Sunday, August 15, 2010

වේදිකා නාට්‍යයක් බලන්න ගියා


Campus එක ඉස්සරහ මේ සෙනසුරාදා ඒ කියන්නේ 14 වෙනිදා එල්ෆින්ස්ටන් හි නරි බෑනා සහ ජසයා ලෙන්චිනා කෝලම පෙන්නනවා කියලා poster එකක් ගහලා තිබ්බා. මේ දවස් ටිකේම එක දිගට වැඩ ගොඩ ගැහිලා ඒවා කර කර ඉදලා busy වෙලා හිටිය නිසා මම හිතුවා මේක බලන්න යන්න.

ඉතින් තනියෙන් යන්නත් බැහැනේ. Campus එකේ ඉන්න මගේ හොඳම යාළුවෙක්වත් set කරගෙන මම ගියා stage drama එක බලන්න. හැන්දෑවේ 3.30 ට තමා drama එක පටන් ගත්තේ. Tickets ගන්න ගියාම දැක්කා රු.1000, 500, 200 කියන ගණන්වලට tickets තියෙන බව. අපිට කොහෙන්ද රු.1000 tickest ගන්න සල්ලි. ඒක නිසා රු.200 tickets තමා අපි ගත්තේ


රු.200 ticketsවලට තිබ්බේ බැල්කනිය. සාමාන්‍යයෙන් film එකක් බලන්න ගියොත් බැල්කනි එකේනේ ගාණ වැඩි. ඒත් Stage Drama එකක් බලන්න ගියාම බැල්කනිය තමා ගාණ අඩුම :)

පස්සේ බැල්කනි එකට වෙලා වාඩි වෙලා ඉද්දී මම දැක්ක දෙයක් තමා හුඟක් අම්මලා තාත්තලා තමන්ගේ දරුවොත් එක්ක මේ නාට්‍ය බලන්න ඇවිත් හිටිය එක. හුඟක් පොඩි ළමයි එහෙමත් ඇවිත් හිටියා.

උදේ පාන්දර ඉස්කෝලේ ගිහින් හැන්දෑවට tution class යන ඒත් නැත්නම් රූප පෙට්ටිය ඉස්සරහට වෙලා කාටූන් බලලා ඊටත් පස්සේ මළ ගෙදරයි අරවයි මේවායි බලන පොඩි එවුන්ව මේ විදිහට හරි හොඳ රස වින්දනයකට හුරු කරන එක ඇත්තටම වැදගත් දෙයක් නේ.


ඇත්තටම නාට්‍ය පටන් ගත්තාට පස්සේ අපිටත් වඩා ඒක රස වින්දේ ඒ පොඩි ළමයි ටික. ඒ කට්ටියගේ කතා බහින් ඒ වගේම හිනා වෙන ඒවායින් මට නම් හිතුණේ රූප පෙට්ටියේ දකින විකාරවලට වඩා මේ නාට්‍ය බලලා ඒ පොඩි ළමයි ඇත්තටම සතුටු වුණා කියලා.

අන්තිමට නරි බෑනා නාට්‍යයෙන් පස්සේ ජසයා ලෙන්චිනා කෝලම පෙන්නුවා. ඒකට නම් එච්චර අය හිටියේ නැහැ. මොනවා වුණත් කෝලම් කියන්නේ ලංකාවේ තියෙන ගැමි නාට්‍ය සම්ප්‍රදායක්. ඒවා අභාවයට යන්නේ නැතිව ආරක්ෂා කරන වගකීම අපි සතුවයි තියෙන්නේ. අන්තිමට නාට්‍යය අවසන් වෙලා ගෙදර යන්න එලියට බැස්සේ වෙනදාට වඩා හොඳ හිතකින්

ජසයා හා ලෙන්චිනා කෝලම

හොඳ රස වින්දනයක් තියෙන වැඩකට ආවා කියන සතුටු සිතෙන්. ඔයාලත් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක වේදිකා නාට්‍යයක් බලන්න යන්න, චිත්‍ර, ඡායාරූප ප්‍රදර්ශනයක් බලන්න යන්න, හොඳ මට්ටමේ film එකක් බලන්න යන්න. හැමතිස්සේම පොතට හිරවෙලා ඉන්නේ නැතිව ඒ වගේ දේක නිරත වෙන එක නම් හරියට වටිනවා. ඒක තමා ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න මග.

