Sunday, May 23, 2010

ඉවර නැතෝ - ආගිය කවි 2


හැමදාම ලියන ආගිය කතා වෙනුවට පෙරේදා මම ආගිය කවියක් ලිව්වා කට්ටියට මතක ඇති. බලන්න බැරිවුණු අය පටාර් ගාලා ගිහින් බලලා එන්නකෝ.

ඉතින් ඊයෙත් කවියක් දාන්න තමා හිතන් හිටියේ. ඒත් ඔක්කොම වැඩ කොට උඩ ගියා ඊයේ උදේ පාන්දර මගේ දකුණු අතට පත්තෑයෙක් දෂ්ඨ කරලා අත ඉදිමුණු නිසා. ඒ කතාවත් සිරා කතාවක් ඒකත් කියන්නම්කෝ ඉස්සරහට.

මෙන්න ඉතින් අද නිසදැස. මේක මගේ අතින් ලියවෙන්න ඇත්තේ Advanced Level Exam එකත් එක්ක තිබ්බ stress එක ආදී කරුණු නිසා වෙන්න ඇති මගේ හිතේ.

පාඩම් කර ඉවර නැතේ,
ගොටු දුන්නා ඉවර නැතේ,
ගුටි කෑවා ඉවර නැතේ,
ගමන් ගියා ඉවර නැතේ,
පෙම් කෙරුවා ඉවර නැතේ,
ජීවිතයද ඉවර නැතේ.................




මෙන්න ආගිය කවි Series එකේ තුන්වෙනි කොටස "ආගිය කවි ඉවරා.....යි"

18 comments:

  1. aiyath kavi pothak liyala loku uthsavayak thiyandako apith annam. Monava unath a kaviya lassanai

    ReplyDelete
  2. ඇත්තටම උ.පෙ කියන්නෙ තවත් ආරම්භයක් මිසක් අපි කවුරුත් බලාපොරොත්තු වෙන විදිහෙ අවසානයක් නෙමෙයි....විභාගෙ ඉවර වෙනකන් බලන් හිටියෙ නිදහසේ ඉන්න වුනාට ඒක ඉවර වුනාට පස්සෙ තමයි හිතෙන්නෙ ඒ අවසානය තවත් අරම්භයක් විතරයි කියලා......(M.M)

    ReplyDelete
  3. ඔන්න අදත් මුල්ම කමෙන්ටුව මගෙන්........(මං හිතන්නේ....)

    ඇත්තටම හිතල බැලුවොත් ඔය කියල තියෙන කිසි දෙයක් අපි මැරෙන තුරාවට ඉවරවෙන්නෑ නේද?????

    ReplyDelete
  4. අපි නොදන්න පෙම් කිරිල්ල , කිව්වනං බලන්න අපිටත්......

    ReplyDelete
  5. Vinura Malli ට
    කවිය අගය කලාට තැන්කු වේවා මල්ලි. කවි පොත් ලියන්න නම් idea එකක් නැහැ මල්ලී. මේවා ලියන්නම් වාලේ ලියන කවි මිසක් සිරා කවි නෙමෙයි නේ [මම හිතන විදිහට].

    ඒ වගේම අමුතුවෙන් උත්සවවලට ඔයාලා එන්න ඕනෙත් නැහැනේ. මේ බ්ලොග් අවකාශෙට කවි ලියනවා කියන්නේ ඉතින් ඔයාලටම තමයි ලියන්නේ.

    Anonymous ට
    ඔයාටත් සිරා නේ තියෙන්නේ M.M . කවි ලියන්න, බ්ලොග් එකක් පටන් ගන්න වගේ idea එකක් නැද්ද?.

    කොහොම වුණත් අවසානය අවසානයක් නොවේ එය තවත් ආරම්භයකි කියන්නේ මේ නිසා වෙන්න ඇති. පොදුවේ ගත්තහම මුළු ජීවිතේම අවසානයක් තියෙන දෙයක් හිතාගන්න අමාරුයි.

    හා පැටික්කි (MS)ට
    හා පැටික්කි ටිකක් ප්‍රමාදයි. ඒකට මොකද හොඳ හිතින් ආව නොවැ. ඔක්කොටම වඩා ඒක මදැයි. පහුගිය දවසක වෙච්ච හුටපටයක් නිසා මම මේ දවස්වල comments moderate කරනවා නොවැ ඒකයි හේතුව.

