Monday, May 24, 2010

ආගිය කවි ඉවරා.....යි


මේ දවස් ටිකේම ආගිය කතා වෙනුවට දැම්මේ ආගිය කවි. ඒවා ආගිය කතා වෙනුවට ආගිය කවි, ඉවර නැතෝ - ආගිය කවි විදිහට පහුගිය දවස් 2 දැම්මානේ. අදින් කවි series එක අවසන් කරන්න තමා හිතුවේ.

මෙන්න එදා Advanced Level English Paper එක පැය භාගයක් කලින් ඉවර කරලා මම ලියපු කවිවලින් අන්තිම එක.....

හිත පිරෙන තෙක් කෙල්ලන් දාගත් නමුත්,
සැමියෙක් නොවූ සැටි
සාක්කුව හිදෙන තෙක් ලොතරැයි ගත් නමුත්,
කෝටිපතියෙක් නොවූ සැටි
ඔළු පැලෙන තෙක් ගුටි දුන් නමුත්,
පොරක් නොවූ සැටි
අහෝ කොළ පිරෙන තෙක් කවි ලිවු නමුත්,
කවියෙක් නොවූ සැටි....................


28 comments:

  1. ~~මෙන්න උඹේ කවිය දැකල මට හිතිච්ච දෙවල් ටිකක්....පේලි 5 කවි 4 කින්....~~

    කෙල්ලන් සිටියට
    උඹ බොරු කෙරුවට
    ඔය බටු කොල්ලට
    සැමියෙකු වන්නට
    දැන්මම බැහැ බොල

    වැරදි වෙලාවට
    ලොතරැයි ගත්තට
    සාක්කුව හිඳුනට
    උඹ මේ නැහුණට
    ඇදෙන්නේ නැහැ බොල

    සියඹලා ගස් යට
    ගුටි බැට දුන්නට
    ඔලු ගෙඩි පැළුවට
    "පොරක්" වෙන්නට
    නොහැකිය තොප හට

    කවි බෑ කිව්වට
    තොට බෑ කිව්වට
    උඹ කෑ ගැහුවට
    ලියල තියෙන කවි
    පට්ට පදිරි බොල!!!!!!!!!!! :D :D

    ~~~ලියපන් බං තව කවි....කවි කාරයො විතරක් කවි ලිව්වනං අපේ සාහිත්‍ය මේ වෙනකොට නැවතිලා වලපල්ලට ගිහිල්ල ගොඩාක් කල්...කවි ලියන්න හැම එකාටම පුලුවං...එක එකාට ගැලපෙන්නෙ එක එක විදියට...ඉඳල හිටලා කවියක් ලිව්වට පොලිසි යන්න වෙන්නෙ නෑ සහෝ!!!!!ලියන්නෝ දිනන්නෝ ය!!!! ~~~

    ප.ලි. : මෙම කවි පංතියේ සියඹලා ගස යනු රාජකීය විදුහලේ තවත් එක් අභිමානයකි ( නොදන්නා අය වෙත )

    ReplyDelete
  2. ජංජාල චාමර ට
    මචෝ සුපිරිම සුපිරියි බන් මේ ටික නම්. ගින්දර වගේ. උඹත් කවි ලියපන්කෝ අපිට කියවන්න. Scene එක බන් උඹේ කවියට reply එක දෙන්න නම් මට කවියක් ලියන්න බැහැ. ඒකට කවි ලියන්න feeling එක මට එන්න ඕනේ. ඒ වගේම කවියකට කවියක් ලියන්න බැහැ මට.

    කොහොමවුණත් උඹේ කතාව ඇත්ත. හැමෝටම කවි ලියන්න පුලුවන් එළුවෝ වගේ බෑ බෑ ගෑවට. ඒ වගේම බොහොම ස්තුතියි කවිය අගය කළාට. මේකෙන් කවි ලියන එක නවත්තන්නේ නැහැ බන්. මේ series එක ඉවරයි කියලා තමා කිව්වේ

    මුලින්ම ආවේ "වවන්නෝ දිනන්නෝය" කියලා. චාමර කියනවා "ලියන්නෝ දිනන්නෝය" කියලා. ඒත් පොදුවේ හැමෝම කියන එකක් තමා "දෙන්නෝ දින්නන්නෝය" කියලා :) :) :)

    ReplyDelete
  3. පලවෙනි එක දැම්ම වැඩක් නෑ.....
    දෙවෙනි එකෙනුත් ඇති වැඩක් නෑ.....
    පොරක් උනා කියල පිට්ටු කන්නයැ..... ඒකත් ම්හු.....
    අන්තිම එක නම් වැරදියි..... තව ලියමු....

