Sunday, August 8, 2010

Campus එකේ picketings


මේ දවස් ටිකේ Campus එකේ එක දිගටම picketings තිබ්බා. දැනට මාසෙකට විතර කලින් පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට විරුද්ධව campus එක ඉස්සරහ නුවර පාරේ picketing එකක් තිබුණා. මාත් ඉතින් නිකම් ඉන්න බැරුවට අපේ set එකත් එක්ක ඕකට ගියා. කැම්පස් ගිහිනුත් picketing එකකට ගියේ නැහැ කියන්නේ වැඩක් නැහැ මම හිතන විදිහට. මොකද කැම්පස් කියන්නේ picketing කරන අයගේ නිජබිම නිසා.

Picketing එකට යන උදවිය set වුණේ තෙල් බැම්ම ගාවට. එතනදී මහා ශිෂ්‍ය සංගමෙන් කෑ ගහන්න ඕනේ සටන් පාඨ තියෙන කොළ, පෝස්ටර් එහෙම බෙදලා දුන්නා. ඊට පස්සේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති අයියා මේ picketing එකේ අරමුණු පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ ඉතින් සටන් පාඨ කියමින් අපි කන්ද බැහැගෙන මහ පාරට ආවා.


සටන් පාඨ ටිකත් කියන්නම් නැත්නම් කිසි ගතියක් නැහැනේ මේ කතාවේ

අම්මේ තාත්තේ - මේ අහන්න
ඇදුරුතුමනි - මේ අහන්න
සේවක සොයුරනි - අහන්න
අධ්‍යාපනේ - බේරගන්න
අපිත් එක්ක - එකතු වෙන්න

IMF - ණය අරගෙන
උපාධි කඩ - ඇරඹෙනවා
අධ්‍යාපනේ - විකුණන්නට
සුදු බණ්ඩා - සැරසෙනවා

අපට ඉන්න - හොස්ටල් නෑ
ඉගෙන ගන්න - ශාලා නෑ
උගන්වන්න - ගුරුවරු නෑ
කෑම කන්න - කැන්ටින් නෑ
මුන්ට මේවා - තේරෙන් නෑ
සුදු බණ්ඩට - ඔළුවක් නෑ

පාසල්වල - විෂමතාව
ඇති කෙරුවේ - ආණ්ඩුවයි
කොමිස් ගිලින - නිලධරයන්
විෂමතාවේ - ප්‍රතිඵලයයි
විෂමතාව - නැතිකරන්න
දුන් පිළිතුරු - හරි කදිමයි

ගොවි කම්කරු - දරුවන් හට
සරසවි බිම - දැන් අහිමියි
කොළඹට කිරි - ගමට කැකිරි
අපි කිව්වේ - ඕක තමයි

මෙන්න මෙන්න - පුදුම වැඩක්
සුදු බණ්ඩගේ - පුදුම වැඩක්
සරසවි ටික - වහන වැඩක්
අධ්‍යාපනේ - නහන වැඩක්

සමරයාට - ඔළුවක් ඇත
ඒක ඇතුළේ - මලකඩ ඇත
ඇමතියාට - ඔළුවක් ඇත
ඒක ඇතුළේ - මොළයක් නැත

දියව් දියව් - අපට දියව්
ඉගෙන ගන්න - අපට දියව්
දමව් දමව් - ඉහළ දමව්
මහපොළ තව - ඉහළ දමව්
දමව් දමව් - පහළ දමව්
බඩු මිල තව - පහළ දමව්
සිසුන් පෙළන - ජඩ මැරයන්
යවව් යවව් - ගෙදර යවව්

මහින්ද ලොක්කට - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
පච සුදු බණ්ඩට - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
සෙවල සමරෙටත් - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
බැරි නම් හකුළන් - යන්න කියාපිය

අපි යන්නේ - කොයි පාරේ
ත්‍රිමා වෙනුර - ගිය පාරේ
අපි යන්නේ - කොයි පාරේ
නිෂ්මි බාලේ - ගිය පාරේ


මෙහෙම කෑ ගහමින් පහළට ගිය අපි පාර අයිනට වෙලා පැය භාගයක් විතර බොහොම සාමකාමී විදිහට අපේ විරෝධතාව දැක්වූවා. පස්සේ අපේ ශිෂ්‍ය සංගම් නායකයෝ කීප දෙනෙක් අදහස් දැක්වූවා. අවසානයේදී අපි විසිර ගියේ "ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා!!!" කියලා තුන් පාරක් කෑ ගහලා.

