Sunday, May 30, 2010

රෝමයේ උපන් ජේසු - 2 [ඇත්ත කතාව]

ඔන්න ඊයේ "යෝවද තං පව රෝමානු ජේසු - රෝමයේ උපන් ජේසු" post එකෙන් අන්තිමට පොරොන්දු වුණු විදිහටම ඡත්ත මානවක ගාථාවල නිධාන කතාවත්, ඒක වර්තමානයේ භාවිතයට ආපු හැටි කියන වත්මන් කතාවත් කියන්න තමා ලෑස්තිය.


බුදුන් දවස ඉන්දියාවේ හිටිය ඡත්ත කියන මානවකයා [මේ මානවකයා කියන්නේ තරුණයා කියන එක] දිසාපාමොක් ආචාරීන් සමීපයේ ශිල්ප හදාරලා අවසන් කරලා ගුරු පඬුරු අරන් එන්න තමන්ගේ නිවසට පිටත් වුණා. රන් කහවණු ගුරු පඬුරු විදිහට අරගත්තු ඡත්ත ඒවා ගුරුවරයාට භාර දෙන්න නැවතත් ගුරු ගෙදර බලා පිටත්වුණා.

ඉතින් අළුයම් කාලේ ලෝකය වෙත මහා කරුණාවෙන් බලලා තමාගේ පිහිටක් අවශ්‍ය වෙන පුද්ගලයන්ට පිහිටක් වීම බුදුරජාණන් වහන්සේගේ සිරිතක් වෙලා තිබ්බා. ඒ දවසේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට හසුවුණේ මේ ඡත්ත කියන මානවකයාව.

මේ විදිහට ගුරුවරයාට ගුරු පඬුරු විදිහට රන් කහවණු අරන් යන ඡත්තව අතරමගදී හොරු කණ්ඩායමක් විසින් රන් කහවුණු පැහැර ගැනීමේ චේතනාවෙන් මරාදාන බව බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඡත්තට සුගතිගාමී වෙන [දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙන] පිනක් සිදු කරලා දෙන කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ ඡත්ත ගුරු ගෙදරට යන මාර්ගයේ අතරමැද වැඩ සිටියා.

ඡත්ත බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා කරුණු කතා බස් කරද්දී බුදුරජාණන් වහන්සේ ඡත්තට තුණුරුවනේ ගුණ කියවෙන ගාථාවන් තුනක් කියාදුන්නා.

මේ තියෙන්නේ ඒ ගාථාවන් තුන සරල සිංහල තේරුමත් එක්ක.

යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බලවිරියසමංගි
තං සුගතං සරණත්ථමුපේමි

කතා කරන මිනිසුන් අතර යම් ශ්‍රේෂ්ඨයෙක් වෙයිද, ඒ ජීවිතයේ අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේය. අනන්ත අප්‍රමාණ වීර්යයකින්, ධෛර්යයකින් සංසාරයෙන් එතෙරට වැඩි ඒ සුගතයන් වහන්සේව සාදරයෙන් සරණ යමි.

රාග විරාග මනේජමසෝකං
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි

රාගය නැති කරන්නා වූ ශෝක රහිත වූ තෘෂ්ණාව රහිත වූ, පිළිකුල් රහිත වූ අසංකත වූ නිර්වාණ ධර්මය මනා කොට ප්‍රගුණ කළහොත් අනන්ත සුන්දරත්වයක් සාක්ෂාත් කරන ඒ ධර්මය සාදරයෙන් සරණ යමි

යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසු පුරිස යුගේසු
අට්ථච පුග්ගල ධම්මදසාසේ
සංඝමිමං සරණත්ථමුපේමි

යම් කෙනෙකුට පිදිමෙන් මහත් ප්‍රතිඵල ලැබේද, ඒ පාරිශුද්ධ වූ මාර්ග ඵල ලාභී උත්තමයන් වහන්සේලා යුගල වශයෙන් වූ හතර දෙනාටයි. උන්වහන්සේලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් වේ. ඒ සංඝයා වහන්සේලා සාදරයෙන් සරණ යමි.



අවසානයේදී බුදුරජාණන් වහන්සේට වැඳලා සමුගත්තු ඡත්ත ඉදිරියට යද්දී හොරු කණ්ඩායමක් ඇවිත් ඡත්තව මරා දාලා කහවණු ටික පැහැර ගත්තා. මේ අවස්ථාවේදී ඡත්ත තුණුරුවනේ ගුණ කියවෙන ගාථා කියමින් තුණුරුවන් කෙරෙහි සිත පහදවාගෙන සිටි නිසා ඡත්ත මරණින් පසුව දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. ඔන්න ඕක තමා අතීත කතාව.

ඉතින් ඡත්ත මානවක ගාථා වර්තමානයේ භාවිතයට ආවේ මෙන්න මේ විදිහට. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කොළඹ ආනන්ද විද්‍යාලයේ උගන්වන කාලේ පානදුරේ කුරුප්පුමුල්ලේ ඉපදුණු කුරුප්පුමුල්ලගේ දොන් ජිනරාජදාස කියලා ළමයෙක් විද්‍යාලයට ඇතුළත් වෙලා තියෙනවා.


ඉතින් ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ යම්තාක් දුරකට හිත දියුණු කරලා තිබ්බ කෙනෙක්. ඒ හිමියන්ට පෙනිලා තියෙනවා මේ ජිනරාජදාස කියන ළමයා බුදුන් දවස හිටිය ඡත්ත කියන මානවකයා කියලා. මේ කරුණ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් තිබුණු පරමවිඥානාර්ථ සමාගමේ අයත් ඊට පස්සේ පිළි අරන් තිබුණා [ඔවුන්ගේ මතය අනුව ඕල්කට්තුමා පෙර භවයේ ධර්මාශෝක රජු ලෙසත්, ක්‍රිෂ්ණමූර්තිතුමා බුදුන් වහන්සේ සමීපයේ මෛත්‍රී බලදාස නමින් පැවිදිව සිටි කෙනෙක් බවත් දක්වා තිබුණා]

ඉතින් කලින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තුණුරුවනේ ගුණ කියවෙන ගාථා කියමින් ගිය ඡත්ත මානවකයාට ඒකෙන් දෙව් ලොව යන්න තරම් පිනක් සිදුවුණු නිසාත්, පාසල නිමාවෙලා ගෙදර යන දරුවන්ට ආරක්ෂාවක් ලබාදෙන්නත් කියන අරමුණු මුල් කරගෙන ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවන්ගේ අදහසක් අනුව ආනන්ද විද්‍යාලයේ ළමයින්ට පාසල නිමාවෙන වෙලාවට මේ ගාථා ගායනා කරන්න පුරුදු කරලා තියෙනවා.


