exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි.
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා exam එකට පාඩම් කරන්න කියලා ලැබෙන study leave සති දෙකෙත් බයිලා ගගහා ඉන්න අපි 4 දෙනා අන්තිමට පාඩම් කරන්න set වෙන්නේ exam එක පටන් ගත්තාම කියන එක. දෙයියනේ කියලා හැම පාරම අපේ exam time table එක හදන දෙයියා අපේ exam time table එක හදන්නේම හැම paper එකක් මැද්දට අඩුම ගාණේ සතියකවත් gap එකක් තියලා.
ඉතින් මේ විදිහට papers මැද්දෙන් gap එකක් විදිහට තියෙන කාලේ අතරතුර අධ්‍යාපනික ගැටලු ගැන sms, දුරකතන සංවාද යනවා වගේම පුරුදු තැටිය වෙන බයිලා වාදනත් නොයනවා නෙමෙයි.
මටත් මේ දවස්වල පොඩි කික් එකක් ගිහින් exam stress නිසාම පොඩි කවියක් නිර්මාණය කළා.
පංච මහා බලවතුන්
පස්සේ නිකම් ඉන්න බැරුවට අනිත් උන් තුන් දෙනාටත් මේ කවිය sms කළා. අනිත් උන් තුන් දෙනාගෙන් කවියට බර, කවියට හිතැති, කවිකාමී ස්වීටාගෙන් තමා කවියෙන්ම උත්තර ආවේ. අන්තිමට මේ කවි sms කිරිල්ල කවි මඩුවක් කවි හටනක් වෙලා තමා නතර වුණේ.
ඔන්න ඉතින් ඒ කවි මඩුව, කවි හටන තමා මේ තියෙන්නේ.
මම
පාඩමට තම සිත
නිතර යොමු කරනා අය
ගනී හොඳ ප්‍රතිඵල
ඔවුන් සැමවිට යන්නේ ඉහළට
පාඩමට තම සිත
නිතර යොමු කරනා අය
ගනී හොඳ ප්‍රතිඵල
ඔවුන් සැමවිට යන්නේ ඉහළට
ස්වීටා
සැණෙකින් මෙසේ පවසමි ඔබෙ පණිවුඩය අසා
ලීවෙමි මිතුර මහ රෑ නිදි කිරන නිසා
කොපමණ කළත් නොකළා මෙන් දැනෙන නිසා
නින්දක් දාන්නයි හිතුවෙ පොත පසෙක තියා
සැණෙකින් මෙසේ පවසමි ඔබෙ පණිවුඩය අසා
ලීවෙමි මිතුර මහ රෑ නිදි කිරන නිසා
කොපමණ කළත් නොකළා මෙන් දැනෙන නිසා
නින්දක් දාන්නයි හිතුවෙ පොත පසෙක තියා
මම
සරසවි සිසුන් හර මාරයා විභාගයයි
මාරයා සමඟ එන්නේ මර නින්ද තමයි
මාරය පැරදුමට සවි බල ලැබගන්නයි
මම නිති පතමි අප සැම මින් ගොඩයන්නයි
සරසවි සිසුන් හර මාරයා විභාගයයි
මාරයා සමඟ එන්නේ මර නින්ද තමයි
මාරය පැරදුමට සවි බල ලැබගන්නයි
මම නිති පතමි අප සැම මින් ගොඩයන්නයි
ස්වීටා
ඉන්නේ කොහිද බැලුවෙමි නිදි ගැට පිසදා
බැලුවම මතක් වුණි පැදුරේ බව විමසා
කියවා ඔබගේ කවි සිතුවිලි සකි හසිතා [ඕන් මූ එළිසමය රැක්ක හැටි]
බැලුමට දුවමි පොත් විභාගෙ සතුට පතා
ඉන්නේ කොහිද බැලුවෙමි නිදි ගැට පිසදා
බැලුවම මතක් වුණි පැදුරේ බව විමසා
කියවා ඔබගේ කවි සිතුවිලි සකි හසිතා [ඕන් මූ එළිසමය රැක්ක හැටි]
බැලුමට දුවමි පොත් විභාගෙ සතුට පතා
මම
කදිමයි මගේ මිතුරාණනි කවි මඩුව
[ඉතුරු පද ටික මට ආවේ නැහැ]
කදිමයි මගේ මිතුරාණනි කවි මඩුව
[ඉතුරු පද ටික මට ආවේ නැහැ]
මම
කෙලෙසද ඔබේ පාඩම් කටයුතුවල තත්වේ
මේ පේපර් එක මහ ඇණයක් වීලා ඇත්තේ
තාඹු, නෝබා දෙදෙනත් මෙහිදී හිරවී ඇත්තේ [මේ අපේ අනිත් උන් දෙන්නා]
