Sunday, December 23, 2012

බුදුන්,ජේසුස්,විෂ්ණු,මහ්දි,දියසේන ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ?

බලාපොරොත්තු කියන එක ඈත අතීතයේ ඉදන්ම වර්තමානය දක්වාත් ඒ වගේමයි අනාගතය දක්වාත් ඉන්න මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක්. මිනිස්සු එක එක දේවල් ගැන එක එක විදිහට බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ වගේමයි බලාපොරොත්තු තමා හුඟක් වෙලාවට මිනිස්සුන්ව ජීවත් කරවන්නත් මුල් වෙන්නේ.

මේ බලාපොරොත්තුව එහෙමත් නැත්නම් Hope ඇතිවුණු ආකාරය ගැනත් රසවත් ග්‍රීක දේව කතාවක් තියෙනවා.
 ගින්දර සොරකම් කළ වරදට සියුස් දුන් දඬුවම විඳින ප්‍රොමිතියස්

ග්‍රීක විශ්වාසය අනුව මැටියෙන් මිනිසාව නිර්මාණය කරලා මානව සමාජය ඇති කරන්න මුල් වෙන්නේ ප්‍රොමිතියස් කියන අර්ධ දෙවියා. බොහොම දක්ෂ කෙනෙක් වුණු ප්‍රොමිතියස් තමන් නිර්මාණය කරපු මිනිසා ගැන බොහොම කරුණාවකින් හිටියේ. ඒක නිසාමයි සියුස් කියන දෙවියන්ගේ රජතුමාට හොරෙන් දිව්‍ය ලෝකයේ තිබුණු ගින්දර මිනිස්සුන්ට දීලා ගින්දර භාවිතා කරන්න මිනිස්සුන්ව පුරුදු කරවන්නේ.

මිනිස් ලෝකයේ ජීවත් වෙන පිරිමියාගේ පාළුව නැති කරන්න සියුස් Hephaestus ලවා පැන්ඩෝරා නමින් බිරිඳකුත් හදලා දෙනවා. මේ කාන්තාව මිනිස් ලෝකෙට එද්දී සියලුම දෙවිවරු ඇ‍යට විවිධ ත්‍යාග දුන්නා කියලා කියවෙනවා. ප්‍රොමිතියස් තමන්ට කරපු ද්‍රෝහී ක්‍රියාවට පළිගැනීමක් විදිහට සියුස් පැන්ඩෝරාට මංජුසාවක් ලබාදීලා කුමන හේතුවක් මතවත් ඒක විවෘත කරන්න එපා කියලා උපදේශයකුත් දෙනවා.

 සියුස් දුන් මංජුසාව අතැතිව සිටින පැන්ඩෝරා

හැබැයි සියුස් දැනගෙන හිටියා පැන්ඩෝරාට තියෙන කුතුහලේට මේක ඇරලා බලනවාමයි කියලා. ඇත්තටම ඒ විදිහටම තමා වැඩේ සිද්ධ වුණේ. ඒ මංජුසාවේ තිබිලා නපුර, අයහපත එළියට ඇවිත් මිනිස් ලෝකය පුරා ව්‍යාප්ත වුණා කියලා කියවෙනවා.

තමන්ගේ අතින් වුණු වැරැද්ද හදා ගන්න පැන්ඩෝරා මංජුසාව වහන්න ගියත් ඒක හරියන්නේ නැහැ. මේ අයහපත් දේවල් ඒ මංජුසාවෙන් පිටතට ගියා වගේම "එල්පිස්" නමින් හැඳින්වුණු බලාපොරොත්තුවේ ආත්මයත් මිනිස් ලෝකයට එක් වෙලා තිබුණේ. ඉතින් මිනිස් ලෝකයේ මොන තරම් අයහපත් දේවල් වුණත් බලාපොරොත්තු කියන එක මිනිස්සුන්ව ජීවත් කරවන්න සමත් වෙලා තියෙනවා.

ලෞකිකව තියෙන නොයෙක් බලාපොරොත්තු අතරේ ලෝකෝත්තර වශයෙනුත් මිනිස්සුන්ට බලාපොරොත්තු තියෙනවා. ලෝකෝත්තර වශයෙන් ගත්තාම විවිධ ආගම් වගේම දර්ශනයන් තුළින් ගැලවීමේ බලාපොරොත්තුව මිනිස්සුන්ට දීලා තියෙනවා. සමහර විටෙක ගැලවීම තමා තුළින්ම උදා කරගන්න හරි එහෙමත් නැත්නම් ගැලවුම්කාරයෙක් මාර්ගයෙන් තමන්ගේ ගැලවිම උදා කරගන්න හැටි ගැන විවිධ දර්ශන වගේම ආගම් තුළින් කතා කෙරෙනවා.

අද ආගිය කතාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ඉන්න අනාගතයේ පහළවෙන ගැලවුම්කාරයෝ එහෙමත් නැත්නම් තමන්ට විමුක්තියක් සලසන්න පුලුවන් පුද්ගලයෝ ඒ වගේමයි තමන්ට ලෞකික සමෘද්ධියක් උදාකරන්න පුලුවන් පුද්ගලයෝ ගැනයි.

මතු බුදුවන අපේක්ෂාවෙන් තුසිතයේ වැඩ සිටින මෛත්‍රී බෝසතුන්

මුලින්ම බුදු දහමෙන් පටන් ගත්තොත් බෞද්ධයෝ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සම්බන්ධව අප්‍රමාණ භක්තියකින් ඉන්න බව බෞද්ධාගමික වතාවත්වලදී හොඳටම දැකගන්න පුලුවන්. බෞද්ධාගමික වතාවත් නිමා කරද්දී පුණ්‍යානුමෝදනාව සිදු කරන හාමුදුරුවෝ හුඟක් වෙලාවට වදාරන්නේ "මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක එකම සද්ධර්ම මණ්ඩපයකදී සදහම් ශ්‍රවණය කර නිවන් අවබෝධ කරගන්නට මේ කළා වූ කුසල කර්මය අප සැමටම හේතුවේවා වාසනා වේවා" කියලා.

මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සම්බන්ධව විස්තරයක් කළොත් මේ වෙද්දී කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුවරුන් පහළ වුණු මහා භද්‍ර කල්පය නමින් හඳුන්වන මේ කල්පයේ අවසානයට පහළ වෙන්නට නියමිත බුදු හාමුදුරුවෝ තමා මෛත්‍රී බුදු හාමුදුරුවෝ. එතුමා මේ වෙද්දී බුද්ධත්වයට පත් වෙන්න සම්පූර්ණ කරන්න ඕනේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් පහළ වෙලා මතු බුදුවන අපේක්ෂාවෙන් වැඩ ඉන්නවා.

ගෞතම බුදු හාමුදුරුවෝ තමන්ගේ ඥාතීන් හමුවෙන්න වැඩම කරලා ඔවුන්ගේ මානය බිඳින්න යමක මහා ප්‍රාතිහාර්යය සිදු කළාට පස්සේ සැරියුත් මහ රහතන් වහන්සේගේ ආරාධනයෙන් අනාගත වංශ දේශනාව සිදු කිරීම සිද්ධ කරනවා. ඒ යටතේ තමා මීට පෙර බුදු වුණු බුදුවරුන් සම්බන්ධවත් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් සම්බන්ධවත් උන්වහන්සේ සවිස්තරව කරුණු දේශනා කරන්නේ.

බුදුන් වහන්සේ දේශනා කරන විදිහට ක්‍රමයෙන් මිනිස්සු සාරධර්ම අතින් පිරිහිලා දිව්‍ය ලෝක සැපත උදා කරගන්න මාර්ගය අවහිර කරගෙන අකුසල් ක්‍රියාකාරකම්වල යෙදෙනවා. මේ කාලයේදී තමන්ගේ මව, පියා, සහෝදරයා, සහෝදරිය, ඥාතියා කියලා බලන්නේ නැතුව රාගී සිතෙන් හැසිරෙනවා. මේ විදිහට සමාජය ක්‍රමයෙන් දූෂිතම තත්වයට පත් වෙනවා.

එකිනෙකා මරා ගන්නත් මිනිස්සු පටන් ගන්නවා. මේ වගේ ඛේදනීය කාලයක සුළු පිරිසක් ගල් ගුහා ආදියේ සැඟවිලා ජීවිතේ බේරා ගන්න සමත් වෙනවා. එයාලා නැවත වරක් පන්සිල් මූලික කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. මේ සමඟම පිරිහිලා තිබුණු ආයු අපේක්ෂාව ක්‍රමයෙන් වැඩිවෙලා අසංඛ්‍යයක් දක්වාම වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වුණු ආයු අපේක්ෂාව ආයි පාරක් අසූ දහස දක්වා අඩු වෙන කාලයේදී තමා මෛත්‍රී බෝසතාණෝ උපදින්නේ.

මෛත්‍රී බෝසතුන්

කේතුමතී රාජධානියේ සංඛ කියන සක්විති රජතුමාගේ පුරෝහිතයා වෙන සුබ්‍රහ්ම බ්‍රාහ්මණයාට දාව බ්‍රහ්මවතී බැමිණිය තමා බෝසතාණන් බිහි කරන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ කුමාර දිවිය වගේම කුමාර දිවියක් ගත කරන මෛත්‍රී බෝසතාණෝ ගිහි ගෙය හැර ගිහින් දුෂ්කර ක්‍රියාව සිදු කරලා අවසානයේදී බුද්ධත්වයට පත් වෙනවා.

මෛත්‍රී බුදු හාමුදුරුවෝ ගැන වගේම ඒ කාලය ගැන ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් රචනා කරපු "මෙතේ බුදු සිරිත නම් වූ  අනාගත වංශය" කෘතියේ විස්තර රැසක් තිබෙනවා. මේ ඒ කෘතියෙන් කරපු උපුටා ගැනීමක්.

"....එසමයෙහි උපන්නා වූ සියලු මනුෂ්‍යයන්ට යස පිරිවර හා සැපයෙන්ද, ආයු වර්ණ බල සමෘද්ධියෙන්ද දිව්‍ය සම්පත්තියක් මෙන් අඩුවක් නොවන්නේය. මෙබඳු සියලු පංච කාම සැප කැමැති පරිද්දෙන් අනුභව කොට බොහෝ කලක් ඉක්මවා සුඛිතවූ මුදිතවූ සියලු සත්වයෝ ඒ සැපයෙන් නොපිරිහී පසුව ආයු කෙළවර මරණ මංචකයේ වැද හොත්තාහු සම්පත්තියෙන් උකටලී වන්නාහ. එසමයෙහි උපන් සත්වයන්ට අසූ දහසක් අවුරුද්දට ආයුෂ වන්නේය. ඒ තාක් කල් මුලුල්ලෙහ් ජීවත්ව වැඩ හිඳිනා වූ ඒ මෛත්‍රී සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ජන සමූහයා සංසාර සාගරයෙන් එතර කොට නිර්වාණ ක්ෂේම භූමියට පමුණුවන සේක..."

ඉතින් මෛත්‍රී බුදුන් පහළ වෙන සමයේ තියෙන සමෘද්ධිමත් බව නිසා වගේම බුදුවරයෙක් ජීවමානව දැකීම නිවන් අවබෝධ කරගන්න පහසුවක් කියලා විශ්වාස කරන මිනිස්සු අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන සවිස්තරාත්මකව මීට කලින් ලියපු සටහන් කීපයකින්ම කියලා තිබෙන නිසා ඒවාත් මෙතනින් ගිහින් බලන්න.

 දියසේන කුමාරයා

ලංකාවේ ගැමි ජන විශ්වාස අතරේ ලංකාවම එක්සේසත් කරලා තමන්ගේ පාලනය පිහිටුවා ගෙන බුදු දහමට ඉමහත් සේවයක් ඉෂ්ට කරන්න දියසේන කියලා රජතුමෙක් පහළ වෙනවා කියලා සංකල්පයක් තියෙනවා. 

මේ ගැන මුලින් කරුණු හමුවෙන්නේ කෝට්ටේ යුගයේදී. කෝට්ටේ යුගයේදී ලියවුණු කතුවරයා කවුද කියලා හරි හැටි හඳුනා ගෙන නැති පැරකුම්බා සිරිත කියන කාව්‍ය සංග්‍රහයේ දියසෙන් කුමාරයා ගැන සඳහනක් හමුවෙනවා. ඒ 116 වෙනි කවියෙන්.

කියග මැඟියැ එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා
නොය කිය'මුතු එ දිගැ බමුණැ සුමන සුරිඳු විසිනා
ගිය කලැ දෙ දෙහස් පන්සිය රජකු එතැ යි දියනා
කියවිණි තන් වැසියැ එ නම් පැරකුම් රජ මෙදිනා

සිරිපා කරුණා කරලා ආපසු එන වන්දනාකාරයෙක් එහෙමත් නැත්නම් මඟියෙක් එක්ක බමුණෙක් කරන සංවාදය තමා මේ කවියෙන් ඉදිරිපත් කරන්නේ.

බමුණා අහනවා වන්දනාකාරයාගෙන් කියන්න මඟිය කොහේ ඉදන්ද එන්නේ කියලා. මඟියා පිළිතුරු දෙනවා බමුණ, මම සිරිපා කරුණා කරලායි එන්නේ කියලා. ඒ දිසාවේ අලුත් තොරතුරු කොහොමද කියලා ඊට පස්සේ බමුණා අහනවා. මඟියා කියනවා අවුරුදු දෙදහස් පන්සියයක් [බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ ඉදන්] ඉක්මවුණාට පස්සේ ලෝක නායක රජෙක් පහළ වෙනවා කියලා සමන් දෙවියන් පැවසුවා කියලා. ඒ වර්තමානයේ රජකම් කරන පරාක්‍රමබාහු රජතුමා තමා කියලා මඟියා කියනවා. 

කෝට්ටේ රාජධානිය ආරම්භ කරපු වගේම ලංකාවම එක්සේසත් කරපු VI වැනි පරාක්‍රමබාහු රජතුමාව වර්ණනා කරන්න ලියපු පැරකුම්බා සිරිතේ රජතුමාව ලෝක නායකයෙක් එහෙමත් නැත්නම් දියසේන කුමාරයා විදිහට හඳුන්වපු බව පේනවා.

දියසේන කුමාරයා ගැන මුඛ පරම්පරාවෙන් පැවත එන කවි දෙකක් තමා මේ.

දිවයුරු කෙසර රැසැ සුරගුරු කටක රැසේ
සෙනසුරු වණිජ රැස බිඳිනෙතු මිතුන රැසේ
අඟහරු මකර රැසැ සිසිපුතු මීන රැසේ
නිසයුරු මේස රැසැ වත දියසෙන් පිවිසේ

මේ කවියේ තේරුම මේ විදිහට ගන්න පුලුවන්. සූර්යයා මුදුන් වෙලා බ්‍රහස්පති ග්‍රහයා කටක රාශියේ රඳද්දී සෙනසුරු ග්‍රහයා මිථුන රාශියේ රඳයි. අඟහරු ග්‍රහයා මකර රාශියේද චන්ද්‍ර ග්‍රහයා මීන රාදියේද රඳයි. චන්ද්‍ර ග්‍රහයා මේෂ රාශියට පිවිසෙන විටම දියසේනයන් පැමිණේ.

මේ කවියෙන් කියන්නේ දියසේන කුමාරයා පැමිණෙන අවස්ථාවේ තිබෙන ග්‍රහ පිහිටීම කියලා පැහැදිලියිනේ. හැබැයි මෙතන ගැටලුව තමා දියසේනයන්ගේ පැමිණීම කියලා කියන්නේ ඔහුගේ ඉපදීමද එහෙමත් නැත්නම් රජවීමද කියන එක නිශ්චිතව තේරුම් ගන්න බැරි එක.

මහියංගන වෙහෙරැ වැඩ නිමැ වූ දාට
කොහි යම් දෙසෙකැ සිටියත් දියසෙන්හු සෙට
දෙවියන් විසින් කැඳැවෙති කොත් පැලැඳුමට
හෙයියන් බසක් නො වැ මේ සස් බසෙකි සෙට

මේ කවියේ තේරුම තමා මහියංගණ විහාරයේ [ස්ථූපයේ] වැඩ අවසන් කළ දවසට එහි කොත් පැළඳුමට දෙවියන් විසින් දියසේනයන් කොහි සිටියත් එදිනට කැඳවනු ලබන බවයි. මෙය වෙනස් වන වචනයක් නොව ස්ථීරවම සිදුවන සත්‍යයක් වේ කියන එක.

මේ දියසේන සංකල්පය කෝට්ටේ රාජධානි කාලෙදී සුළුවෙන් තිබුණත් මහනුවර රාජධානි කාලේ වෙද්දී විශාල පිළිගැනීමක් තිබුණු මතයක් වුණු බව පෙනෙන්නට තිබෙනවා. මේ නිසා උඩරට භික්ෂූන් වහන්සේලා "සුමන සූත්‍රය" කියලා අලුත් සූත්‍රයක් රචනා කරපු බව පේනවා.

බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී සමනොළ කන්දේ තිබෙන දිවා ගුහාවේ ඉදන් සුමන සමන් දිව්‍ය රාජයාට මේ සූත්‍රය දේශනා කරපු බව දක්වන්න සුමන සූත්‍රය ආරම්භයට පාලියෙන් "එවං මෙ සුතං එකං සමයං භගවා සුමනකූටං දිවාගුංහ භගවන්තො දෙසිතං සුමන සුත්තංති...." යන කොටස එකතු කරලා තියෙනවා.

ඊට පස්සේ ඒ කාලයේ භාවිතා වුණු සිංහල භාෂාවෙන් බුදුන්ගේ ලංකාගමනය වගේම ලංකාවේ බුදු සසුන පිහිටුවීම සහ ශාසන ඉතිහාසය සම්බන්ධ කතා දක්වලා ඊට පස්සේ ලංකාවට ලන්දේසින් පැමිණෙනකම් ලංකා ඉතිහාසයත් සංක්ෂිප්තව සුමන සූත්‍රයෙන් දක්වලා තියෙනවා.

