Friday, January 14, 2011

හරි අපූරු දවසක්

ඊයේ දවස හරිම අපූරු දවසක් මට. උදේ ඉදන්ම හරිම අපූරු දේවල ගොඩක් නෙමෙයි ගොඩා................ක් වුණු දවසක්.


උදෙන්ම පටන් ගත්තොත් මේ දවස් ටිකේම උදේ 8 ට lectures තිබුණු නිසා හැමදාම වගේ උදේ 5 ට විතර නැගිටලා කැම්පස් යන්න ලෑස්ති වෙන්න සිද්ධවෙලා තිබුණේ. ඊයේ උදේ 10 ට lectures පටන් ගන්න නිසා මම හිතුවා 8 විතර වෙනකම් සැපට නිදියනවා කියලා.

කොහෙද 6 විතර වෙද්දී පුරුදු විදිහටම ඇහැරුණා:( අම්මෝ නිකම් නුවර එළියේ ගියා වගේ පට්ට සීතලයි. පස්සේ මම අල්මාරිය අවුස්සලා මගේ තිබුණු jersy එකකුත් දාගෙන තමා හිටියේ සීතලට.

උදේම වැඩ වගයක් තිබ්බ නිසා කෝකටත් කියලා ලෑස්තිවෙන්න පටන් ගත්තා. මම උදේට හැමදාම නානවා. ඒක කරන්න වුණේ නැත්නම් දවසම නිකම් අප්සට් වගේ. ඉතින් දත මැදලා නාලා කරලා ඊටත් පස්සේ ඇඳුම් කාරියේ එහෙම ඇඳලා කෑමත් කාලා කැම්පස් එන්න ගෙදරින් එළියට බැස්ස විතරයි පට්ටම සීතලයි.

උදේම නාපු නිසා ඒක වැඩියිද මන්දා. සීතල වැඩි නිසාම කලිසමේ සාක්කු දෙකේ අත් දාගෙන තමා හිටියේ. හන්දියෙන් බස් එකට නැග්ගාම දැක්කේ බස් එකේ වීදුරු එකක්වත් ඇරලා නැහැ. ඒ තරටමට සීතලයි.

බස් එකෙන් කිරිබත්ගොඩදී බැස්සා Luxman Studio එකට යන්න අපි 1st Year History කරන ළමයි පිළිගන්න කරන Welcome Party එකේදී එයාලට දෙන්න sticker එකක් print කරන්න දීලා තිබුණා ඒක ගන්න. එතනට ගිහින් ඒක ගත්තාම ලොකු රෝල් කරපු කොළයක් දුන්නා මට.

මම ඇහුවා "ස්ටිකර් කපලා දෙන්නේ නැද්ද ?" කියලා.

ඒ අක්කා කියනවා "ස්ටිකර් කපලා දුන්නාම සමහර අය අහනවා ඇයි කැපුවේ කියලා. ඒක නිසා අපි අහලා තමා ස්ටිකර් කපන්නේ" කියලා.

එතන ස්ටිකර් 100 ක්. කපපල්ලකෝ නිකම් ඉන්න එකේ :)) පිස්සු හැදෙයි. මම කිව්වා ඒක කපලා දෙන්න කියලා. පස්සේ ඒක එතනින් කපා ගත්තා.

දැන් එතන ඉදන් කැම්පස් එකට ආයි බස් එකේ යන්න ඕනෙ නේ. ටිකක් කම්මැලියි වගේ. අපිත් එක්ක History කරන පොරක් ඉන්නවා නෝබා කියලා. බයික් එකේ තමා කැම්පස් එන්නේ. මම manට call එකක් දීලා බැලුවා. එයා කඩවත හරියේ හිටියේ. පස්සේ මාවත් දාගෙන කැම්පස් එකට ආවා.

එතන කතාව කියන්නේ මට හෙල්මට් එකක් තිබුණේ නැහැ දාගෙන යන්න.

