Saturday, May 29, 2010

යෝවද තං පව රෝමානු ජේසු - රෝමයේ උපන් ජේසු


අද post එකේ මාතෘකාව දැක්ක ගමන් සමහරු කලබල වෙයි මෙන්න බුද්ධාගම විකෘති කරනවා කියලා. ඒත් මේ කතාව එහෙම එකක් ගැන නෙමෙයි. ඔයලා දන්නවානේ ආගිය කතාවල කතා මිසක් වෙන වැඩ නැහැ කියලා.

අද කියන්න යන කතාවට මූල බීජය සැපයුවේ අපේ හිතවත් බ්ලොග්කරුවෙක් වෙන තරිඳු අයියා ලියපු "ඔබද රෝමානු ආගමේ ජේසු ?" කියන post එක.

ඉතින් මම කියන්න යන කතාව පටන් ගන්නම්කෝ. අපේ ගමේ පන්සලේ තිබ්බ දහම් පාසලේ උප ප්‍රධානාචාර්යවරයා විදිහට කටයුතු කරපු දැනට අප අතරින් වියෝ වෙලා ඉන්න අපි කියන විදිහට "අපේ ලොකු සර්" තමා මේ කතාව මටත් කිව්වේ.

අපේ ලොකු සර් ගත්තොත් ඇත්තටම පුංචි ධර්ම භාණ්ඩාගාරයක් කියලා කිව්වොත් නිවැරදියි. හුඟක් සූත්‍ර දේශනා ආදිය දැනගෙන හිටිය ලොකු සර්ට හාමුදුරුවන්ට වුණත් බුද්ධ ධර්මය උගන්වන්න තරම් ධර්මය ගැන දැනුමක් තිබ්බා. සාමාන්‍යයෙන් ලොකු සර් පාඩම් උගන්වන්න ආපුවාම අහගෙන ඉන්න එහෙම හරිම ආසයි. ඒ තරම් රසවත් විදිහට තමා උගන්වන්නේ.

ඔන්න දවසක් දා ලොකු සර් එයාගේ තරුණ කාලේ ගැන කිව්වා. ඒ අතරවාරේ තමා මේ කතාවත් කිව්වේ.

ඒ දවස්වල සර් වැඩ කරලා තියෙන්නේ A/C Machine Repair කරන තැනක. එතැන හුඟක් ඉදලා තියෙන්නේ ක්‍රිස්තියානි බැතිමතුන්. අපේ ලොකු සර් බෞද්ධයෙක් බවත් බුද්ධ ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් කියලත් එයාලා දැනගෙන ඉදලා තියෙනවා.

එක දවසක් ඒ කට්ටිය කතා කර කර ඉද්දී ලොකු සර්ගෙන් ඇහුවාලු "දැන් උඹලාගේ බුදු හාමුදුරුවන්ට අතීතය අනාගතය ගැන පේනවා කියලනේ උඹලා කියන්නේ. හොඳයි එහෙමනම් බුදු හාමුදුරුවෝ ජේසුස් වහන්සේ කියලා කෙනෙක් උපදිනවා කියලා කොහෙවත් කියලා නැද්ද ?" කියලා

ලොකු සර්ත් ඉතින් කල්පනා කරලා බැලුවලු එහෙම මොකුත් මතක් වෙන්නේ නැහැලු. අන්තිමට ලොකු සර් හිතුවාලු ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරන්න.

ඉතින් අන්තිමට ලොකු සර් කිව්වාලු "බුදු හාමුදුරුවෝ දවසක් දා ඡත්ත කියන තරුණයාට ගාථා වගයක් දේශනා කරලා තියෙනවා. ඒවාට අපි කියන්නේ ඡත්ත මානවක ගාථා කියලා. ඒ ගාථාවලින් මුල්ම ගාථාවේ මුල්ම පදයෙන් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා යෝවද තං පව රෝමානු ජේසු කියලා ඒ කියන්නේ පසුකාලීනව රෝම රාජ්‍යයේ ජේසු කියලා පුද්ගලයෙක් උපදිනවා කියන එකයි." කියලා

එදා රෝම රාජ්‍යයට අයත් වෙලා තිබුණු ජේසුතුමා උපන් බෙත්ලෙහෙම් නගරය අද

ඉතින් ඔය ක්‍රිස්තියානි set එක පාලි දන්න එකක්යැ ඒක ඇත්ත කියලා පිළි අරන් බුද්ධාගම ගැන අනම් මනම් කියන එක නැවැත්තුවාලු.