හොඳ පාඩම් අපිටත් මේවා කියමින්නේ
කෙලෙසද ඔබේ පාඩම් කටයුතුවල තත්වේ
මේ පේපර් එක මහ ඇණයක් වීලා ඇත්තේ
තාඹු, නෝබා දෙදෙනත් මෙහිදී හිරවී ඇත්තේ [මේ අපේ අනිත් උන් දෙන්නා]
හොඳ පාඩම් අපිටත් මේවා කියමින්නේ
ස්වීටා
පාඩම් පසෙකලා කාමරයක් අස් කළෙමි
පාඩම් කරන්නට හිත නෑ කම්මැලෙමි [මූ හදන අලුත් වචන :D]
කුමක් කොරන්ටද මට දැන් නොතේරෙමි
බැඳගත් බෙරේ ගසමුකෝ අපි හීනියෙනි
පාඩම් පසෙකලා කාමරයක් අස් කළෙමි
පාඩම් කරන්නට හිත නෑ කම්මැලෙමි [මූ හදන අලුත් වචන :D]
කුමක් කොරන්ටද මට දැන් නොතේරෙමි
බැඳගත් බෙරේ ගසමුකෝ අපි හීනියෙනි
මම
අපි පොරවල් යැයි නිරතුරු සිතුවාට
අපි කොර වෙන්නේ මේ වාගේ වෙලාවට
දවසක් දෙකක් තව ඉතුරුව තිබුණාට
බැරි දේ පුලුවන්ද දත් මිටි කෑවාට
අපි පොරවල් යැයි නිරතුරු සිතුවාට
අපි කොර වෙන්නේ මේ වාගේ වෙලාවට
දවසක් දෙකක් තව ඉතුරුව තිබුණාට
බැරි දේ පුලුවන්ද දත් මිටි කෑවාට
ස්වීටා
කුමක් කරන්නද යාලුවේ අපි මේවා
කරමු කොහොම හරි ඩම් එක ෆුල් දාලා
සැමදා කෙල වුනත් ඒ ගැන නොසිතාලා
පෙන්වමු අපිත් exam එක ගොඩ දාලා
කුමක් කරන්නද යාලුවේ අපි මේවා
කරමු කොහොම හරි ඩම් එක ෆුල් දාලා
සැමදා කෙල වුනත් ඒ ගැන නොසිතාලා
පෙන්වමු අපිත් exam එක ගොඩ දාලා
මම
නිතර talk දෙන්නට අපි උපන් හපන්
කවුරුත් සිටින්නේ අපි සැම දිහා බලන්
චා ප්‍රතිඵල ආවොත් නම් හුටං පටං
අපි හට සිදුවේය දුවනට කඩන් බිඳන්
නිතර talk දෙන්නට අපි උපන් හපන්
කවුරුත් සිටින්නේ අපි සැම දිහා බලන්
චා ප්‍රතිඵල ආවොත් නම් හුටං පටං
අපි හට සිදුවේය දුවනට කඩන් බිඳන්
ස්වීටා
එවන් දෙයක් සිදුවන්නේ නැතිවේවා
ගණ දෙවි නුවණ අප සිත් තුළ පෑදේවා
පේපර් එක එළ කිරි වගේ සෑදේවා
සියලු පැතුම් එක ලෙස අපේ ඉටුවේවා
එවන් දෙයක් සිදුවන්නේ නැතිවේවා
ගණ දෙවි නුවණ අප සිත් තුළ පෑදේවා
පේපර් එක එළ කිරි වගේ සෑදේවා
සියලු පැතුම් එක ලෙස අපේ ඉටුවේවා
මම
ඒක සැබැයි සැබැයි සැබැයි
ආවඩා ආයු බොහෝ වේවා
ඒක සැබැයි සැබැයි සැබැයි
ආවඩා ආයු බොහෝ වේවා
මම
අපි පාඩම් කරනෙමු
විභාගේ ගොඩ දාගමු
හොඳ ප්‍රතිඵල අරගමු
අපෙ වැඩ කිඩ පෙන්වමු
අපි පාඩම් කරනෙමු
විභාගේ ගොඩ දාගමු
හොඳ ප්‍රතිඵල අරගමු
අපෙ වැඩ කිඩ පෙන්වමු
ස්වීටා
මීරිගම ස්විට එළකිරි කවියානේ
අළුයම එකටලු ඌ දොයිය ගන්නේ
උදේ තමයි මැසේජ් එක දැක්කානේ
එළිවැට ගලවාපු කවි නම් මේවානේ
මීරිගම ස්විට එළකිරි කවියානේ
අළුයම එකටලු ඌ දොයිය ගන්නේ
උදේ තමයි මැසේජ් එක දැක්කානේ
එළිවැට ගලවාපු කවි නම් මේවානේ
මම
නැත නැත මිතුර මේ කවියත් හරිම අගෙයි
එළිසමයත් මරුවට මෙහි රැකිලා තියෙයි
උදයේ නැගිටේටේ මම මේ දැන්ම තමයි
එන්නම් මචෝ චූ කරලයි තේ බීලයි [චූ කතා රැල්ලක් නොවේ :D]
නැත නැත මිතුර මේ කවියත් හරිම අගෙයි
එළිසමයත් මරුවට මෙහි රැකිලා තියෙයි
