Saturday, May 8, 2010

අපි මුට්ටි අල්ලපු හැටි


අද කියන්නේ කැම්පස් කතාවක්. කට්ටිය දන්නවානේ මුට්ටි අල්ලනවා කියන්නේ මොකක්ද කියලා. තමන්ට වඩා වැදගත්, උසස් තව විදිහකින් කිව්වොත් තමන්ගේ ලොක්කන්ට පුළුවන් තරම් උදව් කරමින් හිත දිනාගන්න try කරන එකනේ මුට්ටි අල්ලනවා කියන්නේ. නිකම් නෙමෙයි ඕක කරන්නේ තමන්ටත් මොකක් හරි වාසියක් බලාගෙන නේ.

මෙන්න කතාව. අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ කැම්පස් පටන් ගත්තේ අප්‍රේල් 26. ඉතින් මේ 2nd semester එකේ අපේ subjects වල හුඟක් Lecturers ලා එහෙම මාරු වුණා.

2nd semester එකේ Sociology subject එකට තියෙන course unit එක තමා ප්‍රායෝගික සමාජ විද්‍යාව. ඒක උගන්වන්නේ ආචාර්ය K. කරුණාතිලක. මුල්ම දවසේ සර් සර් එකක් කරද්දී වැඩ කටයුතු වෙන්න ඕනේ කොහොමද කියලා ස්ථාවර නියෝග ටික දුන්නා.

මූලික ස්ථාවර නියෝග ටිකක් ගැන කිව්වොත් සර් lecture එකට ආවට පස්සේ කාටවත් lecture එකට එන්න බැහැ. සර් note එකක් දෙන්නේ නැහැ. සර්ගේ lecture එකෙන් කරුණු අරන් library ගිහින් පොත් එහෙම කියවලා අපි note එක හදාගන්න ඕනේ. ඉතින් මේ ස්ථාවර නියෝගත් එක්ක වැඩ කටයුතු ටික ලස්සනට යනවා.



මේ සතියේ බදාදා සර්ගේ lecture එක වෙලාවේදී අපිට අත්සන් කරන කොළේ ආවේ නැහැ. ඉතින් lecture එක ඉවර වෙලා සර් ඒ කොළ බලද්දී අත්සන් තිබ්බේ පොඩ්ඩයි ඒත් ළමයි ගොඩක් හිටියා.

සර් ඇහුවා "කවුද අත්සන් කළේ නැත්තේ ?" කියලා.

අපි පිටිපස්සේ හිටියේ අපිටත් අත්සන් කොළේ ආපු නැති නිසා අපි අත් උස්සලා කිව්වා "අපි අත්සන් කළේ නැහැ" කියලා.

අපිටත් පිටිපස්සේ තව ගොඩක් ළමයි හිටියා. ඕක අත්සන් කරලා ඉවර වෙද්දී වෙලා යන නිසා සර් කිව්වා" මට පරක්කු වෙනවා මම එකේ ඉන්නවා. ඒකට අත්සන් කොළේ ගෙනත් දෙන්න කවුරුහරි ස්වේච්ඡාවෙන් බාරගන්න. අපේ මේ මහත්තූරු මොකද කියන්නේ. කවුද වැඩේ බාරගන්නේ ?".

එදා අපේ කොල්ලෝ හිටියේ පස් දෙනයි. පස් දෙනාම එක තැන වාඩිවෙලා හිටියේ. එකෙක්වත් අත් උස්සන පාටක් නැහැ. ඉතින් මට හිතුණා සර් ඊළඟට මොනවා කියයිද දන්නේ නැහැ. අනිත් එක එතැන කොල්ලෝ පස් දෙනයි කෙල්ලෝ හිටියා 150 ක් විතර. නිකම් චාටර් වෙන්න ඕනේ සහ ප්‍රසිද්ධියේ ඇදගෙන නාන්න ඕනේ නැහැනේ.

