Friday, December 10, 2010

විදිල්ලේ හොඳම විදින්නා


එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටිය [ඒත් ඇත්තටම කිව්වත් මේ කාලේ ලංකාවේ ඉන්න ]පොරක් ගැන තමා මේ කතාව. ඔයාලා අනිවා රොබින් හුඩ් කතාව T.V එකේ බලලා ඇති. රොබින් හුඩ් කිව්වාම මතක් වෙන්නේ දුන්න අතේ තියන් මොකක් හරි ඉලක්කයකට ඊතළෙන් විදින කෙනෙක්වනේ.

පහු පහු වෙද්දී ඔය "විදිනවා, විද්දා" කියන වචනේ හරි හරියට අපේ තරුණ, ළමා පිරිස් අතරට ආවා. කවුරු හරි කෙනෙක් ප්‍රසිද්ධියේ කතාවක් වගේ කරද්දී වචන වැරැද්දුවොත්, ඒ වගේම විකාර වැඩක් වගේ කළොත් කොල්ලො කියන්නේ "ඕන් එයා බරටම විද්දා" කියලා.

හොඳ වෙලාවට රොබින් හුඩ් ඕක දන්නේ නැහැ:))

ඉතින් මම දන්න හොඳ විදින්නෙක් හිටියා. දුන්නෙන් ඊතළවලින් නෙමෙයි වචනවලින් විදින. මේ එයා ගැන කතා කීපයක්.


මේ ළඟදී එයා හම්බුණු වෙලාවක කියව කියව ඉද්දී පොර කියනවා "මචං අළුත් කාඩිනල් මැල්කම් රංජිත්ට මාර guard එකක් තියෙන්නේ. ඉස්සරහින් පොලිස් bike දෙකකුයි, Diffender එකකුයි යනවා බන්. මම හිතන්නේ එයාගේ කාර් එකත් වෙඩි වදින එකක් වෙන්න ඕනේ" :))

--------------------------------------------------------------------------------------

දවසක් අපි බදුලු බණ්ඩාරවෙල trip එකක් යන scene එකක් ගැන කතාවක් දාගෙන ඉද්දී අපි කතාවුණා ඒ පැත්තේ පයින් ඇවිදින්න යනවාට වඩා foot cycle දෙකක් තුනක් හොයාගෙන ඒවායේ ගියා නම් වැඩේ සිරා කියලා.


ඒ වෙලාවේ අපේ විදින්නා කියනවා "ඒත් බන් අවුල තියෙන්නේ කන්දක් බැස්සොත් පල්ලමක් නගින්න තියෙන එක තමා" කියලා :))

--------------------------------------------------------------------------------

තව දවසක අපි set එක තව කොල්ලෙක්ගේ වාහනේක ගමනක් යද්දී අපේ විදින්නා කියනවා Montero එකක් පෙන්නලා "බලාපල්ලා අර Motorola එකේ ලස්සන. ඒකේ යන එවුනුත් ෂපාන් එකේ යනවානේ. හිටපල්ලකෝ අපිත් දවසක් Motorola එකක් ගන්නවා" :))

------------------------------------------------------------------------------

තව දවසක් අපි බස් එකේ ගමනක් යද්දී අපිටත් එක්ක tickets ගත්තේ විදින්නා. කොන්දොස්තර මොකක් හරි පොතක් දාලා ඉතුරු සල්ලි අඩුවෙන් දීලා තියෙන්නේ. ඉතින් විදින්නා අනම් මනම් විද්දාට හෙණ මීටරේ. ඒක නිසා කොන්දාගේ කපටිකම තේරිලා ගාණට ඉතුරු සල්ලි අරගත්තා.


පස්සේ තමා හොඳ කතාව කිව්වේ "කොන්දා හිතන් ඉන්නේ ඇති අපි පැදුරු [ පිදුරු වෙනුවට ] කන එවුන් කියලා" :))

--------------------------------------------------------------------------------

ආයි දවසක අපි කට්ටියකට බීම වගයක් බොන්න හම්බුණා පන්සලේ කරපු අස්පස් කරපු වැඩකට පස්සේ. කෝප්ප මොකවත් හම්බුණේ නැහැ. ඔක්කොම එක එකා ගාණේ බොන්න ගියොත් වෙලාවත් යනවනේ.


අපේ විදින්නා ඉදිරිපත් වෙලා බීම එක ගෙනාපු පන්සලේ ඇබිත්ත කොල්ලාට කිව්වා "මල්ලී අපිට කෝප්ස් [කෝප්ප කියන සිංහල වචනෙයි, Cups කියන English word එකේ එකතුව] ටිකක් ගේන්න බීම බොන්න" කියලා :))

Monday, December 6, 2010

Instant කතා


කාලෙකට පස්සේ ක්ෂණික නූඩ්ල්ස් වගේ පොඩි කතා 2 ක් 3 ක් කියන්න හිතුවේ. කලින් කියපු ටිකකුත් ඇති. ක්ෂණික නූඩ්ල්ස් වගේ කියලා කිව්වේ ඉතාමත් ඉක්මණින් කියවලා ඉවර කරන්න පුලුවන් වෙන කතා නිසා. රස තේරුණොත් හොඳයි නැත්නම් දුක තමා :(

-------------------------------------------------------------------------------------------------

මුල්ම කතාව මෙන්න. මම සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහන සේවාවල යන මහජනයෙක් නේ :) මගේ හොඳ හොඳ බස් කතා කීපයක් ගැන කලින් කට්ටිය කියවලා ඇති. මේ ලඟදී දවසක් මම කිරිබත්ගොඩින් ගෙදර යන්න 234 දෙල්ගොඩ පිටකොටුව බස් එකක නැග්ගා.

මම සාමාන්‍යයෙන් බස් එකට නඟින්නේ ඉස්සරහ දොරෙන්. මොකද පිටිපස්සේ දොරෙන් නැග්ගොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ කොන්දා කෑ ගහනවානේ ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කියලා. ඒ වගේම බස් එකට හුඟාක් අය නඟින්නේ පිටිපස්සේ දොරෙන් නිසා ඉස්සරහ කොහොමත් ටිකක් ඉඩ තියෙනවා.

ඔන්න ඉතින් කිරිබත්ගොඩින් load එකත් අරන් බස් එක පිටත් වුණා. බස් එකේ එච්චර සෙනඟක් හිටියෙත් නැහැ. ඉස්කෝලේ ඇඳුමකින් හිටිය හෙණම නසරානි පෙනුමක් තියෙන කොල්ලෙක් පිටිපස්සේ දොරේ එල්ලිලා යනවා. කොන්දොස්තර කොල්ලා හිටියේ බස් එකේ ඉස්සරහ.

Man ට driver කිව්වා "අර පිටිපස්සේ දොරේ ඉස්කෝලේ යන ළමයෙක් එල්ලිලා යනවා, එයාට උඩට නඟින්න කියන්න" කියලා.

ඉතින් කොන්දොස්තර කිව්වා කෑ ගහලා "ඔය පිටි පස්සේ footboard එකේ ඉන්න ඉස්කෝලේ යන මල්ලී උඩට නඟින්න" කියලා. මේ නසරාණි කොල්ලා කිසිම ගාණක් නැතිව ඔහේ ඉන්නවා බුවාට නෙමෙයි වගේ.

කොන්දොස්තර ටික වෙලාවකින් ආයි පාරක් කිව්වා. මේ නසරාණි කොල්ල නෙමෙයි තඹ සතේකට ඒක මායිම් කළේ. හොඳට පිටිපස්සේ දොරේ එල්ලිලා යනවා. කොන්දොස්තරට මළ උපරිමෙන්ම පැන්නා.

පොර මුළු බස් එකටම ඇහෙන්න කෑ ගහලා කිව්වා " ඔය පිටිපස්සේ දොරේ එල්ලිලා යන චිම්පන්සි මල්ලී උඩට නඟින්න" කියලා.


බස් එකේ ඔක්කොම පිටිපස්ස හැරිලා බලන්න ගත්තා. නසරාණි කොල්ලාටත් වස නෝන්ඩිය. එයා එයාට නෙමෙයි වගේ ෂේප් එකේ උඩට නැග්ගා.

-------------------------------------------------------------------------------------------------

මෙන්න දෙවෙනි කතාව. මම අපේ ඉස්කෝලෙන් කරපු අසෙනිය කුසුම -2010 බලන්න ගියා කියලා කට්ටිය දන්නවා ඇතිනේ. ඒකේ photos එහෙම බලන්න කැමති අය ඉන්නවා නම් මෙතන කොටන්න.

