Saturday, October 1, 2011

පන්සලේ දේවාලයේ සිටි පොළොං පැටියා


මේ මාසේ පවත්වන්නට නියමිත වාර්ෂික කඨින චීවර පූජා පිංකමේ වැඩසටහන මට type කරන්න දෙන්න නායක හාමුදුරුවෝ උදෙන්ම මට එන්න කිව්වා. ඒ වැඩේ ඉවර වෙලා පොඩ්ඩක් පොඩි හාමුදුරුවෝ එක්ක කතා කර කර ඉද්දී තමයි උපාසක අම්මා කෙනෙක් ඇවිත් පොඩි හාමුදුරුවන්ට කිව්වේ දේවාලේ ඇතුළේ නයි පැටියෙක් ඉන්නවා කියලා.

පොඩි හාමුදුරුවෝ මටත් කතා කළා ගිහින් බලන්න. මමත් බය වුණා ඇත්ත කියන්න එපැයි. මීන ලග්නකාරයින්ට මේ සතිය හොඳම නැහැ මොකක් හරි අනතුරක් වෙන්න පුලුවන් කියලා මේ සතිය පටන් ගනිද්දීම මංජුල පීරිස් කියන ජ්‍යොතිෂවේදියා කිව්වලු. ඒක නිසා කෝකටත් පරිස්සම් වෙන්න කියලා අඟහරුවාදා උදේම අපේ Logic Class එකේ මිස් කතා කරලා කිව්වා. ඉතින් මම බය නොවී කොහොමද ? :))

ඒත් ඉතින් හාමුදුරුවොත් එක්ක දේවාලෙට ගිහින් බලද්දී දේවාලේ මුල්ලක පණුවෙක්ට වඩා ප්‍රමාණයෙන් ලොකු එකෙක් ඉන්නවා. මූට තමයි උපාසක අම්මා කිව්වේ නයි පැටියා කියලා. අපිට නම් පෙණුනේ නයි පැටියෙක් වගේ නෙමෙයි.

ටිකක් කොළ පාට පෙනුමකුත් තිබුණු නිසා මූ පොළොං පැටියෙක් වෙන්න ඇති කියලයි පොඩි හාමුදුරුවෝ කිව්වේ. ළඟදී දේවාලේ හරියෙන් පොළොං ගඳකුත් ආවා කියලා එතනට ආපු දායක මහත්තයෙකුත් කිව්වා. ඕන් දැන් මගෙන් අහන්න එපා පොළොං ගඳ මොන වගේද කියලා. මම නම් දන්නේ නැහැ :))

දැන් ඔක්කොම හරිනේ. හඳුනාගැනීමේ පෙරට්ටුව අවසන්. මේ පොළඟෙක් කියලා හුඟාක් ෂුවර්. ඒත් ඉතින් මූව මෙතන තියන්න බැහැනේ. මූව කොහෙට හරි transfer කරන්නත් එපැයි. පන්සලේ ඉන්න පොළඟා කියලා විෂ නැතිවෙන්නේ නැහැනේ. කාටවත් දෂ්ඨ නොකර ඉන්නෙත් නැහැනේ.

ඒකටත් අත තිබ්බේ පොඩි හාමුදුරුවෝ. මූව අල්ලලා දාන්න ජෑම් බෝතලයක් අරන් ආපු පොඩි හාමුදුරුවෝ කෝටු කෑල්ලක් ආධාරයෙන් පොළොං පැටියාව ජෑම් බෝතලයට දමා ගන්න සමත් වුණා. ඒ වෙලේ මටත් පොඩි බණ කතාවක් මතක් වුණා.

ඒක තමා පොඩියි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති දේවල් 4 ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවා තමයි රාජ කුමාරයා, සර්ප පැටවා, ගිනි සිළුව, සාමණේර භික්ෂුව.

ඇයි එහෙම කියන්නේ රාජ කුමාරයා පොඩියි කියලා හිතලා අනම් මනම් කළා වගේ නෙමෙයි කුමාරයා රජවුණු කාලෙක හොඳ පෝරියල් එකක් තමා ලැබෙන්නේ. සර්ප පැටවා පොඩි වුණාට විෂයිනේ. දෂ්ට කළොත් වෙන දේ දන්නවානේ.

ගිනි සිළුව පොඩි වුණාට ඒකට පුළුවන් ප්‍රදේශයක්ම පුච්චලා අළු කරලා දාන්න. ඒ වගේමයි සාමණේර භික්ෂුව එහෙමත් නැත්නම් තරුණ භික්ෂුව. සීලාදී ගුණධර්ම වඩාගෙන ඉහළ තත්වයට පත්වෙන්නේත් ඒ භික්ෂූන් වහන්සේමයි.

