Sunday, February 24, 2013

විෂ්ණුගේ දෙවියන්ගේ පාදයෙන් ඉපදුණු ගංගා නම් ගඟ

 ගංගා නම් නදිය

මේ ළඟදී දවසක assignment එකකට කරුණු වගයක් හොයන්න library එකට ගිහින් විශ්වකෝෂය පෙරලලා බැලුවා. ඒ වෙලාවේ විශ්වකෝෂයේ "ග" අකුර යටතේ බලද්දී හම්බුණා ඉන්දියාවේ දිගම ගංගාව වෙන ගංගා නම් නදිය ගැන විස්තර. හින්දූන් ඉන්දියාවේ සෑම නිර්මාණයක්ම වගේ දේවප්‍රභ සංකල්පය යටතේ විස්තර කරලා තියෙන නිසා ගංගා නම් නදිය ඇතිවීමත් එයාලා ඒ විදිහට හින්දු දේවප්‍රභ සංකල්පය යටතේම විස්තර කරලා තියෙනවා.

මෙන්න මෙහෙමයි කතාව. 

හින්දු දේව විශ්වාසයට අනුව සියල්ලේම ආරම්භකයා වෙන විෂ්ණු දෙවියන්ගේ පාදයෙන් ගංගා නම් නදිය ආරම්භ වුණා කියලා එක මතයක් තිබෙනවා. ඒ වගේමයි තවත් මතයක තිබෙන විදිහට බ්‍රහ්ම විසින් ඉතාමත් ගෞරවයෙන් විෂ්ණුගේ පාද ධෝවනය කරලා ඒ ජලය තමන්ගේ කමණ්ඩලු භාජනයට එකතු කරගන්නවා. ඒකෙන් ගංගා නම් නදිය ආරම්භ වුණා කියලත් කියනවා. 

 කමණ්ඩලු බඳුන

ඒ වගේමයි බ්‍රහ්මගේ කමණ්ඩලු භාජනයේ තිබුණු ශුද්ධ ජලය කන්‍යාවක් බවට පත් වුණු බවත් ඇය ගංගා නමින් හඳුන්වපු බවත් තවත් මතයක් තියෙනවා.

මේ මොනයම් ආකාරයකට හරි ආරම්භ වුණු ගංගා නම් නදිය මුල් කාලයේදී ආකාශයේ ගමන් කරපු ගංගාවක්. යාග හෝම කටයුතුවලට වගේම දෙවියන්ගේ කටයුතුවලට භාවිතා කරපු නිසා මේ ගඟ ශුද්ධ ගංගාවක් විදිහට තමා සැලකුවේ.

ඉතින් රාම රජතුමා [රාමායණයේ හිටියේ] පරපුරෙන් පැවත ගෙන ආපු සගර කියන රජතුමා අශ්වමේධ යාගයක් පවත්වන්න කටයුතු සූදානම් කරමින් හිටියා. අශ්වමේධ යාගය කියන්නේ දිග් විජය කරපු රජවරු තමන්ගේ බලාදිපත්‍ය තහවුරු කරගන්න සිදු කරන යාගයක්. 

 අශ්වමේධ යාගයේදී අසු ගමන් කිරීම[මේක නම් මෑත කාලේ එකක්]

ඒකෙදී සිද්ධ වෙන්නේ රජෙක් තමන් දිග් විජය කරලා අල්ලා ගත්තු ප්‍රදේශය තුළ සුදු අශ්වයෙක්ට නිදැල්ලේ ගමන් කරවන එක. ඒකෙදී අශ්වයා නිදැල්ලේ ගමන් කරන සෑම ප්‍රදේශයක්ම ඒ අශ්වයාගේ හිමිකරුවා වුණු රජතුමාට අයිතියි කියලා පිළිගැනෙනවා. කිසියම් අවස්ථාවක අශ්වයාගේ ගමනට කවුරු හරි බාධා කරනවා නම් ඒකෙන් වක්‍රාකාරව කියන්නේ ඒ පුද්ගලයා අශ්වයාගේ හිමිකරුවා වුණු රජතුමාගේ ආදිපත්‍ය පිළිගන්නේ නැහැ කියලනේ. 

එතකොට නිදැල්ලේ ගමන් කරන අශ්වයා පිටිපස්සෙන් ගමන් කරන රජතුමාගේ සේනාව ඒ බාධා කරපු තැනැත්තා එක්ක යුද්ධ කරලා ඔහුව යටපත් කරනවා. අවසානයේදී අශ්වයා ගමන් ආරම්භ කරපු ස්ථානයට ආපුවාම ඒ අශ්වයාම මරලා අග්නි දේවතාවට පූජා කරනවා වගේම තවත් අශ්වයන් සහ තවත් සතුන්  අග්නි දේවතාවට පූජා කරනවා.[මේ යාගය ගැන ඉතාමත්ව සරලව තමා කියලා තියෙන්නේ. ඒත් මේක හුඟක් සංකීර්ණ චාරිත්‍ර තියෙන යාගයක්]

අශ්වමේධ යාගය

මේ විදිහට අශ්වයා ගමන් කරලා ආපහු එන්න සමහර වෙලාවට ලොකු කාලයක් වුණත් ගතවෙන්න පුලුවන් නිසා මේ යාගය අවුරුදු 12 ක් විතර පැවැත්වුණු අවස්ථා එහෙමත් තිබිලා තියෙනවා. පස්සේ කාලේ නම් සමහර රජවරු පොඩි පොඩි ජිල්මාට් දාලත් අශ්වමේධ යාගය කළාලු :P

ඉතින් ආයි පාරක් කතාවට ආවොත් සගර රජතුමා මේ විදිහට අශ්වමේධ යාගය කරද්දී දිව්‍ය ලෝකයට අධිපතියා වුණු ඉන්ද්‍ර දෙවියා ගින්නට පුදන්න සූදානම් කරලා තිබුණු අශ්වයෙක්ව හොරකම් කරලා පාතාලයේ කපිල සෘෂිවරයාගේ අසපුවේ හංගනවා. 

මේකට හේතුව තමා බ්‍රාහ්මණ විශ්වාසයක් පැවතිලා තියෙනවා නිවැරදිව අශ්වමේධ යාගය පවත්වන රජතුමාට දිව්‍ය ලෝකයේ අධිපතියා වෙන්න පුලුවන් කියලා. ඒක නිසා කවුරු හරි එහෙම අශ්වමේධ යාගය කරද්දී අශ්වයෝ හොරකම් කරන එක ඉන්ද්‍ර දෙවියන්ගේ සිරිතක් වෙලා තිබිලා තියෙනවා. 

ඉන්ද්‍ර දෙවියන් අශ්වයෙක්ම හොරකම් කරලා පාතාලයේ සැඟවීමත් එක්ක ඒ අශ්වයාව හොයාගෙන එන එක භාරවුණේ සගර රජතුමාගේ පුත්තු 60,000 ට. එයාලා පොළව මහා විශාල විදිහට හාරලා පාතාලයට ගිහින් අශ්වයාව හොයාගන්නවා. පස්සේ අශ්ව හොරා කවුද කියලා බලද්දී ඒ ආසන්නයේ භාවනානුයෝගීව හිටිය කපිල සෘෂිවරයාව දැකලා එයා තමා අශ්ව හොරා කියලා හිතපු සගර රජතුමාගේ පුත්තු කපිල සෘෂිවරයාට හිරිහැර කරනවා. 

