Saturday, May 15, 2010

Multipurpose Mobile Phone


මම සිකුරාදා campus ගිහින් ගෙදර එද්දී අපිත් එක්ක St. John Ambulance එකේ firstaid වැඩවලට සම්බන්ධ වෙන මල්ලී කෙනෙක් හම්බුණා.

ඉතින් මම එයත් එක්ක කතා කර කර ගෙදර එන ගමන් මට මතක් වුණා ඉස්සරහ දවසක අපිට ඉස්කෝලෙක තියෙන උත්සවේක firstaid duty එකකට කතා කරලා තියෙන එක. මම ඒ කතාව මල්ලිට කිව්වා.

ඒ ගමන් මම කිව්වා "දවස තාම confirm වුණේ නැහැ.දවස confirm වෙච්ච ගමන් මම ඔයාට call කරලා ඒක කියන්නම්" කියලා.

ඒක අහපු මල්ලී කිව්වා "හසිත අයියේ, hand phone එකට call ගන්න එපා ගෙදරට call එක ගන්න" කියලා.

මම ඇහුවා "මොකද hand phone එකට ගන්න එපා කියන්නේ" කියලා.

පස්සේ මල්ලී කිව්වා "Hand phone එක ඉස්කෝලේ අරන් ගිය වෙලාවේ Principal ට අහුවුණා. අම්මව හරි තාත්තව හරි එක්කන් එනකම් phone එක දෙන්නේ නැහැ කියලා Principal කිව්වා. Phone එක නැතිවුණු එක අත කැඩුණා වගේ හසිත අයියේ" කියලා.

ඒ ගමන්ම man කිව්වා."හුඟක්ම රෑට තමා හසිත අයියේ phone එක නැති අඩුව තේරෙන්නේ" කියලා.

මම කිව්වා " ඔව් ඉතින් මලක්වත් කඩාගන්න [කට්ටිය දන්නවනේ මල් කඩනවා කියන්නේ මොකක්ද කියලා. දන්නේම නැත්නම් Hutch එකෙන් දාන අලුත් advertisement එක බලන්න :)] විදිහක් නැහැනේ" කියලා.



එතකොට man කියනවා "නැහැ හසිත අයියේ ඒක නිසා නෙමෙයි නිදාගන්න ගියාම ඇඳේ net එක [මදුරු දැල] දාගන්න එළිය ගන්න පත්තු කරන්න phone එකේ torch එක නැති නිසයි phone එක නැති අඩුව තේරෙන්නේ" කියලා.


ඔන්න call ගන්න විතරක් නෙමෙයි එක එක අය එක එක වැඩවලට phone එක පාවිච්චි කරන හැටි පේනවනේ......

5 comments:

  1. මාත් මගේ ෆෝන් එක එක එක වැඩවලට පාවිච්චි කරනවා. කොහොම වුනත් එල කථාව

    ReplyDelete
  2. හික්ස්...මටත් ෆෝන් එකේ ටෝච් එක නැතුවම බැහැ

    ReplyDelete
  3. ඇත්තටම මාත් රෑට ගොඩක් වැඩ කරගන්නෙ ෆෝන් එකෙන් තමා....කතාවනම් මරු අයියෙ

    ReplyDelete
  4. Anonymous 1 ට සහ Anonymous 2 ට
    ඒකනේ කියන්නේ

    ජංජාල චාමර ට
    උඹත් රෑට නිදාගන්න ගියාම නෙට් එක දාන්නේ එහෙමද ? :)

    හසිත ජයසූරිය ට
    මොනවද මලයණ්ඩි කරන ගොඩාක් වැඩ අපිටත් එකක් දෙකක් කියමුකෝ බලන්න.

    ඉතින් මල්ලි කොහොමද අධ්‍යාපනික වැඩ ?. දැන් මොන පැත්තෙන්ද A/L කරන්න ඉන්නේ ?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................