ඒක නිසා නුවණැති පුද්ගලයෝ මේ කොට්ඨාශ 4 පොඩියි කියලා අවමන් කරන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ දේශනාව දහර සූත්‍රය නමින් හැඳින්වෙන සූත්‍රයේ තමා අන්තර්ගත වෙන්නේ.

මේකට නිදාන කතාව වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෝසල දේශයට වැඩම කළාම කෝසල දේශයේ පාලකයා වුණු පසේනදී කෝසල රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් අහනවා "ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට ස්ථීරව පත්වුණාද" කියලා.

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “තමන් වහන්සේ ස්ථීරවම සම්මා සම්බුද්ධත්වයට පත්වුණා" කියලා.

ඒ ප්‍රකාශයත් එක්කම රජතුමා කියනවා "පූර්ණ කස්සප ආදී ෂට් ශාස්තෘවරු වගේ ප්‍රසිද්ධ, පිරිස් බලය වැඩි, බොහෝ දෙනා පිළිගන්න ශාස්තෘවරුන්ගෙන් මම අහද්දී ස්ථීරවම සම්මා සම්බුද්ධත්වයට පත්වුණාද කියලා ඔවුන් පවා ස්ථීරව ඒකට පිළිතුරක් නොදෙද්දී ඔබ වහන්සේ වගේ උප්පත්තියෙනුත් තරුණ පැවිද්දෙනුත් අලුත් කෙනෙක් කොහොමද ස්ථීරවම සම්මා සම්බුද්ධත්වයට පත්වුණා කියන්නේ" කියලා.

ඒ අවස්ථාවේදී තමා බුදුරජාණන් වහන්සේ රජතුමාට කුඩායි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති කොට්ඨාශ 4 ගැන සඳහන් කරන්නේ. ( දහර සූත්‍රය සිංහලෙන් කියවන්න මෙතන කොටන්න )

පස්සේ ඒ කතාව සවිස්තරාත්මකව එතන රැස්වෙලා හිටිය උපාසක උපාසිකාවන්ට පොඩි හාමුදුරුවෝ කියලා දුන්නා. කොහොමින් කොහොම හරි පොළඟා නිසා වටින බණ පදයකුත් අහගන්න උපාසක පිරිසට පුළුවන් වුණා.

අනික ඉතින් කුඩායි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති සර්ප පැටියා අල්ලන්න ආවෙත් කුඩායි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති පොඩි හාමුදුරුවොනේ. කොහොමද ඒ වැඩේ :))


ඊට පස්සේ පන්සලේ හිටිය අයියා කෙනෙකුයි මායි bike එකෙන් අපේ ගමේ ටිකක් ඈතට වෙන්න තියෙන කැළෑවට ගිහින් බෝතලේ ඇරලා පොළොං පැටියව නිදහස් කරලා ආවා. ගියපාර අල්ලපු දිවියාට වුණු දේ මතකනේ.

කෝකටත් එක පොළොං පැටියෙක් හිටියා කියන්නේ තව පොළොං පැටව් ඉන්න පුළුවන් ඒ වගේම මහ පොළඟෙක් ඉන්නත් එපැයි. ඒක නිසා හාමුදුරුවන්ටත් පරිස්සම් වෙන්න කියලා තමයි උපාසක උපාසිකාවෝ කිව්වේ.

පන්සලේ වැඩ වාසය කරන අනික් පොඩි හාමුදුරුවෝ පස්සේ මට කියනවා "හසිත අපිට පන්සලේ නම වෙනස් කරන්න වෙනවා" කියලා.

මම ඇහුවා "මොකද හාමුදුරුවනේ" කියලා.

