Tuesday, May 25, 2010

ලංකාවේ කට්ටියගේ හැටි

මේ දවස් ටිකේම මම කළේ ආගිය කතා වෙනුවට ආගිය කවි දාපු එක.

ආගිය කතා වෙනුවට ආගිය කවි,
ඉවර නැතෝ - ආගිය කවි 2,
ආගිය කවි ඉවරා.....යි ආදී විදිහට මම ලියපු කවි දැම්මා.

ඉතින් ආගිය කවි series එක ඉවර කලාට පස්සේ ටිකක් දිග කතාවක් දාන්න හිතන් හිටියත් වැඩේ හරිගියේ නැහැ. මොකද අපේ ගමේ පන්සලේ වෙසක් සතිය ඊයෙන් පටන් ගත්තා. අපේ යෞවන සමාජේ set එකට තමා පාර හරහා දාන පාලම් කොඩි දාන කොන්ත්‍රාත්තුව බාරවුණේ [අවුරුද්දක් පාසාම වගේ]. ඒත් එකෙක්වත් මොන මොන හේතූන් නිසා හරි ඕකට set වුණේ නැහැ.

මේ තියෙන්නේ අපේ ගමේ පන්සල

ඉතින් අද අපේ ආච්චිගේ අන්ත්‍රා වෙලා අවුරුදු 5 ක් පිරෙන නිසා දානේ අරන් පන්සලට ගිය වෙලාවේ නායක හාමුදුරුවෝ ඇහුවා පාලම් කොඩි වැඩේට මොකද වෙන්නේ කියලා. ඒක නිසා අද රෑට පාර හරහා පාලම් කොඩි දාන වැඩේට යන්න වෙලා තියෙන්නේ. ඒ වගේම පන්සලේ වෙසක් පෝයට පස්සේ දවසේ අසූ මහා ශ්‍රාවක පූජා පිංකමක් කරන්න ඉන්නේ. ඒකට අදාල type කරන වැඩ වගේකුත් set වුණු නිසා අදත් දිග කතාවක් කියන් නැතිව පොඩි කතාවක් කියන්න තමා හිතුවේ.

මේ කතාව අහලා නම් ටික කාලයක් වෙනවා. කතාව මතක් වුණේ මේකට සමබන්ධ වෙන පූජනිය කොටුගොඩ ධම්මාවාස අනුනායක හාමුදුරුවෝ කියන වෙසක් පණිවුඩයක් මේ දවස්වල T.V එකේ යන නිසා. ඕන් මම කතාව කියන්නම්කෝ අටුවා ටීකා නැතිව.


අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්න කාලේ ඉදන් මේ දක්වාම අරලිය ගහ මන්දිරයේ පෝය දවසට ධර්ම දේශනා වැඩසටහනක් සංවිධානය කරනවානේ. දවසක් ඒකට වැඩම කරපු අපේ පූජනීය කොටුගොඩ ධම්මාවාස අනුනායක හාමුදුරුවෝ මෙහෙම කතාවක් කිව්වා.

"ඉතින් පින්වතුනි මේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ විශේෂයෙන් තියෙන එක ලක්ෂණයක් තමයි තමන් ගැන හොයනවාටත් වඩා අනුන් ගැන, අනුන් මොකක්ද කරන්නේ කියලා හොයලා බලන එක. මේක ගැන කියද්දී මට එක කතාවක් මතක් වෙනවා.

මම මීට අවුරුදු කීපෙකට උඩින් [බටහිර රටක නමක් තමා කිව්වේ, මට දැන් නම මතක නැහැ] විහාරස්ථානයක වැඩ ඉදිද්දී එක දවසක් භාවනා වැඩසටහනක් පැවැත්තුවා. ඉතින් ඒ රටේ ඉන්න බෞද්ධයෝ සහභාගි වුණා. එදාම මේ පන්සලට අපේ රටේ ඇමතිතුමෙක් ආවා.

ඉතින් මම ඇමතිතුමාගෙන් ඇහුවා "දැන් භාවනා වැඩසටහනක් පවත්වන්න යන්නේ ඔබතුමාත් සම්බන්ධ වෙනවද?" කියලා. එතුමත් ඉතින් සන්තෝසෙන් කැමති වුණා.

ඊට පස්සේ මම භාවනාව ගැන කෙටි විස්තරේකුත් කරලා කමටහන ලබාදීලා කිව්වා
"එහෙමනම් දැන් හැමෝම භාවනාව පටන් ගමු" කියලා.