මේ සූත්‍රය අවසානයේදී කියවෙන විදිහට දඹදිව දහස් ගණන් සේනාව පිරිවරාගෙන අවුරුදු 13 ක් සම්පූර්ණ දඹදිවටම අධිපතියා වෙලා රජකම් කරන දියසේන රජතුමා ලංකාවට පැමිණිලා අනුරාධපුරයට ආශා වෙලා නගරය නැවත ප්‍රතිසංස්කරණය කරලා වෙහෙර විහාර නැවත ඉදි කරවලා අවුරුදු 22 රාජ්‍ය කරලා මිය යනවා කියලා දැක්වෙනවා.

උඩරට සමය වෙද්දී රාජ්‍ය පාලනය වගේම ආගමික කටයුතුවලිනුත් පරිහානිකර තත්වයට ලංකාවට පත්වෙලා හිටිය නිසා අනාගතයේදී ලංකාව බබළවන පාලකයෙන් පහළ වෙන බව පෙන්වලා සියලු දෙනාගේ සිත් සතුටු කරවන එක මේ සූත්‍රය රචනා කරපු අයගේ අපේක්ෂාව වුණා කියලා හිතන්න පුලුවන්.

ඩී.එස්. සේනානායක අගමැතිවරයා

උඩරට යුගයේත් ඉහළ මට්ටමක තිබුණු දියසේන සංකල්පය නිදහස් ලංකාවේත් පස්සේ කාලේ ඇතිවුණා. නිදහස් ලංකාවේ පළවෙනි අගමැතිවරයා වුණු ඩී.එස්. සේනානායක මහත්තයාත් තමන් දියසේන කුමාරයා බව හඟවන්න උත්සහ කරලා තිබෙනවා. තමන්ගේ නමේ මුල් අකුරු වෙන ඩී.එස්. [දොන් ස්ටීවන්] යන්නෙන් දියසේන යන්න හඟවනවා කියලා තමා ඒ කාලේ ප්‍රචාරේ ගිහින් තියෙන්නේ.

මහියංගණ ස්ථූපය

ඒ වගේමයි කලින් දක්වපු කවි දෙකෙන් අන්තිම කවියෙන් කියන විදිහට මහියංගණ දාගැබේ කොත් පැළැඳවිමට දියසේන කුමාරයා දෙවියන්ගේ ආරාධනයෙන් කැඳවෙන බව කිව්වත් මහියංගණ දාගැබේ පිළිසකර කිරීම් ආරම්භ කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමා. අවසානයේදී මහියංගණ දාගැබේ කොත් පැළැඳුම සිදු කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමා විසින්.

දියසේන කුමාරයා තමන් බව කියපු කෙනෙක් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් පාලන කාලේ ලංකාවේ ඉදලා තියෙනවා. ටිප් ටොප් නමින් හඳුන්වපු දත් බෙහෙත් වර්ගය විකුණපු එයාගේ ඇත්ත නම සිල්වා. 1895 දී විතර ගාල්ලේදී ඉපදුණු ටිප් ටොප් සිල්වා අර කලින් කිව්ව කවි දෙකෙන් මුල් කවියේ කියවෙන විදිහට රාශි පිහිටපු වෙලාවකලු ඉපදුණා කියන්නේ.

පස්සේ කාලේ තමන්ගේ නම වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර කියලා වෙනස් කරගත්තු ටිප් ටොප් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් වගේ අගමැතිවරුන් එක්ක හොඳ හොඳ සෙල්ලම් කරපු බව තමා කියවෙන්නේ. මේන් මෙතනින් ඒ වගේ කතා දෙක තුනක් බලා ගන්න පුලුවන්.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා

1956 දී ලංකාවේ අගමැතිවරයා බවට පත්වුණු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා දෙස, බස, රැස වෙනුවෙන් කරපු කටයුතු නිසා එතුමා අනාගතයේ පහළ වෙනවායැයි කියවුණු දියසේන කුමාරයා කියලා බොහෝ දෙනා හඳුන්වලා තියෙනවා. 2500 වැනි සම්බුද්ධ ජයන්තියත් ඒ කාලයේ පැවැත්වීම නිසා මේ අදහස බහුතරයක් පිළි අරගෙන තිබුණත් ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරපු බණ්ඩාරනායක අගමැතිතුමා ඒ දියසේන වෙන්නේ තමන් නොව ලංකාවේ පොදු ජනතාව කියලා ප්‍රකාශ කළා.

මේ දියසේන කතාවේ වර්තමාන තත්වය තමා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දියසේන කුමාරයා කියන මතය. ඒ ගැන මම කියනවාටත් වඩා මෙන්න "මහින්ද රාජපක්ෂ යනු දියසේන කුමාරයාද ?" කියන ලිපියෙන් සවිස්තරාත්මකව බලන එක හොඳටම හොඳයි.

අපි ඊළඟට ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ ආගම්වල අනාගතයේ පහළ වෙන ශාස්තෲවරුන් ගැන තියෙන කරුණු කාරණා ගැන හොයලා බලමු. පළමුවෙනියටම හින්දු දහම ගැන බලමු.
හින්දු ධර්මයේ ආගමික ග්‍රන්ථ කොටසක් වෙන පුරාණ ග්‍රන්ථවල ත්‍රීමූර්තියට අයත් දෙවියෙක් වෙන විෂ්ණු දෙවියන්ගේ අවතාර 10 පිළිබඳව සඳහන් වෙනවා. මේ අවතාර 10 න් 9 ක්ම මේ වෙද්දී මනුෂ්‍ය ලෝකයේ වරින් වර ධර්මය පරදවලා අධර්මය නැගී සිටපු අවස්ථාවන්වලදී පහළ වෙලා තියෙනවා.

ඒ විදිහට පහළ වුණු අවතාර 9 තමා මත්ස්‍ය, කුර්ම (ඉදිබුවා), වරාහ (ඌරා), නරසිංහ, වාමන, පරශුරාම, රාම, ක්‍රිෂ්ණ, බුද්ධ කියන අවතාර.

කල්කි අවතාරය දුර්ජනයන් විනාශ කිරීම

අනාගතයේ පහළ වෙන්න නියමිතව තිබෙන විෂ්ණුගේ අවතාරය තමා "කල්කි" අවතාරය. ඒ ගැන ශ්‍රීමත් භගවතම් ග්‍රන්ථයේ දක්වන්නේ මේ විදිහට.

යර්හ්‍යාලයෙෂ්වපි සතාං හරෙඃ කතාඃ ස්‍යුඃ
පාෂාණ්ඩිනො ද්විජ ජනා වෘෂලා නෘ දේවාඃ
ස්වාහා ස්වධා වෂඩිති ස්ම ගිරෝ න යත්‍ර
ශාස්තා භවිෂ්‍යති කලෙර් භගවාන් යුගාන්තේ

මේ ශ්ලෝකයේ අර්ථය මෙහෙමයි. කලියුගය අවසානය වෙද්දී දෙවියන් සම්බන්ධව කිසිම කතාවක් නැති වෙනවා. ශාන්තුවරු වශයෙන් හැඳින්වෙන පූජනීය පුද්ගලයන්ගේ ගෙවල්වල පවා දෙවියන් සම්බන්ධ කතා කිරීමක් නැතුව යනවා. ඒ වගේමයි මෙතෙක් කල් සමාජයේ බලය හිමිවෙලා තිබුණු බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය කියන ද්විජයන් [දෙවරක් උපන්] අතින් බලය අහිමි වෙලා රාජ්‍යයන් පාලනය කිරීමේ බලය හිමිවන්නේ පහත්ම කුලය වෙන ශුද්‍රයන්ට.

ඇමති ධූර ඒ වගේම සමාජයේ ඉහළ තනතුරුවලට පවා තේරී පත්වෙන්නේ ශුද්‍රයන්වයි. මෙහෙම වෙද්දී පරිත්‍යාගය වගේ යහපත් ගුණාංග ගැන මිනිස්සු අමතක කරනවා වගේම එහෙම වචනයක් ගැනවත් මිනිස්සු දන්නේ නැති වෙනවා. මේ කාලයේදී අයහපත පරාජය කරලා නැවත වරක් මිනිස් ලෝකයේ යහපත ස්ථාපනය කරන්න විෂ්ණු දෙවියන් කල්කි විදිහට පහළ වෙනවා.

කල්කි අවතාරය විස්තර කෙරෙන්නේ සුදු අශ්වයෙක් පිට නැගලා එන රතු වස්ත්‍රයකින් සැරසිලා එන පුද්ගලයෙක් විදිහට. කල්කිගේ අතේ තිබෙන කඩුවෙක් අධර්මිෂ්ටයන් මරා දමනවා කියලා තමා හින්දු ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ.

මේ කරුණු නිසා හින්දු බැතිමතුන් අනාගතයේ පහළ වෙන කල්කි අපේක්ෂාවෙන් තමා ඉන්නේ. 

ජේසුතුමා නැවත මිනිස් ලොවට පැමිණෙන ආකාරය

ක්‍රිස්තියානි එහෙමත් නැත්නම් කතෝලිකයන් අතරේත් මේ ආකාරයේ විශ්වාසයක් පවතිනවා. ජොහාන්තුමා හෝ වෙනත් කතුවරයෙක් විසින් දේවානුභාවයෙන් ලියන ලදැයි සැළකෙන කතෝලිකයන්ගේ ශුද්ධ වූ බයිබලයේ අවසන් කොටස වෙන එළිදරව්වේ ශුභාරංචියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම ගැන සඳහන් වෙනවා.

දෙවියන් වහන්සේව විශ්වාස නොකරමින් තමන් කරපු පව් ගැන පසුතැවිලි නොවී අධර්මයේ ගැලිලා ඉන්න මිනිස්සු විනාශ කරලා යහපත නැවත ඇති කරන්න තමා ඒ ආකාරයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම සිද්ධ වෙන්නේ.  

එළිදරව්වේ ශුභාරංචියේ 19 කොටසේ ඒ ගැන කියන්නේ මේ විදිහට

"....එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සත්‍යය යන නම් දරණ තැනැන්වහන්සේ [ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ] ඌ පිට වැඩහුන් සේක. උන්වහන්සේ දැහැමින් විනිශ්චය කරන සේක, යුද්ධ කරන සේක.

ජේසුතුමා සහ ස්වර්ගික සේනාවේ ආගමනය

උන්වහන්සේගේ නේත්‍ර අග්නිජාලා මෙනි. උන්වහන්සේගේ හිස මත බොහෝ කිරුළු ඇත. උන්වහන්සේ හැර අන් කිසිවෙකු නොදන්නා නාමයක් එහි ලියා ඇත. ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන්වහන්සේ හැඳ සිටිසේක. දෙවියන් වහන්සේගේ ධර්මයාණෝයැයි උන්වහන්සේට කියන ලදී. ස්වර්ගික යුද්ධ සේනාවෝ සුදු, සිනිඳු, පිවිතුරු වස්ත්‍ර හැඳ සුදු අශ්වයන් පිට උන්වහන්සේ පසුපස්සේ ගියහ.

ජාතීන්ට පහර දෙනු පහර දෙනු පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන්වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඩින සේක....."

ජේසුතුමා සහ ස්වර්ගික සේනාවේ ආගමනය

කුරුසයේ ඇණ ගැසීමෙන් දින තුනකට පසුව උත්ථානය වුණු ජේසුස් වහන්සේ තමන්ගේ අනුගාමිකයන්ට අවවාද ආදිය ලබාදීලා ස්වර්ගය බලා නික්මුණාට පස්සේ නැවත වරක් මේ ආකාරයෙන් මිනිස් ලොවට පැමිණෙනවා කියලා තමා කතෝලිකයන්ගේ විශ්වාසය වෙන්නේ.

ඒත් මේක සිද්ධ වෙන දවසක් සම්බන්ධව නිශ්චිතව දක්වලා නැහැ. ඒක දේව රහසක් කියලයි කියවෙන්නේ. කොහොම නමුත් මිනිසා තුළ දෙවියන් වහන්සේ සම්බන්ධව විශ්වාසය නැතිවෙලා අධර්මයට වැඩි වශයෙන් යොමු වීමත් එක්කම මේ සිදුවීම් සිද්ධ වෙනවා කියලා තමා දැනගන්න ලැබුණේ.

රෝම අධිරාජ්‍යයෙන් ක්‍රිස්තියානි ධර්මයට වුණු පීඩනයෙන් අසහනයට පත්වුණු ජනතාව සැනසීමට එළිදරව්වේ ශුභාරංචියේ කොටස රචනා වුණා කියන අදහස ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අතින් බලද්දී ලංකාවේ සුමන සූත්‍රය රචනා වෙන්න හේතු වුණා වගේ තත්වයක් මේ අවස්ථාවේදීත් ඇතිවෙලා තියෙන වග හිතන්න පුලුවන්.

මහ්දිතුමාගේ නාමය මදීනාවේ මුස්ලිම් පල්ලියක සටහන් කර ඇති අයුරු

ඉස්ලාම් භක්තිකයනුත් මේ ආකාරයෙන් අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දිතුමා/ මහ්දි අලෙයිහි සලාම්තුමා පිළිබඳව විශ්වාසයෙන් පසු වෙනවා. මෙතුමාගේ නම වෙන මහ්දි යන්නෙන් යහපත කරා කැඳවන්නා කියන එකත්, ඉමාම් යන්නෙන් නායකයා කියන එකත්, අලෙයිහි සලාම් යන්නෙන් අල්ලාගේ ශාන්තිය හිමිවන්නා කියන තේරුමත් ප්‍රකාශ වෙනවා.

ඉස්ලාම් දහමේ මීට පෙර සිටි නබිවරයා වුණු මොහමඩ් නබිතුමාගේ පරපුර වෙන කුරෙයිෂි ගෝත්‍රයේ උපදින මහ්දි අලෙයිහි සලාම්ගේ දෙමාපියන්ගේ නම් පවා මොහොමඩ් නබිතුමාගේ දෙමාපියන්ගේ නම්වලට සමාන වන බවයි කියවෙන්නේ.

ඉස්ලාම් කැලැන්ඩරයට අනුව හජ් මාසයේ 10 වෙනිදා සිකුරාදාවක් වෙන හජ්ජුල් අක්බර් අවුරුද්දකදී ඉමාම් මහ්දිතුමාව ලෝකයට ප්‍රකාශ වෙනවා කියලා තමා හදීස්වල දක්වලා තියෙන්නේ. ඒ වෙද්දී හජ් වන්දනාවේ යෙදෙමින් ඉන්න එතුමා තමා ඉමාම් මහ්දි කියලා මුළු ලෝකයටම ඇහෙන ශබ්දයකින් දැනුම් දෙනු ලැබෙනවා.

ඒ වෙද්දී ඉමාම් මහ්දිතුමාට වයස අවුරුදු 40 ක් පමණ වෙනවා. පුළුල් නළලක් සහ දිග නහයක් ඉමාම් මහ්දිතුමාට තිබෙන බව තමා කියවෙන්නේ.

මේ කාලය වෙද්දී ලෝකය පුරා තිබෙන සියලුම මුස්ලිම් රාජ්‍යයන් එකතු වෙලා මහ්දිතුමාගේ නායකත්වයට පත්වෙනවා. ඒ නිසා මහ්දි මුස්ලිම්වරුන්ගේ කාලිෆ්වරයා විදිහටත් සැලකෙනවා. සමස්ත ලෝකවාසී මුස්ලිම්වරුන්ගේ කාලිෆ්වරයා විදිහට මුස්ලිම්වරුන්ට නිවැරදි මග පෙන්වීම මහ්දි අලෙයිහි සලාම් විසින් අවුරුදු 7 ක් සිදු කරනවා.

මේ ආකාරයෙන් ඉමාම් මහ්දිතුමා ඊට පසුව පහළ වෙන ඊෂා අලෙයිතුමාට මිනිස් ලොව පහළ වෙන්නට අවශ්‍ය පසුබිම සකස් කරනවා. මහ්දිතුමාගේ කාලය අවසන් වීමත් එක්ක ඊෂා අලෙයිතුමා මිනිස් ලොව පහළ වෙනවා. මුස්ලිම්වරු ඊෂා අලෙයිතුමා විදිහට හඳුන්වන්නේ කතෝලික බැතිමතුන් විසින් තමන්ව පාපයෙන් මුදවා ගන්න දෙවියන් වහන්සේගේ මිනිස් ලොවට එවූ තමන්ගේ පුත්‍රයා වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි.

මේ නිසා ඊෂා අලෙයිතුමාගේ පහළ වීමත් එක්ක සමස්ත ලෝකවාසී කතෝලික ප්‍රජාවත් මුස්ලිම්වරුන් එක්ක එකතු වෙලා ඊෂා අලෙයිතුමාගේ නායකත්වය පිළිගන්නවා කියලා තමා මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වෙන්නේ. මේ කාරණය නිසාම කතෝලිකයන් විශ්වාස කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුනරාගමනය හා මුස්ලිම්වරුන් විශ්වාස කරන ඊෂා අලෙයිතුමාගේ පුනාරාගමනය සමාන බවයි පේන්නේ.

මිනිස් ලොවට පහළ වුණු ඊෂා අලෙයිතුමා මාරයා හෙවත් අයහපත වෙන දජ්ජල්ට එරෙහිව ඉමාම් මහ්දිතුමා එක්ක එකතු වෙලා සටන් කරනවා. දජ්ජල් පරාජය කිරීමෙන් පස්සේ ඉමාම් මහ්දිතුමා තමන්ගේ ජීවිතය අවසන් කරනවා.

ඊට පස්සේ ඊෂා අලෙයිතුමා වසර 40 ක් හෝ 45 ක් මිනිස් ලොව පාලනය කරන බවයි ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසය වෙන්නේ. ඊට පස්සේ එතුමාත් මිය යාමෙන් පස්සේ ක්‍රමයෙන් ඉස්ලාමයෙන් මිනිසුන් බැහැර වීමත් එක්ක තමා ඉස්ලාම් දහමේ දැක්වෙන විදිහට ලෝක විනාශය සිද්ධ වෙන්නේ.

අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දිතුමා සම්බන්ධව වගේම ඊෂා අලෙයිතුමා ගැනත් විස්තර රාශියක්ම හදීස් නමින් හඳුන්වන මොහොමඩ් නබිනායකතුමා විසින් වාචිකව දේශනා කරපු ඒ වගේමයි අනුමත කරපු දේවල් ඇතුළත් රචනා කරපු කෘතිවල ඇතුළත් වෙලා තිබෙනවා.

මේ ආකාරයෙන් හදීස්වල කරුණු තිබුණත් වරින්වර පුද්ගලයන් තමන් අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දි නමින් හඳුන්වලා කටයුතු කරලා තියෙනවා.ඒ හැරෙන්න මේ වෙද්දිත් තමන් ඉමාම් මහ්දි කියලා හඳුන්වාගන්නා පුද්ගලයින් ඉන්නා බවයි කියවෙන්නේ.  තමන් ඉමාම් මහ්දි කියලා හඳුන්වාගන්න එක නම් හරියට තමන් දියසේන කුමාරයා කියලා හඳුන්වා ගන්න තිබුණු වගේම තියෙන ආශාව වගේ කියලයි මට නම් හිතෙන්නේ.

මේ සියලුම අදහස් එකතු කරලා බලද්දී කිසියම් සමානකමක් නැත්තේමත් නැහැ. කොහොම නමුත් තමන්ගේ විමුක්තිය එහෙමත් නැත්නම් ගැලවීම උදා කර ගන්න එක හැමෝගේම වගේ ලොකු ආශාවක් බව නම් පැහැදිලියි.

ප.ලි.: දවස් ගාණක් තිස්සේ ඉදන් මහන්සි වෙලා මේ කතාව ලිව්වේ ආගිය කතාවේ පළවෙනි 200 වෙනි ලිපිය නිමිති කරගෙන. මේ දක්වා මට ලියන්න හයියක් වුණු හැමෝටම මගේ නිමක් නොවන ස්තුතිය :)

ප.ප.ලි.: මේ ලිපිය ලියද්දී හුඟක් වෙලාවට මම ස්වයං අධ්‍යයනයන් තමා සිද්ධ කළේ. ඒත් නොතේරුණු තැන් කියා දෙන්න උදව් වුණු අපේ කැම්පස් එකේ සංස්කෘත අධ්‍යයනාංශයේ හාමුදුරුවරුන්ටත්, ක්‍රිස්තියානි ධර්මය හදාරන මිතුරු මිතුරියන්ටත් ඒ වගේමයි ඉස්ලාම් ධර්මය සම්බන්ධ කරුණු රැසක් හොයාගන්න උදව් කරපු මුහුණු පොතෙන් හඳුනාගත්තු මොහොමඩ් රිසාන් සහ මොහොමඩ් අස්ෆාරන් කියන මිතුරන් දෙදෙනාටත් විශේෂ ස්තුතියක් හිමිවිය යුතුමයි. 

131 comments:

  1. සුභ පැතුම් .ඉදිරියටත් සාරගර්භ ලිපි ලියන්නට අවස්ථාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. @ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

      ස්තුතියි දිරිමත් කිරීමට :)

      Delete
  2. මගෙනුත් උනුසුම් සුභ පැතුම් අය්යේ... ලිපිය නම් සුපිරී ජයෙන් ජය....

    ReplyDelete
  3. පළමුව සුබපැතුම් 200වැනි පෝස්ටුවට. ඒ වගේම දැඩි වෙහෙසක් දරා කෙටූ මේ ලිපියත් බොහොම හරවත්.ඔබට සදා ජය.

    ReplyDelete
    Replies
    1. @ Naleen Dilruksha

      200 ට හොඳම දෙයක් දෙන්න ඕනේ නිසායි මෙච්චර මහන්සි වුණේ. ස්තුතියි :)

      Delete
  4. හරවත් දෙසියවෙනි පෝස්ට් එක ලිවීම ගැන ඔබට ස්තූතියි,
    ගොඩක් මහන්සි වෙන්න ඇති ඔයා මේ වැඩේට

    //සියලුම අදහස් එකතු කරලා බලද්දී කිසියම් සමානකමක් නැත්තේමත් නැහැ//

    මතකනේ දී මූ ලොක්කට වෙච්ච දේ

    ReplyDelete
    Replies
    1. @ ලක්මාල් කන්දෙවිදානෙ

      මේක ලියන්න ඇත්තටම ගොඩක් මහන්සි වෙන්න වුණා අයියා. අනික අනික් ආගම් ගැන ලියද්දී පරිස්සම් වෙන්නත් එපායැ. දී.මූ ලොක්කා නම් නාකි නිසා පොඩ්ඩක් පැටලෙන ගතිය නේද :P

      ස්තුතියි සුභ පැතුම්වලට

      Delete
  5. 200 ට සුබපැතුම්........
    මේ වටින වැඩේ දිගට කරගෙන යමු.
    ලිපිය කියවල ඉවරවෙලා තව කමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. @ කේ.යූ.ජී. උදාර

      ස්තුතියි. පුලුවන් තරම් කල් මේ වැඩේ කරගෙන යනවා

      Delete
  6. සුබපැතුම් ...

    ReplyDelete
  7. අර ග්‍රීක කතාව කලින් අහල තිබුන උනාට කාටවත් කිය්න්න මතක නෑ ග්‍රීක දෙවිවරුන්ගෙ නම් අමතක නිසා. ඒ උනාට ග්‍රීක සාහිට්‍යත් බොහොම රසවත්

    හසිතයියට මුලු හදවතින්ම සුභ පතනව තවත් බොහෝ දුර ගමනක් යන්න.ඒ වගේම ඔබ සතුවතියන දැනුම් කන්දරාවත් බොහොම අගය කරනවා.. ගොඩක් වටින ලිපියක්! ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. @ සමී

      ග්‍රීක දේව කතා කියවන්න වගේම ඒකත් එක්ක සම්බන්ධ වෙන ෆිල්ම් එහෙමත් බලන්න මාත් කැමතියි. ඉස්සරහට ග්‍රීක දේව කතා කීපයක් ලියන්න හිතේ තියාගෙන ඉන්නවා. බලමුකෝ....

      ස්තුතියි මලයණ්ඩි අගය කළාට වගේම සුභ පැතුවාට :)

      Delete
  8. "පැන්ඩෝරා" කතාව හරියට අපේ බයිබලයේ උප්පත්ති කතාවේ තියෙනව ආදම් ඒව කතාව වගේනේ.. විෂ්ණු දෙවියන්ගේ බුද්ද අවතාරේ මොකක්ද මයිත්‍රී බුදුන්ද ?.
    දියසෙන් කතාව ඔය ඉන්න අයත් එක්ක බලද්දී වර්තමාන ජනාධිපති තුමාට තමයි වැඩිම සමානකමක් තියෙන්නේ..
    අනාගතේ ජේසුස් ගේ පාලන කාලයක් ගැන බයිබලයේ තිබෙනවා ..
    වෙනදා වගේම වටිනා ලිපියක් ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. //විෂ්ණු දෙවියන්ගේ බුද්ද අවතාරේ මොකක්ද මයිත්‍රී බුදුන්ද ?//
      නෑ. හින්දු අය බුද්ධ අවතාරය කියල කියන්නෙ "ගෞතම" බුදුන්ට.

      Delete
    2. @ චමී4යූ~chami4u

      ග්‍රීක දේව කතාවලට සමාන කතාත් බයිබලේ තියෙන නිසා මොකක් හරි ආභාෂයක් ලැබුණා වෙන්නත් පුලුවන්. විෂ්ණු දෙවියන්ගේ අවතාරය්ක් විදිහට පිළිගන්නේ ගෞතම බුදුන් වහන්සේව.

      දියසෙන් කතාව ගැන නම් තීරණය කරන එක පාඨකයන්ට භාරයි :)

      බයිබලයේ එළිදරව්වේ ජේසුතුමාගේ පහළවීම ගැණ විස්තරේ විතරයි මට කියන්න උවමනා කළේ. එළිදරව්ව සම්පූර්ණයෙන්ම අපිට කියාදෙන්න කතෝලික බ්ලොග්කරුවෙක්ට පුලුවන් නම් වඩාත් හොඳයි. [ඔයා හරි හරී අයියා හරි]

      Delete
    3. @ de silva

      ස්තුතියි පිළිතුරු බැන්දාට :)

      Delete
  9. ඔබ ලියන ශෛලිය ද, ලියන්නට තෝරා ගන්නා නිමිත්ත දඑකසේ අගය කරමි. මතුපිටින් අත ගා බලා මොනවා හෝ ලියනවාට වඩා හරවත්, මෙවන් ලිපි තව සුවහසක් ලියන්නට ධෛර්යය ශක්තිය ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. @ Indranatha Thenuwara

      ස්තුතියි ඔබතුමාගේ දිරිගැන්වීමට. මේ ප්‍රතිචාරය මට හුඟක්ම වටිනවා :)

      Delete
  10. හසිත මගේ උණුසුම් සුභපැතුම්. බ්ලොග් එකගන නම් මගේ අදහස දන්නවනේ මේ ආගිය කතා බ්ලොග් එක මම බලන්නේ මගේ බ්ලොග් එක පටන්ගන්නත් කලින් ඉඳන්.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      කෝරලේ මහත්තයා ඒ ගැන නම් මට කලිනුත් කිව්වානේ. ස්තුතියි හැමදාම දෙන හයියට :)

      Delete
  11. පැන්ඩෝරාගේ පෙට්ටගම කියෙව්වෙ පාසැල් යන කාලෙදියි. බොහොම වැදගත් විස්තර ටිකක් හසිත. ස්තූතියි ලිපියට.
    හසිත මගේ උණුසුම් සුභපැතුම්! තව තව වැදගත් දේ ලියන්නට ධෛර්යය ශක්තිය ලැබේවා.!

    ReplyDelete
    Replies
    1. @ Chandi

      මටත් ඒ කතාව මතකේ තිබ්බේ ඉස්කෝලේ යන කාලේ මොකක් හරි පොතකින් කියෙව්ව නිසා... ඒ වගේ ග්‍රීක දේව කතා කීපයක්ම ඒ කාලේ මොකක් හරි පොතකින් කියෙව්වා මතකයි. දැන් ඒ පොත මතකත් නැහැ කතා මතකත් නැහැ.

      ස්තුතියි ඔබතුමියගේ සුභ පැතුමටත් :)

      Delete
  12. උණුසුම් සුබ පැතුම් අයියේ..!!
    අයියගේ බ්ලොග් එකෙන් ඉගෙන ගත්ත දේවල් අප්‍රමාණයි.
    බොහොම ස්තුතියි මෙච්චර මහන්සි වෙලා ලිපි ලියනවට..!!

    ReplyDelete
    Replies
    1. @ Pramudi

      මගේ උත්සාහය අපතේ ගිහින් නැහැ කියලා හිතෙන්නේ මේ වගේ ප්‍රතිචාර නිසා. ස්තුතියි නඟා හැමදාමත් වගේ දෙන හයියට :)

      Delete
  13. Replies
    1. @ Isuru

      ඔබේ කාරුණික ප්‍රතිචාරයටත් ස්තුතියි :)

      Delete
  14. 200ට සුභ පැතුම්..!

    දියසේන කුමාරයා ඉන්නව එහෙනං..හෙහ්..හෙහ්..!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      දියසේන කුමාරයා ඇත්තටම ඉන්නවාද කියන එක තේරුම් ගන්න එක පාඨකයන්ට භාර කරනවා. ඒත් දියසේන ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ නම් ජීවමනාව ඉන්නවා...

      ස්තුතියි සුභ පැතුමට :)

      Delete
  15. ලොකු වෙහෙසක් අරගෙන මේ වගේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට බොහොම ස්තූතියි හසිත.
    දියසේන කුමාරයා ගැන වචනයක් කිව්වොත් තමන්ගේ බලය රැක ගන්න දගලන මේ රටේ දේශපාලකයෝ දියසේන නෙවෙයි තමන් ඊට වඩා වැඩි කෙනෙක් කියල උනත් කියයි.........

    ReplyDelete
    Replies
    1. @ කේ.යූ.ජී. උදාර

      රාජ පරම්පරාවක කෙනෙක් කියලා උදම් අනන දේශපාලකයන් පවා ඉන්න රටක් නොවැ මේක. ටිබෙටයේ දලයි ලාමා හෙවත් ජීවමාන බුදුන්ගේ සංකල්පය ආවෙත් මේ වගේ දෙයක් නිසා කියලා කියනවා. ඒ ගැනත් ලඟදී දවසක කියන්න හිතේ තියෙනවා

      Delete
  16. මට මේ ලිපිය කියවත්දී ආපු අදහස තමයි හසිත ඉන්න ඕන තනද ඉන්නේ කියන එක. අද පත්තර වල පල වන කුණු කන්දල් දැක්කාම මේ වගේ ලිපියක් කොයි තරම වටිනවද කියල හිතෙනවා. 200 වෙනි පොස්ට් එකට සුභ පතන ගමන් මෙවැනි බොහෝ ලිපි ලියන්නට ශක්තිය දෛරිය ලැබේවා !!!! කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. මේ කතාව නම් සහතික ඇත්ත. ඒත් පත්තර කාරයෝ ඔය කුණු ඕක අස්සේ ගහගන්නේ උන්ටත් ඕවා විකුණලා කීයක් හරි හොයාගන්න ඕනේ නිසයි.

      Delete
    2. හසිත මල්ලිට සුබ පතන ගමන් මේ කතාවටත් මම හවුල් වෙන්න කැමතියි. දැන් කාලේ පත්තර වැඩි ප්‍රමාණයක තත්ත්වය දැක්කාම හසිත ඒවාට සම්බන්ධ නොවීම කොච්චර හොඳද කියලා හිතෙනවා.

      Delete
    3. @ සු දී ක

      පත්තරවල තියෙන කුණු කන්දල් ගැන යමක් කිව්වොත් ඒවා කියවන්න කට්ටිය ඉන්න නිසා වෙන්න ඕනේ ඒවා ලියන්නේ. ඒ වගේමයි අනික් අතට හොඳ ලිපි කියවන්නත් පාඨක පිරිසක් නැත්තේම නැහැ.

      අයියාගේ සුභ පැතුම්වලටත් ස්තුතියි :)

      Delete
    4. @ Alexander Cage

      කුණු රසට කැමති පිරිසකුත් ඉන්නවානේ අයියා. ගුවන් විදුලියේ උදේට යන හඩ්සන් ලොක්කාගේ වැඩසටහනට හුඟක් අය බනිනවානේ. කොටින්ම ඒක අහන්න තරම් අප්‍රසන්නයි කියලයි මගේත් හැඟීම. ඒත් ඒක නොවරදාම අහන පිරිසකුත් ඉන්නවා :D

      Delete
    5. @ Chamara Sumanapala

      හොඳ පත්තර කීපයක් නැත්තේමත් නැහැ අයියා. විශේෂයෙන් මව්බිම පත්තරේ එහෙම හොඳ අතිරේක සති අන්ත පත්තරේ තියෙනවා.

      ස්තුතිය් අයියාගේ සුභාශිංසනවලට :)

      Delete
  17. 200 වැනි පොස්ටුව ඉතාම හරවත්! සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. @ Nelum

      ඉතාමත්ම ස්තුතියි. 200 ට හොඳ හිට් ටොපික් එකක් ලියන්න හිතුණා

      Delete
  18. Unusum subha pathum !!!
    Ithama wadagath lipiyak godak mahansi wela tiyana bawa hodinma watahenawa..

    Thawath mewani arthanwitha,watina lipi liyannata awashya shakthiya dairya nowaduwa labewa !!!

    ReplyDelete
    Replies
    1. @ Damith Sriyantha

      ස්තුතියි මේ විදිහට කරන දිරිමත් කිරීමට වගේම සුභ පැතුම්වලට :)

      Delete
  19. සුභ පැතුම මේ වගේ හරවත් ඉතිහාස කතා දැනගන්න අපි එන්නේ මෙතනටම තමා.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      අහන්නත් සතුටුයි අයියා ඒක නම්. ස්තුතියි සුභ පැතුමට :)

      Delete
  20. සුබ පැතුම්! මේ වගේ හරවත් ලිපි ලියන්න කාලවේලාව හොයාගන්නත්, ලියලා පලකරන්නත් ඉදිරියේදිත් ඉඩකඩ ලැබේවා! හසිත බ්ලොග් එක පටන්ගත්තු කාලෙට වඩා දැන් ලියන දේවල් ගොඩක් වෙනස්. ඒකාලේට වඩා දැන්‍ ලිපියක් කියෝපුවාම පොඩි පිරුනු ගතියක් දැනෙනවා.

    ඒ වගේම - මම හිතන්නෙ මිනිස්සු මේ වගේ හැසිරෙන්න ප්‍රධානම වැරැද්ද කරලා තියෙන්නෙ අර මුලින්ම කතා කරපු අර්ධ දෙවියා කියලා.... අපරාදේ එයා මුලින් ම මිනිස්සුන්ව මැටි වලින් හැදුවේ :D

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      ඒක ඇත්ත අයියා. ඒක මටත් හිතෙනවා. මම දැන් ලියන දේවල් ඉස්සර ලිව්ව දේවල් එක්ක සංසන්දනේ කරලා බලද්දී මගෙන් ලියවෙන්න ඕනේ දේ ලියවෙනවා කියලායි මගෙත් අදහස.

      ඉස්ලාම් ආගමේ කියන විදිහටත් මිනිහාව මැව්වා කියන්නේ රතු මැට්ටෙන්. ඒක නිසාම වෙන්න ඇති "මැට්ටා" කියන වචනේ එන්න ඇත්තේ :P

      Delete
  21. කොහොමත් කතෝලික ආගමෙත් ඉස්ලාම් ආගමෙත් යම් යම් සමානකම් ගැන මමත් අහලා තියෙනවා. කුරානය පවා සකස් වෙලා තියෙන්නෙ කතෝලිකයන්ගේ පරණ තෙස්තමේන්තුව ඇසුරින් කියලයි මම අහලා තියෙන්නෙ. (මම වැරදි නම් නිවැරදි කරන්න ) සුබ පැතුම් මලයෝ, බ්ලොග් අවකාශයේ හරවත් ලිපි තියෙන සීමිත අඩවි කිහිපයෙන් එකක් තමයි මේ. (මගේ අදහස ) මේ යහපත් කාර්යය දිගටම පවත්වාගෙන යන්න හැකියාව ලැබෙන්න වගේ ම හැම කටයුත්තක් ම සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව!