පොර කිව්වා " අවුලක් නැහැ බන් ශේප් එකේ යමු" කියලා.

මුලින්ම කිරිබත්ගොඩ YMBA එක ගාව Traffic පොරක් හිටියා. අපිව දැක්කේ නැහැ. ඊළඟට ලක්සැල ගාව. ඊටත් පස්සේ තුන්මං හන්දියේ. අන්තිමටම ඊරියවැටිය හෝල්ට් එක හරියේ. අන්තිමට හිටිය Traffic පොර නම් අපිව හොඳටම දැක්කා. ඒත් මොකුත් අවුලක් නැහැ.


Traffic Police දෙන්නෙක් පහුවෙද්දීම මම කිව්වා "නෝබා මාව මේ හරියෙන් බස්සපන්. හැමතැනම වගේ කාරයෝ. මගේ බොක්කත් එක්ක රත්වෙලා තියෙන්නේ. කාපුවත් එනවා වගේ උගුරට" කියලා :))

Man කියනවා "බය නොවී හිටපන් බන් අපිව අල්ලන්නේ නැහැ" කියලා. අන්තිමට යහතින් කැම්පස් එකට ආවා. මට මතක් වුණේ මම කලින් දවසක බයික් එකේ රාජගිරි ගිය ගමන.

පස්සේ ඉතින් 10 ට lecture එකට ගියා. Fan එකක්වත් දැම්මේ නැහැ. පට්ට සීතලයි නේ. Lecture එක පටන් අරන් ටික වෙලාවක් යද්දී මට පේනවා අපි ඉන්න buliding එකේ හෙවණැල්ල එහා building එකට වැටෙනවා. හෙවණැල්ල වැටෙන්න නම් අව්ව වැටෙන්න ඕනේ නේ.

මට මාර සතුටක් ආවා ඇති යන්තම ඉර පෑව්වානේ කියලා:) ඇයි ඉතින් ඉරිදා ඉදන්ම අව්වක් තිබ්බේ නැහැනේ. Lecture එක ඉවරවෙලා දුවගෙන එළියට ආවා අව්වට පොඩ්ඩක් යන්න. අව්ව තිබ්බට වැඩක් නැහැ පට්ට සීතලේ අඩුවක් නැහැ.

First Year Welcome එකේ prinouts වගයක් ගන්න කැම්පස් එකේ පහළට යද්දී නිකමට වගේ බුදු පිළිමේ හරියෙන් පේන සපුගස්කන්දේ එක දිහා බලපුවාම photos වලට එහෙම දැකලා පුරුදු කන්දක් පේනවා.


බැලින් නම් සිරිපාදේ තමා ඒ පෙන්නේ. මට මාරම සතුටක් ආවේ. ඒ විදිහට සිරිපාදේ අපේ පැතිවලටත් පේනවා කියලා අහලා තියෙනවා මිසක් ඇත්තටම දැකලා තිබ්බේ නැහැ. පස්සේ එතන ඉදන් එතනින් යන්න ආපු කීප දෙනෙක්ටම සිරිපාදේ පෙන්නුවා. සමහරුන්ට ෂුවර් නැහැ. මේ වෙන මොකක් හරි කන්දක් කියලා. කැමරාවක් තිබ්බෙත් නැහැ photo එකක්වත් ගන්න :(

නිකම් ඉන්න බැරුවට ඒක මම FB Status එකක් විදිහටත් දැම්මා :) prinouts ටික අරන් ඇවිත් Welcome party එක කරන්න hall එකක් හොයන්න Dean Office එකටයි, History Department එකටයි, Econ Department එකටයි සැරින් සැරේ තුන් හතර පාරක්ම ගියා.

වැඩේ හරි ගියෙත් නැහැ නිකම් පෙට්‍රල් විතරයි:( පස්සේ ඒ වැඩෙත් කල් ගියා. බඩත්ගිනි මේ වෙද්දී. සෙට් එක එකතුවෙලා කෑවා.

