එකෝමත් එක කාලෙක [කොයි කාලෙද කියලා අහන්න ඔට්ටු නෑ] එකෝමත් එක රටක [ ඒක නම් ඔන්න ඕහේ ලංකාව කියලත් හිතා ගත්තට කමක් නැහැ] රජතුමෙක් හිටියා.
රජතුමා ඒ රටේ තිබුණු සල්ලි ඔක්කොම කොටස් වෙළෙඳ පොළටයි, වරායවල් වගේ දේවල් හදන්නයි, ක්‍රිකට් පිට්ටනි හදන්නයි වගේ දේවල්වලට වියදම් කරලා තිබුණේ. අතේ මිටේ සල්ලි නැති නිසා රටේ තිබුණු නිධන් ටිකත් කඩලා ගාණක් හොයාගෙන තිබුණත් රෝල ගෙනියන්න රජතුමා අතේ සල්ලි නැහැ. ඒක නිසා රජතුමා බැලුවා හොඳ සල්ලි තියෙන කාව හරි මරාගෙන ඒ වස්තුව අත්පත් කරගන්න.
ඉතින් රජතුමාට මීටර් වුණා පරම්පරාවෙන් හෙණටම ඉඩ කඩම් හිමිවෙලා තියෙන ඒ වගේම සල්ලි භාගේ තියෙන නායක හාමුදුරු කෙනෙක් ගැන.
රජතුමා හාමුදුරුවන්ව මාළිගාවට වැඩම කරවලා කිව්වා "හාමුදුරුවෝ ලවා මට විසඳාගන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ඔබ වහන්සේගේ දැන උගත්කමෙන් මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් හොඳයි. ඒ නැත්නම් ඉතින් මට කරන්න සිද්ධ වෙන්නේ ඔබ වහන්සේගේ වස්තුව රාජ සන්තක කරලා හිස ගසා දාන එක තමා" කියලා
ප්‍රශ්න 4 තමා මේවා
මහ මුහුද කොච්චර ගැඹුරුද ?
මහ පොළොවේ හරි මැද කොතනද ?
අහසේ තරු කොච්චර තියෙනවාද ?
මගේ හිතේ [රජතුමාගේ] තියෙන්නේ මොනවාද ?
මහ මුහුද කොච්චර ගැඹුරුද ?
මහ පොළොවේ හරි මැද කොතනද ?
අහසේ තරු කොච්චර තියෙනවාද ?
මගේ හිතේ [රජතුමාගේ] තියෙන්නේ මොනවාද ?
ප්‍රශ්න 4 අහපුවාම නායක හාමුදුරුවන්ට තේරුණ මේ නම් තමන්ව මරලා වස්තුව ගහන්න රජතුමා ගහපු ගැටයක්ම තමා කියලා.
පස්සේ රජතුමා කිව්වා "ඔබ වහන්සේට දවස් 7 ක් දෙනවා මේවාට පිළිතුරු සූදානම් කරගන්න. අටවෙනි දවසේ ඇවිත් ඔබ වහන්සේ මට උත්තර දෙන්න ඕනේ" කියලා.
ඉතින් නායක හාමුදුරුවොත් පන්සලට ආපහු වැඩම කරලා බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. දානේ ගන්නෙත් නැහැ. හරිම අවුල්. මේ පන්සලේ හිටිය නායක හාමුදුරුවන්ගේම වයසේ හිටිය ඇබිත්තයෙක්...
ඉතින් හාමුදුරුවන්ගේ එක තේරුණු නිසා බලන් ඉන්න බැරිම තැන ඇහුවා මොකද නායක හාමුදුරුවනේ ප්‍රශ්නේ කියලා. පස්සේ ඉතින් නායක හාමුදුරුවෝ රජතුමා තමන්ව අහු කරගන්න යන උගුල ගැන කිව්වා.
ඒක ඇහුවාම ඇබිත්තයා කිව්වා "අයියෝ හාමුදුරුවනේ ඕකට උත්තර දෙන එක නම් එච්චර ප්‍රශ්නයක් නෙමෙයිනේ. එදට ඔබ වහන්සේ විදිහට මාව මාළිගාවට යවන්න මම වැඩේ කරලා එන්නම්" කියලා
ඉතින් හාමුදුරුවොත් ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ එදා උදේ ඇබිත්තයාගේ හිස කෙස් බාලා වටාපතක් අතට දීලා මූණ වහගන්න කියලා ඇබිත්තයාව මාළිගාවට යැව්වා.
රජතුමාත් ඉතින් අද නම් හාමුදුරුවන්ට වැඩේ හරි කියලා සන්තෝසෙන් "හාමුදුරුවනේ මගේ ප්‍රශ්න 4 ට උත්තර දීලා ඔබ වහන්සේගේ ජීවිතෙයි වස්තුවයි දෙකම බේරගන්න" කියලා.