මේ picketing එක තියලා සති 2 ක් යන්න කලින් තවත් picketing එකක් තිබ්බා. ඒක තියන්න හේතුව වුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ සුසන්ත බණ්ඩාර ශිෂ්‍යයාගේ මරණය.

මට මේ picketing එකට සහභාගි වෙන්න නම් බැරිවුණා. කැස්ස, හෙම්බිරිස්සාව වගේම උණ කියන තෑගි තුනම එක පාර හම්බවෙලා මම හරිම අමාරුවෙන් හිටියේ. Picketing එකකට ගියොත් අනිවා කෑ ගහන්න ඕනේ. අසනීප තියාගෙන කෑ ගහන්න බැරි නිසා මම මේකට නොගිහින් හිටියා. ඒත් ඒකේදී කියපු සටන් පාඨ තියෙන කොළයක් හම්බවුණා. ඒකේදී කෑ ගහලා තියෙන්නේ මේ විදිහට


අම්මේ තාත්තේ - මේ අහන්න
අයියේ අක්කේ - මේ අහන්න
සිසු ජීවිත - බේරගන්න
අපිත් එක්ක - එකතු වෙන්න

සරසවි ටික - වනසනවෝ
අහිංසකයෝ - මරවනවෝ
පොලිස් බ.......... - ගොරවනවෝ
පරිපාලනේ - බුදියනවෝ

මෙන්න බොලේ - ආණ්ඩුවක්
සිසුන් මරණ - ආණ්ඩුවක්
අපට ඕනේ - තීන්දුවක්
සාධාරණ - තීන්දුවක්

සංවේදී - පියා පියා
ආඩම්බර - පියා පියා
දැයේ එකම - පියා පියා
සිසුන් මරලා - ගියා ගියා

මෙන්න බොලේ - පොලීසියක්
මිනී මරණ - පොලීසියක්
සිසුන් මරණ - පොලීසියක්
සිසුන් මරණ - ආණ්ඩුවක්
පරිපාලනේ - ගේම් එකක්

රැකවරණය - ඉල්ලුවේ
ඇයි අපේ ලේ - හෙල්ලුවේ
අහිංසකයෝ - මරන්නේ
පොලීසියේ - බ..........නේ

කාගෙද මේ - ජීවිතේ
බිලි ගත්තේ - මාවතේ
මස් කන්නට - හාමතේ
සිසුන්ගේ ලේ - තොපෙ අතේ

මහින්ද ලොක්කට - එන්න කියාපිය
පච සුදු බණ්ඩට - එන්න කියාපිය
පොලිස් මහින්දට - එන්න කියාපිය
නිවැරදි දඩුවම් - දෙන්න කියාපිය

කපා කපා - කෑලි කපා
අප වළකනු - සිතනු එපා
ලේ හැලුනත් - පාර දිගේ
අපේ ගමන - අපි යනවා

අපි යන්නේ - කොයි පාරේ
ත්‍රිමා වෙනුර - ගිය පාරේ
අපි යන්නේ - කොයි පාරේ
නිෂ්මි බාලේ - ගිය පාරේ



මේවා තමා සටන් පාඨ. පොලිසියට සුනඛයාට සාමාන්‍යයෙන් භාවිතා කරන වචනේ දාලා තමා මේකෙදී ආමන්ත්‍රණය කළේ. කෝකටත් ඒක මම භාවිතා කරන්න ගියේ නැහැ. මොකද මේ ශිෂ්‍ය ඝාතනය හෙලා දකිමින් පෝස්ටර් අලවමින් හිටිය අපේ 1st year දෙන්නෙක්ව පොලිසියෙන් අල්ලන් ගිහින් හොඳ සබ්බුවක් දීලා තමා අත ඇරලා තිබ්බේ. කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි නේ.

මේ කතාව කියන්න හේතුව වගේම මේ කතාවේ සමාලෝචනය ආදී විස්තරත් එක්ක මේ කතාවේ ඉතුරු ටික ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.