ඊට පස්සේ ඒ කාර්යය අනුගමනය කරපු අනෙක් පාසල්වලත් මේ විදිහටම පාසල නිමාවෙද්දී මේ ඡත්ත මානවක ගාථා ගායනා කරන්න පටන් අරන් තියෙනවා. අද වෙනකොට ලංකාවේ තියෙන හැම පාසලකම වගේම, [කිතුණු, හින්දු හෝ ඉස්ලාම් පාසල් මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ හා ජාත්‍යන්තර පාසල්වල හැරුණු කොට] බෞද්ධ දහම් පාසල්වලත් පාසල් කටයුතු නිමාවෙනකොට ඡත්ත මානවක ගාථා ගායනා කරන ආකාරය අපිට දැකබලාගන්න පුලුවන්.

මේ කතාවේ හිටපු කුරුප්පුමුල්ලගේ දොන් ජිනරාජදාසට මොකද වුණේ කියලා සමහරුන්ට ගැටළුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් කියන්නම්කෝ. එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා උසස් අධ්‍යාපනයට එංගලන්තය බලා පිටත් වෙලා තියෙනවා.

එහෙදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් M.A. උපාධිය දක්වා අධ්‍යාපනය හදාරපු ජිනරාජදාස පසුව ලෝකයේ ආධ්‍යාත්මික දෑ පිළිබඳ දේශන පවත්වන දේශකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ කාලෙදිම පරමවිඥානාර්ථවාදීන් ජගද්ගුරු ලෙස පිළිගෙන හිටපු ක්‍රිෂ්ණමූර්තිතුමාගේ පුද්ගලික ගුරුවරයා විදිහටත් මෙතුමා කටයුතු කරලා තියෙනවා.

අවසාන වශයෙන් මේ post එක සකසන්න සමුද්‍ර වෙත්තසිංහ විසින් රචනා කරපු "ආනන්ද මෛත්‍රය මහනාහිමියගේ අප්‍රකට ලිපි" කියන පොතත්, දහම් පාසල් 5 ශ්‍රේණි පෙළ පොතත්, හසන්ත හෙට්ටිආරච්චි සම්පාදනය කරපු "දොරමඬලාව සංවාදාත්මක හර සරණියේ" සංවාද ඇතුළත් පොතත් උපකාරී වූ බව ගෞරවයෙන් මතක් කරන්න කැමතියි.

ප.ලි.:
ඊයේ දාපු "යෝවද තං පව රෝමානු ජේසු - රෝමයේ උපන් ජේසු" post එකේ link එක මුහුණු පොතටත් මම දැම්මා. මගේ හිතවත් අක්කා කෙනෙක් [එයා ක්‍රිස්තියානි] මට දොස් කියලා තිබ්බා. මම අන්තවාදියෙක් වෙන්න වගේ යන්නේ. මම ආගම්වලට අපහාස කරනවා. ඒක වැරදියි ආදී වශයෙන්.

ඉතින් මම කිව්වා කෝකටත් post එක ආයි පාරක් කියවලා බලන්න. මේක නිකම් කතාවක් විතරයි. හරි නම් බෞද්ධයෝ තමා මාත් එක්ක වලියට එන්න ඕනේ මේ විදිහට බුදු ගුණ කියන ගාථාවක් වෙනස් කළාට කියලා. :)

56 comments:

  1. මෙයා හෙන පණ්ඩිතයෙක් නෙ (පණ්ඩිතය කිව්වෙ උගත් බුද්ධිමත් තරුණ කොලුගැටය නිසා) :D:D

    ReplyDelete
  2. තියෙන දෙයක් ගැන අලුතිං හිතුවා කියලා , පොලිසි යන්න වෙන්නෙ නෑ!!!!

    අනික කරුණු විශ්ලේෂණය කරල ලිපියක් ලියන්න වෙච්ච මහන්සිය අපි අගය කරන්න ඕනි!!!!එල ලිපිය

    ReplyDelete
  3. හොඳ ලිපියක් නොදැන හිටි බොහෝ දේ දැනගත්ත.....
    බොහෝම ස්තූතියි...... :)

    අපේ අල්ලපු පාසලේ පොඩි උන් නම් ඕක කියන්නෙම කලින් දවසේ ඔයා කියපු විදියට....... ලොකු අය කොහොමද දන්නෑ..... සමහර පොඩි අය (6වසර වගේ) අපේ පාසලේ අය දැක්කමත් අර විදියට කියල හිනාවක් දමනව......... :D

    ReplyDelete
  4. හසිත ජයසූරිය ට
    තැන්කු වේවා මල්ලී comment එකට. ඒ වගේම මට ලබාදීපු "හෙන පණ්ඩිත" ගෞරව නාමයට මගේ ප්‍රණාමය.

    කොහොම වුණත් බක පණ්ඩිතයෙක්වත්, අති පණ්ඩිතයෙක්වත් නොවී හෙන පණ්ඩිතයෙක් වුණු එක හොඳා :) :) :)

    ReplyDelete
  5. malliyo,
    mama danna tharamin nam....
    Ananda college keke lamai, chaththa manawaka gatha kiyanne naa....

    Janaka

    ReplyDelete
  6. කතාවේ මුල් ටික නම් ආසාවෙන් කියෙව්වා. අග ටික නම්......
    හසිත මලයා කලේ දැන ගත්තු කතාව කියන එක විතරයි කියල මම දන්නවා. ඒත් මම ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරන්නම්.

    1. දිව්‍ය ලෝකේ එක දවසක් මිනිස් ලෝකේ ලෝකේ අවුරුදු 100 ක් කියනවනේ.. එතකොට කාලය සලකා බලනකොට ඡත්ත මානවකයා දිව්‍යලෝකේ ඉඳල තියෙන්නෙ දවස් 25 යි ?

    2. "පෙර එක් අඟනක් එක් එලු දෙනකගෙ හිස සිඳා - සියොලඟ ලෝම ගණනේ හිස් ගැසුම් ලදා." එලුවෙක්ගේ බෙල්ල කපපු පවට ඇඟේ ලෝම ගානට හිස් ගැසුම් කන්න උනාලු. මිනිස්සු ලක්ෂ ගානක් මරපු අශෝක රජතුමාට එච්චර අවුලක් වෙලා නෑ නේද ? ආපහු මනුස්ස ලෝකෙට ඇවිත් ඔය නියමෙට ජීවිත කාලෙම ගත කරල තියෙන්නෙ ?

    හිතන්න කාරණා දෙකක්.

    ReplyDelete
  7. ජංජාල චාමර ට
    "තියෙන දෙයක් ගැන අලුතිං හිතුවා කියලා , පොලිසි යන්න වෙන්නෙ නෑ!!!!" මේ මොකක් ගැනද ඔයා කියන්නේ ? මට තේරුනේ නැහැ. පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරපන් :)

    මහන්සිවෙලා ලියපු ලිපිය අගය කළ එකට තුති. තවත් මේ වගේ ලිපි ලියන්න ලොකු හයියක් මේ වගේ comments.

    හා පැටික්කි (MS)ට
    ස්තුතියි හා පැටික්කි ප්‍රතිචාරයට. නොදන්න යමක් දැනගත්තා නම් ඒක තමයි බලාපොරොත්තුව.

