Sunday, February 17, 2013

exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි


exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි. 

විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා exam එකට පාඩම් කරන්න කියලා ලැබෙන study leave සති දෙකෙත් බයිලා ගගහා ඉන්න අපි 4 දෙනා අන්තිමට පාඩම් කරන්න set  වෙන්නේ exam එක පටන් ගත්තාම කියන එක. දෙයියනේ කියලා හැම පාරම අපේ exam time table එක හදන දෙයියා අපේ exam time table එක හදන්නේම හැම paper එකක් මැද්දට අඩුම ගාණේ සතියකවත් gap එකක් තියලා. 

ඉතින් මේ විදිහට papers මැද්දෙන් gap එකක් විදිහට තියෙන කාලේ අතරතුර  අධ්‍යාපනික ගැටලු ගැන sms, දුරකතන සංවාද යනවා වගේම පුරුදු තැටිය වෙන බයිලා වාදනත් නොයනවා නෙමෙයි.

මටත් මේ දවස්වල පොඩි කික් එකක් ගිහින් exam stress නිසාම පොඩි කවියක් නිර්මාණය කළා.

පංච මහා බලවතුන්

පස්සේ නිකම් ඉන්න බැරුවට අනිත් උන් තුන් දෙනාටත් මේ කවිය sms කළා. අනිත් උන් තුන් දෙනාගෙන් කවියට බර, කවියට හිතැති, කවිකාමී ස්වීටාගෙන් තමා කවියෙන්ම උත්තර ආවේ. අන්තිමට මේ කවි sms කිරිල්ල කවි මඩුවක් කවි හටනක් වෙලා තමා නතර වුණේ. 

ඔන්න ඉතින් ඒ කවි මඩුව, කවි හටන තමා මේ තියෙන්නේ.

මම
පාඩමට තම සිත
නිතර යොමු කරනා අය
ගනී හොඳ ප්‍රතිඵල
ඔවුන් සැමවිට යන්නේ ඉහළට

ස්වීටා
සැණෙකින් මෙසේ පවසමි ඔබෙ පණිවුඩය අසා
ලීවෙමි මිතුර මහ රෑ නිදි කිරන නිසා
කොපමණ කළත් නොකළා මෙන් දැනෙන නිසා
නින්දක් දාන්නයි හිතුවෙ පොත පසෙක තියා 

මම
සරසවි සිසුන් හර මාරයා විභාගයයි
මාරයා සමඟ එන්නේ මර නින්ද තමයි
මාරය පැරදුමට සවි බල ලැබගන්නයි
මම නිති පතමි අප සැම මින් ගොඩයන්නයි

ස්වීටා
ඉන්නේ කොහිද බැලුවෙමි නිදි ගැට පිසදා
බැලුවම මතක් වුණි පැදුරේ බව විමසා
කියවා ඔබගේ කවි සිතුවිලි සකි හසිතා [ඕන් මූ එළිසමය රැක්ක හැටි]
බැලුමට දුවමි පොත් විභාගෙ සතුට පතා 

මම
කදිමයි මගේ මිතුරාණනි කවි මඩුව
[ඉතුරු පද ටික මට ආවේ නැහැ]

මම
කෙලෙසද ඔබේ පාඩම් කටයුතුවල තත්වේ
මේ පේපර් එක මහ ඇණයක් වීලා ඇත්තේ
තාඹු, නෝබා දෙදෙනත් මෙහිදී හිරවී ඇත්තේ [මේ අපේ අනිත් උන් දෙන්නා]
හොඳ පාඩම් අපිටත් මේවා කියමින්නේ

ස්වීටා
පාඩම් පසෙකලා කාමරයක් අස් කළෙමි
පාඩම් කරන්නට හිත නෑ කම්මැලෙමි [මූ හදන අලුත් වචන :D]
කුමක් කොරන්ටද මට දැන් නොතේරෙමි
බැඳගත් බෙරේ ගසමුකෝ අපි හීනියෙනි

මම
අපි පොරවල් යැයි නිරතුරු සිතුවාට
අපි කොර වෙන්නේ මේ වාගේ වෙලාවට
දවසක් දෙකක් තව ඉතුරුව තිබුණාට
බැරි දේ පුලුවන්ද දත් මිටි කෑවාට 

