Wednesday, June 2, 2010

නස්රුදීන්ගේ කතාවක්


මට මේ පහුගිය දවසක පොඩි කාලේ කියවන්න [තාමත් පොඩි එකා තමා :)] හම්බුණු පොතක් ආයි පාරක් කියවන්න හම්බුණා. පොතේ නම තමා නස්රුදීන්. පොතේ සංස්කාරකවරයා තමා පර්සි ජයමාන්න මහත්තයා.

මේ නස්රුදීන්ගේ කතා ගත්තහම ඒවායේ දෙපැත්තක් තියෙනවා කියලා තමා පිළිගැනීම. ඒ කියන්නේ මේ කතාවලින් හාස්‍යය වගේම ඉගෙන ගන්න දේකුත් තියෙනවා කියන එකයි. නස්රුදීන් හිටිය රට කියලා පෙන්නන්න රටවල් කීපයක් කලත් නස්රුදීන්ගේ සොහොන පවා තියෙන තුර්කිය තමා නස්රුදීන්ගේ උපන් රට විදිහට සලකන්නේ. ඊසොප්ගේ, අන්දරේගේ, ඒවගේම සුෆී උපමා කතාවලට නස්රුදීන්ගේ කතාත් සමකලාට වරදක් නැහැ.

කාට කාටත් හිතන්න පුළුවන් යමක් ඉතුරු කරන නස්රුදීන්ගේ කතාවක් කියන්න තමා හිතුවේ. ඔන්න කතාව.

කාලයක් නස්රුදීන් රජවාසලේ සේවය කලා.රජතුමාටත් නස්රුදීන් නැතිවම බැරි පුද්ගලයෙක් වෙලා තිබ්බේ [අපේ රටේ හිටිය අන්දරේ වගේ] දවසක්දා රජතුමා කෑමට වාඩිවෙලා හිටියා පුදුමාකාර බඩගින්නකින් [කියමුකෝ ලංකාවේ විදිහට යකෙක් කන්න බඩගින්නෙන් කියලා]

එදා රජතුමාට ප්‍රධාන අරක්කැමියා හදලා තිබ්බා එක ව්‍යංජනයක් හරිම රසට තිබ්බා. රජතුමා ඒක නිසා හුඟක් සතුටු වෙලා ඒ ව්‍යංජනය හැමදාම හදන්න නියම කළා.

ඒ වගේම රජතුමා නස්රුදීන්ගෙන් ඇහුවා "ඒවා ලෝකේ තියෙන රසම එළවළු ජාතිය නේද නස්රුදීන් ?" කියලා.

ඒකට පිළිතුරු විදිහට "එසේය දේවයන් වහන්ස, ඒවා තමයි මේ ලෝකේ තියෙන රසවතම එළවළු ජාතිය" කියලා නස්රුදීනුත් කිව්වා.


මේ විදිහට එක දිගට සතියක් විතර මේ ව්‍යංජනය කද්දී රජතුමාට හොඳටම එපා වුණා [එක දිගට කද්දී මී පැණි වුණත් තිත්ත වෙනවාලුනේ]

රජතුමා ප්‍රධාන අරක්කැමියාට කෑ ගහලා කිව්වා "අරන් පලයන් මේ ව්‍යංජනේ මගේ දෑහෙට පේන්නේ නැති වෙන්න. මට මේ ව්‍යංජනේ පෙන්නන්න බැහැ" කියලා.

ඒ වෙලාවේ නස්රුදීන් කිව්වා "ඒක තමා දේවයන් වහන්ස ඒවා තමයි මේ ලෝකේ තියෙන නීරසම, පිළිකුල්ම එළවළු ජාතිය" කියලා

මේක අහපු රජතුමා නස්රුදීන්ගෙන් ඇහුවා "නස්රුදීන් මේවා මේ ලෝකේ තියෙන රසම එළවළු ජාතිය කියලා උඹ පිලි අරන් සතියක්වත් ගියේ නැහැනේ" කියලා.

ඒ වෙලාවේ නස්රුදීන් බොහොම බය පක්ෂපාති ස්වරූපයෙන් කිව්වා "මම එහෙම කිව්ව එක නම් ඇත්ත තමා දේවයන් වහන්ස. මොකද මම සේවය කරන්නේ ඔබ වහන්සේට මිසක් එළවළුවකට නෙමෙයිනේ" කියලා.

ප.ලි.: මේ කතාව කියෙව්වාම මට මුලින්ම මතක් වුණේ සයිමන් නවගත්තේගමයන්ගේ "සුභ සහ යස" නාට්‍යයේ ඉන්න රජතුමාගේ ඇමති මණ්ඩලය. ඒ වගේම දැන් කාලේ ඉන්න රජ වාසල ඇත්තොත් මතක් නොවුණාම නොවෙයි :)

16 comments:

  1. බොලේ බලන් ගියාම මූ තාම චූටි එකානෙ...ලොල්

    අයියෙ මූ කිව්වට තරහ නෑනෙ ;)

    ReplyDelete
  2. අප්පට හුඩු!!! දැන් ඉන්න උනුත් ඔහොම්මම තමයි!!!! ඕනි එකකට "එහෙයි!එහෙයි!"මහරජට කෙළ වුණාම ඒත් "එහෙයි!!!"

