Thursday, October 21, 2010

කාඩිනල්වරයෙක් වුණු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ


මගේ sim එකේ අද දෙරණ News active කරලා තියෙන්නේ. ඒක නිසා හැමදාම වගේ එක එක ජාතියේ news එනවා. අද හැන්දෑවේ 4.46 ට message එකක් ආවා. මෙන්න මේ විදිහට.

The Pope has elevated
Colombo Archbishop Most Rev. Dr. Malcom Ranjith
as a Cardinal.
He becomes
the 2nd Cardinal from Sri Lanka.

මම කිතුණුවෙක් නොවුණත් මේක දැක්ක ගමන් මට ලොකු සතුටක් ඇතිවුණා. ඒ මේ ගෞරවය ශ්‍රී ලාංකිකයෙක්ට හිමිවුණු විශාල ගෞරවයක් නිසා ශ්‍රී ලාංකිකයෙක් හැටියටත් ඒ වගේම මනුස්සකම හඳුනන මනුස්සයෙක්ට ලැබුණු ගෞරවයක් නිසා මනුස්සයෙක් හැටියටත්.

ඉතින් මේ message එක මම මගේ කිතුණු යාළුවන් ඔක්කෝටම වගේ forward කළා. මොකද අපිටත් වඩා සතුටක් මේ ආරංචිය දැනගත්තාම එයාලා භුක්ති විඳින නිසා. ඊට පස්සේ මට ආපු reply වලිනුත් ඒක හොඳටම සනාථ වුණා.

අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2009 ජූනි මාසයේ කොළඹ අගරදගුරු පදවියට පත්වීමත් සමඟම බොහෝ දෙනා පලකළ අනාවැකියක් වුණේ ලංකාවෙන් මීළඟට පත්වෙන කාඩිනල්වරයා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් බවයි.


ඉතින් ඒ අනාවැකි සියල්ල සඵල කරමින් ශුද්ධෝත්තම XVI බෙනඩික් පාප් වහන්සේ විසින් ඊයේ දිනයේදී අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ව කාඩිනල්වරයෙක් ලෙස පත්කරනු ලැබුවා. මීට පෙර එම භාග්‍යය හිමිවෙලා තිබ්බේ එක් ලාංකිකයෙක්ට පමණයි.

අති උතුම් තෝමස් කුරේ හිමිපාණන්

ඒ හිටපු කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කුරේ හිමිපාණන්ට. ශුද්ධෝත්තම VI වෙනි පාවුළු පාප් වහන්සේ විසින් 1965 වසරේදී අති උතුම් තෝමස් කුරේ හිමිපාණන්ව කාඩිනල්වරයෙක් ලෙස පත්කරනු ලැබුවා.

කාඩිනල්වරයෙක් කියන්නේ කවුද කියන එක ගැන කෙටියෙන් කතා කරනවා නම් ඒකට මුලින් රෝමානු කතෝලික ආගම සංවිධානය වුණු ආකාරය ගැන කතා කරන්න වෙනවා.


ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිතුණු දහම ව්‍යාප්ත කරන්න ප්‍රධාන ශ්‍රාවකයන් 12 ක් ඇතුළත් කරලා සභාවක් පිහිටවනවා. මොවුන් 12 දෙනාව අපොස්තුලුවරුන් විදිහට වගේම "යවනු ලබන්නන්" විදිහටත් හඳුන්වනවා.

ශාන්ත පීතරතුමා

ඔවුන්ගේ ප්‍රධානියා ලෙස පත් කරන්නේ ශාන්ත පීතරතුමාව. එතුමා රෝමය මූලික කරගෙන කිතුණු දහම ව්‍යාප්ත කරන්න කටයුතු දියත් කරනවා. මෙහිදී ශාන්ත පීතරතුමන්ගෙන් පසුව එම තනතුරට පත්වෙන අයව පාප් වහන්සේ හෙවත් Pope යන නමින් හඳුන්වනවා.