උදයේ නැගිටේටේ මම මේ දැන්ම තමයි
එන්නම් මචෝ චූ කරලයි තේ බීලයි [චූ කතා රැල්ලක් නොවේ :D]
ස්වීටා
චූ කරලා තේ බීලා පැමිණීලා
පොත පත අතට ගෙන ඒවා කියවාලා
exam එක ගොඩ දමනට එක සැරසීලා
ලියමුකෝ අපි 6 වෙනිදා සෙට් වීලා
චූ කරලා තේ බීලා පැමිණීලා
පොත පත අතට ගෙන ඒවා කියවාලා
exam එක ගොඩ දමනට එක සැරසීලා
ලියමුකෝ අපි 6 වෙනිදා සෙට් වීලා
එදා paper එක කොහොම හරි ලියාගත්තය කියමුකෝ. මේ ඊට පස්සේ කවි මඩුව season - 2
මම
අප සැම ලියා ගත්තද අද පේපරය
දුම් විසිවෙන එක එන්නේ දාහතර
ගොඩ දමනට නම් අපි ඒ පේපරය
ගිල දැම යුතුය මහවංසය පොත් පෙළම
අප සැම ලියා ගත්තද අද පේපරය
දුම් විසිවෙන එක එන්නේ දාහතර
ගොඩ දමනට නම් අපි ඒ පේපරය
ගිල දැම යුතුය මහවංසය පොත් පෙළම
ස්වීටා
පුරාතනට මහාවංස පොත් පෙළය
ආණ්ඩුක්‍රම වමාර කයි නූතනය
චන්දන මැතිඳු හා සිල්වා මැතිඳුන්ය
වැලන්ටයින් එක නම් මට නැති සේය
පුරාතනට මහාවංස පොත් පෙළය
ආණ්ඩුක්‍රම වමාර කයි නූතනය
චන්දන මැතිඳු හා සිල්වා මැතිඳුන්ය
වැලන්ටයින් එක නම් මට නැති සේය
මම
වැලන්ටයින් ඇත ඒ මුළු දිනය පුරා
අපේ මීටිමත් නිම කරදෙමි කල් නොමරා
වැලන්ටයින් හවසට උඹලා සමරා
අපිටත් පාටියක් දීපන් කළගුණ සිහි කරලා
වැලන්ටයින් ඇත ඒ මුළු දිනය පුරා
අපේ මීටිමත් නිම කරදෙමි කල් නොමරා
වැලන්ටයින් හවසට උඹලා සමරා
අපිටත් පාටියක් දීපන් කළගුණ සිහි කරලා
ස්වීටා
පාටි තමයි සිහිවන විට මට සල්ලි
කෙල්ල නිසා එදාට ලොකු වියදම් මල්ලි
පාටි නෙමෙයි දෙන්නයි වෙන්නේ නෙල්ලි
දුකම තමයි මක් කරමුද අයියෝ සල්ලි
පාටි තමයි සිහිවන විට මට සල්ලි
කෙල්ල නිසා එදාට ලොකු වියදම් මල්ලි
පාටි නෙමෙයි දෙන්නයි වෙන්නේ නෙල්ලි
දුකම තමයි මක් කරමුද අයියෝ සල්ලි
මම
උඹ ගොඩ ගියා අප හට නැත කිසි පාටි
ඉන්නෙත් කොල්ලෝ තිදෙනයි උඹ හට ලේසි
දැන්ම දුන්නොතින් උඹ හට වෙයි වාසි
කල් දම දම හිටපන් උඹ හට දෝදු
උඹ ගොඩ ගියා අප හට නැත කිසි පාටි
ඉන්නෙත් කොල්ලෝ තිදෙනයි උඹ හට ලේසි
දැන්ම දුන්නොතින් උඹ හට වෙයි වාසි
කල් දම දම හිටපන් උඹ හට දෝදු
ස්වීටා
කනින් කනට ගොස් දැමුවා මා පාටි
කියලා මගේ ඔළුවම කයි කෙල්ලන් සැරසී [කෙල්ලන් කිව්වේ අපේ batch එකේ අය]
පින්නි, රෝයල්, ලෝටස් සමඟින් පැඟිරී
නොමරා මා කාවි සැකයක් නැහැ රොක්වී
කනින් කනට ගොස් දැමුවා මා පාටි
කියලා මගේ ඔළුවම කයි කෙල්ලන් සැරසී [කෙල්ලන් කිව්වේ අපේ batch එකේ අය]
පින්නි, රෝයල්, ලෝටස් සමඟින් පැඟිරී
නොමරා මා කාවි සැකයක් නැහැ රොක්වී
මම
බිය නොම මැනවි මිතුරාණනි කිසි දිනෙක
මේ ගැන කෙළ බිඳක් නොහළමි කිසි දිනෙක
උඹ හට අවැසි නම් දමනට ලොකු පාටි
සංවිධාන කර දෙන්නෙමි සුපිරියට
බිය නොම මැනවි මිතුරාණනි කිසි දිනෙක
මේ ගැන කෙළ බිඳක් නොහළමි කිසි දිනෙක
උඹ හට අවැසි නම් දමනට ලොකු පාටි