 කපිල සෘෂිවරයා කුමාරවරු 60,000 අළු කිරීම

මේක නිසා කෝප වෙන කපිල සෘෂිවරයා ඇස්වලින් ගිනිදැල් පිට කරලා රාජ කුමාරවරු 60,000 දෙනාවම පුච්චලා අළු බවට පත් කරලා අහස් ගඟේ ජලයෙන් ඔවුන්ගේ අළු තෙමන තුරු ඔවුන් ස්වර්ගයේ නූපදීවා කියලා ශාප කරනවා. 

එතැන් පටන් ඒ පරපුරේ රජවරුන් ප්‍රධාන අරමුණ වුණේ අහස් ගංගාව ලබා ගැනීම සඳහා තපස් රකින එක. මොකද බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව කවුරු හරි උග්‍රව තපස් රැකලා දෙවියන්ව සතුටු කරනවා නම් දෙවියන්ගෙන් වරප්‍රසාද ලබා ගැනීමේ හැකියාව තිබුණා. කොහොමින් කොහොම හරි අන්තිමට මේ රාජ පරපුරේ භගීරථ කියන රජතුමා තමන්ගේ උග්‍ර තවුස් දම් පිරීමෙන් විෂ්ණු/බ්‍රහ්ම දෙවියන්ව සතුටු කරවන්න සමත් වෙනවා. 

පස්සේ විෂ්ණුගේ/බ්‍රහ්මගේ නියෝගය පරිදි ගංගා නම් නදිය මහ පොළොවට ඇද හැලෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ගම් බිම්, කෙත් වතු යට කරමින් මහා විනාශකාරී විදිහට තමා ගංගාව ගලාගෙන යන්නේ. 

 ඊශ්වරගේ ජටාවට ඇද හැලෙන ගංගා නම් නදිය

මේ තත්වය වළක්වා ගන්න භගීරථ රජතුමා ඊශ්වර දෙවියන්ගෙන් උදව් ඉල්ලා සිටිනවා. ඊශ්වර දෙවියන් අහසින් ඇද හැලෙන ගංගාව තමන්ගේ ජටාවෙන් පිළි අරගෙන වේගය අඩු කරලා මහ පොළොවට ලබා දෙන්න එකඟ වෙනවා. ඉතින් ඒ විදිහට මහ පොළොවට ඇද හැලෙන ගංගා නම් ශුද්ධ නදිය සගර රජතුමාගේ පුත්තු 60,000 විසින් පාතාලයට යන්න හාරපු වළට පිරෙනවා. සගරගේ පුතුන් නිසා ඒක ඇතිවුණු නිසා ඒක සාගර නමින් හඳුන්වනවා. 

මේ නදිය ස්වර්ග, පෘථිවි, පාතාල කියන ලෝක තුනටම ගලා යන එකම ගංගාව නිසා ත්‍රිපත්ගා කියන නමත් භගීරථ රජතුමාගේ උත්සහය නිසා මහ පොළොවට ලැබුණු නිසා භගීරථී කියන නමත් හැරුණාම තව නම් කීපයක්ම මේකට භාවිතා කරනවා. 

විෂ්ණුගේ පාදයෙන්, බ්‍රහ්මගේ කමණ්ඩාලු බඳුනෙන් වගේම ඊශ්වරගේ ජටාවේ ස්පර්ශ වෙලා ගලාගෙන එන නිසා මේ ගංගාව හින්දූන්ගේ පරම පූජනීය ගංගාව බවට පත් වෙනවා. ඒ වගේමයි සගර රජතුමාගේ පුතුන් 60,000 ගේ භෂ්මාවශේෂ ගංගා නම් නදියේ ජලයෙන් තෙමුණු නිසා ඔවුන්ට ස්වර්ගයට යන්න පුලුවන් වුණු නිසා හින්දූන් තමන්ගේ ඥාතීන්ගේ භෂ්මාවශේෂ ගංගා නම් නදියේ ජලයෙන් තෙමලා ඔවුන්ට ස්වර්ග සම්පත් ලබාදෙන්න හින්දූන් පුරුදු වෙලා ඉන්නවා. 

 ගංගා නම් නදියේ භෂ්මාවශේෂ පා කිරීම

හින්දි filmsවලින් භෂ්මාවශේෂ ගංගා නම් නදියේ පා කරනවා ඔයාලා දැකලා ඇතිනේ. films වල නම් එහෙම වුණාට හුඟක් වෙලාවට භාගෙට පිච්චුණු මළ සිරුරු පවා ගංගා නම් ගඟේ පාවෙනවා කියලා තමා කියන්නේ. පින්තූර නම් එමට තියේ. ඕන් මම නම් පෙන්නන්නේ නැහැ

ප.ලි.: කතාව ලියන්න විශ්වකෝෂයේ තිබුණු කතාව වගේම විකියෙනුත් කරුණු අරගෙන තියෙන්නේ.

102 comments:

  1. Replies
    1. @ Anonymous February 24, 2013 at 7:22 AM

      ස්තුතියි :)

      Delete
  2. අතිශ්‍යෝක්තිය ආගම් සාහිත්‍යයේ අනිවාර්‍ය අංගයක් උනාට මේ වගේ වැඩිපුර අතිශ්‍යෝක්තිය පිරුනාම නොපහන් බවක් තමයි හිතට එන්නෙ.

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      මෙහෙම නොපහන් බවක් එන්නේ පිටින් බලන අපිටනේ අයියා. ඉන්දියාවට ආර්යයෝ ආපු මුල් කාලයේ ඉදන්ම එයාලා කළේ ස්වභාවික වස්තුවලට දේවත්වය ආරෝපණය කරපු එක. ඒ වගේමයි දේවප්‍රභ සංකල්පයට අඩංගු කරපු එක.

      ඒ යටතේ මේ සා විශාල ගංගාවක ආරම්භය හිතා ගන්නවත් බැරිවුණු නිසා ඒකට දිව්‍යමය ප්‍රභවයක් දුන්නා වගේම තමන්ගේ පිළිගැනීමේ ඉහළින්ම ඉන්න ත්‍රිමූර්තියම මේකට සම්බන්ධ කරලා මේක තවත් පූජනීය බවට පත් කරන්න ඔවුන් කටයුතු කළා. ඒකෙන් වුණේ ගංගාව ගැන ඔවුන්ගේ හිතේ තිබුණු පහන් බව තවත් වැඩිවුණු එක

      Delete
  3. Replies
    1. @ Lahiru Attanayake

      ස්තුතියි මිත්‍රයා. උඹ නම් ඇත්තටම දකින්න ඇති නේද මේ ගඟ ?

      Delete
  4. එතකොට අර ළඟදී ඉන්දියාවේ තිබ්බ උත්සවය..(කුම්භ....) ඒක තිබ්බෙත් ගංගා නදියේද?

    ReplyDelete
    Replies
    1. @ අනූ

      ගංගා නම් ගඟත් එක්ක යමුනා නදිය එකතු වෙන ස්ථානය හින්දූන් හඳුන්වනවා ප්‍රයාග තීරය කියලා. ඒ භූමිය පූජනීය ස්ථානයක් කියලා තමා ඔවුන් පිළිගන්නේ. ඒ ස්ථානයේදී වසර 14 කට වරක් තමා මේ කුම්භමේලා කියන උත්සවය පැවැත්වෙන්නේ.