මෙනිසා සමස්ත ලෝකවාසී කතෝලිකයන්ගේ නායකත්වය දරන්නේ පාප් වහන්සේයි. එතුමා විසින් අතීතයේ අපොස්තුලුවරුන් කළ කාර්යය ඉටු කරන්න ලෝකයේ විවිධ ප්‍රදේශවලට රාජගුරුප්‍රසාදීන්වරු පත් කරනවා.

ශ්‍රී ලංකාව ප්‍රදේශ 11 කට බෙදලා ඒ ඒ ප්‍රදේශවලින් රාජගුරුප්‍රසාදීන්වරු පත් කිරීම සිද්ධ වෙනවා. මේ විදිහට රාජගුරුප්‍රසාදීන්වරුන්ට භාර දීලා තියෙන ප්‍රදේශ හඳුන්වන්නේ "පදවි" යන නමෙන්. උදාහරණ ලෙස කොළඹ පදවිය, යාපනය පදවිය විදිහට.

මේ රාජගුරු පදවි කීපයක නායකත්වය දරන්නේ අග්‍රරාජගුරුය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ කොළඹ පදවියේ ප්‍රධාන රදගුරුතුමා අග්‍රරාජගුරු තත්වය දරනවා.

බොහෝ විට ප්‍රධාන අගරදගුරු පදවි දරන්නන් අතරින් කාඩිනල්වරු තෝරා පත්කිරීම සිදු කරනවා. පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ විටෙක නව පාප් වහන්සේ තෝරා පත් කරගනු ලබන්නේ කාඩිනල්වරුන්ගේ ඡන්දයෙන් ඔවුන් අතරින්ම එක් අයෙක්ව.


ඉතින් කාඩිනල්වරයෙක් කියන්නේ විශාල ගෞරවයක් තියෙන තත්වයක් බව කියන්න ඕනේ.

අවසාන වශයෙන් මෙලෙස කාඩිනල් ධූරයකට තේරී පත්වුණු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ට සුභාශිංසන එක් කරන ගමන්ම එතුමන්ගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.



අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ව ඇතුළු තවත් 23 දෙනෙක් කාඩිනල් ධූරයට උසස් කිරීම සඳකා පැවැත්වූ උත්සවයේ දසුනක්


අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ජීවිත කතාව වගේම තවත් වටිනා තොරතුරු රැසක් තියෙන "දෙසතිය" කියන සඟරාව මේ post එක සකසන්න ලොකු උදව්වක් වුණා. ඒක download කරගන්න ඕනේ නම් මෙතන කොටන්න.

ප.ලි.: PDF file එකක් upload කරගන්නේ කොහොමද කියලා ලොකු ගැටළුවකින් හිටියේ. ඒ ගැටළුව ලෙහා ගන්න උදව් කරපු අශෝක්බරන් මිත්‍රයාටත්, ජේ.ඩී. ශේඩ් මිත්‍රයාත් ස්තුතියි.

ඒ වගේම මේ post එකේ අඩුපාඩු තියෙන්නත් පුලුවන්. ඒවා පෙන්වලා දෙනවා නම් ඒක ලොකූ................. සහයෝගයක් :)

25 comments:

  1. කාඩිනල් තනතුරට පත්වූ අති උතුම් මැල්කස් රංජිත් පියතුමාට මගෙත් සුභ පැතුම් එක් කරනවා.. ඒ වගේම මම මේ තරම් දේවල් කිතු දහම ගැන දැනන් හිටියෙ නෑ...ඒ දේවල් කිවුවට Hasitha අයියාටත් ස්තූතියි..!ඒක අපේ රටට කොච්චර ගෞරවයක්ද කියලා තේරෙන්නේ ඔයාගෙ post එක කියෙව්වම...ඉතින් ඒක ලොකු දෙයක්.. මම වගේ ළිඳේ ඉන්න "ගෙබි පැටික්කියෙකුට"..

