Wednesday, October 13, 2010

අළුත් වැඩක්


මේ දවස්වල අළුත් වැඩක් පටන් ගන්න කියලා තමා හිතාගෙන ඉන්නේ. ඒ තමයි ඉතිහාසය ගැන මූලිකව කතාබහ කෙරෙන අධ්‍යාපනික බ්ලොග් අඩවියක් පටන් ගන්න එක. මේ ගැන අදහස ඇවිත් දැන් ටික කලක් වෙනවා. ඒකට අළුතෙන් බ්ලොග් එකකුත් මම හැදුවා ඒ දවස්වලම.

අළුත් බ්ලොග් එකේ නම e-අටුවාව. ඒත් තිබුණු වැඩ කටයුතුත් එක්ක ඒක ගැන අවධානය යොමු කරන්න බැරිවුණා.

දැන් තමා ඒකට ඉඩ ප්‍රස්ථාවක් හම්බුණේ. ඉතින් ඔයාලගෙනුත් උදව් ඕනේ වැඩේ ලස්සනට කරන් යන්න. එකක් තමා ඒ බ්ලොග් එක ලියන්න ඕනේ කතා කරන භාෂාවෙන්ද ඒත් නැත්නම් ලියන භාෂාවෙන්ද කියන එක ගැන ඔයාලගේ ideas මට දැනගන්න ඕනේ.

අනික් එක තමා මොනවගේ කරුණු කාරණා ගැනද ලියන්න ඕනේ කියලා ඔයාලා හිතන්නේ කියන එක. ඉතින් මේ කරුණු දෙක ගැන ඔයාලගේ අදහස් දෙන්න පුලුවන් නම් සාර්ථකව ඒ බ්ලොග් එක කරන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

e-අටුවාව.............
"දැනුමට විද්‍යුත් අටුවාවක්"

ප.ලි.: කංචු අයියාත් මේ වගේ දෙයක් කරන්න කියලා මට කියලා තිබුණා. එයාටත් මගේ ස්තුතිය පිරිනමනවා මගේ ඔළුවේ තිබුණු idea එකට හයියක් වුණාට.

10 comments:

  1. වැඩක් නෑ කතාකරලා.ෂෙ...මැක්සා අදහස.....පට්ටම පට්ට.....මොනාහරි උදව්වක් ඕනිනම් ඕනිවෙලාවක පුළුහන් උපරිමයෙන් කරන්න අපි ලෑස්තියි.වැඩේනම් එලම එල...අහා අදහස් අපිටත් ලැබුනොත් අනිවා දෙන්නම් වැඩේ සාර්ථකවම කරගන්න...
    නියමයි කතා හසියෝ.....එලකිරි

    ReplyDelete
  2. machang history eka gena liyanawang poddak eka mula idala patag gaththanag thamai hoda...hebei sampradaika wedihata nethuwa liwwoth thama hoda ..liyana bashawen liyanna epa..etha kota kiya wanna kammeli....poddak aluth wedihata liyanna balapang...podi deyak unata kamak nee kauruth katha nokarapu peththa gena katha karapanag ...o
    obta jaya

    G.W

    ReplyDelete
  3. ඉතාම හොඳ අදහසක්. මටත් ඔයවගේ අහහස් එනව එක එක, ඒත් වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනව ලොකුවට.
    පුලුව්න් උ‍දව්වක් අපිත් කරන්න ලෑස්තියි. මමත් ඉතිහාසය කියන පැත්තට හුඟක් කැමති කෙනෙක්.ලංකාවෙ වංශ කතා පොත් වලින් හුඟක් ඒවත් මගෙ ලඟ තියෙනව.

    ReplyDelete
  4. බොහෝම හොද අදහසක්........ඔයා ලියන්න. අපි ඉන්නවා කියවන්න.....

    මමත් හිතන්නේ ලියන භාෂාවෙන් ලියනවටවඩා කතා කරන භාෂාවෙන් ලිව්වොත් කියවන්න ආසා හිතෙයි.....

    මගෙනුත් අලුත් වැඩේට සුභ පැතුම්....

    ReplyDelete
  5. නියමයි... ලියන්න ලියන්නන

    ReplyDelete
  6. මල්ලියෝ මගේ නම් අදහස බොහෝම සරල භාශාවකින් ලියනවනම් කියවන පිරිසට ග්‍රහනය කරගන්න පහසු නිසා වැඩි දෙනෙක්ට ඔයා බෙදා ගන්න හදන දැනුම ලබා ගන්න පුලුවන් වෙයි කියන එකයි . . .

    නැතිනම් කියවන්න අමාරුයි කියලා පාඨකයෝ නැති වුනොත්
    ලියන්න වුනු මහන්සියත් අප්තේ නේද . .

    කොහොම හරි කමක් නෑ අලුත් වැඩේට මෙන්න මගෙනුත් මල් මිටක් . ..

    ReplyDelete
  7. මට හිතෙන්නෙ අයියා..සාමාන්‍ය අපි කතා කරන භාෂාවෙන් ලියන්න.එතකොට කියවන්න ආසා හිතෙනවා වැඩි නේද? කරුණු ගැන කිවුවොත්...තේමා කීපයක් යටතේ ලිපි ලියන්න..
    eg :
    1.පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති නටඹුන්වල අතීත තොරතුරු
    2.සිංහල රජවරුන්ගේ ජීවිතකතා රසවත්ව කෙටියෙන්(කෙටිකතා වගේ..අර දිවයිනට දුටුගැමුණු කතාව ලියලා තිබ්බා වගෙ)
    .....

    ඔයාගෙ අදහසනම් අපි හැමෝටම සතුටුදායකයි අයියා..
    All The Best...!!!

    ReplyDelete
  8. මල්ලි, කරන්න හදන්නෙ බොහොම හොඳ වැඩක්, මෙන්න මගේ සුභ පැතුම්

    ReplyDelete
  9. Mmmm... godak honda adahasak... liyanna api kiyawannam... mannam hithanne liyana basawata wada kathakarana bashawen leewoth hondai mokada ethakota sarala nisa hamoma aasawen kiyawai...anika kattiyata eka mathakath hitiii
    Mmmm eka eka rajawarun gana kiyewena owunge kriya sambanda katha,ethakota wiwida chaithya hadunu hati....thawa.... aththitha karali sambanda kathath hondai kiyala hithenawa... manda mage idea eka.....
    sashi

    ReplyDelete
  10. ෴ හසියා ෴,
    Kasun Tharanga [G.W],
    Madhawa Habarakada,
    නිර්මල,
    ගීත් | Geeth,
    දුකා,
    ප්‍රාර්ථනා මං...,
    හරී,
    Sashi

    අළුතෙන් පටන් ගන්න යන වැඩේට සවියක් වුණු ඔයාලා හැමෝටමත්, මුහුණු පොතෙනුත් මේ ගැන අදහස් දක්වපු හැමෝටමත් ස්තුතියි. දැන් නම් ideas ගොඩා..........ක් තියෙනවා :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................