Saturday, May 15, 2010

චූ බතයි


අපේ කතන්දරශූරීන් දවස් කීපයක්ම චූ කතා දෙක තුනක් කියලා තිබ්බ නිසා මටත් මතක් වුණා ඒ ජාතියේම කතාවක්.

මේ සිදුවීම වෙලත් දැන් අවුරුදු 4 ක් විතර ගිහින් තියෙන්නේ. දවසක් අපි නැදෑයෝ කට්ටියකුත් එක්ක trip එකක් ගියා. ඉතින් වාහනේ drive කලේ අපේ මාමා කෙනෙක්. එයාට හිටියේ පොඩි පුතෙක්. එයාට වයස අවුරුදු 3 ක් විතර වෙනවා ඒ වෙනකොට. එයත් මේ ගමනට සම්බන්ධ වෙලයි හිටියේ.

ඉතින් ටික දුරක් යද්දී පාරේ මොකක් හරි හේතුවක් මත ලොකු traffic එකක් තිබ්බා. ඉතින් වාහනේ හිමින් හිමින් තමා ඉස්සරහට යන්නේ.

මෙන්න මේ වෙලාවේ අර පොඩි man කිව්වා අපේ මාමට "තාත්තේ චූ බතයි" කියලා. තාම පොඩි එකානේ පෙලක් අකුරු එහෙම හරියට කියන්න අමාරුයි ඒකයි එහෙම කිව්වේ.

ඒ වෙලාවේ මාමා කිව්වා "පුතේ අපි දැන් වාහන පෝලිමක ඉන්නේ. වාහනේ අයින් කරන්න අමාරුයි. පොඩ්ඩක් ඉන්න පුතේ" කියලා.

ඉතින් ඒ වෙලාවේ වාහනේ අයිනකට ගන්න විදිහක් තිබ්බේත් නැහැ town එකක් හරියේ නිසා. ඔයින් මෙයින් මාමා කිව්වා කතාව නිසා පොඩි man ටිකක් වෙලා කට පියන් හිටියා.

ටික වෙලාවකින් පොඩි man ආයි කිව්වා "අනේ තාත්තේ චූ බතයි" කියලා.

එතකොට මාමා කිව්වා "පොඩ්ඩක් ඉන්න පුතේ තව චුට්ට දුරක් ගියාම පුතාට චූ කරන්න වාහනේ නවත්තන්නම්" කියලා.

ටික වෙලාවකින් පොඩි man හයියෙන් කෑ ගහලා කිව්වා "තාත්තේ චු චූ බතයි කිව්වහම තාත්තේ චු චූ බතයි" කියලා.

අන්තිමට මාමා කලේ පාරේ වම් පැත්තේ තිබ්බ ෂෙඩ් එකකට වාහනේ හරෝපු එක. ඒකෙන් වාහනේ නවත්තලා පොඩි පුතාට එයාගේ අවශ්‍යතාව ඉටුකරගන්න දීපු එකයි.

ඉතින් දැන් ඒ පොඩි ළමයා ලොකුයි. තාමත් එයා යන trip වලදී ඔය කතාව කිය කිය කට්ටිය පොඩි man ව චාටර් කරනවා.

10 comments:

  1. කෙල්ලොන්ට චු බර හැදෙන්නේ නැලු පැය 6 විතර ඉන්න පුලුවන්ලු

    ReplyDelete
  2. Anonymous ට
    මේ ළමයා පොඩි ළමයෙක්නේ සහෝ

    මේ post එකට බොහොම අසභ්‍ය විදිහට කීපදෙනෙක් comment කරලා තිබ්බා. එක්කෙනෙක් මගේ account එකෙන්ම log වෙලාද කොහෙද comment කරලා තිබ්බා.

    කොහොම වුණත් ඒ ඔක්කොම comments තිබ්බේ සිංහලෙන්. ඉතින් ඒවා දාන්න ටිකක් හරි මහන්සි වෙන්න ඕනෙනේ. ඒකට සතුටුයි. කරපු වැඩේ තමා කැත.

    මේවාට තමා කියන්නේ "හොඳයි ගඳයි" කියලා

    ඒක නිසා ඉදිරි කාලේදී ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න තමා හිතන් ඉන්නේ. ඒ වගේම මීට පස්සේ posts දාද්දී පරිස්සමෙන් දාන්න ඕනේ.

    ReplyDelete
  3. මට නං තාම කැත කමෙන්ට්ස් ආවෙ නෑ.

    ඔයාව හොඳින් දන්න කෙනෙක් වෙන්න ඕනැ ඔය වැඩේ කරන්න ඇත්තේ.

    පාස් වර්ඩ් වෙනසක් කරන්න. කමෙන්ට්ස් මොඩරේට් කරනවා නේද?

    කකා

    ReplyDelete
  4. ඇයි කමෙන්ට්ස් මොඩරේට් නොකරන්නේ?

    කකා

    ReplyDelete
  5. මචන් උබ කොමෙන්ට් මොඩෙරේට් කරපන් ටික දවසක් යනකම්... කවුරු හරි ආතක් පාතක් නැති එකෙක් පිස්සු නටනවා... කතාව නම් පට්ට

    ReplyDelete
  6. මම දැන් තමයි blog එක පැත්තේ ආවේ. මෙච්චර වෙලා දාලා තිබ්බ අසභ්‍ය comments ඔක්කොම ටික මම delete කලා. ඒවායින් කාගේ හරි හිත් රිදීමක් වුණා නම් ඒක ගැන සමාවෙන්න ඕනේ.

    ඒවගේම මගේ profile එකෙන්ම කවුද comment කරලා තිබ්බා. ඒ මම නම් නෙමෙයි. මම comment කරපුවාම වැටෙන profile picture එක එයා comment කරාම නොවැටෙන නිසා තේරුම් ගන්න ඒ මම නෙමෙයි වෙන කෙනෙක් කරන comment එකක් කියලා.

    Anonymous ට
    :D

    කතන්දරකාරයා ට
    අද උදේ බලද්දිත් මේ වගේම කැත comments වගයක් තිබ්බ නිසා මම මගේ password එකත් වෙනස් කලා. ඒත් වැඩක් වෙලා නැහැ වගෙයි අයියේ. මට කියලා දෙන්න පුළුවන්ද comments moderate කරන හැටි.

    පිස්සා පලාමල්ල ට
    ස්තුතියි අයියේ කතාව අගය කලාට. මට හිතාගන්න බැරි මේ විදිහට කැත විදිහට comments කරන්න ඒ පුද්ගලයට තියෙන මෙච්චර අමාරුව මොකක්ද කියලා.

    මම දන්නේ නැහැ comments moderate කරන්න. ඒක කරන විදිහ කියාදෙන්න පුළුවන්ද ?

    Avatar ට
    ඒක තමා සහෝ මටත් කියන්න තියෙන්නේ. අනේ මන්දා ?

    ReplyDelete
  7. මචෝ කමෙන්ට් මොඩරේට් වලට ඔයාගෙ control panel එකේ settings -> comments ගියාම තියෙනවා Comment moderation එකක්. ඒකෙ always select කළහම හරි. :)

    ජය෴

    ReplyDelete
  8. ස්තුතියි මිත්‍රයා කියාදුන්නාට

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................