ප.ලි.: මම ඊළඟට බඹර වළල්ල film එක බලන්න යන්න ඉන්නේ. හුඟක් අය කියනවා හොඳ film එකක් කියලා. ඉතින් ගිහිල්ලාම බලන්න ඉන්නේ.


http://bambarawalalla.com/

34 comments:

  1. අපිට කොයින්ද රෝස් පාන් කිව්වලු,, ඉරිසියාවෙ බෑ. වේදිකා නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ අප්පා,,,,

    ReplyDelete
  2. අනිව අයියෙ මාත් වේදිකා නාට්‍ය තුනයි බලල තියෙන්නෙ...ආයි එකක් බලන්න යන්න හිතුන

    කොච්චර ටීවී එකේ නාට්ටි බැලුත් වේදිකා නාට්ටියක් බලල ගන්න ගතිය ගන්නනම් බෑ තමා

    ReplyDelete
  3. හොද ලිපියක් මල්ලි.මමත් බඹර වළල්ල බලන්න යන්න ඉන්නෙ...

    ReplyDelete
  4. මමත් වේදිකා නාට්‍යත් එක්ක ගොඩක් කිට්ටුවෙන් තමා හිටියෙ. ලංකාවෙ තිබුනු ගොඩක් ප්‍රසිද්ද වේදිකා නාට්‍ය කීපයකටම සංගීතයෙන්, වාදකයෙක් විදිහට මම සම්භන්ධවෙලා හිටියා අනූව දශකයෙදි. ඉතාමත් සොඳුරු මාද්‍යයක් වේදිකාව කියන්නෙ. ලංකාව හැම ප්‍රධාන නගරයකම, කැම්පස් එකකම මම ගිහිල්ල තියෙනවා නාට්‍යත් එක්ක. ගිය අවුරුද්දෙ නිවාඩුවට ආපු වෙලාවෙ මමත් ගියා මගේ දුවයි, පුතයි නෝනයි එක්ක නරි බෑනා සහ ජසයා ස ලෙන්චිනා බලන්න. හරිම රසවත් නාට්‍ය යුගලයක්.

    ReplyDelete
  5. පුළුවන්නම් පේරාදෙණියෙ විශ්ව විද්‍යාලෙ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ (වලේ) මනමේ හරි සිංහබාහු හරි බලන්න. ඒක වේදිකාවක බලනවට වඩා වෙනස්ම අත්දැකීමක්. නාට්‍ය වලට කැමති හැමෝම ලැබිය යුතුම අත්දැකීමක් ඒක.

    ReplyDelete
  6. ඔයිට අමතරව ස්වභාවධර්මයත් බලන්න, එකත් එකතරා නාට්‍යක් තමයි. හැබැයි බලපු ගමන්ම කතාව සහ නළු නිළියෝ පෙනෙන්නේ නැහැ. ඒනිසා පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. :)

    ReplyDelete
  7. අවිවේකී සතියක විඩාව නිවන හොදම නිමාව තමයි වේදිකා නාට්‍යයක් බලලා කොලෝනියල් එකට ගිහින් බියර් එකක් ගහන එක.... මේක මගෙ සිකුරාදා දවසට ඇතුල් වෙලා තිබ්බා පුරුද්දක් විදිහට.. ජීවිත වගකීම් වැඩිවෙද්දි වෙලාවක් හොයා ගන්න බැරි උනා...

    සචිරගෙ අදහසට පිනුම් ගහගෙන එකගයි... ඕන තරම් වෙලා එපා නොවී බලන් ඉන්න පුළුවන් තවත් එක දෙයක්

    ReplyDelete
  8. මම දවසක් දැකල තියනව ජයසේන කෝට්ටෙගොඩ නර්තන ශිල්පියා ජසය ට රඟපානවා, ජීවිතේ මම වැඩියෙන්ම රස වින්ද නර්තනය ඒක කියල මට තාම හිතෙනව...

