Saturday, January 29, 2011

බණ පොඩ්ඩක්


ඊයේ හැන්දෑවේ මගේ හිතවතෙක් මට එව්ව message එකක් තමා මේ.

"බුදුරජාණන් වහන්සේ ඔබගේ සිතුම් පැතුම් හොඳින් හඳුනනවා. ඔබෙන් වැටෙන හැම කඳුළු බිඳක්ම උන් වහන්සේ බලා සිටිනවා. බුදු පියාණෝ කිසිම විටෙක ඔබ අත හරින්නේ නැහැ. හිතේ විශ්වාසයෙන් මේ SMS එක නව දෙනෙකුට යවන්න. හෙට සුභ ආරංචියක් අහන්න ලැබේවි."

මේක දැක්ක ගමන් මට හිතුණේ උප්පැන්න සහතිකේට විතරක් ආගම බුද්ධාගම වුණු කට්ටිය තමා මෙහෙම වැඩ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ගැලවුම්කරුවෙක් නොවන බව මුලින්ම වටහා ගන්න ඕනේ. මේක තවත් තේරෙන්න කියනවා නම් අපි බුදුන් වහන්සේ සරණ යනවා මිසක් උන් වහන්සේගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

අපි පිහිටක් බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ගෙන් නේ. ඒකනේ බුදු සරණයි දෙවි පිහිටයි කියලා භාවිතයේ තියෙන්නේ. අපි කවදාවත් බුදු පිහිටයි කියලා එකක් අහලා තියෙනවාද ? බුදුන් වහන්සේ අසරණයන්ට පිහිට වුණු බව ඇත්ත.


ඒත් මේ message එකේ කියවෙන විදිහේ වැඩ බුදුන් වහන්සේ ජීවමානව හිටපු කාලයේදීවත් වුණේ නැහැ කියලයි මට හිතුණේ. බුදු හාමුදුරුවෝම වදාළේ තමන්ගේ විමුක්තිය තියෙන්නේ තමා තුළම කියලයි. ඒ වගේම තමන් වහන්සේ මග පෙන්වන්නෙක් පමණක් වන බවයි.

බුද්ධ ධර්මය අනුව පරම සැපය එහෙමත් නැත්නම් අවසාන බලාපොරොත්තුව වෙන්නේ නිවන් අවබෝධ කරගැනීමනේ. ඒක බුදු හාමුදුරුවෝ කරවන දෙයක් නෙමෙයිනේ. ඒක තමන් විසින් කළ යුත්තක්.

ඉතින් මම ඒ හිතවතාට පිළිතුරු වශයෙන් යවපු message එක තමා මේ

"දෙවියන්ගේ මට්ටමට බුදුන් වහන්සේව දමන්න එපා. අපි උන් වහන්සේ වදාළ මාර්ගය අනුගමනය කරන්න විය යුතුයි. ඒ නොමැතිව උන් වහන්සේගෙන් පිහිටක් බලාපොරොත්තු වන්නේ නම් එය බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් නොමැති බව පෙන්වීමක්. එසේම බුදුන් වහන්සේ ගැන අන්ධ භක්තියක් ඇති කරන, වැරදි මත පතුරවන මෙවන් වූ යැවීම තුළින් උතුම් බුදු ගුණවලට නිගරු කර අකුසල් සිදු කර නොගැනීමට කටයුතු කරන්න. නිවැරදි බුදු දහම වටහා ගැනීමට හැකිවේවා. තෙරුවන් සරණයි"

මේ විදිහේ එවන්න හේතුව තමා නිවැරදි දේ නිවැරදි දේ විදිහට තේරුම් නොයෑම. බුදුන් වහන්සේ මේ ගැන දේශනා කරපු ගාථා 2 ක් ධම්මපදයේ දැක්වෙනවා මේ විදිහට


අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනො
තේ සාරං නාධි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා

සාරඤ්ච සාරතෝ ඤත්වා අසාරඤ්ච අසාරතො
තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා

මේ ගාථාවල තේරුම වෙන්නේ සරු දෙය නිසරු දෙය හැටියටත් නිසරු දෙය සරු දෙය හැටියටත් දැකීම මිත්‍යා දෘෂ්ටිය වෙන බවයි. ඒ වගේම සරු දෙය සරු දෙය විදිහටත් නිසරු දෙය නිසරු දෙය හැටියටත් දැකීම සම්මා දෘෂ්ටිය වන බවයි.

