Thursday, May 27, 2010

වෛශාඛ්‍ය මංගල්‍යය උතුම්ව සමරමු


අද වෙසක් පුර පසළොස්වක පොහොය දවස. ශ්‍රී ලංකාවාසී බෞද්ධයෝ වගේම සමස්ත ලෝකවාසී බෞද්ධයෝම අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවුණු දිනය ලෙසයි අද දවස සමරන්නේ.

ඒ යටතේ ලුම්බිණි සල් උයනේදී සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීමත්, නේරංජනා නදිය අසබඩ ඇසතු බෝ රුක මුල බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමත්, උපවත්තන සල් උයනේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීමත් වෙසක් පොහෝ දිනක සිදුවෙලා තියෙනවා.

ඉතින් හැමෝම වෙසක් දිනය උදා වෙනකම් බලන් ඉන්නේ එක්කෝ වෙසක් කූඩු හදන, දන්සල් දෙන, තොරණ් හදන ආදී වශයෙන් කරන ආමිෂ පූජා කරන්න හරි සිල් ගන්න, භාවනා කරන්න ආදී වශයෙන් කරන ප්‍රතිපත්ති පූජා කරන්න. කොහොම වුණත් එම පූජා වර්ග දෙකෙන් ප්‍රතිපත්ති පූජාව වඩා වැදගත් වුණත් ආමිෂ පූජාවත් තිබිය යුතුමයි.

කොහොම වුණත් අද වගේ වටිනා කියන උතුම් දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධම්මපදයෙන් වටිනා කියන ගාථා කීපයක් දක්වන්න තමා හිතුවේ. මේ ගාථාවන් කියවලා ඔයාලා යම් අදහසක් ගන්න.


කිච්ඡෝ මනුස්ස පටිලාභෝ - කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං - කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ


"මිනිස් ආත්ම භවයක් ලැබීමද, මිනිස් ජීවිතය පැවතීමද, සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමද, බුදුවරයෙක්ගේ පහළවීමද අතිශය දුර්ලභ කරුණු වන්නේමය."

අන්ධභූතෝ අයං ලෝකෝ - තනුකෙත්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝ ච - අප්පෝ සග්ගාය ගච්ඡති

"බොහෝ මනුෂ්‍යයෝ ලොව සැබෑ ලෙස නොදකින අන්ධයෝය. අත්ළොස්සක් වූ දෙනා පමණක් ප්‍රඥා ඇසින් සැබෑ ලෝකය දැක, දැලෙන් මිදුණු කුරුල්ලන් සේ විමුක්තිය කරා ඇදෙති."

තුම්හේහි කිච්චං ආතප්පං - අක්ඛාතාරෝ තථාගතා

"වීර්යය කළයුත්තේ ඔබ විසින්මය. බුදුරජාණන් වහන්සේ මාර්ගය පමණක් කියාදෙන සේක."

"සබ්බ දානං ධම්ම දානං ජිනාති" ඒ කියන්නේ සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම් කියන අදහසේ ඉදන් තමයි මේ ධම්මපද ගාථා කීපය ඉදිරිපත් කළේ ඒකෙන් ඔයාලා යම් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒකයි මගේ බලාපොරොත්තුව.

එහෙමනම් වෛශාඛ්‍ය මංගල්‍යය උතුම්ව සමරමු !!!

11 comments:

  1. අයියටත් සුබ වෙසක් මංගල්‍යක් වේවා!!

    ReplyDelete
  2. ඔබටත් එසේම වේවා.....!!!

    ReplyDelete
  3. සියලු බොදු දන සිත් සනසන සුභ වෙසඟක් වේවා.......!!!(M.M)

    ReplyDelete
  4. indi, හසිත ජයසූරිය, Theekshana Weerasinghe, Anonymous M.M. ඇතුළු සියළු දෙනාටම නැවත වරක් සුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. කොහොමද දන්සල් වන්දනාවේ එහෙම ගියේ නැද්ද ? :)

    ReplyDelete
  5. esema wewa!!!!!!!!!!!!kohomada page eka kiyawana gannana danaganna gadjet eka daa gatte???

    ReplyDelete
  6. ඔබටද සුභම සුබ වෙසක් මංගල්‍යයක් වෙවා!!!!!!!!

    ReplyDelete
  7. තව කණ්ඩායමක් ඇවිත් Chanaka Aruna Munasinghe, leks' world, අච්‍චා ටත් එහෙමනම් නැවත වරක් නැවත වරක් සුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    leks' world ට
    Web Counters කියලා google එකේ serach පාරක් දාලා බලන්න ඒකට sites අම්බානක ඇති. ඒවා බලලා හිතට අල්ලන counter එක තෝර ගත්තම එකේ code එක ලැබෙයි. ඒක Java/HTML gadget එකකින් add කරගන්න. කරලා කියන්නකෝ මොකද වුනේ කියලා :)

    ReplyDelete
  8. ඔයාටත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා....!

    ReplyDelete
  9. සුදු මහත්තයා ට
    තැන්කු වේවා මහත්තයෝ.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................