ප.ලි.: මේ සටන් පාඨ දැමීමේ අරමුණ වුණේ මේ සිද්ධිය වාර්තා කිරීමක් විදිහට පමණයි. නැතුව මහා ශිෂ්‍ය සංගමේ හඬ සයිබර් අවකාශයේ පැතිරවීමක් හැටියට නෙමෙයි. ඒත් වක්‍රාකාරව ඒක සිදු නොවෙනවාත් නෙමෙයි.

39 comments:

  1. අපේ කාලේ සටන් පාඨ ටිකක් - ඔය මුල් එකට අදාලව.

    පී.එම්.සී ගෙන එන්නට
    අපි ඉඩ කඩ දෙන්නෙත් නෑ
    බලයෙන් සම්මත කෙරුවොත්
    අපි පස්සට යන්නෙත් නෑ

    ගොවි කම්කරු ශිෂ්‍ය තරුණ
    බලවේගය පාරට ගෙන
    පී.එම් සිය පන්ණ දමන
    පටන් ගනිමු අපේ සටන

    මේවා පී.එම්.සී (private medical collage) කියා දාලා රී කන්ඩිෂන් කරපු ඒවා. පී.එම්.සී. කීවේ එන්.සී.එම්.සී. (North Colombo) කියනවාට වඩා ලේසි නිසයි.

    ReplyDelete
  2. එල එල...මටත් මාර ආසාවක් තියෙන්නෙ මොකකට හරි ගිහිල්ල කෑ ගහන්න... ඒකත් මාර ආතල් වැඩක් මට නම් :D

    ReplyDelete
  3. සතුටු වෙන්නද? දුක් වෙන්නද? හ්ම්.. උපේක්ෂාවෙන් ඉන්නම්..

    ReplyDelete
  4. අනේ මන්ද බන්... ඔය ඔඋද්ගලික විශ්ව විද්‍යාල දැම්මොත් අඩුම ගානේ රටේ සල්ලි ප්ටට යන එකවත් අඩු වෙයි. අපේ උන් කී දාහක් ඉන්දියාවෙ යනවද ඉගෙන ගන්න. සල්ලි තියෙන උන් ඕස්ට්‍රේලියා යුකේ යනවා... ඒ ව හරි රටේ තියේ නේ.

    අනික බන් කීයෙන් කී දෙනාටද ලංකාවෙ යුනි යන්න ලැබෙන්නේ.

    ඔය උත්ගෝශන කරන උන්ගෙන් කී දෙනාද මලේ යුනි වලින් ඇවිල්ලා තැනකට ගියාමඕවා වෙනුවෙන් කතා කරන්නේ. මගේ අදහස... හිත් රිදවගන්න එප කොල්ලො.

    ReplyDelete
  5. ane manda ewaii.... aththakuth thiyenawa wageeeeeee

    ReplyDelete
  6. @පිස්සා පලාමල්ල

    මචං මේකයි මගේ පෞද්ගලික මතය. පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මට කමක් නෑ. ඒත් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුල්වෙන ළමයි ප්‍රමාණය කප්පාදු කරලා ඒකෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමෝට් කරන එක අනුමත කරන්න බෑ. මෙවරත් ළමයින් 23,000 ගන්නවා කිව්වට ඇත්තටම ගත්තේ ගිය සැරේටත් අඩුගණනක්... අන්න ඒක හොඳ නෑ.

    වෛද්‍යවරැන්ට පඩියට අමතරව ලෝකම් එකක් තියනවා. නමුත් ප්‍රශ්ණ තිබුණත් පෞද්ගලික වෛද්‍ය සේවය නිසා වෛද්‍ය සේවය ගුණ හානි වෙලා නෑ. ඒ වගේ උදාහරණ දෙන්න පුළුවන්. මගේ පෞද්ගලික මතය පුද්ගලික විශ්ව විද්‍යාල විවෘත ක්අලාට කමක් නෑ> නමුත් ඒකෙන් රජයට යම් ගතමන්ට් එකක් එනවානම් ඒකෙන් රජයේ විශ්වවිද්‍යාල වල පහසුකම් වැඩිකරලා ඒවට ගන්න ළමයින් ගණනටත් සාධාරණයක් කරනවානම් හොඳයි කියන එක.