සංවිධාන කර දෙන්නෙමි සුපිරියට
ස්වීටා
මගේ දෙයියෝ මට නම් ඇවැසි නැත ලොකු පාටි
දීලා කොහොම බේරෙන්නද මුන්ගෙන් පාටි
පාටි පාටි පාටි හැමදාමත් ලොකු පාටි
බලමුකෝ මචෝ පොඩි එකකට එහෙනම් පාටි
මගේ දෙයියෝ මට නම් ඇවැසි නැත ලොකු පාටි
දීලා කොහොම බේරෙන්නද මුන්ගෙන් පාටි
පාටි පාටි පාටි හැමදාමත් ලොකු පාටි
බලමුකෝ මචෝ පොඩි එකකට එහෙනම් පාටි
මම
පාටි දමන්නේ අපි බන් සතුටටනේ
අනුන් සතුටු කරනා එක හරි හොඳනේ
පාටි දමන්නේ අපි බන් සතුටටනේ
අනුන් සතුටු කරනා එක හරි හොඳනේ
ස්වීටා
කියලා වැඩක් නෑ සල්ලි යන්නේ මටනේ
කමක් නැහැ මචෝ අපි කොහොමත් ෆිට් එකනේ
මම
ගොඩ ගියේ උඹ නිසයි උඹ හට මේ වියදම්
දැන්වත් උඹට මොළේ පැදුනා හරි එහෙනම්
ගොඩ ගියේ උඹ නිසයි උඹ හට මේ වියදම්
දැන්වත් උඹට මොළේ පැදුනා හරි එහෙනම්
ස්වීටා
ගොඩ යෑමත් එක පාරයි වෙන්නේ නම්
සල්ලි සල්ලි යැයි නොබලමි කිසිදා නම්
ස්වීටා
මැසේජ් කවි කොටා මා හට පෙළඹූවා
පෙළඹී මාත් පාටියකට හා කිව්වා
ගොඩ ගිය එකෙත් පාපය මට හිමිවූවා
කාට කියන්නද දෙයියනි දුක මෙව්වා
මැසේජ් කවි කොටා මා හට පෙළඹූවා
පෙළඹී මාත් පාටියකට හා කිව්වා
ගොඩ ගිය එකෙත් පාපය මට හිමිවූවා
කාට කියන්නද දෙයියනි දුක මෙව්වා
මම
උඹ ගොඩ ගියේ දෙවියන්ගෙන් අසා නෙමෙයි
එහෙනම් දෙවියන්ට මේවා කියන්නේ ඇයි
උඹ පොළඹන්න උඹ පොඩි අත දරුවෙක්යැයි
උඹ හට ඔබින්නේ ඇන්කර් වන් ප්ලස්මයි
උඹ ගොඩ ගියේ දෙවියන්ගෙන් අසා නෙමෙයි
එහෙනම් දෙවියන්ට මේවා කියන්නේ ඇයි
උඹ පොළඹන්න උඹ පොඩි අත දරුවෙක්යැයි
උඹ හට ඔබින්නේ ඇන්කර් වන් ප්ලස්මයි
ස්වීටා
නෝනා ගියා බණ්ඩේ බලා කුමකටද [බණ්ඩේ-කෙල්ලන්ගේ හොස්ටල් එකක්]
මැසේජ් කෙටුවේ ඒ හම්බුණු ඇසිල්ලට
නැවතත් පැමිණ ඇත ඇය ඇගේ බෝඩිමට
එහෙනම් මිතුර සමුගන්නට අවසරද ?
නෝනා ගියා බණ්ඩේ බලා කුමකටද [බණ්ඩේ-කෙල්ලන්ගේ හොස්ටල් එකක්]
මැසේජ් කෙටුවේ ඒ හම්බුණු ඇසිල්ලට
නැවතත් පැමිණ ඇත ඇය ඇගේ බෝඩිමට
එහෙනම් මිතුර සමුගන්නට අවසරද ?
මම
අවසර ලබාදෙමි ඔබ හට සමුගන්න
දාහතර වෙනිද ආයේ හමුවෙමු ඔන්න
පාටිය දෙන්න දිනයක් බලලා එහෙම
කියපන් මචෝ හැකි විගසින් සැරසෙන්න
අවසර ලබාදෙමි ඔබ හට සමුගන්න
දාහතර වෙනිද ආයේ හමුවෙමු ඔන්න
පාටිය දෙන්න දිනයක් බලලා එහෙම
කියපන් මචෝ හැකි විගසින් සැරසෙන්න
ඕන් ඔහොමයි කවි මඩුව/කවි හටන ඉවර වුණේ. 14 වෙනිදායින් එකත් ඉවර වුණා. තාම පාටිය ගැන ස්වීටා සද්දයක්වත් නැහැ :P
ප.ලි.: exam එක වෙලාවෙත් කවි ලියපු මට exam එකට පාඩම් කරද්දී කවි ලියන්න බැරිද :D [තව කතා දෙකකට link නොවන්නේ නොවේ]
ප.ප.ලි.: කාලෙකට පස්සේ මෙහෙම ෆන් කතාවක් ලිව්වමද කොහෙදෝ....
ඉඳපන් නිවී හැනහිල්ලෙ කියවන්ඩ..
ReplyDelete@ හරී
Deleteඅනිවා කවි වුණාම නිස්කලන්කේ කියවන්න ඕනේ :)
හිකිස් ... පස්ටයි ඈ...
