Friday, February 4, 2011

මේ ඔබ අමතන්නේ..........


පන්සලේ photos ටිකක් අරන් දෙන්න කියලා නායක හාමුදුරුවෝ මට කෝන්ත්‍රාත් එකක් බාර දුන්නා. ඉතින් ඊයේ හැන්දෑවේ ඒ ගත්තු photos ටික CD එකකට දාගෙන පන්සලට ගියා හාමුදුරුවන්ට ඒක බාරදීලා එන්න. ඒ වෙලේ පන්සලේ දායක සභාවේ ලේකම් මහත්තයායි තව කට්ටියකුයි බර කතාවක්.

මම හාමුදුරුවන්ට CD එක දීලා ගෙදර එන්න යද්දී ලේකම් මහත්තයා මාව අල්ල ගත්තා. "මෙයා තමා දැන් ඉතින් වැඩේට දාන්න වෙන්නේ" කියලා.

මම බැලුවා මදැයි වදින්න ගිය පන්සල [දේවාලේ නෙමෙයි :)] ඉහේ කඩාවැටුණාවත්ද කියලා.

බැලින්නම් කතාව මේකයි. දායක සභාවේ මහා සභා රැස්වීම හෙට [ ඒ කියන්නේ අද ] ඉතින් ඒක ගැන දායකයන්ට මතක් කරන්න ගම වටේ ගිහින් announcement එකක් දෙන්නේ තමා මෙයාලා ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ වැඩ ටික ඔක්කොම හරි. ඒත් අවුල announcement එක දෙන්න පොරක් නැති එක. ඒක බාර ගත්තු පොර මඟුල් ගේක ගිහින්. දැන් කට්ටිය මේක මගේ ඇඟේ ගහන්න යන්නේ.

මම මාරු වෙන්න හිතලා කිව්වා "අයියෝ ලේකම් මහත්තයා මට නම් බැහැ ඕක. වෙන කවුරුත්ම නැද්ද ඕකට" කියලා.

පස්සේ ලේකම් මහත්තයා මට බටර් ගාන්න ගත්තා. " ඔයා තරුණ ළමයෙක් නේද ? විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නේද ? අපෙන් පස්සේ මේ දායක සභාව ඔයාලා නේද කරන්න ඕනේ" කියලා.

පස්සේ ඉතින් හරියන්නේම නැති තැන මම වැඩේ බාර ගත්තා. Voice එක හදාගන්නත් එක්ක කියලා පන්සලෙන් හොඳ tea එකකුත් බීලා තව කොල්ලෙකුත් අල්ලගෙන speakers එහෙම බැඳලා වැඩේට set කරලා තිබුණු ත්‍රීවීල් එකේ අපි පිටත් වුණා.

මුලින්ම announcement එක කියන්න යද්දී මටත් අර කලින් දවසක කිව්ව The King's Speech film එකේ රජ්ජුරුවන්ට වුණු වැඩේ වෙයිද කියලා පොඩි බයක් නොතිබුණාම නෙමෙයි. මොකද මම මේ වගේ කොන්ත්‍රාත් එකකට ආවමයි.

ඒත් අවුලක් වුණේ නැහැ හොඳ වෙලාවට. මම ඉතින් " කරුණාවෙන් සවන් දෙන්න. මේ ඔබ අමතන්නේ සියඹලාපේ ශ්‍රී නාගවනාරාම විහාරස්ථ දායක සභාවේ ප්‍රචාරක අංශයයි...... බ්ලා බ්ලා බ්ලා................ කියලා නිවේදනේ කියෙව්වා.

පොඩි පොඩි විදිලි කිපෙකුත් වුණා :) එකම announcement එක 15 පාරක් විතර කියවලා මහන්සියෙන් ඉද්දී මාත් එක්ක ත්‍රීවිල් එකේ යන්න ආපු මල්ලිට මම කිව්වා " මල්ලී මට ඔය ගේකින් වතුර ටිකක් බොන්න ගේනවකෝ. හරි තිබහයි" කියලා.