ඉතින් කාලෙකින් හම්බුණු යාලුවොත් එක්ක අනම් මනම් කියෝ කියෝ ඉද්දී අපේ මාතෘකාව වුණේ පොත් පත් ගැන.


එකෙක්ගේ කටින් කියවුණා "මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා පොත් කොහොමද ? ඒකේ ඉන්න නොරිකෝ සං දෙවෙන්දරා සං අන්න අන්න නියම චරිත. නියම කතාවක් බන් " කියලා.

මේක අහගෙන හිටපු තව එකෙක් කියනවා "මචං ඔය පොත ලිව්වේ ගීද මෝපසාං නේද ?" කියලා :))


Man හිතලා තියෙන්නේ පොතේ ඉන්න අයගේ නමුත් සං සං කියලා ඉවර වෙන නිසා පොත ලියන්න ඇත්තේ ගීද මෝපසාං කියලා.

-------------------------------------------------------------------------------------------------

මෙන්න තුන්වෙනි කතාව. මම දවසක් ගමනක් යන්න ඇඳුම් මදින ගමන් අපේ අම්මත් එක්ක පොඩි කතාවකට එකතු වුණා. ඇත්තටම මම හැමතිස්සේම වගේ කොහේ කොහේ හරි යන නිසා ඔය වගේ වෙලාවල්වලට තමා අම්මා මාත් එක්ක කතා කරන්න එන්නේ.


ඉතින් අම්මලාගේ ඉස්කෝලේ Netball team එක චෙන්නායි යනවා එහේ tournament එකකට. ඉතින් නවාතැන් පහසුකම්වල මොකක්ද හුටපටයක්ලු.

ඒක නිසා අම්මා මගෙන් ඇහුවා "පොඩි පුතේ ඔයා දන්න ඉන්දියාවේ ඉන්න යාළුවෝ කවුරුත් නැද්ද ?" කියලා. අම්මා එහෙම කිව්වේ මට ඉතින් මූණුපොතේද අර පොතේද මේ පොතේද ආදී වශයෙන් හුඟා........ක් තැන්වල යාළු මිත්‍රාදීන් ඉන්න නිසා.

ඉතින් මාත් අම්මා ඇහුව එකට උත්තරේ හැටියට කිව්වා "ඔව් ඔව් හොඳ යාළුවෙක් ඉන්නවා" කියලා.

එතකොට අම්මා ඇහුවා "එහෙමනම් එයාගෙන් උදව්වක් කාරියේ ගන්න පුලුවන් වෙයි නේද ?" කියලා.

මම කිව්වා "පුලුවන් වෙයි, බලමුකෝ" කියලා.

අන්තිමට අම්මා ඇහුවා "කවුද ඔය යාළුවා ?" කියලා.

මම හිනාවෙවීම උත්තර දුන්නා "ෂාරුක් ඛාන්" කියලා :))


ඒ පාර අම්මත් හිනාවෙවීම කිව්වා "කෝලම් :))" කියලා

-------------------------------------------------------------------------------------------------

මෙන්න හතරවෙනි කතාව. මට හිතිච්ච එකක් තමා මට ඉන්න සමහර යාළුවෝ ඉංග්‍රීසි සිංහල පටලගෙන ඉන්න පොරවල්. මතකනේ දවසක් මම කිව්වා චීන phone කතාවක්. මේකත් ඒ වගේ කතාවක්.


දවසක් අපි යාළුවෝ set එක කියව කියවා ඉද්දී දැන් කසාදයක් කාරියේ කරගෙන ඉන්න අපේ යාළුවෙක් ගැන කතා කරද්දී මම කිව්වා "ඉතින් man ශිෂ්‍ය භටයා නේ"කියලා.

ඕක අහන් ඉදපු එකෙක් කියනවා මට "උඹට පිස්සුද බන් ඌ කොහෙද ශිෂ්‍ය භට කළේ, ඌ කළේ Cadeting නේ. ඌ Cadet Team එකේ Captain නේ" කියලා.


ටික වෙලාවකින් එයාටම click වුණා ශිෂ්‍ය භට කියන්නේ ඉංග්‍රීසියෙන් cadeting කියලත්, Cadet Team නැති බවත් තියෙන්නේ Cadet Platoon බවත් ඒ වගේම ඒකේ Captain කෙනෙක් නැහැ ඉන්නේ Sergeant කෙනෙක් කියලත් :))

------------------------------------------------------------------------------------------------

මේ පස්වෙනි කතාව හෙවත් අන්තිම කතාව :) අපි කොල්ලෝ set එක අපේ එකෙක්ගේ තාත්තා නැතිවෙලා අවුරුද්දේ දානේ පිංකමට ගියා. ඉතින් ඒකට කලින් ඉදන්ම ගෙවල් දොරවල් අස්පස් කිරීමේ ඉදන් සියළු කටයුතුවලට ශ්‍රම දායකත්වය දුන්නේ අපේ set එක.


අන්තිමට ඉතින් හාමුදුරුවෝ දානේ අරන් පන්සලට වැඩියාට පස්සේ ඉතුරු වුණු දානේ බඩවල්වලට අස්පස් කරන එකත් අපේ කාණ්ඩේ ඉතාමත් ශ්‍රද්ධාවෙන් භාරගත්තා :))

අපිත් එක්ක ඉන්න සිරා කොල්ලෙක් ඉන්නවා පොරට තියෙන අවුල තමා හිටපු ගමන් ඔය එක එක බඩුවලට කියන නම් මාරුවෙනවා. ඉතින් ඔය දානමය පිංකමේදී කරපු සිරාම විඳිල්ල තමා

දානෙට වැඩිය හාමුදුරුවරු බුලත් කෙළ ගහලා තිබ්බ පඩික්කම් වගේකට අත දික්කරලා මහ හයියෙන් හැමෝටම ඇහෙන්න "මතක් කරලා මේ හෙප්පු ටිකත් හෝදලා පන්සලට ගිහින් දෙන්න. නැත්නම් ආයි දානේ ගේකට පන්සලෙන් හෙප්පු ගේන්න නෙමෙයි" කියන එක :))

පඩික්කමක පින්තූරයක් හෙව්වා හෙව්වා හම්බුණේ නැහැ. කට්ටිය පඩික්කම කියන එක දැකලා නේද තියෙන්නේ ?

Friday, December 3, 2010

ෆොටෝමන් Photoman ???


මම සම්බන්ධවෙලා වැඩ කරන හුඟාක් තැන්වල ඡායාරූප අංශයේ වැඩ කටයුතු කරන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා. මගේ මේ මාධ්‍ය ආවරණ කටයුතු නිසා අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ මට කියන්නේ ෆොටෝමන් කියලා :))

Photos ගන්න මනුස්සයාට කියන්නේ photographer කියලනේ. ඒත් හාමුදුරුවෝ fun එකට මට කියන්නේ Postman, Fisherman, Policeman වගේ Photoman කියලා. ඉතින් මගේ Photoman life එක ගැන පොඩ්ඩක් කියන්නයි හිතුවේ................

මම පොඩි කාලේ ඉදන්ම photo ගැනිල්ලට [ ඒ වගේමයි photos වලට ඉන්න :)) ] මාරම ආසාවක් තිබුණේ. ඒත් ඉතින් ඒකට camera එකක් තිබුණේ නැහැ. හා හා පුරා කියලා මට camera එකක් හම්බුණේ 2006 අවුරුද්දේ. ඒ තාත්තා මැලේසියාවේ ගිහින් එන ගමන් Kodak EasyShare C310 camera එකක් අරන් ආපු එකෙන්.

මෙගා පික්සල් 4 ක් වුණු මේ camera එකේ තිබුණු පහසුකමුත් එක්ක ගන්න පුලුවන් සේවය මම වගේම අපේ ගෙදර අයත් උපරිමෙන්ම ගත්තා. අපේ පන්සලේ, දහම් පාසලේ, Scoutingවල, ඉස්කෝලේ, අපේ Logic Class එකේ ආදී වශයෙන් එකී මෙකී නොකී තැන්වල මාධ්‍ය ආවරණය මම මේ camera එකට පින් සිද්ධ වෙන්න කරගත්තා. මේ විදිහට කාලේ ගත වෙද්දී තමා මීටත් වඩා හොඳ camera එකක අවශ්‍යතාවය මට ඇතිවෙමින් තිබ්බේ.