ReplyDelete@ ජනිත්
Deleteසිරාවට
අහ්හ්... අයියලාගේ එක්සෑම් ඉවරද??..
ReplyDeleteඑල රිසල්ට් එකක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
නියම කවි ටික..
හිහ් හිහ් හිහ්
@ Darshana Prabhath
Deleteඉතිහාසය ප්‍රශ්න පත්තර ටික නම් 14 න් ඉවර වුණා. ඒත් තව පේපර් එකක් මේ 22 තිබුණා මට. රිසල්ට්ස් එද්දී තමා බලන්න වෙන්නේ එලද අජද කියලා :D
සුපිරි කවි මඩුව....
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteතැන්කු තැන්කු
යස කවි සැට් එක.. හසිතා. හයියෝ කරලා තියන දෙයක්.. :)
ReplyDeleteඑක්සැම් අස්සේ ඉඳගෙන මේ බලවත්තු
චූ කරමිනුත් දෙයි හැමටම කවි තොත්තු
හඳුනන හැමෝගෙම හොඳ හිත අර ගත්තු
පතනෙමු ජය, හැමට ඒ හොඳ හිතවත්තු :):)
පංච මහා බලවතුන් ගෙන් දකුණේ ඉඳල දෙවෙනි බලවතා හොඳට දැකල පුරුදුයි වගේ නේ. :D විභාගෙන් සුපිරි ප්‍රතිපලයක් ලැබෙන්න ඕන..!
@ Chandana
Deleteඑක්සෑම් වුවත් කවිකම අමතක වෙන්නෑ
රිසල්ට්ස් නැතත් අපි නම් ලෙක්චර් යන්නෑ
වැඩ තිබුණත් බ්ලොග් නම් අමතක වෙන්නෑ
පෝස්ට්ස් නැතත් කමෙන්ට් එකක් වරදින්නෑ
දකුණේ ඉදලා ඉන්න ලොකු බලවතෙක් තමා අයියා :D
හහහා... ලොවෙත් ඈ! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
@ අඩවි රජ
Deleteලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ වැටෙත් නැහැ ලොවි මුලෙත් නැහැ තොටළඟ කඩෙත් නැහැ :D
කාලෙකින් කවිමඩුවක් නෙත ගැටුනෙම නෑ.
ReplyDelete@ Naleen Dilruksha
Deleteඉස්සර සයිබර් කවි මඩු කියලා ජාතියක් එහෙමත් තිබුණා. මේ sms කවි මඩුවක් :)
හික්ස්! මේ ටිකේ නම් අපිටනම් කවියක්වත් මතක් වෙන්නේ නැති ගානට හිර වෙලා!
ReplyDelete@ නාඩියා නාඩිරත්න
Deleteඅනිවා බුරුල් වුණාම කවි රහක් ඇත්තේම නැහැ. මේ සමහර කමෙන්ට්වලට කවි කොටන්න දැන් අම්බානක කල්පනා කරන්න ඕනේ :)
හැක් හැක්! මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය.
ReplyDeleteහැබැයි අර ගැප් එක තියලා ටයිම් ටේබල් හදන එක නම් පුදුමාකාර උදව්වක් නැද්ද?
ඇත්තෙන්ම හැම විභාගෙම එහෙම තමයි කරන්න ඕනෙත්.
කවියන්ගේ පංච මහා බලවේගයට ජයවේවා.
හසිත පින්තූරේ දකුණේ ඉඳලා දෙවෙනියා නේද?
එහෙමද ? මම හිතුවේ වමේ ඉඳල දෙවැන්නා කියලා..
Deleteඔය ඔල්ලෝසුව පෙන්නං ඉන්නෙ.
Deleteඅය්යෝ සෙන්නා...ඔය ඉන්න හැන්ඩියෝ පස්දෙනාගෙන් හැන්ඩිම හැන්ඩියා කවුද කියලා ඔයාට පේන්නේ නැද්ද? :D:D:D
Deleteපොඩ්ඩි,
Delete++++++++++
රූගෙන් අනුමත වුන පොඩ්ඩිගේ ප්‍රකාශය මත උපකල්පනය;
Deleteසියලු බ්ලොග් කරුවෝ හැන්ඩිම හැන්ඩියෝය
මමද බ්ලොග් කරුවෙකි
එමනිසා මමද හැන්ඩිම හැන්ඩියෙකි..
හෙහ් හෙහ්.. හේ.....
@ Dude
Deleteඅනිවා ඒවා තමා විද්‍යානුකූල කාල සටහන් කියන්නේ :)
අපි අතකස වගේ කැසතකස කියලා එකක් පිහිටුවන්න ඉන්නේ :P
ඔව් ඔව් අයියා දකුණේ ඉදන් දෙවෙනි එකා තමා මේ බ්ලොග් එක ලියන එකා
@ සෙන්නා
Deleteවමේ ඉදන් දෙවෙනියාට ඉන්න බතලයා තමා ස්වීටා කියන්නේ. අයියාගේ ලොජික් එක නම් මරේ මරු ආහ් :D
@ හරී
Deleteහරියට හරි අයියා. කොහොමද අඳුරගත්තේ ?