මට මේ කතාව ඇහුවාම මතක් වුණේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිද්ධවුණු පානදුරාවාදය. ඒකෙත් මේ වගේම හොඳ හොඳ උදාහරණ පාවිච්චි කරලා තියෙනවා.

ඉතින් තරිඳු අයියගේ post එකෙන් පස්සේ මමත් මේ ඡත්ත මානවක ගාථා ගැන කරුණු හෙව්වා. ඒ විදිහට හොයාගත්තු ඡත්ත මානවක ගාථාවල නිධාන කතාව ඒ වගේම වර්තමානයේදී බොහෝ පාසල්වල කටයුතු නිමා කිරිමේදී භාවිතා වෙන්න ඡත්ත මානවක ගාථා ආපු හැටි ගැන හෙට කියන්නම්. අනිවාර්යයෙන්ම ඒ එක කියවන්න මතක තියා ගන්න. :)

මෙන්න ඡත්ත මානවක ගාථාවල තේරුම ඒ වගේම එකේ අතීත කතාව වගේම වර්තමාන කතාව ඇතුළත් "රෝමයේ උපන් ජේසු - 2 [ඇත්ත කතාව]" post එක. කියවලා බලන්නකෝ.

33 comments:

  1. මල්ලි පද බෙදල තියෙන විදිය වැරදී :-) හරි විදිහ යෝ වද තම් පවරෝ මනු ජේසූ...

    මෙතන් ජේසු කියන්නෙ ජ්‍යෙෂ්ඨ කියන එකට :-) අර පානදුරාවාදය ගැන පුලුවන්නම් හොයල දාන්න. මට හොයාගන්න බැරි උනා.

    ReplyDelete
  2. ත‍රිඳු ට
    ස්තුතියි අයියා මතක් කලාට. මමත් මුලින් දාන්න හිතුවේ එහෙම තමා.

    ඒත් කතාවේ හැටියට අපේ ලොකු සර් එයාගේ යාළුවන්ට "ජේසුතුමා රෝමේ උපන්නා" කියන එක ගැන කියන්න පද බෙදලා කිව්වේ මේ විදිහටනේ. ඒකයි මෙහෙම දැම්මේ.

    ඡත්ත මානවක ගාථා ගැන හොඳ post එකක් දාන්න කරුණු ගොඩක් හොයාගන්න පුලුවන් වුණා. ඒවා හෙට දාන්න තමා හිතාගෙන ඉන්නේ. ඒවත් කියෝලා බලන්න අයියා. මේ කරුණු හෙවිල්ලට මූලික වුණේ ඔයාගේ post එක. ඒ නිසා නැවත වරක් ඔයාට ස්තුතියි අයියා :)

    ReplyDelete
  3. Anonymous ට
    තැන්කු වේවා මිත්‍රයා

    ReplyDelete
  4. පානදුරාවදයෙ කොටස් පුළුවන් නම් හොයලා දාන්න.. අපිත් ආසාවෙන් ඉන්නෙ ..

    ReplyDelete
  5. හසිත, තරිඳුගේ ලිපියට අර කණිෂ්ක දිල්ෂාන් එවපු ඇත්ත තේරුම තියෙන තැනටත් ලින්ක්ස් දාන්න.

    ReplyDelete
  6. මේ දවස් වල වෙන දේවල් දැක්කම නම් පානදුරා වාදය බලන්නම හිතෙනවා. පුලුවන් නම් හොයල දාන්න . ලොකු පිනක්

    කලන මිතුරු ධම්ම

    ReplyDelete
  7. රවා ට
    අපේ පන්සලේ පොඩි හාමුදුරු නමක් ගාව පානදුරාවාදය පොතක් තිබ්බා වගේ මතකයි. හෙට දහම් පාසල් ගියාම ඒක ගැන හොයලා බලලා විස්තරේ කියන්නම් අයියා

    කතන්දරකාරයා ට
    මම ඡත්ත මානවක ගාථාවල ඇත්ත තේරුම ඒ වගේම නිධාන කතාවත් ඇතුලත් කරලා post එකක් හෙට දාන්න තමා හිතන් ඉන්නේ අයියා. කෝකවෙතත් මේක බලලා සමහරු වැරදි වැටහීම් ඇතිකරගන්න පුළුවන් නිසා මේ කොටස අළුතෙන්ම bold කරලා එකතු කලා