    දැනුම කියන එක තියෙන්නේ බෙදා ගන්න මිසක් බදා ගන්න නෙමෙයි නේ [හෙන පණ්ඩිත කියමනක් :) හෙන පණ්ඩිතයෙක් වුනාම එහෙම කියමන් කියන්න එපැයි :)]

    සමහර පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් කලින් කියපු විදිහට තේරුමක් දන්නේ නැතිව ගිරවා දාලා ගිරවා වගේ කියවනවා වරද්ද වරද්ද. දැන්වත් ඒ විදිහ වෙනස් වෙලා අවබෝධයක් ඇතිව යමක් කරන කියන පරපුරක් ඇති කරන්න ඕනේ :) [තවත් හෙන පණ්ඩිත කියමනක් :)]

    "සමහර පොඩි අය (6වසර වගේ) අපේ පාසලේ අය දැක්කමත් අර විදියට කියල හිනාවක් දමනව......... :D"
    මේක ගැන නම් මට තේරුණේ නැහැ

    ReplyDelete
  8. Anonymous Janaka ට
    එහෙමද අයියා. මම නම් ඒක ගැන හරියටම දන්නේ නැහැ. ඒ වැඩේ ආනන්ද විද්‍යාලයෙන් ආරම්භ වුණු නිසා මම හිතුවේ ඒක තාමත් ක්‍රියාත්මකයි කියලා.

    එතකොට ඉස්කෝලේ ඇරෙන වෙලාවට ආනන්ද ළමයි මොකුත් ගාථාවක් කියන්නේ නැද්ද ?

    ත‍රිඳු ට
    "කතාවේ මුල් ටික නම් ආසාවෙන් කියෙව්වා. අග ටික නම්..... හසිත මලයා කලේ දැන ගත්තු කතාව කියන එක විතරයි කියල මම දන්නවා."

    ඇති යන්තම් තරිඳු අයියා මාව අමාරුවේ දාන්නේ නැතිව මාව තේරුම් අරන් මාව බේරගත්තා.

    ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ චරිතාපදාන කෘතියේ තියෙනවා මෛත්‍රී බෝසතුන්ගේ නියමයෙන් මිනිස් ලෝකයේ බුද්ධ ශාසනය ස්ථාවර කරන්න කණ්ඩායමක් එව්වයි කියලා. ඒ කණ්ඩායමට ධර්මපාලතුමා, ඕල්කට්තුමා වගේම ආනන්ද මෛත්‍රී හාමුදුරුවොත් අයිති වුණා කියලා. ඒ කණ්ඩායමේ අය වරින් වර මේ මිනිස් ලෝකේ උපත ලබලා තමන්ගේ කාර්යය කළයි කියලා.

    සමහර විට ඡත්ත මානවකයාත් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා මිනිස් ලෝකේ ඉපදුණු කෙනෙක්ද දන්නේ නැහැ [මේක මට හිතුණ අදහසක් විතරයි]

    ඉතින් මිනිස්සු 999 ක් ම මරපු අංගුලිමාලත් පැවිදි වෙලා රහත් වුණා නම් රජ්ජුරුවෝ පස්සේ කාලේ කරපු පින්කම්වල හැටියට එහෙම වෙන්න විදිහක් නැද්ද ? මේකත් මට හිතුණු එකක්.

    අයියා මොකක්ද හිතන්නේ ?

    අනිත් අයත් එයාලගේ අදහස් දක්වන්නෝ........

    ReplyDelete
  9. @හසිත

    කර්මය කියන එක එහෙම නැති කරන්න බෑ. අහෝසි කර්ම හැරෙන්න. ඒත් අහෝසි කර්ම වලට වැටෙන්නෙ සුලු කර්ම. මනුෂ්‍ය ඝාතනය සුලු කියන්න බෑනෙ. අංගුලිමාල පැවිදි වෙලා රහත් උනේ පෙර කල පින් නිසා. ඒත් රහත් උනාට පස්සෙත් කර්ම පල දීම නැවතුනේ නෑ. හැම තිස්සෙම අහක යන ගල් පාරවල්, ඉඳුල් වතුර පාරවල් ඇඟට ආවා. ඒත් රහත් වෙලා හිටපු නිසා (නැවත් උපතක් නැති නිසා) කරපු පව් පල දෙන්න විදියක් තිබ්බේ නෑ.

    ඡත්ත මානවකයාවත්, ධර්මාශෝක රජතුමාවත් රහත් උනේ නෑනේ. ඒ නිසා ඒ අයත් කර්ම නියාමයට යටත්.

    පින් නිසා පව් කැපිලා යන්නෙ නෑ. එක්තරා කෙනෙක්, (ගැහැණුද පිරිමිද මතක නෑ) දිව්‍ය ලෝකේ උපදින්න තරම් පින් කලත් ඇඳුම් හොරකම් කරපු නිසා දිව්‍ය ලෝකේ ගිහිනුත් නිරුවතින් ඉන්න උනා කියල මම කියවල තියෙනව. ධම්මපදට්ඨ කතාවෙද කොහෙද හරියට මතක නෑ.

    ReplyDelete
  10. ත‍රිඳු ට
    ඒකත් එහෙමද ? මේ කතාව එහෙමනම් තවදුරටත් කතා කරන්න ඕන මාතෘකාවක් වගේ. මේ අඩුපාඩු පෙන්වලා දීලා අළුතෙන් යමක් හිතන්න පාර පෙන්නපු එක නම් අගය කරන්න ඕනේ අයියා.

    ReplyDelete
  11. Anonymous Janaka ට
    අයියා මම දැන් ආනන්දේ ඉගෙන ගන්න කෙනෙක්ගෙන් විස්තරේ ඇහුවා. එයා නම් කිව්වේ ආනන්දේ පාසල නිමාවෙන වෙලාවට ඡත්ත මානවක ගාථා ගායනා කරනවා කියලා

    ReplyDelete
  12. නැතිව නැතිව ආනන්දෙ හැමෝම හැමදාම ගාථාව කියල තමයි එලියට එන්නෙ...

    ReplyDelete
  13. @තරිඳු
    අපි කොහොමද කර්මය විග්‍රහ කරන්නෙ? කර්ම විෂය අචින්ත්‍යයි නේද? අනිත් එක බලවත් කුසල කර්ම මගින් අකුසල කර්ම විනාශ කරන්න බැරි වුනත් ඒවා තාවකාලිකව යටපත් කරන්න පුළුවන්නේ. මෙතනත් එහෙම එකක් වෙන්න පුලුවන් පළදෙන්න. තවදුරටත් සසරේ හිටියොත් කුසල කර්ම ගෙවුනාට පස්සෙ අකුසල කර්ම වලට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඇත්තටම ඔය කතා ඇත්තද නැද්ද කියල අපි දන්නෑනේ. ඒවා ඇත්තද කියල හොයාගන්න අපිට චුතුපපාත ඥානයත් නෑනේ. ඒක නිසා ඕව විවේචනය කරන එක අපට සුදුසු නෑ කියලයි මා සිතන්නෙ.