    ReplyDelete
  9. mamath hari aasai stage drama balanna yanna eth kattiya set wennanee ehinda balanna yanna wennanee
    sashi

    ReplyDelete
  10. මම ආසම වේදිකා නාට්‍ය වලින් එකක් තමයි නරි බෑණා.මම ඕක ඉස්සෙල්ලම බැලුවේ 3 වසරේ ඉන්නැද්දි.එදා ඉදන් අද වෙනකන් ඔය වෙදිකා නාට්‍ය 10 පාරක් විතර රසවිදලා තියෙනවා‍.පහු පහු වෙනකොට නරි බෑනා බලන්න ගියාම ජසයා සහ ලෙන්චිනා නිකම්ම බලන්න ලැබෙනවනේ.ටු ඉන් වන්.

    ReplyDelete
  11. හරි අක්කා කිව්ව එක තමා ඉතින් කියන්ට තියෙන්නේ... අවුරුදු 3-4 කින් මෙහා වේදිකා නාට්ටියක් බැලුවේ නෑ.....

    ReplyDelete
  12. බඹර වළල්ල නම් මම බැලුවා බං ඒත් කියන තරම්නම් ගතියක් තිබ්බෙ නෑ..

    ReplyDelete
  13. මමනම් 2 - 3 පාරයි වේදිකා නාට්ටි බලල තියෙන්නේ. දැන් මොකෝ හිතුනට ගොහින් බලන්නය මෙහේ.

    ReplyDelete
  14. දැං යන ටිවි නාට්‍ය මොනාද අප්පා. මින්ස්සු කාලකන්නි කරන ඒවානේ තියෙන්නේ. වේදිකා නාට්‍ය වල වින්දනයක් වගේම සාහිත්‍ය වටිනා කමකුත් තියනවනේ.කරුමෙ කියන්නේ බදුල්ලට වේදිකා නාට්‍ය දැං ගෙන්නන්නෙ නෑ.ඇයිද දන්නෙ නෑ. බඹරවලල්ල බලන්න යන්න ඕනි.වේදිකා නාට්‍ය වලට සෑහෙන රසික පිරිසක් තාමත් ඉන්නවා කියලා කමෙන්ට්ස් බැලුවමම පේනවා.

    ReplyDelete
  15. අපිත් මේ දවස් ටිකේම කලේ වේදිකා නාට්‍ය බලපු එකම තමා!!සිරා අත්දැකීම !!

    ReplyDelete
  16. @හරී

    මැද පෙරදිග රටවල්වලටත් ලංකාවේ වේදිකා නාට්‍ය අරන් එනවා නේද අක්කේ ?

    ReplyDelete
  17. @Hasitha ජයසූරිය

    ආන්න හරි මල්ලී. මල්ලිට තේරුණා. වේදිකා නාට්‍යයක් කියන්නේ මනා සංයමයකින් කැපවීමකින් කරන වැඩක්. ටෙලි නාට්‍යවලට වඩා ඒවායේ වටිනාකමක් ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා.

    ඒත් හුඟක් අය ඒක තේරුම් අරගෙන නැති එකනේ අවුල

    ReplyDelete
  18. @blog gadol

    ස්තුතියි අයියා අගය කිරීමට. බඹර වළල්ල බලන්න ගියාද ඉතින් ?

    ReplyDelete
  19. @දුමී

    වේදිකා නාට්‍යවල තියෙන රසය වගේම වටිනාකම තේරුම් ගත්ත අයෙක් හමුවීම ගැන සතුටුයි. ඒ වගේම අයියා පොඩි දෙන්නාවත් ඒකට හුරු කරන්න යන එක නම් අගය කළ යුතුයි

    ReplyDelete
  20. @Chanaka Aruna Munasinghe

    ස්තුතියි අයියා ඒක ගැන කිව්වාට. ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ

    ReplyDelete
  21. @SACHIRA

    වටිනා කතාවක් තමා ඒක අයියා. වඩාත් සංයමයකින් තමා සොබාව ධර්මයේ නාට්‍ය බලන්න ඕනේ.