    "ඉතින් තරිඳු අයියගේ post එකෙන් පස්සේ මමත් මේ ඡත්ත මානවක ගාථා ගැන කරුණු හෙව්වා. ඒ විදිහට හොයාගත්තු ඡත්ත මානවක ගාථාවල නිධාන කතාව ඒ වගේම වර්තමානයේදී බොහෝ පාසල්වල කටයුතු නිමා කිරිමේදී භාවිතා වෙන්න ඡත්ත මානවක ගාථා ආපු හැටි ගැන හෙට කියන්නම්. අනිවාර්යයෙන්ම ඒ එක කියවන්න මතක තියා ගන්න. :)"

    ReplyDelete
  8. කලන මිතුරු ධම්ම ට
    මම අනිවාර්යයෙන්ම හෙට පන්සලෙන් හොයලා බලලා පානදුරාවාදය ගැන තියෙන පොත හම්බුණොත් ඔයාලගේ ඉල්ලීම් ඉටුකරන්නම්. ඒ නැතත් full try එකක් දෙන්නම් පොත හොයා ගන්න.

    ReplyDelete
  9. යාළුවනේ, මගෙත් මිටරේ හොඳ මදි :)
    පොත හොයන්න හෙට වෙනකම් ඉදලා පන්සල් යන්න උවමනාවක් නැහැ. මම හුඟ දවසකට කලින් හාමුදුරුවන්ගෙන් පොත ඉල්ලන් ඇවිත් පොත් රාක්කෙන් පොත දාලා. මේ දැන් ටිකකට කලින් පොත් රාක්කේ දිහා නිකමට වගේ බලද්දී පොත දැක්කේ.

    ඒ පොතේ නම සතර මහා වාදය සංස්කාරක කාලිංග ඔබේවංස මහත්මයා. [එයා ඒ කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්] මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ සියවස් සමරුවට තමා පොත නිකුත් කරලා තියෙන්නේ.

    දැන් ඒ පොතේ තියෙන ඒවයින් මොන මොනවා ගැනද මම ලියන්න ඕනේ. මට ඒ ගැන අවවාදයක් දෙන්න

    ReplyDelete
  10. අපේ මේ හසියත් මාර ඒවනෙ ලියන්නෙ...එල එල

    ReplyDelete
  11. මටත් ඕක පොඩිකාලේ ඉඳන්ම තිබුනු ප්‍රශ්නයක්. බුද්ධාගමේ කොහොමද ක්‍රිස්තුස් වහන්සේ ගැන කියවෙන එක. මං කියන්නේ ඒක වැරදි කියල හිතන් හිටිය කියල නෙවෙයි. දන්නැද්ද පොඩි කමට........

    ReplyDelete
  12. mei gaathaawan chaththa ta budu hamuduruwo kiyalaa dunnei, ohu ena atara waarayeidi horu kandaayamak wisin mohuwa maranayata pat wana bawa budu asin dakima nisai. e wagema me gata walin aarakshawa salasenawaa. namut me maranaya budunta walakwiya nohakkak. ei nisaa me gaathaawan sihi karami eddi chaththa horu ralakin maranayata path wunath sugathi gaami wenawa. mama danna hatiyata oka thama kathawa.

    romaanu jesu newei, ro manu jesu wenna oni. meke jesu thuman gana kiyawen naa.

    ReplyDelete
  13. හසිත ජයසූරිය ට
    තැන්කු වේවා හසිත මලයට. අද හැන්දෑවට දාන post එකත් අනිවා කියවලා බලන්න

    leks' world ට
    ඕක අමුතු දෙයක් නෙමෙයි මාත් පොඩි කාලේ එහෙම තමා හිතන් හිටියේ. මම හිතන විදිහට පොඩි කාලේදී අපි හුඟක් අය එහෙම තමා හිතන් ඉන්න ඇත්තේ. අද ලිපියත් කියවන්න

    TeeRox ට
    බොහොම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට. මේක "ආගිය කතාවක්" මිසක් ඇත්ත කතාව නෙමෙයි. මම මේ [post එකේ අන්තිමට bold කරලා දාලා තියෙන වාක්‍ය ටික දැක්කේ නැද්ද ? ඒකේ කියලා තියෙනවානේ සිද්ධිය.

