Sunday, January 30, 2011

The King's Speech film එක ගැන


කාලෙකට පස්සේ ඊයේ සිංහල බ්ලොග් අවකාශෙට ගොඩවෙලා කරක් ගහද්දී දැක්කා බයිස්කෝප් සිංහලෙන් site එකට රොයිලි ප්‍රනාන්දු සහෝදරයා දාලා තිබුණු අළුත් film එකක විස්තර. Film එකේ නම The King's Speech. ඒකත් එක්ක තිබුණු විස්තරේ නිසා කෝකටත් කියලා download කරලා බලන්න හිතුණා. මාත් ඉතින් ඔය ඓතිහාසික කරුණු කාරනා ගැන හොයන කෙනෙක් නිසාමයි හුඟක්ම මේක බලන්න හිතුණේ.


5 වෙනි ජෝර්ජ් රජතුමා

Film එකේ කතාව මෙහෙමයි මහා බ්‍රිතාන්‍යයේ රජකම් කරන 5 වෙනි ජෝර්ජ් රජතුමාගේ දෙවෙනි පුතා වුණු ඇල්බට් කුමාරයාට එහෙමත් නැත්නම් යෝර්ක් හි ආදිපාදවරයාට පුංචි කාලේ ඉදන්ම කතා කරද්දී ගොත ගැහෙන තත්වයක් තියෙනවා. මේකට ප්‍රතිකාර ආදිය දුන්නත් යහපත් මට්ටමක තියෙන්නේ නැහැ.

1925 අවුරුද්දේ පැවැත්වෙන අධිරාජ්‍ය ප්‍රදර්ශනයේදී පියරජතුමාගේ වෙනුවෙන් කතාවක් කරන්න ඇල්බට් කුමාරයාට පැවරෙනවා. ඒත් සුපුරුදු ප්‍රශ්නය මේකෙදීත් ඇතිවෙනවා. මේකට විසඳුමක් විදිහට ඇල්බට් කුමාරයාගේ බිරිඳ වෙන එළිසබෙත් කුමරිය සොයාගන්නවා ඕස්ට්‍රේලියානු ජාතික ලයනල් ලෝග් කියන කථන චිකිත්සකවරයාව.

ලයනල් ලෝග්

මේ රාජකීයයාගේ තියෙන රාජකීය අභිමානය නිසාම ලයනල් ලෝග්ට එක එක විදිහේ අපහසුතා ඇතිවුණත් සාර්ථකව ඔහු කටයුතු කරනවා. මෙහෙම යද්දී තමා ජෝර්ජ් රජතුමා මිය ගිහින් එතුමාගේ වැඩිමහල් පුතා 8 වෙනි එඩ්වඩ් විදිහට රාජ්‍යත්වයට පත්වෙනවා. ඒත් ඇමරිකානු ජාතික වොලිස් සිම්ප්සන්ව විවාහ කරගන්න යද්දී ඇතිවෙන යම් යම් ගැටළු නිසා 8 වෙනි එඩ්වඩ් රජතුමා රජකමෙන් ඉවත් වෙනවා.

ඒ නිසා ඇල්බට් කුමාරයා 6 වෙනි ජෝර්ජ් නමින් රාජ්‍යත්වයට පත්වෙනවා. එතුමාගේ අභිෂේක මංගල්‍යයේදීත් ලයනල් ලෝග් ගේ යම් යම් උපදෙස් අනුව කටයුතු කරලා ජෝරජ් රජතුමා එය සාර්ථකව නිමා කරනවා.

6 වෙනි ජෝර්ජ් රජතුමා සහ රජ පවුල

එතුමාට එන ලොකුම අභියෝගයක් වෙන්නේ 1939 දී ජර්මනිය යුද්ධ ප්‍රකාශ කිරීමත් එක්ක තමන්ගේ ජාතිය අමතලා කරන්න වෙන කතාව කරන එක. එතුමා ඒ කාර්යයත් එතුමාගේ කථන චිකිත්සකවරයා වුණු ලයනල් ලෝග්ගේ සහයෙන් සාර්ථකව ඉටු කරනවා.



6 වෙනි ජෝර්ජ් රජතුමා එදා කළ කතාව

පස්සේ රජතුමා ලයනල් ලෝග්ට කරන කෘතගුණ සැළකීමක් විදිහට "Royal Victorian Order" ප්‍රදානය 1944 දී ලබාදෙනවා.
Royal Victorian Order

ඒ වගේම රජතුමා මිය යනතුරුම හොඳම යාළුකමක් දෙදෙනා අතරේ පවතිනවා.

මේක තමා film එකේ කතාව.



ඉතින් මේ film එකට පාදක වෙන සත්‍ය කතාව ලබාගන්නේ රජතුමාගේ කථන චිකිත්සක ලයනල් ලොග්ගේ මුණුබුරන් වෙන මාර්ක් ලෝග් හා පීටර් කොන් රාඩි ලියන "The King's Speech: How One Man Saved the British Monarchy" පොතෙන්.