මගේ ලොකු සහෝදරයා විදේශ ගතවෙලා ඉන්නේ. එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මගේ අළුත් camera project එකේ දඩය වැටුණේ එයාට. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ තිබුනු මගේ 20 වෙනි උපන් දිනයට එයා ඕස්ට්‍රේලියාවේ ඉදන් මට Panasonic LUMIX DMC-F57 camera එකක් එව්වා. ඊට පස්සේ ඉදන් මම සුළුවට කරගෙන ගිය මාධ්‍ය ආවරණ කටයුතු තව පුළුල් වුණා.


ඒවාත් එක්ක අමුතු අමුතු විදිහට photos ගන්න වගේ ආසාවල් එහෙමත් ආවා. ඒකත් එක්කම මම campus යන්න පටන් ගත්තු නිසා IMAT [Image Art] කියලා මේවා ගැන එහෙම කතා කරන subject එකක් තියෙනවා කියලත් දැනගත්තා. මම IMAT කළේ නැතිවුණත් ඒ subject එක කරන කට්ටිය හුඟාක් දන්න නිසා හොඳ හොඳ දේවල් දැනගන්න හම්බුණා.

ඒ ගමන්ම මම photographic exhibition කීපයකුත් බලන්න ගියා. ඒවා අතරින් අපේ හිතවත් බ්ලොග් සහෘදයෙක් වෙන ඉන්ද්‍රනාථ තේනුවර මහත්මයාගේ පැනොරාමා ප්‍රදර්ශනය [මම ඒක ගැන post එකකුත් ලිව්වා මතක ඇති කට්ටියට :)], ජනාධිපතිතුමාගේ නිල ඡායාරූප ශිල්පියා වෙන සුදත් ලියනගේ මහත්මයා කරපු රජත දැක්ම ඡායාරූප ප්‍රදර්ශනය වගේම අපේ campus එකේ Photographic Diploma එක කරපු කට්ටිය කරපු exhibition එක ඒ වගේම IMAT Department එකෙන් කරපු "උපනෙත" exhibition එක මම ගිය photographic exhibition වලින් කීපයක්.

ඒ වගේම photographic කරන මුහුණු පොතේ ඉන්න හිතවතුන්ගෙන් වගේම, හිතවත් බ්ලොග් සහෘදයෙක් වෙන මාධව හබරකඩ අයියාගේ රූසර බ්ලොග් අඩවියෙනුත් ඡායාරූප ශිල්පය ගැන වටිනා කියන කරුණු කාරණා ගැන දැනගන්න ලැබුණා.

ඔහොම තමා මගේ photoman life එක ගෙවෙන්නේ. දැනටත් මම කොහේ හරි යනවා නම් camera එකත් සාක්කුවේ දාගෙන යන්නේ. කොයිකටත් හොඳයි නේ.

මම ගිය photographic exhibitions , ඒ වගේම මම ගත්තු photos කීපයක් තමා මේ................


ඉන්ද්‍රනාථ තේනුවර - පැනොරාමා ප්‍රදර්ශනය


රුවන්මැලි සෑය - අනුරාධපුරය


Rain Clouds in The Sky


උරුමයක වගතුග - අනුරාධපුරය


කලවම


තවත් අම්බානකත් තව පොඩ්ඩක් photos මම මගේ මූණුපොතට upload කරලා තියෙන්නේ. ඒවාත් බලන්න කැමති නම් මෙතන කොටන්න. හැබැයි ඔයා මගේ මූණුපොතේ යාළුවෙක් නෙමෙයි නම් සමහර photo albums එහෙම පෙන්නන්නේ නැතිවෙයි. ඒක නිසා කැමති නම් මට මූණුපොතෙන් request එකක් එවලා මාවත් යාළුවෙක් කරගත්තාම වැඩේ හරි :))

ප.ලි.: මගේ පරණ posts බලාගෙන යද්දී ඇහැ ගැටුණු එකක් තමා Rain Clouds in The Sky කියන post එක. ඒක මම මේ blog එක පටන් ගත්තු මුල්ම කාලේ වගේ ලියපු එකක්. ඒ කාලේ ඉතින් එච්චර දේවල් ලියන්න තේරෙන්නේ නැහැ නොවැ. ඉතින් ඒක නිසා පොඩ්ඩයි අනම් මනම් ලියලා තියෙන්නේ.

මේ දවස්වලත් අම්බානකත් තව පොඩ්ඩක් වැස්ස නිසා මට හිතුනා ආයි පාරක් මේ post එක ටිකක් සංශෝධනය කලා නම් හොඳයි කියලා. ඊට පස්සේ ඒක එහෙට මෙහෙට කර කර තාර බර දදා ඉද්දී මට අළුත් post එකක් ලියන්න මාතෘකාවක් මතක් වුණා. පස්සේ තමා මේ විදිහේ post එකක් ලියවුණේ.....................

Friday, November 26, 2010

හොරා පොලිස්


ඊයේ හැන්දෑවේ මම කාමරේට වෙලා නිවී සැනසිල්ලේ blogs කියෝ කියෝ ඉද්දී මට ඇහෙනවා මෙහෙම කතාබහක්........

"මම යන්න කලින් රාජගිරියේ ............... office එකට ගෙනිහින් දෙන්න කියලා ලියුමක් අයියාට දීලා ගියේ. එයා ඒක ගෙනිහින් දීලාද ?"

"මම නම් දන්නේ නැහැ තාත්තේ"


"එයාට කියන්න ඒක කරලා තිබ්බේ නැත්නම් ආයි මම ආපුවාම මාත් එක්ක කතා කරන්න එපා කියලා"


"හරි තාත්තේ මම අයියට කියන්නම්"


ඒ කතාබහ ගියේ අපේ තාත්තයි අපේ නංගියි අතර telephone එකෙන්. මෙතන අයියා කියල සඳහන් කරන්නේ මාව නිසා මාත් කන් ඇන්දා මොකක්ද කියන්නේ කියලා බලන්න.

කතාබහ ඉවර වෙද්දී මටත් මතක් වුණා තාත්තා පවරලා ගිය වැඩේ. අපේ තාත්තා මේ දවස්වල first aid training එකකට ගිහින් ඉන්නේ. ගිය සිකුරාදා තමයි ඒකට ගියේ එන්නේ අද. ඉතින් තාත්තා යන්න කලින් රාජගිරියේ office එකකට ගිහින් දෙන්න කියලා ලියුමක් දීලා ගියේ. මට මේ දවස්වල එක දිගට එක එක වැඩ set වුණු නිසා ඒ වැඩේ කරන එක සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහින් තිබුණේ.


මේ දවස් ටිකේම හුස්මක් ගන්නවත් වෙලාවක් තිබ්බේ ඒ තරමටම වැඩ තිබුණා. දහම් පාසලේ වාර විභාගේ ප්‍රශ්න පත්තර ටික type කරන කොන්ත්‍රාත්තුව අපේ හාමුදුරුවෝ සුපුරුදු පරිදි බාර කළා.

ඒ මදිවට මේ දවස්වල යොවුන් පාර්ලිමේන්තුවක් පිහිටුවන්න යනවා. ඔයාලටත් සමහරවිට ඒකේ news එක එන්න ඇති. ඉතින් ඒ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණෙට අපේ යෞවන සමාජයේ ඉන්න පොඩි හාමුරුවෝ [අර කාමරේ ගිනිගත්තු පොඩි හාමුදුරුවෝ] අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා ඉන්නේ. හාමුදුරුවන්ගේ ලියුම් කියුම් වගයක් type කරන්නත් මට බාර වුණා.

ඒ ඔක්කොමත් එක්ක රහසිගතව වෙන්න ඕනේ විභාග ප්‍රශ්න පත්තරේකුත් type කරන්න set වුණා. මේ විදිහට ලියුම් කියුම්, කොටන වැඩේ නිසා බ්ලොග් ලිවිල්ල සම්පූර්ණයෙන්ම මගඇරිලා ගියා. ඒ වුණත් බ්ලොග් කියවිල්ල නම් අතපසු කළේ නැහැ.

මේ වෙද්දී ප්‍රශ්න පත්තර කෙටිල්ල ඉවරයි. ඒත් යොවුන් පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු ඉවර නැහැ. මොකද හෙට තමා ඡන්දේ තියෙන්නේ. තාමත් එක එක ඒවා type කරන්න හම්බෙනවා. මාත් ඉතින් බැහැ නොකියා කරලා දෙනවා.