      ඒ උත්සව අවස්ථාවේදී ප්‍රයාග තීරයෙන් ස්නානය කරන එකෙන් යහපත උදාවෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා

      Delete
  5. මේ කතාව මමත් අහල තිබුනා රාමායන පොතෙන්. නැවත වතාවක් මතකය අලුත්වුනා

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      එහෙමද මේ කතාව රාමායණේත් තියෙනවාද ? ඒකත් දැනගත්තු එක හොඳා

      Delete
  6. නියම විස්තර ටිකක්...

    ReplyDelete
  7. මල සිරුරු ගැන කිව්ව කතාවනම් මම දැකල තියනවා. මල සිරුරු පා වෙනවා මම දැක්කා ඒ එක්කම ඒ අසල කෙනෙක් තම ශරීරය සෝදනවා. අනේ මන්දා මුන් මැරෙන්නේ ඔය හින්දයි.

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      උදක පාරිශුද්ධිය වගේ සංකල්ප හින්දු දහමත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒක නිසා බොහෝ දෙනා හැමදාම උදේට ගංගා ගඟේ ස්නානය කරන එක සිරිතක්ලු. එහෙම කරද්දී මිනියක් වුණත් පාවෙලා ආවත් ඒක පැත්තකට කරලා ස්නාන කටයුතු කරනවාලු

      Delete
  8. 1.පෝස්ට් එකට ආපු ගමන් දැක්කෙ ගංගා නම් නදිය කියන වචනය.. ඔය වචනය ටිකක් අමුතුයිනෙ.. අපි අනිත් ගංඟාවල් වලට 'මහවැලි ගංඟාව', 'කැලණි ගංඟාව' කියනවා නම් ඇයි මේකට 'ගංඟා ගංඟාව' නොකියන්නෙ.. හැමතැනම ඔය වචනය පාවිච්චි වෙනවා.. මම දැකලා තියෙනවා සමහරු 'ගංගා නම් නදිය ගංඟාව' කියලත් කියනවා.. තව සමහරු හිතන් ඉන්නෙ මේකෙ නම 'ගංඟානම්' කියලා.. බංගලිදේශය තියෙන්නෙ මේ ගඟේ ඩෙල්ටාවක නේද?

    2.assignment = ඇගයීම, පැවරුම
    library = පුස්තකාලය
    films = චිත්‍රපටි

    3."පස්සේ කාලේ නම් සමහර රජවරු පොඩි පොඩි ජිල්මාට් දාලත් අශ්වමේධ යාගය කළාලු :P" ඒ මොනවාද?

    4."සගර රජතුමාගේ පුත්තු 60,000 ට" ඕ..

    5."භෂ්මාවශේෂ ගංගා නම් නදියේ ජලයෙන් තෙමුණු නිසා ඔවුන්ට ස්වර්ගයට යන්න පුලුවන් වුණු නිසා හින්දූන් තමන්ගේ ඥාතීන්ගේ භෂ්මාවශේෂ ගංගා නම් නදියේ ජලයෙන් තෙමලා ඔවුන්ට ස්වර්ග සම්පත් ලබාදෙන්න හින්දූන් පුරුදු වෙලා ඉන්නවා. " අද තමයි අළු ගඟට දාන හේතුව දැනගත්තෙ. එතකොට හින්දූන් මිනී අළු දාන්නෙ මේ ගඟට විතරද? නැත්නම් ඕනෑම ගඟකට දැම්මැකිද?

    6. ශුද්ධ ගංගාව කිව්වට ඒකේ තියෙන ජරාව.. සත්සමුදුරේ ලිපි කීපයකුත් තිබ්බා මේ ගැන

    7. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. @ හරී

      1. //.. 'ගංඟා ගංඟාව'...// මෙතන සංඥක වෙන්නේ නැහැ අයියා. ගංගා නම් ගංගාව. කියලා ලියන්න පුලුවන්. ඒත් ගඟ කියලා කියද්දී අන්තිම ග සංඥක වෙනවා. මේක ගංගාවක් ඒක නිසා ගඟ කියන වචනය වගේම නදිය කියන වචනය පාවිච්චි කරන්න පුලුවන්. එතකොට මේ ගඟේ/නදියේ නම තමා "ගංගා" කියන්නේ.

      හින්දු අය ඒ කාලේ දැකපු ලොකුම ගඟ මේක නිසා ගංගා කියන නමින්ම මේක හඳුන්වලා තියෙනවා. හරියට රුවන්මැලිසෑයට මහා ථූපය කිව්වා වගේ තමා.

      //..බංගලිදේශය තියෙන්නෙ මේ ගඟේ ඩෙල්ටාවක නේද?...// ඔව් ඔව්

      2. මේවා ටික සිංහලෙන් ලියන්නත් හිතුණා. ඒත් කතාව කියාගෙන ආපු විදිහටම කියාගෙන ගියා.

      3. අශ්වමේධ යාගයේ බේසික් තියරිය තමා //..ඒකෙදී අශ්වයා නිදැල්ලේ ගමන් කරන සෑම ප්‍රදේශයක්ම ඒ අශ්වයාගේ හිමිකරුවා වුණු රජතුමාට අයිතියි කියලා පිළිගැනෙනවා....// එතකොට අශ්වමේධ යාගය කරන රජතුමා බලවත් නම් පිට රාජ්‍යයක සීමාවකට අශ්වයා ගියත් රජතුමා බලවත් නිසා අශ්වයාට බාධාවක් වෙන්නේ නැති නිසා ඒ රජතුමාගේ ආදිපත්‍ය ඒ ප්‍රදේශවල අයත් පිළිගත්තා කියලා සැලකෙනවා.

      එච්චර බලවත් නැති රජවරු මේක කරපු ජිල්මාට් විදිහ තමා අශ්වයාට නිදැල්ලේ යන්න දෙන්නේ නැතුව [නිදැල්ලේ ගියොත් පිට රාජ්‍යවලට අශ්වයා ගියොත් හෙණ කෑමක්නේ] තමන්ගේම රාජ්‍ය සීමාව ඇතුළේ අශ්වයාම ගමන් කරවලා අශ්වමේධ යාගය කරන එක.

      4. සගර රජතුමාට පුත්තු 60,000 හම්බුණා කියන්නේත් හරි පුදුම විදිහකට. තමන්ගේ පරපුර පවත්වාගෙන යන්න විදිහක් නැතුව රජතුමා ලතවෙද්දී අවුර්වා සෘෂිවරයාට රජතුමා මේ ගැන කියනවා. ඒක අහපු සෘෂිවරයා රජතුමාට වරයක් දෙනවා. ඒ තමා එක බිසවකට එක දරුවෙකුත් අනිත් බිසවට දරුවන් 60,000 කුත් ලැබෙන්න කියලා. රජතුමා එක භාරගන්නවා. ඊට පස්සේ කේසිනී බිසවට එක් දරුවෙකුත් සුමති බිසවට දරුවෝ 60,000 කුත් බිහිවෙනවා.

      5. ඕනෑම ගඟකට දාලා හරියන්නේ නැහැ. මේකට තමා දාන්න ඕනේ.

      6. ශුද්ධ ගංගාවේ තරම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ෆොටෝ එකක් දෙකක් බැලුවා නම් හොඳටම තේරේවි.

      8. ඔබටත් එසේමැයි :)

      Delete
    2. ස්තුතියි..

      1. ගංඟා ගංගා දෙකම කියවෙන්නෙ එකම විදිහටනෙ.. මම දැන් කීපසැරයක්ම කිව්වා..