පස්සේ පොඩි හාමුදුරුවෝ කියනවා. "අපේ පන්සලේ නම නාගවනාරාමය වුණාට ඉන්නේ පොළොංඟුනේ. ඒක නිසා අපි පොළොංවනාරාමය කියමු" කියලා :))

අපේ පන්සලේ කතා ගොඩක් ඔයාලා අහලා ඇති. ඒක නිසාමයි පන්සලේ කතා කියලා වෙනම category එකකුත් හදලා තියෙන්නේ. එහෙම බලද්දී කතා පන්සල කියලා අපේ පන්සලට කියන්නත් පුලුවන් :))

ප.ලි.: මේ සූත්‍ර දේශනාව ගැන කරුණු කියපු අරියධම්ම පොඩි හාමුදුරුවන්ටත් මේ සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් අඩවියට ලියා තිබූ සජීව ශාලුක වෙළෙඳගොඩ අයියාටත් පින්

46 comments:

  1. මට නම් මූව පේන්නෙ මාපිල් පැටියෙක් වගේ... අනික කොටු කෑල්ලකින් අලල්ල ලේසියෙන් බෝතලේට දාන්න පුළුවන් සතෙක් නෙමෙයි පොළඟ කියන්නෙ... පැටියෙක් වුනත් පැන පැන කනව...

    ReplyDelete
  2. අම්මො මල්ලි පරිස්සමෙන් තව පැටවි ඉන්න පුලුවන් නේද?

    ReplyDelete
  3. මාත් මීන ලග්නෙ. මෙහෙත් ඇති වැලි පොළොංගු. කිව්ව එක හොඳා, පරිස්සම් වෙන්න පුළුවන්නෙ,, :D
    බණ කථාවක් අහන්න ලැබුණට පොළොං පවුලටයි, හසිත මල්ලිටයි පිං !!!

    ReplyDelete
  4. අනතුරක් නොවී බේරුන එක ලොකු දෙයක්. කෝකටත් පරිස්සම් වෙන්න.

    ReplyDelete
  5. මොකෙක් උනත් මරන්නේ නැතිව බේරපු එකනං පිං.

    ReplyDelete
  6. මේ මහ පොලොව අපිට වගේම මේකෙ ජීවත්වන සියලුම සතුන්ට අයිතියි. උන් මරා දැමීමෙන් අපි කරන්නේ මහා අසාධාරණයක්. උන්ව අල්ලල උන් ජීවත් වෙන පරිසරයකට ගෙන්ගොස් දැමීමෙන් සිදු කොට ඇත්තේ සත්ව කරුනාවෙන් යුතු මහඟු පින්කමක්. මේ මහ පොලව ඇසට පෙනෙන සතුන්ටත්, නොපෙනෙන සතුන්ටත් අයිතියි. " යේකේචි පාන භූතත්ථී තසාවා ථාවරාවා අනවසේසා, දීඝාවා යේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුඛ්තූලා- දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ.භූතාවා සම්භවේසීවා, සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා... මේ තමයි බුද්ධ දේශනාව.

    ReplyDelete
  7. මේ මහ පොලොව අපිට වගේම මේකෙ ජීවත්වන සියලුම සතුන්ට අයිතියි. උන් මරා දැමීමෙන් අපි කරන්නේ මහා අසාධාරණයක්. උන්ව අල්ලල උන් ජීවත් වෙන පරිසරයකට ගෙන්ගොස් දැමීමෙන් සිදු කොට ඇත්තේ සත්ව කරුනාවෙන් යුතු මහඟු පින්කමක්. මේ මහ පොලව ඇසට පෙනෙන සතුන්ටත්, නොපෙනෙන සතුන්ටත් අයිතියි. " යේකේචි පාන භූතත්ථී තසාවා ථාවරාවා අනවසේසා, දීඝාවා යේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුඛ්තූලා- දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ.භූතාවා සම්භවේසීවා, සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා... මේ තමයි බුද්ධ දේශනාව.

    ReplyDelete
  8. අපූරු ලොජික් ටිචර් කෙනෙක් තමයි.
    මං ඔහොම කෙනෙක් ගැණ ඇහැව්වාමයි!

    ReplyDelete
  9. මටනං සැකයි පොළොං පැටියෙක් කියල හරිහමන් පොටේ එකක් අරන් නෑනෙ මොකෙක් උනත් මූ හින්ද බණකුත් ඇහැව්වානෙ ඒ මදෑ

    ReplyDelete
  10. ප්‍රියන්ත අය්යගෙ බ්ලොග් එකේ සර්පයෝ ගැන විස්තර තිබ්බනේද?මල්ලි ගිහින් බලන්නකො පින්තූරත් තියනව ඒකේ.