මේ විදිහට ලෝකෙට සමාජෙට මෙහෙවර කළාට තාත්තාගේ වැඩේ නොකරොත් ගෙදරින් පිටුවහල් වෙන්න තමා වෙන්නේ :)) "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" වෙලා බැහැනේ මම තීරණය කළා හෙට [ ඒ කියන්නේ අද ] අනිවා රාජගිරියේ ගිහින් තාත්තාගේ වැඩේ කරනවා කියලා.

ඉතින් උදේ අම්මයි නංගියි ඉස්කෝලේ ගියා [ අපේ අම්මා ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න නෙමෙයි උගන්වන්න :) ] ඊයේ හිතාගත්තාට රාජගිරි යන්න දැන් නම් කම්මැලියි කම්මැලියි වගේ නොගිහිනුත් බැහැ. මීට කලින් ඒ office එකට මම ගිහිනුත් නැහැ. අනික රාජගිරි යන්න බස් දෙක තුනක් යන්නත් ඕනේ. පයින් ඇවිදිල්ලකුත් තියෙනවා වගේ.

ඒවා මතක් වෙද්දී කම්මැලිකම double වෙනවා වගේ. ඕවා මොනවා වුණත් තාත්තා හැන්දෑවේ එන්න කලින් වැඩේ කරලා තිබ්බේ නැත්නම් තාත්තා එක්ක කතා කරලත් හමාරයි.

මේ තමා අපේ Motor bike රාජයා

මේ සියලු කරුණු කාරණා විශ්ලේෂණය කරලා කිරලා මැනලා ගත්තාට පස්සේ මම තීරණය කළා bus එකේ යන්නේ නැතිව motor bike එකේ රාජගිරි යන්න ඕනේ කියලා. එතකොට පැය ගණන් බස්වල යන්න ඕනෙත් නැහැ. පයින් ඇවිදිලි set වෙන්නෙත් නැහැ. ඒත් motor bike එකේ යන එකෙත් ප්‍රශ්න 2 ක් තියෙනවා. ඒවා ලෙහෙසි පහසු ප්‍රශ්න නෙමෙයි.

මෙන්න ප්‍රශ්න

ප්‍රශ්න අංක 1 : මට motor bike පදින්න licence නොතිබීම. Motor bike නෙමෙයි කොටින්ම මට විල්බැරෝව ඇරෙන්න වෙන කිසිම වාහනයක් පදවන්න ලංකාවේ වලංගු රිය පැදවීමේ බලපත්තරයක් නැහැ :))

ප්‍රශ්න අංක 2 : අපේ bike එකේ licence එක අප්‍රේල්වලින් ඉවරයි. එතකොට ඒකත් licence කරන එක මාස 7 කින් පරක්කුයි.

කොහොමද සෙල්ලම් ප්‍රශ්න 2ක් නෙමෙයි නේ. පොලිස් මාමලාට අහුවුණොත් අනිවා රුපියල් 10,000 කින් මෙහා ගොඩ ඒමක් නෑ. රුපියල් 10,000 කින් ෂේප් වුණොත් හොඳටම ඇති :))

ඒත් මොන ප්‍රශ්න තිබුණොත් පහුබහින එක සිංහලයගේ සිරිත නෙමෙයිනේ. ඉතින් මාත් අපේ පුතා අයියා දවසක් කිව්වා වගේ "ඕන .........." කියලා motor bike එකේ යන්න ලෑස්ති වුණා.

දෙයියෝ බුදුන් කාරියේ සිහිකරලා තමා කෝකටත් කියලා ගමන් ආරම්භ කළේ. සියඹලාපේ හන්දියෙන් [ඒක වඩාත් ප්‍රසිද්ධ බෙල්ල කපාපු හන්දිය කියලා] බණ්ඩාරවත්තට එතනින් පාලමෙන් කඩුවෙලට. පාලම ගාව Police Check Point එකක් තියෙනවානේ. එතනින් යද්දී බිත්තර තම්බන්න තරම් බොක්ක රත්වෙලා තිබ්බේ.

හොඳ වෙලාවට අවුලක් වුණේ නැහැ. මම හොඳට ඇඳලා කාරියේ jacket එකක් එහෙමත් දාගෙන ගියේ. පස්සේ කඩුවෙලින් මාලබේ හරහා කොස්වත්ත, බත්තරමුල්ල, රාජගිරිය තමා මගේ ගමන් මග.

කඩුවෙලින් මාලබේ පැත්තට යද්දී මම එහෙන් මෙහෙන් දාගෙන තමා ගියේ. එහෙම යද්දී තමා දැක්කේ motor bike වලට යන්න වෙනම track එකක් තියෙනවා වම් පැත්තේ කොනටම වෙන්න. පස්සේ ඉතින් වහා ක්‍රියාත්මක වෙන පරිදි ඒකට පැනගත්තා. නැත්නම් පොලිස් මාමෙක්වත් දැක්ක නම් තමා.


ඔය හරියෙම පොලිස් මාමලා දෙතුන් දෙනෙක් motor bike එහෙම නවත්තලා licence check කරනවා මාම දැක්කා. මම පුලුවන් තරම් පාරේ මැදට වෙන්න ගිය නිසා ඒකත් එච්චරම අවුලක් වුණේ නැහැ.

පාරේ යද්දී මට හිතුණු දෙයක් තමා සමහර පොරවල් යන්නෙත් නැහැ. අනිත් අයට යන්න දෙන්නේත් නැතිව පාර මැද යනවා පාර තමන්ගේ බූදලේ කියලා හිතලා. ඒ වගේමයි සමහර පදිකයෝ ඒ කිව්වේ පයින් යන ඇත්තෝ පාරෙන් පුලුවන් තරම් අයින්වෙලා යන්නේ නැතුව පාරේ මැද යන්නේ. ඉතින් මේ ඔක්කොම අයත් එක්ක අපි පරිස්සමෙන් අපේ වාහනේ අරන් යන්න ඕනේ.

කොහොමින් කොහොම හරි රාජගිරිය හරියට ආවයි කියමුකෝ. පාරේ අඩියෙන් අඩිය පොලිස් මාමලයි, හමුදා මාමලයි. අද පාර්ලිමේන්තුව රැස්වෙන දවසක්. ඒක නිසා තමා එච්චර කට්ටිය නැතිව මාව ආදරයෙන් සාදරයෙන් පිළිගන්න එහෙම නම් නෙමෙයි :))

මගේ පපුව ගැහෙනවා අර මොකක්ද එකකට අහුවුණු ලා දල්ලක් වගේ. ඒත් දැන් ආපහු හැරිලා යන්නද ? ඔන්න ඔහේ යනවා කියලා මාත් ඉස්සරහටම ගියා. රාජගිරියට ආවට මාත් යන්න ඕනේ තැන හරියට දන්නේ නැති නිසා පාර ගාව හිටිය පොලිස් මාමෙක් ගාව bike එක නවත්තලා මම යන්න ඕන තැන address එක පෙන්නලා තැන ඇහුවාම ඒක ඉතාමත් කාරුණිකව ඒ පොලිස් මාමා මට කියාදුන්නා.

හොඳ වෙලාවට එයා දන්නේ නැහැ මටත් licence නැහැ, bike එකටත් licence නැහැ කියලා :))

තාත්තා කිව්ව office එකට ලියුම දීලා ආපු පැත්තෙන් යන්නේ නැතිව බොරැල්ල පැත්තෙන් යන්න මට හිතුණා. මොකද campus එක ගාවටත් යන්න පොඩි උවමනාවක් තිබුණු නිසා. ඉතින් බොරැල්ල හරියට එද්දී නා cutting වැස්ස. Bike එක පාරේ අයිනකින් නවත්තලා ටිකක් වෙලා වැස්ස පායනකම් හිටියා.


ආයි බේස්ලයින් පාරේ එද්දී වැස්සා. ආයි මුල්ලකට වෙලා ටිකක් වෙලා වැස්ස පායන්කම් හිටියා. අන්තිමට ගන්න දෙයක් නැහැ කලිසම හොඳටම තෙමිලා. හොඳ වෙලාවට jacket එක දාගෙන ආපු නිසා උඩ කොටස වැස්සෙන් බේරුණා. කමිස සාක්කුවේ තමා Phone එකත් දාලා තිබ්බේ.

හිරිපොද වැස්සේ campus එක ගාවට ඇවිත් අර මම කලින් කිව්වේ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණේ ගැන ඒකේ ලියුම් කියුම් වගේකුත් print කරගෙන දවල් 12.30 විතර මගේ අඬු මොකවත් කඩාගන්නේ නැතිව, ඒ වගේම පාරේ හිටිය අයගේ අඬු මොකවත් කඩන්නේ නැතිව, ඒ වගේම bike එක හප්ප ගන්නේත් නැතිව යහතින් ගෙදරට වාර්තා කළා.