    ReplyDelete
  22. @අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

    අන්තිමට කිව්ව කොලෝනියල් එකට ගිහින් කරන වැඩේට ඇරෙන්න කතාවට එකඟයි :))

    මේ දවස් ටිකේ එක දිගට සති අන්තයේ එල්ෆින්ස්ටන්වල නාට්‍ය පෙන්නනවා. පුලුවන් කමක් තියෙනවා නම් ගිහින් බලන්න අයියා..............

    ReplyDelete
  23. @චේජනා

    විජය නන්දසිරි ජසයාට රඟපාන එකක් තමා මම මුලින්ම බැළුවේ. මේ බලපු නාට්‍යයේ ජසයාට හිටියේ වෙන නළුවෙක්

    ReplyDelete
  24. @Anonymous

    කට්ටියව ඉතින් මොකක් හරි කරලා සෙට් කරගන්න ඕනේ. ඒකෙදී හුඟක් කට්ටිය සෙට් වෙන්නේ නැත්නම් තුන් හතර දෙනෙක් එක්ක හරි කමක් නැහැ යන්න ට්‍රයි එක දෙන්න

    ReplyDelete
  25. @෴ හසියා ෴

    අපේ කොලු හසියත් හොඳ වේදිකා නාට්‍ය රසිකයෙක් නේ. සංතෝෂයි සංතෝෂයි අයියා. ඒත් එකම නාට්‍ය ආයි ආයි බලද්දී එපා වෙන්නේ නැද්ද ?

    ReplyDelete
  26. @පුතා

    අයියලා අක්කලා කට්ටිය සෙට් වෙලා වේදිකා නාට්‍යයක් ගෙන්න ගත්තා නම් හරිනේ. මැද පෙරදිග සිංහල බ්ලොග්කරුවන්ගේ එකමුතුව ඒකට මූලික වුණා නම් හරිනේ.

    තිස්ස, දුකා, පුතා, දුමී, ගල්මල් අයියලා කට්ටියයි, හරී අක්කායි (මට මේ වෙලේ මතක් වුණු අය විතරයි ) මේකට මූලික වෙන්න

    ReplyDelete
  27. @අච්‍චා

    ඒකත් එහෙමද ? එක එක ජාතියේ films තියෙනවානේ බන්. එක එක අයගේ taste එක වෙනස් නේ බන්

    ReplyDelete
  28. @පිස්සා පලාමල්ල

    2 යි 3 යි ද අයියා බලලා තියෙන්නේ ? හොඳයි හොඳයි අයියා. ඔයා ජපානේ ද ඉන්නේ චීනෙද අයියා ?

    ඒ රටවල්වලත් වේදිකා නාට්‍ය තියෙනවා නේද ?

    ReplyDelete
  29. @Naදී

    ඔයාගේ කතාවට 100% ක් එකඟයි අක්කා. බදුල්ලට වේදිකා නාට්‍ය එන්නේ නැත්තේ ඇයි ? හරි පුදුම වැඩක් නේ. ඕගොල්ලෝ මොකක් හරි සංගමේකින් හරි වේදිකා නාට්‍යයක් ගෙන්න ගන්න බලන්න.

    අපේ පැතිවලට නම් ඉතින් මේ ගැටළුව නැහැනේ. මේ දවස් ටිකේ සති අන්තේ වගේම සතියේ දවස්වලත් එල්ෆින්ස්ටන් එකේ වේදිකා නාට්‍ය පෙන්නනවා :)

    ReplyDelete
  30. @ජංජාල චාමර

    නියමයිනේ. මොනවාද බොස් බලපු වේදිකා නාට්‍ය ටික ?

    ReplyDelete
  31. ඈත්ත මමත් වේදිකා නාට්‍යක් බලපු කාලයක් මතක නෑ.අන්තිමට බෑලුවේ උසස් පෙල කරන කාලේ.නම මතකත් නෑ

    ReplyDelete
  32. @NUWAN"s lane

    බලපු නාට්‍යයේ නමවත් මතක නැද්ද අයියා ? කමක් නැහැ වෙලාවක් ආවොත් වේදිකා නාට්‍යයක් බලන්න යන්න ට්‍රයි එකක් දෙන්න. ඇත්තටම හොඳ අත්දැකීමක් අරන් එන්න පුලුවන්.................

    ReplyDelete
  33. Hey - I am certainly delighted to discover this. cool job!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................