    ReplyDelete
  14. මල්ලි පොස්ට් එකේ අන්තිම ටික ගැන නම් මම කලින් අහල නැහ. ඔල්කට් තුමා සහ චත්ත මානවකයාගේ පුනරුප්පත්තිය ගැන.

    ඒ මොනව උනත් මගේ දැනුම ඉතාමත් අඩුයි ඔය දේවල් ගැන. ඒ නිසා වැරදි නම් කියන්න... දෙව්ලොව උපන් කෙනෙක් ආයෙ මනුස්ස ලෝකේ ඉපදෙනවද ???

    ReplyDelete
  15. නොදන්න දේවල් ටිකක් දැන ගත්තා. වැදගත් ලිපියක්..

    ReplyDelete
  16. මල්ලී,

    උත්සාහය ඉතාම අගය කරනව. ජත්ථ මානවක ගාථා කියන්නෙ ඇයි කියල දැනං උන්නට ඒක ලංකාවෙ පාසැල් වල පටන් ගත්තෙ කොහොමද කියල අදයි දැන ගත්තෙ! ඔය ලිපිය තව සාර්ථකයි අර ඕල්කට් තුමාගෙ පුනරුප්පත්ති කතා ටික නොතිබුනාන් කියලයි මට හිතෙන්නෙ. දැන් බලන්න කමෙන්ට් යන්නෙ ජත්ථ මානවක ගැන නෙමේ, අශෝක ර්ජුගෙ පුනරුප්පත්තිය ගැනයි, ආනන්ද හාමුදුරුවො ගැනයිනෙ. ඕකෙ අවසානය වෙන්නෙ අපි අපිම තව ගල් අහුලල දීම විතරයි. මොකද මේ ප්‍රශ්න ගැඹුරින් සාකච්චා කරල, හරි පැහදිලිකිරීමක් කරන්න පුලුවන් තරම් දහම් දැනුමක් තීන අය මේකට ගොඩ වදින්න තීන ඉඩ ඉතාම අඩු නිසා. මොනවා උනත් මං ආයි කියන්නෙ මල්ලිගෙ කරුනු පැහැදිලි කිරීම ඉතාම අගෙයි සහ මේ වගේ දෙපැත්ත ගැන ( රෝමයෙ ජේසු සහ දඹදිව ජත්ත ලා ) තව ලියන්න, මොකද මේක වෙනස් විදියෙ ප්‍රවේශයක් සහ පැහදිලි කිරීමක්.

    ReplyDelete
  17. ඇයි බං උඹ කියල තිබ්බේ කට්ටිය බනියිද දන්නෙ නෑ කියලා උඹෙ ලිපියට.ඒකයි පොලිස් කතාවක් දැම්මේ.ව්‍යංගේ මචෝ ව්‍යංගේ!!!!

    ReplyDelete
  18. @hasitha
    මල්ලි මේක වැරදි පාරේ යන්න හදන්නේ. මේක මගේ බ්ලොග් එක නිසා මම දිගටම වාද කරන්න යන්නේ නෑ. ඒත් හිතීමේ හැකියාවක් තියෙන අය හිතයි කියල මම බලාපොරොත්තු වෙනව. මේ ගැන මම දාන අන්තිම කමෙන්ට් එක මේක.

    @විමුක්ති
    කර්ම විශය අචින්ත්‍යයි කියල කියල තියෙන්නෙ ඇයි මොනවා ගැනද කියල ටිකක් තව කියවන්න. පවක් කලොත් පිනක් කලොත් කොහෙ ඉපදෙයිද කියන්න දිවැස් ඕන නෑ. අභිධර්මයේ මේ දේවල් පැහැදිලි කරල තියෙනව. අනික ඒ නැතත් ඕන පොඩි ලමයෙක් දන්නව පව් කලොත් අපායේ යනව කියල. බුදු හාමුදුරුවන්ටත් කර්මය පල දුන්න බව දන්නවනේ. කවුරු කොතන ඉපදුනාද කියන්න මට දිවැස් තියෙනවද බලන්න කලින් මේ කතා කියපු අයට දිවැස් තිබුණද කියල හිතුවොත් හොඳයි නේද ? අහවලා අතන මෙහෙම ඉපදුනා කියල මම කිව්වෙ නෑනෙ. මම කිව්වෙ බොහොම සරල විදියට පව් කලොත් අපායේ යනවා. ඒකත් සුලු කාලෙකට නෙමේ කියන එක. මම කියන එක පිලිගන්න ඕන නෑ. ටිකක් හිතල බලන්න. එච්චරයි මට කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  19. වටිනා කියන ලිපියක්

    ReplyDelete
  20. හසිත ලස්සනට ලියන තියනවා, නමුත් මල්ලි අපි අපෙ ධර්මය ගැන මිට වඩා මැදිහත්ව බලන්න ඔනා, බුද්ධ සාසනය ස්ථාවර කරන්න මෛත්‍රි බොසතාන් වහන්සෙ මෙ ලොකෙට පිරිසක් එව්වා කියන දෙ නම් මට පිළිගන්න අමාරුයි..

    ReplyDelete
  21. මාත් ඔය ගාථා වල තේරුම දැනගන්න ගොඩක් උනඳුවෙන් හිටියේ....ගොඩක් වටින ලිපියක්.....(M.M)

    ReplyDelete
  22. හසිත ජයසූරිය ට
    ආනන්දියෙක්ම ඒකට උත්තර බඳින්න ආපු එක හොඳයි :)

    විමුක්ති ට
    එක කියවන්න ආවට ස්තුතියි :)

    පිස්සා පලාමල්ල ට
    ඔව් අයියේ, බුදු දහම තුළ දක්වන දිව්‍ය ලෝකය කිතුණු දහමේ තියෙන දිව්‍ය ලෝකය [ස්වර්ගය] වගේ සදාකාලික ඉන්න පුළුවන් එකක් නෙමෙයි. තමන් කර ගනිපු පින් ක්ෂය වුනාම නැවත්ත මිනිසෙක් විදිහට හරි වෙනත් සත්වයෙක් විදිහට හරි ඉපදෙන්න දෙවිවරුන්ට සිදු වෙනවා.

    මම අහලා තියෙන කතාවක හැටියට පින් ක්ෂය වේගෙන යද්දී ඒ දෙවියන්ගේ ශරීරයේ තියෙන ප්‍රභාෂ්වර ගතිය අඩුවෙන එක, පැළැඳ ගෙන ඉන්න මල් මැලවෙන එක වෙනවාලු. එතකොට දෙවියෝ දැනගන්නවාලු තමන්ගේ පින් ඉවර වෙලා දැන් තමන් දිව්‍ය ලෝකෙන් චුත වෙන්නයි යන්නේ කියලා.

    Praසන්ன ට
    ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට සහෝ :)

    ReplyDelete
  23. හසී ට
    ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. කවුරු හරි නොදන්න දෙයක් දැනගත්තා කියන්නේ මගේ මේ වැඩේ ගඟට ඉනි කැපීමක් නොවී ප්‍රයෝජනයක් වුණු වැඩක් වුණා කියන එකනේ. ඒක ගැන මටත් සතුටුයි.