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      කතෝලික දහමේ සහ ඉස්ලාම් දහමේ සමානකම් තියෙන බව ඇත්ත තමා අයියා. කතන්දර වගේම යම් යම් පුද්ගලයන් පවා මේ ආගම් දෙකේම අය පිළිගන්නවා. ඒත් කුරාණය පරණ තෙස්තමේන්තුවෙන් සකස්වීම ගැන නම් මම හරියටම යමක් කියන්න දන්නේ නැහැ.

      ස්තුතියි අයියාගේ අගය කිරීමටත් දිරිමත් කිරීමටත් සුභ පැතුමටත් :)

      Delete
  22. හසිත මලේ,

    උඹේ මේ ලිපි මසුරං පහයි, තවත් ටිකයි. හිටපු ගමන් දිග වැඩිද කියලත් හිතුනට කරුණු කපල තේරුමක් ඇතෑ. ඒ නිසා ඔහොම යන්...තව මේ වගේ වටින කියන දේවල් ජාලෙට එකතු කරන්න ශක්තිය වෙලාව ලැබෙන්න කියල පතනව.

    ReplyDelete
    Replies
    1. @ ඉන්දික උපශාන්ත

      මේක කපන්න ගියා නම් එකක් මටත් එපා වෙනවා. ඒ වගේමයි බලන මිනිස්සුන්ටත් එපා වෙනවා. මොකද ඊට පස්සේ කෑල්ල කියවන්න ගියාම මුල මතක නැති වෙනවා. අනික තියෙන දේවලුත් ටිකක් සංකීර්ණයිනේ.

      අයියාගේ අගය කිරීමටත් සුභ පැතීමටත් ස්තුතියි :)

      Delete
  23. 200 වැනි ලිපියට උණුසුම් සුබ පැතුම් හ්හසිත මල්ලි..! ඉදිරියටත් මෙවැනි වටිනා තොරතුරු අපට බෙදා දෙන්නට ශක්තිය ලැබෙන්න ඕන!!

    ReplyDelete
    Replies
    1. @ Chandana

      පුලුවන් තරම් කල් මේ වැඩේ කරනවා අයියා. ස්තුතියි හැමදාමත් දෙන හයියට :D

      Delete
  24. Replies
    1. @ සුදු මහත්තයා

      තැන්කු ලොක්කා :D

      Delete
  25. ඔබේ බ්ලොගියේ අද දින පසුකරන 200 කඩඉමට මගෙන් උණුසුම් සුභ පැතුම්... මෙවැනි සාරගර්භ ලිපි ඉදිරියටත් අප වෙනුවෙන් ලියන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      ස්තුතියි අයියා සුභ පැතුමට වගේම දිරි ගැන්වීමට. ඒක මට හැමදාමත් හයියක් :)

      Delete
  26. මගෙනුත් සුභ පැතුම් හසිත....! මෙවැනි වටිනා දේවල් තවදුරටත් ලිවීමට ශක්තිය ධෛර්ය ලැබේවායි හදවතින්ම පතනවා....!!!

    ReplyDelete
    Replies
    1. @ සමනළී

      ස්තුතියි සුභ පැතුමට වගේම දිරි ගැන්වීමට :)

      Delete
  27. ග්‍රීක සාහිත්‍ය සෑහෙන විශාල එකක්.. ඒ වගේම ඉගෙන ගන්නත් ආස හිතෙන එකක්.. ලියන එක වෙහෙස කරයි කියලා දන්නවා.. ඒත් මලයට ලියන්න පුළුවන් නම් ඒක සෑහෙන වටිනවා අපිටත්..

    හරවත් 200 ලිපියට උණුසුම් සුභ පැතුම් හසිත මලයා.. මේක මං කැමතිම බ්ලොග් වල ඉහලින්ම තියෙන එකක්.. දිගටම ලියමු.. ගොඩක් ආසාවෙන් නොදන්න දේවල් දැන කියා ගන්න මේ පැත්තේ එන්නේ.. ජය..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ග්‍රීක දේව කතා කීපයක් තිබුණු පොතක් ඉස්කෝලේ යන කාලේ [6,7 වගේ ඉන්න කාලේ] කියෙව්වා වගේ මතකයි. ඒත් ඒ පොතේ නම වගේම කතා මොකුත් මතක නැහැ. ඒත් ග්‍රීක දේව කතාවලට තියෙන කැමැත්ත තව තව වැඩිවුණා මිසක් අඩුවෙලා නැහැ.

      මෑත කාලේ ආපු ග්‍රීක දේව කතා ගැන තිබුණු ෆිල්ම් පවා බැලුවේ ලොකු ආසාවකින්. ඉස්සරහට ඒ ගැනත් යමක් ලියන්න හිතේ තියෙනවා අයියා. ඉඩකඩ ලැබෙන විදිහට බලමු අයියා.

      ස්තුතියි හැමදාමත් මේ පැත්තේ ගොඩ වැදිලා දිරිගන්වලා යන එකට අයියා :)

      Delete
  28. මුලින්ම 200 සුභ පතනවා!!!,, හසිත බ්ලොග් අවකාශයට ලොකු සේවයක් කරන්නේ ඒකට ගොඩක් ස්තූතීවන්ත වෙනවා..

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      මගෙන් වෙන ඒ සේවය කරගෙන යන්න මාව දිරිගන්වන ඔබටත් බොහොම ස්තුතියි අයියණ්ඩි :)

      Delete
  29. හසිත මගේ උණුසුම් සුභපැතුම් 200 ලිපියට.

    //පිරිමියාගේ පාළුව නැති කරන්න සියුස් Hephaestus ලවා පැන්ඩෝරා නමින් බිරිඳකුත් හදලා දෙනවා.//
    අන්න මලේ නියම දෙවිවරු.

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      බයිබලේ විදිහට ආදම්ගේ පාළුව නැති කරන්න දෙවියන් වහන්සේ ඒවාව මවනවා. එහෙම බලද්දී ඉතින් හුඟක් දෙවිවරු එහෙම තමා :)

      ස්තුතියි සුභ පැතුම්වලට :)

      Delete
    2. අපිටත් මොකෙක් හරි මවලා දෙන්න කියපන්කො.

      Delete
    3. @ Anonymous December 30, 2012 12:41 PM

      කිව්වට වැඩක් නැහැ ලොක්කා දෙයියාටම ඒක හිතෙන්න ඕනේ :D

      Delete
  30. ඔබේ උත්සහයට ස්තුතියි.
    ඒ වගේම 200 වෙනි ලිපියට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      ස්තුතියි අයියාත් හැමදාම වගේම මේ පැත්තේ ඇවිත් දෙන දිරිගැන්වීමට :)

      Delete
  31. අතිශය පරක්කුයි මම අද නම්. 200 ලියන්න හැකිවුනා වගේ තව 200 ලියවේවා.. සුභ පතනවා බ්ලොග් එකට. ඒ එක්කම මේ අප්‍රතිහත කැපවීම එක්ක සාරගර්භ කරුණු වලට බොහොමත්ම ස්තුතියි කියලත් කියන්න කැමතියි. ගොඩක් දේවල් මේ හරහා මම ඉගනගත්තා.

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      කිසි ප්‍රමාදයක් නැහැ අයියා. යමක් ඉගෙන ගත්තා නම් ඒ ගැන ගොඩක්ම සතුටුයි අයියා. ඒ වගේමයි හැමදාව වගේ කරන දිරි ගැන්වීමටත් සුභ පැතුමටත් බොහොම ස්තුතියි අයියා :)

      Delete
  32. ඔය දියසේන කුමාරයාගේ පුතා ලංකාවේ දැනුම විශ්වීය කරනවා කියලත් ජනප්‍රවාදයේ එනවද ඇ????

    මම අහලා තිබ්බේ පැන්ඩෝරා පෙට්ටිය ඇරියම ඔක්කොම නපුරු දේවල් ලෝකයේ පැතිරිලා ගියා.එතකොටම පැන්ඩෝරා පෙට්ටිය වැහුවට ඉතුරු වෙන්නේ බලාපොරොත්තුව විතරයි කියලා.

    අනිත් කතා ඉතිං මිනිස්සුංව රවට්ටන්ඩ කියන ජාතියේ ඒවා නේද?

    පුතා බයි ඔක්කොම කෑවොත් තාත්ති රෑට එද්දි චොකලට් ගෙනෙයි වගේ මිනිස්සුංවත් ගොනාට අන්දන ජාතියේ කතා කියලයි මටනං හිතෙන්නේ ඈ...........

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      //....ඔය දියසේන කුමාරයාගේ පුතා ලංකාවේ දැනුම විශ්වීය කරනවා කියලත් ජනප්‍රවාදයේ එනවද ඇ????...//

      ජනප්‍රවාදේ එහෙම කොටහක් නම් නැහැ. ඒත් ජනප්‍රවාද හදන වන්දිභට්ටයෝනේ දැන් කාලේ ඉන්නේ :D

      පැන්ඩෝරාගේ පෙට්ටියේ කතාවේ තව වර්ෂන් තියෙනවා වගේනේ.

      අනිත් කතා මිනිස්සු රවට්ටන්ඩ හරි එහෙමත් නැත්නම් ඇත්ත වෙන්නත් පුලුවන්. හරියටම කියන්න අමාරු ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන් බැහැර දේවල් නිසා.

      Delete
  33. හසිත බ්ලොග් ලියන්නෙක් විදිහට මෙවනි ලිපියක් ලියන්න කොයිතරමක වෙහෙසක් දරනවාද කියලා මම වගේම අනෙක් බ්ලොග් සහෝදරයොත් හොදටම දන්නවා. හැමදාමත් ඔබේ ලිපිකියවන්නේ පුදුමාකාර කුතුහලකාරී අශාවකින්. 200 ට සුබපතන්නේ 2000ක් ලියන්න පුළුවන් වෙවා කියලයි. ජයවෙවා...

    ReplyDelete
    Replies
    1. @ රතු රජරට

      ස්තුතියි වෙහෙස මහන්සිය හඳුනා ගත්තාට ඒ වගේමයි සුභ පැතුමට. ඉදිරියටත් කුතුහලකාරී ආශාවෙන් කියවන්න පුලුවන් ලිපි තිළිණ කරන එක තමා අපේක්ෂාව :)

      Delete
  34. දෙසීයට සුභ පැතුම්..හසිත..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      බොහොම ස්තුතියි අක්කේ

      Delete
  35. ලියපු ලිපි දෙසීයට, තවත් දෙසීයක් ලියන්න ශක්තිය ලැබේවා.
    එක් එක් ආගම්වල සාහිත්‍ය කථා, ජනප්‍රවාද, දේව කතා ආදියට පදනම් වෙලා තියෙන්නෙ එකම මූලාශයක් වගෙයි පේන්නෙ. පෙරදිග මූලික කරගෙන ගොඩනැගුන බෞද්ද, හින්දු ආගම්වල සාහිත්‍යත්, අපරදිග බිහිවුන ක‍තෝලික/ඉස්ලාම් ආගම්වල සාහිත්‍යයෙත් සමානකම තියෙන්නෙ ඒක නිසා වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. @ de silva

      ඉස්ලාම් කතෝලික අපරදිග ආගම් කිව්වාට ඒවාත් අයිති වෙන්නේ ආසියා මහද්වීපෙට නිසා ඒවාත් පෙරදිග ආගම්ම තමා. ඒ කාලේ ඒ ප්‍රදේශවල පැවතුණු කතා වගේම ආගමකට තවත් ආගමක කතා එහෙමත් ඇතුළත් වෙලා තියෙන නිසා සමාකමක් දැකගන්න පුලුවන්. ඒ වගේමයි මිනිසාගේ ආරම්භය සිදුවුණේ එකම ප්‍රදේශයකින් කියලා මතයක් තියෙන නිසා මේ සමානකම ඒ නිසා ඇතිවුණු එක්ක කියලාත් අනුමාන කරන්න පුලුවන්

      Delete
    2. ආහ් අමතක වුණා කියන්න බොහොම ස්තුතියි සුභ පැතුමට :)

      Delete
  36. 200 ට සුබ පැතුම්!!!

    මහන්සි වෙලා ලීව වටිනා ලියවිල්ලක්...

    බලාපොරොත්තුව මිනිසා ජීවත් කරවයි කියන කතාව මතක් උනා හසිතගේ ලිපිය දැක්කාම.
    ස්වස්ති. (මේ අද උදේම මම ඉගෙන ගත්තු අලුත් වචනයක් හී හී )

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      ස්තුතියි පොකූටත් :) බලාපොරොත්තු මිනිසා ජීවත් කරයි කියන එක මේ දවස්වල හිතේ තියෙනවා වගේ....

      උදේ ඉගෙන ගත්තු වචනේ මගෙනුත් ඕන් "ස්වස්ති" :P

      Delete
  37. කතාව නම් ටෙලිනාට්‍යයක් වගෙයි. තමන්ගෙ තත්ත්වය සලකලා ඒක දිහා බැලුවත් මේක ලියන්නෙ තමන් ඉතිහාසය ඉගෙ ගන්න කොටත් ඔය වගේම සුරංඟනා කතා වලින් උපුටාගෙන ලියන නිසයි. මගේ අවධානය දියසේනයන් ගැන කියපු ටිකටයි. මහානාම කියන ඉන්දියාවෙන් ආපු බෞද්ධ මිෂනාරී දෙමළ ජාතිකයා ලියපු ඉතිහාසය සිංහලයන්ගේ ඉතිහාසය ලෙසද ඔබ කියනු ඇත. එසේම අද දෙමළුන් ලියන ඉතිහාසයට අනුව උන්ට තුනෙන් එකක අයිතියද දෙනු ඇත. මම බෞද්ධ මිෂනාරී දෙමළ ජාතිකයා ලෙස හැඳින්නුවේ ඔය ආගම (ආ+කම) ලංකාවට ආපු කාලේ සිංහලයන් කිසිවෙකුද ආකම දැරුවේ නැති නිසයි.

    බොහෝ නූතන ප්‍රබන්ධ සහිත ආකමික මුලාකිරීම්වල නැවත එන ගුණ්ඩුව ලබ්ධිකයන් රවටා කොටු කිරීමට ගෙතූ කෙප්ප බව ඔප්පු කල හැක. එහෙත් මා කියන්නට යන්නේ ඇත්ත කතාවක් මත මේ කෙප්ප ගෙතූ බවයි. ඔබ යන්තම් හෝ සිංහල ඉතිහාසය දනී යයි සිතමි. සිංහලයන් බෞද්ධකරණය කිරීමට දැරූ දෙමළ තැත අසාර්ථක විය. රාජ්‍යබලය ඵලක් නොවූ විට මුලාකිරීම යෙදින. අතීතයේ සිට දියසේන කෙනෙකු උපදින කතාව පැවතෙන නිසා සිංහලයන් බුද්ධලා ගැන නොතැකූ විට, දියසේනද බුද්ධලාට ගැති වූවකු කර ළණුව දී ඇත. එය ඔබේ කතාවද පෙන්වයි. එසේම ගුරුකම් හා ජීවිත (ජෝත හෝ ජ්‍යෝතිෂ - හින්දි) දැනුමද අනා ආකම සිංහලයන්ගේ උරුමය යයි මවා පානවා. ඒත් ඇත්ත නැත්තෙන් වැසිය නොහැක.

    මෑතකදී හැම ජරා (රජා)ම දියසේනට හේත්තු වුවද දියසේන ගැන ඇති විශේෂ තොරතුරු ඇත. ඒ අනුව මේ ඔක්කොම රැවටිලි කාරයන්ය. දියසේන හා සසඳන විට මුන් සියල්ල කටු කන සුනඛයන්ය. නම් ගම් ගැන අරුත් මවන ඔබ, මාතර යන වචනය දන්නේ නැත. එය සිංහලයන්ගේ මාතැනය, නැත්නම් මව් තැනය. දියසේන වැනි නම් ඇති එකම ප්‍රදේශයද මාතරය.

    අපද සිංහලයන් ගැන සෙව්වෙමු. මාතර ඇති තොරතුරු කිසි සේත් දෙදෙනෙකුට තිබිය නොහැක. ආදි සිංහලයන් බොරු නොකී බව අපට ඉතාමත් විශ්වාසයි. මාතර සිටින, නොදන්නකම නිසා බෞද්ධ යයි සිතන නමුත්, තවමත් පරයන්ට යටත් නොවූ සිංහලයන් සතු තොරතුරු අනුව දියසේනයන් ඉපදුනේ 1959 බක් (12 වන) මස පහ දින උදේ 06.06ටය. මෙය සිංහල වසර ගණනය කරන විදිය අනුව, ක්‍රිස්තියානි විදියට 1960 අප්‍රේල් මස පහ දින උදේ 06.06ටය. ඒ සිංහල විදියට අවුරුදු උදාවන්නේ අප්‍රේල් මැද නිසාය. සිංහල විදියට 1959 වසර කියන්නේ ඊට අනුපාතික බටහිර වසර ක්‍රමයෙන් 1959 අප්‍රේල් මැද සිට 1960 අප්‍රේල් මැද දක්වා නිසාය. බොහෝ උන් නොමග ගොස් මුලා වූයේ සිංහල දැනුම නැති පරයන්ට ගැති වූවන් නිසාය. එදින එම පෙදෙසට හිරු මුදුන් වූ අතර උපත හිරු උදාව සමඟ විය. හිරු දෙවියන් (සූර්යයා නොවේ) ද සිංහලයන්ට බැඳුනකි. ඒ ගැන පසුවට කිව හැක.