මේ හේතු මත මම අත උස්සලා වැඩේ බාරගත්තා. සර්ත් ඉතින් " බොහොම හොඳයි" කියලා යන්න ගියා. පස්සේ මමයි තව යාළුවෙකුයි අත්සන් කොලේ අරන් sociology department එකට යද්දී මඟ දිගට හම්බෙන sociology කරන කෙල්ලන්ට කිය කිය ගියේ "අපි සර්ට මුට්ටි අල්ලන්න යනවා" කියලා. අපි ඒක කිව්වේ joke එකට වගේ.

සර්ට ගිහින් අත්සන් කොලේ දුන්නාම "Thanx පුතා" කියලා සර් කිව්වා. පස්සේ අපි එද්දිත් මඟ දිගට අපිට හම්බෙන් sociology කරන කෙල්ලන්ට කිය කිය ආවේ "සර්ට අල්ලපු මුට්ටිය වැඩ කලා. අපිට ඕන sup එකක් සර් දෙන්නම් කිව්වා" කියලා ආදී විදිහට ගල් පැලෙන බොරු.

මේක පෙලක් කෙල්ලන්ට තේරුණා අපි නයා අරිනවා කියලා. ඒත් පෙලක් කෙල්ලෝ සිරා ගත්තා කියලා තමා අපිට නම් තේරුණේ.

ඊට පස්සේ දවසේ සර් lecture එකට ආවා. ඇවිල්ලා මටයි මගේ යාළුවටයි අත දික් කරලා එන්න කිව්වා. එදා සර් අපේ මේ 2nd semester එකේ උගන්වන course unit එකේ syllabus එකේ handouts මිටියක් අරන් ඇවිත් තිබ්බා.

සර් කිව්වා අපිට ඒක ළමයින්ට බෙදන්න කියලා.

ඒක බෙදද්දී අපි ඊයේ මුට්ටි අල්ලන කතාව කියපු කෙල්ලන්ට කිය කිය ගියා " කොහොමද අපි අල්ලපු මුට්ටිය" කියලා හිනා වෙවී. සමහර කෙල්ලෝ අපි කියන්නත් කලින් කිව්වා "සර්ට අල්ලපු මුට්ටිය වැඩ කරලා වගේනේ" කියලා.

ඕන් ඔහොම තමා අපි සර්ට මුට්ටිය ඇල්ලුවේ. අපි joke එකට කිව්වා එක දැන් හුඟක් අය ඇත්ත කියලා තමා හිතන් ඉන්නේ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

6 comments:

  1. Photo eka lecture ekaka ekakda?
    Mata hithena hatiyata nam muttiya wada kaloth narakama naha.

    ReplyDelete
  2. he he ela ela kolla,
    colg yana kaleth api mutti elluwane

    ReplyDelete
  3. නියමයි මචෝ!!! අල්ලපං මුට්ටිය එලටම!!!!මුට්ටි නැතුව මේ කාලේ හිඟා කන්නවත් බැහැ !!!! මුට්ටි අල්ලන්නෝ , දිනන්නෝ වෙති!!!

    ReplyDelete
  4. leks' world ට
    4to එක නම් අපේ Sociology department එකේ page එකෙන් ගත්තේ. අපි හිතලා මුට්ටිය ඇල්ලුවා නෙමෙයිනේ නිකම් කිව්ව එකක් නේ මේ වෙන්නේ :) බලමුකෝ

    chathurarcrc ට
    මේවා ඉතින් පුරුදු කරන්නේ ඉස්කෝලෙන් තමා :)

    ජංජාල චාමර ට
    ඒක තමා මචන් මාත් හිතන්නෙ. වවන්නෝ දිනන්නෝ කිව්වේ ඉස්සර. දැන් කියන්න වෙන්නේ දෙන්නෝ දිනන්නෝ කියලා තමා.........

    ReplyDelete
  5. ela ela keep it up(kasun tharanga)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................