![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9LU2NaEhLtXRcTk6z7qWDwfiIEG02bYWj_TaZyhZvj8yokmq71f1c_Ve4pCUjHHT0lP5g8WMkRiqnmSUS9F9eragzeHnJyJwfAVd5ZwFgFQF5rllWWFljZ05n652uZjKx4_gwPuDu/s400/Fear.jpg)
එදා වෙනදා වගේම හොඳට ඉර පායපු දවසක්. එදා උදේම මට පන්සලට යන්න වුණා දහම් පාසලේ වැඩ වගයක් ගැන පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරන්න. පොඩි හාමුදුරුවොයි මායි කතා කර කර ඉද්දී තමයි නායක හාමුදුරුවෝ මට කතා කලේ. ඒ වෙලේ ආවාසේ ගාව මිදුලේ පොලිස් ජීප් එකත් නවත්තලා මීගහවත්ත පොලීසියේ රාළහාමිලා දෙන්නෙකුත් හිටියා.
මොකක්ද හුටපටේ කියලා හිතන්න කලින්ම නායක හාමුදුරුවෝ කිව්වා
"හසිත, ගෝල්ඩන් එකේ පිට්ටනිය ඉස්සරහ පාරේ කට්ටිය දිවියෙක්ව අල්ලගෙන ඉන්නවා. මේ පොලීසියේ රාළහාමිලාට එතනට යන්න පාර පෙන්නන්න" කියලා.
නයි කයිද රෝස් පාන් කිව්වලු. දිවියෙක් ???? අපේ ගමේ. ලංකාවට තිබුණු කොටි ප්‍රශ්නේ ඉවර වුණු ගමන් සියඹලාපෙට දිවි ප්‍රශ්නේ.......
"හරි එහෙම නම් රාළහාමිලා මගේ පිටිපස්සෙන් එන්න" කියලා මම ආපු මෝටර් බයික් එකට මම නැග්ගා.
පොලිස් ජීප් එක මගේ බයික් එක පිටිපස්සෙන් එනවා. මාත් බයික් එකේ උත්සවවල පෙර ගමන් යන බයික් එකක් වගේ ඉස්සරහින් යනවා.
මට කියන්න අමතකත් වුණා. ඒ වෙලේ මම හෙල්මට් දාලත් නෙමෙයි හිටියේ. කොහොමද ඒක :))
හොඳම කතාව මම කලින් දවසකත් කිව්වා වගේ "මට ලයිෂනුත් නැහැ, බයික් එකට ලයිෂනුත් නැහැ" කොහොම වුණත් ගමට දිවියෙක් ආවා කියපුවාම ඕවා වැඩක් තියෙනවාද.
ජාතික අවශ්‍යතාව වෙනුවෙන් සමාවෙන්න ග්‍රාමීය අවශ්‍යතාව වෙනුවෙන් අපි කැපවෙන්න ඕනේ නේ :)
හාමුදුරුවෝ කිව්ව පිට්ටනිය ඉස්සරහ පාර ගාවට යද්දී පාර දෙපැත්තේ සෙනඟ සූ ගාන්න. පාර දිගේ ඉස්සරහට යන්නත් බැහැ. ඒ තරමට සෙනඟ දිවියා බලන්න ඇවිත්. පොලිස් ජිප් එකත් එක්ක ආපු නිසා මාත් ගියා ඉස්සරහටම.
ගිහින් බැලුවාම හිටිය දිවියා මෙන්න................