    සිංහල බස ඉතා අරුම ගතියක් පෙන්වයි. එනම් වචන වලට නිෂ්චිත අරුතක් දීමයි. මා කීවේ ආකමිකයන් කළවම් කරපු අරුත් සුන් ප්‍රලාප ගැන නොවේ. ඒ නිසා දියසේන සොයා ගියෙමු. එම දින එම වෙලාවට උපන් කෙනෙකු ඇත. ඔහු අද වන විට දැනුමෙන් කිසිදු මිනිසකුට කල නොහැකි දේ කර සිටින අයෙකි. ඔහුගේ ගම පරම මුල යන අරුත දේ. එයද ඉතා වැදගත්ය. මනුරජ සිටි මනු නා අරමේ (මන්නාරමේ) ද පරම මුදුන (කන්ද) නම් තැනක් ඇත. එම ගමේ මනු රජ සිටි බව අප කියන්නේ සිංහල අවුරුදු දින එතැනට හිරු මුදුන් වන නිසාය.

    ctd...
    - දියසේන දන්න එකෙක්

    ReplyDelete
    Replies
    1. @ Anonymous December 25, 2012 5:58 PM

      //...කතාව නම් ටෙලිනාට්‍යයක් වගෙයි...//

      මුලින්ම මේ දේ කියන්න එපැයි. මේ කතාව ඒ ඒ දර්ශන මතවාදවල තියෙන විශ්වාසයන් එකතු කිරීමක් මිසක් ඒවායින් මම අලුත් දෙයක් කරන්න උත්සහ කිරීමක් නෙමේ. ඒක නිසා ටෙලි නාට්‍යයක් කියනවාටත් වඩා වාර්තා වැඩසටහනක් කියලා කියන එක හොඳයි වගේ :)

      //...මහානාම කියන ඉන්දියාවෙන් ආපු බෞද්ධ මිෂනාරී දෙමළ ජාතිකයා ලියපු ඉතිහාසය සිංහලයන්ගේ ඉතිහාසය ලෙසද ඔබ කියනු ඇත....//

      මම කිසිසේත්ම එහෙම කතාවක් කියන්නේ නැහැ වගේම එහෙම දෙයක් පිළිගන්නේත් නැහැ. මහාවංසය 100% සත්‍ය නැහැ වගේම 100% ක් අසත්‍යත් නැහැ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මහාවංසය කියන්නේ ලංකාවේ ඉතිහාසය ගොඩනගන්න භාවිතා කරන එක මූලාශ්‍රයක් කියලා විතරයි.

      මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මම තැන් කීපෙකම දැකලා තියෙනවා මහානාම හාමුදුරුවෝ ඉන්දියාවෙන් ආපු දෙමළ පුද්ගලයෙක් කියලා කීප දෙනෙක්ම කියනවා. ඒත් ඒක කියන්නේ මොකක් පදනම් කරගෙනද කියලා ඒ කාටවත් උත්තරයක් නැහැ. හැකි නම් ඒ ගැන ඔබට තියෙන පැහැදිලි කිරීම කරන්න.

      //...දියසේනද බුද්ධලාට ගැති වූවකු කර ළණුව දී ඇත. එය ඔබේ කතාවද පෙන්වයි...//

      මම උපුටලා දක්වලා තියෙන්නේ තියෙන ජනප්‍රවාද සහ මූලාශ්‍රය නොවැ. ඊට වඩා වෙනස් ඒවා තියෙනවා ඒවා තියෙන තැන් එක්කම කතා කරමු.

      //...නම් ගම් ගැන අරුත් මවන ඔබ, මාතර යන වචනය දන්නේ නැත...//

      අමුතුවෙන් නම් ගම් ගැන මම මවපු අරුතක් නැහැ. ඒ සටහනේ අගට ඒවා උපුටා ගත්තු කෘති ඇතුළත් කරලා තියෙන්නේ :D

      //...ඔහු අද වන විට දැනුමෙන් කිසිදු මිනිසකුට කල නොහැකි දේ කර සිටින අයෙකි...//

      එසේ නම් ඒ ගැන අතිශය සතුටට පත්වෙමි :)

      Delete
    2. @Hasitha,

      මා කී දේ පැහැදිළි කරන්නම්.

      ඔබේ කතාව ටෙලිනාට්‍යයයක් යයි කීවේ:- ඔබ එකිනෙකට කිසිදු සම්බන්ධකමක් නැති කතා ගොන්නක් එකට ගෙන සැබෑ ලෝකයට නොබැඳි තවත් කතාවක් ගොඩ නැඟූ නිසාය. එනයින් ටෙලි නාට්‍යයක්ද සැබෑ ලොවේ සිදුවීම් ගොන්නක් ගෙන තමන්ට රිසි සේ අරුත් දක්වා, නළුවන් යොදා සැබෑ ලෝකයට නොබැඳි අළුත් සිදුවීම් මාලාවක් (අදහස: එකිනෙකට සම්බන්ධ) තුලින් එක්තරා විදියක සිද්ධියක් වන නිසාය. එසේ වුවත් ටෙලි නාට්‍යය තුල සැබෑ මෙන්ම, කපාකොටා සැකසු, ගෙතු, සැබෑ දෑ විකෘර්ති කිරීම් ද ඇත. ඔබ ගේ කතාවේද එවැනි දෑ, සමහර විට ඔබට පෙර වූ, අඩංඟු බව කීමය.

      හැම කතාවකටම (මූල් දැනුමකටම) උපතක් ඇත. ඊට පසු විවිධ වෙනස් කම් වන්නේ මෙම දැනුම ලැබෙන අයගේ රුචි අරුචි අනුවය. එක් බසක ඇති කතාව වෙන බසකට හැර වූ විට තවත් කතාවකි. ඔබ කී බොහෝ කතා වල උපත දනිතත් මම දියසේන ගැන පමණක් ලියමි. දියසේන ගැන ඔබ ලියා ඇත්තේ ඒ කතාව උපන් තැන ගැන නොසිතා නේද? එය දැන ගැනීමට අවශ්‍ය වන්නේ ඔබේ උත්සාහය පමණි. මෙවැනි නමක් ඇත්තේ දකුණේ මාතර ප්‍රදේශයේ පමණි. ඉන්දියාවේ කිසිදු කෙනෙක් අද වන විට මෙවැනි නම් යොදා නොගනී. එසේ නම් අප අතර ඇති ඉන්දියාව හා බැඳුන කතා බෞද්ධයන් තම අවශ්‍යතාවයට ගෙතූ ඒවා නේද? මම ප්‍රශ්ණයක් අසමි. සිද්ධාර්ත ගෞතම, සිදුහත්, මහා මායා, ශුද්ධෝදන, මහනාම, මහින්ද, ආනන්ද වැනි සිංහලකරණයට ලක්වූ මූල් හින්දු වදන් කවරේද?

      යමෙකු බිහිවෙනවා යයි කී පමණින් එය සැබෑ නොවේ. එසේම යමෙක් පහලවීම (මෙය මුලාවකි. හරි වචනය ඉපදීම ය), දිනෙන් දින වෙනස් වේ නම් එයද සැබෑවක් නොවේ. යමෙක් ස්ථීරවම හඳුනා ගැනීමට අවශ්‍ය තොරතුරු අපේ හැඳුනුම් පත කියනවා නේද? එහි රූපය සසඳා බැලීමට මිස නැති තැන ඵලක් නැත. එවිට උප්පැන්න සහතිකය ගමු. යමෙකුගෙ නමද, උපදින තැනද, දිනයද, උපදින වෙළාවද කී විට එමගින් පුද්ගලයා නිශ්චිත නොවේද? ඔහුගේ හැකියාවන් ද කියා ඇති නම් ඔහු සැබෑවක් ද බොරුවක් ද යන බව තිර ලෙස දනගත හැකියි නේද?

      දියසේනයන් යනු සැබෑවක් බව අපි තහවුරු කර ගතිමු. ඒ තොරතුර වල උපත ඔබ කී අනෙක් හැම ගෙතුමකටම පාදක ව ඇති අතර, කතාවෙන් තහවුරු කල හැකි කොටස් නැත්තේ තමන්ට ඇවැසි ලෙස ගෙතූ නිසාය.

      ctd...

      - දියසේන දන්න එකෙක්

      Delete
    3. @Hasitha,
      ctd...

      ඔබ කී ලෙස දියසේන ගැන පිළිගැනීම සිතට කැවීමේ ඵලයකි. ඔබ ඔහු නොදන්නේ වුවද, සැබෑ දියසේන ගේ වදන් ඔබ අසා ඇත. ඔහුගෙ දැනුමෙන් ඔබ යැපෙන බවද කියමි. කෙනෙක් කී ලෙස අද ඉන්න රටේ නායකයා දියසේනයන්ට ආසන්නම කෙනා වූයේ, දියසේනගේ කතා තමන්ගෙ මුවෙන් පිට කල වංචනිකයකු නිසාය. දියසේන පරපුරේ ඥාතීන් නොවන්නට අද ද මෙවැන්නන් සිටින බව වත් ඔබ නොදනී. එහෙත් ඔහු දියසේන තබා සිංහලයකු ද නොවන බව කිව හැක. ජීවිත්වීම අභියෝගයකි. ඇත්ත බොරුවෙන් වෙන් කල යුතුය. ඔබේ හැකියාව මැනිය යුතු කෙසේ දැයි වෙන කෙසේ කියන්නද? මම එකක් කියමි. අපේ රට, ලොවේ බලවත් ම රට බවට පත් කරනවා යයි කීවේ දියසේනය. ගැහැණුන් වැටී ඇති අන්ත අසරණ තත්වයෙන් මුදාගෙන මව් පදවියට සුදුස්සන් කරනවා යයි කීවේද දියසේනය. එම කතා ඔබ ඇසුවේ කෙලෙහි ගුණ නොදත්, කෑ පතේ පහරා, රට අන්ත හිඟන රටක් කර වනසන එකාගෙන්ය. තව බොහේ දත්තේ වුවද කීමට ඇවැසි නැත.

      නම් ගම් ගැන අරුත් මවන ඔබ:- යයි කීවේ වෙන ලිපියක අනුන් මැවූ අරුත් ඔබ හුවා දැක්වීම නිසාය. අරුත් ඇති නම් සිංහල බසට සීමා වූවකි. එවැනි නීති ඉන්දීය තැන් වලට යෙදීම බෞද්ධකරණය වී ඇති නිසාය. තැන යන වදන ස්+ථාන් වූයේ වහර බැරි උන්ටය. ලන්ඳ ලන්ඳ් වී ලෑන්ඩ් වීමද ඔබට තේරේ යයි සිතමි. යමෙක් කී ලෙස මිනිසුන් එක්තරා පටු ප්‍රදේශයක බිහි වී දැනුම මත යැපෙමින් ලොව පුරා විහිදුන බව ඔප්පු කල හැක. එසේම එම තැන මාතර බවද තහවුරු වේ. මෙරට නැගෙණහිර අප්‍රිකාවට බැඳී පැවැතී කොටසක් ය. මේ කතා කීවේ පිරීමටය. බරපතල දේ නිසා නවතමි.

      මහානාම කියන ඉන්දියාවෙන් ආපු බෞද්ධ මිෂනාරී දෙමළ ජාතිකයා:- මේ තොරතුරු බෞද්ධ සාහිත්‍යය තුල ඇත. මම මුලින්ම දැන ගත්තේද එමගිනි. අපේ බලපෑම නිසා අද බෞද්ධයන් එම ඇත්ත වසන් කරති. ඔහු කවුදැයි කීමට ඔහු ලියූ මුල් කොටස අවශ්‍යතාවයට වඩා විස්තර දෙයි.

      සිංහල, දෙමළ, හා හින්දු අතර සුවිශේෂ ස්වභාවික වෙනස් කම් ඇත. කතාව, ක්‍රියාව, උරුමය උන් වෙන් කර හඳුනාගත හැකි ප්‍රබල සාක්ෂියකි. දෙමළා උපතින් ම සිංහල විරෝධියෙකි. හැම දෙමළාම කවදා කොතැන කට ඇරියත් සිංහලයට එරෙහිව බොරුවක් මිස ඇත්තක් නොකියයි. අද සිංහල වෙස් ගත් දෙමළුන් බොහෝය. අපට උන් හඳුනා ගැනීම රැයෙන් දවාල වෙන් කරනවා වැනිය. මිනිසුන් සියල්ල හංවඩු ගසා ඇත. එය මැකීමට කිසිදා ඔවුන් අසමත් වන්නේ උන් බිහිකල කෙනා නිසාය. මොහොතකට, ඔබේ දෙමව්පියන් ඔබ හඳුනාගන්නේ කෙසේදැයි සිතන්න. ඊට පසු මහාපචම්ශේ කියවා මුල් කොටසේ ඇති දෙමළ වසූරි ගඳ හඳුනාගන්න. වංශේ, වම්ශේ ලෙස ලීවේ සිංහල වචනයක් හින්දු බසට යන විට ං හඬ ම් වන නිසාය. අප අතර සිංහල වෙස් ගත් දෙමළුන්, සිංහල වචනය සිම්හල විය යුතු යයි කියන විට මතකයට එන්නේ ටයර් සෑයන්ය.

      අපේ සිතේ ඇති දියසේනගේ මතකය නැසිය නොහැක. ඒ බව තේරුම් ගත් බෞද්ධයන් මතකයට නව අරුත් දී බඩ වඩා ගැනීම පිළිකුල් සහගතය. එහෙත් හිඟමන දේවත්වයෙන් පුදන උන්ට මොන ලැජ්ජ භයද? ඔබට, වඩා ගැඹුරෙන් සිතා ලිවීමට හැකි වේ යයි සිතමි.


      - දියසේන දන්න එකෙක්

      Delete
    4. @ - දියසේන දන්න එකෙක්

      දීර්ඝ ලෙස කරුණු දක්වමින් කළ පැහැදිලි කිරීම්වලට ස්තුතියි. කොහොම වෙතත් මහානාම හිමියන් ලියූ මහාවංසයෙන් එහිමියන්ගේ ජාතිය ගැන අනුමානවලට එළඹීම කෙතරම් යුක්ති යුක්තද යන්න ගැටලුවක්.

      කෙසේ වෙතත් ඔබ කීවාක් මෙන්ම "ඔහු සිංහලයන් අමතන දිනයද කලින් දැන සිටීමද අරුමයකි. ළඟදී බොරුකාරයන්ට පොළව පලාගෙන ගොස් සැඟවීමට සිදු වේ"

      මේ දිනය වන තෙක් අපි බලා සිටිමු

      Delete
    5. @Hasitha,

      "මහානාම හිමියන් ලියූ මහාවංසයෙන් එහිමියන්ගේ ජාතිය ගැන අනුමානවලට එළඹීම කෙතරම් යුක්ති යුක්තද යන්න ගැටලුවක්." - ඔබ තවත් සිංහල උරුමය නසන විහිළු කාරයෙක් බව පෙනේ.

      අනුමානවලට ඒමක් ගැන කියවීම, ඔබ මා කී දෙය තේරුම් ගැනීමට නොහැකි බව පෙන්වීමකි. මම කිසිදු දෙයක් අණුමාන නොකරමි. ඔබ වැනි විහිළුකාරයන් බෞද්ධයන් බවද දනිමි. යමෙක් ලියූ පොතකින් ඉතිහාසය මැනීම අනුමාන කිරීමකටත් වඩා බාල දෙයකි. බෞද්ධයන් තරම් බොරු ලියපු/කියපු කොටසක් නැත. ඔවුන් විසින් ගෙතූ ඉතිහාසය හැර වෙන කිසිදු බෞද්ධ නොවන සාධක නැත. උන් අන්ධභක්තියන් බව අපද අත් දැකීමෙන් දනිමු.

      ඔබ මහාපචවම්ෂයද හරියට කියවා නැති බව පෙනේ. යමෙක් ලියන රටාවෙන් ඔහුගේ සිත කියවේ. මේ මා ලියූ දෑ මෙලෙස වෙන කිසිවකුට කිව හැකිද? අනුන්ගේ ඉතිහාසය ගැන කියන කොට කරන බොරු අතේ පත්තුවේ. මහානාම යනු ධාතුසේනගේ මාමාය. ඔහු ඉන්දියාවෙන් ආ බව බෞද්ධයන් කියා ඇත. අපි බොරුකාරයන් ගේ කතා නොගනිමු. දෙමළ යන වදන සිංහල වදනකි. හින්දු යන වදනද එසේමය. බිහි වූ අයුරුද දනිමු. ඔබ වැනි අය, දෙමව්පියන්ට දාව උපන් සහජාත දරුවන් වෙනස් වන ආකාරය නොදත් විට වෙන කවර කතාද? ඔබේ පවුලේ සහෝදරයන් සිටී නම් උන් වෙනස් වූයේ කෙසේදැයි දැන කතා කලා නම් අගේය.

      සිංහලයන් අමතන දිනය බෞද්ධයන් වැනි මනුෂ්‍යකම පිටු දකින උන්ගෙ අවසානයේ ආරම්භයයි. එයද කියා ඇත්තේ බොහෝ පෙරය.

      දියසේන ගැන කී නිසා මෙයද ලියමි. පසු ගිය දිනක අම්පාර පැත්තේ ගැහැණියක්, භූ චලන පටන් ගත්තේ ගිය අප්‍රේල් 12 දින නව සිංහල වසර ඇරඹුන මොහොතේ සිට යයි කියා වැලපෙන බව ප්‍රවෘත්තියක තිබින. දියසේනද තමන් ගැන තමන් විසින්ම දැන ගත්තේ මෑතකදීය. අද තියෙන කෙප්ප අතරේ වෙන කාට ඇත්ත දැන ගත හැකිද? ඔහුද ඔබ කියන ආකාරයේ අනුමාන කරන්නකු නොව, ක්‍රියාවෙන් දැනගෙන තහවුරු කරගන්නෙකු බව අපි දනිමු. අද ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් බිහිවන බුද්ධිමතුන්, අප්‍රේල් 12 දින නව සිංහල වසර ඇරඹුන මොහොතේ, පැය විසි හතරක් පුරා අනතුරකින් තොරව පෘථිවිය තුල ඇති සැම විවර වූ තැනක් ම කම්පනය වීම ගැන අතේ පැලවන බොරුවක් කීවද, මම එය දියසේනයන් තමන් ගැනම ඇති සැකය දුරුකර ගැනීමට කල දෙයක ප්‍රථිඵලයක් බව කියමි. එම සිදුවීම කිසිදු ස්වාභාවික සිදුවීමකට අයත් නොවූවකි. ඔබ මෙම ඇත්ත අනුමානයක් යයි කියන අතර, බුද්ධ කලා යයි කීවේ නම් සත්‍ය බව පුන පුනා කියනු ඇත. අන්ධභක්තිය සිත වහල් කලද, අප කිසිදු බැදීමකින් තොරව බලන නිසා ඇත්ත ඇති සැටියෙන් දකිමු. බෞද්ධයනි, තමන් නොදන්නා දියසේනලා ගැන බයිලා නොකියා, තමන් බුද්ධ යයි කියන ඉන්දියානුවාගේ ඇත්ත තොරතුරු සොයා ගනී නම් කොතරම් මුලා වී ඇති දැයි දැන ගත හැක.

