියංගණ දාගැබ ඉදි කරපු බවත්, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට කැලණියට වැඩම කරපු අවස්ථාවේ සුමන සමන්ගේ ආරාධනයෙන් එයාගේ වාසස්ථානය වුණු සමනළ කන්දට වැඩම කරලා සිරි පතුල පිහිටෙව්වා කියන එක.
[රාම කුමරුට දකුණු පසින් ඉන්නේ ලක්ෂ්මණ කුමරු]

කොහොමින් කොහොම හරි මාතෘකාව සුමන සමන් දේව පුරාණය ගැන කතා කිරීම නෙමෙයි මාතෘකාවට ප්‍රවේශයක් ගන්න තමා ඒ ගැන කතා කළේ. මගේ උවමනාව ලංකාවේ තියෙන අප්‍රකට සුමන සමන් දේවාලයක් ගැන කතා කිරීම.

රත්නපුරේ පිහිටි සබරගමු මහ සමන් දේවාලය

සුමන සමන් දේවාල කියපුවාම අපේ මතකට නැගෙන්නේ රත්නපුරයේ පිහිටලා තියෙන සබරගමු මහ සමන් දේවාලයයි.

එහෙමනම් ඉතිහාසයත් එක්ක සම්බන්ධ කරුණු කාරණා ගැන දැනගන්න ඔයාලා දන්න දේ බෙදාගන්න රැඳෙන්න e-අටුවාවත් එක්ක.

12 comments:

  1. නියම වැඩක් පටන් අරන් තියෙන්නෙ අයියා..දිගටම කියවන්න බලන් ඉන්නෙ

    ReplyDelete
  2. මැක්සා සහෝදරයා....නියමයි....කියන්න වචන නෑ...ඒ තරම්ම නියමයි...අපෙනුත් ඕනි වෙලාවක උදව් ඉල්ලන්න....පුළුහන් උපරිමයෙන් වැඩේ දෙන්නම්....එල එල දිගටම ලියන්න අපිට දැනගන්නත් එක්ක....සුභ පතනවා මුළු හදවතින්ම.....

    ReplyDelete
  3. ගොඩක් වටිනවා මෙක්ක නම් , සුභ පතනවා වැඩේ දිගටම කරගෙන යන්න .. ජය !!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සුබ පැතුම්........

    ReplyDelete
  6. උණුසුම් සුභ පැතුම් අයියා..!

    ReplyDelete
  7. සුභ පතනවා මෙම අඩවිය සාර්ථකව ඉදිරියටකරගෙන යාම සඳහා.
    හුඟක් ප්‍රයෝජනවත් අඩවියක් වේවි, විශේෂයෙන්ම පාසල් ළමුන්ට.

    ReplyDelete
  8. නියමයි අයියෙ... දිගු ගමනකට සුබ පැතුම්

    ReplyDelete
  9. සුභ පැතුම් මගෙනුත් අලුත් වැඩේට.

    ReplyDelete
  10. ර ත් ග ම යා,
    ෴ හසියා ෴,
    Unknown_User/හිඟන්නා,
    wath ෴ වත් ෴,
    ප්‍රාර්ථනා,
    Madhawa Habarakada,
    Hasitha ජයසූරිය,
    පිණිබිඳු...,

    සුභ පතන්න එක්කහු වුනු අයියලා අක්කලා මල්ලිලා නංගිලා හැමෝටම ස්තුතියි :)

    ReplyDelete
  11. විශ්ව විද‍ය්‍යාලයේ නිබන්දනයක් කරන්න ඔයාගේ මේ ලිපිය ගොඩාක් වැදගත් උනා...... ඔයට ගොඩාක් පින් මේ වගේ තව දැනුම බෙදන්න හයියක් ලැබෙවා කියලා කියනවා.....
    ඔයාට ස්තීතුයි.................

    මම අමා.........

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................