
Campus එක ඉස්සරහ මේ සෙනසුරාදා ඒ කියන්නේ 14 වෙනිදා එල්ෆින්ස්ටන් හි නරි බෑනා සහ ජසයා ලෙන්චිනා කෝලම පෙන්නනවා කියලා poster එකක් ගහලා තිබ්බා. මේ දවස් ටිකේම එක දිගට වැඩ ගොඩ ගැහිලා ඒවා කර කර ඉදලා busy වෙලා හිටිය නිසා මම හිතුවා මේක බලන්න යන්න.
ඉතින් තනියෙන් යන්නත් බැහැනේ. Campus එකේ ඉන්න මගේ හොඳම යාළුවෙක්වත් set කරගෙන මම ගියා stage drama එක බලන්න. හැන්දෑවේ 3.30 ට තමා drama එක පටන් ගත්තේ. Tickets ගන්න ගියාම දැක්කා රු.1000, 500, 200 කියන ගණන්වලට tickets තියෙන බව. අපිට කොහෙන්ද රු.1000 tickest ගන්න සල්ලි. ඒක නිසා රු.200 tickets තමා අපි ගත්තේ

රු.200 ticketsවලට තිබ්බේ බැල්කනිය. සාමාන්‍යයෙන් film එකක් බලන්න ගියොත් බැල්කනි එකේනේ ගාණ වැඩි. ඒත් Stage Drama එකක් බලන්න ගියාම බැල්කනිය තමා ගාණ අඩුම :)
පස්සේ බැල්කනි එකට වෙලා වාඩි වෙලා ඉද්දී මම දැක්ක දෙයක් තමා හුඟක් අම්මලා තාත්තලා තමන්ගේ දරුවොත් එක්ක මේ නාට්‍ය බලන්න ඇවිත් හිටිය එක. හුඟක් පොඩි ළමයි එහෙමත් ඇවිත් හිටියා.
උදේ පාන්දර ඉස්කෝලේ ගිහින් හැන්දෑවට tution class යන ඒත් නැත්නම් රූප පෙට්ටිය ඉස්සරහට වෙලා කාටූන් බලලා ඊටත් පස්සේ මළ ගෙදරයි අරවයි මේවායි බලන පොඩි එවුන්ව මේ විදිහට හරි හොඳ රස වින්දනයකට හුරු කරන එක ඇත්තටම වැදගත් දෙයක් නේ.

ඇත්තටම නාට්‍ය පටන් ගත්තාට පස්සේ අපිටත් වඩා ඒක රස වින්දේ ඒ පොඩි ළමයි ටික. ඒ කට්ටියගේ කතා බහින් ඒ වගේම හිනා වෙන ඒවායින් මට නම් හිතුණේ රූප පෙට්ටියේ දකින විකාරවලට වඩා මේ නාට්‍ය බලලා ඒ පොඩි ළමයි ඇත්තටම සතුටු වුණා කියලා.
අන්තිමට නරි බෑනා නාට්‍යයෙන් පස්සේ ජසයා ලෙන්චිනා කෝලම පෙන්නුවා. ඒකට නම් එච්චර අය හිටියේ නැහැ. මොනවා වුණත් කෝලම් කියන්නේ ලංකාවේ තියෙන ගැමි නාට්‍ය සම්ප්‍රදායක්. ඒවා අභාවයට යන්නේ නැතිව ආරක්ෂා කරන වගකීම අපි සතුවයි තියෙන්නේ. අන්තිමට නාට්‍යය අවසන් වෙලා ගෙදර යන්න එලියට බැස්සේ වෙනදාට වඩා හොඳ හිතකින්

හොඳ රස වින්දනයක් තියෙන වැඩකට ආවා කියන සතුටු සිතෙන්. ඔයාලත් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක වේදිකා නාට්‍යයක් බලන්න යන්න, චිත්‍ර, ඡායාරූප ප්‍රදර්ශනයක් බලන්න යන්න, හොඳ මට්ටමේ film එකක් බලන්න යන්න. හැමතිස්සේම පොතට හිරවෙලා ඉන්නේ නැතිව ඒ වගේ දේක නිරත වෙන එක නම් හරියට වටිනවා. ඒක තමා ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න මග.
ප.ලි.: මම ඊළඟට බඹර වළල්ල film එක බලන්න යන්න ඉන්නේ. හුඟක් අය කියනවා හොඳ film එකක් කියලා. ඉතින් ගිහිල්ලාම බලන්න ඉන්නේ.

http://bambarawalalla.com/