    "ඉතින් තරිඳු අයියගේ post එකෙන් පස්සේ මමත් මේ ඡත්ත මානවක ගාථා ගැන කරුණු හෙව්වා. ඒ විදිහට හොයාගත්තු ඡත්ත මානවක ගාථාවල නිධාන කතාව ඒ වගේම වර්තමානයේදී බොහෝ පාසල්වල කටයුතු නිමා කිරිමේදී භාවිතා වෙන්න ඡත්ත මානවක ගාථා ආපු හැටි ගැන හෙට කියන්නම්. අනිවාර්යයෙන්ම ඒ එක කියවන්න මතක තියා ගන්න. :)"

    අද දාන post එකත් අනිවා කියවන්නකෝ

    ReplyDelete
  14. මම ඒ පොතේ තිබ්බා බද්දේගම, උදන්විට, ගම්පොළ හා පාන්දුරා වාද ගැන කියෙව්වා. ඒකේදී පානදුරාවාදය තුළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උපත ඊට බොහෝ කාලෙකට පෙර අනාවැකියක් ලෙස කියලා තිබෙන බව දක්වනවා.

    ද්වාපර යුගයේ ජීවත්වුණු වේදව්‍යාස නම් සෘෂිවරයා ලියපු භගවත් පුරාණය ග්‍රන්ථයේ මේ විදිහට දක්වනවාලු.

    "අථඃකලෞසංප්‍ර චෘත්ථෙ සම්මොහාය සුරද්වීසාම්
    බුද්ධො නාම්නාජීනසුතඃ කීකටෙෂුභවිෂ්‍යති"

    ඒකේ අර්ථය කලියුග වර්ෂය එලැඹි කළ ගයාශීර්ෂයේ බුදු කෙනෙක් පහළ වන බවයි.

    ReplyDelete
  15. පොස්ට් එකෙන් වගේම කොමෙන්ට්ස් ටිකත් සෑහෙන වටිනවා.

    හොද ලිපියක්. අර කට්ටිය කිව්ව වගේ දාන්න කෝ ඉක්මනටන පානදුරාවදය ගැන... අහල තිබ්බට හරි හමන් විදියට විස්තර දන්නෙ නෑනේ...

    ReplyDelete
  16. ඔන්න ඊයේ "යෝවද තං පව රෝමානු ජේසු - රෝමයේ උපන් ජේසු" post එකෙන් අන්තිමට පොරොන්දු වුණු විදිහටම ඡත්ත මානවක ගාථාවල නිධාන කතාවත්, ඒක වර්තමානයේ භාවිතයට ආපු හැටි කියන වත්මන් කතාවත් ඇතුළත් post එක

    http://aagiyakatha.blogspot.com/2010/05/2_30.html

    ReplyDelete
  17. පිස්සා පලාමල්ල ට
    පානදුරාවාදය ගැන මොන වගේ විස්තරයක්ද දාන්න ඕනේ අයියා ? පොඩ්ඩක් ඒක ගැන මට idea එකක් දෙන්න.

    ReplyDelete
  18. ජේසුතුමාට යන්තම් නෙවෙයි හොදටම අපහාස වෙන කමෙන්ට්, පෝස්ට් ඕන තරම් ලිව්වට කවුරුත් නොකිපුනාට බුදුහාමුදුරුවන්ට අපහාස වෙන දෙයක් පෝස්ට් එකක ගියොත් කී දෙනෙක් මෙතන ඩෙඟා නටයිද?

    ReplyDelete
  19. ඒක ඇත්ත. ඒකට හේතුව විදිහට මට නම් හිතෙන්නේ දැන් කාලේ ඉන්නේ හුඟක් බුද්ධාගම්කාරයෝ. ඒ නැතුව බුද්ධ ධර්මය පිලි පදින අය හොයාගන්න හරිම අමාරුයි.

    ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි. අනිත් post එකත් කියවලා බලන්න ඡත්ත මානවක ගාථාවල අතීත මෙන්ම වර්තමාන කතාවත් දැනගන්න.

    ReplyDelete
  20. ඔක්කොටම අමතක වෙච්ච දෙයක් තියනවා. ඒක තමයි රෝමානු ජෙසු කියලා කෙනෙක් නැතිබව. ජෙසු තුමා රෝමයේ පස් පෑගුවේවත් නෑ.

    ReplyDelete
  21. Ran ට
    හික්ස්.

    ඒකත් හොඳ කතාව. ඒත් මෙතැන අපේ ලොකු සර් කියලා තියෙන්නේ රෝම රාජ්‍යයේ උපදිනවා කියලා.

    "බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා යෝවද තං පව රෝමානු ජේසු කියලා ඒ කියන්නේ පසුකාලීනව රෝම රාජ්‍යයේ ජේසු කියලා පුද්ගලයෙක් උපදිනවා කියන එකයි."