ස්වීටා
කුමක් කරන්නද යාලුවේ අපි මේවා
කරමු කොහොම හරි ඩම් එක ෆුල් දාලා
සැමදා කෙල වුනත් ඒ ගැන නොසිතාලා
පෙන්වමු අපිත් exam එක ගොඩ දාලා

මම
නිතර talk දෙන්නට අපි උපන් හපන්
කවුරුත් සිටින්නේ අපි සැම දිහා බලන්
චා ප්‍රතිඵල ආවොත් නම් හුටං පටං
අපි හට සිදුවේය දුවනට කඩන් බිඳන්

ස්වීටා
එවන් දෙයක් සිදුවන්නේ නැතිවේවා
ගණ දෙවි නුවණ අප සිත් තුළ පෑදේවා
පේපර් එක එළ කිරි වගේ සෑදේවා
සියලු පැතුම් එක ලෙස අපේ ඉටුවේවා

මම
ඒක සැබැයි සැබැයි සැබැයි
ආවඩා ආයු බොහෝ වේවා 

මම
අපි පාඩම් කරනෙමු
විභාගේ ගොඩ දාගමු
හොඳ ප්‍රතිඵල අරගමු
අපෙ වැඩ කිඩ පෙන්වමු

ස්වීටා
මීරිගම ස්විට එළකිරි කවියානේ
අළුයම එකටලු ඌ දොයිය ගන්නේ
උදේ තමයි මැසේජ් එක දැක්කානේ
එළිවැට ගලවාපු කවි නම් මේවානේ

මම
නැත නැත මිතුර මේ කවියත් හරිම අගෙයි
එළිසමයත් මරුවට මෙහි රැකිලා තියෙයි
උදයේ නැගිටේටේ මම මේ දැන්ම තමයි
එන්නම් මචෝ චූ කරලයි තේ බීලයි
[චූ කතා රැල්ලක් නොවේ :D]

ස්වීටා
චූ කරලා තේ බීලා පැමිණීලා
පොත පත අතට ගෙන ඒවා කියවාලා
exam එක ගොඩ දමනට එක සැරසීලා
ලියමුකෝ අපි 6 වෙනිදා සෙට් වීලා

එදා paper එක කොහොම හරි ලියාගත්තය කියමුකෝ. මේ ඊට පස්සේ කවි මඩුව season - 2

මම
අප සැම ලියා ගත්තද අද පේපරය
දුම් විසිවෙන එක එන්නේ දාහතර
ගොඩ දමනට නම් අපි ඒ පේපරය
ගිල දැම යුතුය මහවංසය පොත් පෙළම

ස්වීටා
පුරාතනට මහාවංස පොත් පෙළය
ආණ්ඩුක්‍රම වමාර කයි නූතනය
චන්දන මැතිඳු හා සිල්වා මැතිඳුන්ය
වැලන්ටයින් එක නම් මට නැති සේය 

මම
වැලන්ටයින් ඇත ඒ මුළු දිනය පුරා
අපේ මීටිමත් නිම කරදෙමි කල් නොමරා
වැලන්ටයින් හවසට උඹලා සමරා
අපිටත් පාටියක් දීපන් කළගුණ සිහි කරලා

ස්වීටා
පාටි තමයි සිහිවන විට මට සල්ලි
කෙල්ල නිසා එදාට ලොකු වියදම් මල්ලි
පාටි නෙමෙයි දෙන්නයි වෙන්නේ නෙල්ලි
දුකම තමයි මක් කරමුද අයියෝ සල්ලි

මම
උඹ ගොඩ ගියා අප හට නැත කිසි පාටි
ඉන්නෙත් කොල්ලෝ තිදෙනයි උඹ හට ලේසි
දැන්ම දුන්නොතින් උඹ හට වෙයි වාසි
කල් දම දම හිටපන් උඹ හට දෝදු