බළලෙක්ට වඩා ලොකු, බල්ලෙක් සයිස් මුට කියන්නේ හඳුන් දිවියා කියලාලු. මම හිතුවේ සිරාවටටම පෙරිය සයිස් දිවියෙක් කියලා. මෙන්න මේ වගේ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFM6L9R8YvZ-7WpsO2c9HIxiRDPZp97Q7RtuTpgZTVPwwjUv2bbHS2uguzQgWsI9FMYTKXn6w60yUp1hrxP6hVilkDJFR9x_ghPOKT1IchAowD8ZWmQ-uyEbW-9ce-GtIzjpOVgw_Z/s400/2vi102a.jpg)
මාත් ගෙදර ගිහින් ඉක්මණට කැමරාව අරන් ආවා photos දෙක තුනක් ගන්න. ගමේ මිනිස්සු ටික මේ සතාට දුන්නු වදයක්. කකුල් හතරම බැඳලා, කටත් බැඳලා තිබ්බේ හරියට හෙණ කොටියෙක් අල්ලලා වගේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2mq-F5aFJo-mhSEe6OmqLpQaz3fxrpsf8Bt6Ie9adZkdfp0VsBNIsJvUhYaq7qDwW1q6-n2l9Ojl1Ir8cEheWn1uxDzr6loDjVFqMYeBK3sLUqRTyTFEjY8iKHA8wZMNQOms0Fuz9/s400/223754_2281736250793_1470435034_2599525_6330344_n.jpg)
ඒ අස්සේ ගොන් ජොකියෙක් මුගේ වලිගේ අල්ල අල්ල කියනවා "කොටි වලිගේ ඇල්ලුවා කියලා කියමනක් තියෙන්නේ. ඔන්න මම කොටි වලිගෙකුත් ඇල්ලුවා" කියලා.
තව සමහරුන්ට සිහිය ස්වර්ණවාහිනියට කියන්න අටපට්ටමට කියන්න. කියලා ටීවී එකට මූනත් තහඩුව දාගන්න. තව සමහරුන්ගේ කතාව දෙහිවල සත්තු වත්තට ගිහින් මූව බාරදෙන්න.
එතන ඉන්න කාටවත් පොලිසියෙන් කිව්වා වගේ සතා අතාරින්න උවමනාවක් නැහැ. එතන හිටිය පණ්ඩිතයොත් එක්ක ඕවා කතා කරන්න මම ගියේ නැහැ. මම ගෙදර එන්න ආවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4LKnVEXvqWDQqpVtQcpWfaX0ltDqRYOQu49pzNJrwBydq_pbYqbSe6bwV5asK3z2echjmrQB8zrjCOtXiFGeodn2Kmp7naMGLi7HpW-to2FRrjX8Slxu4ifQxqqiBwPFonKZ4LgqC/s400/251439_2281733410722_1470435034_2599523_7528557_n.jpg)
මේ වගේ සත්තු හම්බුණාම ගොන් පාට් නොදා කරන්න ඕනේ දේ ගැන මිනිස්සුන්ගේ දැනුවත් බවේ තියෙන අඩුව නිසා නිරපරාදේ සත්තු මැරෙනවා.
සත්තු වත්තට ගිහින් දෙන එක ඒ වෙලේ කිව්වාම කෙනෙක් කිව්වේ "එයාලගේ වත්තෙන් නයෙක් අල්ලලා ඌව සත්තු වත්තට ගිහින් දුන්නට සතයක්වත් හම්බුණේ නැහැ. ඒ වැඩෙන් වාහනේ ඩීසල් ටිකයි වෙලාවයි තමා නාස්ති වුණේ" කියලා.
මේ ගැන නිසි අවබෝධයක් දෙනවා නම් සතුන්ගේ ජීවිතත් පරිස්සම් වෙයි.
වැඩිදුර හඳුන් දිවියෝ ගැන කියවන්න ඕනේ නම් පත්තරේක ගිය හඳුන් දිවියෙක් ගැන කතාවක් මෙන්න
ප.ලි.: දිවියෝ ඇල්ලුවා කියලා පොඩි සයිස් හඳුන් දිවියෝ අල්ලන එක වගේ නෙමෙයි. මේ නම් රියල් වැඩක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKwCJO4mI5lnH-JNF-RF7ws0RHOwf6Qa7AE4i-tbdEMNHfYy3nYr2YSOd-6MplZMO-DVpMSVqPvKzp5niLhrxiTj82ZA50bX594ym6_zSEhKvqg-SumlJHv9i6qO4rjc5f_ZGtfTDc/s400/184144_10150246895570356_625085355_7791823_5100629_n.jpg)
ලෝකේ විසකුරු සර්පයන්ගෙන් 7 වෙනියට තමා මූ ඉන්නේ. කොහොමද මේක ????
වැඩිදුර කියවන්න තිත් පොළඟා ගැන අපේ බ්ලොග් සහෘදයෙක් වෙන ප්‍රියන්ත අයියා ලියපු ලිපියක්