    ReplyDelete
  11. මම දන්න හැටියට ෙමයාට කියන්ෙන දැතිෙගා්මරයා Black headed Snake (Sibynophis subpuncatus)කියලා ෙමයා කිසිම විෂක් නැති නිර්විෂ සර්පෙයක් මිනිස්සුන්ෙග ෙනාදැනුවත්කම නිසා ෙමයාල ාගාඩ ෙදෙනක්ට ජීවිත අහිමි ෙවනවාග ෙම් වෙග් ෙද්වල් වලක්වන්නඅපි මිනිස්සුන්ව දැනුවත් කළ යුතුයි

    ReplyDelete
  12. පොළොන් පැටියා ආයේ එයිද දන්නේ නෑ. පන්සලක නිසා මරන්නත් බැහැනේ. ඒත් ඉතිං පරිස්සමින්...

    ReplyDelete
  13. මල්ලි මීට පස්සේ සර්පයෝ ෆොටෝ ගහද්දි උගේ පිට පැත්තෙන් ගහන්න......

    හප්පා... පොලොන් කතා නම් ඕනෙම නෑ...

    ReplyDelete
  14. @ජේ.ඩී

    මරු තමා, තව පොඩ්ඩෙන් මරු පේන්නත් තිබුණා :))

    ReplyDelete
  15. @සාතන්

    ඒකත් එහෙමද ? අපේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව අසාර්ථකයි වගේ. පනින කතාව නම් ඌව කැලේට දාන්න ගියාමත් ආවා.

    පන්සලේ හිටිය අයියා බෝතලේ මූඩිය අරින්න බය වුණා මූ පනියි කියලා. පස්සේ හෙණ ජිල්මාට් එකක් දාලා තමා මූඩිය ඇරලා අපි ආවේ

    ReplyDelete
  16. @නදී

    ඔව් අක්කේ, හැමෝම හාමුදුරුවන්ට ඕක කිව්වා. කොහොම වුණත් "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" කියලා කියනවානේ අක්කේ

    ReplyDelete
  17. @හරී - පිණිපළස

    සාදු සාදු අක්කේ, මේ සතිය නම් දැන් ඉවර වෙන්නත් ළඟයිනේ.

    ඒත් මීන ලග්නකාරයින්ට ඉස්සරහට හොඳ මදි කියලාලු ජ්‍යෙතිෂ කට්ටිය කියන්නේ. කෝකටත් පරිස්සම් වෙන්න අක්කේ :)

    ReplyDelete
  18. @විසිතුරු | visituru

    ඒක ඇත්ත සහෝ. ඉස්සරහට හුඟක් පරිස්සම් වෙන්න වෙනවා

    ReplyDelete
  19. @Praසන්ன

    පන්සලේනේ අයියා සතාට අභය දානය හම්බවුණා

    ReplyDelete
  20. @සරත් ගුණතුංග

    ඔබතුමාගේ කතාවත් එක්කම් මට මතක් වුණේ මුව දඩයමේ ගිය තිස්ස රජතුමාට මිහිඳු හාමුදුරුවෝ දුන්නු අවවාදය.

    ඒ වගේම බොහොම ස්තුතියි ඔබතුමාගේ වටිනා අදහසට :)

    ReplyDelete
  21. @කතන්දර Kathandara

    ඒක නම් ඇත්ත තමා එහෙම ලොජික් මිස්ලා ඉන්නේ එක්කෙනයි. සබ්ජෙක්ට් එක නම් උපරිමයි :)

    ReplyDelete
  22. @චතුරංග ජයවර්ධන

    ඒකනේ අයියා. ඌ නිසා බණක් අහගත්තානේ. කොහොම වුනත් වැඩිය ළංවෙන්න ෆොටෝ ගන්න මම ගියේ නැහැ.

    අර සාස්තර හුටපටේ මගේ ඔලුවේ තිබ්බානේ. පරිස්සම් වෙන එක කෝකටත් ගුණයිනේ.

    ReplyDelete
  23. @Charmi

    මුලින්ම නයා කියලනේ පටන් ගත්තේ පස්සේ පෙනේ නැහැ කියලා තමා පොළඟාට මාරු වුනේ. අනේ මන්දා සතා මොකක් වුනත් සර්පයානේ. පරිස්සම් වෙන එක කෝකටත් හොඳයිනේ.

    ReplyDelete
  24. @නදී

    කලින් වතාවක තිත් පොළඟෙක්ගේ සිද්ධියකට මම ඒක කියෙව්ව අක්කේ.

    ඔයා දැක්කද ඒ තිත් පොළඟාගේ කතාව. මේ post එකේ අන්තිමටම ඒක තියෙනවා

    http://aagiyakatha.blogspot.com/2011/08/blog-post_14.html

    ReplyDelete
  25. @Buwaneka

    කොහොම වුණත් මූ විෂ වුණත් නිර්විෂ වුණත් අපි මූව මරන්න ගියේ නැහැ බේරලා ඇරියා. ඔයාගේ කතාවට එකඟයි.

    මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා මේ වගේ සර්පයෝ ඒ වගේ තව සත්තු හුඟක් මියයනවා. ඒකට මිනිස්සුන්ගේ දැනුවත්භාවය වැඩිකරන්න ඕනේ.

    මීට කලිනුත් එහෙම post එකක් මම ලිව්වා. බලන්නකෝ

    http://aagiyakatha.blogspot.com/2011/08/blog-post_14.html

    ReplyDelete
  26. @prasanna86k

    පොළොං ගඳකුත් ආවා කියනවානේ. එක පැටියෙක් විතරක් ඉන්න විදිහකුත් නැහැනේ. කෝකටත් හාමුදුරුවරු වගේම පන්සල් යන අපිත් පරිස්සම් වෙන්න ඕනේ තමා අයියා

    ReplyDelete
  27. @අභීත

    මීට පස්සේ නෙමෙයි කොහොමත් සර්පයන්ගේ ෆොටෝ ගැහිල්ලට මම එච්චර එන්නේ නැහැමයි කියලා තමා මම හිතුවේ අයියා. සෙල්ලම් නෙමෙයිනේ කෝකටත් හොඳයිනේ අයියා.

    ඒ වගේම අයියා ගාවත් හොඳ පොළොං කතා දෙක තුනක්ම තියෙනවා වගේ :))

    ReplyDelete
  28. කකා කිව්ව වගේ ටීචර් කරන්නෙ සොක්‍රටීස් ගෙ බණ වමාරන එක විතරයි වෙන්න ඕන. ලොජික් පාව්ච්චියක් නම් ඇත්තෙම නැතුව වගෙයි...

    ReplyDelete
  29. @ඉන්දික උපශාන්ත

    සොක්‍රටීස්ගේ බණ විතරක් නෙමෙයි ඇරිස්ටෝටල්ගේ බණත් කියනවා. ඒ විතරද ෆ්‍රැන්සිස් බේකන්, තෝමස් කූන්, රසල් හැන්සන් ඒ වගේ එකී මෙකී නොකී හුඟාක් අයගේ බණ කියනවා :))

    ReplyDelete
  30. අඩේ මමත් මීනනෙ බන්ස් කතාව ඇත්තද මන්දා අද උදේ පාන්දර බස් එකකිං වැටිලා තව ඩිංගෙන් එතනම :D අනේ මන්දා ඇත්ත නැත්ත පොලොං ගඳ මකුණු ගඳ වගේලු o.O

    ReplyDelete
  31. මේ ඉන්නෙ මාෆිලෙක් වෙන්න ඕනෙ :)

    ReplyDelete
  32. විශ ඝෝර සරුපයා දැක නෑර මෝඩයා !!

    අයියට අපහාසෙකට කීවා නෙවේ මම කීවේ අර පැරනි කියමනක් .කොහොමත් මමත් සත්තු මරනවාට වැඩිය ලයික් නෑ

    අපේ ගෙදෙට්ට ආපු නයි පැට්ටෙකුත් අමාරුවෙන් අල්ලගෙන ඈත ඇලකට ගිහින් දැම්මේ රු 50 විතර තෙලුත් පුච්චගෙන

    ReplyDelete
  33. සර්පයෙකු බෝතලයට දැමීම ගැන මාෆිල්ලු වශයෙන් අපගේ බලවත් විරෝධය ..........:D

    ReplyDelete
  34. අපි නොදන්න ලොජික්!
    ඕගොල්ලොනෙ අර දොර වැහුවත් ඇරිය වගෙයි කියල ඔප්පු කරන්නෙ නේද?

    ReplyDelete
  35. ඇති යන්තන් අර දිවිහාමිට වඩා පොලොන් පටිය වාසනාවන්තයි . අපි බණකුත් අහගත්තා . සාධු !!!
    කොයි හරියේද ඔය පන්සල . බලන්න වටිනවා . හසිතලගේ ගම පැත්ත තවම ටිකක් ලස්සනයි නේද . අපේ මලයත් අපේ ගෙවල් පැත්ත ජනාකීර්ණ වැඩියි කියල නෝනගේ ගමේ පදිංචි වුනා . ඔයාට බොහොම කිට්ටුව.

    ReplyDelete
  36. @කිඩෝ

    කොහොමින් කොහොම හරි ඒ සතියේ කරදරයක් නම් වුනේ නැහැ මට. ඒක නෙමෙයි මකුළු ගඳ කොයි වගේද ???