ස්වීටා
කනින් කනට ගොස් දැමුවා මා පාටි
කියලා මගේ ඔළුවම කයි කෙල්ලන් සැරසී
[කෙල්ලන් කිව්වේ අපේ batch එකේ අය]
පින්නි, රෝයල්, ලෝටස් සමඟින් පැඟිරී
නොමරා මා කාවි සැකයක් නැහැ රොක්වී

මම
බිය නොම මැනවි මිතුරාණනි කිසි දිනෙක
මේ ගැන කෙළ බිඳක් නොහළමි කිසි දිනෙක
උඹ හට අවැසි නම් දමනට ලොකු පාටි
සංවිධාන කර දෙන්නෙමි සුපිරියට

ස්වීටා
මගේ දෙයියෝ මට නම් ඇවැසි නැත ලොකු පාටි
දීලා කොහොම බේරෙන්නද මුන්ගෙන් පාටි
පාටි පාටි පාටි හැමදාමත් ලොකු පාටි
බලමුකෝ මචෝ පොඩි එකකට එහෙනම් පාටි

මම
පාටි දමන්නේ අපි බන් සතුටටනේ
අනුන් සතුටු කරනා එක හරි හොඳනේ

ස්වීටා
කියලා වැඩක් නෑ සල්ලි යන්නේ මටනේ
කමක් නැහැ මචෝ අපි කොහොමත් ෆිට් එකනේ

මම
ගොඩ ගියේ උඹ නිසයි උඹ හට මේ වියදම්
දැන්වත් උඹට මොළේ පැදුනා හරි එහෙනම්

ස්වීටා
ගොඩ යෑමත් එක පාරයි වෙන්නේ නම්
සල්ලි සල්ලි යැයි නොබලමි කිසිදා නම්

ස්වීටා
මැසේජ් කවි කොටා මා හට පෙළඹූවා
පෙළඹී මාත් පාටියකට හා කිව්වා
ගොඩ ගිය එකෙත් පාපය මට හිමිවූවා
කාට කියන්නද දෙයියනි දුක මෙව්වා

මම
උඹ ගොඩ ගියේ දෙවියන්ගෙන් අසා නෙමෙයි
එහෙනම් දෙවියන්ට මේවා කියන්නේ ඇයි
උඹ පොළඹන්න උඹ පොඩි අත දරුවෙක්යැයි
උඹ හට ඔබින්නේ ඇන්කර් වන් ප්ලස්මයි

ස්වීටා
නෝනා ගියා බණ්ඩේ බලා කුමකටද [බණ්ඩේ-කෙල්ලන්ගේ හොස්ටල් එකක්]
මැසේජ් කෙටුවේ ඒ හම්බුණු ඇසිල්ලට
නැවතත් පැමිණ ඇත ඇය ඇගේ බෝඩිමට
එහෙනම් මිතුර සමුගන්නට අවසරද ?

මම
අවසර ලබාදෙමි ඔබ හට සමුගන්න
දාහතර වෙනිද ආයේ හමුවෙමු ඔන්න
පාටිය දෙන්න දිනයක් බලලා එහෙම
කියපන් මචෝ හැකි විගසින් සැරසෙන්න

ඕන් ඔහොමයි කවි මඩුව/කවි හටන ඉවර වුණේ. 14 වෙනිදායින් එකත් ඉවර වුණා. තාම පාටිය ගැන ස්වීටා සද්දයක්වත් නැහැ :P

ප.ලි.: exam එක වෙලාවෙත් කවි ලියපු මට exam එකට පාඩම් කරද්දී කවි ලියන්න බැරිද :D [තව කතා දෙකකට link නොවන්නේ නොවේ]

ප.ප.ලි.: කාලෙකට පස්සේ මෙහෙම ෆන් කතාවක් ලිව්වමද කොහෙදෝ....

99 comments:

  1. ඉඳපන් නිවී හැනහිල්ලෙ කියවන්ඩ..

    ReplyDelete
    Replies
    1. @ හරී

      අනිවා කවි වුණාම නිස්කලන්කේ කියවන්න ඕනේ :)

      Delete
  2. හිකිස්‌ ... පස්ටයි ඈ...

