අන්තර්ජාලයේ හෝ වේවා වෙන මාධ්‍යයක හෝ වේවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු රදළ ප්‍රධානීන්ගේ ඡායාරූපය කියලා මේ ඡායාරූපය කවුරු කවුරුත් දැකලා ඇති කියලා හිතනවා.
ඒත් මේ ඡායාරූපය දැක්කාම ගැටළු ආපු අයත් ඇති. මොකද මේ ඡායාරූපය දැක්කාම මටත් ගැටළු කීපයක්ම ආපු නිසා. ඒවා එකින් එක කිව්වොත් උඩරට ගිවිසුමේ රදළ ප්‍රධානීන් 11 දෙනෙකුගේ අත්සන් තිබුණත් මේ ඡායාරූපයේ අපිට දැකගන්න පුලුවන් වෙන්නේ 7 දෙනෙක් විතරයි.
උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් 11 දෙනාගේ අත්සන්
කාට හරි ඕනේ නම් මේකට ප්‍රති තර්කයක් විදිහට කියන්න පුලුවන් රදළ ප්‍රධානීන් 11 දෙනාම එකම දවසේ නෙමෙයිනේ ගිවිසුම අත්සන් කළේ කියලා. ඒ කාරණාවත් ඇත්ත තමයි.
උඩරට ගිවිසුම අත්සන් කිරීම දැක්වෙන ප්‍රකට සිතුවම
ඒ ගැන සවිස්තරව කිව්වොත් 1815 මාර්තු 2
වෙනිදා සිද්ධ වුණේ ඉංග්‍රීසීන් විසින් උඩරට රදළ ප්‍රධානීන් හමුවේ යෝජිත
ගිවිසුම ප්‍රකාශයට පත් කරපු එක. එදා කිසිම රදළ ප්‍රධානියෙක් ගිවිසුමට
අත්සන් තැබුවේ නැහැ.
යෝජිත ගිවිසුමේ වගන්ති ගැන මාර්තු 10 වෙනිදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වගේම රදළ නායකයන්වත් දැනුවත් කරලා එදාම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගිවිසුමට අත්සන් තබනවා. ඒ අවස්ථාවට සහභාගි වෙලා හිටිය මොල්ලිගොඩ මහාදිකාරම් සහ පිළිමතලව්වේ, කැප්පෙටිපොළ, රත්වත්තේ, මොල්ලිගොඩ, දුල්ලෑව, මිල්ලෑව, ගලගම කියන දිසාවේවරු විතරයි එදා ගිවිසුමට අත්සන් තියන්නේ. මාර්තු 18 තමා ඇහැලේපොළ මහ නිළමේ සහ ගලගොඩ සහ පිළිමතලව්වේ කියන දිසාවේවරු ගිවිසුමට අත්සන් තියෙන්නේ. ඊට පස්සේ තමා ජෝන් ඩොයිලි සහ ජේම්ස් සදර්ලන්ඩ් ගිවිසුම අත්සන් කරලා ගිවිසුමේ අත්සන් තැබීම කටයුතු නිමා කරන්නේ.
මුල් අවස්ථාවේ ගිවිසුමට අත්සන් තබපු රදළ ප්‍රධානීන් 7 දෙනා තමා මේ ඡායාරූපේ ඉන්නේ කියලා කාට හරි හිතුණත් ඒකත් එක්ක ගැටලු කීපයක් ඇතිවෙනවා.
ප්‍රධානම ගැටලුව තමා 1815 වෙද්දී ඡායාරූප තාක්ෂණය විධිමත් අන්දමින් තිබුණාද කියන එක. ඡායාරූප ශිල්පයේ ඉතිහාසයට අනුව ලොව පළමු ඡායාරූපය විදිහට පිළිගැනෙන්නේ 1826 දී ගත්ත ඡායාරූපයක්. [මේ සම්බන්ධව මාව නිවැරදි කරපු හැමෝටම ස්තුතියි.]
ලොව ප්‍රථම ඡායාරූපය ලෙස සැලකෙන 1826 දී ගනු ලැබූ ඡායාරූපය
මෙන්න මේ විදිහට කරුණු කාරණා යෙදිලා තියෙද්දී තමා දවසක් මට බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියේ තිබිලා මෙන්න මේ ඡායාරූපය හම්බෙන්නේ.