ඉතින් සරු දෙය සරු දේ විදිහට වටහා ගැනීමේ හැකියාව ලබා ගන්න.

සැමට තෙරුවන් සරණයි


ප.ලි.: මම මීට කලින් බුදු දහම ගැන ලියපු ලිපි කියවන්න කැමති නම් මෙතන කොටන්න. ඒ වගේම මේ ධම්මපද ගාථා දෙක නිවැරදිව ලබාදුන්නු එප්පාවල සාගර සුමන හාමුදුරුවන්ට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන්න කැමතියි

17 comments:

  1. ව්ය වගේ ඒව ඕන තරම් සමහර උන් මූණු පොතේ තප්පේ විනාස කරනවා

    ReplyDelete
  2. වැඩේ අපූරුයි..ඒ නිසා ම මේ පෝස්ට් එක මගේ අතිශය විසාල මිතුරු කැළ අතර, අනලස්ව බෙදා හරිනවා ඔබගේ උපුටනයකුත් සමග ම..!!

    ReplyDelete
  3. oyala wage samma sathiyen jeewath wana minissu api athare inna bawa dekkama harima sathutak denuna... digatama me wage hari de pennala denna dairyaya shakthiya obata lebewa...
    -Chatura Wijetunga from Matara

    ReplyDelete
  4. මාත් ඉන්ද්‍රනාථ අනුමත කරනවා. ඒකියන්නේ ඔබේ බුද්ධිමත් පනිවිඩය ගැන මටත් සතුටුයි. ජයශ්‍රී !!!
    විපුල

    ReplyDelete
  5. අගෙයි බොහොම අගෙයි . වටිනා වියුණු සටහනක් !! !!

    ReplyDelete
  6. අපේ සමාජයේ වර්ථමානයේ ජීවත් වෙන බහුතරයක් දෙනා නමට බෞද්ධයෝ වීම, අපේ අවාසනාවක් සහෝදරයා......

    ReplyDelete
  7. අන්න එහෙම තමයි ඉන්න ඕනෙ මචං

    ReplyDelete
  8. මටත් මේ පනිවිඩය ලෑබුන මීට වසරකට පමන කලින්. ඒත් මම නම් කාටවත් යෑවුවෙ නෑ. මොකද මම ඒ පනිවිඩයේ නිර්මාතෘ බෞද්ධාගමිකයෙක් කිටයල පිලිගන්නෙ නෑති නිසා.

    ReplyDelete
  9. වැදගත් ලිපියක්.
    ලංකාවෙ ගොඩක් බෞද්ධාගමිකයො හිතාගෙන ඉන්නෙ බුදුහාමුදුරුවන්ගෙනුත් දෙවියන්ගෙන් වගේ පිහිටක් ලබාගන්න.

    ReplyDelete
  10. aththatama oyawage mithya dushtika wada hariyata sidu wenawa nirmala budhudahamata apahasa kereeme aramunin...namuth oya ewani kenekuta sathya penwadeemen ithama honda wadak karala thiyenne.. punya karmayak.... eewagema mewage post 1k dapu1th hondai harima sathutui oya karapu wadeeta...
    sashi

    ReplyDelete
  11. කරන්න දෙයක් නෑ අයියේ...අපි ජීවත් වෙන්නේ එක එක ජාතියේ මිනිස්සු එක්ක....

    ReplyDelete
  12. niyamai oya toka kiya ganna vidiyak nathuva thama math hitiye.

    ReplyDelete
  13. @පූසා

    ඒ අයටත් මේක හොඳ උත්තරයක් වෙයි :)

    ReplyDelete
  14. ගොඩක් වටින ලිපියක්...

    මට සමහර වේලාවට තෙරෙනවා බුදු දහම කට්ටියකට ඔන විදියට වෙනස් කරලා වගේ දෙයක්,...
    මන් එ ගැන ටිකක් ලියන්නම්

    ReplyDelete
  15. owa telephone companywala hora magai . ahu wenna epa .

    ReplyDelete
  16. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. හැමෝම යම් කිසි අවබෝධයක් ලබාගන්න ඇති කියලා හිතනවා

    ReplyDelete
  17. නියම උත්තරයක් තමයි දීලා තියෙන්නෙ....

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................