    ReplyDelete
  37. @BLOG ගඩොල්

    මාපිලෙක්ද මන්දා මාපිලාගේ නෑයෙක්ද මන්දා :))

    ReplyDelete
  38. @හිස් අහස


    අන්න හිත හොඳ සත්ව හිතකාමී කොල්ලෝ. ඒක නෙමෙයි කොල්ලා උඹත් 89 නේද ???

    ReplyDelete
  39. @The Lion

    සර්පයා නොමරා බෝතලයකට දමාගෙන හෝ ගෙනගොස් මුදාහැරීම ගැන ප්‍රණාමය පුදකරන්න :))

    ReplyDelete
  40. @ඉන්දික උපශාන්ත

    ඔව් ඉතින් අයියා දොර බාගෙට ඇරලා කියන්නේ දොර බාගෙට වහලා කියනේ එකනේ :))

    ReplyDelete
  41. @Bindi

    අපි එහෙම තමා අක්කේ සතා සරුපයාගෙන හරි කමක් නැහැ බණ කතාවක් කියනවා. අපේ පැත්තට එන්නේ අක්කේ කිරිබත්ගොඩින් මාකොළ පාරේ ඇවිත් මාකොළින් උඩුපිල පාරේ එද්දී හම්බෙන දික්වෙල හන්දියෙන් දික්වෙල පාරේ ඇවිත්.

    ගම් පළාත තාම සාමාන්‍ය මට්ටමෙන් තියෙනවා. මලයා ගෙවල් හදාගත්තේ කොයි ඉසව්වෙන්ද ???

    ReplyDelete
  42. මටනම් මු පොලොන් පැටියෙක් නෙවෙයි. වෙන සතෙක් (නම මතක නෑ ඒත් ඉස්සර ප්‍රොෆෙසර් ඇනස්ලම් සිල්වා අරන් යනවා මම දැකල තියනවා). ඒත් මම දන්නා විදියට විෂක් නෑ. පොළඟාගේ හිස ත්‍රිකෝණාකාරයි. බඳේ කළු පුල්ලි තියෙන්නේ දම්වැලක විදියට. ඒ වගේමයි අනතුරකදී ශරීරය කැටි කරගෙන ශබ්දයක් නගන්න ඔවුන්ට හැකියි. ලොකු පොඩි කියල නෑ. 2010 ජනවාරි පළවෙනිදා අපේ ගෙදරටත් ආවේ එකෙක්.

    ReplyDelete
  43. @ ක්සැන්ඩර් | Xander

    අපි ඉතින් කෝකටත් කියලා සතාවත් අල්ලගෙන සතාටත් හිරිහැරයක් නොවෙන්න මුදා හැරියා. කාගේ කාගේවත් ශරීර සෞඛ්‍යයට හොඳයි නොවැ

    ReplyDelete
  44. හසිතලගේ වැඩේ අගය කල යුතුයි. පුංචි පැහැදිලි කිරීමක් තියෙනවා. ඔය ඉන්නේ දත්කැටියන් විශේෂයක් විය යුතුයි. කොළපාටක් තිබුනා නම් විද්‍යාත්මකව Oligodan arnensis (http://www.gophoto.it/view.php?i=http://farm5.static.flickr.com/4070/4333955848_7eb551bef8.jpg#.UILpNGdxGuQ) කියලා හඳුන්වන අරනිදත් කැටියා හෝ එසේ නොමැති නම් විද්‍යාත්මකව Oligodan sulineatus (http://www.gophoto.it/view.php?i=http://farm3.staticflickr.com/2498/4095668841_5127966fcc_z.jpg#.UILqlmdxGuQ)හඳුන්වන පුල්ලි දත්කැටියා විය යුතුය.විෂ සර්පයන් පිලිබඳව දැනුවත් වීම අපේ ආරක්ෂාවට මෙන්ම දුටු තැන සර්පයන් මරා දැමීමෙන් වඳවී යන මෙම සතුන් අනාගත පරපුරට දැක ගැනීම සඳහා සංරක්ෂණයටද දායක විය හැක. ලංකාවේ ඉන්න උග්‍රවිෂ සර්පයන් ගැන මම අන්තිම පේලිය සයිට් එකට ලියපු පෝස්ට් එකක් මෙතන තියෙනවා. දැනුවත් වීමට කැමති අයට {http://www.thelastrow.net/2012/09/%E0%B7%80%E0%B7%92%E0%B7%82-%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8/}


    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................