    ReplyDelete
  2. ප්‍රථමයෙන් සුබ පැතුම් මැල්කම් රංජිත් හිමිපානන්ට!
    හරිම වැදගත් තොරතුරු ටිකක්...මම ඊයේ ඉදන්ම හොය හොය හිටියේ කාර්ඩිනල් වරයාට සිංහලෙන් කියන නම,එහෙනන් ඒක "අපොස්තුලුවරුන්" වෙන්න ඇති නේද,වැරදිනම් කියන්න.
    ඒ වගේම ලෝකයේ දැනට කාර්ඩිනල් වරු කී දෙනෙක් ඉන්නවද,ආසියාවෙ කීදෙනෙක් ඉන්නවාද කියල කියන්න පුලුවන් නම් කදිමයි.

    ReplyDelete
  3. අයියෙ නියම තොරතුරු ටික. මාත් ගොඩක් සතුටු උනා ඊයෙ මේ ගැන දැන ගත්තම. අයියගෙ ලිපියෙන් තමයි මෙච්චර විස්තර දැන ගත්තෙ. ගොඩක් ස්තූතියි

    ReplyDelete
  4. ඉස්සෙල්ලාම අති උතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට සුබ පතනවා .
    හෆොයි ඇත්තටම කතෝලිකයෙක් වෙලත් මම මේ නිවුස් එක දැනගෙන හිටියෙ නැ නෙ :( . අයි අයියෝ.. මගේ නමත් පෝස්ට් එකේ දාලා හිහ් හිහ් හිහ් නම කියන්න තරම් ලොකු උදව්වක් මම කලාද ? අලේ මන්දා :) ඇත්තටම ගොඩක් වටින පෝස්ට් එකක්. දැනුම ආයෙ පොඩ්ඩක් අලුත් වුනා කිව්වොත් හරියටම හරි :) බොහොම ස්තූතියි සහෝ පෝස්ට් එක ෂෙයා කලාට :)

    ReplyDelete
  5. @ප්‍රාර්ථනා

    මම කිතුණුවෙක් නොවුණත් ඉතිහාසය හදාරන කෙනෙක් නිසා හුඟක් ආගම්වල ඉතිහාසයත් එක්ක සම්බන්ධ කරුණු ගැන හොයන්න ලොකු ආසාවක් මට තියෙනවා.

    ඒකයි ඒ දන්න දේ අනිත් අයත් එක්කත් බෙදා ගන්න හිතුවේ. ස්තුතියි නගා හැමදාමත් වගේ අදත් ඇවිත් දීපු හයියට :)

    ඒ වගේම තව පොඩි දෙයක් ඔය නංගීට කියන්න කැමතියි. කවදාවත්ම තමන් ගැන අවතක්සේරුවක් කරන්න එපා. අපි හැමෝම විශේෂී අය.

    අපේ විශේෂී බව මතුකරගන්නේ නැති එක විතරමයි තියෙන එකම ගැටළුව. හරිද ?

    ReplyDelete
  6. @මද්දු

    මට මතක විදිහට නම් අද නේද හා හා පුරා කියලා මේ පැත්තේ ගොඩවුණේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා :)

    මට තේරෙන විදිහට නම් අපොස්තුලුවරු කියලා හඳුන්වන්න පුලුවන් බිෂොප්වරුන්ව. කාඩිනල්වරයාට සිංහලෙන් කියන්නේ ඒකද කියලා මම නම් දන්නේ නැහැ. කවුරු හරි අපේ ක්‍රිස්තියානි මිතුරෙක් ඇවිත් අපිට මේ ගැන කරුණු කියාදෙයි කියලා විශ්වාස කරමු.

    ඒ වගේම දැනට ඉන්න කාඩිනල්වරු ගණන ගැන අන්තර්ජාලේ ඇවිදන් යද්දී හම්බුණේ මේ වගේ විස්තරයක් ගිහිල්ලාම බලන්නකෝ.......

    http://www.catholic-pages.com/hierarchy/cardinals_list.asp?orderby=Surname

    http://www.vatican.va/news_services/press/documentazione/documents/cardinali_statistiche/cardinali_statistiche_continenti_en.html

    ReplyDelete
  7. @Hasitha ජයසූරිය

    ස්තුතියි මලයා හැමදාමත් වගේ ඇවිත් දෙන හයියට :)

    ආගම් භේද, ජාති භේද නැතිව ලාංකිකයෙක්ට හිමිවුණු අවස්ථාවක් ගැන සතුටු වෙන්න පුලුවන් එක ගැන අගය කරන්න ඕනේ.........