    [අමාරුවෙන් හරි කියවන්නේ අපිනේ.... කියවල ඔයාව මුරුංග අත්තට නග්ගන එක කජ්ජක්යැ....... හිහ්......](විහිළුවට කිව්වේ....) :) :) :) :)

    ReplyDelete
  4. ජංජාල චාමර ට
    මචෝ සුපිරිම සුපිරියි බන් මේ ටික නම්. ගින්දර වගේ. උඹත් කවි ලියපන්කෝ අපිට කියවන්න. Scene එක බන් උඹේ කවියට reply එක දෙන්න නම් මට කවියක් ලියන්න බැහැ. ඒකට කවි ලියන්න feeling එක මට එන්න ඕනේ. ඒ වගේම කවියකට කවියක් ලියන්න බැහැ මට.

    කොහොමවුණත් උඹේ කතාව ඇත්ත. හැමෝටම කවි ලියන්න පුලුවන් එළුවෝ වගේ බෑ බෑ ගෑවට. ඒ වගේම බොහොම ස්තුතියි කවිය අගය කළාට. මේකෙන් කවි ලියන එක නවත්තන්නේ නැහැ බන්. මේ series එක ඉවරයි කියලා තමා කිව්වේ

    මුලින්ම ආවේ "වවන්නෝ දිනන්නෝය" කියලා. චාමර කියනවා "ලියන්නෝ දිනන්නෝය" කියලා. ඒත් පොදුවේ හැමෝම කියන එකක් තමා "දෙන්නෝ දින්නන්නෝය" කියලා :) :) :)

    ReplyDelete
  5. හා පැටික්කි (MS))ට
    මෙන්න හා පැටික්කිත් ඇවිල්ලා නොවැ. ස්තුතියි නගා ප්‍රතිචාරයට. මේක මගේ කතාව නෙමෙයි. මේක නිකම් සිතුවිල්ලක් විතරයි.

    කොහොම වුණත් තව මොනවා හරි ලියාදාන්නම්කෝ ඉස්සරහට. මම දන්නවා අමාරුවෙන් වුණත් මම ලියන අනම් මනම් බලන්න ඔයාලා එනවා කියලා. ඒකනේ කැම්පස් නිවාඩුව සෙට් වුණු ගමන් බ්ලොග් එකේ කුරුටු ගාන්න පටන් ගත්තේ.

    ඒක නෙමෙයි සින්ඩිකේටර්වලින් update වෙන හැම බ්ලොග් එකක්ම බලන job එකක් කවුරුහරි හා පැටික්කිට හොයලා දුන්නාවත්ද ? බලන බලන හැම වෙලේම හා පැටික්කි සයිබර් අවකාසේ පැන පැන ඉන්නවානේ.

    පාඩම් කටයුතු එහෙම කොහොමද ?

    ReplyDelete
  6. Anonymous ට
    තැන්කු වේවා ලොක්කා. ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  7. සිරා කවි ටික මල්ලි ..... keep it up da great work man.......

    ReplyDelete
  8. මරු කවි ටික. ඔය ටිකත් exam papers වලට අමුණලා දෙන්නනෙ තිබුනෙ

    ReplyDelete
  9. Theekshana Weerasinghe ට
    ස්තුතියි අයියා ප්‍රතිචාරයට. ඔයාලට අමාරුවෙන් කියවන්න තව ලියන්න තම හිතන් ඉන්නේ :)

    දිල් ට
    තැන්කු වේවා අක්කේ comment එකට. මම A/L වලට කළේ History, Political Science n Logic නේ අක්කේ. සිංහල කළා නම් කොළඹ යුගයේ කවියෙක්ගේ කවි කියලාවත් මේ ටික අමුණන්න තිබ්බා. අනික එදා General English නේ තිබ්බේ .

    කොහොම වෙතත් papers බලන examiners ලගේ එක stress අඩු කරලා fun එකක් දෙන්නවත් මේ ටික අමුණන්න තිබ්බා අක්කේ. අපරාදේ.

    මේ දවස්වල කරන exam වල එහෙම කරන්න පුළුවන් නම් තමා හොඳ. කොහෙද කැම්පස් එකේ exam වලට හම්බෙන වෙලාවත් මදි වෙද්දී කොහෙ කවි ලියන්නද :)

    ReplyDelete
  10. හසී ට
    ස්තුතියි හසි ප්‍රතිචාරයට.