      3. දැන් කාලෙ අස්සයා යවන්ඩ තිබ්බා නම් උගෙ පස්සට මොකකින් හරි ඇනලා යවයි වෙන වෙන දිහා වල.. :)

      4. එක බිසවට දරුවෝ 60,000ක්.. කොහොමද බිහි කරේ.. මම හිතුවෙ මුලින් අන්ත:පුරයටම ලැබිච්ච දරුවෝ කියලා.. එතකොට ඉතිරි එකා..?

      5. එතකොට ඉන්දියාවේ ඕනෑම හින්දුවෙකුගේ අළු දාන්ඩ ගඟ හොයන් එන්ඩ ඕනෑද?

      Delete
    3. @ හරී

      1. ගංඟා නෙමෙයි පුතා හරි වචනේ ගංගා. සංඥක වෙන්නේ ගඟ. මට මේක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. සිංහල වියතෙක් කරුණාකර මේකට සම්බන්ධ වෙන්න.

      2. දැන් කාලේ හින්දු රජවරු නැහැනේ. හිටියෙත් එකම එකයි නේපාලේ. මිනිහාවත් පැන්නුවනේ

      3. ඉතිරි එකා තමා අසමන්ජා කියන්නේ. එයාවත් කපිල සෘෂිවරයා අළු කරලා දානවා. ඒත් එයාගේ පුතා වුණු අන්ෂුමාන්ගෙන් තමා බගීරථ දක්වා රාජ පරපුර පැවත ගෙන එන්නේ.

      4. මම හිතන විදිහට ඔව්

      Delete
    4. හරි හරි.. රාජා හෝ මා හෝ ගංඟා හෝ..

      :)

      Delete
    5. @ හරී

      සොයා ගතිමි සොයා ගතිමි. මෙන්න සංඥක කතන්දරේ හරියටම කියලා තියෙනවා.


      http://sinhala4all.weebly.com/34613482353035223515-35123535351735353520.html

      Delete
  9. කාලිංදී ජල නීලම්භෝ - නීලම් ජ්‍යෝති රුපාස්මහේ කියන ශ්ලෝකය අසා ඇතිනෙ. ඉන් විස්තර වෙන තත්ත්වය කොතරම් සුන්දර ද?

    හසිත ඔබ වැනි තරුණයෙක් මේ දේවල් පිළිබඳ මෙහෙම කතා කරනකොට මට ඇතිවන සතුට මෙතෙකැයි කියන්න බැහැ. ඔබට යහපතක්ම වේවා. මම බලාගෙන සිටිනවා හසිත කියන නම දනන් තුඩඟ රැව් දෙන නමක් වෙයි කියා.

    ReplyDelete
    Replies
    1. @ වෙද ගෙදර මහ වෙදනා

      මේ ශ්ලෝකය නම් අහලා නැහැනේ. තේරුමත් පොඩ්ඩක් කියමුකෝ

      ඔබටත් ස්තුතියි කරපු ප්‍රශංසාවට වගේම කරපු ප්‍රාර්ථනාවට :)

      Delete
  10. මේ ජාතියෙ පොරවල් ලෝකෙ වෙන කොහෙන්වත් හොයන්න බෑ ඉන්දියාවෙන්ම විතරයි.... :D

    "සගර රජතුමාගේ පුත්තු 60,000"
    සාගර රජතුමාට වෙන වැඩක් තිබිල නෑ කියලයි මට හිතෙන්නෙ..

    ස්තූතියි හසිත මේ කතාවට.. කවදාවත් අහලා තිබුනෙ නෑ මම නම්.. පුදුම විශ්වාස තමයි උන්ට තියෙන්නෙ අප්පා.. ඒවා මේ 21වෙනි ශතවර්ශෙත් විශ්වාසකරන එක ඊටත් වැඩිය පුදුමයි..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      යෑස්, මේ ඔක්කොම මේඩ් ඉන් ඉන්ඩියා :D

      සගර රජතුමාගේ පුත්තු 60,000 කතාව හරී අයියාටත් කිව්වා. මෙන්න ඒ කතාව. මේකේ විදිහට නම් රජතුමා මහන්සි වෙලා නැද්ද මන්දා :)

      //..තමන්ගේ පරපුර පවත්වාගෙන යන්න විදිහක් නැතුව රජතුමා ලතවෙද්දී අවුර්වා සෘෂිවරයාට රජතුමා මේ ගැන කියනවා. ඒක අහපු සෘෂිවරයා රජතුමාට වරයක් දෙනවා. ඒ තමා එක බිසවකට එක දරුවෙකුත් අනිත් බිසවට දරුවන් 60,000 කුත් ලැබෙන්න කියලා. රජතුමා එක භාරගන්නවා. ඊට පස්සේ කේසිනී බිසවට එක් දරුවෙකුත් සුමති බිසවට දරුවෝ 60,000 කුත් බිහිවෙනවා....//

      21 වෙනි සියවස වුණත් ආගමික විශ්වාස ඉන්දියානුවෝ නැති කරගනී කියලා හිතන්න අමාරුයි :)

      Delete
  11. /* සගර රජතුමාගේ පුත්තු 60,000 */

    මෙච්චර පුත්තු ජාතක කරන්න කොච්චර වෙහෙසක් ගන්න ඇත්ද?
    අනේ පව් එතුමා!

    ReplyDelete
    Replies
    1. පුත්තු 60,000ට අම්මලා කීදෙනෙක්ද? සමහර විට එයාලගේ ශාපේ වැදිලා ඒ දෙවියා සාගරයක් බවට පත් උනාද දන්නෙත් නෑ. :D

      Delete
    2. @ Kathandara Karaya,Podi Kumarihami

      පුත්තු 60,000 ටම හිටියේ එක් අම්මා කෙනයි. ඒ වගේමයි ඒ 60,000 ලැබුණු කතාවේ විදිහට නම් රජතුමාට මහන්සියක් වෙලා නැහැ වගේ

      //..තමන්ගේ පරපුර පවත්වාගෙන යන්න විදිහක් නැතුව රජතුමා ලතවෙද්දී අවුර්වා සෘෂිවරයාට රජතුමා මේ ගැන කියනවා. ඒක අහපු සෘෂිවරයා රජතුමාට වරයක් දෙනවා. ඒ තමා එක බිසවකට එක දරුවෙකුත් අනිත් බිසවට දරුවන් 60,000 කුත් ලැබෙන්න කියලා. රජතුමා එක භාරගන්නවා. ඊට පස්සේ කේසිනී බිසවට එක් දරුවෙකුත් සුමති බිසවට දරුවෝ 60,000 කුත් බිහිවෙනවා....//

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. 60000/365=164!!!!!!!

      දවසකට ළමයා ගානේ හම්බ වුනත් අවුරුදු 164ක් යනවා වැඩේට!

      කමෙන්ට් එකත් අප්සෙට් ගියා වැඩේ බරපතල කමට.

      අප්සෙට් යන්නෙ නැතුවෑ. :D

      Delete
    5. @හෙන්රි,
      නිවුන්නු හම්බවුනොත්..!!

      Delete
    6. @ Dude, රූ....

      මේවා මුනිවරු ඉන්න කතානේ. ඒවායේ වෙන්න බැරි දෙයක් නැහැ :)

      Delete
  12. හින්දුන් මේ ගංගා, දෙව්දුවක් හැටියට අදහනවා. ඔවුන් විශ්වාස කරන හැටියට ඇය පැහැපත් සමක් ඇති, සුදු පැහැ ඔටුන්නක් හිස දරා ඉන්න, එක අතක මහනෙල් මලක් හා අනේ අතේ වතුර බඳුනක් තියාගන ඉන්නා ඉතා ලස්සන කාන්තාවක්.

