Saturday, October 9, 2010

අලින්ගේ අලි වැඩ


අලියා කියන්නේ ලංකාවේ අපිට හුඟක් සමීප සතෙක් නේ. ඉස්සර කාලේ ඉදන්ම අලි ගැන අපේ ඉතිහාසෙත් තියෙනවානේ. රජ්ජුරුවන්ට මංගල හස්තිරාජයා කියලා Official අලියෙක් හිටියානේ. අනුප්‍රාප්තිකයෙක් නැතිව රජතුමා මියගියාම මංගල හස්තියා සරසලා යැව්වාම රජකමට නියම උරුමක්කාරයා හොයා ගත්තා කියන කතා අහලත් ඇතිනේ. ඒ වගේම ලංකාවේ අලියා තමන්ගේ පක්ෂ ලාංඡනය බවට පත් කරගත්තු පක්ෂෙකුත් තියෙනවානේ.

ඒ වගේම පෙරහැරේ කරඬුව වඩම්මන්නත් අලියා යොදා ගත්තා. ඒ වගේම අලින් එක්ක බැදුණු කතාත් කොච්චර නම් තියෙනවාද ? "අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ, අලියන්ට ළමයින්ට නලියන්න ඕනේ" කියලා හැදුණු උපහැරණ වගේම ලොකු මිනිස්සුන්ට අලියා වගේ කියන card එකත් ලංකාවේ අපි දානවානේ.

අලි ගැන තව හුඟක් කතා කරන්න පුලුවන්. ඒ ගැන සිංහල විකියේ වගේම ඉංග්‍රිසී විකියෙත් හුඟක් කතා තිබුණා. කැමති අයට ඒකත් බලන්න පුලුවන්. ඉතින් අද කතාවට එමුකෝ.....

මේ විදිහට අලි ගැන කෙටියෙන් කියන්න හිතුණේ අලි කරපු වැඩක් ගැන පහුගිය දවසක ඇස් දෙකටම දැකගන්න පුලුවන් වුණු නිසා. අපේ Logic මිස් අළුතින් ගෙයක් හදනවා. ඒකේ උළුවහු ජනෙල්වලට ඕනේ කරන ලී සපයා ගන්න ගස් කැපුවේ සර්ලගේ [සර් කිව්වේ මිස්ගේ husbandට] ගමෙන්. ඒ කියන්නේ පිළිමතලාවෙන්.

ලංකාතිලක රාජ මහා විහාරය

ඉතින් ගස් කපපු දිහාවට වාහනවලට යන්න අමාරු නිසා අලින්ට කියලා තමා කොටන් ඇද්දුවේ. අලියා කිව්වාට මූ අලියෙක් නෙමෙයි ඇතෙක්. මේ වැඩේ වුණු දවස්වල තමා ලංකාතිලක රාජ මහා විහාරයේ වාර්ෂික පෙරහැර තිබුණේ. ඒකට ආපු ඇතෙක් තමා මේ වැඩේට set කරගත්තේ.

ඇතත් ඉතින් නැහැ බැහැ නොකියා යස අගේට වැඩ කලා. මේ බලන්නකෝ එයාගේ වැඩ.

කොහොමද මම ලස්සනයිද ?

ආන් එහෙම හොඳ පුතා වගේ කොටන් ටික උස්සපන්........

මාමේ මේ කොටන් ටික බුරුල් වෙලා වැටෙනවානේ

ඇත්ගොව්වොත් back up එක දුන්නා

ප.ලි.: මේ වැඩේ නිසා ලංකාතිලක රාජ මහා විහාරේ එක්ක බැඳුණු පරණ කතා දෙක තුනකුත් දැනගන්න පුලුවන් වුණා. ඒවා එහෙමත් ඉස්සරහට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

14 comments:

  1. ෂා............... මරු වැඩක් නේ :)

    ReplyDelete
  2. OK... write more...and best wishes
    Wipula

    ReplyDelete
  3. මං අහල තිබ්බේ කොටන් අදින අලි වෙනයි පෙරහැරේ යන අලි වෙනයි කියලා... බලං ගියාම ඒක එහෙම පිටින්ම බොරුවක්නේ...

    ReplyDelete
  4. මමත් ලගදි දවසක අලි අත්දැකීමක් වින්දා.....ඔය මහවැලි ගම්මාන වල මිනිස්සු මාර ගේමක් දෙනවා අලිත් එක්ක.මමත් දවසක එහේ ගොයම හොදට පැහිලා තියන කුබුරක රාත්‍රියක් ගෙවුවා.මට නම් ඒක ඇග හීතල වෙන අත්දැකීමක්.කොටින්ම ඒ පැලේ අයිතිකාරයෝ අලි එලවන්න කුබුරට බැස්සාම මම හිටියෙ කානුවක බැහැලා......

    ReplyDelete
  5. @ජේ.ඩී

    ඒකනේ බොස් කියන්නේ අලින්ගේ මරේ මරු වැඩක් :))

    ReplyDelete
  6. @Wipula

    ස්තුතියි විපුල මහත්මයා කරපු දිරි ගැන්වීමට. මම හිතන විදිහට ඔයා විපුල සුමනසේකර වෙන්න ඕනේ

    ReplyDelete
  7. @හසී

    නියමදත් කියලා අහනවනේ :))

    ReplyDelete
  8. @පුතා

    එහෙම බෙදීමකුත් සමහර විට ඇති අයියා. පෙරහැරට අරන් ආපු අලියෙක්ව [ඇතෙක් :)] මේ කොටන් ටික අඳින්න දෙන්න ඇත්ගොව්වයි කට්ටිය කැමති වුණා.

    ඒ නිසා තමා මෙහෙම කොටන් ටික අදින්න ඇතා ආවේ

    ReplyDelete
  9. @චින්තකගේ කරදහිය......

    නියමම අත්දැකීමක් නේ අයියා. ඒක මෙහෙම කෙටියෙන් විස්තර කරන්නේ නැතිව සවිස්තර ඇතිව ලිව්වොත් මොකද අපි හැමෝටම කියවන්න

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................