උඩින්ම තියෙන අපැහැදිලි ඡායාරූපයේ හොඳ මට්ටමේ තියෙන ඡායාරූපය මේක කියලා පැහැදිලියිනේ. වෙබ් අඩවියේ තියෙන විස්තරේට අනුව ඒ ඡායාරූපය 1870-1880 අතර කාලයේ ගත්තු එකක් කියලා තමා කියන්නේ.
දැන් එකින් එකට අපේ කතාවට ආවොත් මේ ඡායාරූපයෙන් අපට පේනවා මේ රදළ ප්‍රධානීන් වාඩිවෙලා ඉන්නේ දළදා මාළිගාවේ වැඩසිටින මාළිගාව ගාව කියලා. ඒ වගේමයි වැඩ සිටින මාළිගාව වටා සකස් කරලා තියෙන පොල් තොරණ් කීපයකුත් පේන්න තියෙනවානේ.
උඩරට ගිවිසුම අත්සන් කිරීම සිද්ධ වුණේ දළදා මාළිගාව අසළ තියෙන මඟුල් මඩුවේ. ඒත් ඒ වෙනුවෙන් දළදා මාළිගාවේ වැඩ සිටින මාළිගාව වටේ පොල් තොරණ් ඉදිකළා වෙන්න බැහැ. ඒ වගේමයි මඟුල් මඩුවේ තිබුණු උත්සවයකට සම්බන්ධ වුණු රදළ ප්‍රධානීන් දළදා මාළිගාව අභ්‍යන්තරයට ඇවිත් ඡායාරූපයකට පෙනී හිටියා වෙන්නත් බැහැ.
ඒ වගේමයි කලින් මතු කරපු ප්‍රධානම සාධකය වෙන 1815 වෙද්දී ඡායාරූප තාක්ෂණයක් තිබුණේ නැහැ කියන කාරණේත් එක්ක මේ ඡායාරූපය 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු උඩරට රදළ ප්‍රධානීන්ගේ සමූහ ඡායාරූපය කියන මතය පහසුවෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුලුවන්.
දැන් ඊළඟ එන ප්‍රශ්නය තමා එහෙනම් මේ ඡායාරූපය මොකක්ද කියන එක. මම අනුමාන කරන විදිහට මේ ඡායාරූපයේ ඉන්නේ 1870-1880 කාලයේ දියවඩන නිළමේවරයා, සතර මහා දේවාලවල බස්නායක නිළමේවරු වගේම දළදා මාළිගාවේ නිළධාරීන් කීප දෙනෙක් වෙන්න ඕනේ. ඒ දළදා මාළිගාවේ නිලධාරීන් දෙන්නා කාරියකරවන රාළ සහ ගජනායක නිළමේ වෙන්න ඕනේ.
මේ කාලවකවානුවේ දියවඩන නිළමේ ධූරය හොබවපු කුඩාබණ්ඩා දුනුවිල නිළමේතුමා තමා මැදින් වාඩිවෙලා ඉන්න උපැස් යුවළක් පැළැඳි පුද්ගලයා කියලයි මම අනුමාන කරන්නේ. කණගාටුවට කාරණය තමා එතුමාගේ ඡායාරූපයක් දළදා මාළිගාවේ වෙබ් අඩවියේ පවා දැකගන්න නැති එක.
මේ ලිපිය ලිව්වාට පස්සේ අපේ හිතවත් මල්වතු විහාරවාසී වත්තේගම ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් කුඩාබණ්ඩා දුනුවිල දියවඩන නිළමේතුමාගේ ඡායාරූපයක් ලැබුණා. උන්වහන්සේට බොහොම පිං
කොහොම වෙතත් මේ ඡායාරූපයේ ඉන්නේ 1815 උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් නෙමේ කියන එක පැහැදිලියි.
මේ ලිපිය ලිව්වාට පස්සේ අපේ හිතවත් මල්වතු විහාරවාසී වත්තේගම ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් කුඩාබණ්ඩා දුනුවිල දියවඩන නිළමේතුමාගේ ඡායාරූපයක් ලැබුණා. උන්වහන්සේට බොහොම පිං
කොහොම වෙතත් මේ ඡායාරූපයේ ඉන්නේ 1815 උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් නෙමේ කියන එක පැහැදිලියි.
කවුරුන් හරි ඉදිරියට මේ වරද දකිනවා නම් ඒක නිවැරදි කරන්න ඉදිරිපත් වෙයි කියලා හිතනවා.