    ReplyDelete
  3. අහ්හ්... අයියලාගේ එක්සෑම් ඉවරද??..
    එල රිසල්ට් එකක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
    නියම කවි ටික..
    හිහ් හිහ් හිහ්

    ReplyDelete
    Replies
    1. @ Darshana Prabhath

      ඉතිහාසය ප්‍රශ්න පත්තර ටික නම් 14 න් ඉවර වුණා. ඒත් තව පේපර් එකක් මේ 22 තිබුණා මට. රිසල්ට්ස් එද්දී තමා බලන්න වෙන්නේ එලද අජද කියලා :D

      Delete
  4. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      තැන්කු තැන්කු

      Delete
  5. යස කවි සැට් එක.. හසිතා. හයියෝ කරලා තියන දෙයක්.. :)

    එක්සැම් අස්සේ ඉඳගෙන මේ බලවත්තු
    චූ කරමිනුත් දෙයි හැමටම කවි තොත්තු
    හඳුනන හැමෝගෙම හොඳ හිත අර ගත්තු
    පතනෙමු ජය, හැමට ඒ හොඳ හිතවත්තු :):)

    පංච මහා බලවතුන් ගෙන් දකුණේ ඉඳල දෙවෙනි බලවතා හොඳට දැකල පුරුදුයි වගේ නේ. :D විභාගෙන් සුපිරි ප්‍රතිපලයක් ලැබෙන්න ඕන..!

    ReplyDelete
    Replies
    1. @ Chandana

      එක්සෑම් වුවත් කවිකම අමතක වෙන්නෑ
      රිසල්ට්ස් නැතත් අපි නම් ලෙක්චර් යන්නෑ
      වැඩ තිබුණත් බ්ලොග් නම් අමතක වෙන්නෑ
      පෝස්ට්ස් නැතත් කමෙන්ට් එකක් වරදින්නෑ

      දකුණේ ඉදලා ඉන්න ලොකු බලවතෙක් තමා අයියා :D

      Delete
  6. හහහා... ලොවෙත් ඈ! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ වැටෙත් නැහැ ලොවි මුලෙත් නැහැ තොටළඟ කඩෙත් නැහැ :D

      Delete
  7. කාලෙකින් කවිමඩුවක් නෙත ගැටුනෙම නෑ.

    ReplyDelete
    Replies
    1. @ Naleen Dilruksha

      ඉස්සර සයිබර් කවි මඩු කියලා ජාතියක් එහෙමත් තිබුණා. මේ sms කවි මඩුවක් :)

      Delete
  8. හික්ස්! මේ ටිකේ නම් අපිටනම් කවියක්වත් මතක් වෙන්නේ නැති ගානට හිර වෙලා!

    ReplyDelete
    Replies
    1. @ නාඩියා නාඩිරත්න

      අනිවා බුරුල් වුණාම කවි රහක් ඇත්තේම නැහැ. මේ සමහර කමෙන්ට්වලට කවි කොටන්න දැන් අම්බානක කල්පනා කරන්න ඕනේ :)

      Delete
  9. හැක් හැක්! මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය.

    හැබැයි අර ගැප් එක තියලා ටයිම් ටේබල් හදන එක නම් පුදුමාකාර උදව්වක් නැද්ද?

    ඇත්තෙන්ම හැම විභාගෙම එහෙම තමයි කරන්න ඕනෙත්.

    කවියන්ගේ පංච මහා බලවේගයට ජයවේවා.

    හසිත පින්තූරේ දකුණේ ඉඳලා දෙවෙනියා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙමද ? මම හිතුවේ වමේ ඉඳල දෙවැන්නා කියලා..

      Delete
    2. ඔය ඔල්ලෝසුව පෙන්නං ඉන්නෙ.

      Delete
    3. අය්යෝ සෙන්නා...ඔය ඉන්න හැන්ඩියෝ පස්දෙනාගෙන් හැන්ඩිම හැන්ඩියා කවුද කියලා ඔයාට පේන්නේ නැද්ද? :D:D:D

      Delete
    4. රූගෙන් අනුමත වුන පොඩ්ඩිගේ ප්‍රකාශය මත උපකල්පනය;

      සියලු බ්ලොග් කරුවෝ හැන්ඩිම හැන්ඩියෝය
      මමද බ්ලොග් කරුවෙකි
      එමනිසා මමද හැන්ඩිම හැන්ඩියෙකි..