ඊට පස්සේ ආයි වැඩකට පහළට යද්දී බැලුවා සිරිපාදේ පේනවාද කියලා. ම්හු.... සිරිපාදේ පේන්නේ නැහැ වළාකුළුවලට වැහිලා.

ඊට පස්සේ මගේ හොඳ......ම හිතවතෙක් එක්ක කතා කර කර හිටියා කාලෙකට පස්සේ :))

ඊටත් පස්සේ එයාත් එක්කම වළේ තිබ්බ චිංගීස් ආයිත්මාතව්ගේ ගුරු ගීතය නැවත කියවීම කියලා තිබ්බ discussion එකට ගියා. කලිනුත් මම කියලා ඇතිනේ ඔය රුසියන් පොත් ගැන මගේ taste එක.


කොහොම වුණත් මීට හුඟකාලෙකට කලින් තිබ්බ හරවත් සාකච්ඡා, සංවාද ආයි පාරක් කැම්පස් එකේ ඇති කරන්න ගත්තු උත්සාහයක් තමා ඒක. මහාචාර්ය ජිනදාස දනන්සූරිය සර් වගේම චින්තක සර් මේකට ඇවිත් තිබුණා. හැම පීඨයකම වගේ මේවාට ඇල්මක් තියෙන ළමයි ඇවිත් හිටියා.

ඒක ගැන වෙනම post එකක් ලියන්න ඉන්න නිසා වැඩි දෙයක් මෙතනදී කියන්නේ නැහැ. වටිනා පැය දෙකක් හරවත් සංවාදයක හිටියා කිව්වොත් නිවැරදියි. ඒකත් ඉවරවෙලා පහළට එද්දී තව යාළුවෙක් හම්බුණා. එයාට බෝඩිමක් බලන්න යන්න ඕන වෙලා ඒකටත් එයා එක්ක ගිහින් අන්තිමට ගෙදරට කරද්දී රෑ 8 විතර වුණා.

කොහොම නමුත් දවස නම් පට්ටම පට්ට :)

ප.ලි.: අදත් යන ගමන් සිරිපාදේ පේනවද කියලා බලාගෙන යන්න ඉන්නේ. අනේ මන්දා ඒක දැක්ක වෙලාවේ ඉදන් මට මාර සතුටුයි :)

36 comments:

  1. සීතල ගැනනම් කියලා වැඩක් නැහැ මචං.හිම චුට්ටකුත් වැටුනනම් මැක්සා.

    ReplyDelete
  2. සිරිපාද කතාව මුහුණු පොතේ දැක්කත් ඒක ඇත්තටමද බොරුවට කිව් එකක්ද ගැන අදහසක් තිබ්බේ නෑ.......

    පාන්දරම නාලා කූල් වතුර එකකුත් බීලම එළියට බැස්සනම් මරු.:D

    ප.ලි අර උඩින්ම ඉන්න කෙනා මට මොනවද මතක් කලා. :'(

    ReplyDelete
  3. නියමයි...
    මෙහෙත් ඔය හීතල තියෙනව.

    ReplyDelete
  4. ඔය සිරිපාදේ සපුගස් කන්දෙන් උදේ 6.00 විතර , කොළඹ ආනන්ද විදුහල් පිට්ටනියේ ඉඳලා (*සමහර වෙලාවට)බැලුවොත් බලාගන්න පුලුවන් .. , මොනා ව්නුත් මාර විවි එක ...

    ReplyDelete
  5. අයියෝ සිරීපාදෙ photo එකක් ගත්තනම් හරිම වටිනවා

    ReplyDelete
  6. නෑ නෑ සිරිපාදේ පේනව කිව්ව එක ඇත්ත. මමත් ඕක දකිනකල් ම විශ්වාස කලේ නෑ කැලණියට පේනවා කිව්වට. අද වගේම හැම දවසක් ම සුභ වෙන්න කියලා පතනවා මල්ලී :)

    ReplyDelete
  7. Ow malli godak sathutui...
    Sri pade penuna eka vasanwak... :)
    Hamdama honda dawsak wewa!!!