      දියසේනයන් සිංහලයන් අමතන දිනය ඊළඟ සිංහල වසර ඇරඹෙන දිනයේ බව කියා ඇත්තේද බොහෝ පෙරය. පුරාජේරුවෙන් අන්ධ වූ ආකම් බදාගත් උන්, තමන් මහ කෙරුමන් යයි සිතුවද, උන්ට කිසිදා සහනයක් උදා නොවනු ඇත. අප බලා සිටින්නේ ආදි කාලයේ සිට පැවතෙන තවත් සිදුවීමක් දෙසය. අද තෙක් වූ දෑ සැබෑ බව සනාථ කරයි. දියසේන කියන සිංහලයන් හා සිංහල වචන දත් නිසා සිංහල යයි සිතන අය අතර ඇත්තේ නිමක් නැති වෙනසකි.

      - දියසේන දන්න එකෙක්

      Delete
    6. @ දියසේන දන්න එකෙක්

      //...අනුමානවලට ඒමක් ගැන කියවීම, ඔබ මා කී දෙය තේරුම් ගැනීමට නොහැකි බව පෙන්වීමකි. මම කිසිදු දෙයක් අණුමාන නොකරමි....//

      අනුමානයේ සහ නිගමනයේ ඇති වෙනස නොවැටහෙන්නේ නම් කළ හැකි දෙයක් නැත.

      //...යමෙක් ලියූ පොතකින් ඉතිහාසය මැනීම අනුමාන කිරීමකටත් වඩා බාල දෙයකි...//

      ඉතිහාසය මැනීමක් එමඟින් කර නැති අතර එයද එක් මූලාශ්‍රයක් වශයෙන් යොදා ගැනීමයි සිදුවන්නේ.

      //...මේ මා ලියූ දෑ මෙලෙස වෙන කිසිවකුට කිව හැකිද?...//

      අනේ එක නම් සහතික ඇත්ත :D

      //..ඔහු [මහානාම හිමි] ඉන්දියාවෙන් ආ බව බෞද්ධයන් කියා ඇත...//

      කරුණාකරලා මෙහෙම බෞද්ධයන් කියන්නේ කොතැනද කියලා කියන්න

      //...ඔබ වැනි අය, දෙමව්පියන්ට දාව උපන් සහජාත දරුවන් වෙනස් වන ආකාරය නොදත් විට වෙන කවර කතාද?...//

      බුදු දහමේ එන පංච නියාම ධර්ම සහ සම්පත්ති, විපත්ති පිළිබඳ ඉගැන්වීම මේ සඳහා මනා පිළිතුරක් සපයා තියෙනවා.

      //...දියසේනයන් සිංහලයන් අමතන දිනය ඊළඟ සිංහල වසර ඇරඹෙන දිනයේ බව කියා ඇත්තේද බොහෝ පෙරය....//

      ඒ කියන්නේ 2013 අවුරුද්දේ අප්‍රේල් 12 වෙනිදානේ. ඒ වෙනකම් ජීවත් වෙලා හිටියොත් මේ සංවාදේ ඉතුරු ටික අපි කරමු

      Delete
    7. @Hasitha,

      මගේ ලිවීමට මුල් වූ ඉතිහාසය සොයන ක්‍රමය දැන් පවතින ක්‍රම නොව ස්වාභාවික කරුණු මත සිදුවීම සෙවීමය. (එය ගැන යම් අදහසක් ගැනීමට ඔබද, නැතහොත් ඔබේ දෙමව්පියන්ද කලින් ඉපදුනේ යන්න තීරණය කරන දත්ත හඳුනාගන්න. ඔබ අදහන ඉතිහාසය සම වන්නේ ඔබේ දෙම්පියන්ට කලින් ඔබ ඉපදුනා කියන ආකාරයේ ඉතිහාසයකටය.). ඒ සඳහා පොත් හෝ කාගෙවත් කතා හෝ ඇට කටු හෑරීම අනවශ්‍යය. මිනිසුන් බිහි වීමට පෙර සිට සිදුවීම් හා අප සැකසී ඇති ස්ථීර ආකාරයද ගැනේ. මෙතෙක් මිනිසාගේ ඉතිහාසය, අද ඉන්න අපෙන් නියෝජනය වන අතර මුළු ඉතිහාසයම නොනැසි එකතු වන දෙයක් බව කියමි. මම ඔබ කියන දෑ සියල්ල පිළිකුලෙන් ඉවත දැමුවද, ඔබ ඇසූ නිසා, අනුමාන කාරයන් කවුදැයි දැන ගැනීමට මේ පුරුක දෙමි. එහි එස් පරණවිතාණ නම් අණුමාන කාරයාද අවසානයේ "මහානාමන්" ගේ වත ගොත ගැන කියා අණුමාන කර ඇත.

      http://www.google.com.au/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=6&cad=rja&ved=0CFUQFjAF&url=http%3A%2F%2Fwww.dlib.pdn.ac.lk%3A8080%2Fjspui%2Fbitstream%2F123456789%2F1530%2F1%2FS.Paranavitana.pdf&ei=5gLgUOzuLMfdigf0q4HABQ&usg=AFQjCNFgHQZ3I592Ap3589WXkpZCsk4kQQ&bvm=bv.1355534169,d.aGc

      තවද දෙමළුන්ට බැඳි පල්ලව ඉතිහාසය, ඔහු මහායානන් කෙනෙකු ලෙස කියයි. ඔබ නිසා තවත් කුණුගොඩක එරුණා. ඒ පචවංශයේ දෙවන කොටසද දෙමළකු ලියූ බවයි. ඒ සඳහා රුවන් ජරාපක්ෂගේ සංෂිප්ත පචවම්ෂය බලන්න. බෞද්ධයන් තරම් සිංහල ඉතිහාසය වැනසූ වසලයන් තව නැත.

      ඔබ මහනාම යන නම සිංහල යයි කියනු ඇත. මේ නිසා බෞද්ධයන් වූ මෝඩයන් තම ගමේ නමද ඈඳා දෙමළ ගැති කම වසා ගනිති. ලංකාවට ක්‍රිස්තියානි ආකම ගෙනා යුරෝපීයන් තම වචන සිංහලයන්ට කැව්වා සේ, බෞද්ධ ආකම ගිල්ලු දෙමළුන්, සිංහල බසට දෙමළ වචන කොතරම් අනා ඇතිද? මෝහන් හින්දු වචනයකි. දෙමළුන්ට මහානාමන්ය. හිඟනුන්ට මහානාමය. අවාසනාවට, මෙහි කිසිදු සිංහල කමක් නැත. නො එසේ නම් ජෝෂප් සිහලයෙකි.

      - දියසේන දන්න එකෙක්.

      ප.ලි. //බුදු දහමේ එන පංච නියාම ධර්ම සහ සම්පත්ති, විපත්ති පිළිබඳ ඉගැන්වීම මේ සඳහා මනා පිළිතුරක් සපයා තියෙනවා.//

      ඔබට බුදු දහම හැර වෙන දැනුමක් නැද්ද? අනුන් කී දේ එලෙස ගිරවුන් සේ පැවසීම මිනිස් කමට නිගාවකි. මෙය අණුකරණය නොවේද? අපට නම් මේවා අමන හින්දූන්ගේ නරි වාදම්ය. බයිබලය කුරාණය බදාගත් උන් ද ඔබ වැනිය. මා ඇසුවේ ඔබේ ඇසට පෙනෙන, කනට ඇහෙන, ගතට සිතට තේරෙන යමක් ගැනය. එය නොදන්නේ යයි කීම වඩා නම්බු ය.

      //කරුණාකරලා මෙහෙම බෞද්ධයන් කියන්නේ කොතැනද කියලා කියන්න // - මේ සඳහා ඔබ බෞද්ධයන්ගෙන් විමසන්න. මෑතකදී LCN වලදී බෞද්ධයන් පිළිගෙන ඇත. අවශ්‍ය නම් වැසිකිළි වලට පැන අශූචි ඇද පෙන්විය හැක. අද උන් නිහඬ වී ඇත්තේ අපි අභියෝග කරන නිසාය. සැබැවින්ම මහානාමන් ගේ ඉතිහාසයට බැඳි දෙමළ වාඩි කාරයන් වඳ විය. සුද්දා අලි මරන්න ගොස් දකින තුරු එම පෙදෙස ජන ශුන්‍ය වනාන්තරයක් විය. මනු ගේ වාසල් භූමිය කෙලෙසූ සැම පරලොව ගියහ.

      Delete
    8. @ - දියසේන දන්න එකෙක්.

      ස්තුතියි ඔබේ කරුණු පැහැදිලි කිරීමට :) කරුණු නැවත නැවතත් එකම තැන කරකැවීමෙන් පලක් නැහැනේ. කලිනුත් කිව්වා වගේ

      //...දියසේනයන් සිංහලයන් අමතන දිනය ඊළඟ සිංහල වසර ඇරඹෙන දිනයේ බව කියා ඇත්තේද බොහෝ පෙරය....//

      ඒ කියන්නේ 2013 අවුරුද්දේ අප්‍රේල් 12 වෙනිදානේ. ඒ වෙනකම් ජීවත් වෙලා හිටියොත් මේ සංවාදේ ඉතුරු ටික අපි කරමු :D

      Delete
  38. ctd...
    තව බොහෝ කරුණු අනුව දියසේනයන් ඔහු බව දනිමු. බොරුකාරයන් නම ඈඳුවද නාමිකවද කිසිදු ආකාරයකින් නොපෑහේ. දියසේන යන නමද සිංහල ඉතිහාසයට වැදගත් ය. මේ වචනය සංකීර්ණ නොවූ යුගයක භාවිතා කල, අද ඇති වචන බොහොමයකට ගැණුනු මූල වචනයකි. දිය සේන යනු දිය දෙන කෙනා යන අරුත ගනි. කෙනා අද සේන වී ඇත. කෙනා යනු කෝන් හා කිං ලෙසද විහිදුනු අරුත් දේ. සුළු දිය යනු දනී නම් දිය යන්නෙහි අරුතක් දනී. අනෙක වතුර කෙනාය. අතීතයේ වතුර ජීවිතයත් ගින්න මරණයත් ගැන කියූ වදන්ය. මෙය කොතරම් වර්තමානයට කලින් යෙදු වචනයක්ද යන වග එහි අතීතය ගැන කියයි. අද දියසේන හෙවත් දිය (ධාතු) දෙන කෙනා යන නම වෙන ආසන්න ශබ්දයකින් එම අරුතම දේ. එනම් පිය කෙනා හෙවත් පියසේනය. ඔහුට නැකැත්කරු දී ඇති මුල් නමද එයමය. එම නම සැබෑ සිංහලයන් භාවිතා කරන නිසා ඉතිහාසය අනුවද වැදගත්කම කියයි.

    මම කීවේ ඉතා සුළු කොටසකි. ඒ ටිකම අනන්‍යයතාවය තහවුරු කරනවා. එසේ නම් ඔබ කී දෑ බොරුය. මේ අතීතයෙන් ආ ඉතා වැදගත් අනාවැකිය සැබෑ වන අතර කී අනෙක් දෑ ද නුදුරු කල සැබෑවේ. මේ මත ගෙතු අනෙක් මත වල ඇති වංකබව හා අනන්‍යතාවක් නැති කියමන්, ඒවා පුහු මනස්ගාත බව තහවුරු කරයි.

    දියසේනයන් සිංහල ජාතිය නගා සිටුවන්නකු මිස සිංහල විරෝධී පරකම් රකින්නකු නොවන බව අපි මනාව දනිමු. දෙවියන් අදහනවා යයි කියන ආගමිකයන්ද දෙවියන්ටත් ඉහළින් ඉන්න බුද්ධලා අදහන මිනිසුන්ද අද විඳවන හැටි දුටු විට ඔය කියන කිසි පිහිටක් නොලැබෙන බව සහතිකය.

    සැබෑ සිංහලයන් නුදුරු කල දකින දියසේනයන් මිථ්‍යාවන්ද බිඳ හෙළන තරමේ ප්‍රබලයකු බව අපි දනිමු. බොරු දියසෙන් වෙස් ගත් උන් සුදුසු ලෙස නැසුන බවද කිව හැක. ශුද්‍රයන් රජ කරන කලද අවසන් වන මොහොතක දියසේනයන් ගැන දැනගැනීමට තබා ඇසීමටත් නුසුදුසු මනු කමින් චුත වූවන්ට මෙයද වැඩි යයි සිතේ.
    දියසේනයන් හා මීට වසර තිස්දාහකට පෙර ඉපදුනු මනු ද සිංහල ජාතිය බිහි කල හිරු දෙවියන් (සූර්යයා නොවේ) යයි පෙන්විය හැක. විශ්ව මනු, මත්ස්‍ය මනු, සුමන, සමන්, මහාසේන, නාථ, නාග, නායක දෙවියන් යනුද මොහුම බව සහතිකය. ඒ හැකියාවන් දත් නිසාය. අද දැඩි ලෙස දෙමළුන් විකෘර්ති කල සිංහල යන වචනයේද සැබෑ අරුත දන්නේ ඔහු පමණි. සිංහලයන් ඔහු ගැන කී කතා සියල්ල සැබෑ බව අපට ප්‍රත්‍යයක්ෂ වී ඇති බව මම කියමි. ඔහු සිංහලයන් අමතන දිනයද කලින් දැන සිටීමද අරුමයකි. ළඟදී බොරුකාරයන්ට පොළව පලාගෙන ගොස් සැඟවීමට සිදු වේ.

    - දියසේන දන්න එකෙක්

    ReplyDelete
    Replies
    1. @ Anonymous December 25, 2012 6:00 PM

      //...මම කීවේ ඉතා සුළු කොටසකි. ඒ ටිකම අනන්‍යයතාවය තහවුරු කරනවා. එසේ නම් ඔබ කී දෑ බොරුය...//

      මම ඉදිරිපත් කරපු දේවල් ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. මම කළේ කරුණු ඉදිරිපත් කිරීමක් විතරනේ :)

      //..මේ අතීතයෙන් ආ ඉතා වැදගත් අනාවැකිය සැබෑ වන අතර කී අනෙක් දෑ ද නුදුරු කල සැබෑවේ. මේ මත ගෙතු අනෙක් මත වල ඇති වංකබව හා අනන්‍යතාවක් නැති කියමන්, ඒවා පුහු මනස්ගාත බව තහවුරු කරයි...//

      අනාවැකිය සඵල වෙනකම් අපි බලාගෙන ඉමු එහෙම නම්

      Delete
    2. @Hasitha,

      සැබෑ දෙයක් බව දැන දැන අනාවැකියක් ලෙස සැලකීමට බැරිය. එය අනාවැකියක් වූයේ අවිශ්වාසය, තමන්ගෙකම නැතිවීම, පරගැති මත දැරීම කරන අයටය. මම කලින් විශ්ව මනු යයි කීමි. සමහරුන් විෂ්ණු යන අරුත උන්ගෙ උපදින බුද්ධ කෙනෙකුට පටලවා නිගරු කල නිසා මෙය ලියමි. විශ්ව මනු කියන්නේද, විෂ්ණු කියන්නේද වෙසමුණි කියන්නේද අද දියසේන කියන්නේද එකම පුද්ගලයකු බව ස්වාභාවික දත්ත මත නැවත නැවත ඉපදීමේ දැනුම යෙදූ විට තහවුරු වේ. ජීවයේ උපත, ගෙතූ මත හැර දමා, ස්වාභාවික දත්ත මත සොයා ගත් විට සියලු ජීවින් එකම උපතකින් ආ බවත් ඒ උපතට උර දුන් කෙනා අවශ්‍ය දැනුමෙන් අණූන වූවකු බවත් තහවුරු වේ. එනයින්, අන්ධමානසිකයන්, අරුත් නොදැන බොරු ලෙස බැහැර කරන දේ වල සත්‍ය බව ද තහවුරු වේ. කවුරු මොනවා කීවත් අප වටා ඇති ස්වාභාවික දත්ත නැතැයි වසන් කල නොහැක.

      දියසේන යනු ජීවිතය නසන්නකු හෝ හිඟමන් යදින්නකු නොවේ. ඔහුට අභියෝග කල හැකියකු ද නැති බව මෑතකදී තහවුරු විය. ඒ අතින් ඔහු අද අභාවයට ගොස් ඇති මනුෂ්‍යකමේ නිර්මාතෘවරයාය. ඔහු හැර වෙන කිසිවකුට විසඳුම් නැති බව, අප මුහුණ දෙන ප්‍රශ්ණ ගැන දත් අයට තේරෙන්නේ සියල්ලම අප දත් විසඳුම් වලින් ප්‍රශ්ණ වණ වන නිසාය. ප්‍රශ්ණයකට ඇත්තේ විෂ්ණු දෙවියන් දන්න ඔබට බලයෙන්වත් ඉල්ලීමෙන්වත් තම ඇවැසිතා වලට ස්ථීරවම පිහිට ලබාගැනීමට බැරිකමය. මම දන්නා තරමින් ස්වභාව ධර්මයට අවනත නොවූ කෙනෙකු ලෙස පිහිටවන්නේ එක්තරා සුවිශේෂ කොටසකට පමණි. ජීවිය දෙන කෙනා, තමන් දෙන දෙය රකින උන්ට පිහිට වනු ඇත. ඔබ මිනිස්කම නසන්නෙකු (බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, කොමියුනිස්ට් වැනි) නම්, ඔබට යන කල අද අප වටා වෙන දැයින් නිගමනය කල හැක. එය කාගේ වුවමනාවට කවුරු කරනවා දැයි ඉපැරණි සිංහල උරුමයේ කියා ඇත. එම කියමන් සැබෑවන කලෙක මනුෂ්‍යයෙකු වීම භාග්‍යයයක් මෙන්ම මනුෂ්‍යකමට නිගා කරන උන්ට විඳවීමකට මුල පිරීමක්ද වන බව ඇස් හැර බැලූ විට පෙනේ.