      හෙහ් හෙහ්.. හේ.....

      Delete
    5. @ Dude

      අනිවා ඒවා තමා විද්‍යානුකූල කාල සටහන් කියන්නේ :)

      අපි අතකස වගේ කැසතකස කියලා එකක් පිහිටුවන්න ඉන්නේ :P

      …ඔව් ඔව් අයියා දකුණේ ඉදන් දෙවෙනි එකා තමා මේ බ්ලොග් එක ලියන එකා

      Delete
    6. @ සෙන්නා

      වමේ ඉදන් දෙවෙනියාට ඉන්න බතලයා තමා ස්වීටා කියන්නේ. අයියාගේ ලොජික් එක නම් මරේ මරු ආහ් :D

      Delete
    7. @ හරී

      හරියට හරි අයියා. කොහොමද අඳුරගත්තේ ?

      Delete
    8. @ Podi Kumarihami

      ඔන්න ඔන්න ඉතින් අපේ එවුන්ට කියලා මට බැස්ටියක් සෙට් කරන්න යනවා :P

      Delete
  10. මෙදා සැරේ කවියෙන්ම දෙයි වගේ හිස්ට්‍රි....

    ReplyDelete
    Replies
    1. @ වෙද ගෙදර මහ වෙදනා

      කවීය්න් නෙමේ ගාථාවෙන් තමා හුඟක් වැනුවේ

      Delete
  11. අපරාදේ අර ෆොටෝ එක ලස්සන වෙන්ට ගෑනු ලමයෙක් , දෙන්නෙක් හිටියා නම්. එහෙනම් ඔය කවි මඩුව එක්කෝ ලස්සනවෙන්ට තිබුනා. නැත්නම් වෙන විදියේ කවි ලියවෙන්ට තිබුනා...:D:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      කෙල්ලෝ ගත්තා නම් ෆොටෝ එක ලස්සන වෙන්නේ නැහැ. තියෙන ලස්සනත් බහිනවා. ඒක නිසා තමා පිටි පස්සෙන් තියලා තියෙන්නේ.

      කවි මඩුවට කොහේ කෙල්ලෝ එන්නද ? උන් දෙලොව රත්වෙලා පාඩම් කරනවා. අපි වගේ ෆන් එකේ ඉන්නේ නැහැ :D

      Delete
  12. මරුනේ..කවි ටික නම් පංකාදුයි..අර ස්වීටා සිංහල ශබ්ද කෝෂයට අලුත් වචන එකතු කරන ගමන් හසිතව මොහොතකට ගැහැණියකුත් කරලා ( හසිතා ) හි හි හී

    ඕං ඔහොමලු මේ ඇත්තන්ගේ කවි මඩුවේ වග තුග..

    ReplyDelete
    Replies
    1. @ ♥ ළිහිණි ♥

      ඌ නම් කිව්වේ එළිසමය රකින්නයි එහෙම කළේ කියලා. අනේ ඌයි මායි දන්න එළිසමය කිව්වලු. කවි මඩුව මතු සම්බන්ධයි. ඊළඟ විභාගේ කිට්ටුව වුණාමත් මෙහේම වෙයි :D

      Delete
  13. කො‌ෙහාමත් විභාග කාලෙට තමයි වෙන වෙලාවට කරන්න හිතෙන්නෙම නැති වැඩ කරන්නම හිතෙන්නේ.. පොත් ලියන්න, කවි ලියන්න, ලියුම් ලියන්න, නිදාගන්න, කාමර අස් කරන්න... හි හි....

    තාම ඉවර නෑ නේ ඔය විභාගේ..??? මෙයා මේ බ්ලොග් පෝස්ට් දාන්නේ... හි හි

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමනෙ.. විභාගෙ කාලෙට ලෝකෙ නැති එව්වා ඔලුවට එන්නෙ..