    ReplyDelete
  7. ඔය හැම දේකම මචන් දෙ පැත්තක් තියෙනවා. ඔය ජේවීපි එක එක්ක ඉන්න සංවිදාන හැම තිස්සෙම හැම්ද්ටම විරුද්ද වෙනවා. එහෙම නොවී රටට පලක් වෙන දෙයක් බලන්නයි ඔනී. විශ්ව විද්‍යාල වලට ළමයි ගන්න ගාන කප්පදු කරන්න නෙමෙයි... ඒ ගාන එහෙමම තියාගෙන අර රටින් පිටට යන ළමයි න්ට රට තුලම අධ්‍යාපනය දෙන විදියක් තමයි ඔය. ඒ තුලින් ආදායමක් බද්දක් විදියට රජයට ගන්න පිලිවෙලක් යොදා ගත්තට වරදක් නැහ. හැමදේටම විරුද්ද වෙන ගතානුගතික ක්‍රමයෙන් අපි වෙනස් වෙන්න ඕනි බන්.

    ReplyDelete
  8. ජෙප්පෝ කොහොමත් මොලයක් නැති ජාතියක්නේ බන්. උඹගේ මතයෙම තමයි මං ඉන්නේ. නමුත් රජයේ විශ්ව විද්‍යාල වලට අවස්ථාව වැඩි කිරීම වෙන්න ඕනෙ. මොකද තරගේ අවුරැද්දෙන් අවුරැද්ද සීග්‍රයෙන් වැඩි වෙනවා. ඒකට විකල්පයක් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල, ඒක උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක සහසම්බන්ධයෙන් ඇරඹෙන්න ඕනෙ. BOI ප්‍රොජෙක්ට් ලෙස නොකර. ඒකයි මගේ මතය. අපි විවෘතව හිතන්න කියන එක තමයි

    ReplyDelete
  9. කපා කපා - කෑලි කපා
    අප වළකනු - සිතනු එපා
    ලේ හැලුනත් - පාර දිගේ
    අපේ ගමන - අපි යනවා

    jaya wewaa

    ReplyDelete
  10. අනේ මන්දා..
    හොඳක් කියන්නත් බැහැ, නරකක් කියන්නත් බැහැ.

    ReplyDelete
  11. නිදහස් අධ්‍යාපනය අද තියන තැන ගැන කතා කරනවාට වඩා හොඳයි මුනිවත රකින එක.

    ReplyDelete
  12. පිස්සයි හෙළයයි දෙන්නම කියන දේවල් හරි කියල හිතෙනවා.ඒත් වැඩියෙන් හරි මොකද්ද කියලා හිතාගන්න බෑ

    ReplyDelete
  13. කැම්පස් යනවා කියන්නේ පිකටින් ගිහින් ගිරිය පුලුස්සගන අනුන්ගේ අතකොලු වෙන එක නම් නොවේ.

    ReplyDelete
  14. හුගක් අය පිකට් වල්ට යන්නේ ෆන් එකක් ගන්න, මාත් එහෙමයි. :)

    ReplyDelete
  15. මෙක මගෙ අද්ශැකිමක්...
    ප්‍රොයොජනවත් වෙයි හිතන්න...
    අහල තියනව නෙද තරුන අරුන කියන ප්‍රොජෙච්ට් 1ක..
    ‍රැකියා නැති උපාදිදාරින් ට මොනවද කරන 1ක්..
    එතන හිටිය සමහර අයට ළමයිත් ඉන්නව ජොබ් 1ක් නැ..
    හම්බවෙන 1ක කරන්න කමතිවෙලා නැ.... රජයෙන් ශෙනකල් බලගෙන ඉදල...
    දැන් කරන්න කැමති.. එත් වයස වැඩ්....
    ඉංග්‍රිසි බැ...
    එකම සුදුසුකම උපාදිය විතරමයි...
    ප්‍රියිවට් කොම්පැනිවලින් ගන්න කැමති නැලු..
    ගියත් සමහර විට වැඩකරන්න වෙන්නෙ ච්පදියක් වත් නැති 1ක් ගාවලෞ..
    එක්කට කැමතිත් නැ ලු...