    මේ අවසානයක් නොමැති සසරේ සත්වයා මැරි මැරී ඉපදි ඉපදි ගමන් කරන නිසානේ බුදුහාමුදුරුවොත් කිව්වේ අප්‍රමාදීව කටයුතු කරලා නිවනට මග සලසා ගන්න කියලා :)

    Theekshana Weerasinghe ට
    ඕන් ඉතින් අයියා පටන් ගන්න හදනවා ආයේ එකක්. එහෙම එකක් තියෙනවා නම් මම නොකිය ඉන්නවද මේ ආගිය ඇත්තන්ට.

    ඕන් ඒ ජාතියේ කතාවක් නම් මේ පහුගිය සතියක මම කිවා බලන්නකෝ

    http://aagiyakatha.blogspot.com/2010/05/bus_20.html

    ReplyDelete
  6. උඹ කියන්නේ ඔය දේවල් තව ආත්ම කීයක් කොරන්නද බං!!!!මේ ආත්මෙම නිවං ගියානං ගොඩ :)

    ReplyDelete
  7. ජංජාල චාමර ට
    කොහෙද පේන්න තියෙන දිහාවක් හරි යන්න පුලුවන් දිහාවක් නම් මම මෙලහකට මොන දහං ගැටයක් දාලා හරි ගිහින්. ඒත් එහෙම බැහැනේ බන්.

    ReplyDelete
  8. ඔව් ඉතින් අයියෙ අපි කවද කියල ඕව ඉවර කොරන්නයැ.....එහෙම කරලත් බෑනෙ

    අයියට මරු කවි සිතුවිලි නෙ පහල වෙන්නෙ...එල එල ඔහොම යන්...අර පත්තෑය කෑව සිරා කතාවත් ලියල දාන්න

    ReplyDelete
  9. හසිත ජයසූරිය ට
    ඒක තමා මලයා මෙව්වා කවදා ඉවර කරන්නද මන්දා. A/L කාලෙනේ ඒකයි සිරා සිතුවිලි ආවේ.

    පත්තෑයා කාපු එක ගැන සිරා කතාවක් තියෙනවා කිව්වට දැන් නම් සිරා නෑ වගේ. මොක්ද තාමත් ලාවට වගේ අතේ ඉදිමුම තියෙනවා ඒක අඩුවුණේ නැහැ..........

    ReplyDelete
  10. බ්ලොග් එකක් පටන් ගන්න අදහසක් තිබුනත් ඒක දිගටම කරගෙන යන්න බැරි වෙයි....ඒකයි පටන් ගන්නෙ නැත්තෙ...අමාරුවෙන් හරි හිත හදාගෙන ගෙදරට වෙලා මේ දවස් ටිකේ ඉන්නෙ ආයෙත් මේ වගෙ නිදහසේ ඉන්න කාලයක් ජීවීතේටම එන්නෙ නැති නිසයි
    අයියා ඒ ගැන මටත් වඩා හොදට දන්නව ඇතිනේ......(M.M)

    ReplyDelete
  11. Anonymous M.M ට
    එහෙම හිතන්න එපා. ඔයා බ්ලොග් එකක් පටන් ගත්තොත් හැමදාම මොනවා හරි ලියන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. මම නම් කියන්නේ ඔයා බ්ලොග් එකක් පටන් අරගෙන පුලු පුලුවන් විදිහට ලිව්වොත් තමා හොඳ. අපිත් ඕන sup එකක් දෙන්නම්.

    "මේ වගෙ නිදහසේ ඉන්න කාලයක් ජීවීතේටම එන්නෙ නැති නිසයි. අයියා ඒ ගැන මටත් වඩා හොදට දන්නව ඇතිනේ......"

    එහෙම නිදහස් කාලයක් මට නම් කවදාවත් තිබ්බේ නැහැ. O/L exam ඉවර වෙලා ඊට පහුවෙනිදා ඉදන් නැවතත් scouting වැඩවලට set වෙලා පොළොන්නරුවේ තිබ්බ scouting camp එකකටත් මම ගියා. ඉතින් 2006 ජූනි ඉස්කෝලේ පටන් ගන්නකම් සතියට දවස් 3 හෝ 4 ක් සමහර විට දවස් 5 වගෙත් මම ඉස්කෝලේ ආවා scouting වැඩවලට.