      Delete
    2. @ හිරු

      මම මේ සටඩි ලීව් කාලේ තමා වැඩිම් ෆිල්ම්ස් ගාණක් බැලුවේ. කම්මැලිකම නිසා වෙන්න ඕනේ මෙහෙම වෙන්නේ.

      14 ප්‍රධාන ප්‍රශ්න පත්තර ටික ඉවර වුණා. 22 අතිරේක එකක් තිබුණෑ

      Delete
    3. @ හරී, වර්ෂා

      මේ සැමට පොදු ප්‍රශ්නයක් ඒ කියන්නේ :D

      Delete
  14. පට්ටයි. කාලෙකින් මෙහෙම දෙයක් අහන්න දකින්න ලැබුනේ

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      …අපි එහෙම තමා. හැමතැනම නැහැ හැමදාම නැහ.ව

      Delete
  15. හසිතත් එහෙනං කවි ලිව්ව...!

    පස්සෙ ආයිත් කියවන්න ඕන බං..!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      කවි ලිව්වද කියලත් අහනවා. කවි වගේ ඒවා ලිව්වා :P

      Delete
  16. ස්ම්ස් කවි නියම වැඩේ අයියේ.දැන් ඔයත් කිවියෙක් එහෙනම්.

    ReplyDelete
    Replies
    1. @ Yasiru Udana

      අප්පෝ නැහැ මලේ තාම කාව්‍යකරණයේ අත්පොත්වත් තියලා නැහැ

      Delete
  17. exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි ???

    ReplyDelete
  18. එක්සැම් ගැන නම් කතා කරලා වැඩක් නැ.... මොනවා උනත් කවි ටික නම් සුපිරි..

    ReplyDelete
    Replies
    1. @ දේවා ගේ අඩවිය

      විභාගේ අභාගේ. ආයි විභාගයක් එනකම් විභාගේ ගැන නෝ කතා :D

      Delete
  19. අඩේ මරු කයි මඩුව...
    ස්විටා අහුබුදුගේ නෑදෑයෙක්ද???????????

    ReplyDelete
    Replies
    1. @ තරියා

      වෙන්ඩ නෑයෙක් මයේ හිතේ :D

      Delete
  20. Replies
    1. @ තරුවා

      මරුද කියලත් අහනවා :D

      Delete
  21. Replies
    1. exam කාලෙට නොකරනම වැඩේ තමයි ඉතින් පාඩම් කරන එක

      Delete
    2. @ සුජියා

      ඒක ඇත්ත. මාතෘකාව විභාගේ තහනම් වචනේ පාඩම් කරන එක :D

      Delete
  22. නියමයි.. නියමයි... කවි ටික නියමයි....

    ReplyDelete
    Replies
    1. @ සමනළී

      කයන්න වියන්න කියන යන අය තමා අපි :D

      Delete
  23. exam කාලෙට stress නැතිකරගන්න ඔය වගේ ආතල් සෙට් වෙනවම තමා :D

    ReplyDelete
    Replies
    1. @ de silva

      ඔව් ඔව්. ආතල් ගත්තත් පාඩමත් කරගන්න ඕනේ. නැත්නම් රිසල්ට්ස් එද්දී ආතල් කුඩු

      Delete
  24. හීනියට ගසන්නට දන්නා ස්වීටා (ස්වේතා?) පට්ට ඩයල් එකක් බව කිව මනාය!

    කියවා ඔබගේ කවි සිතුවිලි සකි හසිතා [ඕන් මූ එළිසමය රැක්ක හැටි]

    හොඳට හිනා වුණා මේකටනං!

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      ස්වීටා අහුබුදු ස්ටයිල් එකට ස්වේතා නේද. ඒකත් නියමයි :D

      කලින් පාරකත් මොකක් හරි එකකට අපි දෙන්නා කරපු කවි හටනක් තිබුණා. ඒක හෙව්වට හම්බුණේ නැහැ

      Delete
  25. දෙන්න හොඳට කවි මඩුව තියාගෙන ගිහිල්ල.. ඉතින් මේ දවස් කියක කවි ද?.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      මේ දවස් 4 ක විතර කවි සංචිතයක්