ගෙදරට ඇවිත් මුලින්ම කළේ ඉෂ්ඨ දේවතාවන්ට පින් දීපු එක මග තොටදී මොනම අතුරු ආන්තරාවක්වත් නැතිව ගෙදරට යහතින් එන්න ලැබුණු එකට.

මේ කතාවෙන් මම ගන්න ආදර්ශේ තමා licence නැතිව පැද්දා හොඳටම ඇති. ඉක්මණට licence ගන්න ඕනේ කියන එකයි.


කොටින්ම තව පොඩ්ඩෙන් මට අද මේක ලියන්න වෙන්නේ නැහැ කූඩුවේ කූරු ගැන ගැන තමා ඉන්න වෙන්නේ :))

ප.ලි.: ඉස්සරහට ආගිය ගමන් කීපයක් ගැන කතා දෙක තුනක් ලියන්න ඉන්නේ. තාම ඒකට වෙලාවක් හම්බුණේ නැහැ. වෙලාවක් හම්බුණු ගමන් ඒවා ලියන්න ඉන්නේ.

ඒවා අතරින් Campus එකේ ජෑම් ගහ යට සංගමෙන් සංවිධානය කරපු Zoo එකට ගිය ගමනත්, ඒ වගේම සාඩම්බර හසී පවුලෙන් මුද්දර කාර්යාංශයේ තිබුණු මුද්දර ප්‍රදර්ශනය බලන්න ගිය ගමන ගැනත් අනිවා ලියන්න ඉන්නේ..............

Friday, November 12, 2010

හොඳම උපයා ගැනීම


අපේ ජීවිතේ අපි නොයෙක් විදිහේ උපයා ගැනීම් කරනවා. ඒ උපයා ගැනීම්වලින් අපි කරන්න ඕනේ හොඳම උපයා ගැනීම විදිහට ඔයාලා හිතන්නේ මොකක්ද ? මට නම් හිතිලා තියෙන්නේ අපි කරන උපයා ගැනීම්වලින් හොඳම උපයා ගැනීම වෙන්නේ විශ්වාසය උපයා ගැනීම කියලා.

ඒ ගැන මම පොඩි කතාවක් කියන්නම්.

මම දොරක් වහන්න ගිහින් දොරේ එක කැඩිලා මගේ අත කැපුණු කතාව
ඔයාලට මතක ඇති. අන්න ඒ දවසේ තමා මේ කතාවත් වුණේ. එදා මගේ අතේ වුණු තුවාලෙට බෙහෙත් දාන්න කට්ටිය මාව එක්කගෙන යන ගමනේදී මගේ phone එකට call එකක් ආවා මාත් එකට අපේ first aid team එකේ ඒ කියන්නේ St. John Ambulance Brigade එකේ වැඩ කරන මල්ලී කෙනෙක්ගෙන්.

අතේ අමාරුවත් තියාගෙන මේ රෑ ජාමේ මෙයා මොකද කතා කරන්නේ කියලා බලන්න මම call එකට answer කළා. මෙන්න ඒ මල්ලියි මායි අතර ඇතිවුණු දෙබස.

මම : "........... මල්ලී කියන්න මොකද මේ රෑ ජාමේ"

මල්ලී : "පොඩි හදිස්සියකට තමා හසිත අයියේ කතා කළේ"

මම: " හරි හරි කියමුකෝ බලන්න මොකක්ද කියලා"

මල්ලී : "මගේ computer එක කැඩිලා හදන්න දාලා තියෙන්නේ අයියේ. ඒක දැන් හදලා ඉවරයි. Shop එකේ ඕක තිබ්බොත් මොන මොනවා නැතිවෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක ගන්න පොඩි සල්ලි ප්‍රශ්නයක් තියෙනවා අයියේ. තාත්තා අතෙත් නැහැ සල්ලි. ඒකයි ඔයාට කතා කරලා බැලුවේ"

මම : "කීයක් විතර වගේද මල්ලී ?"

මල්ලී : " රුපියල් තුන් දාහක් විතර "

මම : " මේකයි මල්ලී කාරණේ [මම එහෙම කියද්දී හිතුවාද දන්නේ නැහැ මම නැහැ කියන්න තමා යන්නේ කියලා] මගේ අතේ මේ වෙලාවේ නම් එච්චර ගාණක් නම් නැහැ. බැංකුවෙත් එච්චර ගාණක් නැහැ මට මතක විදිහට. ඒත් මල්ලී ඔයා තව පැය භාගෙකින් call එකක් ගන්න. මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

මල්ලී : "හරි හසිත අයියේ මම තව පැය භාගෙකින් call එකක් ගන්නම් ඔයාට"


ඒ වෙලාවේ මං ගාව සල්ලි නැති නිසා මට කෙලින්ම කියන්න තිබ්බා "මල්ලී මං ගාව එච්චර ගාණක් නැහැනේ. වෙන කෙනෙක්ගෙන් බලනවාද" කියලා. ඒත් මට එහෙම කියන්න හිතුණේ නැහැ. මොකද ඒ මල්ලීගේ හිතේ මම ගැන තිබුණු විශ්වාසය නිසා.

ඒ කියන්නේ ඒ මල්ලීගෙන මම උපයා ගෙන තිබුණු විශ්වාසය තමා "හසිත අයියාගෙන් හදිසියකදී උදව්වක් ඉල්ලුවොත් එයා මට ඒක කරලා දෙයි" කියන එක. ඒක ආරක්ෂා කරන එක මගේ වගකීම කියලයි මට හිතුණේ.

හරි ඉතින් දැන් රුපියල් 3,000 මම කොහෙන්ද හොයන්නේ. මම ඒ වෙලාවේ හිටියේ මිස් එක්කනේ [මම A/L Logic වලට Tution Class ගිය ගුරුතුමිය] එක්කනේ. මම මිස්ගෙන් රුපියල් 3,000 ක් ඉල්ලුවා. මිස් ඇහුවා මොකද කියලා. මම ඉතින් A-Z විස්තරේ කිව්වා.

පස්සේ මට මිස්ගෙන් රුපියල් 3,000 ක් හම්බුණා. පැය භාගෙකින් පස්සේ මල්ලී කතා කළාම මම කිව්වා.
"වැඩේ හරි. මම ඔයාට උදේට සල්ලි දෙන්නම්. මේ සල්ලි මගෙත් නෙමෙයි මාත් කෙනෙක්ගෙන් loanඑකක් දාලා තමා සල්ලි හොයාගත්තේ ඒක නිසා හැකිතාක් ඉක්මණට මේක බේරන්න ඕනේ" කියලා.

මම එහෙම කිව්වේ මම සාමාන්‍යයෙන් ණය වෙලා ඉන්න හරිම අකමැති නිසා. මල්ලිත් කිව්වා "දවස් 5 ක් ඇතුළත මේක බේරන්නම් අයියේ" කියලා.

අන්තිමට දවස් 5 ක් ගියා. මෙයාගෙන් මොකුත් ආරංචියක් නැහැ. මම දවස් 7 ක් විතර ගියාට පස්සේ මල්ලිට call කළා. ඒත් answer කරන්නේ නැහැ. මම යැව්වා message එකක් "මල්ලී දැන් දවස් 5 ක් නෙමෙයි දවස් 7 ක්ම ගියා" කියලා.


මම ඇත්තට හරිම අපහසුතාවයෙන් හිටියේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. අන්තිමට සති 2 ක් විතර ගියාට පස්සේ මල්ලී ඇවිත් පරක්කු වුණාට කණගාටුව ප්‍රකාශ කරලා සල්ලි දීලා ගියා. මම පරක්කු වුණාට මොකවත් කියන්න ගියේ නැහැ.

මේ සිද්ධියෙන් පස්සේ මට හිතුණු දෙයක් තමා ඒ මල්ලීගෙන් මම විශ්වාසය උපයාගෙන හිටියා "මුදල් හදිසියකදී හසිත අයියාගෙන් සල්ලි ඉල්ලුවොත් ඒක එයා කරලා දෙයි" කියලා. මම ඒක ආරක්ෂා කරන්න කටයුතු කළා. අතේ සල්ලි තිබ්බේ නැතත් කොහෙන් හරි හොයලා ඒක කරලා දුන්නා.

