Friday, October 8, 2010

සොඳුරු බව


සොඳුරු මතකයන් මිහිරියි හැමදාමත්
සොඳුරු මිනිසුන් සිහිවේවි හැමදාමත්
සොඳුරු දේ තව ඒවි ඉදිරියටත්
සොඳුරු බව ඒ තරමටම සොඳුරුයි අපි කාටත්


ප.ලි.: මම මුලින්ම කියලා ඇති කට්ටියට මම කවිකාරයෙක් නෙමෙයි, මට කවි ලියන්න බැහැ කියලා. ඒත් මට මෑත කාලේ හමුවුණු පුද්ගලයෙක් නිසා මම කවිකාරයෙක් වුණා කියලා තමා මට නම් හිතෙන්නේ. ඉතින් මම මේ දවස්වල ලියලා තියෙන කවිවලින් හොඳයි කියලා මට හිතෙන එකක් තමා මේ.......

මම කලින් බැරි මර ගාතේ ලියපු කවි බලන්න කැමති නම් මෙතන කොටලා බලන්න.

12 comments:

  1. මටත් නං කවි කෙරුවාව බෑ... ඒත් කවි කියවන්න නං කැමතියි!

    ReplyDelete
  2. අයියෙ මේක මැක්සා

    මෙහ් කවුද ඇත්තටම අර හම්බුන කෙනා? ;) :D:D

    ReplyDelete
  3. හරිම සොඳුරුයි ඔබෙ කවිය මගෙ සිත්ගත්

    ReplyDelete
  4. mmm... good work ..manda matanam hondai... thawa uthsaha karannakooo apita anagathedi honda kavikarayek balaganna puluwanneeee....
    sashi

    ReplyDelete
  5. හ්..ම් කොල්ලට හැකියාවක් තියනබව නම් පෙනවා.. ම්...මේක බලන අනිත් අයත් කැමතිනම් මම කැමති තවත් අවස්ථාවක් දෙන්න..

    ReplyDelete
  6. සොඳුරුයි මචෝ උඹගේ කවි හැකියාවත්
    ලියපන් කොල්ලො තව කවි පද හැමදාමත්
    ඉන්නව බලන් කියවන්නට අපි කවුරුත්
    පබඳින සොඳුරු කවි පද උඹ හැමදාමත්

    ReplyDelete
  7. @බුද්ධි

    කවි කියවන්න පටන් ගන්න එකෙන් තමා තමන්ටත් කවි ලියන්න හිතෙන්නේ බැරි මරගාතේ හරි . මම ඒක අත්දැකීමෙන් කියන්නේ අයියේ..........

    ReplyDelete
  8. @ටෙක් බ්ලොගයෙ ටක් ටුක්

    තැන්කු මලයා.

    වැඩි විස්තර ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙන්න :))

    ReplyDelete
  9. @ප්‍රාර්ථනා

    තුති වේවා නගා
    ඔබේ කමෙන්ටුවටත්

    ReplyDelete
  10. @Sashi

    ස්තුතියි දිරි ගැන්නුවාට. අපි බලමුකෝ නේද ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේද ශෂී :))

    ReplyDelete
  11. @රතනේ

    අනික් අයත් කැමති කියලා හිතාගෙන මට ඊළඟ අවස්ථාව දීපන් ලොක්කා. අපි ඉතින් යාළුවොනේ :)

    ReplyDelete
  12. @ජංජාල චාමර

    උඹත් එල කොල්ලෙක්
    හැමදාම මට සප් එක දෙන
    උඹත් අළුතින් මොකවත්
    ලියපන් අපිට කියවන්න

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................