Friday, October 15, 2010

නව ඉමක් සොයන නදීක ජයවර්ධන



ලංකාව කියන රට ගත්තාම වැඩියෙන්ම ඉන්නේ නායකයොයි ගායකයොයි කියලා තමා මට නම් හිතෙන්නේ. නායකයෝ ගැන කතාකරන එක හැමවෙලේම වගේ වෙනවානේ. ඉතින් ඒ දෙකොට්ඨාශයෙන් අද කතා කරන්න යන්නේ ගායකයෝ ගැන.

හතු පිපෙන්නා වගේ ගායකයෝ බිහිවෙන කාලෙක එක ගායකයෙක් ගැන තමා කතා කරන්න යන්නේ. ඔහු තමයි නදීක ජයවර්ධන. මතකයට එනවද කවුද මේ කියලා. නදීකගේ සිංදු නම් හුඟාක් අයට මතක තිබ්බාට මුලින්ම පුද්ගලයාගේ හැඩ හුරුකම් මතක් කරලා දෙන්න ඕනේ නේ.

මේ හාදයාව මතක් කරගන්න පුලුවන් මෑත කාලයේ සිද්ධිය හැටියට මට මතක් වෙන්නේ සිරස Super Star Season 3 programme එක වගේම ඒක ඉවර වුණාට පස්සේ විකාශය කරපු පහන් කන්ද කියන musical programme එක.

ඒවායේ Classical guitar එක play කරපු මහේන්ද්‍ර පැස්කුවෙල්ගේ [එයාවත් දන්නේ නැත්නම් තමා වැඩේ :))] එහා පැත්තේ වාඩිවෙලා base guitar එක play කරපු මහත හාදයා තමා නදීක ජයවර්ධන.


මුලින්ම නදීක අපි අතර ජනප්‍රිය වුණේ Hutch එකේ Theme song එකක් වුණු

" කියන්න කියන්න හද රැඳි මා සමඟේ
කියන්න කියන්න ඇති සැමදේ රිසි සේ "

කියන සිංදුවෙන්



පස්සේ තමා නදීක ඉරාජ් වීරරත්නත් එක්ක එකතු වෙලා නදී ගංගා තරණේ ගීතය ගායනා කරන්නේ.



නදී ගංගා තරණේ ගීතය මුලින්ම ගායනා කරන්නේ ලංකාවේ රොක් සංගීතයේ දැවැන්තයෙක් වෙන චිත්‍රාල් සෝමපාල. චිත්‍රාලුත් මේ ගීතය ගායනා කරන්න මුල් කරගන්නේ Jimmy Cliff ගායනා කරපු Many Rivers To Cross ගීතය. චිත්‍රාල් ගායනා කරනවාට වඩා වෙනස් විදිහකට නව සංගීත සංයෝජනයකින් තමා නදීක මේ ගීතය ගායනා කරන්නේ.

ඒ වගේම රජයෙන් තොරතුරු තාක්ෂණය දියුණු කරන්න දියත් කරපු e- ශ්‍රී ලංකා වැඩසටහනේ තේමා ගීතයේ සංගීත නිර්මාණයට වගේම ගායනා කරන්නත් නදීක දායක වෙනවා. ඒ ගීතය ගායනයට කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, කසුන් රණසිංහ, නුවන්ති ගුණසේකර එක් වෙනවා.

මෑත කාලයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගයන්නත් නදීක එක් වෙනවා. ලංකාවේ ප්‍රථම වරට HD තාක්ෂණය යොදාගෙන නිර්මාණය වුණු ගීතය වුණු "සිහිනයක්" තමා නදීකගේ දෙවෙනි Visual Song එක වෙන්නේ. ඒකත් හුඟක් ජනප්‍රිය වුණු ගීතයක්.



නදීක ජයවර්ධනගේ නිර්මාණවල අග්‍ර ඵලය වෙන්නේ පසුගිය වසරේ එළි දක්වපු "සිහිනයක්" කියන Music Album එක.