    මෙහෙම කතාවකුත් තියනවා. ඇය ශිවගේ භාර්යාව වෙන, පාර්වතීගේ සහෝදරියක්ලු. ඇය දිව්‍ය ලෝකෙදි ක්‍රිෂ්නාට කොච්චර භක්තියෙන් හිටියද කීවොත් රාධා එයට ඊරිසියාවෙලා, ගංගාට ශාප කලාලු පොලොවට ඇවිත් ගඟක් වගේ ගලන්ට කියලා. හපොයි මෙහෙමත් දෙවිවරු....:D

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයත් දේව කතා කියන්ඩ පටන් අරන්.. :D

      Delete
    2. @ Podi Kumarihami

      පොඩ්ඩිත් දන්න කතානේ. දේව කතා රැල්ල පටන් ගන්න වගේ යන්නේ :D

      Delete
    3. @ සෙන්නා

      ෂෝක් නැද්ද ඉතින් :)

      Delete
  13. අනේ මන්ද. ඉන්දියාවෙ ඉන්නව වගේ මී හරක් මොල තියෙන ජාතියක් මැදපෙරදිගවත් නැතුව ඇති :/ අර කියන ජාතියෙ පින්තූරත් සින්හල බ්ලොගකම තිබිල දැක්ක. යකෝ කැලණි ගඟටත් වඩා අමු කුණුගොඩක්නෙ ඕක :/ ඒත් මිනිස්සු ඒ ගඟේ වතුරත් බොනව. ඉන්දියාවෙ ඉපදෙන උන් හෙන විසාල පවක් කල්ල ඇති.

    ReplyDelete
    Replies
    1. @ මාක් සකර්බර්ග්

      ඒබ්‍රහම් ටී කොවූර් සහ ඔහුගේ සහෝදරයා ගමේ අයට ගංගා නම් නදියේ ශුද්ධ වූ ජලය අරගෙන ගිය කතාව අහලා ඇතිනේ :D

      Delete
    2. @ හසිත,

      ඒ කතාව කෙටියෙන් කියමු බලන්ඩ..

      @ මාක්,

      "යකෝ කැලණි ගඟටත් වඩා අමු කුණුගොඩක්නෙ ඕක"
      අපේ මැණික් ගඟෙත් ජරාව පෙනි පෙනී නාන වන්දනා කරුවන්ව මම දැකලා තියෙනවා.. හැබැයි මළ මිනී නම් නෑ.. අනික කැළණි පාලම යට අර ජරා වතුරෙත් නාන රෙදි හෝදන මිනිස්සු ඉන්නවානෙ..
      ඉන්දියාවෙ කුණු නම් මීට අන්තයි තමා..

      Delete
    3. @ හරී

      කොවූර් සහෝදරවරු ගංගා ගඟ ආසන්නයේ තිබුණු ඉස්කෝලෙක තමා ඉගෙන ගෙන තියෙන්නේ. ඉතින් මෙයාලා නිවාඩුව ඉවර වෙලා ආපහු ඉස්කෝලේ යද්දී හැමෝගෙන්ම පොරේලු ගංගා ගඟේ වතුර ගේන්න කියලා ඉල්ලලා.

      ඉතින් මෙයාලා කරන්නේ හැම පාරම නිවාඩුවට ගෙදර එද්දී කලින් ස්ටෙෂමේ ටැප් එකෙන් බෝතලේකට වතුර පුරෝගන්න එක. ඊට පස්සේ මෙයාලගේ ගමේ ස්ටේෂමෑන් බැස්සාම එතැන් ඉදන් ගෙදරට යනකම්ම පට්ට ප්ලේස්ලු. ගමේ මිනිස්සුත් ගිය පාර ගෙනාපු ශුද්ධ වූ ජලය පාවිච්චි කරලා ලෙඩ හොඳ කරපු හැටි ගෙඩි ආපු නැති ගස්වල ගෙඩි ගත්තු හැටි ගැන මෙයාලට කියනවාලු

      Delete
    4. හි..හි.. නියම බුවාලා දෙන්නෙක්නෙ..

      අපේ පැත්තෙ ටික කාලෙකට කලින් ඇන්ටියෙකුත් ලූර්දු ගිහින් ආවා කියලා වතුර බෝතල් හැමෝටම බෙද බෙද ගියා.. මම අම්මට කිව්වත් එක්ක උන්දැගේ ගෙදර ළිඳේ වතුර උස්සන් ලූර්දු පම්පෝරිය කියනවා ඇති කියලා.. ඔය තරමට වතුර ගේන්ඩ මොකෝ ආසියාත්‍රාවේ බවුසරයක් තිබ්බයැ.. :)

      Delete
    5. @ හරී

      හිතේ විශ්වාසේ නොවැ ඔක්කෝටම වඩා ලොකු....

      Delete
    6. එකෙන්ම :D කොවුර් කල්ල තියෙන වැඩේ නං සුපිරි. කොවුර් වගේ කෙනෙක් නැවත පහල වුනා නං :/ කාලෝ ෆොන්සේක හිටියට ඉන්නව විතරයි කොවුර් වගේ ඇක්ටිව් නෑ :/

      Delete
    7. @ මාක් සකර්බර්ග්

      කාලෝලට කොවූර්ගේ අහලකටවත් එන්න බැහැ. මතකනේ ඊයේ පෙරේදා පොඩි සද්දයක් දැම්මා විතරයි. ආයේ නිස්සද්දයි

      Delete
  14. මේ සමහර දේව කථා සමහර සුරංගනා කථා වලටත් වඩා රසවත්...වෙනදා වගේම හසිතගෙ උත්සාහය අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      භාරතයේ ග්‍රීසියේ වගේ තියෙන දේව කතා වගේම පස්සේ කාලේ ග්‍රිම් සොයුරන්ගෙන් පටන් ගත්තු සුරංගනා කතාත් හරිම රසවත්. කියවලාම බලන්න වටිනවා

      Delete
  15. මෙතන කපිල සෘෂිවරයා කියන්නේ කපිල වස්තු පුරවරයට සම්බන්ද සෘෂිවරයාමද.

    මේ කතා පිළිගන්න නොහැකි වුනත් අපි ඒවා විවේචනය කරන එක හොඳ නැහැ මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      නැහැ නැහැ. ඒ කපිල සෘෂිවරයා සහ මේ කපිල සෘෂිවරයා කියන්නේ දෙන්නෙක්.

      මේ කතා විවේචනයක් කරලා වැඩක් නැහැ තමා අයියා. මේක එයාලගේ පිළිගැනීම

      Delete
  16. මේ දේව කතාවල උපත කොහොම වුණා කියලද ඔය ඉතිහාසය හදාරන අය විශ්වාස කරන්නේ? තනිකරම ප්‍රබන්ධද නැත්නම් කිසියම් කාලයක සිටි වීරකම් කළ මිනිසුන් කල කී දෑ අත්ශයෝක්තියෙන් දේවත්වයක් ආරූඩ කරල ගොතපුවද? ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවේ දේව කතවල උපත ගැනත් ලිපියක් ලියන්න පුලුවන් නම් හොඳයි මල්ලී. දැනටමත් ලියලද දන්නෑ.. :)

    ReplyDelete
    Replies
    1. @ Pathum Herath

      ඉන්දියාවට ආපු ආර්යයෝ සෘග් වේද යුගයේ ඉදන්ම තමන්ට වටහා ගත්තු නැති දේවල්වලට ස්වභාවික ශක්තීන්වලට දේවත්වය ආරෝපණය කරනවා වගේම දේවප්‍රභබවක් අරෝපණය කරනවා. ඒ යටතේ තමා මේ වගේ කතා බිහිවෙන්නේ. දෙවිවරුන් සම්බන්ධව ගත්තොත් මුල් කාලීනව හිටිය ආර්ය ගෝත්‍රික නායකයන්ගෙන් ඒ සංකල්ප ඇතිවුණා වෙන්නත් පුලුවන්. විශේෂයෙන් ආර්යයන්ගේ ප්‍රධාන දෙවියෙක් වෙන ඉන්ද්‍ර කියන්නේ මුල් කාලීනව හිටිය ආර්ය නායකයෙක් කියන්න කරුණු තියෙනවා.