ඒ වගේම ඒ මල්ලී මගෙන් විශ්වාසයක් උපයා ගෙන තිබ්බේ "නියමිත දවසට සල්ලි බේරයි" කියන එක. ඒත් ඒ මල්ලී ඒක් රැකගන්න කටයුතු කළේ නැහැ. නියමිත් දවස පහු වෙද්දී ඒක ගැන කිව්වෙත් නැහැ. මගේ Call, SMS වලට උත්තරයක් දුන්නෙත් නැහැ.

මේවගේ දේවල්වලින් කණගාටුවට පත් වුණත් අනුන්ට උදව් කරන්න ඕනේ, උපයා ගත්තු විශ්වාසය රැකගන්න ඕනේ කියන හැඟීම මගේ හිතෙන් තාම ඉවත්වෙලා නැහැ.

ඔයාලා තාපසතුමා හා නාගයා ගැන කතාව අහලා තියෙනවාද ?

දවසක් නාගයෙක් ගඟේ පාවෙලා යනවා දැක්කාලු තාපසතුමෙක්. නාගයා හිටියේ කොටේක. තාපසතුමා ඒ කොටේ ගොඩට අරන් නාගයාව බේරගන්න උත්සාහ කරද්දී නාගය තාපසතුමාට දෂ්ඨ කරන්න යනවාලු. තාපසතුමාත් උත්සාහය අත අරින්නේ නැතිව ආයි කොටේ ගොඩට ගන්න යනවාලු. නාගයාත් කලින් විදිහටම තාපසතුමාට දෂ්ඨ කරන්න යනවාලු.

මේක කීපවතාවක්ම සිදුවෙනවා බලන් හිටිය තවත් තාපසතුමෙක් මුල් තාපසතුමාට කිව්වාලු "ඔබතුමාට පේන්නේ නැද්ද ? ඒ නාගයා ඔබතුමාට දෂ්ඨ කරන්න යන්නේ. ඔය වැඩේ තවදුරටත් කරන්න බැහැ නේද ? " කියලා.

එතකොට තාපසතුමා කිව්වාලු "නාගයාගේ ගතිය තමා දෂ්ඨ කරන එක. ඒත් මගේ ගතිය තමා අනුන්ට උදව් කරන එක" කියලා.

මෙතන තාපසතුමා තමන්ගේ ජීවිතේට හානියක් වුණත් අනුන්ට උදව් කරන්න යන කෙනෙක්. අපි හැමෝටම එහෙම කරන්න අමාරුයි නේ.

ඒ වුණත් අපිට පුලුවන් හැම අවස්ථාවේදීම අපි අනුන්ගෙන් උපයා ගත්තු විශ්වාසය ආරක්ෂා කරන්න කටයුතු කරමු. ඔබට යහපතක්ම වේවි.

මේ කතාව කියන්න හිතුණේ මාධව හබරකඩ අයියා ලියපු "විශ්වාසය ගැන පොඩි කතාවක් [Repost]" කතාව කියවන්න ලැබුණාට පස්සේ. ස්තුතියි මාධව අයියා :)

Tuesday, November 9, 2010

නරක දේක තියෙන හොඳ පැත්ත.

නරක දේක හොඳ පැත්තක් තියෙනවාද ? හොඳ දෙයක් නැති නිසානේ අපි ඒකට නරකයි කියන්නේ. ඒ වගේම හොඳ දේක නරක පැත්තකුත් තියෙනවාද ? එතකොට ඒක නරකයි නම් ඒකට කොහොමද අපි කටක් ඇරලා හොඳයි කියන්නේ.

මේක අහපුවාම නිකම් අපබ්‍රංස වගේ කියලා කාට හරි හිතෙන්නේ පුලුවන් නේද ? හරියට හරි. ඒත් මට මේ වගේ දෙයක් හිතුණේ මේ ඊයේ පෙරේදා දවසක වුණු සිද්ධියකුත් එක්ක.

ඊට කලින් මේ කතාවටම එකතු කරන්න පුලුවන් තව රුවන් වැකියක් තමා "හැම දෙයක්ම වෙන්නේ හොඳටනේ" කියන එක.

ඒක ගැන කට්ටිය මොකද කියන්නේ? එහෙම කියමනක් මම දැනගත්තේ විජය පත්තරේ ගිය කතාවකින්. විජය පත්තරේ කියද්දී මතක් වුණේ මම 2008 උසස් පෙළ කරද්දිත් විජය පත්තරේ වගේම මිහිර පත්තරෙත් නොවරදවාම ගත්තා. [ඊට පස්සේ පත්තරේ ගන්න එක නැවැත්තුවා.]

අපේ පංතියේ කොල්ලෝ මට නක්කලේ දානවා
"උඹ තාම පොඩි එකා වෙන්න යනවා පොඩි එවුන්ගේ පත්තර කියවලා" කියලා.

ඒත් මම ඒ පත්තර ගෙනාපුවාම මට නක්කලේ නොදාපු එවුන් වගේම දාපු එවුනුත් පත්තරේ අනිවා කියවනවා. ඉතින් ආයි කතාවට එමුකෝ.

විජය පත්තරේ තිබුණු කතාව මෙහෙමයි. එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටිය රජතුමෙක්ගේ ඇඟිල්ලක් දවසක් කැපෙනවා වෙන් වෙන්නම දවසක්දා. හැම ඇමතියාම ඒක ගැන දුක් වෙද්දී එක ඇමතියෙක් විතරක් කිව්වාලු "හැම දේම වෙන්නේ හොඳටයි" කියලා.

මේක අහපු රජ්ජුරුවන්ට ඌරු ජුවල්ලු. ඇඟිල්ල කැපිලා වෙන්වෙලා තියෙද්දී මූ මේක හොඳයි කියනවනේ කියලා. රජතුමා හිතාගත්තලු "දෙන්නම් මුට බැටේ" කියලා.

දවසක්දා රජතුමා අර ඇමතියාට දඩයමේ යන්න එන්න කියලා මේ දෙන්නා විතරක් දඩයමේ ගියාලු. අර පරණ තරහත් හිතේ තියාගෙන හිටිය රජතුමා මේ ඇමතියාව ඒ කැලේ මායිමේ තිබුණු හෙළකින් පහළට තල්ලු කලාලු.


"තෝ මැරිලාම පලයන් මට අනම් මනම් කිව්වාට. හැමදේම වෙන්නේ හොඳටනේ. දැන් එහෙමනම් මැරියන්" කියලා.

රජතුමාට ඇමතියාව හෙළෙන් තල්ලු කරලා ටික දුරයි යන්න වුණේ නිධන් හොරු කට්ටියක් රජතුමාව අල්ල ගන්නවාලු. උන්ට නිධානයක් ගන්න බිල්ලට තියන්න අංගසම්පූර්ණ මනුස්සයෙක්ව ඕන වෙලා තියෙන්නේ.

ඉතින් රජතුමා කියන්නේ අංගසම්පූර්ණ මනුස්සයෙක් නේ හොරු සෙට් එකට මාර happy බිල්ල ළඟටම ආපු එක ගැන. හොරු ටික රජතුමාගේ ආභරණ එහෙම ගලවලා බිලි පූජාවට ලෑස්ති කරද්දිලු දැක්කේ අතේ ඇඟිල්ලක අඩුවක් තියෙනවා. පස්සේ හොරු ටික රජතුමාව නිදහස් කරාලු.

එතනින් බේරිලා එද්දී රජතුමාටත් නිකම් හිතුණාලු ඇත්ත තමා හැමදේම වෙන්නේ හොඳටනේ. අද මගේ ඇඟිල්ල තිබ්බා නම් හොරු ටික මාව බිල්ලට දීල නේ කියලා. පස්සේ රජතුමා හිතුවාලු ඇමතියා හරි තමා මම එයාව බේරගන්න ඕනේ කියලා හිතලා හෙළ ගාවට ගිහින් බලද්දී ඇමතියා වැලක එල්ලිලා ඉන්නවාලු. ඉතින් රජතුමා ඇමතියාව ගොඩට ගත්තාලු.

පස්සේ තමන්ගේ අතින් වුණු දේ ගැන රජතුමා ඇමතියාට තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරද්දී ඇමතියා කිව්වාලු. "දේවයන් වහන්ස, ඒකත් වුණේ හොඳට නේ. බැරිවෙලාවත් එහෙම නොවී මාත් ඔබ වහන්සේ එක්ක ගියා නම් හොරු මාව බිල්ලට අරන් නේ" කියලා.