ඉතින් ඒ සුදු ජාතිකයෝ ටික ඇස් පියාගෙන ඉතා හොඳින් භාවනා කරන්න පටන් ගත්තා. අපේ ඇමතිතුමාත් ඉතින් ඇස් පියාගෙන භාවනාව පටන් ගත්තා.

ඒත් ටික වෙලාවකින් අපේ ඇමතිතුමා ඇස් ඇරියා. හොරෙන් වටපිට බලන්න ගත්තා අනිත් අයගේ මූණූ දිහා බලන්න ගත්තා. ඉතින් පින්වතුනි ඔහොම තමා ලංකාවේ කට්ටියගේ හැටි.

දැන් ඔය පින්වතුන්ට ගැටළුවක් එන්න පුළුවන් හැමෝම ඇස් පියාගෙන භාවනා කරන්න පටන් ගත්තා නම් හාමුදුරුවෝ කොහොමද මේ සිද්ධිය දැක්කේ කියලා. කොටින්ම පින්වතුනි මාත් ටික වෙලාවකින් ඇස් ඇරලා වටපිට බලද්දී තමා මේක දැක්කේ. [ජනාධිපතිතුමා ඇතුළු පිරිසට හිනා :) :) :)]


ඕන් ඕක තමා අද කතාව. හාමුදුරුවන්ගේ කතාව ඇත්තකුත් තියෙනවා ලංකාවේ කට්ටියට ඔහොම ගතියක් තියෙනවා මාත් අත්දැකීමෙන්මයි කියන්නේ :) :) :)

ප.ලි. මේ දවස් ටිකේම බ්ලොග් අවකාශේ හාමුදුරුවරු ගැන කතා වෙනවානේ. අපේ කතන්දරසූරීනුත් හාමුදුරු කෙනෙක් ගැන කතාවක් කියලා තිබ්බා. කෙනෙක් ඒකට දොස් කියලා තිබ්බා බුදු දහමට අපහාස කරනවා කියලා. මේක නම් එහෙම එකක් නෙමෙයි කියලා අවධාරණෙන් කියනවා

12 comments:

  1. මමත් ඔය හාමුදුරුවන්ගෙන් ඔය කතාව අහල තියෙනව THE BUDDHIST නාලිකාවේ තිබුන බණකින්. මට මතක විදියට ඇමතිවරයා සහභාගී වෙලා තිබුනයි කිව්වෙ, බිරිඳත් සමඟළු. දෙන්නම තමා හොරෙන් වටපිට බලල තියෙන්නේ :P

    ReplyDelete
  2. සිරා බුවාල තමා ලංකාවෙ ඉන්නෙ...ලංකාවට ඉන්දියන් සාගරයේ (අ)මුතුඇටෙ කිව්වෙ නිකන් යෑ................

    ReplyDelete
  3. අපිත් ඔහොම තමයි...ලස්සන ගැනු ලමයෙක් හිටියනම් කොහොමවත් භාවනා කරන්න බැ

    නියමයි නියම්යි කොඩියක් වත් දාල පිනක් කර ගන්නකකො අයියන්ඩි එහෙනම්

    ReplyDelete
  4. අපෝ විනාඩියටකට වඩා ඇස්පියාගෙන ඉන්න බෑ :D

    ReplyDelete
  5. භාවනා කරන හැමෝටම තියෙන්නේ එකම ලෙඩේද කොහෙද​....?බොරු කියන්නෙ මොකටද මාත් ඔය වැඩේම කරල තියෙනවා නොවැ.......මට තියෙන ප්‍රශ්නය මේකයි.....ලන්කාවේ අය විතරද දන්නෙ නෑ ඔය විදිහට හොරෙන් ඇස් ඇරලා බලන්නෙ....?(M.M)

    ReplyDelete
  6. මටනං බනකට ගියාම ඉබේම් ඇස් දෙක පියවෙනවා...

    බන ඉවරයි යකෝ නැගිටපන් කියනකම්...

    කොච්චර ශ්‍රද්දාවන්ත කෙනෙක්ද නේ........