සිහිනයක් Music Album එක download කරගන්න මෙතන කොටන්න.


ඒ album එකේ තියෙන සිංදුවලින් හුඟාක්ම ජනප්‍රිය වුණේ......

කියන්න කියන්න,
සිහිනයක්,
මට කියන්න,
මුතු කිරිල්ලී වගේ ගීත.

මාත් මුලින්ම සිහිනයක් album එක download කරගෙන ඇහුවේ උඩින් දක්වලා තියෙන සිංදු ටික විතරයි. ඒත් දවසක් මුලු album එකම ඇහුවාට පස්සේ තවත් නියම සිංදු මේ album එකේ තියෙන බව තේරුම් ගියා. ඒත් ඒවා රේඩියෝවේ, TV එකේ යන්නේ නැති නිසා අපි දන්නේ නැහැ නේ කියලත් හිතුණා.

මේ album එකේ තියෙන තවත් හොඳයි කියලා හිතුණු ගීතයක් තමා මේ

"නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ"



ඉතින් මේ album එකේ තියෙන අනිත් ගීතත් අහලා බලන්න. ඇත්තටම සංගීතයේ නව ඉමක් සොයාගෙන යන ගායකයෙක් ඒ ගීත අහපුවාම ඔයාලට දැක ගන්න ලැබේවි.


නදීක ජයවර්ධනගේ වෙබ් අඩවිය
නදීක ජයවර්ධන මුහුණු පොතේ

නදීක අයියා තවත් දිගු ගමනක් යන්න මගෙන් කෙටි සුභ පැතුමක් !!!


ප.ලි.: කට්ටිය බලනවාද දන්නේ නැහැ මේ මොකක්ද අද ලියලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ නදීක ජයවර්ධනගේ ජීවිත කතාවේ මුල් කොටස නේ. ඉතින් ඒකත් කතාවක් නේ.

ඒ වගේම ආගිය කතාවලින් කියන්න හදන දේවල්වල පරාසය පුළුල් කරන්න ගත්තු උත්සාහයක් තමා මේ. ඒක සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවා.

32 comments:

  1. හ්ම්..නදීක ජයවර්ධන,කසුන් කල්හාර,ඉන්ද්‍රඡාපා,නදීක ගුරුගේ, කියන අය මටනම් හිතෙන්නෙ අළුත්ම විදියට හිතන තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන හෙමින් ගමනක් යන අය..
    ඔයත් ආස නැති දෙයක් නෑ අයියා..සිංදුව ලස්සනයි..
    album හොයන් අහන්න ඕනේ...

    ReplyDelete
  2. නදීග ගැන මමත් ලිව්වා ඔහුගෙ ඇල්බමය එලිදක්වපු දවස් වල... මමත් ගොඩක් ප්‍රිය කරන ලස්සන තනු ගොඩක් කරපු ගායකයෙක් සහ නිර්මාණ ශිල්පියෙක්. හැබැයි ලංකාවෙ හැමෝම කරන කොපි කිඍිමෙන් නම් එයාටත් ගැලවිල්ලක් නෑ... ඒක හැබැයි ටිකක් වැදගත් කොපි කිරිල්ලක්!

    මට කියන්න, ගං ඉවුරේ, ඇසිපිය මානේ, මේ අඳුරු රාත්‍රියේ, මේ ගී මාවතේ, පෙරවදනක් නැති (පට්ට ඈ...) කියන්නෙ ඇල්බම් එකේ මම ආස තව සින්දු... බලාගෙන යද්දි සේරම වගේ තියෙනවනේ... :D

    ReplyDelete
  3. ඇත්තටම නදීක කියන්නේ රැල්ලට යට නොවූ ගායකයෙක්. අද ගීත දහයකින් නවයක්ම එකම රාමුවකට සීමා කළ හැකි ඒවා. ඒ අතර උඩුගං බලා යන නදීක වැන්නවුන් අගය කළ යුතුයි. මාධ්‍යයත් එකම ගීත දවසට කීප සැරයක් ප්‍රචාරණය නොකර මේ වගේ ගීත වලටත් අවස්ථාවක් දෙනවානම් අගෙයි.