    බෙත්ලෙහෙම ඇතුළු ප්‍රදේශ ඔක්කොම ඒ වෙද්දී රෝම රාජ්‍යයට අයත් වෙලානේ තිබ්බේ :)

    ReplyDelete
  22. හෙ හෙ හේ තැනට සුදුසු නුවන හැමෝටම නෑ මලේ . . මොනා වුනත් හොඳ පෝස් එක්ක් . . අහ් මම ඔයාට මූනු පොතේ රික්වෙස්ට් එකක් එව්වා . . පොඩ්ඩක් බලන්න . .

    ReplyDelete
  23. දුකා ට
    ඒක ඇත්ත අයියා. ස්තුතියි post එක අගය කලාට. ඒ වගේම ඊ ලඟට දාලා තියෙන ඇත්ත කතාවත් කියවලා බලන්න නැත්නම් ලොකු අඩුපාඩුවක් ඒක.

    ඕන් අයියා ඔයාවත් මගේ මූණු පොතේ මිත්‍රයෙක් කරගත්තා :)

    ReplyDelete
  24. mama may kathawa kalin ahala thiyanawa. hebei eekedi kathaa nayakaya hamuduruwo kenek! :)

    ReplyDelete
  25. Sac's Photography ට
    හැමෝගේම දැනගැනීමට ඒ කතාව කියන්න පුලුවන්ද අයියා ?

    ReplyDelete
  26. Mata den hariyatama mathaka nehe. Bohodurata oya wageyma thamai. Hebei christhiyani poojakayo thamai Jesu gena buduhamuduruwo kiyala thiyanawada kiyala abhiyoga karanney. Uttara denney haamuduruwo kenek. uttaraya hetiyata oya gaatahawa kiyanawa.

    Mama hithanney oya kathawema podi venasak karala, lunu ambul hema ekathu karala thawa kauruhari kiyala prasidda karanna ethi.

    ReplyDelete
  27. Sac's Photography ට
    හික්ස් :)
    ගමරාල කාක්කෝ හත් දෙනෙක් වමනේ කලා වගේ වුනාද දන්නෙත් නැහැ අයියා

    ReplyDelete
  28. හසිත සහෝදරයා, මේ කතාව මම සෑහෙන වතාවක් අහල තියෙනවා. අපේ තාත්තා නිතරම කියනවා මේක පානදුරාවාදයේදී සිදුවුන සිදුවීමක් කියලා. සමහර විට ලොකු සර් ඇත්තටම මේ සිදුවීමට මුහුණ දෙන්න සිදුවෙන්නත් ඇති. නැත්තම් ඒ ඔහුගේ ඉගැන්වීමේ හැකියාව වෙන්නත් ඇති. මොකක් වුනත් සම්‍යක් ප්‍රයෝගයක් නේ. නැද්ද මං කියන්නේ?

    ReplyDelete
  29. ලකී වික්‍රමසිංහ ට
    මේ post එක ලියපු දවස්වලම මම පානදුරාවාදය පොත හොයාගෙන කියෙව්වා. පානදුරාවදයේ මේ ගාථාව දක්වලා ජේසුතුමා ගැන බුදු හාමුදුරුවෝ දේශනා කලා කියලා දැක්වීමක් මට නම් හොයාගන්න බැරිවුණා.

    එහෙම දැක්වීමක් කලත් ඒක සාර්ථක වෙන්නේ නැත්තේ ක්‍රිස්තියානි පූජකවරුත් ඒ කාලේ යම් පාලි අවබෝධයක් ඇතිවලු ඒ වාදවලට ආවේ.

    මෙහෙම එකක් කිව්වේ ලොකු සර්ගේ ස්ථානෝචිත ප්‍රඥාව තුලින් කියලයි මට හිතෙන්නේ සර්ගේ පෙළක් ගැටළුවලට උත්තර දීමේ සොබාවයත් එක්ක :)

    ස්තුතියි මේ සම්බන්ධව ඔබෙ අදහස් දැක්වීම ගැන ම්ත්‍රයා.....

    ReplyDelete
  30. පංච මහා වාදය -ටී,ඇස් ධම්ම බන්දු
    පානදුරාවාදය පිලිබද ලියවුනු පොතක්....අරන් කියවන්න වටිනා පොතක්

    ReplyDelete
  31. පාලි මගන්දී භාෂාව බුද්ධ භාෂාවයි! එය වැරදියට කියවල කතාවක් හදල පොඩි කොල්ලා. "යෝ - වද - තං - පවරෝ - මනු - ජේසු"

    ReplyDelete
    Replies
    1. මේ කතාව බොරුවක්....යෝ වද තං පවරෝ මනු යේසූ.........ජේසූ නෙමෙයි........

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................