ඉතින් ඔහොමලු "හැමදේම වෙන්නේ හොඳටයි" කියන කතාව භාවිතයට ආවේ.

ඉතින් මම දැන් මට වුණු සිද්ධිය කියන්නම්කෝ. මේ වගේ ඒවා මට හිතුණේ මම අන්තිමට දාපු "අපගේ බලවත් ශෝකය" කියන post එකට Anonymous කෙනෙක් දාලා තිබුණු comment එකක් නිසා.

ඒකේ තිබුණේ මෙහෙමයි.

"ane p*****a miinissunawa erawattla blog ekata katttiya genna ganna epa k****o...uba h----- eka l----- kanwada k****a....padue hitapn...p****a athal dhenne nathuwa"

මේක දාලා තිබුණේ පෙරේදා හැන්දෑ වරුවේ. මේක දැක්ක ගමන් හසී අයියා මේක ගැන කියලා මට message එකකුත් එවලා තිබුණා. ඒ වෙලේ මම නිදි. මොකද හසී අයියා message එක එවලා තිබුණේ 9 ට විතර වගේ. මම උදේ message එක දැක්කාම blog එකට ගිහින් බැලුවා මොකක්ද මේ ඇනෝ කියලා තියෙන්නේ කියලා.

ඒකට හසී අයියත් හොඳ උත්තරයක් දීලා තිබුණා.

"කවුරුවක්වත් රවට්ටන්න අපිට ඕනි කමක් නෑ... අපි අපේම හසී සහෝදරීට සුභ පතපු එකයි කලේ....ඒක අපේ වැඩක්....ඒ වගේම යුතුකමක්‍‍...තමුන්ගා වගේ ජාතියක් ජන්මයක් නැතිවුන්ට කොහෙද ඉතිං සහෝදර බැදීමක්..... අපි ගැන දන්න අය තමයි අපේ බ්ලොග්වල කමෙන්ට් දැම්මේ..දාන්නේ...නිකන් වලිගේ පාගන් උඩ පනින්න එපා.... උඹේ කොන්ද පණ නෑ කියලා දන්නවා ඇනෝ කමෙන්ට් දානකොටම....අපි අපේ වැඩක් බලාගන්නම්...උඹ නිකන් උඩ පැනලා නහින්නේ නැතිව හිටියොත් හොදයි නේද..."

මට ඇත්තටම ඒ වෙලේ comment එකක් දාන්න හිතුණේ නැහැ. ගැමුණු කුමාරයා උණුවෙන් හුණුසාල් බත් කන්න ගිහින් අත පුච්ච ගත්තලුනේ. මටත් හිතුණා උණු උණුවේ අත දැම්මොත් අත පිච්චෙනවා ඒක නිසා හිමින් සැරේ ගේමට බහින්නම්කෝ කියලා.

පස්සේ ඊයේ දවසත් ගෙවිලා ගියා. මම ඊයේ වැඩ වගේකට මීගමු ගියා. ඉතින් bus එකේ එනකම් යනකම් පැය 2 ක් නිකම්ම තමා ගියේ. මට සාමාන්‍යයෙන් හොඳ හොඳ ideas එන්නේ bus එකේ යද්දී. ඉතින් මීගමු ගිහින් ආපහු එන පැය 2 දී මට හිතුණා මෙහෙම comment කළොත් වගේම post එකකුත් ලිව්වොත් හොඳයි කියලා.

අන්තිමට ඉතින් මේක තමා මගේ අතින් ලියවුණේ........

අන්තර්ජාලය කියන්නේ facebook කියන්නේ ගෝනි බිල්ලෙක් මිනිස්සුගේ ඔළු අවුල් කරනවා, ළමයි විනාස කරනවා කියලා මතයක් අද වෙද්දී සමාජයේ හුඟාක් අය අතර ගොඩනැඟිලා තියෙනවා.

ඒ වුනත් ඒක එහෙම නෙමෙයි කියන්න හසී පවුල කියන එක උදාහරණයක් විතරයි. හසී පවුලේ කට්ටිය එකට එකතු වෙලා මුහුණට මුහුණ හමුවෙලා නැතත් එකම පවුලේ සහෝදර සහෝදරියන් වගේ ඉන්නවා කියන එක කියන්න ඕනේ.

ඒක ඇතිවුණේ මේ සිංහල බ්ලොග් අවකාශය නිසා, facebook එක නිසා. ඒ නිසා අපේ සහෝදරයෙක්ගේ, සහෝදරියක්ගේ උපන් දිනයකට සුභ පතන එක වෙනත් විදිහට අර්ථ ගන්වන්න යන අය ගැන ඇත්තටම කණගාටුයි

කොහොම වුනත් මේ ඇනෝගේ ප්‍රතිචාරය මම අයින් කරන්නේ නැහැ. ඒ මට ඕනේ කරන ප්‍රතිචාර විතරක් දමාගන්න මම blog එකක් කරනවා නම් ඒක ඒකාධිපති සොබාවයක් ගන්නවා කියලා මට හිතෙන නිසා

ඒ මොනවා වුණත් ගැටළුවක් තියෙනවා නම් විරුද්ධත්වයක් තියෙනවා නිර්නාමිකව ඇවිල්ලා කුණුහරුපයක් දෙකක් කියලා යන එක වීරකමක් කියලා මේ ඇනෝ හිතනවද දන්නේ නැහැ. කොහොමත් ඒ ජාතියේ අයගේ හැටි ඔහොම තමා. කොහොමත් මේ වගේ කට්ටිය හැංගිලා ඉදලා තමා ගේම් දෙන්නේ.

මහා රණශූර ජුලියස් සීසර්ටත් කිණිස්සෙන් ඇන්නේ පිටිපස්සෙන් ඉදලා. ඒ මුහුණ මුහුණ ඉදන් එහෙම දෙයක් කරන්න හයියක් නොතිබුණු නිසා. එහෙම දෙයක් කරලා ඒ කට්ටිය fun එකක් ගත්තා සීසර්ටත් අපි බැටේ දුන්නා කියලා. ඒත් අන්තිමට ඒ හැමෝටම වුණේ මියයන්න.


ඒ වගේ මේ ඇනොත් හැංගිලා ගේම් දීලා simple fun එකක් ගත්තාට එයාට වැඩ වරදින දවසකුත් එනවා කියන එකත් මතකයේ තබාගත්තොත් හොඳයි කියලයි මට හිතෙන්නේ.

ඒක කාගේවත් නීතියක් නෙමෙයි සොබාදහමේ නීතිය.

කොහොම වුනත් හැමදේම වෙන්නේ හොඳටයි කියලා සාමාන්‍යයෙන් මම හිතන නිසා මේ තර්ජනයේ තියෙන හැංගුණු හොඳ මොකක්ද කියලා මම හිතද්දී මට හිතුණේ මෙන්න මේකයි.

මීට කලින් අදහස් දක්වපු විපුල මහත්මයාත් [මම හිතන විදිහට විපුල සුමනසේකර] කිව්වා

"හැබැයි ගොයියො මේවා කියවන්ට යන කාලේ ගැන ටිකක් දුකයි... තරහාවෙන්න එපෝ.... "

ඒ වගේම ඇනෝ කියන විදිහට

"ane p****** miinissunawa erawattla blog ekata katttiya genna ganna epa k*****..."

මේ කතා දෙකෙන්ම මට හිතුණේ බ්ලොග් කියවන අය ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා මගෙන්.

ඇත්තටම මේ දවස් ටිකටම හසී අයියගෙයි, හසී අක්කගෙයි උපන් දින සුභ පැතුම් ඇරෙන්නේ වෙන මොකවත් මම ලියලා නැහැ. එතකොට මේ වගේ දේවල් වෙන්නත් පුලුවන් නේද කියලා මට හිතුණා.

මේ වගේ දෙයක් වුනේ මම අළුත් blog එකක් පටන් ගත්ත එකෙන්. ඒක ගැන මම කට්ටියට කිව්වානේ.

http://eatuwawa.blogspot.com/

ඉතින් ඒකට post එකක් ලියද්දී ඒවාට ටික කාලයක් මිඩංගු කරන්න වෙනවා. ඒක නිසා ආගිය කතාවට තිබුණු අවධානය අඩුවුනා කීයලා කිව්වොත් නිවැරදියි.

ඒක නිසා ඉස්සරහට මේ වගේ හුටපට නොවෙන්න blogs දෙක ගැනම සමානව අවධානය යොමු කරලා කටයුතු සිද්ධ කරන්න මම බලාපොරොත්තු වෙනවා කියලා කියන්න කැමතියි. එතකොට ඔක්කොම හරි නේ.