    ReplyDelete
  8. @ජේ.ඩී

    TV එකේ, රේඩියෝ එකේ මේ news එක ඊයේ ගියා.

    ජේ.ඩීට බරටම වැඩ වගේ මට පේන විදිහට :))

    ඒ වගේම උදව්වක් ගත්තා නම් ඒක ගැන කියන එක නේ මනුස්සකම නේද මිත්‍රයා :)

    ReplyDelete
  9. මල්ලිලා වගේ අය තමන්ගෙ ආගම විතරක් නොවෙයි, අනිත් ආගම්වලත් වැදගත් දේ දකින එක ලොකු දෙයක්. මමත් කිතුණුවෙක් නොවුණත් බොහොම සංතෝසයි.

    ReplyDelete
  10. බොහෝම ස්තුති තොරතුරු වලට..මෙයාගෙ අතිතය හෑරුවොත් ගන්දෙ බෑ..කොටින්ට පුක දීපු හෑටි අපිට තාම අමතක නෑහෑ...

    ReplyDelete
  11. @Rohan

    එහෙම දෙයක් ගැන නම් මම දන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් සංවාදයට ඉඩ තියෙනවා. ඒක ගැන ඔයාට අපි නොදන්න කරුණු කියන්න පුලුවන්................

    ReplyDelete
  12. @Sujeewa de Silva

    ස්තුතියි අයියා. ඔයාගේ කතාවට මට මතක් වුණා මීට කාලෙකට කලින් පත්තරේක තිබුණු කතාවක්.

    "මිනිසා තමන්ගේ ආගම වෙනුවෙන් වාද කරති, සටන් කරති, සෑමදෙයක්ම කරති. නමුත් නොකරන්නේ එම ආගමට අනුව ජීවත් වීමයි"

    ReplyDelete
  13. මම මේ ගැන ඉස්සෙල්ලම දැනගත්තේ මේ ලිපියෙන්. ස්තූතියි ඔබට. වටිනා තොරතුරු ටිකක්. එක පැත්තකින් ශ්‍රී ලාංකිකයෙක් විදියටත් තව පැත්තකින් කිතුණුවෙක් විදියටත් ආඩම්බරයි. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමාට සුබ පැතුම්!

    ReplyDelete
  14. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමාට හිස නමා සුභ පැතුම්.

    Hasitha ඔබ ඇත්තටම බෞද්ධයෙක්. මේක බොදුනුවන් වෙනුවෙන් ලියපු බ්ලොග් ලිපියක් විදියටයි මම දකින්නේ.

    ReplyDelete
  15. මේ ගෑන තොරතුරු හොයලා අපිත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තුතියි මල්ලී.

    ReplyDelete
  16. වටිනා ලිපියක් සහෝ! බොහොම ස්තුතියි...

    ReplyDelete
  17. ඔන්න මමත් මගේ මුළු හදවතින්ම අති උතුම් මැල්කස් රංජිත් පියතුමාට මගෙත් සුභ පැතුම් එක් කරනවා....

    ඒ වගේම මේ ලිපිය ලිව්ව අපේ කතා හසීට මේ වගේ පෝස්ට් එකක් ලිව්ව එක ගැනත් හදවතින්ම සුභ පතන ගමන් සතුටු වෙනවා...ඇත්තටම හරවත් වැදගත් ලිපියක්....දිගටම ලියමු සහෝ.....

    ReplyDelete
  18. සුබ පැතුම් මැල්කම් රංජිත් හිමිපානන්ට!
    ඒ වගේම හසිතටත් ස්තුති කරන්න ඕනැ මේ වගේ පෝස්ට් එකක් දැම්මට......