      - දියසේන දන්න එකෙක්

      Delete
    3. @ - දියසේන දන්න එකෙක්

      නැවතත් කලින් පිළිතුරම දෙන්න වීම ගැන කණගාටුයි. ඒත් මෙතනට ඒක අදාළයි කියලා හැගෙනවා.

      කෙසේ වෙතත් ඔබ කීවාක් මෙන්ම "ඔහු සිංහලයන් අමතන දිනයද කලින් දැන සිටීමද අරුමයකි. ළඟදී බොරුකාරයන්ට පොළව පලාගෙන ගොස් සැඟවීමට සිදු වේ"

      මේ දිනය වන තෙක් අපි බලා සිටිමු

      Delete
  39. සෑහෙන කාලෙකින් දිග ලිපියක්!
    200ට මගෙනුත් සුබ පැතුම්. තව තවත් වටිනා ලිපි ලියන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      සෑහෙන කාලයක් ගියේ කරුණු එකතු කරන්න වුණු මහන්සිය නිසා.... හැමදාමත් වගේ දෙන හයියට අයියාටත් ස්තුතියි :)

      Delete
  40. ලිපියත් මරු! දියසේනව දන්න උන්නැහැගෙ කමෙන්ටුවත් මරු!

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      දියසේන දන්න කෙනාගේ කමෙන්ටුව මරේ මරු. අපි බලාගෙන ඉමු :)

      Delete
  41. ඇත්තටම වටිනා ලිපියක්,ගොඩාක් මහන්සි වෙලා තියේනවා,දිගටම ලියන්න,මගෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. @ kandynif

      බොහොම ස්තුතියි මහන්සිය අගය කළාට වගේම සුභ පැතුම් එකතු කළාට :)

      Delete
  42. 200 ට සුබ පැතුම්!!!
    සුපිරියි අනර්ගයි.....

    ReplyDelete
    Replies
    1. @ සම්පත් සිල්වා

      තැන්කු තැන්කු :D

      Delete
  43. 1. ඉරිදා වෙනකන් ඉවසන්න බෑ කිව්වට මේ ලිපිය කියවන්ඩ උනේ ඊයෙ. තාක්ෂණික දෝෂ මඟඇරගෙන ඊයෙ උදේ කියවන්න ගත්තාට එක එක වැඩ හින්දාත් හවස විදුලිය නොතිබිච්ච නිසාත් කියවන්ඩ බැරිඋනා. රෑ කියෙව්වාට කමෙන්ට් කරන්න කී බෝඩ් එක පේන්නෙ නෑ. කාමරේ ලයිට් එක ගිහින්. වෙන එකක් මාරු කරද්දි ස්විච් එක ගිහින්.. බලන්ඩ කොච්චර අමාරුකම් මැද්දෙද අපි මේවා කියවන්නෙ.. :)

    2. "මෛත්‍රී බුදුන් දැක" මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ප්‍රාර්ථනා කරන එක මෝඩකමක් කියලා කොහෙද තැනක තියෙනවා මම දැක්කා. එක් බුදුවරයෙකුගේ ධර්මය තියෙද්දි එයින් නිවන් අවබෝධ කර නොගෙන තවත් බුදුවරයෙකුගෙන් ධර්මය ඇසීමට පැතීම මෝඩ කමක්ලු.. ඇත්තද?

    3. "කේතුමතී රාජධානියේ සංඛ කියන සක්විති රජතුමාගේ පුරෝහිතයා වෙන සුබ්‍රහ්ම බ්‍රාහ්මණයාට දාව බ්‍රහ්මවතී බැමිණිය තමා බෝසතාණන් බිහි කරන්නේ." මේ තරම් නිවැරදිව මෛත්‍රී බුදුන්ගේ විස්තර තියෙනවානම් ඇයි සමහරු තමුන් මෛත්‍රී බුදුන් කියන්නෙ?

    4. "ඒ වර්තමානයේ රජකම් කරන පරාක්‍රමබාහු රජතුමා තමා කියලා මඟියා කියනවා" මට හිතෙන හැටියට නම් මේ දියසේන සංකල්පය බොරුවක් බවයි පේන්නෙ. දියසේන සංකල්පය පටන් ගත්තු තැනම දියසේන කියන්නෙ පැරකුම්බා රජාණෝ කියලා සඳහන් වෙනවනෙ.. රජතුමාව මුරුංගා අත්තේ තියන්න වන්දිබට්ටයෝ කරපු වැඩක් වෙන්න බැරිද? එදා ඉඳන් පාලකයෝ තමුන් දියසේන කුමාරයා බව පෙන්වන්න උත්සාහ කරනකොට වටේ ඉන්න වන්දිබට්ටයෝ ඒක එහෙමයි කියලා ගාන කපා ගන්න ඇති/ ගන්නවා ඇති.

    5. "මේ සූත්‍රය අවසානයේදී කියවෙන විදිහට දඹදිව දහස් ගණන් සේනාව පිරිවරාගෙන අවුරුදු 13 ක් සම්පූර්ණ දඹදිවටම අධිපතියා වෙලා රජකම් කරන දියසේන රජතුමා ලංකාවට පැමිණිලා අනුරාධපුරයට ආශා වෙලා නගරය නැවත ප්‍රතිසංස්කරණය කරලා වෙහෙර විහාර නැවත ඉදි කරවලා අවුරුදු 22 රාජ්‍ය කරලා මිය යනවා කියලා දැක්වෙනවා." මේ කියන විස්තර අනුව නම් අපි ඉන්දියාවෙ යටත් විජිතයක් වෙන්න ඕනෙ.. :)

    6. විෂ්ණු දෙවියන්ගේ අවතාර 10න් එකක් බුදුන් වහන්සේ නම් හින්දු විශ්වාසයට අනුව බුදුන් වහන්සේ කියන්නෙ විෂ්ණු දෙවියෝද?

    7. "අතින් බලය අහිමි වෙලා රාජ්‍යයන් පාලනය කිරීමේ බලය හිමිවන්නේ පහත්ම කුලය වෙන ශුද්‍රයන්ට." මෙතනදී පේන්නෙ කුලභේදය වගේ.. ශුද්‍රයෙක් රටේ පාලකයා වුනොත් ඔක්කොම විනාසයි වගේ හැඟීමක් එනවා නේද?

    8. ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම ගැන මම ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා මෙතැන වැඩිදුර කරුණු දක්වන්න යන්නේ නෑ. (එතකොට මට ලියන්ඩ දෙයක් නැතුව යනවනෙ :))
    ඒත් එළිදරව්ව ගැන කියන්නම්.

    එළිදරව්ව කියන්නෙ ශු. බයිබලයේ අවසාන ග්‍රන්ථය. ඒක ජොහාන් නැමැත්තෙක් ලියපු බව සඳහන් වුවත් ඒ ජේසුස් වහන්සේගේ ගෝළයෙක් වෙච්ච ජොහාන්ද වෙන කෙනෙක්ද කියලා හරියටම හොයාගෙන නෑ. වැදගත්ම කාරණාව තමයි ඒ කාලේ ක්‍රිස්තියානින්ට තිබුනු රෝම පීඩනය. ඒ කාලෙ ඇතිවුනු රෝම පීඩනය මේ ග්‍රන්ථය ලිවීමට හේතු උනා කියලයි කියවෙන්නෙ.

    ඒත් බොහෝ ප්‍රචලිත මතය නම් මේ ග්‍රන්ථයෙන් අනාගතය ගැන කියවෙනවා යන්න නොවේ. රෝමවරුන්ට හසුනොවීම පිණිස ධර්මය රහස්‍ය භාෂාවකින් (Encrypted කියන එකේ සිංහල වචනෙ) ලියා තැබූ බවයි. ඒ වගේම විවිධ සංකේත යොදාගත් බවයි. ඉතින් ඒක ඇත්ත නම් ග්‍රීක භාෂාවෙන් Encrypt කරලා තව තව භාෂා රාශියකට පරිවර්තනය උනාට පස්සෙ තේරුම මොකක්ද කියලා හිතා ගන්ඩවත් පුළුවන්ද?

    9. "මුස්ලිම්වරු ඊෂා අලෙයිතුමා විදිහට හඳුන්වන්නේ කතෝලික බැතිමතුන් විසින් තමන්ව පාපයෙන් මුදවා ගන්න දෙවියන් වහන්සේගේ මිනිස් ලොවට එවූ තමන්ගේ පුත්‍රයා වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි." නමුත් මුස්ලිම්වරු ඊෂා කියන්නෙ අල්ලාහ්ගේ පුත්‍රයා හෝ අල්ලාහ් බව පිළිගන්නේ නෑ. ඔවුන්ට අනුව ඊෂා යනු තවත් එක් නබිවරයෙක් පමණයි. ඔවුන් කියන පරිදි ඊෂා කුරුසියේදී මියගියේ නෑ. ඊෂා වෙනුවට වෙනත් කෙනෙක් කුරුසියේ ඇණගසද්දි අල්ලාහ් ඊෂාව පණපිටින් ස්වර්ගයට ගත්තාලු. ඒ ඊෂා තමයි ආයෙ එන්නෙ. නමුත් තවත් මුස්ලිම් කණ්ඩායමක්(අහමදියා) කියන්නෙ ඔවුන් ඊෂාව කුරුසියෙන් බේරෙගෙන ගිහින් කාශ්මීරයේ ඉන්නට සැලැස්වුවා කියායි. හැබැයි කාශ්මීරයට ගිය ඊෂා නම් මියගිහින්.

    10. 200 වෙනි ලිපිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් හසිත. මෙතෙක් ආවා වගේ දිගින් දිගටම අපව දැනුමෙන් පෝෂණය කිරීමට ලැබේවා.

    ReplyDelete
    Replies
    1. @ හරී

      1. ඇත්ත ඇත්ත. එච්චර අමාරුකම් මැද්දේ බ්ලොග් කියවන බ්ලොග් පාඨකයන්ව අගය කිරීමකට ලක් වෙන්නේ නැති එක නොවැ අවුල :D

      2. සද්ධර්මය ගැන නිවැරදි වැටහීමක් නැති අය අතින් තමා එහෙම දේවල් වෙන්නේ. තමන්ගේ උත්සාහය තියෙනවා නම් සද්ධර්මය අවබෝධ කරගන්න එක දුෂ්කර නැහැ කියලා තමා බුදු හාමුදුරුවෝම දේශනා කරලා තියෙන්නේ. බුදුන් දැක්කාම නිවන් දකින්න පුලුවන් කියන අදහසත් කේතුමතිය කියන්නේ බොහොම සෞභාග්‍යමත් දේශයක් නිසාත් තමා මේ වගේ බලාපොරොත්තු ඇවිත් තියෙන්නේ

      3. ඒක ඒ මිනිස්සුන්ගේ කපටිකම. ඊටත් වඩා ඒක ඇත්තයි කියලා පිළිගන්න මිනිස්සුන්ගේ මෝඩකම

      4. 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාව නම් අතිශය වර්ණනා කරලා තියෙන බව හැබෑව, කොටින්ම ඔරුවල සන්නසේ තියෙන විදිහට රජතුමා බෝධිසත්වයෙක්. අනාගතයේ රජතුමා සක්විති රජ වෙලා කීප වරක්ම ඉපදිලා අවසානයේදී බුදු වෙනවා කියලා තමා විස්තර කරන්නේ.

      දියසේන සංකල්පය ගැන කරුණු දැනට මුලින් හම්බෙන්නේ පැරකුම්බා සිරිතේ වුණත් ඊට කලින් ඒ ගැනත් මිනිස්සු අතර විශ්වාසයක් තිබුණා වෙන්න පුලුවන්. ඒක පාදක කොටගෙන වෙන්න ඕනේ පැරකුම්බා සිරිතේදී ඒ දියසේන පැරකුමා කියලා කියන්නේ. පස්සේ කාලේත් වෙන්නේ ඒකම තමා. ඒත් දියසේන දන්න එකෙක් කියලා ප්‍රතිචාර දක්වපු කෙනා කියන විදිහට නම් දියසේන මේ කවුරුවත්ම නෙමේ වෙනමම කෙනෙක්.

      5. දියසේන කියන්නේ විශ්වීය නායකයෙක්නේ. එතකොට එයා යටතේ ගොඩක් රාජ්‍ය තියෙනවා. හරියම අපි බ්‍රිතාන්‍ය අධිරාජයේ රටක් වෙලා හිටියා වගේ තමා

      6. ඔව් හින්දු භක්තිකයෝ බුදුන් වහන්සේටත් වදින්නේ ඒ විශ්වාසය උඩ. කොටුවේ තියෙන සයිවර් කඩවල දෙවියන්ගේ පින්තූරත් එක්කම බුදු හාමුදුරුවන්ගේ රූපෙත් එල්ලලා හින්දු අය වදිනවා දැකලා ඇතිනේ.

      7. එතැන ශුද්‍ර කියන එකෙන් අදහස් කරන්නේ කුලයෙන් පහත් කියන එකටත් වඩා තමන්ගේ බලය යොදවලා පහත් වැඩ කරන අය කියලයි මගේ අදහස. රාජ්‍ය බලය යොදවලා පහත් වැඩ කරවන [ශුද්‍ර] අය දැන් කාලෙත් ඉන්නවානේ

      8. ඇත්තෙන්ම එළිදරව්වෙන් මගේ කතාවට අවශ්‍ය කරන කොටහ ගත්තා විතරයි. ඒකේ කතාව සවිස්තරාත්මක අපේ කිතුණු බ්ලොග්කරුවෙක් කියයි කියන එක මම බලාපොරොත්තු වුණා. අයියා ඒක කරන එක ගැන වඩාත්ම සතුටුයි :)

      9. ඔව් ඒක හරි. මට මේ ගැන කිව්ව මුස්ලිම් මිතුරා කිව්වෙත් ඊෂා අලෙයිතුමා ස්වර්ගයට පණ පිටින් ඇදලා ගත්තා කියලා. නැවත වරක් මුහම්මද් නබිනායකට පස්සේ මනුෂ්‍ය ලොවට පහළ වෙන්න තමන්ට ඉඩක් දෙන්න කියලා ඔහු අල්ලාහ්ගෙන් ඉල්ලා තිබෙනවා.

      ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ කෘතියේ තියෙන්නේත් කුරුසයේ ඇණ ගැසීමෙන් එච්චර හානියක් නොවුණු ජේසුතුමා ආපසු තමන් තරුණ කාලය ගත කරපු කාශ්මීරයට ඇවිත් එහේ කල් ගත කරලා මිය ගියා කියලා තමා.

      10. ස්තුතියි අයියා හැමදාම දෙන දිරි ගැන්වීමට වගේම සහයෝගයට ඒ වගේමයි සුභ පැතුමටත් ස්තුතියි :)

      Delete
    2. මහා පරාක්‍රම බාහු (1) සිංහලයන් පෑගීමට කුලී දෙමළ හමුදාවක් තබා ගත් නරුමයෙකි. වැව් බැන්දේ සිංහලයන්ට බල කිරීමෙනි. ඒ ලොකු දේ කර සිංහලයන් ඉදිරියේ කැමැත්ත දිනා ගැනීමටය. එවැනි නරුමයන් අද ද රට උගස් කර, විදේශිකයන් ලවා ලොකු දෑ කර, තම නම ගසා ගනිති. මෙවැනි නරුමයන් දියසේනලා නම් ප්‍රභාකරන් ද දියසේන වේ. ඔබ නොසිතන දෙයක් ඇත. ඒ මේ අයට සිංහලයන් සැලකූ ඉතිහාසමය විදියයි.

      අපට මේ තොරතුරු ලැබුනේ මහා ලොකු කෙරුමන් යයි පචවංශය ගොතන විරුවන් සිංහල මතකයෙන් ගිලිහුන හේතුව සෙවූ විටය. දුටු ගැමුණු සිංහල නාග(නායක) ගෝත්‍රිකයාගේ ඊ පහරින් රෝගී වී මළ බව නොකියන්නේ ඇයි? සැබැවින්ම හිඟන ආකම වෙනුවෙන් රට නසා, උතුර සිංහලයන්ට අහිමි කලේද සිංහල ලෙයින් දෙමළුන් පැරදූ දුටු ගැමුණු නොවේද? අද ද ඉතිහාසය නැවත වෙමින් පවතී. මෙවර දකුණද සිංහලයන්ට අහිමිවෙන තුරු ආවඩමුද?

      - දියසේන දන්න එකෙක්.

      Delete
    3. @ - දියසේන දන්න එකෙක්.

      //..මහා පරාක්‍රම බාහු (1) සිංහලයන් පෑගීමට කුලී දෙමළ හමුදාවක් තබා ගත් නරුමයෙකි....//

      දෙමළ කුළී හමුදා තබා ගත් එක් පාලකයෙක් පමණයි මහා පරාක්‍රමබාහු. තවත් පාලකයන් රැසක්ම ඉන්නවා.

      //...දුටු ගැමුණු සිංහල නාග(නායක) ගෝත්‍රිකයාගේ ඊ පහරින් රෝගී වී මළ බව නොකියන්නේ ඇයි?...//

      රුවන්මැලි සෑය පුදන්නට ආ නාග කන්‍යාවියක් රඳවා තබා ගැනීම නිසා අවසානයේදී නාගයන්ගේ ප්‍රහාරයකින් රජු මිය ගිය බව කියවෙනවානේ. ඒක නිසා ඒක සැඟවීමක් නැහැ. මහාවංසයේ ඒක නැති බව සැබෑව. ඒත් මම පැහැදිලිව කියලා තියෙනාවානේ මහාවංසය කියන්නේ ඉතිහාසය නෙමෙයි කියලා.