    හැබැයි හැමොටම අමතක වෙලා අයිතිකරය සමහර විට ඉස්කොලෙටවත් ගිහිල්ල නැ කියල..
    හැමොම වැඩ කරන්නෙ මිනිහට.....

    ReplyDelete
  16. පුද්ගලික විශ්ව විද්‍යාල(පු.වි.වි.) ඇති කිරීමත් එයට විරුද්ධවීමත් යන දෙකම දේශපාලකයන්ගේ උවමනාවන්ට සිදුවන ඒවා මිසක රටේ පොදු බහුතර සාමාන්‍ය ජනතාවගේ උවමනාවට සිදුවන ඒවා නොවේ.
    රජයට කුමක් හෝ හේතුවකට පු.වි.වි. ඇති කිරීමට උවමානවක් ඇතිවී තිබේ. සැබැවින්ම පු.වි.වි. ඇති කිරිමට නොව පිටරට වි.වි. වල ශාඛාවන් මෙරට ස්ථාපනය කිරීමට උවමනාවක් ඇතිවී තිබේ. එය සාධාරණය කිරීමට ජනතාවට බස්සන බෝලය වනුයේ මෙමගින් රටේ ජාතික ධනය පිටරට ඇදී යාම වලකින බවයි. මෙය පට්ට පල් බොරුවකි. මෙයින් කියන තරම් ඉතිරියක් නොමැත. සිදුවන්නේ වෙනදා පිට රට ගොස් ඉගෙන ගන්නා වු සීමිත පිරිසක් වෙනුවට බොහෝ පිරිසක් මෙරටදී මෙම වි.වි. සඳහා ඇතුලුවී පෙරට වඩා විශාල වශයේන් මුදල් පිටට යාමයි. මේවායේ ක්‍රීයා කලාපය තවම දැනුවත් කර නොමැති බැවින් මෙය සමහරවිට සිතනවාට වඩා විශාල විය හැකිය.
    තවත් බොලයක් වනුයේ සියලුදෙනාට පු.වි.වි. මගින් අධ්‍යපනය ලබාදිය හැකිය යන්නයි. මෙයද බොරුවකි. මෙයින් සෙත සැලසෙන්නේ ප්‍රමාණවත් තරමට ඇති එකාට පමණි.
    නමුත් පු.වි.වි මගින් මේවා ඇති කරන්නට දත කන උන්ට නම් ඕනෑවටත් වඩා සෙත සැලසෙනු ඇත.
    මේවාට විරුද්ධ වන්නට ඇති එකම අරමුණ සටන් පාඨ පමණි. ඔවුන්ට සටන් පාඨ ඇත. නමුත් සුදුසු යෝජනා නැත. ඔවුන් ගැන කතා කිරීමට වචන වැය කිරීම අපරාධයකි.
    වි.වි. පැවතිය යුත්තේ දැනුම නිර්මාණය කිරීමට වුවත් අද විශ්ව විද්‍යාල වල කෙරෙන එකම දෙය බටහිර දැනුම අපිට ගෙඩි පිටින් ගිල්ලවීමය. එබැවින් වි.වි. පුද්ගලිකද රජයේද යන්නේ වෙනසක් නැත.
    මොලේ ඇත්තෝ කල්පනා කරත්වා.

    ReplyDelete
  17. ඉතින් හසී මල්ලි ඇත්තටම ඔයා හිතනවද පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන එක නරකයි කියලා?

    ReplyDelete
  18. @කතන්දරකාරයා

    ෂාහ් කසූ මේවායේ ඉදලා තියෙනවා වගේ. ජය වේවා ජය වේවා............

    ReplyDelete
  19. @Hasitha ජයසූරිය

    මේ වගේ වැඩ කටයුතු තියෙන කැලණිය, පේරාදෙණිය වගේ කැම්පස් එකකට එන්න ලැබුණොත් නම් කෑ ගහන්න යන්න පුලුවන් වෙයි. ඒ වගේම මොකකට හරි නෙමෙයි තේරුමකුත් ඇතුවනේ මෙහෙම කෑ ගහන්න යන්නේ :)

    ReplyDelete
  20. @SACHIRA

    තාමත් කිසිම එකකට එන්න එපා අයියේ. මේ කතාවේ ඉතුරු කොටසත් කියවලා තීරණයකට එන්න. කොහොමත් උපේක්ෂාවෙන් ඉන්න එක තමා හොඳ :)

    ReplyDelete
  21. @පිස්සා පලාමල්ල

    ඔයාගේ කතාවේ යම් ඇත්තක් තිබෙන බව මාත් පිළිගන්නවා අයියා. ඒත් ඒකෙත් ගැටළු තියෙනවා.

    ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටළු විසඳන්නේ නැතිව පුද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න එක නම් මම හිතන විදිහට ලොකු ප්‍රශ්නයක්

    ReplyDelete
  22. @Anonymous

    මේ කතාවේ දෙපැත්තක් තියෙනවා. කෝකටත් අනික් කොටහත් කියවලාම idea එක කියන්නකෝ.

    ReplyDelete
  23. @හෙළයා

    හෙළයා අයියා සහ පිස්සා අයියා ඕන කරන කතාවට ඇවිත් තියෙනවා. ඒක ගැන සතුටුයි.

    ජාතික විශ්වවිද්‍යාලවලට වල කපලා පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමක් තමා වෙන්න යන්නේ...............

    ReplyDelete
  24. @seo sri lanka

    ජය වේවා ජය වේවා. මේ සහෝදරයත් ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටිය කෙනෙක්ද ?

    ReplyDelete
  25. @Ansh Lucky Sri Jay

    ඒක ඇත්ත අක්කේ. මේ ප්‍රශ්නෙට දෙපැත්තටම කරුණු කාරණා තියෙනවා. ඉදිරි ලිපියත් කියවලා බලන්නකෝ

    ReplyDelete
  26. @Naදී

    නිදහස් අධ්‍යාපනේ මේ විදිහට හරි සුරැකිලා තියෙන එක ගැන සතුටු වෙමු අක්කේ

    ReplyDelete
  27. @blog gadol

    අපි ඉස්සරහට ඒක ගැන කතා කරමු අයියේ. මේ ලිපියේ ඉතුරු කොටහක් තියෙනවා. ඒකෙන් කතා කරමුකෝ.

    මේ දවස්වල වැඩ ටිකක් වැඩි නිසා තාම ඒක ලියාගන්න වුණේ නැහැ

    ReplyDelete
  28. @honduras

    එකඟයි.

    ඒ වගේම කැම්පස් එකකට ගිහින් ඕකකට ගිහින් නැත්නම් ඉතින් ජීවිතේට එක්කහු කරගන්න තිබ්බ අත්දැකීමක් අතපසු කරගත්තා කියලයි මගේ අදහස

    ReplyDelete
  29. @bckurera

    හරියට හරි අයියා. ඒත් මම පිකටින්වලට යන හේතුවට ඕක වගේම තවත් කරුණු කාරණා කීපයක් එකතු වෙන්න ඕනේ. ඊළඟ ලිපියෙන් ඒක කියන්නම්කෝ

    ReplyDelete
  30. @Anonymous

    ඔයා එකතු කළ අදහස වැදගත් එකක්. මේක ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තියෙන වැරැද්දේ ප්‍රතිඵලයයි. ඒක නිසා අන්තිමය උපාධි සහතිකයකට පමණක් සීමා වුණු උපාධිධාරියෙක් සමාජයට එනවා. මේක ආරම්භක ස්ථානයේ ඉදන්ම සකසන්න ඕනේ දෙයක්.

    ReplyDelete
  31. @කාංචන දිනූක

    මේ සංවාදයට වටිනා කියන අදහස් කීපයක් එකතු කිරීම සම්බන්ධව ස්තුතියි. මම දරන මතය වෙන්නේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ගැටළු විසඳන්නේ නැතිව පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකරන එක වැරදියි කියලා.