@ Podi Kumarihami
Deleteඔන්න ඔන්න ඉතින් අපේ එවුන්ට කියලා මට බැස්ටියක් සෙට් කරන්න යනවා :P
@ රූ....
Delete(y)
මෙදා සැරේ කවියෙන්ම දෙයි වගේ හිස්ට්‍රි....
ReplyDelete@ වෙද ගෙදර මහ වෙදනා
Deleteකවීය්න් නෙමේ ගාථාවෙන් තමා හුඟක් වැනුවේ
අපරාදේ අර ෆොටෝ එක ලස්සන වෙන්ට ගෑනු ලමයෙක් , දෙන්නෙක් හිටියා නම්. එහෙනම් ඔය කවි මඩුව එක්කෝ ලස්සනවෙන්ට තිබුනා. නැත්නම් වෙන විදියේ කවි ලියවෙන්ට තිබුනා...:D:D
ReplyDelete@ Podi Kumarihami
Deleteකෙල්ලෝ ගත්තා නම් ෆොටෝ එක ලස්සන වෙන්නේ නැහැ. තියෙන ලස්සනත් බහිනවා. ඒක නිසා තමා පිටි පස්සෙන් තියලා තියෙන්නේ.
කවි මඩුවට කොහේ කෙල්ලෝ එන්නද ? උන් දෙලොව රත්වෙලා පාඩම් කරනවා. අපි වගේ ෆන් එකේ ඉන්නේ නැහැ :D
මරුනේ..කවි ටික නම් පංකාදුයි..අර ස්වීටා සිංහල ශබ්ද කෝෂයට අලුත් වචන එකතු කරන ගමන් හසිතව මොහොතකට ගැහැණියකුත් කරලා ( හසිතා ) හි හි හී
ReplyDeleteඕං ඔහොමලු මේ ඇත්තන්ගේ කවි මඩුවේ වග තුග..
@ ♥ ළිහිණි ♥
Deleteඌ නම් කිව්වේ එළිසමය රකින්නයි එහෙම කළේ කියලා. අනේ ඌයි මායි දන්න එළිසමය කිව්වලු. කවි මඩුව මතු සම්බන්ධයි. ඊළඟ විභාගේ කිට්ටුව වුණාමත් මෙහේම වෙයි :D
කොෙහාමත් විභාග කාලෙට තමයි වෙන වෙලාවට කරන්න හිතෙන්නෙම නැති වැඩ කරන්නම හිතෙන්නේ.. පොත් ලියන්න, කවි ලියන්න, ලියුම් ලියන්න, නිදාගන්න, කාමර අස් කරන්න... හි හි....
ReplyDeleteතාම ඉවර නෑ නේ ඔය විභාගේ..??? මෙයා මේ බ්ලොග් පෝස්ට් දාන්නේ... හි හි
මටත් එහෙමනෙ.. විභාගෙ කාලෙට ලෝකෙ නැති එව්වා ඔලුවට එන්නෙ..
Delete+++++++++++++
Delete@ හිරු
Deleteමම මේ සටඩි ලීව් කාලේ තමා වැඩිම් ෆිල්ම්ස් ගාණක් බැලුවේ. කම්මැලිකම නිසා වෙන්න ඕනේ මෙහෙම වෙන්නේ.
14 ප්‍රධාන ප්‍රශ්න පත්තර ටික ඉවර වුණා. 22 අතිරේක එකක් තිබුණෑ
@ හරී, වර්ෂා
Deleteමේ සැමට පොදු ප්‍රශ්නයක් ඒ කියන්නේ :D
Dude, My comment is spammed!
ReplyDelete@ Dude
Deletechecked
පට්ටයි. කාලෙකින් මෙහෙම දෙයක් අහන්න දකින්න ලැබුනේ
ReplyDelete@ කෝරලේ මහත්තයා
Deleteඅපි එහෙම තමා. හැමතැනම නැහැ හැමදාම නැහ.ව
හසිතත් එහෙනං කවි ලිව්ව...!
ReplyDeleteපස්සෙ ආයිත් කියවන්න ඕන බං..!
@ වීපොකුරෙ වීයා
Deleteකවි ලිව්වද කියලත් අහනවා. කවි වගේ ඒවා ලිව්වා :P
ස්ම්ස් කවි නියම වැඩේ අයියේ.දැන් ඔයත් කිවියෙක් එහෙනම්.
ReplyDelete@ Yasiru Udana
Deleteඅප්පෝ නැහැ මලේ තාම කාව්‍යකරණයේ අත්පොත්වත් තියලා නැහැ
exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි ???
ReplyDelete@ සෙන්නා
Deleteඒක තමා ඕයි :D
:D
ReplyDelete@ වකා - WAKA
Delete(y)
එක්සැම් ගැන නම් කතා කරලා වැඩක් නැ.... මොනවා උනත් කවි ටික නම් සුපිරි..
ReplyDelete@ දේවා ගේ අඩවිය
Deleteවිභාගේ අභාගේ. ආයි විභාගයක් එනකම් විභාගේ ගැන නෝ කතා :D
අඩේ මරු කයි මඩුව...
ReplyDeleteස්විටා අහුබුදුගේ නෑදෑයෙක්ද???????????