පස්සෙයි මට මතක් වුණේ ඒ වෙලේ මයික් එක off කරන්න අමතක වුණා නේද කියලා :))


තව මම ගමේ announcement එක දීගෙන යද්දී අපේ එකෙක් මගේ phone එකට එක දිගට ring cut දෙනවා. Announcement එක කියවද්දී මට හිනා යන්නත් යනවා. පස්සේ මම යැව්වා message එකක් " disturb කරන්න එපා බන්, මම උඹේ නමත් ගමට ඇහෙන්න කියනවා" කියලා.

පොර එවනවා reply එක "අපි බයවෙයි ඕවාට" කියලා :))

හොඳම හරිය තමා announcement එක දෙන්නේ නැති වෙලාවට කරන්න ඕනේ බෞද්ධ ගීත කරන play එකනේ. ඒවා මොකක්වත් නැතිව play කළේ මගේ phone එකේ තිබ්බ දීපිකා ප්‍රියදර්ශනීගේ කවිය ඔබ, කරුණාරත්න දිවුල්ගනේගේ අතීතය සිහිනයක් පමණයි වගේ සිංදු set එකක්.

මගේ phone එකේ අමරදේව මාස්ටර්ගේ එක සිංදුවක්වත් තිබ්බේ නෑනේ බේතකටවත් :)) අද දායක සභාවේ රැස්වීමේදී කට්ටිය ඕක නායක හාමුදුරුවන්ට කියයිද දන්නේ නැහැ :)

අන්තිමට ඉති අපි වැඩේ ඉවරවෙලා පන්සලට වාර්තා කරද්දී 9 ට විතර ඇති. හිටිය හැමෝම හොඳ කිව්වා.

ලේකම් මහත්තයා කිව්වා " වැඩේ නියමයි පුතා. ලබන පාර ඔය පුතා මීට වඩා හොඳට ඕක කරයි කියලා මට විශ්වාසයි" කියලා [ ලබන පාරකුත් කොන්ත්‍රාත් එක මට දෙන්න තමා එයාගේ idea එක :)) ]

කොහොම නමුත් මටත් බැහැයි කියලා හිතිලා තිබුණු වැඩක් සාර්ථකව කරගන්න මට පුලුවන් වුණා. ඒ ගැන සතුටුයි.


ඔයාලත් ඒ විදිහටම මට බැහැ ඕවා, මට පුලුවන්ද ඕක කරන්න කියලා හිතන වැඩ ඇති. වැඩ කිව්වේ හොඳ වැඩ හරිද :) ඒවා බැහැයි කියලා හිතන්නේ නැතිව try කරලා බලන්න. හිතනවාටත් වඩා හොඳට ඒ වැඩේ ඔයාලට කරගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා.

26 comments:

  1. ඊලඟ පාර වැඩේට දැන්මම සින්දු ටිකක් එහෙම හොයල තියා ගන්න

    ReplyDelete
  2. බලදක්ෂයෙක් වෙච්ච එක ගැන ආඩම්බර වෙයන් මචන්..... සූදානම්ව සිටිනු.... ආතලුත් වැඩත් ෆන් එකත් පිස්සුවත් ඔක්කොම එක ගානට.....

    ශිකමලයා.... ජී...... :D

    ReplyDelete
  3. හිතේ තියෙන බෞද්ධ කම ෆෝන් එකේ නෑ වගේ නේද?

    ළමයෝ, පිරිත් නේ දාන්න තිබුනේ, නච්ඡගීවාදකවිසූකදස්සනමාලාගන්ධවිලේපනදාරන අහලා නැද්ද?

    ReplyDelete
  4. මාරම වැඩ තමයි වෙන්නේ. කටින පින්කමකට ද ඔය ප්‍රචාරක කටයුතු කරන්න ගත්තේ ?
    ආහ් අහන්නත් අමතක උනා. කොහොමද දැන් විශ්ව විද්‍යාල වැඩ කටයුතු ?

    ReplyDelete
  5. hi..hi.. :) oya hondata eewade karala thiyenawanee atharamada dapu songs tikath niyamai... :) kohomaunath wade sarthakawa kalanee ee athi...
    sashi

    ReplyDelete
  6. හික්ස්..ඔන්න බලන්නකෝ අයියේ ඒකෙත් හැටි.....