    ReplyDelete
  8. මට මගේ සීත ඇඳුම් ටික උස්සන් එන්න වෙයිද මන්ද ?

    ReplyDelete
  9. @prasanna86k

    ඒක තමා මාත් ගෙදර අයට කිව්වේ සීතලේ ඉන්න කියලා සල්ලි වියදම් කරගෙන නුවර එළි, බණ්ඩාරවෙල ගිය කාලේ ඉවරයි කියලා :))

    ReplyDelete
  10. @හා පැටික්කි (MS)

    සිරිපාදේ පෙනුණු කතාව 100% ක්ම සහතික ඇත්ත. මම අද කැම්පස් ගියේ කැමරාවත් බෑග් එකට ඔබාගෙන සිරිපාදේ පෙනුණොත් ෆොටෝ එකක් ගන්න හිතාගෙන. අද පේන්නේ නැහැනේ.

    කොහොමත් උදෙන්ම නෑවා. බොන වතුර අමුතුවෙන් කූල් කරන්න ඕනේ නැහැ. සීතලට හොඳට කූල් වෙලා :))

    මොකක්ද මේ ප.ලි කතාව හා පැටික්කි ???

    ReplyDelete
  11. @Praසන්ன

    මෙහෙ කිව්වේ කොහෙ අයියා ???

    ReplyDelete
  12. @Unknown_User/හිඟන්නා

    පෑලියගොඩ අළුත් පාලමට, බේස්ලයින් ගුවන් පාලමට, කොළඹ රේස් කෝස් එකට, දේවි බාලිකා එකට වගේ තැන්වලට සිරිපාදේ පේනවා කියලා අහලා තියෙනවා.

    ඒත් ඇත්තටම ඊයේ ඒක දැක්ක නිසා මාරම සතුටක් තියෙන්නේ:)

    ReplyDelete
  13. @පිණිබිඳු...

    ඇත්ත තමා. ඒත් කැමරාවක් තිබුණේ නැහැනේ........ දුක තමා රංජනී කිව්වාලු :(

    ReplyDelete
  14. @සංජු

    ප්‍රාර්ථනයට ස්තුතියි අක්කේ. ඔයාටත් එසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා:)

    කැලණිය පැත්තට සිරිපාදේ පේන එක ඔයත් දැකලා තියෙනවාද අක්කේ ? ඔයාත් අපේ කැම්පස් එකේද ?

    ReplyDelete
  15. @Vathsala

    ඒක තමා අක්කේ මටත් හිතුණේ. හොඳ කාලේ එන්න පටන් ගත්තාද දන්නේ නැහැ.
    ඒ වගේම ප්‍රාර්ථනාවට ස්තුතියි අක්කේ ඔයාටත් එසේම වේවා :)

    ReplyDelete
  16. @Anonymous

    තැන්කු වේවා ලොක්කා. නමක් ගමක් කිව්වා නම් වටිනවා :)

    ReplyDelete
  17. @පිස්සා පලාමල්ල

    පාඩුවක් නම් වෙන්නේ නැහැ අයියා. දැන් අපිට බදුලු බණ්ඩාරවෙල නුවර එළි යන්න අමුතුවෙන් සල්ලි වියදම් කරන්න ඕනේත් නැහැනේ :))