    ReplyDelete
  19. Shiroshan Randika,
    විකී,
    NUWAN"s lane,
    blog gadol,
    ෴ හසියා ෴ ,
    බුද්ධි,

    මට දීපු හයියට අයියලා ඔක්කෝටම ස්තුතියි :)

    ReplyDelete
  20. ධර්මෝපදේශකයා නමින් බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන ක්ලෙමන්ට මහතාගෙන් මේ ලිපිය ගැන මම අදහස් විමසුවා.

    ඒ ගැන දක්වපු අදහස් අනෙක් අයත් කීවොත් හොඳයි කියලා හිතුණා.

    "ඔබගේ බ්ලොග් පෝස්ට් එක මා කියවා බැලුවෙමි. එය ඉතා හොඳයි. ඔබගේ බ්ලොග් පිටුව තව ටිකක් හැඩ වැඩ කර ගත්තා නම් වඩාත් අලංකාර වේවි. අකුරු මාතෘකා යනාදිය සඳහා විවිධ වර්ණ සංකලනයක් කළ හැකි නම් වඩාත් ලස්සන වේවි.

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව නියම සත්‍ය තොරතුරු ඇතුළත් බ්ලොග් පිටුවක අවශ්‍යතාවයක් මා දුටුවා. ඔබ එය සපුරාලීමට ඉදිරිපත් වීම ගරු කටයුත්තකි.

    වංශ කතාවල ඇතුළත් සියලු කරුණු සත්‍ය හා නිවැරදි ලෙසින් පිළිගැනීමට යොමු වී සිටින ශ්‍රී ලාංකේය ජනතාවට නියම සත්‍ය ඓතිහාසික තොරතුරු දැක්වීමට නම් ඔබට නිවැරදි මූලාශ්‍ර සොයා යාමට සිදුවේවි. ඔබ ඉදිරිපත් කරන තොරතුරු වල නිවැරදි බව හා සත්‍යතාවය පෙන්නුම් කිරීමට හැකිතාක් මූලාශ්‍ර දක්වන්න.

    හැම විටම කිසිවෙකුට පහර හෝ අපහාස එල්ල නොවන දේ පමණක් ලිවීම මාධ්‍ය සදාචාරය සඳහා අවශ්‍ය වේ.

    ඔබ වැනි බෞද්ධ සැදැහැවතෙක් ඔබගේ බ්ලොග් පෝස්ට් එකේ කතෝලික සභාවේ කාඩිනල්වරයෙකු පිළිබඳව තොරතුරු දැක්වීම සඳහා ඉඩක් වෙන් කිරීම ගැන බොහෝ ස්තුති පුදන අතර එය ඉතා අගය කොට සළකමි.

    එය නූතන ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භයට අවශ්‍ය සමයාන්තර සංහිඳයාව සඳහා මුල පිරීමක් ලෙස මා එය දකිමි.

    ශ්‍රී ලංකාවේ කතෝලික සභාව රදගුරු පදවි 10 කට බෙදා ඇත. ඒවා නම්: යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය හා මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, හලාවත, මහනුවර, බදුල්ල, ගාල්ල හා රත්නපුරය යි.

    මෙම පදවි භාරව කටයුතු කරන පුද්ගලයා රාජගුරුප්‍රසාදී (රදගුරු)යන නමින් හඳුන්වනවා.

    කොළඹ අගරදගුරු පදවිය යි. එය භාරව සිටින්නේ අගරදගුරු කෙනෙකි. වැඩිම කතෝලික ජනගහණයක් සිටින හා වැඩිම කතෝලික දේවස්ථාන ප්‍රමාණයක් තිබෙන නිසා කොළඹ අගරදගුරු පදවියක් ලෙස සළකනවා.

    කොළඹ අගරදගුරුවරයා අනෙකුත් රදගුරුවරුන්ගේ ප්‍රධානිය නොවේ. රදගුරුවරුන් සියලු දෙනා එකමුතු වීමෙන් සෑදී ඇති සංගමය "ශ්‍රී ලංකාවේ රදගරු සමුළුව" (Bishop's Conference of Sri Lanka)යන නමින් හඳුන්වනවා.