      //...අද ද ඉතිහාසය නැවත වෙමින් පවතී. මෙවර දකුණද සිංහලයන්ට අහිමිවෙන තුරු ආවඩමුද?..//

      ඔබ කියන විදිහට සැබෑම දියසේන දැන් ඉපිදී සිටින නිසා මේ ගැන ගැටලුවක් ඇතිකරගන්න දෙයක් නැහැනේ.

      Delete
  44. මේ මොනම ක්‍රමයකින් හරි නපුර නැති වෙලා යහපත ඇති වෙනවා මට ඒ ඇති.සුභ පතනවා ඔබේ 200 වෙනි ලිපියට වගේම ඒක වැදගත් ලිපියකින්ම ලිව්වට.

    ReplyDelete
    Replies
    1. @ මඩිස්සලේ නිශාන්

      ඇත්ත තමා. දැන් කාලේ සමාජයේ තියෙන දූෂිත බව නැති කරලා යහපත ඇති කරනවා නම් ඒක තමා විය යුත්ත.

      ස්තුතියි ඔබේ සුභ පැතුමට :)

      Delete
  45. දෙසීයට සුභ පැතුම් මලයෝ . . .

    ඔයාගේ බ්ලොග් එක මේ බ්ලොග් අවකාෂයම සුවඳවත් කරන සපුමල් සුවඳක් වගේ . . .

    දිගටම අපේ දැනම පුලුල් කිරීමේ යෙදිලා ඉන්න ඔබට ශක්තිය ලැබේවා . .

    ජය . . !

    ReplyDelete
    Replies
    1. @ දුකා

      ප්‍රශංසාත්මක ප්‍රතිචාරයට ස්තුතියි අයියා :) සැබවින්ම ඒවා ඉදිරි ගමනට සහයක්

      Delete
  46. ලිඛිත සහ අලිඛිත මූලාශ්‍රවල එන ෆැක්ට් සහ ෆික්‍ෂන් අතර දෝලනය වෙන හිස්ටරි සහ ෆැන්ටසි එකතු වෙලා හැදිච්ච මේ වීර චරිත ඇත්තටම හැදිල තියන්නෙ සහ සමාජයේ කල්ට් ෆිගර්ස් බවට පත්වෙලා තියන්නෙ මිනිසුන් ගෙ පැහැදිලි සහ සාධාරණ මානසික අවශ්‍යතාවයක්. මේ චරිත පසුපස්සෙ ඇත්තක් නැත්තෙම නැත්තෙත් නැහැ සහ මේ චරිත නිර්මාණය වෙලා තියන්නෙ බොහෝ වෙලාවට ඓතිහාසික චරිතයක් පාදක වෙලා.... උදාහරණයක් විදියට ඓතිහාසික බුදුන්ව හෝ යේසුස්ව පාදක කරගෙන ඒඒ අය අනුගමනය කරන අය සුපර්හියුමන් හීරෝ ෆිගර්ස් නිර්මානය කරන් තියනව....මේක ඉතිහාසය හරහ කියවනවට වඩා කාල් යුන් ගෙ ආර්කිටයිපල් තියරිය සහ ජෝසෆ් කැම් බෙල් විසින් ගොඩනගන මොනොමිත් එක හරහ කියවන්න පුලුවන්....

    ReplyDelete
    Replies
    1. @ Rusiru

      අනිවාර්යෙන්ම මානසික අඩුවක් පිරවීමක් මේ සියලු දෙනා නිසාම සිද්ධ වෙනවා අයියා. ස්තුතියි හරබර කරුණු දැක්වීමට.

      //..කාල් යුන් ගෙ ආර්කිටයිපල් තියරිය සහ ජෝසෆ් කැම් බෙල් විසින් ගොඩනගන මොනොමිත් එක..//

      මේ දෙක ගැනත් යමක් කියමුකෝ. මම නම් මේ ගැන දන්නේම නැහැ

      Delete
  47. 200 ට මගෙනුත් සුබ පැතුම්.. කමෙන්ට් නොකලට අපිත් හැමදාම කියවනව!

    ReplyDelete
    Replies
    1. @ Anonymous January 4, 2013 10:33 AM

      දැනගන්න ලැබීමත් සතුටක්

      Delete
  48. සමාවෙන්න අදහස් දක්වන්න ප්‍රමාද වුනාට.

    මුලින්ම 200 ට සුභ පතන ගමන්, තව තවත් සමාජයට දැනුම එක් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    කතෝලිකයන් හැටියට අපි විශ්වාස කරනවා ජේසුස් වහන්සේ ගේ නැවත් පැමිණීමක් පිළිබඳව. උන්වහන්සේ ඒ එන්නේ අවසාන විනිශ්වයටයි. එදිනට යහපත් ලෙස ජීවත් වන්නවුන්ට ස්වර්ගීය සැපත උරුම වෙනවා. මේ දිනය නිශ්චිතවම දන්නේ නෑ. ක්‍රිස්තුස් වහන්සේ මෙලොව සිටි කාලයේදීම උන්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

    මෙම වටිනා ලිපියට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. @ Gihan

      ස්තුතියි සහෝදරතුමා සුභ පැතුමට. පොඩි ප්‍රශ්නයක් මට ඇතිවුණා. ජේසුතුමාගේ නැවත පැමිණීම ගැන එතුමාව ප්‍රකාශ කරලා තියෙනවාද ? එහෙමත් නැත්නම් එළිදරව්වේ ශුභාරංචිය ලියන ජොහාන් නමැත්තාද ඒ ගැන ඉදිරිපත් කරන්නේ ??

      Delete
    2. @ Hasitha,

      එළිදරව්ව ලිපියට අමතරව ජේසුස් වහන්සේ විසින්ම ප්‍රකාශ කළ අවස්ථා තිබෙනවා. මම එයින් කිහිපයක් සඳහන් කරන්නම්.
      *මතෙව් 24,3-44
      *ලූක් 12,35-48
      *ලූක් 21,25-28

      Delete
    3. @ Gihan

      ස්තුතියි සහෝදරතුමා පිළිතුරට. මම මුලින් හිතුවේ ජොහාන්තුමා තමා ඒ ගැන මුල්වරට ප්‍රකාශ කළේ කියලා

      Delete
  49. ශුද්ධ රෝම අධිරාජ්‍යයේ ෆෙඩ් රික් බාබරෝසා රජු ජර්මනියට නායකත්වය දෙන්න යලි පහළවන බවටත්, මොන්ගෝල්වරුන්ගේ ජෙංගිස් ඛාන් අනාගතයේ යළි පහළවෙනබවත් ඒ රටවල විශ්වාස තියෙනවලු

    - Kishan -

    ReplyDelete
    Replies
    1. @ - Kishan -

      ස්තුතියි මලයා විස්තරවලට. මහා බ්‍රිතාන්‍යයේ අයත් විශ්වාස කරනවානේ බ්‍රිතාන්‍යයට අනතුරක් වෙන අවස්ථාවකදී ආතර් රජතුමා ඇතුළු නයිට්වරු ආයි එනවා කියලා.

      Delete
  50. මම අදයි මේ ලිපිය බැලුවේ... 200වෙනි පෝස්ටුවට සුභ පැතුම්.. හික් අවුරුද්දක් විතර පරක්කු වෙලා :)..

    ඒක නෙවෙයි මම කරුමෙට වගේ පෝස්ට් එක කියවල තියෙන්නෙ දියසේන එන දවසෙමනේ.. 2013 අප්‍රේල් 12 වෙනිද නම් දියසේන මාධ්‍ය සාකච්චාවකට ආපු බවක් නිවුස් වල වත් ගොසිප් සයිට් එකකවත් අඩුම තරමේ ෆේස්බුක් එකේවත් දැක්කෙ නෑ.. හෙට 13 රෑ 12 වෙනකම් කතාව වලංගුයි මම හිතන්නේ.. හික්... ඔය හිටිය වගේ මේ පැය 24ත් ඉඳල බලමු... :)

    ReplyDelete
    Replies
    1. @ Pathum Herath

      ස්තුතියි සුභ පැතුමට අයියා.

      දැන් නම් කාලේ හොඳටම ගියා දියසේන ගැන සද්දයක්වත් නැහැ. ඕන් ඔහොමලු ඒකත් වුණා කියන්නේ අයියා :D

      Delete
  51. බොහොම පින් පිලිතුරට. දියසෙන් කුමාරයා ගැන මහාවන්ශයේ එහෙම සදහනක් වෙනවද​?

    ReplyDelete
  52. wow,,, superb machan,,hema agamak genama waraddaganna nethuwa liyala thiyanawa,,
    harawath post ekak..:)
    magen suba pethum..:)

    ReplyDelete
  53. මෙ පොස්ටුව පලවෙලා අවුරුද්දකට ලගයි.2012 අප්‍රෙල් මාසෙ ගෙවිලත් දැන් බොහෝ කල්. එය්හ් ත්
    යලා. අප්‍රෙල් මාසෙ පහල ඩියදියසෙන දන්න එකෙක් වෙත ඉල්තින් ඉල්ලා සිර්ටිමි. කවුද බන් ඔය අපි නොදන්න දියසෙන

    ReplyDelete
  54. හරවත් ලිපියක් ගොඩක් දෙවල් දැනගත්තා ඔබට පින්

    ReplyDelete
  55. දියසේන කතාව බොරු උඩ කිව ඔක්කොම කතාවන්ට පදනම් වන්නේ ඇත්තටම ලොව ජිවත් වූ මිනිසෙක්ව ,ඔහුගේ නම තේමිය සැබෑ ගැලවුම් කරු අර හැම නමක්ම ලෝකයා කියන්නේ ඔහුට ඔහු ලෝකෙට ගියේ මේ හෙළ දීපයේ ඉඳලයි

    ReplyDelete
  56. තේමිය ගේ කතාව තමයි හාමුදුරුවරු විකුර්තිකරලා තියෙන්නේ

    ReplyDelete
  57. diwayuru kesara rase yana kawiye arthaya tikak waradi
    Diwayuru yanu hiru kesara resa yanu sinha rashiyedi, suraguru yanu brahspathi kataka rashiye senasuru vanija resa hewath thula rashiye bindinethu hewath sikuru mithuna rasiye sisiputhu hewath budha meena rashiye kuja makara rashiye nisayuru hewath sandu mesha rashiyedi yannai
    Bindinethu yanu neth bindunu nathi yana arthayai kaana hewath eka asak penennaa yanna sikuruta kiyana pariyaya namayaki..sisi yanu sanduya sanduge putha jyothisayedi budhai..e anuwa sisiputhu budai.nisayuru yanu rathriyata akarayak yana arthayen sanduya..kesara resa yanu kesara nam sinhaya nisa sinhai..vanija resa yanu tharadiya sankethawath karana thula rashiyai.mehidi brahaspathi,shani,kuja uchcha wee atha,budha neechai..

    ReplyDelete
  58. ඔබලා බලා සිටි දියසෙන් කුමරා පහලවී දැයට සෙත් කර සිය කාර්‍ය නිමා කොට නික්ම ගොස් දැනට අවුරුද්දක් පමණ වන බව ඔබ දන්නවාද?
    දෙදහස්‌ පන්සිය වසක්‌ ඉක්‌මවූ තැන ''දියසෙන්'' නම්වූ ආධ්‍යාත්මික නායකයකු හෙළදිව පහළවී නිර්මල බුදුදහම ව්‍යාප්ත කරනු ඇතැයි යන බලාපොරොත්තුව කලෙක පටන් අප හෙළයන් අතර පැවතුණි. එහෙත් නියම නම නම් ''දිය සෙත්'' යනුය. ඒ ලෝකය ජය ගෙන දැයට සෙත් කරන්නා යන අර්ථයෙනි. එසේම දියට ආශිර්වාද ශක්තිය බලගන්වා සෙත් කරන්නා යන අර්ථයෙනි.
    පෙර කලෙක අනිසි ලකුණ අනිත්‍යය කොට හුවා දැක්වූ පිරිස විසින්ම "දියසෙත් කුමරා'' යන්නද ''දියසෙන් කුමාරා" කොට සඟවා දැමූ බව කෙසේ නම් කියන්නද?
    සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500ක් ඉක්මවූ පසු දියසෙන් කුමාරයා පැමිණ රට ජාතිය ආගම විප්ලවීය වෙනසකට යොමු කරන තෙක් සිංහලයා බලා සිටියාය. සැබවින්ම ඒ දියසෙත් කුමාරයා 1950 දී මෙහි පහලව නිහඩවම හෙළදිවට පමණක් නොව මේ මුළු ලෝකයටත්, දස දහසක් සක්වලටත්, ඉන් එහාටත් අපරිමිත ඒ මහා සේවය සිදු කොට 2017 නවම් මස පුර පසලොස්වක පොහෝදා නික්ම ගිය බව දන්නේ ඉතා සුළු පිරිසක් පමණි.
    එම උතුමන් වහන්සේට කාශ්‍යප බුදු පියාණන්ගෙන් ලත් විවරණයක් තිබුණි. ඒ බුදු දහම යට ගිය යුගයකදී දහම මතු කර දියට(දැයට) සෙත් කරන්නටය. වතුරට ආශිර්වාද ශක්තිය බලගන්වන්නට පුලුවන් හැකියාවක්ද උන්වහන්සේට තිබුනා. එය උන්වහන්සේ කාශ්‍යප බුදුරදුන්ගෙන් ලබපු විශේෂ විවරණ ශක්තියකි.
    එදා රාවණ පරපුරෙ නැගීමට පුලතිසි ඍෂිවරයා දුන් මහා බල ශක්තියට නොදෙවෙනිව මෙකලද ඒ උතුමන් විසින් රාවණ පරපුරේ නැගීමට මහා බලයක් දුන් බව දන්නේ කීයෙන් කී දෙනාද?
    ඇත්තටම බුදුරදුන් මේ හෙළදිවම බුදුවී හෙළදිවම වැඩ විසූ බවද මුලින්ම උතුම් සමාධියෙන් දැක වදාළේ ඒ උතුමන් වහන්සේ විසින්මය.. ඒ සත්‍ය කතාව දන්නේ අද කීයෙන් කී දෙනාද? 2012 වසරේදී ලොව මහා විනාශයකින් බේරාගත්තේද උන් වහන්සේ විසින්ම බව දන්නේ දෙව් බඹුන්ම පමණයි.. දැයට සෙත් කළ උන් වහන්සේ අද අප අතර නැත. දැන් කිරීමට ඇත්තේ ඔබ අප විසින් මේ දැයට කළ යුතු කොටසයි..
    " මිල්ල ගහ මලාට පස්සෙ තමා ඇට පැළ වෙන්නේ " කියා ඒ උතුමන් කීවාහ. උන් වහන්සේ පැවසූ සියල්ල අද සැබෑ වෙමින් යනවාය..
    (කිසිවෙක් ආර්ය උපවාද කර නොගනිත්වා..)
    ඒ අසහාය යුග පුරිසෝත්තමයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා...
    https://budunupanhelabima.blogspot.com/p/blog-page_27.html

    ReplyDelete
  59. ඉස්ලාම්, කතෝලික හා යුදෙව් යන ආගම් තුනම අබ්‍රහිමික ආගම් ත්‍රිත්තව ලෙස හඳුන්වනවා. මන්ද ඒ ආගම් තුනම ඒබ්‍රහම් (ඉස්ලාමයෙන් පවසන්නේ ඉබ්‍රාහිම් කියාය) නැමැති පූර්ව දිවැසිවරයෙකුගේ ඒක දේවවාදී අනුශාසනාව මත ගොඩනැංවී ඇති බවට එකී ආගම් තුනේම සඳහන් වනවා. එබැවින් ඒ ආගම් ත්‍රිත්වයේ බොහෝ සමානකම් දක්නට ලැබෙනවා. නමුත් ජේසු තුමාගේ පැමිණීම සඳහන් වන්නේ ක්‍රිස්තියානි සහ ඉස්ලාම් දහමේ පමණි. මන්ද යුදෙව් දහම බිහිවූයේ මෝසස් (මූසා) දිවැසිවරයාගෙනි. ඔහු වූයේ ක්‍රිස්තියානි දහමට පෙරය. එනම් ජේසු තුමාගේ උපතට පෙරය. එබැවින් යුදෙව් දහමේ එලෙස කිසිවක් සඳහන් නොවූවද සෑම අබ්‍රහිමික ආගමකම දක්නට ලැබෙන අනාගත ගැලවුම්කරුවන් ලෙස යුදෙව් දහමේ ජේසු තුමා සඳහන් වනවා. එලෙසම කිතු දහමේ මුහම්මද් නබිතුමා ගැන සඳහන් වන බව පැවසෙනවා. නමුත් එකී අබ්‍රහිමික ආගම් තුනේම බොහෝ අසමානතා දක්නට ලැබෙන්නේ කාලීන හා ප්‍රාදේශීය නීතිවල ඇති වෙනස්කම නිසා හෝ පසුකලෙක මිනිසුන් විසින් ඒවා විකෘති කර නිසා හෝ විය යුතුය. කෙසේ වුවත් ඉස්ලාම් දහම ජේසු තුමා දෙවියන්ගේ පුත්‍රයා ලෙස නොසලකන අතර අප සලකන්නේ ඔහු මුහම්මද් තුමා මෙන් සාමාන්‍ය මිනිසෙකු ලෙසය. කෙසේ නමුත් අබ්‍රහිමික ආගම් ත්‍රිත්වයේ නැමදුම් කරන දෙවියන් එකම දෙවියෙකු බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් ලෙස පැහැදිලිය.
    (වැඩි දුර කරුණු ඉදිරිපත් කලේ වෙනත් පුද්ගලයන් විසින් ඉදිරිපත්කර තිබූ ප්‍රශ්න හා දුර්මතයන් දුරලීමටය)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................