      කාලයාගේ ඇවෑමෙන් තාර බර වැඩි වැඩියෙන් වැටීමත් එක්ක කතාවේ ගූඪ බව තව වැඩිවෙලා තියෙන්නේ.

      ලංකාවේ දේව කතාවල ප්‍රභවය ගැන නම් පොතක් තියෙනවා. මට නම මතක් වෙන්නේ නැහැ අයියා. ඒ වගේමයි ජ්‍යෙතිෂ සඟරාවකත් ඒ ගැන කාලෙකට කලින් ගියා වගේ මතකයි

      Delete
  17. මේ වගේ කතා කොහොම හැදුනද කියලා දන්නේ දෙයියොම තමයි :-)
    කොහොම නමුත් අපිත් ඔන්න කතාවක් ඉගෙන ගත්තා හසිතට පින් සිදු වෙන්න!

    ReplyDelete
    Replies
    1. @ Chamara Sumanapala

      දෙයියෝවත් දන්නේ නැතුව ඇති මේ කතා හැදුණු විදිහ නම්. මේවා අහපුවාම දෙවියන්ටත් කියවෙනවා ඇති "දෙයියෝ සාක්කි" කියලා :D

      Delete
    2. සිරාවට!
      නැත්නම් දෙයියෝ කතාවක් ලියාගන්න ඕන වුනාම උන්ගේ නියෝජිතයෝ එවනවා ඇති මෙහාට.

      Delete
    3. @ Chamara Sumanapala

      ප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයෙක් කියලා මිනිසාට දෙවියන් අමතක වුණාම දෙවියන්ට කරන්න දෙයක් නැහැ කියලා

      Delete
  18. වටින දේවකතා තොරතුරු ටිකක් දැනගත්තා.

    ReplyDelete
  19. //ඒ අශ්වයාව හොයාගෙන එන එක භාරවුණේ සගර රජතුමාගේ පුත්තු 60,000 ට//
    අපේ අල්ලපු රටෙත් ඉන්නෙ මාර වැඩ කාරයොනෙ. :D . ඔය වගේ පොරවල් ඉන්දෙද්දි, ජනගහනය ඔය ගානින් නැවතුනා ඇති.....

    වෙනදා වගේම අපූරු ලිපියක් මචෝ....

    ReplyDelete
    Replies
    1. @ de silva

      සගර රජතුමා හිටියේ එකෝමත් එක කාලෙකනේ. අනික රජතුමාටත් වඩා වැඩකාරයා අවුර්වා කියන සෘෂිවරයා

      Delete
  20. ඒ මිනිස්සු බුදුන් උපන් රටේ වෙලත් ධර්මයේ පහසක්වත් ලබලා නෑ නේද? හැබැයි මෙහේ එකේ අනිත් පැත්ත. මේ තරම් දහම කියන දේ විවෘත ව බබලද්දි පවා මිත්‍යාදෘෂ්ඨික දෙවියන් පසුපස යනවා. බලාන ගියා ම වෙනසක් නෑ :P !

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      තම තම නැණ පමණින් නොවැ අයියා වටහා ගන්නේ. ඒකට කුමක් කරන්නද

      Delete
  21. මාර සිද්ධි ඉන්දියාවෙත් වෙන්නේ නේ....
    ගංඟා නම් නඳියෙහි පාවෙන මිනීනං දැක්කම හිතාගන්න පුළුවං කොච්චර පාරිශුද්ධද කියලා....
    ඇඩෙනවා..
    ඒ මදිවට දෙපැත්තේ කකුල තියන්න විදිහක් නෑ හැමතැනම වර්චස් කරලා...
    ඉන්දියාව කවදා හැදෙයිද මංදා...

    ReplyDelete
    Replies
    1. @ තරියා

      අනුෂ්කාගෙන් වුණත් මේ කතා අහගන්න මල්ලිට නම් පුලුවන් වේවි :)

      ඔය හැමතැනම වර්චස් කරන වැඩේ ගාන්ධිතුමාලුනේ කිව්වා කියන්නේ සුද්දාට රට එපා වෙලා දාලා යන්න වැඩ සලස්සන්න. ඒත් අන්තිමට ඒක පාලනයක් නැතුව ගියාලු

      Delete
  22. මමත් හරි අාසයි දේවකතා කියවන්න! :)

    ReplyDelete
    Replies
    1. @ තනි අලියා

      තව ඉදිරියට තව කතා :)

      Delete
  23. හප්පා .... මම දැකල තියෙනව ඔය ශුද්ධ වූ ගංගාවෙ වීඩියෝ, ෆොටෝ එහෙම ජංජාලෙ තියෙනව. දැක්කම වමනෙ නොයනව විතරයි. කුණුවෙච්ච, භාගෙට දියවෙච්ච මළ මිනී අයිනෙ නාන මිනිස්සු, ගඟ අයිනෙ මිනී පුච්චපු අළු ගොඩවල්වල පෙරලිල ඉන්න මිනිස්සු. ඈක්ක ... මම හිතන්නෙ මිහිපිට අපාය තියෙන්නෙ ඉන්දියාවෙ වෙන්න ඕන. ඒ මිනිස්සු වසංගත රෝග හැදිල නොමැරෙනව ඇති තව.

    මේ දේව කතා මගෙ හිතේ ඉන්දියන් වුනත් ග්‍රීක උනත් කියවල රසවිඳින්න පුළුවන් අපූරු ප්‍රබන්ධ. ඒත් ඒව අදහන්න තරම් මිනිස්සු මෝඩ වෙන එක නම් ප්‍රශ්නයක්.

    මේ පැත්තෙ මීට කලින් ආව ගිය මතකයක් නම් නෑ. අර හරීගෙ අඩවියෙ බරසාර ප්‍රශ්න විමසන්නාගෙ (:D) බ්ලොග් එක හොයන් ඒ පැත්තෙ යන්න ඕන කියල මම හැමදාම හිතන් හිටියට ඔන්න අද තමා අවස්ථාවක් ලැබුනෙ. ආයෙ එන්නම්කෝ ....

    ReplyDelete
    Replies
    1. @ DDT

      වසංගත රෝග නොහැදෙන එක ගැන යමක් කිව්වොත් මම හිතන්නේ ඒක ශුද්ධ ජලයේ ස්නානය කිරීමෙන් සියලු ප්‍රශ්න විසඳෙනවා කියලා හින්දූන් හිතන නිසා හිත ශක්තිමත් නිසා රෝගීවීම අවම මට්ටමක වෙන්න ඇති ඇත්තේ.

