Tuesday, May 11, 2010

අවාසනාවට ඇත්ත කතාවක්


මට ඊයේ වුණු අලකලංචියක් ගැන තමා අද කියන්න හිතුවේ. හැමදාම උදේට මම මගේ phone එකේ calender එකෙන් කාගෙද අද birthday එක තියෙන්නේ කියලා බලලා එයාට wish කරන එක කරනවා. ඉතින් phone එකේ [මගේ phone එක Sony Ericsson W200i ] කාගේ හරි phone number එකක් save කරද්දී එයාගේ details එහෙමත් add කරන්න පුළුවන්කම තියෙන එක මේකට ලොකු උදව්වක්.

මම මෙහෙම යාළුවන්ගේ birthdays හොයාගෙන එදා උදේට wish කරන්න පුරුදු වුණේ දයා රෝහණ අතුකෝරල මහත්මයා translate කරපු ඩේල් කානගී ලිව්ව සිත් දිනා ගැනීමේ රහස් කියන පොත කියවීමෙන් පස්සේ. තමන්ගේ birthday එකට wish කරලා කාගෙන් message හරි එකක් එද්දී සතුටු නැද්ද ? ඉතින් ඒකෙන් ම්ත්‍රත්වය තවත් වැඩිවීමක් නේ වෙන්නේ. ඒකේ තිබ්බ ක්‍රම සහ විධි හුඟක් මම apply කරලා සාර්ථක ප්‍රතිඵල අරන් තියෙනවා.

ඉතින් ඊයේ උදෙත් මම සුපුරුදු විදිහට අද කාගෙද birthdays තියෙන්නේ කියලා බලද්දී මට උගන්වපු සර් කෙනෙක්ගේ birthday එකක් තියෙනවා කියලා calender එකට add වෙලා තිබුණා. මම ඉතින් හැරෙන තැපෑලෙන් සර්ට call එකක් ගත්තා wish කරන්න. ඒත් සර්ගේ hand phone එක off කරලා තිබ්බේ. Land phone එක rings යනවා ඒත් answer කරන්නේ නැහැ.

පස්සේ මට campus යන්නත් පරක්කු වෙලා හිටිය නිසා ඉක්මනට ලෑස්ති වෙලා campus ගියා. උදේ වරුවේ තිබ්බ lectures එහෙම ඉවර වෙලා සර්ට call එකක් ගත්තහම සර් phone එක answer කලා.


මම කිව්වා "සර් සුභ උපන් දිනයක් වේවා" කියලා.

සර් කිව්වා "පුතේ අද නෙමෙයි මගේ birthday එක හෙටනේ" කියලා.

මේක අහපු ගමන් මට පොළව පලන් යන්න හිතුණා. පස්සේ ඉතින් මම සර්ට කණගාටුව ප්‍රකාශ කරලා ආගිය කතාවක් දාලා ශේප් න්‍යාය පාවිච්චි කළා.

පස්සේ මම phone එකේ calender එකේ හෙට දවසේ කාගෙද birthdays තියෙන්නේ කියලා බලද්දී හෙටත් සර්ගේ birthday එක කියලා add වෙලා තියෙනවා. කොහොම හරි කොතැන හරි බුලක් වැදිලා තියෙනවා මට පේන විදිහට.

මේකම නිසා campus එකේ lectures ඉවර වෙලා හැන්දෑවේ මම සර්ලගේ ගෙවල් පැත්තේ ගියා. මට උදේ වුණු වැඩෙන් upset. ඒකමයි මම ඒ පැත්තේ ගියෙත්. පස්සේ ඉතින් සර්ට මම phone එකේ වුණු බුල නිසා වෙච්ච වැඩේ කිව්වා. සර්ටත් හිනා.

ඒ ගමන් මම කිව්වා "සර් මට ඇත්තටම මතක මම දන්න කියන අයගෙන් තුන්දෙනෙක්ගේ විතරයි. අනිත් අයගේ birthdays කවද්ද කියලා phone එකේ තමයි save කරලා තියෙන්නේ" කියලා. [ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක්ව නම් හුඟක් අය දන්නවා. අනිත් එක්කෙනා ගැන නම් දන්නෝ දනිති තමා]

සර් ඇහුවා "කවුද මේ තුන්දෙනා?" කියලා.

මම කිව්වා "මුල්ම එක්කෙනා බුදු හාමුදුරුවෝ [බුදු හාමුදුරුවන්ගේ birthday එක කියලා වෙසක් පෝය අපි හැමෝම සමරනවානේ], අනිත් එක්කෙනා ජේසුතුමා [දෙසැම්බර් 25 ජේසුතුමාගේ birthday එක කියලත් හැමෝම වගේ දන්නවනේ], අන්තිම එක්කෙනා මම [මගේ birthday එක තියන දවසෙත් අපරාදේ කියන්න බැහැ මට සමරන්න බැරිවුණත් එදාට හැම ඉස්කෝලෙකම වගේ පොඩියට හරි උත්සවයක් කරලා සමරනවා. මොකද මගේ birthday එක ඔක්තෝබර් 6 ලෝක ගුරු දිනේ දවසේ]

කතාව අහලා එතැන හිටිය අයට හිනා. ඕව තමා මට වෙන ජල්තර වැඩ. ඉතින් ඔයාලත් එහෙම යාළුවන්ගේ birthdays වලට එයාලට wish කරන එක එහෙම කරනවද ?