එහෙම නම් අළුත් කතා එක්ක හමුවෙමු.

http://aagiyakatha.blogspot.com/


ප.ලි.: මේ කතාවේ ආදර්ශය

හොඳින් බලන්න. කරුණෙන් කරුණ විමසමින් බලන්න. නරක දේක වුවත් සැඟව ඇති හොඳක් ඔබට සොයා ගැනීමට හැකිවේවි. [මේක හොඳ දේකට කොහොම වෙයිද දන්නේ නැහැ. මට අත්දැකීමක් හම්බුණු දවසකට කියන්නම් ඔයාලටත් :))]

ප.ප.ලි.: මේ post එක නිසා තව හොඳක් වුණා. විජය පත්තරේට link එක දාන්න නිකමට වගේ Google එකේ search කරද්දී දැක්කේ විජය පත්තරේ අන්තර්ජාලෙටත් එකතු කරලා තියෙන වග. ඒ කියන්නේ ඉස්සරහටත් මට විජය පත්තරේ කියවන්න ලැබෙනවා කියන එක.

ප.ප.ප.ලි.: ඇනෝගේ comment එක මම delete කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටියත් හසී අයියා අද උදේ එවපු message එකක් නිසා ඒ තීරණේ මම වෙනස් කළා. අපේම සහෝදරියක් වගේ ඉන්න හසී අක්කාට ඒකෙන් යම් අපහාසයක් වෙනවා නම් ඒකට පිළියම් යොදන එක මගේ යුතුකමකටත් වඩා වගකීමක් වෙන නිසා.......

Saturday, November 6, 2010

෴ අපගේ බලවත් ශෝකය !!! ෴

සමාවෙන්න ඕනි අද කෂ්ටියට උදෙන්ම ගොඩාක් ශෝකජනක සිද්ධියක් කියන්න වෙන එක ගැන.ඒත් මේක නොකියා කෝමද...හිතේ තියෙන දුක කෂ්ටයත් එක්ක බෙදාගන්න හිතුනා.හිතේ තද කරන් දුක් විදිනවට වඩා හොදයිලුනේ කාට හරි කියලා හිත සනසා ගන්න එක.

අපි අතර සිටි "ඇය".........හ්ම්ම්ම්ම්ම්ම්......

කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද මන්ද.....හිතාගන්න බෑ....හීනයක් වගේ......

ඇය අපිට හමුවුනේ අපේ වාසනාවටද මන්ද....අපි හමුවුන විදිහ හරිම පුදුමයි.හිතාගන්න බෑ.ඇත්තම කිව්වොත් අහම්බෙන් වගේ.....

අපිට බනින්න...කෑගහන්න....අපේ වැරදි පෙන්නන්න....විහිළු කරන්න...බයිට් කරන්න......බයිට් වෙන්න (වැඩිපුරම)....රණ්ඩුවෙන්න....අපිව හිනස්සන්න....අපේ දුක බෙදාගන්න....මේ හැමදෙකටම අපි ලගින්ම හිටියේ ඇය......

ඇත්තටම අපි සමග සිටි ඇය ගැන නම් පුදුම දුකක් දැනෙන්නේ....ඒ දුක කියන්න බැරි තරම්.....බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ටත් මේක ඇත්තටම දරාගන්න අමුරුයි කියලා අපි දන්නවා.ඒත් මේක තමයි අපේ ජීවිතේ.......අපි ඒකට මුණ දෙන්න වෙනවා....

කවුද ඇත්තටම මේ ඇය....

වෙන කවුරුත් නෙවේ ඇය අපේම කෙනෙක්....මෙන්න මෙතනින් ගිහින් "ඇය" කවුද කියලා බලන්නකෝ.......

දැන් දන්නවනේ කට්ටිය....ඇය හරියට මල් කුමාරියක් වගේ....ඒත් මොනාකරන්නද....මේක තමයි අපි හැමෝටම උරුම දේ.....

ඉතිං ඇයට මොකද වෙලා තියෙන්නේ....?

ම්ම්ම්ම්ම්ම් ඇ...ඇය.... අනේ මන්ද මේවා කොහොම කියන්නද කියලා හිත හදාගන්න බෑ.....

කවදා හරි මේක දැනගන්න වෙනවනේ...ඔන්න එහෙනම් කියන්නම්.....මොනා කරන්නද ඉතිං දුකයි කියලා.....

ඒ තමයි ඇය....ඇය.....තව අවුරුද්දකින් වයසට යනවනේ....

මොකක්.....!!!!

ඔව් ඔව් අද එයාගේ උපන්දිනේ.....ඉතිං දුක නැද්ද අප්පා.....මේ මල් කුමාරි වගේ ඉන්න අපේ මේ හසී (හසී කෙල්ල) තව අවුරුද්දකින් වයසට යන එක ගැන....ඇත්තටම හරිම දුකයි.....(දැනටත් අවුරුදු 80ක් විතර වෙනවා මයේ හිතේ‍‍‍‍...මේකප් එකෙන්නේ ඔය අවුරුදු 40ක විතර පෙනුම අරන් තියෙන්නේ.....)

ඒත් ඉතිං කොච්චර දුක වුනත් ඒක සමරන්න එපායෑ...නැතිනම් දුකෙනුත් වැඩක් නෑනේ......

ඔන්න ඉතිං අපේ "හසී ෆැමිලි" එකේ සෙට් එකයි....ඇයි අනේ මේ එස්.බී.යු. හෙන සෙට් එකයි.... කෂ්ටයම එකතුවෙලා අපේ හසීට හදවතින්ම සහ බොක්කෙන්ම සුභම සුභ උපන්දිනයක් වෙන්නත්, හිතන පතන සියළුම දේ ඒ විදිහටම වෙන්නත්, හිතේ සතුට රැදෙන්නත්, ජීවිතය සාර්ථක වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා...

එහෙනම් ඔන්න අපේ හසීට සුභ පතන්න කෂ්ටිය අමතක කරනවා එහෙම නෙවේ ඕන්...නැතිනම් දුක හිතෙයි එයාට...

කේක්...?? ඉතිං අපෙන් ඉල්ලන්නේ....එයාගෙන්ම ඉල්ලගන්න....
දෙයි දෙයි කෂ්ටියට කේක් එයාම හදලා දෙන්න ඕනි කියලා ඔන්න දැන් මාස ගානක ඉදන් එයා කුකරි ක්ලාස් එකකටත් ගියා......


කෝ කෝ කෂටිය චියර් එක්ක දෙන්න අපේ එසී කෙල්ල කේක් එක කපන්න යන්නේ......එහෙනම් ඉතිං කෂ්ටිය එකතු වෙලා කියන්නකෝ....

(හෙමින් පිඹින්න හසී කෙල්ලේ....නැතිනම් ඉටි පන්දම් නිවෙන එක කෙසේ වෙතත් ඔයා පස්සට විසික්වෙයි...අර නිව්ටොන් අයියගේ කොල කොල දේ පල පල දේ තියොරිය තාමත් මතක ඇතිනේ......)



හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් හසී කෙල්ලේ......
හැපි බර්ත් ඩේ ටූ යූ
.....





ෂා නියමයි....ඔය තියෙන්නේ......

එහෙනම් අපේ හසීට අපි ආයෙත් සුභ පතන ගමන් එයාගේ ගෙවල් පැත්තට යන්න සෙට් වෙමු....අද එහෙ පාර්ටි එකක්ලුනේ....ඔව් ඔව් කන්න බොන්න බැරිනම් නාන්න වුනත් දෙන්නම්ලු......එහෙන්ම කෂ්ටිය තෑගි බෝග අරන් ඒ පැත්තට යමු......අපිත් එක්කම යන්න පුළුහන්නේ.....නඟින්නකෝ මෙහෙන්ම ලොරියට....නෑ නෑ ලොරියක් කිව්වට මේක හෙන දිග කන්ටේනර් එකක්...කෂ්ටියටම යන්න හැදුවේ....කෝ කෝ ඉක්මන් කරන්න....ඔන්න එහෙනම් අපි ගියා......


උදේ සුපිපුණු මලක් බදු
ළපටි අත පය හූඟක් මුදු
අම්මා හරි ආදරෙන් හැදු
අපේ නංඟිගේ නමයි සුදු.....





අපි
හසී පවුලේ සාමාජිකයෝ
(ඔබේම නිවුන් සහෝදරයෝ)