    ඒ වගේම වෙනස් වීමට ගත් උත්සාහය සාර්ථකයි, දිගටම ලියන්න.

    ReplyDelete
  4. නියමයි මල්ලී ගොඩක් විස්තර දෑනගත්තා මමත් සුබ පතනවා ඔහුට සංගීත ක්ශේත්‍රයේ දිගු ගමනක් යෑමට

    ReplyDelete
  5. නදීක හොද හඩක් තියන ගායකයෙක්.ඒ වගේම හොද වාදකයෙක්.

    ReplyDelete
  6. Ya Nadeekas songs r really niceeeeeeeeeeeeeeeeeeee.... <3

    ReplyDelete
  7. godaaaak hondai Nadeeka gana godak wisthara danagaththa... ewagema eyage mama ahala thiyenne songs 2k witara..thawa lassana songs thiyena bawa danagaththa eka sathutak.. thanx.
    shashi

    ReplyDelete
  8. සුපිරිම ගායකයෙක්. මගේ හද රුඳි ගායකයන් අතලොස්සෙන් ඉහලින්ම සිටින කෙනෙක්... බොහෝම ස්තූතියි මචන් මේ ලිපිය ලිව්වට.........

    ReplyDelete
  9. @ප්‍රාර්ථනා

    ඒක ඇත්ත ඒ කීප දෙනාම ඒ කාණ්ඩෙට දාන්න පුලුවන්.

    "ඔයත් ආස නැති දෙයක් නෑ අයියා.."
    නියම කතාව ඒක.

    ඒත් මම එහෙම හැමදේටම කැමති නැහැ. තෝරා ගැනීමක් මං ගාවත් තියෙනවා.

    ඒක නෙමෙයි ළමයා සිහිනයක් album එක download කරගන්න link එකක් දාලා තිබ්බා දැක්කේ නැද්ද ? එහෙමනම් මෙන්න ඒ link එක ආයි පාරක් album එක download කරගන්න.

    http://www.mediafire.com/?nzajxdmuzwu

    ReplyDelete
  10. @h

    ඔයාගේ කතාවට එකඟයි මිත්‍රයා. කොහොමත් ගමනක් පටන් ගනිද්දී කොපි කිරීමක් යන්තමට හරි තියෙනවානේ.

    අපි බලන් ඉමු ඉස්සරහට නදීක හොඳ ගමනක් යන හැටි :)

    ReplyDelete
  11. @මිලන්ද

    නදීකගේ ගීතවලින් visuals නිර්මාණය වෙලා තියෙන්නේ දෙකකට විතරනේ. ඒක නිසා රූපවාහිනියේ නදීකගේ අනිත් ගීත විකාශනය කිරීමක් කරන්නේ නැහැනේ.

    FM වල වුණත් මේ ගීත විකාශනය කිරීමක් වෙන්නේ නැහැ තමා. ඒකට හේතුව නම් මොකක්ද මන්දා.

    ඒත් මෙහෙම ගීත රස විඳින්න පුලුවන්කමක් තියෙන කට්ටිය ඉන්න එක ගැන නම් සතුටුයි.....

    ඒ වගේම මගේ වෙනස්වීම ඇගයීම ගැනත් ස්තුතියි මිත්‍රයා...... :)

    ReplyDelete
  12. @NUWAN"s lane

    ස්තුතියි අයියා එක්කහු වුනාට :)

    ReplyDelete
  13. @sithuwilimandiya

    ඒ වගේම හොඳ තනු නිර්මාණය කරන්නෙක්

    ReplyDelete
  14. @Sashi

    ඒකනේ කියන්නේ. කෝකටත් ඔයා අනිත් සිංදු ටිකත් අහලා බලන්නකෝ......