මුල්ම ප්‍රශ්නේ ඇහුවා "හාමුදුරුවනේ මහ මුහුද කොපමණ ගැඹුරුද ?" කියලා
හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කියනවා "රජතුමනි, මූදට බැස්ස තැනම පතුල තෙමෙන තරම් ගැඹුරුයි ටිකක් එහාට යනකොට දණක් වතුර ගැඹුරුයි. ඊටත් එහාට යනකොට උකුළක් වතුර ගැඹුරුයි. ඊටත් එහාට යනකොට තන මත්තක් ගැඹුරුයි, ඊටත් එහාට යද්දී කර වටක් ගැඹුරුයි. ඊටත් එහාට යද්දී පොව්වනේ නැති තරමට ගැඹුරුයි. ඕක තමා හරියටම මහ මුහුදේ ගැඹුර" කියලා.
රජ්ජුරුවන්ට කියාගන්න දෙයක් නැහැ. හා හොඳයි කියලා ඒක පිළි අරගෙන ඇහුවා දෙවෙනි ප්‍රශ්නේ "මහ පොළොවේ හරි මැද මොකක්ද?" කියලා.
හාමුදුරුවෝ වගේ හිටිය ඇබිත්තයා කළේ අතේ තිබුණු හැරමිටියත් අරගෙන එහාට මෙහාට ගිහින් එක තැනකට හැරමිටියෙන් ඇනලා "මෙන්න මෙතන තමා මහ පොළවේ හරි මැද, බොරු නම් බිම් මනින්නන් දාලා මන්නවලා බලන්න" කියලා.
රජතුමාට ඒකට දෙන්න උත්තරයක් නැහැ. ඒකත් හා කියලා පිළි අරගෙන ඇහුවා තුන්වෙනි ප්‍රශ්නේ "අහසේ තාරකා කීයක් තියෙනවාද?" කියලා.
හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කිව්වා "රජතුමනි, අහසේ තාරකා නව කෙළ හැට ලක්ෂ තිස් තුන්දාස් නවසිය අනූ අටක් තියෙනවා. සැක නම් රාජ පුරුෂයන් දම්මලා ගැනලා බලන්න" කියලා.
රජතුමාට දෙන්න උත්තරයක් නැහැ. රජතුමාත් ගොනානේ නැත්නම් මේ වගේ ගොන් ප්‍රශ්න අහනවාද :))
පස්සේ රජතුමා ඒකත් හා කියලා පිළි අරගෙන ඇහුවා අන්තිම ප්‍රශ්නේ "මගේ හිතේ තියෙන්නේ මොකක්ද?" කියලා.
එතකොට හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කිව්වා "රජතුමාගේ හිතේ තියෙන්නේ මේ නායක හාමුදුරුවෝ කියලා. ඒත් මම නායක හාමුදුරුවෝ නෙමේ. පන්සලේ ඉන්න ඇබිත්තයා. හාමුදුරුවන්ට උදව්වක් විදිහට තමා මම ආවේ කියලා" කියලා.
රජතුමා පස්සේ බොහොම සතුටු වෙලා රජතුමා උපදේශක පට්ටමක් ඇබිත්තයාට දෙන්න ලෑස්ති වුණා [ඇබිත්තයගේ මීටරේ හොඳයිනේ. ඉස්සරහට හොඳ හොඳ වැඩ ගන්න පුලුවන් නේ උපදේශකයෙක් කරගත්තාම] ඒත් ඒකට ඇබිත්තයා කැමති වුනේ නැහැ.
"පන්සලේ ඉන්න නිස්කලංක ජීවිතේ තමන්ට වටිනවා" කියලා ඇබිත්තයා කිව්වා. පස්සේ රජතුමා ලෝභකම් අත ඇරලා පන්සලට තව ගම් වරයක් පූජා කළා.
ඊට පස්සේ හැමෝම සතුටෙන් ජීවත් වුණාලු :)
ඊට පස්සේ හැමෝම සතුටෙන් ජීවත් වුණාලු :)
ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ මේකට තමා
ප.ලි.: අද කාලේ වුණත් වස්තු තණ්හාසෙන් ගොන් ප්‍රශ්න අහලා විතරක් නතර නොවී ගොන් වැඩත් කරන ගොනාටත් අපහාස කරන හැමෝටම මේ කතාව ආදර්ශයක් වේවි
ප.ලි.: අද කාලේ වුණත් වස්තු තණ්හාසෙන් ගොන් ප්‍රශ්න අහලා විතරක් නතර නොවී ගොන් වැඩත් කරන ගොනාටත් අපහාස කරන හැමෝටම මේ කතාව ආදර්ශයක් වේවි




















