6 වෙනි ජෝර්ජ් රජතුමාව ලාංකිකයෝ විදිහට අපිට වැදගත් වෙන්නේ අපේ රට මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් වුණු කාලයේ රාජ්‍යත්වය දැරුවේ එතුමා නිසායි. මේ film එක බලපු එකෙන් බ්‍රිතාන්‍ය රජ පවුල ගැන නොදන්න කරුණු හුඟාක් ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම දැනගෙන හිටපු කරුණු තවත් හොඳින් මතකත් හිටියා.

රොයිලි අයියා කියන විදිහට මේ film එක,

"IMDB හොඳම චිත්‍රපට 250 ඇතුලත 117 වැනි ලබාගෙන ( 8.5/10 – ඡන්ද 16,792) ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනාගන්න පවා මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙවර ඔස්කාර් සම්මාන උළෙලටත් මෙම චිත්‍රපටය සම්මාන 12ක් සඳහා නිර්දේශ විම් ලබලා තියෙනවා"

ඉතින් ඔයාලට මේක බලන්න කැමති නම් මෙතනින් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගිහින් බාගන්න පුලුවන්.

නිල වෙබ් අඩවිය

විකී පීඩියා පිටුව

ප.ලි.: මෑත කාලින ඉතිහාසයේ සිදුවීම් පාදක කරගෙන හදන films වලට මගේ ලොකු කැමැත්තක් තියෙනවා. Public Enemies කියන්නෙත් මම ඒ වගේ කලින් බලපු film එකක්.


ඒකත් බයිස්කෝප් සිංහලෙන් site එකෙන් තමා දැනගත්තේ..........


18 comments:

  1. පබ්ලික් එනෙමීස් මමත් බැලුවා. අති විශිෂ්ටයි

    ReplyDelete
  2. ඇත්තම කියන්නම් අයියේ.....ආගිය කතා බ්ලොග් එක කියන්නේ බ්ලොග් අවකාශයේ වටිනාම බ්ලොග් එකක්....තොරතුරු ගොඩක් තියෙන බ්ලොග් එකක්....

    ReplyDelete
  3. එළ ලිපිය..ෆිල්ම් එක එදා නොබැලුව කස්ටියත් අද බලයි.!

    ReplyDelete
  4. බොහොමත්ම ස්තූතියි හසිත සහෝ මේ කරුණු හොයල අපිත් එක්ක බෙදාගත්තට. චිත්‍රපටය බලන්න නොහිතපු අයත් දැන් බලන්න හිතයි මේ චිත්‍රපටිය.

    ReplyDelete
  5. පට්ට ලිපියක් සහෝ....ඒ වගේමයි ඉතිං ෆිල්ම් දෙකත්....සුපිරි....

    ReplyDelete
  6. oya oya film1 gana eda campus 1di apita keewawelawema mata asa hithuna eka balanna... mehema film1 balanna dapu 1 thank you very much... it is a very nice film...
    sashi

    ReplyDelete
  7. @blog gadol

    ඒක ගැන නම් ආයි කතා දෙකක් නැහැ අයියේ. මේකත් ඒ වගේම එකක් තමා

    ReplyDelete
  8. @රත්ගමයා

    තැන්කු වේවා මලයෝ කරපු නොමසුරු අගය කිරීමට :)

    ReplyDelete
  9. @පිණිබිඳු...

    රත්ගමයා හා පිණිබිඳු යන දෙදෙනාටම මම එකඟ වෙමි :)

    ReplyDelete
  10. @රොයිලි

    මුල්ම ස්තුතියි හම්බවෙන්න ඕනේ අයියේ ඔයාලට. ඔයා හෙම ලිපියක් ලිව්වේ නැත්නම් මේ මොකුත් නැහැනේ

    ReplyDelete
  11. @෴ හසියා ෴

    කතා දෙකක් නැහැ ඒක ඇත්ත අයියා :)

    ReplyDelete
  12. @Sashi

    අපි දුන්නොත් දෙන්නේ හොඳ ඒවා තමා :)

    ReplyDelete
  13. මම මේ ෆිල්ම් එක බය්ස්කෝප් එකෙන් බාල බලල ඉවර වුණේ දැන්... වැදුණු වැදිල්ල ගැන කියලා රොයිලිට කමෙන්ට් එකක් දාන්න ගියාම ඒ පෝස්ට් එකේ කමෙන්ට්ස් නතර කරලා. මෙතනට ආවෙ ඒක හරහා... සුපිරිම ෆිල්ම් එකක් තමයි...

    ReplyDelete
  14. @hare :-)

    එකඟයි අයියා ඔයාගේ කතාවට. මේක් සුපිරිම ෆිල්ම් එකක් තමා :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................