    ඉන්දික උපශාන්ත ට
    ස්තුතියි අයියා අගය කළාට. පුනර්භවයක් ගැන කතාව නිසා කට්ටිය ඒක ගැන අදහස් දක්වන්න ගිය එක ඇත්ත. ඒ කොහොම වුනත් අයියේ ඒ කොටස මඟ අරින්න ඒ නැත්නම් හලන්න විදිහක් තිබ්බේ නැහැ. මොකද කවුරු පිළිගත්තත් නැතත් ඒ සිද්ධිය පදනම් කරගෙන තමා ඡත්ත මානවක ගාථා වර්තමානයේ භාවිතයට ඇවිත් තියෙන්නේ.

    ඔයා කියන විදිහට මෙතැන අපි අපි කරුණු දක්වනවා මිසක් ධර්මය ගැන මනා වැටහීමක් තියෙන අය මෙතැන අදහස් දක්වන්න එනවා අඩුයි තමා.

    කොහොම වුණත් මේ වගේ මාතෘකා ඉදිරියටත් දැක්කොත් ඒ වගේ ලිපි ලියන්නම්කෝ. මේකත් ලිව්වේ තරිඳු අයියා ලියපු එකක් දැකලානේ :)

    ReplyDelete
  24. ජංජාල චාමර ට
    ඒක මිසක්. මම අළුතෙන් දෙයක් ලිව්වේම නැහැනේ. තැන තැන විසිරිලා තිබ්බා කරුණු එකතු කරලා ලිපියක් ලියපු එක අනිත් අයගේ අවබෝධයට. :)

    තරිඳු අයියා ට
    ඔයාගේ කතාව ඇත්ත අයියේ. කොහොම වුණත් අලුත් විදිහකට හිතන්න පාරක් ඔයා පෙන්නුව එක නම් අගය කරන්න ඕනේ.

    Anonymous ට
    තැන්කු වේවා සහෝ

    ReplyDelete
  25. රවා ට
    "බුද්ධ සාසනය ස්ථාවර කරන්න මෛත්‍රි බොසතාන් වහන්සෙ මෙ ලොකෙට පිරිසක් එව්වා කියන දෙ නම් මට පිළිගන්න අමාරුයි."

    මේක අයියා බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කියපු එකක්. කොහොම වුණත් මගේ විශ්වාසයට අනුව අපේ ඉන්ද්‍රියන්ට, අපේ අවබෝධයට, අපේ විෂය පථයට හසුවෙන්නේ නැති ඒවා තියෙන්න පුළුවන්. එහෙම ඒවා අපිට තේරෙන්නේ නැත්නම් ඒවා නැහැයි කියලා කියනවාට වඩා ඒවා ගැන හොයන එකයි හොඳ.

    කොහොම නමුත් මේවා ගැන නැවත වරක් හිතා බලන්න යොමු කලාට ස්තුතියි අයියා.

    Anonymous M.M. ට
    මගේ හැම posts එකකටම comments කරන නිත්‍ය පාඨකයා මොකද තාමත් ආවේ නැත්තේ කියලා තමා මම බලන් හිටියේ. නංගි කලින් posts කීපයකටත් comments එකක්වත් දාලා තිබ්බේ නැති නිසා මම බැලුවා අසනීපයක්වත් වුනාවත්ද කියලා.

    කොහොම වුනත් ඔයාගේ කරුණු සෙවීමට දායකත්වයක් වෙන්න ලැබුණ එක ගැන සතුටුයි. "දැනුම තියෙන්න බෙදා ගන්න මිසක් බදා ගන්න නෙමෙයිනේ". ඒ වගේම ස්තුතියි නංගි අගය කලාට. :) :) )

    ReplyDelete
  26. මාත් ඔය කතාව ඇහුවා, ඉස්කෝලේදි උත්සවයකදි. ඒඋනාට මෙච්චර විස්තර එක්ක ඇහුව පළවෙනි වතාව. ඒ ගැන ආයෙත් මතක් කලාට තැන්ක්යූ සහෝ....
    තව තරිඳු (අයියා මම හිතන්නේ) දෙයක් කියන්න ඕනි. හැම දිව්‍ය ලෝකයකම එහෙම අවුරුදු 100 කියලා නැහැ කියලයි මම අහලා තියෙන්නේ.සමහර ඒවයෙ ඊටත් වඩා වැඩිලු.තව දෙයක් කර්මය ගැන එහෙම විවරණ කරන්න අමාරුයි.ඒ ඒ වෙලාවේ චේතනාව අනුවලු නෙ. මොකද මම අහලා තියෙනවා(දුටුගැමුණු ද අශෝකද කියල මතක නැහැ.)අවසන් නොහොතේ දි පොඩ්ඩක් තද වෙච්ච පවකට පිඹුරෙක් වෙලාද කොහෙද ඉපදුණා කියලා. කොහොම උනත් මම කතා ව රකින්න කිව්වා නොවෙයි.ආනන්දේ හින්දා.දැන ගන්නයි කිව්වේ.
    තව කතාවක් අපි අයින් වෙද්දී නම්(2008) අපි චත්ත මානවක ගාථා කිව්වා.
    තව එකක් බුදුහාමුදුරුවොත් කර්මයට යටත්. රහත් වෙච්ච අය කර්ම රැස් නොකරනවා විතරයි. මොකද අහලා නැද්ද බුදුහාමුදුරුවන්ගේ හිසරදේ,කොන්දේ අමාරුව,ලේ අතීසාරය, ඕවා කර්ම විපාක තමා කියලා මම අහලා තියෙනවා.
    කොහොම උනත් ගොඩ ගොඩක් කතා පස්සේ හැදෙන්න පුළුවන්බව පිළිගන්න ඕනි. ඒ ගැන විවාද කරන එක වැඩක් නැහැ. මොකද ඒ වගේ ශාසනය රකින්න ආපු වගේ කතා නිර්මාණය ඒ යුගයේ අවශ්‍යතාවක් අනුව උනා වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  27. leks' world ට ප්‍රතිචාරයට ස්තුතියි සහෝ. අවසන් මොහොතේ සේවිකාවක් පවන් සලද්දී පවන් සලන එකේ කොණක් ඔළුව වැදුණු එකට කේන්ති අරන් ඒ වෙලාවේ මියගිහින් හිමාලයේ පිඹුරෙක් වෙලා හිටියාය කියෙන්නේ ධර්මාශෝක රජතුමා.

    බුදු, පසේ බුදු, මහරහතුන් විසින් කරන ක්‍රියා වලින් කුසල හෝ අකුසල විපාකයක් ඇතිවෙන්නේ නැහැ. ඒවා ක්‍රියාවකට පමණක් සීමාවන හින්දා " කිරිය සිත්" විදිහට තමා ඒවා හඳුන්වන්නේ.