    ඔක්කොටමයි මේ කියන්නේ හැමෝටම මගේ ප්‍රණාමය. අමාරුවෙන් හරි මගේ කවි ? [නිසදැස්] කියවලා ඔයාලගේ වටිනා කාලය වෙන් කරලා coment එකක් දාල ගියාට.

    ඉස්සරහටත් තව ආගිය කවි කුරුටු ගාන්න තමා හිතන් ඉන්නේ. එතෙක් ඇස් දල්වා කට දල්වා බලන් ඉන්න කැමති අය බලන් ඉන්න.

    එහෙම බලන් ඉන්න අකැමති අය සින්ඩි බලන්න :)

    ReplyDelete
  11. ඔය තියෙනෙ අයියෙ පට්ටටම.... සුපිරිනෙ

    මොනව උනත් ඇත්ත කතාව අයියෙ ඒත්
    "හිත පිරෙන තෙක් කෙල්ලන් දාගත් නමුත්" දැම්මනම් බදින්න එපා...දන්න විදියට ජොලිය බල්ලට යනවලු...:D :D

    ReplyDelete
  12. හසිත ජයසූරිය ට
    තැන්කු වේවා මලයා comment එකට. මම මේ බැලුවේ මලයා මොකද තාම ආවේ නැත්තේ කියලා.

    "දැම්මනම් බදින්න එපා...දන්න විදියට ජොලිය බල්ලට යනවලු...:" මලයත් දන්න දේවල් මේ වයසට හික්ස් :)

    කොහොම වුණත් ඒක ඇත්ත. මල්ලි මේ වෙද්දී මම කොහොමත් කැම්පස් එකේ හුඟක් අයත් එක්ක ෆිට් වෙලා බොහොම සතුටින් තමා ඉන්නේ.

    ReplyDelete
  13. අයියගේ කවි වලින් හොදම කවිය මේක කියලයි මටත් හිතෙන්නේ...මේ කවි සීරීස් එක ඉවර වුනාට තව අලුත් එකක් ඉක්මනටම පටන් ගන්න​.....සියඹලා ගහ යට ගහගෙන පොරක් වෙන්න බැරි වුනාට කවි ලියලා පොරක් වෙන්න බැරිකමක් නෑනේ.........උත්සහය අත් අරින්න එපා......(M.M)

    ReplyDelete
  14. Anonymous M.M ට
    මොකද තාම comment එකක් නැත්තේ කියලා මම බලන් හිටිය කට්ටියගෙන් තවත් කෙනෙක් තමා ඔයා. තාම ඔයා කිව්වෙත් නැහැ මාව දන්න කියන කෙනෙක්ද කියලත්.

    කැම්පස් එකේ මුල්ම මාස ටිකේ ලියපු නිසදැස් වගේ කීපයක් තියෙනවා ඒවත් ඉදිරි කාලයේදී දාන්න තමා හිතන් ඉන්නේ.

    ආගිය කවි series එකේ මුල ඉදලම වගේ comments කරලා හයියක් වුනාට තැන්කු වේවා [මචන් කියන්න බැහැනේ girl කෙනෙක්ද කියලා sure නැහැනේ]

    ReplyDelete
  15. අයියා මාව දන්නේ නෑ....මම අයියව දන්නෙත් නෑ...ඒත් මම අයියගේ යෙහෙලියකගේ ඤාති සහොදරියක්.......
    මම වැඩක් නැති ගොඩක් වෙලාවට ආගිය කතා කියවනවා.....
    ඒ වගේම ආගිය කවිත් කියවනවා......ඒව ගොඩක් හොදයි......කියවන්න ආස හිතෙනවා......(M.M)

    ReplyDelete
  16. Anonymous M.M ට
    "අයියා මාව දන්නේ නෑ..."
    ඒක නේන්නම් ඇහුවේ ඔයා කවුද කියලා ?

    "අයියගේ යෙහෙලියකගේ ඤාති සහොදරියක්......."
    මගේ යෙහෙළියෝ නම් ගොඩා.....ක් ඉන්නවානේ නංගී. කාගේ කවුද කියලා කිවා නම් පහසුයි නොවැ. අකමැති නම් කමක් නැහැ.

    ඒ වගේම මට සතුටුයි මගේ යාළුවන්ගේ නෑදෑයෝ දක්වාම මේ බ්ලොග් කෙරුවාව පැතිරිලා ගියාට. කියවන්න ආස ඒවා ගොඩාක් ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න.