    ReplyDelete
  3. හසිත ජයසූරිය ට
    එහෙම තමා මල්ලී. තාම ගෙදරට පොඩි පුතා :)
    මූ කිව්වට තරහක් නැහැ. මල්ලී ෆිට් එකට නේ කිව්වේ. කොහොම නමුත් එහෙම වචන පාවිච්චි කරන එක ටිකක් හොඳ මදි වගේ මට හිතෙන විදිහට :)

    ජංජාල චාමර ට
    ඒ කාලෙත් එහෙම වුණා නම් මේ කාලෙත් එහෙම වෙන එක හොඳයි කියලා වෙන්න ඇති කියලා කට්ටිය හිතා ගෙන ඇත්තේ :)

    ReplyDelete
  4. hi...hi... ekanam aththa danuth kiyala wenasak nane shashi

    ReplyDelete
  5. Sashi ට
    අපේ අය අතීතයෙන් අරන් තියෙන්නේ ඒවගේ ආදර්ශ විතරයි....

    ReplyDelete
  6. සෝරෝ ට
    තැන්කු වේවා යාළුවා :)

    ReplyDelete
  7. ඔතැන නසෘදීන් වැරදි නැහැ! රජ්ජුරුවෝයි වැරදි!!!! කොහොම උනත් ලස්සන කතාව!

    ReplyDelete
  8. මල්ලි චුට්ටි කාලේ කතා තාම කියවනවනේ හික් හික්..

    ReplyDelete
  9. නස්‍ රුදීන්ගේ කතා වගේම අපේ අන්දරගේ කතා ගොඩකුත් ඇති නේද අපි කවුරුත් වැඩිය අහලා නැති.....එහෙම කතා දෙක තුනකුත් ආගිය කතා වලට එකතු කලොත් නරකද අයියේ..

    හැම කතාවකම නරක පැත්ත ගැන කියනකොට අපේ රටෙන් උදාහරණයක් ඉදිරිපත් වෙනවා නේද​.....:(

    කෙසේ වෙතත් නස් රුදීන් ගේ කතාව නම් මරු......:):)(M.M)

    ReplyDelete
  10. leks' world ට
    රජවරුන් එක්ක ඉද්දී බොහොම පරිස්සමෙන් ඉන්න ඕනෙනේ. මම හිතන විදිහට නස් රුදීන් ඒක හොඳටම දැනගෙන හිටියා.

    මට මේ වෙලාවේ රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොතේ තියෙන කතාවක් මතක් වෙනවා. ඒකේ රාජසිංහ රජ්ජුරුවෝ ගැන කියද්දී කියනවා

    " රජතුමාගෙන් උසස් නිලතලා හා රාජ වරප්‍රසාද ලබන්නෝ නම් ඉතා ඉක්මණින් හිස් ගැසුම් කන්නට ළංවී සිටින තැනැත්තෝය" කියලා.

    රජවරු කියන්නේ හරි අමුතු කට්ටියක් :)

    ReplyDelete
  11. පිස්සා පලාමල්ල ට
    ඔව් අයියා. චුට්ටි කාලේ කතා කියවද්දී, චුට්ටි කාලේ කරපුවා මතක් වෙද්දී මාරම සතුටක් තමා එන්නේ :)

    Anonymous M.M.ට
    "හැම කතාවකම නරක පැත්ත ගැන කියනකොට අපේ රටෙන් උදාහරණයක් ඉදිරිපත් වෙනවා නේද​.....:("
    ඒකනේ නංගි වැඩේ කියන්නේ :) ඒ වගේමයි හොඳ පැත්තටත් ලංකාවෙන් උදහරණ ඉදිරිපත් වෙනවා. හැබැයි ඒවායින් හුඟක් ඒවා රජ කාලේ වුණු ඒවා. දැන් කාලෙන් ලැබෙන උදාහරණ හුඟක් අඩුයි :)

    ඔයාගේ යෝජනාව නම් හුඟක් හොඳයි නංගී. මම try එකක් දීලා බලන්නම් එහෙම අන්දරේගේ කතා කීපයක් හොයා ගන්න. මටත් කීපයක් මතකයි වගේ.

    ඒවාත් මතක් කරලා බලන්නම් :)

    ReplyDelete
  12. Malayagey kathaa nam pankaadui... mama mey vibhaga kata uda thiyagenath meywa kiyawa kiyawa innawa :)

    ReplyDelete
  13. Sac's Photography ට
    තැන්කු වේවා අයියා අගය කලාට. විභාගේ අස්සේ මේවාගේ ෆන් කතා කියෝන එකත් හොඳයි ස්ට්‍රෙස් බස්සන්නත් එක්ක :)

    කොහොම උණත් හොඳින් විභාගේට මුහුණු දෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  14. @Ansh Lucky Sri Jay

    ඒකනේ අක්කේ තනියෙන් රස විඳින්නේ නැතිව ඔයාලා එක්කත් බෙදා හදා ගත්තේ...........

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................