    ReplyDelete
  18. ඔව් මල්ලි, සිරීපාද කන්දේ ඡායාව කවදාවත් බිමට වැටෙන්නේ නෑළු. ඒ වෙනුවට ඒ හෙවනැල්ල වෙන තැනකට ප්‍රක්ෂේපණය වෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවළු. ඔය කතාව ඉස්සර මෙහෙ හිටපු සුද්දෙක් ලියල තියෙන Jungle Tide කියන පොතේ තියෙනවා. (ඒක "වන ප්‍රවාහය"කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ ඡායාව තමයි අපිටත් පේන්නෙ උදේට. පිළියන්දල පැත්තටත් හොඳට පේනවා. මාකන්දන වෙල ළඟින් යද්දි සිරීපාදේ පේනවද කියල බලන එක අදටත් මගේ පුරුද්දක්. :-)

    ReplyDelete
  19. eda seethala gananam kiyala wadak na ais wageeee :) oya keewata passe math gihin baluwa matath sireepade daka ganna puluwan una.. ee gananam harima sathutui...
    sashi

    ReplyDelete
  20. අර හිගන්න අයිය කිව්ව වගේ මාත් දවසක් අපේ ඉස්කෝලෙ ground එකේදි දැකල තියෙනව.. ඒත් එක දවසයි.. මටත් ශුවර් නැතුව හිටියෙ ඕක ඇත්තටම සිරීපාදෙද කියල

    ReplyDelete
  21. ඇත්තටම සිරිපාදේ පේනවා කියන එකනම් සතුටට කාරනාවක්. එතකොට දුර තියලම වඳින්න පුලුවන් නේ. අම්මෝ අර සීතල දවස්වල නම් එපා වෙනවා.නුවරට සෙල්සියස් දහහතර පහලොව වගේ අගයන් ආවේ. අපි රූම් වල හිටියෙත් ජර්සි ඇදගෙන අයිස් කැප් දාගෙන.

    ReplyDelete
  22. @ලකී වික්‍රමසිංහ

    සතුටුයි. මට නම් හිතුණේ මේ විදිහට සිරිපාදේ පේනවාද කියලා බලලා අපි ඒකෙන් අහිංසක සතුටක් ගන්නවා නේද කියලා :)

    ReplyDelete
  23. @Praසන්ன

    එහෙමද ? මම හිතා ගෙන හිටියේ ඔයා මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් කියලා

    ReplyDelete
  24. @Sashi

    මාත් ඉදලා ඉදලා හොඳ පිනක් කරගෙන වගේ සිරිපාදේ ගිහින් නැති අයට සිරිපාදේ පෙන්නලා :)

    ReplyDelete
  25. @Hasitha ජයසූරිය

    සතුටුයි සතුටුයි මලේ. ආනන්දේ පිට්ටනියටත් පේනවා සිරිපාදේ එහෙමනම්.

    මම පහුවෙනිදා කැම්පස් එකේ සෙට් එකකට මෙහෙම සිරිපාදේ පේන කතාව කියපුවාම උන් ටික විශ්වාස කළේම නැහැ.........

    ReplyDelete
  26. @මධුරංග

    සිරිපාදේ පෙනුණු ගමන් ඒකට වඳින්න නම් ගියේ නැහැ අයියේ. මාරම සතුටක් තමා ආවේ. බුද්ධාලම්භන ප්‍රීතිය කියන්නේ ඒකට වෙන්න ඕනේ..........

    දැන් නම් සීතල අඩුයි නේ :)

    ReplyDelete
  27. Kelaniya is my sweet hometown. I specially read this blog coz you always write about it. Yes its true as a child I was so happy to see "Samanala Kanda" in the early morning.. from Kelaniya to Colombo school I could see it from few places. I think we can see it only early months of the year..Those nice memories will never fade away.
    Thank you Malli...I wish you all the best .
    ....from a far away cold city

    ReplyDelete
  28. @Anonymous

    ස්තුතියි ප්‍රතිචාරයට. ඒ වගේම ඒ ප්‍රතිචාරය ගැන සතුටුයි. කැලණිපුරවරයේ කෙනෙක් දුර ඈත රටක ඉදන් වුණත් මේවා ගැන අදහස් දක්වන එක ගැන.