    A/L exam ඉවර වෙලා සැප්තැම්බර් මම අපේ ඉස්කෝලේ Senior Prefect කෙනෙක් වුණා. ඒකටත් සතියේ දවස් 5 ම වගේ උදේ ඉදන් හවස් වෙනකම්ම ඉස්කෝලේ ඉන්න වුණා duties වලට. ඒකේ වැඩ කටයුතු ඉවර වුණේ නිල වශයෙන් 2009 දෙසැම්බර්. ඒ වෙද්දී මට කැම්පස් එහෙමත් පටන් අරන් තිබුණේ. [කැම්පස් පටන් ගත්තේ ඔක්තෝබර්]

    ඒ වගේම මම අර කලින් කිව්ව විදිහට 2005 දෙසැම්බර් ආයි පටන් ගත්ත scouting වැඩ 2008 මැයි ඉදන් අගෝස්තු වෙනකම් A/L නිසා යන්නේ නැතිව ඉදලා A/L ඉවර වුණාම ආයි පටන් අරන් ඒකේ වැඩ කටයුතු ඉවර කලේ 2009 ඔක්තෝබර්වල.

    ඉතින් මට නම් කවදාවත් exam එකක් ඉවර වෙලා free එකේ ඉන්න නම් හම්බුණේම නැහැ. ඒත් campus එකේ 1st sem exam එක ඉවර වෙලා අපිට නිවාඩු හම්බුනා. ඒ නිවාඩුවේදී තම මේ බ්ලොග් එකත් පටන් ගත්තේ.

    ඒක නෙමෙයි M.M. ඔයා මාව දන්න කියන කෙනෙක්ද ?

    ReplyDelete
  12. Nice work hasitha. Theekshana Ayya is not lying. Why don' to you write something about that. I mean, there is nothing to loose...

    Good Work any way.keep it up.

    ReplyDelete
  13. මේ දවස් ටිකේ ගිය ආගිය කවි series එකේ අන්තිම එකත් දැම්මෝ. ගිහින් බලලා comment එකක් එහෙම දාන්ඩෝ.............

    http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_24.html

    ReplyDelete
  14. Isuru Nanayakkara ට
    තැන්කු වේවා මචන් comment එකට. උඹ හොඳටම දන්නවානේ ඔයා subject එකට අදාල පරණ කතා කියන්න මම හරිම අකමැතියි කියල නැතිකරගන්න දෙයක් නැති වුණත්.

    ඕන්නම් ඔය subject එකට අදාල වෙන අළුත් කතාවක් කියන්න නම් පුළුවන් [එහෙම එකක් වුණදාට. තාම pending:)]

    ඒ වගේ ගාවින් යන කතාවක් මම මේ ලඟදී කිව්වා. බලන්නකෝ

    http://aagiyakatha.blogspot.com/2010/05/bus_20.html

    ReplyDelete
  15. මගේ comment එකට මෙච්චර දිග reply එකක් දැම්මට අයියට ගොඩක් ස්තුතියි..!! ඔයාට එහෙම නිදහසේ ඉන්න කාලයක් තිබුනෙ නැති වුනාට ඔයා කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තියෙනවනේ..ඒක ගොඩක් වටිනවා......මට නම් කැම්පස් පටන් ගන්නකන් බලන් ඉදල එපා වෙලා තියෙන්නේ....කොහොම වුනත් මගේ කාලය දැන් ආගිය කතා සහ තවත් ඒ වගේ කතා කියවන්න වගේ වැදගත් දෙයකට ගත කරන්න ලැබීම ලොකු සතුටක්.......(M.M)

    ReplyDelete
  16. Anonymous ට
    ආහ් ඔය නංගිත් කැම්පස් පටන් ගන්නකම්ද ඉන්නේ ? A/L වලට නංගි මොනවද කලේ ?

    කොහොම වෙතත් කැම්පස් පටන් ගන්න තව කල් තියෙනවානේ ඔයා මොරටුවේ නම් යන්න ඉන්නේ ජූලි වගේ වෙද්දී පටන් ගනී. ඒත් අනිත් කැම්පස් නම් පටන් ගද්දී අඩුම ගාණේ අගෝස්තු හෝ ඊටත් පහු වෙයි.

    ඒ ටිකට හරි ඔයාගේ අදහස්, කතා අපිට කියවන්න බ්ලොග් එකක් පටන් ගන්න පුළුවන් නේ :)

    ReplyDelete
  17. Anonymous M.M ට
    "කොහොම වුනත් මගේ කාලය දැන් ආගිය කතා සහ තවත් ඒ වගේ කතා කියවන්න වගේ වැදගත් දෙයකට ගත කරන්න ලැබීම ලොකු සතුටක්"

    ආගිය කතා කියවීම වැදගත් දෙයක් ලෙස සැලකීම ගැන මගේ ප්‍රණාමය :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................