    ReplyDelete
  15. @Prabhath Darshana

    මගෙත් එමම තමා මිත්‍රයා. ස්තුතියි අගය කළාට :)

    ReplyDelete
  16. අඩේ ලොක්ක නියමයිනෙ....එල

    ReplyDelete
  17. මම ඔයා දාලා තියන link එක කලින්ම download කලා අයියා..ඒවා ලේසියෙන් එහෙම අතාරින්න පුළුවන්ද?...

    ReplyDelete
  18. මට සිහිනයක් ගීත එකතුව මුලින්ම අහනකොට මම නදීක කව්ද කියල දන්නෙවත් නෑ.ඒත් ඒ ගීත ටිකෙන් පස්සෙ එය මගේ ප්‍රියතම ගායකයෙක්.

    ReplyDelete
  19. සටහනක් තැබුවාට ප්‍රණාමය මිත්‍රයා. මෙවන් ගායකයන් ලංකාවට අවශ්‍යයි

    ReplyDelete
  20. අද තමා මම ඔයාගෙ බ්ලොග් එකට ගොඩ උනේ. මේ සංගීතවේදියා ගැන කියන්න වචන නෑ. හතු පිපෙනව වගේ බිහිවෙන සංගීතවේදින් අතර මැණිකක්.

    ReplyDelete
  21. නව පරපුරේ බලාපොරොත්තු තියන්න පුළුවන් වින්දනාත්මක මිනිහෙක් ගැන පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් තොරව අවංකව ලියන එක ගැන කියාගන්න බැරි සතුටක් දැනෙනවා.

    ReplyDelete
  22. මචන්, බොහොමත්ම ස්තූති මෙහෙම ලිපියක් දාල ඇල්බම් එකත් දාපු එක ගැන. දැන් මේ ඩවුන්ලෝඩ් කරගෙන පළවෙනි සින්දුව අහන් ගමන්. ජය!

    ReplyDelete
  23. @Hasitha ජයසූරිය

    ඒකනේ මලයා මම මේක බෙදා හදා ගත්තේ...........

    ReplyDelete
  24. @ප්‍රාර්ථනා

    ඒකත් එහෙමද ? එහෙමනම් ගැටළුවක් නැහැ :))

    ReplyDelete
  25. @Anonymous

    ඒක ඇත්ත මිත්‍රයා. මාත් මුලින් සිංදු කීපයක් විතරයි ඇහුවේ. පස්සේ තමා අනික් ටිකත් අහද්දී යමක් තේරුණේ. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

    ඒ වගේම ඔයාගේ නමත් දාලා ගියා නම් මසුරන් වටිනවා :)

    ReplyDelete
  26. @හෙළයා

    ඒක ඇත්ත අයියා. ඒත් රටේ අපේ මිනිස්සු මේ වගේ ගායකයෝ ඉන්නවාද කියලාවත් දන්නවද කියන එක ගැන නම් මට සැකයි

    ReplyDelete
  27. @පිණිබිඳු...

    ආයුබෝවන් කියලා හා හා පුරා කියලා මේ පැත්තේ ගොඩවැදුණු ඔයාව පිලි ගන්නවා.

    නදීක මැණිකක් බව ඇත්ත. නමුත් හුඟක් අය මේ මැණිකක් බව දන්නේ නැති එකයි ගැටළුව

    ReplyDelete
  28. @විකී

    හොඳ දේ හොඳයි කියන්න පුලුවන් කමක් තියෙනවා නම් ඒකත් හොඳයි නේ.

    ඒ වගේම ස්තුතියි අගය කිරීමට අයියා :)

    ReplyDelete
  29. @නොදරුවා

    කොහොමද සිංදු ටික. අති විශිෂ්ඨයි නේද ? :)

    ReplyDelete
  30. බොහොම ස්තුතියි මලේ... මම මේ බාන ගමන්.

    ReplyDelete
  31. @පිස්සා පලාමල්ල

    එල එල අයියා. හොඳ දේක වටිනාකම තේරෙන්නේ හොඳ වින්දනයක් තියෙන මිනිස්සුන්ට :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................