    එහි සභාපති ධූරය දරන්නේ මහනුවර රදගරුතුමා වන අති උතුම් දේවධර්මාචාර්ය වියානි ප්‍රනාන්දු රදගුරුතුමායි.

    ඔබට තව තවත් සාරවත් ලිපි ලිවීමට ඔබට ධෛර්ය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.
    ඔබට ජයෙන් ජය!
    ජේසු පිහිටයි!
    ධර්මෝපදේශකයා ....
    http://catechismway.blogspot.com/ "

    දැක්වූ අදහස් ගැන ඒ මහතාට ප්‍රණාමය :)

    ReplyDelete
  21. ලාංකිකයෙක් විදියට මෙතුමාට මෙවන් පදවියක් හම්බුවුනු එක ගැන සංතෝසයක් තිබුනත් කතෝලික භක්තිකයන්ගෙන් පවා බහුතරයක් වන සිංහලයන්ගේ/(පොදුවේ ශ්‍රි ලාකිකයන්ගේ)හද ගැස්ම හදුනා ගත් පියතුමෙක් විදියට මැල්කම් අගරදගුරුතුමාව අදුනාගන්න ටිකක් අමාරු‍යි.එතුමා පසු ගිය දවසක "උගත් පාඩම් සංහිදියා කොමිසම"ට සාක්කි දුන්නේ මෙන්න මේ විදියට
    http://www.divaina.com/2010/11/21/feature10.html
    යුද්ධය පවතින වකවනුවේ කොටින්ගේ කෲරකම් ගැන වචනයකින්වත් විරෝධයක් පල නොකරා මදිවට ලංකාවට පසමිතුරු ජාත්‍යන්තර බලවේගවල සහ කොටින්ගේ මුවග නිතරම රැව් දීපු ,ඒ වගේම නැවත නැවතත් අසාර්ථකභාවයට මෙන්ම අවාසිදායකත්වයට බලපැ සාම සාකච්ඡා ගැන දිගින් දිගටම කතා කලේ හරියට ලංකාවේ ජීවිතේට පය ගහලා නො ඉඳිපු ගානට.

    ඒ වගේම කතෝලික පල්ලියෙන් සිදුවුන ලිංගික අතවරකම් සහ අපයෝජන ගැන වතිකනුවට චෝදනා එල්ලවුනු වෙලාවෙත් කොන්දේසි විරහිතව පාප් වහන්සේට සහයෝගය පල කරා.ඉතින් එහෙව් පියතුමෙක් තමයි රදගුරු මැල්කම් රන්ජිත් .

    අන්තිම වශයෙන් "අනන්‍යතාවය" ගැන මං දැකපු මෙන්න
    මේ බ්ලොග් සටහනේ අන්තිම වගන්ති ටිකටවත් උනන්දුවක් ඇති අය අවදානය යොමු කරන්න..
    http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=4029:2010-11-18-22-50-19&catid=4:yaka&Itemid=2
    මම ගැන වරදවා තෙරුම් ගන්න නම් එපා.
    "ලැබිය යුතු යමක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු"...ඒකයි.

    ReplyDelete
  22. @Jayantha

    අදහස් දැක්වීමට එක්වීම ගැන ස්තුතියි. මේ කරුණු ගැන මට නම් කියන්න තියෙන්නේ එතුමා වැරැදි දෙයක් කරලා තියෙනවා නම් ඊට නිසි ප්‍රතිඵල හිමිවේවි. සොබා දහමෙන් හෝ මහජනයාගෙන්

    ReplyDelete
  23. වැදගත් ලිපියක් ....

    @ මද්දු : අපෝස්තුලුවරුන් කියන්නෙ ජේසුතුමාගෙ කාලයේ හා ජේසු තුමා මියගිය පසු ආසන්න කාලයේ ධර්ම ප්‍රචාරණයේ යෙදුන අයට...

    ReplyDelete
  24. @හරී

    ආහ් මේ ලිපිය ඔයා කියෙව්වාද ?? මමත් දැන් දැක්කේ comment කරලා තියෙනවා :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................