    ReplyDelete
  7. @Chanaka Aruna Munasinghe

    ගෙදර එන ගමන් මටත් හිතුණේ ඕකම තමා අයියේ. හරියන්නේ නැහැ දැන්ම තියා ලැස්ති වෙන්න ඕනේ :)

    ReplyDelete
  8. @අභීත

    ඒක නම් සහතික ඇත්ත අයියා. කොහොමින් කොහොම හරි ජාමේ බේරගෙන තැනේ හැටියට ඇණේ ගහගෙන එන්න පුලුවන් වුණා.

    යන යන තැන තැන ජය ජය වේවා :)

    ReplyDelete
  9. @Praසන්ன

    අනිවාර්යයෙන්ම අයියේ.........

    ReplyDelete
  10. @Kathandara

    අයියෝ කසූ අපි සිල් ගන්න නෙමෙයිනේ ගියේ. ඉස්සර නම් මගේ ෆෝන් එකේ පිරිත් තිබ්බා.

    දැන් පුද්ගලයා විතරක් බෞද්ධ වෙලා ෆෝන් එකට පාඩුවේ ඉන්න දීලා තියෙන්නේ :))

    ReplyDelete
  11. @මධුරංග

    කඨින පිංකම කරන්නේ ඔක්තෝබර් නොවැම්බර් කාලෙනේ අයියා. දායක සභාවේ මහා සභා රැස්වීම ගැන කියන්න තමා ගියේ.

    කැම්පස් එකේ වැඩත් අවුලක් නැතිව යනවා අයියා. මම ඉතිහාසය විශේෂවේදී උපාධියක් තමා කරන්නේ..

    ReplyDelete
  12. ඕව පින් ලැබෙන වැඩ මලේ. හැබැයි පරිස්සමිං කඩේ යන්නෙ, හරි දේට විතරක්!

    ReplyDelete
  13. ඔක්කෝම හොඳයි ඒත් අර සිංදු ටික නොදා හිටියනං තවත් හොඳයි..ඒත් ඉතිං ඒ දවස්වල මගේ ගෝලයොත් කලොත් කොරන්නේ ඔය වගේ ගොබ්බ වැඩම තමයි..මොකෑ උං දන්නවා මහ එකත් ගොබ්බයා කියලා...

    ReplyDelete
  14. ෂා!!! ඔය තියෙන්නේ බැහැයි කීව වැඩේ නියමෙටම කරලා.... :-)

    ReplyDelete
  15. ඔය සින්දු ටික නරක නැහැ,ප්රිවෙට් බස් එකක ගෝලයෙකුට වැඩේ බාර දුන්න නං මොකද වෙන්නෙ?

    ReplyDelete
  16. @Sashi

    ඒක තමා වැඩ ටික එළකිරි වගේ ගියානේ...... :)

    ReplyDelete
  17. @ඉන්දික
    උපශාන්ත


    ඒක නම් සහතික ඇත්ත අයියා. පේන්නේ නැද්ද නේද සමහර අය කඩේ යන යෑම :))

    ReplyDelete
  18. @මාරයාගේ හෝරාව

    ඒක නම් ඇත්ත තමා අයියා මටත් සිංදු ටික නොදා හිටියා නම් ඉවරයි කියලා හිතුණා. ඒ වෙලේ ජාලෙන් අමරදේවගේ සිංදුවක් බාගන්න ගියත් ඒකත් හරි ගියේ නැහැනේ.

    අන්තිම කොටස ගැන නම් අදහස් දැක්වීමෙන් වළකින්න තමා හිතුවේ :)

    ReplyDelete
  19. @punchisamanalee

    දුන්නා කෙළිනම දොඹෙන් යන්න :))

    ReplyDelete
  20. @Observer

    එහෙමනම් ඉතින් වැඩේ මීටත් වඩා නරක් වෙයි මයේ හිතේ :))

    ReplyDelete
  21. පන්සලේ ලොකු හමුදුරුවන්ගෙන් හම්බුනේ නැද්ද හොඳවයින්

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................