@ තරියා
Deleteවෙන්ඩ නෑයෙක් මයේ හිතේ :D
හිකිස්...මරු කවි ඈ
ReplyDelete@ තරුවා
Deleteමරුද කියලත් අහනවා :D
කවි මඩුව නියමයි
ReplyDelete@ sihinasha
Deleteඑකෙන්ම :D
This comment has been removed by the author.
ReplyDeleteexam කාලෙට නොකරනම වැඩේ තමයි ඉතින් පාඩම් කරන එක
Delete@ සුජියා
Deleteඒක ඇත්ත. මාතෘකාව විභාගේ තහනම් වචනේ පාඩම් කරන එක :D
නියමයි.. නියමයි... කවි ටික නියමයි....
ReplyDelete@ සමනළී
Deleteකයන්න වියන්න කියන යන අය තමා අපි :D
exam කාලෙට stress නැතිකරගන්න ඔය වගේ ආතල් සෙට් වෙනවම තමා :D
ReplyDelete@ de silva
Deleteඔව් ඔව්. ආතල් ගත්තත් පාඩමත් කරගන්න ඕනේ. නැත්නම් රිසල්ට්ස් එද්දී ආතල් කුඩු
හීනියට ගසන්නට දන්නා ස්වීටා (ස්වේතා?) පට්ට ඩයල් එකක් බව කිව මනාය!
ReplyDeleteකියවා ඔබගේ කවි සිතුවිලි සකි හසිතා [ඕන් මූ එළිසමය රැක්ක හැටි]
හොඳට හිනා වුණා මේකටනං!
@ hare :-)
Deleteස්වීටා අහුබුදු ස්ටයිල් එකට ස්වේතා නේද. ඒකත් නියමයි :D
කලින් පාරකත් මොකක් හරි එකකට අපි දෙන්නා කරපු කවි හටනක් තිබුණා. ඒක හෙව්වට හම්බුණේ නැහැ
දෙන්න හොඳට කවි මඩුව තියාගෙන ගිහිල්ල.. ඉතින් මේ දවස් කියක කවි ද?.
ReplyDelete@ අසරණයා
Deleteමේ දවස් 4 ක විතර කවි සංචිතයක්
exam කාලේ කවි පිට කවි කිව්වාට
ReplyDeleteපොතේ පතේ දැනුම හිතට ගත්තාට
තබානොගෙන ඒ හැම දේ තමාට
දෙන්නේ හසිත අපහට එය හැමදාට
@ Gihan (ගිහාන්)
Deleteකෑ දේ ගඳයි දුන් දේ සුවඳයි අහලා
හැම විට අනිත් අයටත් දීලා කාලා
දැනුම වුවත් නිරතුරු බෙදලා දීලා
සිටිය යුතුයි අපි සැම සතුටින් හිනැහීලා
ස්තුතියි සහෝදරතුමා
සුපිරි කවි ටික හසිත.අලුත් සිංහල වචනත් ඉගෙන ගත්ත
ReplyDelete@ කස්ස
Deleteභාවිතා කරන්නන් අතින්ලුනේ අයියා භාෂාවක් නවීකරණය වෙන්නේ. මේ ටික දවසට බලන්න අපි අතින් කොච්චර නම් බස නවීකරණය වුණාද කියලා :D
හික් හික්.....කම්මැලෙමී.........හයියූ ඩොලර්......
ReplyDeleteකවි පද මැද්දට ඔයා දාපු විග්‍රහ නිසා පෝස්ට් එක තවත් ලත්තනයි...^_^
@ අග්නි ධාරා...
Deleteඅනිවා. විග්‍රහය එකතු කළේ නැත්නම් ඉතින් මගේ කට කසනවා කසනවා වගේ :P
හ්ම්ම්ම් ඒකයි මේ හිටි හැටියෙ මගෙ බ්ලොග් එකෙ පේලියට සටහන් ඇවිත් තිබ්බෙ.. දැන් ඔලුවෙ බර අඩුද ?
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Deleteඔව් ඔව් අයියා වෙලාව ලැබුණු ගමන් ඇරියස් අල්ලලා වැඩ කරන්න පටන් ගත්තා. දැන් තමයි හරියටම ඔළුව නිදහස් 22 න් පස්සේ තමා විභාග ඉවරෙටම ඉවර වුනේ. ඒත් වැඩ නම් ඉවර නැහැ. ඒක නිසා බර නැතිවෙන්නේත් නැහැ.
අර පොටෝකොපි ඩිග්‍රිය නම් අපිත් කලා හයියෝ..ලෙක්චර්ස් වලට වැඩිය පොටෝකොපි පෝලිමේ ඉන්න ඇති..
ReplyDeleteඅපූරු කවි මඩුව ඔන්න..
විභාගෙට සුභ පතනවා..
@ රූ....
Deleteඅපි කාලයක් විහිළුවට වගේ කිව්වේ අපි කොල්ලේ 4 දෙනා සල්ලි දාලා ෆොටෝකොපි මැෂින් එකක් ගමුද කියලා :D
ස්තුතියි සුභ පැතුමටත් අක්කේ
කවි මඩුව නම් එළකිරි..පංච මහා බලවතුන්ට පිටිපස්සෙන් බලවතියො ටිකකුත් ඉන්නවා පේනවා...