    සමහර විට ඔයා කියන විදිහට යුගයේ අවශ්‍යතාවක් නිසා ශාසනය රකින්න කණ්ඩායමක් එව්වා කියලා කිව්වා වෙන්නත් පුළුවන්.

    අපේ බුද්ධි මට්ටමට හසු වෙන්නේ නැති කරුණු කාරණා තියෙන්නත් පුළුවන්නේ :)

    ReplyDelete
  28. mekanam godak watina kathawak. eeth ape school 1catholic nisa eewa kewe naneeee aththatama oya mee gatha dana ekanam godak hondai.... mokada mama ahalanathi deyak mein ahanna labuna

    ReplyDelete
  29. shashi ට
    ඉස්කෝලේදී කිව්වේ නැතිවුණාට දහම් පාසලේදීවත් ඔයා මේ ගාථා කිව්වේ නැද්ද ? අපේ ඉස්කෝලෙත් මේ ගාථා කිව්වේ නැතිවුණාට හැම ඉරිදාම වගේ දහම් පාසලේදී මේ ගාථා මම නම් කියලා තියෙනවා.

    ReplyDelete
  30. ඇලුත් දේවල් ගොඩක් දැනගත්තා.
    හොඳ ලිපියක්

    එක පාරක් අපේ ඉස්කෝලෙට ආවා දේශකයෙක්.
    එයා කිවුවෙ එයා ධර්මපාල තුමාගෙ පුනරුප්පත්තිය කියලා
    එයාට ලොකු ලොකු හාස්කම් කරන්න පුළුවන් කියලා පොර ටෝක් දුන්නා.අපේ කට්ටිය පොඩ්ඩක් කසු කුසු ගානකොට එයාට තරහ ගිහින් කිවුවා සද්ද කරන්න එපා, සද්ද කරන අයට මුඛ බන්ධනයක් දානවා කියලා. ඒත් සද්දෙ නැවතිච්ච නැති හින්දා එයා කිවුවා කැමති කෙනෙක් ඉදිරිපත් වෙන්න , මුඛ බන්ධනයක් දාලා පෙන්නන්නම් කියලා. හැබැයි එතකොටනම් කට්ටියම බය වුණා. කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. එතකොට අපි පොඩි ළමයිනෙ. හැබැයි දැන් එහෙම එයාව හම්බ වුණානම් දාල පෙන්නන්න කියනවා

    ReplyDelete
  31. Chanaka Aruna Munasinghe ට
    ස්තුතියි මකරයියා ප්‍රතිචාරයට.

    කවුද අප්පේ ඔය දේශකයා ? ඒත් කරුමෙට වගේ මුඛ බන්ධනය හරියට වුනා නම් :) :) එයා මොකක් ගැනද දේශනය කරන්නා ආවේ ?

    කොහොමත් ඔය වගේ දේශකයා එන්නෙත් පොඩි එවුන්ට අනම් මනම් කියන්න තමා. ලොකු කොල්ලොත් එක්ක සෙල්ලම් දාන්න අමාරුයි කියලා එයාලා දන්නවා

    ReplyDelete
  32. [[Tharindu said..
    2. "පෙර එක් අඟනක් එක් එලු දෙනකගෙ හිස සිඳා - සියොලඟ ලෝම ගණනේ හිස් ගැසුම් ලදා." එලුවෙක්ගේ බෙල්ල කපපු පවට ඇඟේ ලෝම ගානට හිස් ගැසුම් කන්න උනාලු. මිනිස්සු ලක්ෂ ගානක් මරපු අශෝක රජතුමාට එච්චර අවුලක් වෙලා නෑ නේද ? ආපහු මනුස්ස ලෝකෙට ඇවිත් ඔය නියමෙට ජීවිත කාලෙම ගත කරල තියෙන්නෙ ?]]

    අශෝක රජතුමා මිනිස්සු ලක්ෂ ගානක් සියතින්ම මැරුවද? යුද්දයකදී සතුරු සෙබලෙක් මැරෙන වාරයක් වාරයක් ගානේ යුද්දයට අණදුන් කෙනාට මරණ චෙතනා අතිවෙනවද? එසේ නොවී ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්න පුලුවන්ද? කිසියම් යුද්ධයක් සදහා අණදී එමයුද්ධය නිසා දෙපැත්තේම සෙබලු ලක්ෂ ගනනක් මියයෑමත්, මිනිසුන් ලක්ෂ ගනනක් පෙල ගස්වා සියතින්ම ගෙල සිඳ මරාදැමීමත් අතර වෙනසක් නැද්ද? සරත් ෆොනසේකා මහතාට කොපමන කල් නිරයේ ඉන්න සිදුවේද?

    ReplyDelete
  33. mata mathaka widiyata ..kewe na anika mata daham pasal yanna labune 2years witharaine mata dawas 3k yanna bariwela mawa loku hamuduruwo ain kalane...... shashi

    ReplyDelete
  34. Ran ට
    මමත් මම දන්න දෙයක් එකතු කරන්න කැමතියි. මම දන්නා විදිහට නම් ප්‍රාණ ඝාතය කරන්න අනුබලයක් දීමත් පවක් තමා.

    ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයේදී කියන විදිහට උදාහරණයක් විදිහට ප්‍රාණඝාතය ගත්තොත් මම සතුන් මරන්නේ නැහැ, සතුන් මරවන්නෙත් නැහැ, මරන්න අනුබලයක් දෙන්නෙත් නැහැ ආදී වශයෙන් සමාදන් වීමක් තියෙනවා.

    කොහොම නමුත් කලින් comment කරලා තියෙන ඉන්දික උපශාන්ත අයියා කියපු විදිහටම ධර්මය ගැන මනා වැටහීමක් තියෙන කෙනෙක් මේවාට් සම්බන්ධ නොවෙන එක ලොකු ගැටළුක්.


    shashi ට
    අයියෝ අපරාදේ මේ ලොකු හාමුදුරුවෝ නිසා ළමයක්ගේ දහම් අධ්‍යාපනේ එහෙම් පිටින්ම කඩා කප්පල් වුණානේ. දැන් ඉතින් ලොකු හාමුදුරුවන්ට දොස් කිය කිය ඉන්නේ නැතිබ ධර්ම පොත්පත් ආදිය කියවලා පුලුවන් විදිහට ධර්මාවබෝධයක් ලබා ගන්න උත්සහ කරන්න.

    ReplyDelete
  35. Mamath iskole arenna kalin oka kiyala thamai gedara giye. Hebei e oya gaathawe teyruma mokakda kiyala melodeyak nodena. Ithin thurunuwan pehedeemakin newei paarey thotey giye. Monaahari wela malaanam sorry.com thamai!!!

    ReplyDelete
  36. Sac's Photography ට
    කමක් නැහැ මිත්‍රයා ඔය කාලේ මමත් එහෙම තමයි.

    මම හිතන විදිහට ලංකාවේ ඉන්න බහුතරයක් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඔය ගාථාවල තේරුම තියා ඔය ගාථා 3 නිවැරදිව කියන්නවත් දන්න අය නෙමෙයි.