      Delete
  26. exam කාලේ කවි පිට කවි කිව්වාට
    පොතේ පතේ දැනුම හිතට ගත්තාට
    තබානොගෙන ඒ හැම දේ තමාට
    දෙන්නේ හසිත අපහට එය හැමදාට

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්)

      කෑ දේ ගඳයි දුන් දේ සුවඳයි අහලා
      හැම විට අනිත් අයටත් දීලා කාලා
      දැනුම වුවත් නිරතුරු බෙදලා දීලා
      සිටිය යුතුයි අපි සැම සතුටින් හිනැහීලා

      ස්තුතියි සහෝදරතුමා

      Delete
  27. සුපිරි කවි ටික හසිත.අලුත් සිංහල වචනත් ඉගෙන ගත්ත

    ReplyDelete
    Replies
    1. @ කස්ස

      භාවිතා කරන්නන් අතින්ලුනේ අයියා භාෂාවක් නවීකරණය වෙන්නේ. මේ ටික දවසට බලන්න අපි අතින් කොච්චර නම් බස නවීකරණය වුණාද කියලා :D

      Delete
  28. හික් හික්.....කම්මැලෙමී.........හයියූ ඩොලර්......

    කවි පද මැද්දට ඔයා දාපු විග්‍රහ නිසා පෝස්ට් එක තවත් ලත්තනයි...^_^

    ReplyDelete
    Replies
    1. @ අග්නි ධාරා...

      අනිවා. විග්‍රහය එකතු කළේ නැත්නම් ඉතින් මගේ කට කසනවා කසනවා වගේ :P

      Delete
  29. හ්ම්ම්ම් ඒකයි මේ හිටි හැටියෙ මගෙ බ්ලොග් එකෙ පේලියට සටහන් ඇවිත් තිබ්බෙ.. දැන් ඔලුවෙ බර අඩුද ?

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      ඔව් ඔව් අයියා වෙලාව ලැබුණු ගමන් ඇරියස් අල්ලලා වැඩ කරන්න පටන් ගත්තා. දැන් තමයි හරියටම ඔළුව නිදහස් 22 න් පස්සේ තමා විභාග ඉවරෙටම ඉවර වුනේ. ඒත් වැඩ නම් ඉවර නැහැ. ඒක නිසා බර නැතිවෙන්නේත් නැහැ.

      Delete
  30. අර පොටෝකොපි ඩිග්‍රිය නම් අපිත් කලා හයියෝ..ලෙක්චර්ස් වලට වැඩිය පොටෝකොපි පෝලිමේ ඉන්න ඇති..

    අපූරු කවි මඩුව ඔන්න..
    විභාගෙට සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      අපි කාලයක් විහිළුවට වගේ කිව්වේ අපි කොල්ලේ 4 දෙනා සල්ලි දාලා ෆොටෝකොපි මැෂින් එකක් ගමුද කියලා :D

      ස්තුතියි සුභ පැතුමටත් අක්කේ

      Delete
  31. කවි මඩුව නම් එළකිරි..පංච මහා බලවතුන්ට පිටිපස්සෙන් බලවතියො ටිකකුත් ඉන්නවා පේනවා...

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      බලවතුන් පිටිපස්සේ බලවතියෝ/බවලත්තු තියලා තිබුණාට බලවතුන්ගේ සාර්ථකත්වයේ රහස ඒ බලවතියෝ නම් නෙමේ ඕන් :D

      Delete
  32. අපොයි මචං වැලා දවසෙත් එග්සෑම් ද? කරුමේ තමයි නේ????

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      වැලා දවසේ විභාගේ දලා කොල්ලේ කෙල්ලෝ මළා. පේනවනේ මේ ස්වීටාගේ අඬෝවැඩියාව :D

      Delete
  33. Replies
    1. @ uwiniran

      තාම නැහැ අයියා. ඉදිරියේදී නම් කොහොම වෙයිද දන්නේ නැහැ :D

      Delete
  34. විභාගේ තමයි අපේ අභාගෙ කිව්වෙ නිකමටයැ

    ReplyDelete
    Replies
    1. @ Sumudu weerasinghe

      විභාගේ කිව්වොත් මළා වගේ :(

      Delete
  35. විභාගය සුබ වෙන්ට
    වැරදි ඒවත් හරියන්ට
    ඥාන පටි නොබැලෙන්ට
    අනේ ඔහෙලාට හරියන්ට!