13 comments:

  1. ha ha machang matath ohomama wela thiyanawa mama ape mama kenekuta wish kara birth day ekakata balanakota porage birth day eka pahu wela sathi dekak gihin hebi aparadee kiyanna bee pora ape gedara kattiyata enna kiyala paty ekak dunna mokada mata pahu wela hari birth day ekata wish karapu hinada(Kasun Tharanga)

    ReplyDelete
  2. මාර අකරතැබ්බක්නෙ වෙලා තියෙන්නේ.... මමනම් ඉතින් facebook birth day දැන්වීමට පිං සිද්ද වෙන්න සුභ පතනවා... :D

    ReplyDelete
  3. waradi dawase wunath oya wish kale hari kenatane.....mama hari dawase waradi kenekta wish kala....hariyatama madyama rathri 12ta....cl karala nam nemei msg ekak yawla....harena thapalen rly ekak awa" i think u 've sent the wrong msg for the wrong person" kiyala...

    ReplyDelete
  4. මටත් මලාට මතක හිටින් නැහ ඔව්ව... දැන් ඉතින් මූනු පොත තිනවනේ. ඒත් කලින් කරනව හුඟක් වෙලාවට මොක්ද මේ සීතල රටේ කාල වෙනස නිසා.

    ReplyDelete
  5. owaa nam monawada?Natta pitin ali marenne.mata na o wage scene ona tharam wenawaa. wennath thiyenawa.

    ReplyDelete
  6. Kasun Tharanga ට
    හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියන්නේ ඕක තමා.

    Ansh Lucky Sri Jay ට
    ප්‍රතිචාරයට ස්තුතියි අක්කේ. තව නියම කතා තියෙනවා. ඉදිරියටත් රැඳී ඉන්න

    Prabhath Darshana ට
    හැම යාළුවෙක්ම FB නැහැනේ බන්. FB ඉන්න එවුනුත් හැමදාම FB log වෙන්නේ නැහැනේ [මේ අපි වගේ] ඒ නිසා මම නම් යාළුවගේ phone number එක තියෙනවා නම් ඒකට තමා wish කරලා message එක යවන්නේ

    Anonymous ට
    විනාසයි ඉතින් ඊට පස්සේ මොකද වුණේ ?. කොහොම වුණත් මෙහෙම බලද්දී මම ටිකක් හොඳයි වගේ. ම්ත්‍රයා ඔයා රෑ 12 ට wish කලේ විශේෂ එක්කෙනෙක්ටද ? ඒ වගේම ඔයා නම දැම්මා නම් හොඳයි නේ. ඔයාටත් නියම අත්දැකීම තියෙනවානේ blog එකක් පටන් ගත්තොත් හොඳයි වගේ

    පිස්සා පලාමල්ල ට
    ඒත් අයියා ගැටළුව හැම යාළුවාම FB නැති එක ඒ වගේම පෙලක් FB ඉන්න යාළුවෝ අවුරුද්දකට සැරයක්වත් FB log වෙන්නේ නැති එක

    මහසෙන් ට
    තැන්කු වේවා සහෝ comment එකට. ඉදිරියටත් රැදී ඉන්න

    චානක.......ට
    ඒක තමා සහෝ. ආතල් කෝටියයි.

    leks' world ට
    ඒක තමා සහෝ. ඔහොම වැඩක්වත් ඉදලා හිටලා වෙන්නේ නැත්නම් කිසි fun එකක් නැහැනේ

    ReplyDelete
  7. මදැයි වෙච්චි දෙයක්! :D

    ReplyDelete
  8. msenarath ට
    ඒක තමා. කොහොම වෙතත් ඊට පහුවෙනිදා අපි සර්ගේ උපන්දිනේ වෙනුවෙන් කැලණි පන්සලේදී ධර්ම දානයක් කලා.

    සබ්බ දානං ධම්ම දානං ජිනාති සෑම දානයකටම වඩා ධර්ම දානය උතුම් නේ. මිත්තානිසංස සූත්‍රය සිංහල තේරුමත් ඇතිව 200 ක් ඩුප්ලෝ කරලා පන්සලේ හිටිය කට්ටියට සර්ගේ අතින්ම බෙදා හැරියා.

    ඒකේ 4tos එහෙම මේ link එකෙන් ගිහින් බලන්න පුළුවන්.
    http://www.facebook.com/album.php?aid=60461&id=1470435034&l=47c61afb75

    ReplyDelete
  9. ආතල් වැඩනේ අයියට වෙන්නේ,,....
    පොඩි ගැටළුවක් තිනවා ......
    අපි හරියටම වෙසක් පෝය කියලා අනිත් පෝය වල් වලින් වෙන් කරගෙන තිනවා.

    පෝය වලට නම් දාගෙන තිනවනේ.. අපි කොහොමද දැනගන්නේ අපි වදින්නේ බුදුන් උපන් පෝය දවස කියලා.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................