      ආගිය කතා බ්ලොග් අඩවියට ආපු ඔබවත් සාදරයෙන් පිළිගන්නවා :D

      Delete
  24. ගංගානම් ගඟේ පින්තූර වගයක් මම දැක්කා ටික කාලෙකය උඩදී.. ඒකෙනම් තිබුනේ පාවෙන මල සිරුරු, භාගෙට කුණු වෙලා ගිය මළසිරුරු, මිණි ඔළු වගේ ඒවා තමයි.. කොච්චරර පාරිශුද්ධව ගලාගෙන ආවා කියනාවා උනත් දැන් තත්වෙනම් ඊට වඩා වෙනස්ද මන්දා..

    හොද විස්තරයක් හසිත මලයා..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ඔය මිනී පාවෙන්නේ භාගෙට පුච්චලා ගඟට දාන නිසා. සම්පූර්ණයෙන්ම පුලුස්සලා අළු විතරක් දානවා නම් එච්චර අවුලක් නැහැනේ

      Delete
  25. ගංගා ගඟේ කතාවත් කියෙව්වා ඔන්න.

    ලිපියෙන් පොඩ්ඩක් ඔබ්බට ගියොත්..,
    මං කල්පනා කලේ සෘෂිවරයෙක් ගෙ හිත තුල තව කෙනෙක්ව විනාශ කරන්න අදහසක් ඇති වුනාට පස්සේ ඔහු ලබා ගත් ශක්තිය බිඳෙන්නේ නැද්ද කියන එක. ඔය සෘෂිවරු නම් තවමත් හිමාලය ප්‍රදේශයේ ඉන්නවා කියල කතාවට කියනවා නේද..
    අර පළමුවෙනි පින්තුරේ තියන්නේ මොකක් හරි පෞරාණික වටිනාකමක් තියන ගොඩනැගිල්ලක් ද මල්ලි..?

    ReplyDelete
    Replies
    1. @ Chandana

      පින්තූරේ තියෙන ගොඩනැගිල්ල ගැන නම් දන්නේ නැහැ අයියා. සෘෂිවරු ගැන ප්‍රශ්නෙට යමක් කිව්වොත් හින්දුවරු පිළිගන්න විදිහට සෘෂිවරු කියන්නේ උග්‍ර තපස් රැකලා දෙවියන්ගෙන් වරම් ගත්තු අය. එයාලගේ හිතේ මෛත්‍රිය කියන එක තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්

      Delete
  26. මේ වගේ අබූත විශ්වාස කරපින්නගෙන විසි එක්වෙනි සියවසේත් ජීවත්වෙන මිනිස්සු ඉන්න ඉන්දියාවෙ බුදු දහම නො‍රැකීම පුදුමයක් නෙවෙයි නේද හසිත ? මිථ්‍යාවෙහිම ගිලී ජීවත්වෙන මිනිස්සු බහුල රටක් මට බය දැන් දැන් අපෙ රටෙත් මිනිස්සු ඔය පැත්තට යනවා වගෙ කියල පෙනෙන හින්දයි..
    ඔය ගඟ නම් විශ්නුගෙ පාදෙන් කියමුකො. එතකොට බමුණො උපන්නෙ මහා බුරක්මයාගෙ නලලෙන්නෙ.. හබෑවට ඉතින් හැමෝම හම්බවෙන තැනේ හැටි අපි දන්න හින්දා අරයාගෙ නලල මොකක් වගේද කියලා හිතාගන්න පුලුවනි.. හිකිස්...

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      අපේ රටේ දැන් වෙන්නේත් බුදු හාමුදුරුවෝම දේශනා කරපු
      බහුංවෙ සරණං යන්ති පබ්බතානි වනානි ච
      ආරාම රුක්ඛ චෛත්‍යානි මනුස්සා භය තජ්ජිතා තමා

      බමුණෝ උපන්නා කියන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් කියලානේ කියන්නේ අයියා. සෘග්වේදයේ තියෙන්නේ බ්‍රාහ්මණොස්‍ය මුඛමාසීද් කියලානේ.

      Delete
  27. මේ විස්තරේ නම් සෑහෙන්න වටිනවා හසිත..සිංහල විකියට පුළුවන්
    නම් දාන්න...

    ReplyDelete
    Replies
    1. @ silentsahan

      සිංහල විකිය ගැන වැඩි අවබෝධයක් නැහැනේ :(

      Delete
  28. හැමදාම වගේ බොහෝ දෑ ඉගෙන ගත්ත

    ReplyDelete
    Replies
    1. @ කස්ස

      සන්තෝෂයි සන්තෝෂයි අයියා

      Delete
  29. මම මේක කියෙව්වේ ඊයේ, ඒත් මම බලපු තැන සිංහල තිබ්බේ නෑ කමෙන්ට් කරන්න. ආගම් සාහිත්‍යයේ තිබෙන අතිශයෝක්තිය අපි විහිලුවට ගන්න හොඳ නෑ. ඒ කාලේ මිනිසුන් භක්තිමත් කරන්න මේවා කිව්වා වෙන්නත් පුළුවන්. ඔයාගේ මේ ලිපි මාලවවෙන් අපි අන්‍ය ආගම් ගැන හොඳටම දැනුවත් වෙනවා. ඔයාට ස්තුතියි.

    අපේ මහවෙදනා කියන දේට මමත් එකඟයි. කවදා හෝ ඔබ සුපතල කෙනෙක් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම ඔබ සතුයි.

    ReplyDelete
    Replies
    1. @ සු දී ක

      අනිවාර්යෙන්ම අයියා. අන් ආගම් ගැන දැනුවත් වෙලා ඉන්න එකෙන් එයාලත් එක්ක ගනුදෙනු කරද්දී පහසුයි වගේම මේ වගේ රසවත් කතා අනෙක් ආගම්වල කියලා නොකියා ඉන්න එකත් අපරාදයක්.

      අයියාගේ ප්‍රශංසාවටත් ස්තුතියි :)

      Delete
  30. අර කොවූර් මහත්තයගේ පොතේ තිබ්බනේ ඔය ගංගානම් ගඟෙං කියලා ගෙදර ළිඳෙං ගත්තු වතුර දීලා ගමේ කට්ටියට සනීප වෙච්ච හැටි ගැන.ඉස්තූතියි මචං.පුළුවන්නං හින්දු දේව කතා ටික ලියපංකෝ......

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      කොවූර්ගේ කතාව කලින් ඇදිලා ආවා අයියා. ඒක ඉතින් ඒ මිනිස්සුන්ගේ විශ්වාසෙනේ. පුලු පුලුවන් විදිහට ඔය දේව කතා ටිකක් කොටාලා දාන්න තමා හිතාගෙන ඉන්නේ.

      Delete
  31. හින්දු දේව කතා මිනිස්සුන්ට නැවත නැවත කියවන්න පුරුදු කරවන්න මේවා නිර්මාණය වෙන්න ඇති කොහොමත් දේව ඇදහිලි මිනස්සුන්ගෙන ඈත් කරන්න බෑ.

    මේවගේ කතා යාන්තමට හෝ දැනගෙන ඉන්න එක යුතුකමක්.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      ඔව් මේ කතා කියවද්දී ඇතිවන්නේ දෙවියන් කෙරෙහි තියෙන භය පක්ෂපාතීබව. දේවාගමක් රඳා පවතින්න ඒවාත් තියෙන්න එපැයි

      Delete
  32. ස්තුතියි හසිත මල්ලි, වෙනදා වගේම වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      ස්තුතියි අයියා හැමදාම වගේ දෙන හයියට

      Delete
  33. ඉන්දියන් අය හැමෝම මේවා විශ්වාස කරන්නෑ..හරියට අපේ ජාතක කතා වගේද කියලත් හිතෙනවා..ගොඩක් වෙලාවට මේවගේ තියෙන්නෙ කතා රසය හා ඒ මගින් දෙන පණිවිඩය විතරයි..