    නමත් තිබ්බා නම් තවත් සතුටුයි :)

    ReplyDelete
  29. hi malli..

    Maskeliye moka estate eke hitapu chuti bappage batch mate kenek mahendra ayya kiyala ...Siri pade meedumen wahenakota..meeduma pawela yanakota..noyekuth widihata photos aran thiyenawa...eya ude pandara 4 ta 5 ta siripade gihin saththungeth ehema bohoma durlaba widihe photos aragena thibba...math aran awa siripade photo eka ,,frame karagaththa mama eka...oya dannawada gahaka photo ekak thibba lassana ..mama ekath ussagena awa..eyath mata dunna ..oyata mewwa watina patai kiyala..eya eka aran thiyenne wife polata giyamalu..pola gawa thama e gaha thibila thiyenne..hithannawath baha.eyage photo exhibition ekak kala bawane thibba...aparade mata e dawaswala oyage contacts nahane..nathnam balanna yanna kiyanawa...e photos e tharam lassanai..durlabai...
    aththatama siri pade dakkama hithata ena sanaseema..sathuta nam pudumai neda...

    me,
    Chamila akka

    ReplyDelete
  30. ඔව් ඉතින් මොකට හන්ගනවද, මම චමිලා . [ඔය උඩ ලියල තියෙන චමිලා නෙමේ] . දැන් ඉන්නේ hanoi . දන්නවනේ හෝ මාමගේ රට . අර ඇමෙරිකාවට දුවන්න දුන්නේ .
    කොළඹට ගොඩක් ළඟ වුනත් තවම ඒ තරම් වෙනස් නොවුන පළාතක් kelaniya . ලංකාවට ගියහම කැළණි පන්සල් නොගියොත් මගේ ගමන සම්පුර්ණ වෙන්නේ නෑ.
    මම කැළණි දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වෙලා හිටිය ඒ කාලේ. මතක් වෙනකොටත් ආසයි.
    ඔයාට ජය . දිගටම ලියන්න .
    මේ පාර හොඳම සිනමා පටය kings ස්පීච් නේද . සම්මාන ගොඩක් ලැබුන.
    මගෙත් අදහසක් තියනවා බ්ලොග් එකක් පටන් ගන්න . ඉස්සර ගොඩක් කවි , කතා ලිව්වා . ගෙදර සහතික මිටියක් ...අයි මම දැන් නොලියන්නේ කියල හිතෙනවා .
    අපේ මහත්තය කියන්නේ බ්ලොග් එකට "කම්මැලිය" කියල තමයි නම හොඳ කියල.
    බලමුකෝ කම්මැලි කම අත ඇරලා මම ලියන්න පටන් ගන්නත් බැරි නැහැ . ඇත්තටම ඔයාලගේ සිංහල බ්ලොග් කියවල තමයි උයන පිහන , ළමයි බලන, මටත් තාම හිතන්න හැකි බව දැනුනේ . ඒකට නම් බොහෝ පින්.
    ''''මම ආයිත් ඇවිද ගියා
    පරණ මතක මාවත් වල ..
    හයියෙන් ඇවිදින්න බැරිව ..
    අතර මන්ව මගේ පෑන..
    අවුරුදු ගානකට කලින් .
    මගේ අතින් බිම වැටිලා
    අහුලාගෙන කුණු දුවිලි...
    පිසදැමුවෙමි.
    රන් පාටින් දිලිහි දිලිහි ..
    .ඔය තියෙන්නේ අපුරුවට ..
    මාත් එක්ක හරි හරියට
    ලෝකය පෙරලමුයි කියල
    සිය ගානක් කවි ලිව්වා ..
    යව්වනයේ දොරකඩ ළඟ
    ආදර පදවැල් මැවුවා..
    ..එහෙව් අපිව මග දැම්මයි ..
    පෑන එක්ක එකතු වෙලා ..
    මගේ හිතත් මට බැන්නා...

    ....චමිලා ....
    ..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................