    පොඩි කාලේ ඉදන්ම කනට ඇහුන දේ ගිරවා දාලා ගිරවෙක් වගේ කියවනවා.

    තරිඳු අයියගේ පෝස්ට් එක දැකලා ඒක ගැන හොයනකම් මාත් එහෙමමයි.

    ඔයා දැන් හරි කරුණු කාරණා දැනගත්තනේ. ඒක ගැන සතුටුයි

    ReplyDelete
  37. Hasitha ට,
    ප්‍රාණ ඝාතයට අනුබල දීමත් පවක් බව ඇත්තයි. නමුත් මගේ ප්‍රශ්නය නම්, එය ප්‍රාණ ඝාතය තරම්ම පවක්ද යන්නයි. කරුනු සියල්ල සම්පූර්ණ වෙන්නේ නැත්නම් එය සම්පූර්ණ්යෙන්ම ප්‍රාණඝාත අකුසලයක් වන්නේ නෑ නේද? අනෙක් අතට යුද්ධයකට අණ දෙන්නේ භූමිය අල්ලා ගැනීමේ ලෝබ කම නිසා මිස මිනිසුන් මැරීමට අසා නිසා නොවේ. ඒ නිසා මගේ මතය නම් යුද්ධයකට අණදීම පව්ක් වුනත් එය සියතින් මිනිසුන් ලක්ෂගනනක් මරා දැමීමේ පවට වඩා ඉතා කුඩා පවක් බවයි.

    මහචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ පව් කරන්නන් සම්බන්දයෙන් කල පරීක්ෂණයෙනුත් ඒවගේ දෙයක් කියවෙනවා. පරීක්ෂනයට සහභාගීවූ මස් කඩවල සතුන් මරන්නන් සියලු දෙනාම මරන මංචකයේදී දැඩිලෙස දුක් විඳ මියගිය නමුත් එම මස්කඩවල අයිතිකරුවන්ට එතරම් දුක්ඛිත ඉරනමක් අත්වුනේ නෑ.

    ReplyDelete
  38. මේ ලිපිය සහ එහි ප්‍රතිචාර කියවා නොදන්නා බොහෝ දේ දැන ගතිමි... ඔබට ස්තූතියි මල්ලි.
    මෙන්න මේ විදිහට තමා සාකච්චා යා යුත්තේ.......

    ReplyDelete
  39. Ran ට
    ඔබේ කතාවෙත් ඇත්තක් තියෙනවා. ප්‍රාණඝාතයක් වෙන්න නම් කාරණා 5 ක් සම්පූර්ණ වෙන්න ඕනෙ.

    1. ප්‍රාණියෙක් වීම.
    2. ප්‍රාණියෙක් බව දැනසිටීම.
    3. ප්‍රාණඝාතයට උපක්‍රමයක් සැලසුම් කිරීම.
    4. එම උපක්‍රමය ක්‍රියාත්මක කිරීම.
    5. ප්‍රාණියා මිය යාම.
    [මට මතක විදිහට]
    මේ කරුණු 5 සම්පූර්ණ වුනාම ප්‍රාණඝාතය වෙනවා කියන්නේ

    ධර්මය ගැන වැටහීමක් තියෙන කෙනෙක් වෙතට මේක යොමු කරවලා උත්තරයක් හොයා ගන්න උත්සාහයක් දරන්නම්. ඒක හැමෝටම උදව්වක් වෙයි.

    කොහොම වෙතත් මේ ආකාරයෙන් අදහස් දැක්වීමට ගැන ඔබට ස්තුතියි :) :) :)

    kumaraya ට
    ස්තුතියි අයියා අගය කිරීමට. ඒ වගේම තවත් මේ වගේ කරුණු ගැන ලිපි ලියන්න ඒක ලොකු හයියක්.

    ඇත්තටම මටත් පුද්ගලිකව සතුටුයි මේ සාකච්ඡාව යන ආකරය ගැන. කාගේවත් පුද්ගලිකත්වයට ගරහන්නේ නැතිව. අනෙකාගේ ගරුත්වයත් රැකෙන ආකාරයෙන් මේ සාකච්ඡාව අරගෙන යාම ගැන දාපු හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. :)

    ReplyDelete
  40. Asoka rajjuruwanta maranaasanna welawedi pawansalamin innakota oya eka awaanak ange wedunama wairayak ethi unalu. ee waira sithuwillen merila eelanga bhawaye himaalaye pimburek wela upanna kiyala haamuduru namakda koheda kiyanawa mama ahagena... oowaye eththa neththanam mama dan nehe oon... :)

    ReplyDelete
  41. @sacsphotography

    ඒක ඇත්ත අයියා සමහර කරුණු කාරණා අපේ බුද්ධි මට්ටමට ඉන්ද්‍රියන්ට ගෝචර නොවන මට්ටමක තියෙන්නේ පුලුවන්

    ReplyDelete
  42. හැමදාම දහම්පාසල් ඇරිල ගිරවු වගේ මේ ගාතාව කියෙවුවට අද තම හරියට තේරුම දැනගත්තෙ.

    ReplyDelete
  43. @කස්සා

    මම කරපු වැඩේ ප්‍රතිඵල තියෙනවා කියලා දැනගන්න ලැබුණු එක ගැන සතුටුයි. ස්තුතියි සහෝ අදහස් දැක්වීමට

    ReplyDelete
  44. Hrima Lassani Oyata godak pin Malli.... Mege suba pathim... Mata godak santhosa hithuna dan kale thruna lami ge nirmanthmaka bawaya.... :D

    ReplyDelete
  45. @Vathsala

    ස්තුතියි අක්කේ. අපි ඉතින් නිති පන්සිල් පෝය අටසිල් කට්ටියනේ :))

    කොහොම වෙතත් බුදු දහමේ ඉගැන්වෙන මූලික දෙයක් වෙන "යෝනිසෝ මනසිකාරය" එහෙමත් නැත්නම් "එළඹ සිටින සිහිය" තමන් ඒ ඒ අවස්ථාවේදී කරන්නේ මොකක්ද කියන එක ගැන තියෙන අවබෝධය ලබාගන්න අපි හැමෝම මහන්සි වෙන්න ඕනේ.