    ReplyDelete
    Replies
    1. @ වර්ෂා ( Rain_Girl )

      ඥාන පටි ගැහුවට - වෙලා නැහැ දිග හැරුමට
      බොරු බයිලා මොකටද - ඥාන පටි නම් නොගසමිය මම

      එකම ප්‍රශ්නය දෙවරක් - බලයි ගුරුවරු දෙදෙනෙක්
      හරි යයිද වරදක් - පේපරය ඒ තරම් ඇණයක්

      Delete
  36. මේකට කයියෙන් උත්තර දෙන්න අමාරුයි. විජමුවෙක් හැටියට පාර්ලිමේන්තු යන්නත් හැකියාව පෙන්නුම් කරනවා.. විභාගෙට කයියෙන් ලිව්වොත් ලකුණු දෙයිද ?

    ReplyDelete
    Replies
    1. @ රාමා

      විජ්ජාවෙන් ජනයා මුලා නොකරමි :D

      අපේ කයිය හරියන්නේ නැහැ අයියා. ප්‍රශ්නයට අදාළ සාහිත්‍ය මූලාශ්‍රයවල කයියක් නම් සළකා බලාවි

      Delete
  37. නියමයිනෙ! වැඩියෙන් කවි අදහස් එන්නෙ විභාග කාලෙට නේද?

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      ඒ කාලෙට අපේ හිත් කවි උල්පත්

      Delete
  38. මෙන්න බලන් හසිතය ගේ කවි සොබනා
    ඇස් ඇම් ඇස් වලින් දැන් කවි කියවෙන්නා
    ස්විටත් අත් නැර කවි පිළිතුරු දෙන්නා
    පාඩම් නොකර මුන් දැන් දැන් බොරු කරනා



    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      කාලෙන් කාලයට නව දේ බිහිවන්නා - කවි කියුමත් නිරතුරු මොඩ් කරගන්නා
      යංග් ජෙනරේෂන් එකයි මේ කවි තෙපළන්නා - sms කවි යුගයක් බිහිවන්නා

      Delete
  39. එක්සෑම් අස්සේ ඔය සතියෙ ගැප් එකනම් හරි ම වටිනවා, අපිත් එක දෙක වසරවල හිටිය කාලේ එහෙම තමයි, හැබැයි පස්සෙ එහෙම නැතිවුණා. කවි ගැන කියනවනම් අපේ කැම්පස් එකේ අයට කවි ලියන්න පුළුවන් විදියෙ fb page එකකුත් තියෙනවා, ඒක නම් මරු! //කම්මැලිමි :D

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      උපෙ කාලේ ඉදන්ම ඔය ගැප් එක තිබුණු නිසා විභාගටවලට නම් එළකිරි වගේ ඒක පිහිට වුණා.

      කැම්පස් එකේ ප්‍රොෆෙෂනල් කවියෝ ඉන්නවා. අපි මේ සුහුඹුල් අයනේ

      Delete
  40. මොනවා කරන්නද කළ කම් පල දෙනවා
    මල්ලියෙ මාත් මෙහෙ ඔය කට්ටම කනවා
    වොන් නියුමාට සොහොනෙත් කිඹුහුම් යනවා
    පේපර් හදන අය නරකාදියෙ යනවා.

    අම්මාපල්ල ප්‍රොපාල අත වරද නැති
    සිලබස් එකම දාලා පේපර් හදති
    අන්තිම සතියෙ පාඩම් කෙරුමට හිතැති
    අපි වැනි කම්මැලියො ලක් එකට ගොඩ යති.

    ReplyDelete
  41. ප්‍රතිපෝෂණයේදී දුටු මා ඇදුරාණෙනි
    හිතුණා කොටන්නට කොමෙන්ටුවක් මෙලෙසිනි
    මගේ එළිසමය ගැන නම් කුමට වද වෙනි
    ඔබෙ කවි මඩුව සුපිරී යැයි මම කියමි

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................