    ඔයාගේ comment එකකට මම දාපු reply එකක් ඇති ඒක බැලුවද ?

    http://aagiyakatha.blogspot.com/2010/05/2.html

    ReplyDelete
  17. කතාව සහතික ඇත්ත... "දෙන්නෝ දිනන්නෝ" හැබැයි ඕක ලෝකෙ කොයි රටටත් වඩා ලංකාවට තමයි ගැලපෙන්නේ.අර උඹේ ගොටු කතාව මතකනේ!!! :) ඕක හැම තැනම ඔහොම තමයි මචෝ ( ලංකාවේ )

    ලියන්න තමයි මචෝ ඉන්නේ...ලඟදිම කවි සහ කතා ඇතුලත් කරල වැඩක් කරන්නයි ඉන්නෙ... ;)

    ස්තුතියි මගේ ප්‍රතිචාරය අගය කළාට :D

    ReplyDelete
  18. ජංජාල චාමර ට
    ලියන දවස වෙනකම් ඇස් දල්වා කට දල්වා සින්ඩියේ ඉදන් අපි බලන් ඉන්නවා :)

    ReplyDelete
  19. අයියා මගෙන් ඇහුවේ මම දන්න කියන කෙනෙක්ද කියලනේ.....ඉතින් අයිය මාව දන්නේ නෑ....මම උත්තර දුන්නේ අයියා අහපු ප්‍රශ්නයටයි.....කවුද කියලා කියන එක නෙමෙයි ප්‍රශ්නය​.....කිව්වට මාව දන්නේ නෑ....ඒකයි.(M.M)

    ReplyDelete
  20. Anonymous M.M ට
    හ්ම් හොඳයි හොඳයි :) :) :). ඔය නංගී A/L වලට Logic වත් කළාද ? ඒක නෙමෙයි මට දැනගන්න පුලුවන්ද ඔයාගේ නෑදෑයා වෙන මගේ යෙහෙළිය කවුද කියලා ?

    මටත් මාට කුතුහලයක් නේද තියෙන්නේ. :) :) :) මිනිසා වානරයාගෙන් නේ පරිණාමය වුණා කියන්නේ. ඒ නිසා වඳුරන්ටත් මාර කුතුහලයක්ලුනේ තියෙන්නේ.

    අහලා තියෙනවානේ ලී කොටේ කූඤ්ඤේ ගැන කුතුහලෙන් හිටිය වඳුරට වුණ දේ :)

    ReplyDelete
  21. මම වලට logic කලේ නෑ.....commerce කලේ..:):) අයියගේ යෙහෙලියගේ නම රශ්මි...
    අයියගේ කුතුහලය තව ටිකක් වැඩි කරන්න තිබුනා නම් හොදයි.ඒත් එහෙම කරන එකත් හරි නෑනේ...ඕන් මම කිව්වා..නැත්නම් අර අයියා කිව්ව වගේ වදුරට වුන දේ වුනොත්.....:):):)(M.M)

    ReplyDelete
  22. මම a/l වලට logic කලේ නෑ*(M.M)

    ReplyDelete
  23. Anonymous M.M ට
    ආහ් රශ්මි කිව්වේ මාකොළ විශාඛා එකට ගිය දැන් මාකොළ ලංකා බැංකුවේ වැඩ කරන [ කැම්පස් පටන් ගන්නකම්] කෙනා නේද ?

    හ්ම්ම්ම්ම්ම්.. එතකොට ඔයත් මම හිතන විදිහට ඉස්කෝලේ ගියේ මාකොළ විශාඛා එකට වෙන්න ඕනේ. එහෙමද ? :)

    A/L Logic කලේ නැතත් ළමයාගේ තර්ක බුද්ධිය හොඳයි වගේ... :)

    ReplyDelete
  24. Anonymous M.M ට
    "අර අයියා කිව්ව වගේ වදුරට වුන දේ වුනොත්.....:):):)"

    බයවෙන්න දෙයක් නැහැ නංගි මට වඳුරට වගේ වලිගයක් නැහැනේ. ඒත් තවත් සමහරු කියන්නේ ලී කොටේට අහුවුණේ වඳුරගේ වෙනත් එකක් කියලා.

    පස්සේ කාලේ මේ කතාව පොඩි ළමයිට කියා දෙද්දී වලිගේ අහුවුණා කියලා කතාව වෙනස් වුනා කියලා :) :) :)

    ReplyDelete
  25. ඔව් ඔව් ඒ රශ්මි තමයි......ඒත් අයියේ මම නම් මාකොල විශාකා එකට නෙමෙයි ගියේ..:):)(M.M)

    ReplyDelete
  26. Anonymous M.M ට
    හොඳයි හොඳයි නංගි වැඩිය විස්තර කියන කැමති නැති පාටයි :)

    මම අළුත් posts කිපයක්ම දැම්මා කියෙව්වේ නැද්ද ?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................