    කොහොම වුනත් ස්තුතියි හසිත මේ ගැන ලීවට..අශ්වමේධ යාගය ගැන නම් දැනගන්න උවමනාව තිබුනා..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      ඔව් ඔව් කාලෙත් එක්ක ඉන්දියානුවන් මේ ගැන වඩාත් සබුද්ධිකව හිතන්න පටන් ගත්තා වෙන්න ඕනේ. මේවායේ තියෙන කතා රසය වගේම අනෙක් අතට මට හිතෙන්නේ පරිසර සුරැකීමේ අදහසත් මේකෙන් කියවෙනවා කියලා.

      අක්කා එව්ව පීඩීඑෆ් එකත් ඉස්සරහට මේ කතා ලියද්දී වටිනවා. බොහොම ස්තුතියි.

      අශ්වමේධ යාගය ගැන මේ තනූක කරලා ලියලා තියෙන්නේ. තව හොඳ හොඳ ඒවා තියෙනවා

      Delete
  34. මම කොටපු කමෙන්ටුව ස්පෑම් ගොඩේද බලන්න මලේ...

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      ආහ් ඔව් අයියා. සමාවෙන්න ඕනේ. ඔන්න දැන් ඒක හරි ගස්සලා තියෙන්නේ

      Delete
  35. හින්දි චිත්‍රපට වලින් නම් දැකල තියෙනවා භෂ්මාවශේෂ ගංගා නම් ගගේ පා කරලා හරිනවා...... මිනී පා කරනවා කියන කතාවත් අහල තියේ. මොන තරම් ජරා කන්දරාවක් ඇත්ද ඔය ගගේ...... ඔය වතුර ප්‍රයෝජනයට ගන්න මිනිස්සුත් ඇතිනේ.... ලෙඩ හැදෙන්නේ නැද්ද දන්නේ නෑ....

    අර අශ්ව මේධ යාගය මහ විකාරයක්නෙ. ඒකෙන් වෙන්නේ තව සත්තු ටිකක් මැරෙන එක විතරනේ....

    ReplyDelete
    Replies
    1. @ සමනළී

      මිනී පා කරන්නේ නැහැ. ඒත් වෙන්නේ අළු බවට පත්වෙනකම්ම පුළුස්සන්නේ නැතුව භාගෙට පුච්චලා ගඟට අතාරින එක. මේකේ ජරා වතුර බීලා ලෙඩ හැදෙනවා කියන එක ගැන කිව්වොත් මේ වතුර බිව්වාම තියෙන අසනීපත් සනීප වෙනවා කියන මානසික උත්තේජනයක් එක්ක එච්චර අවුලක් නැතුව ඇති.

      අශ්වමේධ යාගයේ හොඳ හොඳ ඒවා මෙතන නැහැ. ඒක අහපුවාම හිතෙයි මේ ඔක්කොම විකාර කියලා. ඒත් ඒ කාලයේ දෙවියන් සතුටු කරන්න එහෙම කරන්න ඕනේ කියලා එයාලා විශ්වාස කළා. පුරුෂමේධ කියලා මිනිස්සුන්ව පවා බිලි දීලා තියෙනවා. ඇස්ටෙක් ශිෂ්ටාචාරවලත් ඕවා කරලා තියෙනවානේ

      Delete
  36. ස්තූතියි හසිත පුතා මේ නොදන්නා කරුණු අපිට කියා දුන්නාට. මේ ගංගානම් ගඟ බුද්ධ කාලෙ සිටම ප්‍රසිද්ධයි. කොච්චර සූත්‍ර දේශණා මේ ආශ්‍රිතව තියෙනවාද? ඒ ගඟ මුලින්ම පටන්ගත්තෙ මෙහෙමයි කියා දැන ගත්තේ අදයි. මේ මිත්‍යාවන් ගෙන් ඉන්දියානු සමාජය මිදෙන්නෙ කවදාද? මේ නිසා මෙච්චර වටිනා දහමක් තිබුන රටේ අය තාමත් අඳුරේ අතපත ගානවා. අපිටත් කොයි දේත් ඉගෙනීමේ වටිනාකමක් තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. @ Chandi

      මේ මිත්‍යාවන්ගෙන් ඉන්දියානු සමාජය මිදෙන එක දැන් දැන් තාක්ෂණික දියුණුවත් එක්ක සිද්ධ වෙනවා වෙන්න ඕනේ. ඒත් කණගාටුව ලාංකීය සමාජය දැන් ක්‍රම ක්‍රමයෙන් මේවාට ගොදුරු වෙන එක

      Delete
  37. උතුරු ඉන්දියාවෙ හරිද්වාර් කිට්‍ටුව තැනක මමත් ගංගා නම් ගඟේ නාලා තියෙනවා. ගල් ගැහිලා මැරෙන තරම් හීතල ඒ ගඟේ වතුර, පුදුම වේගයකින් ගලනවා.

    අපූරු විස්තරයක් මලේ ...

    ReplyDelete
    Replies
    1. @ ගාමිණී විජිත් සමරකෝන්

      ගඟ පටන් ගන්න මුල් හරියේම වගේ වෙන්න ඇති නේද ඔය හරිද්වාර් ඇත්තේ. නැත්නම් මිනී එහෙම එහෙම මෙහට කරලා තමා නාගන්න වෙන්නේ :)

      Delete
  38. අපි බෞද්ධ වීම කොපමණ වාසනාවක්ද

    ReplyDelete
    Replies
    1. @ ප්‍රති වාදියා

      බෞද්ධයන් වුවත් සමහර ක්‍රීයාකාරකම් අනවබෝධයෙන් සිදු කරන එක කණගාටුවට කරුණක්

      Delete
  39. දන්නේ නැති ගොඩාක් දේ ලිපියෙන් සහ කොමෙන්ට් වලින් දැන ගත්තා. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්)

      සන්තෝෂයි සන්තෝෂයි

      Delete
  40. මේ සිදුවීම ඉන්දියාවේ මහබලිපුරම්වල අලංකාර ලෙස කැටයමට නගල තියෙනවා. මේ අපූරු සිදුවීම නැරඹීමට පැමිණි දෙව් බඹුන් මිනිසුන් නොයෙක් සතුන් රාශියක් දක්වලා තියෙනවා. පිහිටි ගල් පර්වතයක මූනතේ මැදින් සිරස් අතට ඇතුලට එබුනු තැනක් ගංගාවට ගෙන ඇති නිසා ස්වභාවික වැසි ජලය ඒ ඔස්සේ ගලා හැලෙන විදිහටයි නිර්මාණය කරල තියෙන්නේ. මේ ආභාෂය තමයි ඉසුරුමුණියේ දිය කෙළින ඇතුන් දැක්වෙන කැටයමටත් ලැබිල තියෙන්නේ. පල්ලව රජවරුන් ගේ කාලයේ තමයි මෙය ඇතුළු බොහෝ නිර්මාණ වෙන්නේ. මානවම්ම රජුගේ ක්‍රියා කලාපය නිසා පල්ලව කලා ආභාෂය ලංකාවට ලැබෙනවා.

    http://indiaincredible.theholidayindia.com/wp-content/uploads/2012/04/Arjunas-Penance-Mahabalipuram1.jpg

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................