    ඒ යටතට මේකත් ගන්න පුලුවන්. කියන්නන් වාලේ කියන්නේ නැතිව තේරුමක් ඇතිව වැඩ කරන්නයි බුදු දහමේ උගන්වන්නේ

    ReplyDelete
  46. මමත් සා.පෙළ කාලේදී ඉස්කෝලේ ඉවර උනාම ඕක කියෙව්වා.හැබැයි මට නම තෙරුවන් ගැන කිසිම පැහැදීමක් ඇති වුනේ නෑ.හේතුව මම මේකේ තේරුම දැනගෙන හිටියේ නෑ.මොකද අපේ ඉස්කෝලේ හිටපු හාමුදුරුවෝ දවසක් කිව්වා ඉස්කෝලේ ඉවර උනාම ඔය ගාථා ටික කියන්න කියලා.හැබැයි ඒ මොකද්ද කියලවත් අපිට කියල දුන්නේ නෑ.අන්තිම පීරියඩ් එකේ ඉන්න ටීච කටවල් දිහා බලාගෙන ඉන්නවා ඔය ගාථා කියන්නේ නැත්තෙ කව්ද කියල අල්ලගන්න.ඊට පස්සේ පලු යන්න බනිනවා.ඉතින් මමත් බයටම අනිත් උන්ගේ කටවල් දිහා බලාගෙන ඕක කට පාඩම් කරගත්ත.හැබැයි තේරුම දැනගත්තේ නෑ.මට ඕක ඇහුනේ 'සප්ත මානවක ගථා' කියලා.ඉතින් මමත් හිතුවා මේකේන කියවෙන්නේ මිනිස්සු හත් දෙනෙක් ගැන වෙන්න ඇති කියලා. අර 'රෝමානු ජේසු' කෑල්ල ඇහුණාම හිතුනා මේකෙන් කියවෙනවා ඇත්තේ එක එක ආගමික නායකයෝ ගැන කියලා.මම දැන් විශ්වද්යාලයේ. ඒ වෙනකන් මම ඔය ගථා ටිකේ තේරුම හිතාගෙන හිටියේ ඔය විදිහට.ඕකේ හරි තේරුම ඉගෙන ගත්තේ ලගදි රේඩියෝ එකේ බණ අහද්දී. ගුරුවරු ළමයින්ට ඕක බලෙන් කට පාඩම් කරවනවට වඩා එකේ තේරුම පැහැදිලි කරලා දෙන්න උත්සාහා කරනවානම්, මම වගේ හුඟක් ළමයි සැබෑවටම හිත පහදවා ගනී. :)

    ReplyDelete
  47. @Malan

    ඇත්තටම බුදු හාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට වැඩ කටයුතු සිදු වෙනවාද කියන එක ගැන ඇත්තටම හිතලා බලන්න වෙනවා. ගිරා සිස්ටම් එකට මේ ගැන කියවනවා ඇරෙන්න අවබෝධයෙන් යුතුව ඡත්ත මානවක ගාථා ගායනා කිරීමක් වෙනවද කියන එක ගැටළුවක්.

    පොඩි ළමයින්ට මේ ගාථාවල තේරුම් බර වැඩිවෙන්න පුලුවන්. ඒත් කතන්දරයක් විදිහට මේ ගැන ළමා හිත්වල දෙන්න පුලුවන් නම් තුනුරුවන් ගැන ශ්‍රද්ධාවක් ළමයින්ගේ හිත්වල ඇතිවෙයි.

    එහෙම නැතුව කිව්වේ නැත්නම් ගුරුතුමියගෙන් බැනුම් අහන්න හරි ගුටි කන්න වෙනවාට හරි මේ ගාථා කියනවා නම් ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේකුත් නැහැ ළමයි ද්වේෂයෙන් තමා ඔක්කොම කරන්නේ

    ReplyDelete
  48. මම මේ කතාව ටිකක් විතර වෙනස් විදිහකට අහල තියෙනවා. ‍ඔය ජිනරාජදාස කියන්නේ ආනන්ද විද්යාකලයේ පළමුවැනි ශිෂ්යහයාලු. ඒ කියන්නේ ඇතුළත්වී‍මේ අංකය 000001. විදුහල්පති හැටියට හිටියේ ලෙඩ් බීටර් කියන පියතුමා ලු. ඒ පියතුමාත් යම් විදිහකට හිත දියුනු කරපු කෙනෙක් ලු. ඒ නිසා තමයි ළමයා‍ගේ පෙර භවය ගැන හොයල බලල තියෙන්නෙ.
    කොහොම වුනත් කතාවෙ ඇත්තක් තියෙන්න ඕනෑ. මොකද කියනවනම් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කියන්න ඔයිට වඩා ගැලපෙන ගාථා තියැද්දි ඔය ගාථා තුනම කියන්න පුරුදු කරන්න මොකක් හරි සුවිශේෂ හේතුවක් තියෙන්න ඕනෑමයි.

    ReplyDelete
  49. @Anonymous

    ලේඩ් බීටර්තුමාත් පරම විඥානාර්ථවාදියෙක් තමා. ස්තුතියි කතාව අපිටත් කිව්වාට.

    බුදුන් දවස ඡත්ත මානවකයාට තමන්ගේ ගමන යද්දී යහපත පිණිස මේ ගාථා ගායනා කරන්න දුන්නු නිසා අදත් ඒ සංකල්පයම පෙරටු කරන් තමා මේ ගාථා ගායනා කරන්නේ

    ReplyDelete
  50. ටිකක් නිවැරදි වෙන්න ඕන.ලෙඩ්බීටර් මහත්තය තමයි පෙර භාවය බලල ඉස්සෙල්ලම අඳුර ගත්තේ. ඊට පස්සේ කාලෙක තමයි බලන්ගොඩ හාමුදුරුවෝ ඉපදුනේ. දෙවෙනි වරට තමයි බලන්ගොඩ හාමුදුරුවෝ මේක ගැන හෙව්වේ ඉන්දියාවේ ගිහින්.නමුත් මේ පොස්ට් එක දාපු එක ගොඩක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. @ Anonymous August 27, 2012 5:50 PM

      ආහ් ඔව් ඔව්. මමත් ඒක පස්සේ දැනගත්තේ. ස්තුතියි දැනුවත් කිරීමට. ලේඩ් බීටර්තුමා දැක්ක විදිහට ජිනරාජදාස කලින් භවයක එයාගේ සහෝදරයෙක් වෙලාත් ඉදලා තියෙනවා.

      Delete
  51. Dharmashoka did not get aroused by the women at that time...The reason kind Dharmashoka reborn as a python is coz he was having too much regretful thoughts about killing lords of monks...upasampadaa wuna bikshun marima gana eyaage hithe loku kalakireemak, dukak anthima mohothe kriyaathmaka wunaalu...that is the reason for him to be born as a python ....King dutugamunu became a beetle because at the last minute he could not finish building the Ruwanvali maha saya....They took him to show the place and at the site, he got sad, regretted for him to not to fulfill his task.....The other thing is, about jaththa manavaka, I need to add something but I am not certain of the accuracy or how accurate of this ....I think, I read somewhere, that jaththa manavaka told someone, yes, he is such and such and after jinadasa, he be reborn seven or six times and the last birth is in an isolated island or somewhere and from there, he be done with his births....that means he was sovan at that time, I am not sure...I bearly can remember where I read this, coz I cant find the sources now, I am trying harder to find the sources, I think it is said by ananda maithree sadu too....I am sorry, merely assumptioning and cannot bring back to memory for the full accuracy limit.....Blessings

    ReplyDelete
    Replies
    1. certain parts you have mentioned were full of lies. King Dutugamunu didn't born as a beetle he could go to one of heavens (tauthisa).

      Delete
  52. පිං සිද්දවෙනවා මේ විස්තර දැම්මට

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................