    ReplyDelete
  7. ඔහොම තමා... ලංකාවෙ විතරක් නෙමෙ ඔය කවුරුත් ඔහොමයි මම හිතන්නේ

    ReplyDelete
  8. onna macho umba hindama himeeta karanna hitapu wede ikman una

    gihin balapan http://kathapotha.blogspot.com/

    ReplyDelete
  9. තර්ඩ් මෑන් (SIDATH)ට
    ඔයා කියද්දී තමා මටත් මතක් වුණේ හාමුදුරුවෝ ඇමතිතුමයි නෝනා මහත්මියයි දෙන්නම ආවා කියලා වගේ තමයි කිව්වේ. තැන්කු වේවා මචං මතක් කළාට

    අච්‍චා ට
    ඒක නම් අමූලික ඇත්ත මචං. ලංකාවට ගහන්න ආයේ රටක් මේ ලෝකේ නැහැ :)

    ReplyDelete
  10. Anonymous M.M ට
    මෙහෙම බලද්දී පොදු සාමාන්‍යකරණයක් ගොඩනගන්න පුළුවන් වෙයි වගේ ලංකාවේ කට්ටිය භාවනා කරද්දී සාමාන්‍යයෙන් ඇස් ඇරලා බලනවා කියල. :)

    අනිත් රටවල නම් එහෙම නැතිව ඇති නංගි මම හිතන විදිහට. ලංකාවේ අය හුඟක් වෙලාවට කරන්නේ ආමිෂ පූජා අංශය මිසක් ප්‍රතිපත්ති පූජා අංශය නෙමෙයි. භාවනා කටයුතු, ධර්ම පොත්පත් පරිහරණයට අපේ අය මාර කම්මැලියි.

    ඒකට විදේශිකයෝ නම් බුදු දහමේ ඉගැන්වීම්වලින් නියමෙට ප්‍රයෝජන ගන්නවා

    ReplyDelete
  11. හසිත ජයසූරිය ට
    මලයාගේ comment එක මිස් වුණා නොවැ. අමනාපයක් නැහැනේ.

    "ලස්සන ගැනු ලමයෙක් හිටියනම් කොහොමවත් භාවනා කරන්න බැ" මම කිව්වේ පොදුවේ වටපිට බැලිල්ලක් ගැන.

    මලයා කියන්නේ අපේ තරුණ උපාසක මහත්වරුන්ට තරුණ උපාසිකාවොත් එක්ක සිල් ගනිද්දී භාවනා කරද්දී වෙන ගැටළුවක් ගැන. ඔව් ඉතින් ඒකත් ඇත්ත.

    තරුණ කාලේදී ගෑණු ළමයෙක් දිහා බලන්නේ නැතිව ඉදලා නාකි කාලේ බලන්න ගිහින් "මොකෝ චමින්දයා" කියලා අනම් මනම් කතා අහගන්නේ මොකටද නේද මලයෝ......:)

    Thameera ට
    සහෝගේ comment එකත් මිස් වුණා වෙන්න ඕනේ :)

    ඒකනේ සහෝ ගැටළුව. අපේ අය සිත දමනය කරගෙන කවදා නිවන් දකීද මන්දා ????

    ReplyDelete
  12. මාතලන් ට
    ඔයාගේ ඇස් දෙක පියවෙන්නේ මම හිතන විදිහට ඔයාගේ තියෙන ශ්‍රද්ධාවන්තකම් වැඩිකමට නැත්නම් පිං වැඩිකමට. මෙහෙම අපේ මාතලන් පිං කඳක් :) :) :)

    පිස්සා පලාමල්ල ට
    මටත් මේ දැන් එහෙම එකක් හිතුණා. භාවනා කරද්දී ඇස් ඇරලා අනික් එවුන් ගැන බැලුවේ නැතත් අනික් එකා කරන දේ ගැන හැමෝටම වගේ ලොකු කුතුහලයක් තියෙනවා.

    මොකද ලංකාවේ කට්ටිය "අනුන්ගේ ඇහේ තියෙන පොල් කීර ගැන බලන්න යනවා තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන හොයන්නේ නැතිව කියද්දී චීනේ හිටිය මහා දාර්ශනික කොන්ෆියුසියස්තුමා කිව්වානේ අනුන්ගේ පියැස්සේ තියෙන හිම ගැන හිතන්න එපා තමන්ගේ පියැස්සේ තියෙන හිම ටික අස් කරගන්න කටයුතු කරන්න කියලා [කිව්වා හරිද මන්දා]

    ඒ කියන්නේ චීනේ මිනිස්සුත් අනිකා කරන වැඩ ගැන හොයලා බලනවා කියන එකනේ :) :) :)

    ජංජාල චාමර ට
    ඕන් මචන් උඹේ බ්ලොග් එක මම ගිහින් කියෙව්වා. සිරා. තව ලියපන්. මම එල comments වගයකුත් දාලා තමා ආවේ :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................