ප.ලි.: ගිය අවුරුද්දේ මැයි ඉදන් blog එක ලියන එක අතෑරිලා තිබුණේ කැම්පස් එකේ තිබුණු වැඩ රාජකාරිත් එක්ක. අපේ අන්තිම අවුරුද්දේ විභාග වගේම උපාධි නිබන්ධිකාවේ වැඩත් එක්ක හුඟක් කාර්යබහුල වෙලා හිටියේ. අපේ department එකෙන් organize කරපු හද බැඳි ගී ප්‍රසංගය නිසා වගේම තාත්තා අසනීප වෙලා සති 2 කට කිට්ටු කාලයක් රෝහල් ගතවෙලා හිටිය නිසා ඒ කාර්යබහුලත්වය තවත් වැඩිවුණා.
විභාග කටයුතු ජනවාරි 7 ඉවර වුණත් කලින් අවුරුද්දක ගිය සූරියගොඩ නරේන්ද්‍රාරාම රාජ මහා විහාර ක්ෂේත්‍ර අධ්‍යයන වාර්තාව හදන එක සමුගැනීමේ සාද සංවිධානය කරන එක වගේම සංස්කෘත සහිතක පත්‍ර පාඨමාලාවක් නිසා වැඩ ගොඩ වෙලා තිබුණේ.
ඒ ඔක්කෝම ඉවර වුණාට පස්සේ නම් තිබ්බේ කම්මැලිකම. බොහෝ දෙනෙක් ලියන්නේ නැද්ද කියලා ඇහුවත් කම්මැලිකම ඉහවහා ගිහින් තිබ්බේ. අන්තිමට මේ ළඟදී දවසක ජනක අයියා, දනුල මල්ලී වගේම සංදේශා නංගීත් මේ ගැන මතක් කරපු නිසා කම්මැලිකම අතෑරලා ලියන්න පටන් ගත්තේ. එහෙනම් ඉදිරියේ පරණ දේවල් වගේම අලුත් දේවල් රාශියකින්ම නැවත හම්බෙමු :)
ඒ ඔක්කෝම ඉවර වුණාට පස්සේ නම් තිබ්බේ කම්මැලිකම. බොහෝ දෙනෙක් ලියන්නේ නැද්ද කියලා ඇහුවත් කම්මැලිකම ඉහවහා ගිහින් තිබ්බේ. අන්තිමට මේ ළඟදී දවසක ජනක අයියා, දනුල මල්ලී වගේම සංදේශා නංගීත් මේ ගැන මතක් කරපු නිසා කම්මැලිකම අතෑරලා ලියන්න පටන් ගත්තේ. එහෙනම් ඉදිරියේ පරණ දේවල් වගේම අලුත් දේවල් රාශියකින්ම නැවත හම්බෙමු :)
විශේෂ කාරණා දෙකක් කියන්න ඕනේ. පළවෙනි එක තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව ලියවුණු මගේ උපාධි නිබන්ධිකාව සාර්ථක කරගන්න බ්ලොග් අවකාශයේ වගේම මුහුණු පොතේදී හිතවත් වුණු බොහෝ දෙනා උපකාර කළා. විශේෂයෙන්ම පොත් පත් කීපයක් හොයලා දෙන්න ඒ වගේමයි වැදගත් ඡායාරූප වගේම කරුණු හොයලා දෙන්නත් හුඟක් දෙනාගේ උදව් හම්බුණා.
නම් වශයෙන් කීප දෙනෙක්ව සිහිපත් කළොත් කතන්දර, ලිෂාන්, සපතේරුවා, මාරයා, ඉරන්ත, මනුරි, වත්සලා, සෙව්වන්දි කියන අයියලා අක්කලා ඒ වගේමයි දිලීප එදිරිසිංහ පියතුමා,මහ වෙදනා වගේ අයව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ හැරෙන්න තව ගොඩක් අය උදව් කළා ඒ හැමෝටමත් බොහොම ස්තුතියි...
නම් වශයෙන් කීප දෙනෙක්ව සිහිපත් කළොත් කතන්දර, ලිෂාන්, සපතේරුවා, මාරයා, ඉරන්ත, මනුරි, වත්සලා, සෙව්වන්දි කියන අයියලා අක්කලා ඒ වගේමයි දිලීප එදිරිසිංහ පියතුමා,මහ වෙදනා වගේ අයව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ හැරෙන්න තව ගොඩක් අය උදව් කළා ඒ හැමෝටමත් බොහොම ස්තුතියි...
අන්තිමට මට කියන්න තියෙන්නේ මමිත්‍රස්‍ය කුතඃ සුඛම් (මිත්‍රයන් නැත්තා හට කවර නම් සැපතක්ද ?)