ReplyDelete@ සිරාගෙ කාමරේ
Deleteබලවතුන් පිටිපස්සේ බලවතියෝ/බවලත්තු තියලා තිබුණාට බලවතුන්ගේ සාර්ථකත්වයේ රහස ඒ බලවතියෝ නම් නෙමේ ඕන් :D
අපොයි මචං වැලා දවසෙත් එග්සෑම් ද? කරුමේ තමයි නේ????
ReplyDelete@ දිනුක
Deleteවැලා දවසේ විභාගේ දලා කොල්ලේ කෙල්ලෝ මළා. පේනවනේ මේ ස්වීටාගේ අඬෝවැඩියාව :D
හොඳ කවියො වගේ....
ReplyDelete@ uwiniran
Deleteතාම නැහැ අයියා. ඉදිරියේදී නම් කොහොම වෙයිද දන්නේ නැහැ :D
විභාගේ තමයි අපේ අභාගෙ කිව්වෙ නිකමටයැ
ReplyDelete@ Sumudu weerasinghe
Deleteවිභාගේ කිව්වොත් මළා වගේ :(
විභාගය සුබ වෙන්ට
ReplyDeleteවැරදි ඒවත් හරියන්ට
ඥාන පටි නොබැලෙන්ට
අනේ ඔහෙලාට හරියන්ට!
@ වර්ෂා ( Rain_Girl )
Deleteඥාන පටි ගැහුවට - වෙලා නැහැ දිග හැරුමට
බොරු බයිලා මොකටද - ඥාන පටි නම් නොගසමිය මම
එකම ප්‍රශ්නය දෙවරක් - බලයි ගුරුවරු දෙදෙනෙක්
හරි යයිද වරදක් - පේපරය ඒ තරම් ඇණයක්
මේකට කයියෙන් උත්තර දෙන්න අමාරුයි. විජමුවෙක් හැටියට පාර්ලිමේන්තු යන්නත් හැකියාව පෙන්නුම් කරනවා.. විභාගෙට කයියෙන් ලිව්වොත් ලකුණු දෙයිද ?
ReplyDelete@ රාමා
Deleteවිජ්ජාවෙන් ජනයා මුලා නොකරමි :D
අපේ කයිය හරියන්නේ නැහැ අයියා. ප්‍රශ්නයට අදාළ සාහිත්‍ය මූලාශ්‍රයවල කයියක් නම් සළකා බලාවි
නියමයිනෙ! වැඩියෙන් කවි අදහස් එන්නෙ විභාග කාලෙට නේද?
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteඒ කාලෙට අපේ හිත් කවි උල්පත්
මෙන්න බලන් හසිතය ගේ කවි සොබනා
ReplyDeleteඇස් ඇම් ඇස් වලින් දැන් කවි කියවෙන්නා
ස්විටත් අත් නැර කවි පිළිතුරු දෙන්නා
පාඩම් නොකර මුන් දැන් දැන් බොරු කරනා
@ Ayilas A
Deleteකාලෙන් කාලයට නව දේ බිහිවන්නා - කවි කියුමත් නිරතුරු මොඩ් කරගන්නා
යංග් ජෙනරේෂන් එකයි මේ කවි තෙපළන්නා - sms කවි යුගයක් බිහිවන්නා
එක්සෑම් අස්සේ ඔය සතියෙ ගැප් එකනම් හරි ම වටිනවා, අපිත් එක දෙක වසරවල හිටිය කාලේ එහෙම තමයි, හැබැයි පස්සෙ එහෙම නැතිවුණා. කවි ගැන කියනවනම් අපේ කැම්පස් එකේ අයට කවි ලියන්න පුළුවන් විදියෙ fb page එකකුත් තියෙනවා, ඒක නම් මරු! //කම්මැලිමි :D
ReplyDelete@ ලහිරු
Deleteඋපෙ කාලේ ඉදන්ම ඔය ගැප් එක තිබුණු නිසා විභාගටවලට නම් එළකිරි වගේ ඒක පිහිට වුණා.
කැම්පස් එකේ ප්‍රොෆෙෂනල් කවියෝ ඉන්නවා. අපි මේ සුහුඹුල් අයනේ
මොනවා කරන්නද කළ කම් පල දෙනවා
ReplyDeleteමල්ලියෙ මාත් මෙහෙ ඔය කට්ටම කනවා
වොන් නියුමාට සොහොනෙත් කිඹුහුම් යනවා
පේපර් හදන අය නරකාදියෙ යනවා.
අම්මාපල්ල ප්‍රොපාල අත වරද නැති
සිලබස් එකම දාලා පේපර් හදති
අන්තිම සතියෙ පාඩම් කෙරුමට හිතැති
අපි වැනි කම්මැලියො ලක් එකට ගොඩ යති.
ප්‍රතිපෝෂණයේදී දුටු මා ඇදුරාණෙනි
ReplyDeleteහිතුණා කොටන්නට කොමෙන්ටුවක් මෙලෙසිනි
මගේ එළිසමය ගැන නම් කුමට වද වෙනි
ඔබෙ කවි මඩුව සුපිරී යැයි මම කියමි