    අන්තිමට වෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල නිසා ජාතික විශ්වවිද්‍යාලවලට වල කැපීමක්.......... ඉදිරි ලිපියෙන් මේ ගැන කතා කරමු

    ReplyDelete
  32. @ලකී වික්‍රමසිංහ

    නරකයි කියලා නම් හිතන්නේ නැහැ. ඒත් ඒක කරන විදිහ වගේම දැනට රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන තත්වයත් එක්ක මේ පියවර ගන්න එක ඉක්මන් වගේම අනර්ථකාරී දෙයක්

    ReplyDelete
  33. ගොඩක් කෙටියෙන් බොහොම පොඩ්ඩයි කිව්වේ. නැත්නම් comment එක post එකක් වෙනවා. අපිට කතා කරන්න දේවල් ගොඩක් තියේවි. පු.වි.වි. වලින් රජයේ වි.වි. වල වටිනාකම අඩුවෙන්න දෙන්න බැ.

    ReplyDelete
  34. @කාංචන දිනූක

    මම මේ ගැන ඊළඟ ලිපිය ලිව්වාට පස්සේ මේ ගැන තව විස්තර අපි කතා කරමු

    ReplyDelete
  35. api campus yana kaleth (meta awurudu 8kata withara kalin) oya private uni katawa kiwwa..picket kala...patangatta campas ekak ne thama...ewata kegahapu kattiya parliment eke manthri putuwala wadiwela( kelaniyama hitiya maha shishya sangamaye loku ayyala)...thamath oyala wage lamai unta kade yanawa....kawadda oya kade yama nawattala thamange oluwen kalpanakaranne wishwa widyala shishyayo..

    ReplyDelete
  36. @Anonymous

    අපේ 2nd sem එකේ exam එක සැප්තැම්බර් තිබ්බ නිසා ඒකත් එක්ක මේ ලිපියේ ඉතුරු කොටස ලියන්න මට බැරිවුණා.

    ඊට පස්සේ කොහොමින් කොහොම හරි ඒක ලියන එක අතපසු වුණා. ඔයාගේ comment එකෙන් තමා ආයිත් පාරක් ඒක මතක් වුණේ.

    ස්තුතියි ඒකට. මම හැකිතාක් ඉක්මනට ඒක ලියන්නම් :)

    ReplyDelete
  37. "Malli".... Take care.. we saw same over and over... Once u come out world is so bigger than u think.
    we saw 87..and have heard of 71 too. Our country lost so many young people in war as well.
    U r too young. I got to see the education system in few countries.
    Vietnam is a communist country but nothing is free. But students are very hardworking. Most of them work part time. I had a helper who took care my kids in day time and went to campus at night. They do all kinds of odd jobs .. waiters..shop helpers even in massage centers.
    That way still Sri Lankan students are lucky.

    How about having a picketing " Don't accept foreign degrees. No ACT 16. Close all private hospitals. No international schools"

    Its sad to say those "Loku Ayyala" have no difference with dirty politicians in "Diyawanna".

    Please "Mallila " be carefull. Your parents shed sweat and tears and waiting at home for you.
    Sri Lanka cant survive only with old agriculturel concept. As a small country we need go for srevices. We can attract foreign students. if even Bangladesh does it why cant we.
    I know this is very contraversal topic and everybody will throw stones but this is the time to think out of the box.
    Only doubt how far we can trust our politicians..????

    ReplyDelete
  38. මහපොල උත්සවය දවසේ මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා කියපු දෙයක් මතක් වෙනවා ( මම රුහුණේ ඉ.පී ) "මහපොල කියන්නේ ආචාර්ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඔලුවට ආපු අදහසක් නිසා ක්‍රියාත්මක වෙච්ච දෙයක්. එහෙම එකක් දෙන්න ඕන කියලා කවුරුවත් බැදිලා නැ. මහපොල ලැබෙන්නේ ලංකාවේ මිනිස්සු දුක් මහන්සියෙන් උපයන සල්ලි වලින්, අද මේ මහපොල අරගෙන හෙට ගිහිල්ලා කෑගහන්නේ කොහොමද? පාලකයිනි මහපොල වැඩිකරවු, ඔය කැගහන කගෙන් කවුද අවුරුද්දකට සැරයක් වත් ලලිත් ඇතුලත්මුදලිතුමාව මතක් කරන්නේ?" මම උඩින් නම් කරපු දෙන්නට කඩේ යනවා නෙමෙයි. මෙතන තියෙන සටං පාඨයක් දැකලයි මේ කතාව මතක්වුනේ.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................